-පුන්සර අමරසිංහ
සුපුරුදු ආකාරයටම නිර්මාල් දේවසිරි උත්සහ කර ඇත්තේ ගණනාථ ඔබේසේකර සිංහල බෞද්ධ ජාතිකචින්තනය විසංයෝජනයකල බව කියන මුසාව ඉස්මතු කිරීමටය. කොළඹ සරසවියේ සිසුවෙකු සිටි සමයේ සිට ඔහුගේ මේ කතාන්දරය අසා ඇති මට මෙහි පුදුමයක් නොපෙනේ. දෙසැම්බර 7ත් වෙනිදා නිර්මාල් රන්ජිත් දේවසිරි විසින් රාවය පුවත්පතට "සැබෑ සිංහල ගැමියා දුටු මානව විද්‍යා ප්‍රාඥයා ගණනාථ ඔබේසේකර" යන ශීර්ෂය යටතේ ලියන ලිපිය හරහා උත්සහ ගෙන ඇත්තේ ඔබේසේකර කොතරම් සාර්ථක සහ සියුම් ලෙස සිංහල බෞද්ධ ජාතික චින්තනය අවබෝධ කර ගත්තා ද යන්න පෙන්නවනු ලැබීමය. මෙහිදී නිර්මාල් දේවසිරි මහතා පුන පුනා පෙන්නුම් කරන කාරණයක් නම් ඔබේසේකර පෙන්වනු ලැබීමට උත්සහ කරන සිංහල බෞද්ධ සමාජය යනු සිංහල නාගරික මද පන්තියේ නිර්මාණයක් යන්න නලින් ද සිල්වා ඇතුළු සිංහල බෞද්ධ ජාතිකවාදීන්ට දැරිය නොහැකි බවය. දේවසිරි මහතා තම ලිපියෙන් මෙසේ කියයි
"මම නම් නලීන් ද සිල්වාගේ ලිපිවලින් ගණනාථව දකිමි. නලීන් මේ වෛර කරන්නේ කුමකටද? යන්න වටහාගත යුතු ය. ගණනාථ මේ කරන්නේ නලීන් ලා වසා දැමීමට හදන සිංහල බෞද්ධයා නිරාවරණය කිරීමයි. නලීන් පවසන්නේ ගණනාථ බටහිරවාදියකු කියාය. එහෙත් මා සිතන්නේ කතිකාමය තලය විශ්ලේෂණය කළ විට ගණනාථගේ සහ වේදනාව (empathy) එක යොමුකර තිබෙන්නේ පූර්ණ යටත්විජිත සංස්කෘතික සත්වයා දෙසටය. එසේ අභිමුඛවීමේදී සිංහල බෞද්ධ ගැමියා වෙත ඔහු තම සහ වේදනාව යොමු කරයි. එහෙත් නලීන් ලා ඔහුව බටහිරවාදියකු බව දකින බව පෙනේ. මා සිතන්නේ එයට පටහැනිව නලීන්ලා ධර්මපාලලාගේ මතවාදය ගමන සුරක්ෂිත කරන බවය."
නිර්මාල් රංජිත් දේවසිරි මහත් ඉහලින් අගය කරන "ඔබේසේකර විසින් ඉදිරිපත් ගොඩ නගනු ලැබූ " ප්‍රෝතෙස්තන්ත බුදුදහම " යන තීසිසය තුලින් ඔබේසේකර ගොඩනගනු ලබන ප්‍රවාදය හැදෑරීමේදී ඔබේසේකර සබැ ලෙසම මෙරට තුල 19වන සියවසේ අග බාගයේ සිට පැවති දේශීය චින්තන විප්ලවය සහ බෞද්ධ පුනර්ජීවනය වටහා ගැනීමට නොහැකි වූ ආකාරය ස්ථාපනය වෙනු ලැබේ. ප්‍රෝතෙස්තන්ත බුදුදහම යන සංකල්පය හරහා ඔබේසේකර මතු කරනු ලබන මුලික තර්කයක් නම් මෙරට තුල ඇති වූ බෞද්ධ පුනරුදය බාහිර බලපෑමක් මගින් පැමිණි දෙයක් බවය. ගොම්බ්‍රිච් සහ ඔබේසේකර රචිත "Buddhism Transformed නම් කෘතිය මගින් ඉදිරිපත් කරනු ලබන නම් ඕල්කට් සහ බ්ලවස්කි සමග පැමිනි තියෝසොෆිස්ට්වාදීන් විසින් ගෙන එනු ලැබූ ප්‍රොතේස්තන්ත අදහස් අනුව මෙරට තුල බෞද්ධ පුනර්ජීවනය ඇති වූ බවය. නමුත් අමතක කල නොහැකි කරුණක් වනාහි ඇමරිකාවේ නිව්යෝර්ක් හි සිටි ඕල්කට් මෙරටට පැමියේ මෙරට තුල මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි විසින් ක්‍රිස්තියානි පුජකයන් සමග මුහුණට මුහණ කරනු ලැබූ වාදයන් කියවීමෙන් බවය. බෞද්ධ පුනරුදය ඕලකට් නිර්මාණයක් ලෙස පෙන්වා දීමට උත්සහ ගන්නා ඔබේසේකර සහ ගොම්රිච් මතු කරන තවත් කරුණක් නම් බෞද්ධ හිමියන් එතෙක් ගත කරමින් සිටි ආරාමික ජිවිතයෙන් බැහැරව ලුතර් විසින් යුරෝපයේ ඇති කල ආගමික පුබුදුව සමග නැගී ආ නිදහස් මතධාරී පුජක පන්තිය මෙන් මෙරට බෞද්ධ බික්ෂූන් වහන්සේලා ඕල්කට් ඇති කල ව්‍යාපාරය හරහා සමාජ කටයුතු කිරීමට එක් වූ බවය. නමුත් ඇත්තටම සිදුවූ දෙය නම් බෞද්ධ හිමිවරුන් සමාජ මෙහෙවරක නිරත වී සිටීම මෙරටට ආගන්තුක නොවීමයි. උදාහරනයක් ලෙස 18වන සියවස තුල වැලිවිට සරණංකර හිමියන් ඇරබූ සිල්වත් සමාජය තුල ද පැවතියේ බෞද්ධ හිමිවරුන් සමාජ ආගමික ව්‍යාපාරක් සදහා මූලික ලෙස දායක කර ගැනීමේ අරමුණ වේ. ඔබේසේකර සහ ගොම්බ්‍රිච් ගෙනෙනු ලබන "Protestant Buddhism" තීසිසය මගින් දැඩි ලෙස සාකච්චාවට බදුන් කරන කණ්ඩායමක් නම් බෞද්ධ ස්වාමින් වහන්සේලාය. වල්පොල රාහුල හිමියන් රචිත " Heritage of Bikku නම් කෘතිය සදහා පෙරවදනක් සැපයු ඇමරිකානු විද්වතෙකු වන එඩ්මන්ඩ් පෙරී සදහන් කරන පරිදි බෞද්ධ බික්ෂුන් වහසේලා සමාජ කටයුතු වලින් ඉවත් කර තැබීම යටත්විජිත පාලකයන්ගේ උපාය මාර්ගයක් විය. ඔහු තවදුරත් සදහන් කරන්නේ කතෝලික තාපසාරම වල සිටි බෙනදික්ත නිකායික පුජකයන් මෙන් බෞද්ධ හිමිවරුන් ජනතවගෙන් ඉවත් ව සිටිනු දැකීම යටත්විජිත පාලකයන්ගේ සහ මිෂනාරීන්ගේ මුලික අරමුනක් විය. ඕල්කට් මෙරට ට පැමිණීමට පෙර සිට බෞද්ධ හිම්වරුන්ට බටහිර නුතනවාදී නිදහස් චින්තනය පිළබද අවබෝදයක් තිබු බව ඔබේසේකර වචනයක් වත් සදහන් නොකරයි. පානදුර වාදය සදහා බුද්ධිමය දායකත්වය දුන් හික්කඩුවේ සුමංගල හිමි ජෝන් ස්ටුවර්ට් මිල් වැනි ලිබරල් චින්තකයන් පිලිබදව හොද අවබෝදයක් තිබුඋගතෙකු බව උන්වහන්සේ පිළබදව තම රචනා වල සදහන් කර ඇති ඩෙන්මාර්ක් ජාතික විද්වතෙකු වන ඔල්ඩෙන්බෙර්ග් සාක්ෂි දරයි. Protestant Buddhism හරහා ඔබේසේකරලා ඉදිරිපත් කරන තවත් කාරණයක් නම් මෙරට සංඝයා සමාජ සුබසාධන කටයුතු සදහා යොමු වුයේ ඕල්කට් අති කල පුනරුදය හරහා මෙරට කිතුනු පුජකයන් සහ මිෂනාරි වරුන් විසින් පාසල් , රෝහල් හරහා ගෙනගිය සුබසාධක වැඩපිළිවල කොපි කර බවයි. නමුත් ඕල්කට් මෙරටට පැමිණීමට ශතවර්ෂ ගණනාවක සිට බෞද්ධ හිමිවරුන්වෙදකම වැනි ලෞකික කටයුතු වල නිරත වී සිටි බව ඔබේසේකර තම මතයෙන් සගවා සිටිනු ලබයි.
ගණනාථ ඔබේසේකර සහ රිචර්ඩ් ගොම්රිච් ඉදිරිපත් කල "Protestant Buddhism තීසිසයට පිළිතුරක් ලෙස සුසන්ත ගුණතිලක විසින් රචිත " Anthropologizing Sri Lanka: A Eurocentric Misadventure" කෘතිය මගින් ඔබේසේකරගේ ඇකඩමික කුහකත්වය මානව එළිදරව් කර තිබේ. උදාහරනයක් ලෙස ඔල්කට් සහ බ්ලැවැස්කි ගේ ආගමනය මෙරට බෞද්ධ නුතනවාදය පටන් ගත් මොහොත බව ඔබේසේකර ඉදිරිපත් කරන කරුණ සදහා ගුණතිලක තම කෘතියෙන් අබියෝගයට ලක් කරනුයේ ඔල්කට් සමග මෙරටට හදුන්වා දුන් තියෝසොෆි ව්‍යාපාරය දේශීය බෞද්ධ චින්තනයක් නොවූ අකරයයත් පසුව අනගාරික ධර්මපාල ඇතුළුඇතුළු බෞද්ධ නායකයන් ඕල්කට් සහ බ්ලවස්කි විසින් ගෙනගිය තියෝසොෆි ව්‍යාපාරය ගුප්ත ආගමික චින්තනයක් මත පදනම් ව තිබුවක් බව තේරුම් ගෙන ඉන් මෙරට බෞද්ධ පුනර්ජීවනය ගලවා ගැනීමට කටයුතු කරනු ලැබූ ආකාරය පෙන්වා දීමෙනි. නිර්මාල් දේවසිරි ගණනාථ ඔබේසේකරයන් දුටුවා කියන දේශීය බෞද්ධ චින්තනය පිළබදව මෙසේ කියයි
"සිංහල බෞද්ධ ජාතිකවාදය දැඩි ප්‍රභූතන්ත්‍රයකි. එය සේවය කරන්නේ යම් ප්‍රභූ පිරිසකගේ පැවැත්ම උදෙසාය. එහෙත් ඒ අතරම එය නියෝජනය කරන පිරිසට තම පොදු ජන භාවය පෙන්වීමට අවශ්‍ය වී තිබේ."
මෙය නිවැරදි කරුණක් නම් අනගාරික ධර්මපාල කිසිදිනක දේශීය ගම්බද ජනතාව සදහා කාර්මික පුහුණුවීම් වල වැදගත් කම ගැන මතු නොකළ යුතුව තිබුණි. මන්ද දේවසිරි සහ ඔහු සිංහල ගැමියා දුටු සබැ සබැ විද්වතා විද්වතා ලෙස සලකන ඔබේසේකර කියන තර්කය අනුව ධර්මපාල පැමිණි දේශීය නාගරික ධනපති පන්තිය නිසා ඔහු කිසිදිනක සිංහල ගැමියන් කාර්මික පුහුණුව ලැබීමේ ලැබීමේ අරමුණ මතු නොකරනු ඇත. එහෙත් ධර්මපාලගේ දැඩි විවේචනයට හසුවුයේ ඔහු නියෝජනය කල දේශීය නාගරික සමාජ කණ්ඩායම් වේ. වඩාත් සරදම් සහගත තත්වයක් වනුයේ අප අසල්වැසි ඉන්දියාවේ ජාතික ව්‍යාපාරය පවා මුල් වකවානුවේදී ඇනි බෙසන්ට් වැනි තියෝසොෆිවාදීන්ගෙන් පෝෂණය ලැබුවත් කිසි වෙකුත් එය Protestant Freedom Movement ලෙස නම් නොකිරීමයි.
බෞද්ධ චින්තනය පිළබදව ඔබේසේකර ඉදිරිපත් කල තවත් වැරදි මතයන් ඔහු විසින් රචිත "Imagining Karma " කෘතියේ දක්නට ලැබේ. පුනරුත්පත්තිය පිළබදව බෞද්ධ අදහස් බටහිර දාර්ශනික අදහස් සහ රතු ඉන්දියානු ජනයා නැවත ඉපදීම විශ්වාස කල ආකාරය පිළබද මානව විද්‍යාත්මක කෘතියක් ලෙස ලියවී ඇති Imagining Karma මගින් බෞද්ධ ඉගැන්වීම් පිළබද වැරදි මතයන් රැසක් ඉදරිපත් කර ඇත. ඔහු තම කෘතියෙන් සදහන් කරන එක් කරුණක් නම් අනිත්‍ය සංකල්පය බෞද්ධ චින්තකයන් විස්තර කර ඇත්තේ කර්මය පිළිබද බෞද්ධ මතවාද පදනම් කර ගෙන බවය. නමුත් නිවැරදි කාරණය නම් බුදුන් තම චින්තනමය චාරිකාව තුල මුලික ස්ථානයක් ලබාදුන්නේ ඇති වීම සහ නැති වීම නම් "වෙනස් වන වන ස්වභාවය අවබෝධ කරගනු ලැබීමටය. බෞද්ධ උගැන්වීම් වල මුලික ලෙස වෙනස් වන ස්වභාවය තනිව වැටහා ගැනීම කර්මය පිළබදව සිතනවාට වඩා විමුක්තිය ලබා ගැනීමේ මාර්ගයට අවතීර්ණ වු කෙනකුට අවශ්‍ය වේ. බුදුන් තම දේශනා තුල කර්මයේ ස්වභාවය පිලිබදව දිගු අර්ථකතන සැපයුණු නොලැබුවේ එබැවිනි. නමුත් “අනිත්‍යතාව” යන්න තනිකරම බෞද්ධ චින්තනය තුල ගොඩනැගී ඇත්තේ කර්මය යන්න පදනම් කර ගෙන බව ඔබේසේකර විසින් වැරදි ලෙස තම කෘතිය තුලින් දක්වා ඇත.
ගණනාථ ඔබේසේකර මහතා මෙරටින් පමණක් නොව සමස්ත ආසියාවෙන්ම තම විෂය අරභයා මතවාද රැසක් බිහි කල මහා චරිතයයක් බවට විවාදයක් නැත. ඔහු විසින් ජේම්ස් කුක් ගේ මරණය සහ හවායි දුපත් වැසියන් කුක් ව දේවත්වයෙන් සැලකීමට පටන් ගැනීම ගැන මාෂල් සහලින්ස් සමග සිදු කල බුද්ධීමය විවාදය හරහා ඔබේසේකර දේශීය දුපත් වැසියන් බටහිර මිනිසුන් සිතු ආකාරයෙන්ම තාර්කිකව සිතා ඇති බව මතයක් ඉදිරිපත් කල අතර එමගින් ඔහු යුරෝපය මුලික කර ගෙන ඇතිව තිබු චින්තනයට (Eurocentricism ) පහර එල්ල කරනු ලැබිය. නමුත් ඔබේසේකර වැරදියට අල්ලා ගනු ලැබූ මෙරට බෞද්ධ පුනර්ජීවනය බාහිර බලපෑමක් මත 19වන සියවසේ අග භාගයේ දී සිදුවූවක් පැහැදිලිව ම බිද දැමිය හැකි තර්කයකි
නමුත් මෙරටින් එහා සිටින විද්වතුන් සහ මෙරට කොළඹ සරසවියේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවත්, ඉතිහාස දෙපාර්තමේන්තුවටත් බුදුදහම මෙරට ජනවාර්ගික හිංසනයට මුලික වූවාය කියන බොරුව සදහා ඇකඩමික මතයක් අවශ්‍ය වූ විට ඔවුන් කෝකටත් බෙහෙත ලෙස යොදා ගන්නේ ඔබේසේකර සහ ගොම්බ්‍රිච් ගෙන ආ "Protestant Buddhism " තීසිසයයයි. එයට එරහිව ලියන සියලුම සියලුම අනිත් රචකයන් ඔවුන් දකිනු ලබන්නේ ඔබේසේකරගේ ඇකඩමික බස සහ තර්කයන් තේරුම් ගත නොහැකි නාහෙට නාහන ජාතිවාදීන් ලෙසය. නිර්මාල් දේවසිරි රාවයට ලියු ලිපියෙන් නලින් ද සිල්වාට ඔබේසේකර ව තේරුම් ගත නොහැකි වූ බවට නිගමනය කර ඇත්තේ එම නිසාය.
පුන්සර අමරසිංහ
Institute of Law and Politics
Scuola Superiore Sant Anna
Pisa, Italy
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .