1/08/2019

විපක්ෂ නායක ධූරය මහින්දගෙන් උදුරාගැනීමේ බෙදුම්වාදීන්ගේ අයුක්තිසහගත උත්සාහය

කතෘ:යුතුකම     1/08/2019   No comments

සුමන්තිරන්ගේ භූමිකාව
සුමන්තිරන් ද්‍රවිඩ ජාතික සංධානය වෙනුවෙන් රාජපක්‍ෂට එම තනතුර නොදීමට හේතු දක්‌වයි!

- ශමින්‍ද්‍ර ෆර්ඩිනැන්ඩෝ
දෙවරක් ජනාධිපති කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක ධුරය දැරීමට සුදුසු නැති බව ද්‍රවිඩ ජාතික සංධානය පවසයි. යාපනය දිස්ත‍්‍රික්ක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් ද්‍රවිඩ ජාතික සංධානය වෙනුවෙන් රාජපක්‍ෂට එම තනතුර නොදීමට හේතු දක්වා තිබේ.

කථානායක කරු ජයසූරිය මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායකවරයා ලෙස පිළිගෙන ඇති පසුබිමක් තුළ ද්‍රවිඩ ජාතික සංධානයේ ක‍්‍රියාකලාපය පුදුම සහගතය. කෙසේ වෙතත් ද්‍රවිඩ ජාතික සංධානයට ඕනෑම කරුණක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තීන්දු තීරණ ගැනීමේ අයිතියක් ඇත. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ ඕනැම දේශපාලන පක්‍ෂයක ප‍්‍රධානීන් හට තමන් හට වඩා වාසිදායක පරිදි ක‍්‍රියාකිරීමට අයිතිය ඇත. ද්‍රවිඩ ජාතික සංධානය මහින්ද රාජපක්‍ෂට විපක්‍ෂ නායක ධුරය ලැබීම සම්බන්ධයෙන් විරුද්ධ වීම විමසා බැලිය යුත්තේ එම පක්‍ෂය 2001 සිට පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත කටයුතු කළ ආකාරය විමසා බැලීමෙනි.

පසුගිය දෙසැම්බර් 16, 23, 30, 2018 ‘ඉරිදා දිවයින’ ලිපි තුළින් ද්‍රවිඩ ජාතික සංධානය 2001 දේශපාලනට පිවිසීම. 2001 දෙසැම්බර් මහා මැතිවරණයේදී ආසන 15 දිනා ගැනීම. කොටි ත‍්‍රස්තවාදීන් ද්‍රවිඩ කතා කරන ජනතාවගේ එකම නියෝජිතයා ලෙස පිළිගැනීම, 2004 අපේ‍්‍රල් මැතිවරණයේදී කොටි සංවිධානයේ පූර්ණ අනුග‍්‍රහය ඇතිව ආසන 22 දිනා ගැනීම, 2005 නොවැම්බර් ජනපතිවරණයේදී උතුරු පළාතේ ජනතාවට තම ඡුන්දය පාවිච්චි කිරීම තහනම් කර එජාප නායක රනිල් වික‍්‍රමසිංහ පරාජය කිරීම සහ 2010 ජනපතිවරණයේදී තමන් යුද අපරාධ චෝදනා නැගූ ජෙනරාල් සරත් ෆොන්සේකාට ඡුන්දය දිමට ද්‍රවිඩ ජනතාව පෙළඹවීම සම්බන්ධයෙන් සාකච්ඡුා කරන ලදී.

ෆොන්සේකා දිනවීමේ ව්‍යාපෘතිය අසාර්ථක වීමත් සමඟ, 2010 අපේ‍්‍රල් මස මහ මැතිවරණයට මුහුණ දීමට ද්‍රවිඩ ජාතික සංධානයට සිදුවිය. ෆොන්සේකා වෙනුවෙන් ගොඩනැගූ එජාප - ද්‍රවිඩ ජාතික සංධානය - ජවිපෙ - ශ‍්‍රී ලංංකා මුස්ලිම් කොන්ග‍්‍රසයෙන් සැදුම්ලත් හවුලට මහ ඡුන්දයට වෙන් වෙන්ව තරග කිරීමට සිදුවිය. භූමියේ තත්ත්වය එම පක්‍ෂ හතරට එක කණ්ඩායමක් ලෙස තරග වැදීමට අවස්ථාවක් නොදුන් බව පැහැදිලිය.

එජාපය ෆොන්සේකා අතහැර දැමීය. 2010 ජනපතිවරණයේදී ෆොන්සේකා පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ ද අනාථ විය.

2001 අග සිට කොටි ත‍්‍රස්තවාදීන්ගේ අතකොළුවක් වූ ද්‍රවිඩ ජාතික සංධානය පළමුවරට වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ සහයෝගය නොමැතිව මහා මැතිවරණයකට මුහුණ දුන්නේ 2010 අපේ‍්‍රල් මාසය.

2004 අපේ‍්‍රල් මහ මැතිවරණයේදී මෙන් ද්‍රවිඩ ජාතික සංධානයේ විරුද්ධවාදීන් මරා දැමීමට සහ මර්දනය කිරීමට වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ මිනීමරුවෝ නොවීය. ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයක් ලැබූ ෆොන්සේකා 2010 පෙබරවාරි අත්අඩංගුවට පත් වී සිටි අතර, ජවිපෙ අවසන් මොහොත වනතුරු එජාපය සමඟ මහා මැතිවරණයට ගිවිසුම්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටියේය. අවසානයේ ෆොන්සේකා ජවිපෙ සමඟ සන්ධානගත විය.

කොටි ත‍්‍රස්තවාදීන්ගේ අතකොළුව වූ ද්‍රවිඩ ජාතික සංධානය ආසන 14 හිමිකර ගැනීමට සමත් විය. 2004 අපේ‍්‍රල් මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු ආසන දෙකත් සමඟ මන්ත‍්‍රීවරු 22ලබා ගත් එම සංධානය ආසන 8 අහිමි කර ගත්තේය. ඇත්ත වශයෙන් ද්‍රවිඩ ජාතික සංධානය බරපතළ පසුබෑමකට ලක් වී සිටියේය. ත‍්‍රස්තවාදීන්ගේ ආරක්‍ෂාව නොමැතිව ද්‍රවිඩ ජාතික සංධානය අසරණ වී සිටි බව රහසක් නොවේ.

අප රටේ අහේතුවකට ද්‍රවිඩ ජාතික සංධානය කොටි ත‍්‍රස්තවාදීන් සමඟ 2001 සිට 2009 තෙක් නැටූ නාඩගම කිසිදු ආකාරයක විමර්ශනයකට ලක් කිරීමට මහින්ද රාජපක්‍ෂ රජයට වුවමනාවක් නොවීය. ද්‍රවිඩ ජාතික සංධානය ත‍්‍රස්තවාදී අවශ්‍යතාාවයන් ඉටුකළ ආකාරය ඇත්ත වශයෙන් ම නිසියාකාර පරීක්‍ෂණයකට ලක්කළ යුතුව තිබිණි.

උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම ද්‍රවිඩ ජාතික සංධානය යුද සමයේ කොටි ත‍්‍රස්තවාදීන් සමඟ කටයුතු කළ ආකාරය පිළිබඳව කිසිදු විමසීමක් නොකිරීම අවාසනාවකි. මෙම කොමිසම ආවරණය කළ මෙම ලියුම්කරු, ද්‍රවිඩ ජාතික සංධානය කොමිසමට කැඳවන්නේ නැත්තේ ඇයි දැයි එහි ප‍්‍රධානී සී. ආර්. ද සිල්වාගෙන් විමසූ විට ඔහු පැවසුවේ එම කරුණ තමන් හට අදාළ නොවන බවයි. හිටපු නීතිපති පැවසුවේ ද්‍රවිඩ ජාතික සංධානය කොටි ත‍්‍රස්තවාදීන් සමඟ කටයුතු කිරීම විමසීම තම කොමිසමට පරිබාහිර කරුණක් බවයි.

රාජපක්‍ෂ රජය ද්‍රවිඩ ජාතික සංධානය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පුදුම සහගතය. හතරවැනි ඊළාම් යුද්ධය පුරා ත‍්‍රස්තවාදීන් සමඟ රට දෙකඩ කිරීමේ ක‍්‍රියාවලිය ශක්තිමත් කළ පාර්ලිමේන්තුව නියෝජනය කළ ද්‍රවිඩ ජාතික සංධානයේ මන්ත‍්‍රී කණ්ඩායම කිසිදු ප‍්‍රශ්නයකට මුහුණ දුන්නේ නැත.

කොටි ත‍්‍රස්තවාදීන්ගේ යුද බලය විනාශවීම එක්තරා ආකාරයකට ද්‍රවිඩ ජාතික සංධානයට ආශිර්වාදයක් විය. ත‍්‍රස්තවාදයෙන් ලබාගත නොහැකි වූ ඊළාම් රාජ්‍යය බටහිර බලවතුන්ගේ මැදිහත්වීමෙන් හිමිකර ගැනීමට ද්‍රවිඩ ජාතික සංධානය කටයුතු කළ බව පැහැදිලිය.

එංගලන්තය මූලස්ථානය කරගත් ගෝලීය ද්‍රවිඩ සංසදය සමඟ 2011 දී ද්‍රවිඩ ජාතික සංධානය එකඟතාවයකට පැමිණියේය. 2010 අපේ‍්‍රල් මස පැවැති මහ මැතිවරණයට මාස දෙකකට පෙර එංගලන්ත පාර්ලිමේන්තුවේදී පිහිටුවා ගත් ගෝලීය ද්‍රවිඩ සංවිධානය අද වන විට ද්‍රවිඩ ඩයස්පෝරාව නියෝජනය කරන ප‍්‍රබලම කණ්ඩායම බවට පත් වී ඇත.

ද්‍රවිඩ ජාතික සංධානය සහ ගෝලීය ද්‍රවිඩ සංසදය අතර ප‍්‍රථම සාකච්ඡුාව ජර්මනියේදී සිදුවිය.

ගෝලීය ද්‍රවිඩ සංසදය හරහා ද්‍රවිඩ ජාතික සංධානයට වඩාත් පහසුවෙන් බටහිර තානාපති ප‍්‍රජාව සමඟ සම්බන්ධතාවය ගොඩනඟා ගත හැකි විය. බටහිර ප‍්‍රජාව තමන් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක කරන ප‍්‍රතිපත්ති ද්‍රවිඩ ජාතික සංධානය සහ ගෝලීය ද්‍රවිඩ සංසදය එවකට පැවැති රාජපක්‍ෂ රජය සම්බන්ධයෙන් අනුගමනය කළ ක‍්‍රියාපිළිවෙත සමඟ පෑහිනි. රාජපක්‍ෂ රජයට රටට එරෙහිව ගොඩනැෙඟමින් තිබූ ප‍්‍රබල දේශපාලන ව්‍යුහය හඳුනා ගැනීමට නොහැකි විය.

2009 මැයි මස දක්වා කොටි ත‍්‍රස්තවාදීන්ගේ අණසක යටතේ ක‍්‍රියාත්මක වූ ප‍්‍රබල ඩයස්පෝරා ක‍්‍රියාකාරීන් යුද්ධය දිනූ ශ‍්‍රී ලංකාව මෙල්ල කිරීමේ ව්‍යාපාරයට දායක විය. ශ‍්‍රී ලංකාව තුළ එම මෙහෙයුමට ද්‍රවිඩ ජාතික සංධානය නායකත්වය දුන් අතර ගෝලීය ද්‍රවිට සංසදය විදේශීය මෙහෙයුමට නායකත්වය දුන්නේය.

ගෝලීය ද්‍රවිඩ සංසදය කටයුතු කරන ආකාරය තේරුම් ගත යුතුය. 2010 පෙබරවාරි මස එම සංවිධානය බිහිවිය. එම අවස්ථාවට එංගලන්ත පාර්ලිමේන්තුව නියෝජනය කරන කම්කරු පක්‍ෂය ඇතුළු සියලූ ප‍්‍රධාන දේශපාලන දහරාවන් එක්විය. ගෝලීය ද්‍රවිඩ සංසදය ‘ඡුන්ද මැෂිමක්’ බව එංගලන්ත දේශපාලන පක්‍ෂ තේරුම් ගෙන ඇති බව පැහැදිලිය.

මහ මැතිවරණයකදී ශ‍්‍රී ලාංකික සම්භවයක් ඇති ද්‍රවිඩ බි‍්‍රතාන්‍ය ජාතික ඡුන්දදායකයන්ට කළ හැකි භූමිකාව සම්බන්ධයෙන් දේශපාලන පක්‍ෂ නායකයන්ට ඉතා හොඳ දැනුමක් ඇත. 2009 අපේ‍්‍රල් මස කොටි ත‍්‍රස්තවාදීන් බේරාගැනීමට එවකට සිටි එංගලන්ත රජය ප‍්‍රබල උත්සාහයක යෙදිණිි. එංගලන්ත විදේශ ලේකම් ඬේවිඞ් මිලිබෑන්ඞ් සහ ප‍්‍රංශ විදේශ ඇමැති බර්නාඞ් කුච්නර් 2009 අපේ‍්‍රල් මස අග ශ‍්‍රීලංකාවට පැමිණ අවසන් අදියරට පැමිණ තිබූ වන්නි යුද මෙහෙයුම නතර කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂට බලපෑම් කළේය. එම අනවශ්‍ය බි‍්‍රතාන්‍ය මැදිහත්වීම ශ‍්‍රී ලාංකික සම්භවයක් ඇති බි‍්‍රතාන්‍ය ජාතික ඡුන්ද දායකයන්ගේ සිත් දිනා ගැනීමට කළ උප්පරවැට්ටියක් විය.

මහින්ද රාජපක්‍ෂට එම අසාධාරණ ඉල්ලීම ඉවත දැමීමට ශක්තිය තිබීම මුළු මහත් රටේ වාසනාාවකි. එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාට ශක්තියක් විය. රාජපක්‍ෂවරු දෙදෙනා බටහිර බලපෑමට යට නොවිය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු අඩියක් පස්සට ගත්තා නම් වන්නි මෙහෙයුම අනිවාර්යයෙන් ම අතරමග නතර කිරීම සිදුවීමට තිබිණි. රාජපක්‍ෂවරුන් තම අණසකට යටත් නොවීම හේතුවෙන් එංගලන්තය එවකට පැවැති රජය වෙනස් කිරීමේ මෙහෙයුමට එක සිතින් දායක විය. ගෝලීය ද්‍රවිඩ සංසදය වෙනුවෙන් එවකට බලයේ සිටි පක්‍ෂය මෙන්ම විපක්‍ෂය ද ඉදිරිපත් විය. දේශපාලන මතිමතාන්තර එදිරිවාදිකම් නොසලකා සියලූ එංගලන්තයේ දේශපාලන පක්‍ෂ ගෝලීය ද්‍රවිඩ සංසදයේ ආරක්‍ෂකයන් වූහ. කොටි ත‍්‍රස්තවාදීන්ගේ අතකොළුවක් වූ ද්‍රවිඩ ජාතික සංධානය ද බි‍්‍රතාන්‍ය මෙහෙයුමේ කොටස්කරුවකු විය.

එංගලන්ත ගෝලීය ද්‍රවිඩ සංසදය, ද්‍රවිඩ ජාතික සන්ධාන හවුල වසර ගණනාවක් පුරා ත‍්‍රස්තවාදී යුද්ධය ජය ගත් ශී‍්‍ර ලංකා හමුදාව යුද අපරාධවලට වගකිවයුතු බව ප‍්‍රකාශ කර ඇත. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ එංගලන්තය ශී‍්‍ර ලංකාවට එරෙහිව ප‍්‍රබල හඬක් නැගීය. යුද අපරාධවලට වගකිවයුතු රාජපක්ෂ රජය ඉවත් කළ යුතු බවට එංගලන්තය ජිනීවා සැසිවාරයකදී ප‍්‍රකාශයක් කළේය. ශී‍්‍ර ලංකාව හරියාකාරව ජිනීවා නුවරදී ආරක්ෂා කිරීමට අසමත් විය. හතරවන ඊළම් යුද්ධය පුරා කොටි ත‍්‍රස්තවාදීන් සමඟ කටයුතු කළ ඔවුන්ගේ නියෝජිතයන් වූ ද්‍රවිඩ ජාතික සන්ධානය ජිනීවා මෙහෙයුමට ප‍්‍රබල දායකත්වයක් ලබා දුන්නේය. රාජපක්ෂ රජයේ නියෝජිතයෝ ද්‍රවිඩ ජාතික සන්ධානයේ යුද සමයේ අසික්කිත කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් අද වන තුරු ජිනීවා නුවරදී හෝ බටහිර ප‍්‍රජාව වචනයකු ද පවසා නැත.

ද්‍රවිඩ ජාතික සන්ධානය යුද සමයේ සිවිල් ජනතාව සම්පූර්ණයෙන්ම අමතක කර දැමීය. කොටි ත‍්‍රස්තවාදීන්ගේ යුද උපක‍්‍රමයක් ලෙස සිිවිල් ජනතාව ආරක්ෂක පලිහක් ලෙස යොදා ගැනීම වැළැක්වීමට ද්‍රවිඩ ජාතික සන්ධානය කිිසිදු උත්සාහයක් ගත්තේ නැත. කොළඹ කේන්ද්‍ර කරගත් ද්‍රවිඩ මාධ්‍ය, ද්‍රවිඩ ජාතික සන්ධානය සහ බටහිර අරමුදල් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන නඩය සිවිල් ජනතාව පලිහක් ලෙස යොදා ගැනීම පිළිබඳව මුනිවත රැකීය. කොටි ත‍්‍රස්තවාදීන්ගේ යුද උපක‍්‍රම සහ භූමියේ සටන් කලාව පිළිබඳව මහත් විශ්වාසයක් තබා සිටි ඉහත සඳහන් කළ කණ්ඩායම් වන්නියේදී ප‍්‍රභාකරන් විසින් යුද හමුදාව පරාජයට පත් කරන බව සිතා සිටි බව පැහැදිලිය.

කැනඩාවේ වෙසෙන කලකට පෙර ‘දි අයිලන්ඞ්’ හි පුවත්පත් කලාවේදියකු ලෙස සේවය කළ ඞී. බී. එස්. ජයරාජ් 2008 දෙසැම්බර් අග ‘ඬේලි මිරර්’ පුවත්පතට ලියූ ලිපියක් ත‍්‍රස්තවාදීන්ට ඇලූම් කළ සියලූ කණ්ඩායම්වලට මහත් සැනසීමක් විය. ද්‍රවිඩ ජාතික සන්ධානය ජයරාජ්ගේ ලිපිය ආදරයෙන් වැළඳ ගත් බවට සැකයක් නැත.

ජයරාජ් තතුදත් ආරංචි මාර්ග උපුටා දක්වමින් ප‍්‍රකාශ කළේ කොටි සංවිධානය 2008 දෙසැම්බර් වනතුරු වන්නියේ කළ සටන්වලට පළපුරුදු සටන්කාමීන් නොයෙදූ බවත් එම ප‍්‍රබල කණ්ඩායම් හමුදාව වටකර පහරදී විනාශ කර දමනු ඇති බවත්ය. එලෙස වන්නි හමුදා සේනාංක පරාජය කිරීමත් සමගම ජෙනරල් සරත් ෆොන්සේකාගේ හමුදාව වන්නියෙන් පසු බසින බව මහත් උජාරුවෙන් සටහන් කර තිබිණි. මෙම ලිපිය සම්බන්ධයෙන් මෙම ලියුම්කරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් විමසූ විට ඔහු පවසා සිටියේ සති දෙකක් පමණ ගත වනවිට ඔය උජාරු කතා නවතින බවය. ගෝඨාභය රාජපක්ෂ පැවසූ ආකාරයටම හමුදාව බටහිර වන්නිය හරහා පැමිණ පරන්තන් අල්ලා ගන්නා ලදී. ඒ සමගින් පරන්තන් සිට උතුරට ගමන් කර අලිමංකඩ ත‍්‍රස්තවාදී බලය මුහමාලේ සිට පහළට පැමිණි හමුදා සමඟ එක් වී විනාශ කර දැමීය. පරන්තන් සිට දකුණට ගමන් කළ හමුදාව බටහිර වන්නිය දෙසින් පැමිණි හමුදාව සමඟ කිලිනොච්චි නගරය යටත් කර ගත්තේය. කිලිනොච්චිය අල්ලා ගැනීම හමුදාවේ සිහිනයක් බව පැවසූ වේලූපිල්ලේ ප‍්‍රභාකරන්, සලිත වූ බවට සැකයක්් නැත. ද්‍රවිඩ ජාතික සන්ධානයට ද වැඬේ වැරදුන බව තේරිණි. ද්‍රවිඩ මාධ්‍ය ජාලය දුර්මුඛ විය. බටහිර තානාපති අංශ නන්නත්තාර විය.

රටට ආදරය කළ මිනිසුන් ගරු කළ විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් 2005 අගෝස්තු 12 ඔහුගේ නිවසේදී කොටි වෙඩික්කරු අතින් මරණයට පත් වීමෙන් පසු එවකට ශී‍්‍ර ලංකා රජයට නෝර්වේ සහායෙන් අත්සන් කළ සටන් විරාම ගිවිසුමෙන් ඉවත් නොවීමට බලකර එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ බටහිර ප‍්‍රජාව වන්නි මෙහෙයුම නතර කිරීමට ප‍්‍රබල මෙහෙයුමක් දියත් කළේය. කොටි ත‍්‍රස්තවාදීන්ගේ නියෝජිතයන් ලෙස කටයුතු කළ ද්‍රවිඩ ජාතික සන්ධානය වන්නි මෙහෙයුම නතර කිරීමට මැදිහත් වීමට බටහිර ප‍්‍රජාවට ඉල්ලීම් කළේය.

2009 ත‍්‍රස්තවාදීන් වෙනුවෙන් ඉදිරිපත් වූ ද්‍රවිඩ ජාතික සන්ධානය අද ත‍්‍රස්තවාදය පරාජය කළ සේනාධිනායකයා විපක්ෂනායක ධුරයෙන් පහ කිරීමට උත්සාහ දරමින් සිටී. ඇත්ත වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ මෙම අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව ලැජ්ජා විය යුතුය. පළාත් පාලන ආයතනයක් පවා නියෝජනය නොකළ කොටි ත‍්‍රස්තවාදීන් 1989 දෙසැම්බර් එවකට ජනපති රණසිංහ පේ‍්‍රමදාසගේ මැදිහත්වීමෙන් දේශපාලන පක්ෂයක් ලෙස පිළිගත්තේය. පේ‍්‍රමදාසට අවශ්‍ය වූයේ කොටි ත‍්‍රස්තවාදීන්ට පාර්ලිමේන්තුවට ඒමට ඉඩ සැලසීමයි. එතුමා බලාපොරොත්තු වූයේ ත‍්‍රස්තවාදීන් පාර්ලිමේන්තුවට ගෙන ඒම තුළින් ඊළම් ත‍්‍රස්තවාදය අවසන් කිරීමට හැකි බව මෙම ලියුම්කරුගේ හැඟීමයි.

කොටි ත‍්‍රස්තවාදීන් පාර්ලිමේන්තුවට ඒමට තිබූ අවස්ථාවට පයින් ගසා 1990 ජුනි මස දෙවන සතියේ දෙවන ඊළම් යුද්ධය ආරම්භ කළේය. හතරවන ඊළම් යුද්ධය 2006 අගෝස්්තු ආරම්භ වීමට හෝ පාර්ලිමේන්තුව තුළ කොටි නියෝජිතයෝ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන්ගේ වේශයෙන් සිටියේය. ත‍්‍රස්තවාදීන් ද්‍රවිඩ ජාතිකයන්ගේ එකම නියෝජිතයා වූ අතර ද්‍රවිඩ ජාතික සන්ධානය ත‍්‍රස්තවාදීන්ගේ බළල් අත විය. 2009 ත‍්‍රස්තවාදය අතුගා දැමූ නමුත් බළල් අත තවමත් කි‍්‍රයාත්මක බව පැහැදිලිය. මහින්ද රාජපක්ෂ විපක්ෂනායක ධුරයෙන් පන්නා දැමීමට කටයුතු කරන්නේ එදත් අදත් බෙදුම්වාදය වෙනුවෙන් නොපැකිල පෙනී සිටි ද්‍රවිඩ ජාතික සන්ධානයයි.

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් පහ කිරීමට ද්‍රවිඩ ජාතික සන්ධානය මෑතකදී කළ මෙහෙයුම අප කාටත් මතකය. එජාපය පිට වරද පැටවුණ 2015 පෙබරවාරි 27 මහ බැංකු බැඳුම්කර කොල්ලය සිදුවූදා සිට ද්‍රවිඩ ජාතික සන්ධානය එම පක්ෂය සමඟ සිටියේය. දෙවන බැඳුම්කර කොල්ලය 2016 මාර්තු 29 සිදු වූ පසුවත් එම පක්ෂ දෙක එකට කටයුතු කළේය. ද්‍රවිඩ ජාතික සන්ධානයට තම පක්ෂය විපක්ෂනායක ධුරය දරමින් කරන්නේ මුළු මහත් ජනතාවටම අසාධාරණයක් බව තෙරුම් ගියේ නැත. එවැනි පක්ෂයකට විපක්ෂනායක ධුරය දැරීමට නැවතත් අවස්ථාවක් ලබාදීම පාර්ලිමේන්තුවේ සැබෑ තත්ත්වය නැවත රටේ ජනතාවට මතක් කර දෙනු ඇත

[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions