[යුතුකම සංවාද කවය විසින් අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ අවමංගල උළෙලේ බෙදා හැරි පත්‍රිකාව..]
පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න අනුනා හිමිපාණෝ ජාතියට අහිමි වූයේ උන් වහන්සේ ගේ නායකත්වය ජාතිය ම අපේක්ෂා කළ මොහොතක ය. ව්‍යාජ සත්ව කරුණාවක් පෙරට ගනිමින් එන්.ජී.ඕ නඩ මෙ රට පෙරහැර සංස්කෘතිය අකාමකා දැමීමට කැසකවද්දී ඊට විදග්ධ ලෙස එරෙහි වෙමින් ද, අපේ රටේ ජනතාවටත්, මෙ රට සකලවිධ සංස්කෘතික උරුමයන්ටත් අතිශය හානිකර වූ ඉන්දියාවත් සමඟ අත්සන් කිරීමට යෝජිත එට්කා ගිවසුමේ භයානක බව පෙන්වා දෙමින් අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීමට මුල් වූ විද්වතුන්ට ආශිර්වාද කරමින් ද, එ් සියල්ලන්ටත් වඩා මේ පින්බිම අනාගාමික රාජ්‍යයක් කිරීමට, ෆෙඩරල් බලතල ඉක්මවූ බලතල බෙදුම්වාදීන්ට ලබාදීමට යෝජිත ව්‍යවස්ථා කි‍්‍රයාවලියට එරෙහි ව සිංහ නාද නගමින් ද මෙ රට හුදී ජනීජනයා අපේක්ෂා කළ භික්ෂු නායතක්වය නියමානුකූල ලෙස ම ජාතියට ලබා දෙමින් ද තිබුණු අවස්ථාවක ය.
බෙල්ලනවිල විමලරතන නායක හාමුදුරුවෝ අපට, රටට පරමාදර්ශී භික්ෂු නායකත්වයක් ජීවමාන කළ හ. කැළණි සරසවියෙන් උපාධිය ද බි‍්‍රතාන්‍යයේ ලැන්කෂයර් සරසවියෙන් ආචාර්ය උපාධිය ද ලත් උන් වහන්සේ ශී‍්‍ර ජයවර්ධනපුර
සරසවියේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මාහාචාර්යවරයා ලෙස ද එ් සරසවියේ ම උපකුලපති හා කුලපති තනතුරු දරමින් ද දැවැන්ත ශාස්තී‍්‍රය මෙහෙවරක නිරත
වූ සේක. ආචාර්ය උපාධි පර්යේෂණ නිබන්ධය වූ ‘බෞද්ධ මහා පුරුෂ සංකල්පය’ සේ ම ‘බෞද්ධ ප‍්‍රතිමාවේ උපත හා පූර්ව ප‍්‍රතිමා සංකේත’ පිළිබඳ පර්යේෂණය
ද උන් වහන්සේ විසින් ශාස්තී‍්‍රය ලෝකයට කළ දායාදයෝ වෙත්. The Mind Unshaken කෘතියෙන් උන් වහන්සේ ලත් ආශ්වාදය අන්‍යයන්හා බෙදාගැනීමට සිංහලයට කළ පරිවර්තනය මහත් පාඨක ප‍්‍රසාදයක් දිනාගන්නා ලදි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRp-7R0hJdQGq6e_dajyYa4DB5kXAIIrc3kCubfgf-y-WCBNQWyMnh0v8o7YuPb4OXlUYx70Ub-US4B6y34dwuueopRHtvLmAIIeepatte1eXhLOBMuqLfu3ZOXsMhHHrs_8FKITUZeUw/s200/open.png)
දෙයක් කරගන්න බලාපොරොත්තුවක් නෑ. අද මේ රටේ ඉතා පැහැදිලි ව පෙනෙන මහා විශාල හොරකමක් තියෙනවා. පොඩි එකෙකු ගෙන් ඇහුවත් කියයි මේක වංචාවක් කියලා. ඇයි මේක වහන්න හදන්නේ? ඇයි මේකට කොමිෂන් පත්කරලා යට ගහන්න හදන්නේ? වැඩක් නෑ මේක බොරුවක්.
මේක බොහොම වාසනාවන්ත පින්වන්ත රටක්. අපි හැම වෙලාවෙ ම කෑගහනවා පිටරටින් ආයෝජකයෝ ගේනවා, අර රටෙන් එනවා, මේ රටෙන් ගේනවා කියලා. ඔය සියලු දේට වඩා මේ රටේ සම්පත් සංවර්ධනය කරගන්න, මේ රටේ මිනිසුන්ට නැගිටින්න, මේ රටේ මිනිසුන්ට ලොකු ව්‍යාපාරිකයෝ වෙන්න සංවර්ධනය කරන එක තමයි ප‍්‍රධාන දේ. පිටින් එන එකා ආවත් එකයි, නාවත් එකයි කියලා කටයුතු කරන්න.
”මේ රටට දැන් අලුතෙන් ව්‍යවස්ථාවක් ඕනේ නෑ. මේ බුද්ධාගමට මේ රටේ තියෙන තැන මොකක් ද කියලා ආයේ කතා කරන්න දෙයක් නෑ ඒකේ. මේ රටේ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය තියෙනවා. ඒක අමුතුවෙන් දෙන්න ඕනා කරන්නේ නෑ. ඒක මේ ව්‍යවස්ථාවේ තියෙනවා. ඒක වෙනස් කරන්න කියලා එකඑක්කෙනා යෝජනා කරනවා. අනාගමික රාජ්‍යයක් කරන්න කියනවා. තවත් එක එක යෝජනා බටහිරින් එනවා. අවසාන වශයෙන් සමලිංගික සේවනයත් නීතිගත කරන්න කියලා සමහරු යෝජනා කරනවා. මොන විහිළුවක් ද මේ? පිටරටවල තියෙන විකාර අපේ
රටවලට, අපේ සංස්කෘතියට ගැලපෙන දේවල් නෙමේ. අපේ ජනාධිපතිතුමා ඉදිරියේ, අපේ හිත්වල තියෙන එක්තරා විදියක වේදනාවක් නිසයි මම මේ කතා කළේ. ̃
- නාරාහේන්පිට අභයාරාමයේ අවුකන බුද්ධ ප‍්‍රතිමාව නිරාවරණය
කිරීමේ පූජෝත්සවයේ දී
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjRucQejhmPxvITfWgefMH_y-XaE9G_zkTsKsxQwnkW2W9053ilomftW-gezp8MWnE3J5bCYXlvaZ-BdZLc4KwL0hKkWYjNV5FpQ_6zvHdkAkLVRgicBK-op8dJ6vPEtTBfaaGZae4stA/s200/close.png)
උන් වහන්සේ මෙ ලෙස පරිපූර්ණ ශාස්තී‍්‍රය මෙහෙවරක නිරත වූයේ බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරී වහන්සේ ලෙස එ් වෙහෙර වැඳපුදා ගැනීමට, එ් ඓතිහාසික පුදබිමෙන් සෙතක් ශාන්තියක් ලබාගැනීමට ඇදී ආ ලක්ෂ සංඛ්‍යාත ජනීජනයා ගේ සියලූ අවශ්‍යතා ඉතා කාර්යක්ෂම ලෙස ඉෂ්ට-සිද්ධ කරමින්, එ් වෙහෙර දියුණුවෙන් දියුණුවට පත් කරන අතරතුර ය. පුදබිමට ලැබුණු ආදායමෙන් ප‍්‍රදේශයේ තරුණ-තරුණියන්ට වෘත්තීය පුහුණු පාඨමාලා දායාද කරමින් ය. බෙල්ලන්විල මහා පෙරහැර දැවැන්ත සංස්කෘතික මංගල්‍යයක් ලෙස වාර්ශිකව සංවිධානය කරමින් ය. මේ සියල්ල සිදු කරන අතර වුව ද උන් වහන්සේ හමුවීමට පැමිණෙන සෑම දායකයකු හා ම, සිසුවකු හා ම සුහදශීලී පිළිසඳරින්, අවශ්‍ය අවවාද අනුශාසනා සැපයීමෙන් සංග‍්‍රහ කිරීමට ද උන් වහන්සේ මඳකට වුව ද පසුබට නොවූ සේක. එහි දී උන් වහන්සේ ගේ අවවාද අනුශාසනා හැම විට ම කරුණාබර විය. උන් වහන්සේ ගේ ඇවතුම් පැවතුම් සැම විට ම සරල, විවෘත, නිහතමානී වීය. එහෙත් රටට, ජාතියට, ආගමට අනර්ථයක් කෙරෙන විට උන් වහන්සේ ගේ හ`ඩ අභීත විය, ස්ථීරසාර විය.
අප රටට, ජාතියට, ශාසනයට උන් වහන්සේ ගේ නායකත්වය අත්‍යාවශ්‍ය වූ මොහොතක උන් වහන්සේ අපට අහිමි වීම මහා අභාග්‍යයකි. අප විසින් කළ යුතු ව ඇත්තේ උන් වහන්සේ ගේ ජීවිත ආදර්ශය, උන් වහන්සේ ගේ අභීත ඔවදන් අපට මඟ පෙන්වන, ජාතියට මඟ පෙන්වන පහන් ටැඹක් බවට පත් කරගැනීම ය. එ් සඳහා අධිෂ්ඨාන සහගත ව කැපවීම ය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRp-7R0hJdQGq6e_dajyYa4DB5kXAIIrc3kCubfgf-y-WCBNQWyMnh0v8o7YuPb4OXlUYx70Ub-US4B6y34dwuueopRHtvLmAIIeepatte1eXhLOBMuqLfu3ZOXsMhHHrs_8FKITUZeUw/s200/open.png)
දැන් මේ එට්කා ගිවිසුම ගැන සරල ව පොඩි එකෙකු ගෙන් ඇහුවහම කියයි කාට ද මේකෙන් වාසිය වෙන්නේ කියලා. මේක හරි ම භයානකයි. ඉන්දියාවේ ටැක්සි එලවන අය ඉන්නවා පී.එච්.ඞී. කාරයෝ, මම දන්නවා හොඳට ම. ඒක තමයි ඉන්දියාවේ රැකියා පිළිබඳ තියෙන තත්වය.
අපේ රටේ තරුණයෝ ඉස්සර පන්ති පැවැත්තුවා ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන. මේ එට්කා ගිවිසුම කියන්නෙත් ඉන්දියානු ව්‍යාප්තවාදයේ එක්තරා අවස්ථාවක්. දැන් කියනවා කවුරු අකමැති වුනත් මේක අත්සන් කරනවා කියලා. මහජනතාව තමන්ට හිමි බලය පවරා දුන්නු නායකයින්ට එහෙම කියන්න කිසි ම අයිතියක් නෑ.”
-වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සම්පාදනය සඳහා මහජන කොමිසමක් පත් කිරීමේ සමාරම්භක උළෙලේදී
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjRucQejhmPxvITfWgefMH_y-XaE9G_zkTsKsxQwnkW2W9053ilomftW-gezp8MWnE3J5bCYXlvaZ-BdZLc4KwL0hKkWYjNV5FpQ_6zvHdkAkLVRgicBK-op8dJ6vPEtTBfaaGZae4stA/s200/close.png)
බෙල්ලන්විල අපේ නායක හාමුදුරුවෝ නිවන් දක්නා ජාති තෙක් මේ පින් බිමෙහි ම
උපදිත්වා! යළි යළිත් අප රටට මග පෙන්වන සංඝ පීතෲවරයෙක් ම වේවා!!
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .