2/19/2018

පෙබරවාරි 10 ජනමතය හමුවේ අගමැතිධූරය

කතෘ:යුතුකම     2/19/2018   3 comments

-ගෙවිඳු කුමාරතුංග-

ඉල්ලා අස් විය යුතු අගමැති

වැදගත් වන්නේ ඡන්ද ප්‍රතිඵලය පෙබරවාරි 10 ඡන්ද‍පොළට ගොස් ඡන්දය ප්‍රකාශ කළ මෙරට ජනී ජනයා කියා සිටියේ කුමක්ද යන්නය. ඒ රටවැසියා එක හඩින් ප්‍රකාශකර ඇත්තේ රනිල් වික්‍රමසිංහ වත්මන් අගමැතිවරයා නොපමාව ඉල්ලා අස්විය යුතු බවය. වත්මන් ආණ්ඩුවම ගෙදර යා යුතු බවය. රටට අලුත් ගමනක් අවශ්‍ය බවය. ඒ සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ නව දේශපාලන පක්ෂය ඒ වටා එක්රොක්වී ඇති නව දේශපාලන බලවේගය නායකත්වය දිය යුතු බවය.

පෙබරවාරි 10 ඡන්දය පසුගිය වසර 3 පුරාවට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුර දැරූ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාකාරීත්වය හා පැවැත්ම සහමුලින්ම ප්‍රතික්ෂේප කිරීමකි. ඒ ඡන්දය පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් තෝරාගැනීමට පැවැත්වූවක් මිස රජයේ ප්‍රතිපත්ති පිළිබඳ ජනමත විචාරණයක් නොවන බව එක්සත් ජාතික පක්ෂ නායකයන්, එන්ජීඕ කුලීකාරයන් මෙන්ම දෙමළ සන්ධානය හා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාද කියනු අසන්නට ලැබේ.

එහෙත් පෙබ. 10 ඡන්දය ප්‍රතිපත්ති පිළිබඳ ජාතික නායකත්වය පිළිබඳ ජනමත විචාරණයක් බවට පත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ (‍පොහොට්ටුව) පමණක් නොවේ. එක්සත් ජාතික පක්ෂය පළ කළ පුවත්පත් දැන්වීම් මගින් ඉල්ලා සිටියේ ‘රට යළි විනාශය කරා රැගෙන යෑමට උත්සාහ දැරීමට එරෙහිව‘ ඡන්දය ප්‍රකාශ කරන ලෙසය. එක්සත් ජාතික පක්ෂය ඔබේ ආණ්ඩුව ඔබේ අනාගතය කර ගන්නා ලෙසය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය පුවත්පත් දැන්වීම් පළකරමින් ඉල්ලා සිටියේ ‘මෛත්‍රී නායකත්වයට ඡන්දය දෙන්න’ කියාය. වත්මන් රජය කෙරෙහි කලකිරුණු ඡන්දදායකයා යළි මහින්ද රාජපක්ෂ නායකත්වයේ පිළිසරණ පැතීම වැළැක්වීමට කළ හැකි සියල්ල කළ එන්ජීඕ හඬ ජවිපෙ හා එක්ව කිව්වේ වෙනසක ඇරඹුමට සීනුවට ඡන්දය දෙන්න කියාය. ඒ අනුව රටේ අනාගතය පිළිබඳව සිතා ඡන්දය ප්‍රකාශ කරන්න යන්න මේ සෑම පක්ෂයක්ම ජනතාවගෙන් ඉල්ලා සිටි බව ඉතා පැහැදිලිය. දැන් ජනතාව එසේ සිය මතය ප්‍රකාශ කළ පසු ‘අයියෝ ඒක මේ ගම පිළිබඳ ඡන්දයක්නේ’ කීමෙන් පෙනෙන්නේ මේ රට හුදී ජනයා සම්බන්ධයෙන් මේ බමුණන් බමුණු කේවට්ටයන් සිතන පතන උද්දච්ච ආකාරයය.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නායකත්වයට හා එක්සත් ජාතික පක්ෂයට 2015 මහ මැතිවරණයේදී හා මේ පෙබරවාරි 10 ඡන්දයේදී ලැබි ඇති ඡන්ද සැසඳූ විට මේ රටේ ජනයා රනිල් වික්‍රමසිංහ නායකත්වය සහමුලින්ම ප්‍රතික්ෂේප කර ඇති බව පැහැදිලි වේ. 2015 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ ඡන්ද 50,98,927ක් ලබාගත් නමුත් 2018 පෙබරවාරි 10 ලබාගෙන ඇත්තේ ඡන්ද 36,25,510කි. එනම් වසර තුනක පාලනය හමුවේ රනිල් අගමැතිට, එක්සත් ජාතික පෙරමුණට ඡන්ද 14,73,417ක් අහිමි වී ඇත. ඉල්ලා අස්වීමට තවත් අටුවා ටීකා ටිප්පණි අවශ්‍යද?

මේ නම පිළිබඳ ඡන්දයක් නිසා මේ ප්‍රතිඵලය මත අගමැති අස් නොවිය යුතු යයි කියන බමුණන්ට කළු සුද්දන්ට කිව යුත්තේ අඩුම තරමින් සුද්දාගේ ආදර්ශයවත් ගන්නා ලෙසය. බ්‍රිතාන්‍යයේ 2016 ජුනි 23 පැවැත්වූයේ මහ මැතිවරණයක් නොවේ. බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද යන්න ගැන ජනමත විචාරණයක්ය. එහෙත් එහිදී තමා දැරූ මතය ජනයා ප්‍රතික්ෂේප කළ බැවින් බ්‍රිතාන්‍ය අගමැතිවරයාව සිටි ඩේවිඩ් කැමරන් මහතා ඊට පසු දිනම සිය ඉල්ලා අස්වීමේ කතාව කළේය. සුද්දන්ට වඳින අපේ කළු සුද්දන් රනිල්ට අගමැතිකමින් ඉල්ලා අස්වන්න නොකියන්නේ අඩු තරමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කර්යාලය වත් එසේ නොකියන්නේ ඒ සුද්දාගේ සදාචාරය වැඳීමට පිදීමට මිස අපි වැනි කල්ලන්ට අදාළ නොවිය යුතු යැයි ඔවුන් සිතන නිසා විය යුතුය.

තනතුරින් පහ කළ යුතු අගමැති

රාජිත සේනාරත්න ඇමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ කේවට්ටයන් ‍පොහොට්ටුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ 50ක ඡන්දයක් ලැබි නැති නිසා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදු කිරීම අවශ්‍ය නැති බව කියති. ‍පොහොට්ටුවට ඡන්දය දුන් 45ට අමතරව සිරිසේන ජනාධිපතිවරයා ලබාගත් 13 (ශ්‍රීලනිප අතට හා එජනිස බුලත් කොළය ලෙස) ලබා ගත්තේද මහ බැංකු හොරුන්ට දඬුවම් දීමට, ජාතික සම්පත් විජාතිකරණය පැරදවීමට තමාගේ නායකත්වයට ඡන්දය දෙන ලෙස ඉල්ලමින්ය. ඒ නිසා සමස්තයෙන් 45+13 (හා ජවිපෙට ඡන්දය දුන් 6) මහ බැංකු හොරුන්ට දඬුවම් දීම, ජාතික සම්පත් රැක ගැනීම එක හ¾ඩින් අනුමත කර ඇති බැවින් මහ බැංකුව භාර අමාත්‍යවරයා වන අගමැතිවරයාව සම්පත් විජාතිකරණය සිය ප්‍රතිපත්තිය කරගත් අගමැතිවරයාව වහාම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ වගකීමය.

ජනතාව ඉල්ලන අගමැති

ජනතාව ඉල්ලන අගමැති වඩා නිවැරදිව කියන්නේ නම් ජනතාව ඉල්ලන නායකයා මහින්ද රාජපක්ෂ බවට තවදුරටත් සැකයක් තිබිය නොහැකිය. මුළු ශ්‍රීලංකා භූමියෙන් තුනෙන් දෙකකට වඩා ප්‍රදේශයක් පුරාවට නෙළුම් ‍පොහොට්ටුව දිනවා, කුරහන් වර්ණ ගන්වා ප්‍රකාශයට පත් කළ පැතුම එයයි. ඒ කළු සුද්දන් පරදා කේවට්ට බමුණන් පරදා හදවතින් අපේ වූ රජයක් වෙනුවෙන් දුන් ඡන්දයකි. එවැනි රජයක් මේ පිළුණු වූ පාර්ලිමේන්තුවෙන් ජාතික ලැයිස්තුව පවා ජනයා ප්‍රතික්ෂේප කළ දේශපාලන හිඟන්නන්ට දී ඇති පාර්ලිමේන්තුවකින් ගොඩනැගිය නොහැකි බව පැහැදිලිය. ඒ සඳහා ජනතා වරමින් පිරිසිදු වූ ජනතා වරමින් ශක්තිමත් වූ අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍යය. ඒ සඳහා නොපමාව මහ මැතිවරණයක් පවත්වා තම හදවතේ නායකයාට තම හදවතේ නැවුම් පක්ෂයට තම හදවතේ පැතුම් සපුරන නව රජයක් පිහිටුවීමේ අවස්ථාව ලබා දෙන්නය යන්න පෙබරවාරි 10 ජනතා තීන්දුවේ හරයයි.

අගමැතිකම එපා කියන්නෝ අගමැතිකම පතා සිටින්නෝ

මේ ජනතා තීන්දුවට ගරු කරමින් අගමැති විසින් සිදු කළ යුතුව තිබුණේ නොපමාව අගමැතිකමින් ඉල්ලා අස්වීමය. ජනාධිපතිවරයා කළ යුතුව ඇත්තේ පක්ෂ නායකයන් රැස් කර ජනතා පැතුමක් ඉටු වන රජයක් තෝරා පත් කර ගැනීම සඳහා මහ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා පරිවාස රජයක් පත් කිරීමය. එවැනි බලා‍පොරොත්තු වන්නේ අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය හා ව්‍යාකූල කර ඇති මැතිවරණ ක්‍රමය නිරවුල් කරදීම පමණි. එවැනි රජයක අගමැති ධුරයට හිටපු කථානායක චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නැතිනම් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සුදුසු නමුත් ඔවුන් අගමැති ධුරය ප්‍රතික්ෂේප කරන බව දැන ගන්නට ඇත. ඒ සිරිසේන ජනාධිපති යළි යළිත් සිදුකොට ඇති විශ්වාසය කඩ කිරීම් මෙන්ම මහින්ද රාජපක්ෂ නායකත්වයෙන් අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගොස් එජාප රජයකට මුක්කු ගැසූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් කළ පාවාදීම් නිසා විය යුතුය. ඒ අතර කරු ජයසූරිය කථානායක නැතිනම් හිටපු සභානායක නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යතුමා අගමැති කිරීමේ ප්‍රයත්න ගැනද අසන්නට ලැබේ.

මේ සියල්ල සම්බන්ධයෙන් අවසාන තීරණය ගත යුත්තේ අවසාන වගකීම පැවරෙන්නේ සිරිසේන ජනාධිපතිවරයාටය. නව රජයක් සඳහා වන ජනතා අභිලාෂය මුදුන් පත්වන පරිදි මහ මැතිවරණයක් අරමුණු කරගත් පරිවාස රජයක් පත් කිරීමෙන් එදා ඩී.බි. විජේතුංග ජනාධිපතිවරයා සේම රට මහා ඛිෙදවාචකයක් කරා යොමු වීම වැළැක්වූ රාජ්‍ය නායකයකු ලෙස ඉතිහාසගතවීමට අවස්ථාව සැලසෙනු ඇත. නොඑසේ නම් රටේ ජනමතයට කන් නොදීම නිසා සිදුවන සියලු විනාශයන්හි වගඋත්තරකරුවා ලෙස එතුමා ඉතහාසගත වනු ඇත.

[Rivira 2018:02:18]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook: https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. පෙබරවාරි 10 ඕගොල්ලෝ ප්‍රාදේශීය සභා චන්දෙ දින්නට ජනමත විචාරණය පැරදුනා නේ?

    ReplyDelete
  2. පොහොට්ටුව ප්‍රාදේශීය සභා චන්දෙ දින්නා, හැබැයි ජනමත විචාරණය පැරදුනා.

    ඒකත් ඕගොල්ලො පිළිගන්ඩ ඕනේ

    ReplyDelete
  3. Mokada komment daane naththe?? Bayayi ne aththa kinakota.

    Lajjayi.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions