1/21/2019

මහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද ව්‍යවස්ථාක් එපා - බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය

කතෘ:යුතුකම     1/21/2019   No comments

මහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්න
- බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය

මහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙසත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් මහා සංඝරත්නයේ නියෝජනය ද ඇතුළත් ව්‍යවස්ථා සම්පාදන කමිටුවකට එය භාරකරන ලෙසත් බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

එහි සභාපති දිවියාගහ යසස්සී නා හිමියන් ,අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර, දොඩම්පහළ චන්ද්‍රසිරි මහ නා හිමිවරුන්, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ මහලේකම්වරුන් වන තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමියන් හා මහාචාර්ය අගලකඩ සිරිසුමන නා හිමියන්, වැලමිටියාවේ කුසලධම්ම, බලංගොඩ සෝභිත, අකුරැටියේ නන්ද නා හිමිවරුන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කන්දේගොඩ විමලධම්ම අනු නා හිමියන්, සීලගම විමල හිමියන්, සිරි වජිරාරාමයේ ඤාණසීහ හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම ප්‍රකාශයට අත්සන් තබා ඇත.
----------------------------------------------------------------------------------------

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පෙබරවාරි මස 4 වැනි දිනට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ කළමනාකරණ කමිටු සම සභාපති එම්.ඒ. සුමන්තිරන් මහතා මාධ්‍යට ප්‍රකාශ කර තිබිණි.

මේ වන විට මෙහෙයුම් කමිටුව අතුරු කමිටු වාර්තා 4ක් පමණ පිළියෙල කොට ඇත. ඉන් මුල්ම වාර්තාව 2017 ජූලි මසද අනතුරුව සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී අතුරු කමිටු වාර්තා ගණනාවක් ඉදිරිපත් කෙරිණි. 2018 නොවැම්බර් මස 7 වැනි දින ඉදිරිපත් වී ඇති අතුරු කමිටු වාර්තාව ව්‍යවස්ථා කෙටුම්පතක් වශයෙන් ඉදිරිපත් වී ඇති අතර එය වගන්ති 399කින් සංයුක්ත වේ.

මේ සෑම ව්‍යවස්ථා යෝජනාවකම වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන 9 වැනි වගන්තියට විකල්ප යෝජනා ඉදිරිපත් කර ඇත. මෙම ව්‍යවස්ථා යෝජනා සකස් කිරීමට ප්‍රථම පිළියෙල වූ ලාල් විජේනායක කමිටු වාර්තාවද විකල්ප යෝජනා 7ක් ඉදිරිපත් කර තිබිණි. මෙම සියලු විකල්ප යෝජනාවල හරය බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය අකර්මණ්‍ය කිරීමය.

මේ සෑම යෝජනාවක්ම ඉදිරිපත් වූ සෑම අවස්ථාවකදීම අප ඇතුළු බොහෝ බෞද්ධ හා ජාතික සංවිධාන ඊට විරුද්ධ විය. එහෙත් රජයේ ප්‍රතිචාරය වූයේ බෞද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය නැති කිරීමට කටයුතු නොකරන බවය. එසේ වුවද මෙහෙයුම් කමිටුව පිළියෙල කළ සියලු යෝජනාවල අන්තර්ගතය වන්නේ 9 වැනි වගන්තියට විකල්ප යෝජනාය.

9 වැනි වගන්තියෙන් බුද්ධශාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට රජය වෙත වගකීමක් පවරා ඇත. එහෙත් එම වගකීම ඉටු කර ගත හැක්කේ ඒ සඳහා බලය ශ්‍රී ලංකා රජය සතුව තිබුණහොත් පමණි. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වශයෙන් තිබීම වැදගත් වන්නේ මේ නිසාය.

රාජ්‍ය බලය මධ්‍යම රජය හා පළාත් රජයන් අතර බෙදා වෙන් කොට, මධ්‍යම රජයට පළාත් රජයක නොමනා ක්‍රියාවක් මැඬලීමට නොහැකි තත්ත්වයක් උදාවුවහොත් 9 වැනි වගන්තිය ක්‍රියාත්මක කිරීමට නොහැකිය.

13 වැනි සංශෝධනය මඟින් ශ්‍රී ලංකා ජනරජයේ ව්‍යවස්ථාදායක, විධායක බලය ක්‍රියාත්මක කළ හැකි වන්නේ 13 වැනි සංශෝධනයෙන් හඳුන්වා දුන් සංවෘත ලැයිස්තුවට හා සමාගම් ලැයිස්තුවට ඇතුළත් කර ඇති විෂයයන් සම්බන්ධයෙන් පමණි.

විධායක බලය ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලය හරහා ක්‍රියාත්මක කරනු ලබයි. පළාත් සභා ලැයිස්තුවට ඇතුළත් කර ඇති විෂයයන් සම්බන්ධයෙන් විධායක බලය සාමාන්‍යයෙන් ක්‍රියාත්මක කරනු ලබන්නේ අදාළ පළාත් සභාවල මහ ඇමැති ප්‍රධාන අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් අනුව ආණ්ඩුකාරවරයා විසිනි.

ආණ්ඩුකාරවරයා සාමාන්‍යයෙන් පළාත් අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් අනුව කටයුතු කළ යුතු වුවද
ශේ‍ර්ෂ්ඨාධිකරණය පවා පිළිගෙන ඇති පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (ආ) (2) වගන්තියට අනුව ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ බලතලවලට අනුකූලව තම බලතල ක්‍රියාත්මක කළ යුතුය. පළාත් සභාවල අමාත්‍යවරුන් සිය බලතල නීති විරෝධී ලෙස හෝ රාජ්‍යයට අගතිගාමී ලෙස හෝ ක්‍රියාත්මක කළහොත් ජනාධිපතිවරයාට මැදිහත් වී ආණ්ඩුකාරවරයාට අවශ්‍ය විධානයන් ලබාදී එය නිවැරැදි කළ හැකිය.

13 වැනි සංශෝධනයේ විධිවිධාන හෝ ඊට සමාන විධිවිධාන ඇති ව්‍යවස්ථාවක් සම්මත කරන අතර ජනාධිපති ක්‍රමයද අහෝසි කළහොත් එවැනි අවස්ථාවකදී මැදිහත් වීමට මධ්‍යම රජයට නොහැකි වනු ඇත.

එබැවින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් හඳුන්වා දී ඇති බලය බෙදන ව්‍යුහය ද අහෝසි කිරීමකින් තොරව ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම ප්‍රඥා ගෝචර නොවන බව අපගේ හැඟීම බව අප මීට පෙරද අවධාරණය කර ඇත.

උතුරු පළාතේ හිටපු මහ ඇමැතිවරයාගේත් දෙමළ ජාතික සන්ධානයේත් වර්තමාන ක්‍රියාකලාපය දෙස බැලීමේදී පළාත් ආණ්ඩුවක නොමනා ක්‍රියාවකට එරෙහිව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජයට බලය පැවැතිය යුතු බව කවුරුත් පිළිගන්නා කරුණකි. උතුරු පළාත තුළ බෞද්ධ සිද්ධස්ථාන ඉදි නොකළ යුතු බව දෙමළ ජාතික සන්ධානය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි. සිංහල ජනතාව උතුර හා නැඟෙනහිර පළාත්වල පදිංචි නොකළ යුතු බව ඔවුන්ගේ මතයයි. මේ වන විටත් උතුර හා නැඟෙනහිර පළාත් තුළ බෞද්ධ හා පුරාවිද්‍යා ස්මාරක ගණනාවක් විනාශ කර ඇත.

පළාත් සභා ලැයිස්තුවේ 25 වැනි වගන්තියට අනුව කෞතුකාගාර මෙන්ම පෞරාණික හා ඓතිහාසික ස්මාරක පළාත් සභා ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

පොලිසිය හා මහජන සාමය පිළිබඳ විෂයද රජයේ ඉඩම් පිළිබඳ විෂය යම්තාක් දුරකටද ආගමික සමිති සමාගම් පිළිබඳ විෂයද පළාත් සභා ලැයිස්තුවට ඇතුළත් කර ඇති විෂයන් අතර වේ.

මෙහි ප්‍රතිඵලය උතුරු පළාතේ මහ ඇමැති ප්‍රධාන අමාත්‍ය මණ්ඩලයට මෙම විෂයන් පිළිබඳ බලතල ක්‍රියාත්මක කළ හැකි වීමයි. මේ නිසා උතුර හා නැඟෙනහිර පළාත් තුළ ජීවත්වන සිංහල බෞද්ධ ජනතාව ඉතා අනාරක්ෂිත තත්ත්වයක සිටින අතර ඊට යම් තරමක හෝ ආරක්ෂාවක් ලැබී ඇත්තේ පළාත් අමාත්‍ය මණ්ඩලවලට ඉහළින් ජනාධිපතිවරයාගේ විධායක බලය ක්‍රියාත්මක වීමයි.

එසේම පළාත් සභා මඟින් පනවන නීති පාර්ලිමේන්තු නීතිවලට යටත් විය යුතු බව අපගේ ස්ථාවරයයි. පාර්ලිමේන්තුවේ සාමාන්‍ය නීතියක් පරිච්ඡින්න කළ හැකි පරිදිම පළාත් සභා නීතියක් අහෝසි කළ හැකි විය යුතුය. එහෙත් වර්තමාන ව්‍යවස්ථාවේද ඊට අවස්ථාව නැත.

වර්තමාන ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයක් නොමැතිව පළාත් සභාවක නීතියක් අහෝසි කළ නොහැකිය. ඉදිරිපත් වී ඇති ව්‍යවස්ථා කෙටුම්පතට අනුව පළාත් සභාවක නීතියක් අහෝසි කිරීමට හා් වෙනස් කිරීමට පාර්ලිමේන්තුවක පමණක් නොව යෝජිත දෙවැනි මන්ත්‍රි සභාවේද 2/3 බහුතරයක් අවශ්‍ය වන අතර ඊට අමතරව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියද අවශ්‍ය වේ.

මින් සිදු වන්නේ පළාත් සභාවක නීතියක් වෙනස් කිරීමට ප්‍රායෝගිකව නොහැකි වීමයි. මෙහි අවසාන ප්‍රතිඵලය විශේෂයෙන්ම උතුර හා නැඟෙනහිර පළාත්වල 9 වැනි වගන්තිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන තත්ත්වයක් උදාවීමයි.

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) (උෟ) වගන්තියට අනුව පළාත් සභාවක් සම්මත කර 'ලිඛිත නීතියක්' උල්ලංඝනය කිරීමට ජනාධිපතිවරයාට නොහැකිය. ඒ නිසා රටට අහිතකර නීතියක් යම් පළාත් සභාවක් සම්මත කළහොත් එය අවලංගු කිරීමට හෝ වෙනස් කිරීමට පාර්ලිමේන්තුවට හැකියාවක් තිබිය යුතුය.

නව ව්‍යවස්ථා කෙටුම්පතින් යෝජනා කර ඇති රාජ්‍ය ව්‍යුහය ෆෙඩරල් ආකෘතියකි. එම ආකෘතිය 'ඔරුමිත්තනාඩුව' ලෙස සිංහල, ඉංග්‍රීසි හා දෙමළ පිටපත්වලින්ද හඳුන්වා දීමට ඉදිරිපත් වීම අභාග්‍යයකි. 'ඔරුමිත්තනාඩුව' යන පදයෙන් හඳුන්වන්නේ දෙමළ භාෂාවෙන් 'එක්සත්' නැතහොත් 'ෆෙඩරල්' යන තේරුමයි. දැනට ඒකීය අරුත ඇති 'ඔට්ටි්‍රයාච්චි' යන වචනය ඉවත් කර ඇත. එසේම ඉංග්‍රීසි පිටපතේ ඒකීය අරුත ඇති 'Unitary'යන වචනය ඉවත් කර ඇත. ඒකීය සිංහල වචනය යොදා ඇතත් එහි නිර්වචනය වෙනස් කර ඇත.

මේ සියල්ලක්ම කර ඇත්තේ ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමටය.

යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතට අනුව විවිධ ආගම් ප්‍රචාරය කිරීමට පුරවැසියන්ට මෙන්ම පුරවැසියන් නොවන විදේශිකයන්ට අයිතිය ඇත. වර්තමානයේ කිසිවකුට ආගම් ප්‍රචාරය කළ නොහැකිය.' එසේම තම ආගම ප්‍රකාශ කළ හැක්කේද පුරවැසියන්ට පමණි.

ව්‍යවස්ථා කෙටුම්පතෙහි සඳහන් කරුණු කිහිපයක් පමණක් අප මෙහිලා විශේෂයෙන් සඳහන් කරනු ලැබුවද එම යෝජනාව සඳහන් කරුණු බොහෝමයක් සම්බන්ධයෙන් අපට එකඟ විය නොහැකිය. මෙම ව්‍යවස්ථා කෙටුම්පත පිළියෙල කිරීමට මහා සංඝරත්නයේ හෝ ඔවුන්ගේ නියෝජිතයන් හෝ සම්බන්ධ කර ගැනීමට රජය කටයුතු කර නැත. එසේ කරන්නේ රහසිගත ලෙස විවිධ විදේශීන්ගේ වුවමනාවක් ඉටු කර ගැනීමටය. මෙම ව්‍යවස්ථාව පිළියෙල කිරීමට පිහිටුවා ගත් සියලු කමිටුවල සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ ඇත්තේ ෆෙඩරල් ආණ්ඩුක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින අනාගාමික රාජ්‍යයක් පතන අය බව සඳහන් කළ යුතුය.

මේ නිසා මහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද මෙම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් නොකරන ලෙස අප අවධාරණය කරමු. නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් ඒ සඳහා මහා සංඝරත්නයේ නියෝජනයද ඇතුළත් ව්‍යවස්ථා සම්පාදන කමිටුවකට එම කාර්ය භාර කරන ලෙස රජයෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

- බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය



යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions