7/11/2014

ඉතිහාසය, නවකතාව හා මහරජ ගැමුණු

කතෘ:යුතුකම     7/11/2014   4 comments

-ආචාර්ය ගුණදාස අමරසේකර
ඓතිහාසික නවකතාව අපට හුරු පුරුදු සාහිත්‍යාංගයක්‌. ගිය සියවසේ සිවු වන සහ පස්‌ වන දශක තුළ එය ඉතා ජනප්‍රිය සාහිත්‍යාංගයක්‌ ව පැවැති බව අපි දන්නවා. ඩබ්ලිව්. ඒ සිල්වා මහතා අතින් විජයබා කොල්ලය, අවිචාර සමය ආදි වූ කෘති නිර්මාණය වූයේ මේ යුගයේ දී. මාර්ටින් වික්‍රමසිංහ අතින් අතිශයින් ජනප්‍රිය වූ රෝහිණී නවකතාව ලියෑවුණේ මේ යුගයේදී. හේමපාල මුණිදාස අතිනුත් මේ අවධියේ ඓතිහාසික නවකතා ලියෑවුණු බවයි මගේ වැටහීම. මේ යුගයේ දී මේ දශක දෙක තුළ මෙ වැනි ඓතිහාසික නවකතා ලියෑවුණේ කුමන හේතුවක්‌ නිසා ද යන්න අප විසින් සොයා බැලිය යුතුයි. එයට නියත හේතුවක්‌ තිබෙනවා. ඒ අවධියේ දී තමයි නිදහසට පෙර පැවැති අපගේ ජාතික සටන කිසියම් උච්ච අවස්‌ථාවකට පත්ව තිබුණේ. අනගාරික ධර්මපාලතුමා විසින් ගිය සියවසේ මුල් දශකයේ ඒ ආරම්භ කළ ජාතික සටන තාවකාලිකව යටපත් වී ගොස්‌ යළි මතු වුණේ මේ සිවු වන හා පස්‌ වන දශකයේ දී යි. එසේ මතු වුණු ජාතික සටනේ ප්‍රතිඵලයක්‌ වශයෙනුයි 56 දේශපාලන විප්ලවය සිදු වුණේ. ඒ ජාතික සටනේ දී ජනතාවගේ ජාතික විඥානය පුබුදු කිරීමට ඉහතින් සඳහන් කළ නවකතාකරුවන් විශාල සේවයක්‌ කළ බව අප විසින් පිළිගත යුතුයි.

මේ නයින් බලනවිට ඒ ජාතික සටනේ තෙවන අවස්‌ථාව සනිටුහන් කරන වත්මන තුළ ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු යන මේ නවකතාව බිහි වීම අපට අවබෝධ කරගත හැකියි. ඒ අතින් බැලුවාම මේ නවකතාව යුගයේ ඉල්ලීම උඩ බිහි වූ නිර්මාණයක්‌ ලෙස සලකන්නට පුළුවන්.

මේ නවකතාව ගැන කතා කිරීමට පළමු නවකතාවත්, ඉතිහාසයත් ඒ දෙක අතර ඇති සමානත්වයත් එමෙන්ම වෙනසත් ගැන කරුණු කීපයක්‌ සඳහන් කළොත් ප්‍රයෝජනවත් වෙතියි සිතනවා. විශේෂයෙන්ම නවකතා නමින් බාලයන්ගේ මනසේ බිහිවන කල්පිත - "කෙප්ප" සම්මානයෙන් පිදෙනු ලබන මේ යුගයේ දී එ වැනි අදහස්‌ දැක්‌වීමක්‌ ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන්.

හැම නවකතාවක්‌ම මූලික වශයෙන් ඓතිහාසික වාර්තාවක්‌ ය කියන්න පුළුවන්. සමාජ ඓතිහාසික ලේඛනයක්‌ ය කියන්න පුළුවන්. ජයන්ත චන්ද්‍රසිරිගේ මේ නවකතාව ක්‍රිස්‌තු පූර්ව පළමු වෙනි සියවසේ අනුරාධපුරය ආශ්‍රිත ඓතිහාසික වාර්තාවක්‌ වන්නා සේ ම මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය දහනව වන සියවසේ ලංකාවේ දකුණු පළාත පිළිබඳ ඓතිහාසික වාර්තාවක්‌ වෙනවා. මේ නිර්මාණ දෙකටම නියත දේශයක්‌, නියත කාල වකවනුවක්‌, නියත ඓතිහාසික පසුබිමක්‌ ඇති බව අපට පෙනෙනවා.

මෙය නවකතාව පිළිබඳ මූලික ලක්‌ෂණයක්‌. නවකතාව යනු නියත ඓතිහාසික - සමාජ ගර්භාෂයක්‌ තුළ බිහි වන්නකි. එසේ නැතිව අවකාශයක්‌ තුළ ඒසේ නැත්නම් කිසිවකුගේ මනෝ ලෝකයක්‌ තුළ බිහි වන්නක්‌ නො වෙයි. ඕපපාතික මනස්‌ පුතෙකු නොවෙයි.

මේ කාරණය මා අවධාරණය කළේ අද මේ රටේ නවකතා නමින් බිහි වන ඊනියා සම්මානවලට පාත්‍රවල නවකතා සලකා බලායි. මේවා ඇත්ත වශයෙන් හැඳින්විය යුත්තේ නවකතා නමින් නොව කල්පිත කතා තැන් නම් "කෙප්ප" ලෙස යි. මෙය මගේ හිතේ අපි පේරාදෙණි නවකතාවෙන් ලබාගත් දායාදයක්‌. එයට මුල් වුයේ සරච්චන්ද්‍රයන්ගේ චින්තනය ය කියා මා හිතනවා. මොකද සරච්චන්ද්‍රයන් නවකතාව දුටුවේ ඓතිහාසික - සමාජ සත්තාව නමැති ගර්භාෂය තුළින් බිහි වන්නක්‌ ලෙස නොවෙයි. නවකතාවක ඇති සමාජ - ඓතිහාසික තොරතුරු ඔහු දුටුවේ පාඨක විශ්වසනීයත්වය දිනාගැනීම සඳහා යොදාගනු ලබන බාහිර ආලේපයක්‌ ලෙස යි. ඔහු පියදාස සිරිසේන නොවැදගත් නවකතාකරුවකු ලෙස බැහැර කළේ මේ විශ්වසනීයත්වය නමැති කෝදුවෙන් මැන බලායි. මේ හානිකර පේරාදෙණි උරුමයෙන් ගැලවීමට අපේ නවකතාකරුවනුත් විචාරකයනුත් තව ම ගැලවී ඇති බවක්‌ පෙනෙන්නට නැත. මේ තත්ත්වය ස්‌ථාපිත වීමට තවත් හේතුවක්‌ තමයි පසුගිය කාලය තුළ ලෝක යුද්ධ දෙක අතර කාලය තුළ මෙන්ම දැනුත් බටහිර ලෝකය තුළ බිහි වන නවකතා. බටහිර තුළ බිහි වූ මේ නවකතාව මේ යුගය තුළ බටහිර වසා පැතිරුණු ධනවාදයේ ප්‍රතිඵලයක්‌ ලෙස සලකන්න පුළුවන්. ඒ ධනවාදයේ පැවැත්මට අවශ්‍ය වුයේ පුද්ගලවාදය (Individulism) ඒ ධනවාදය තුළ වැසුණු සාහිත්‍යකරුවන් අතින් සිදු වුයේ මේ පුද්ගලවාදයට ආවැඩීමයි. මේ ධනවාදී සමාජය තුළ වැඩුණු පුද්ගලයා ධනවාදයේ ප්‍රතිඵලයක්‌ ලෙස නොව සමාජයෙන් විනිර්මුක්‌ත වූ සමාජය ඉක්‌මවා සිටීමේ ශක්‌තිය ඇති පුද්ගලයකු ලෙස නිරූපණය කිරීමටයි මේ සාහිත්‍යකරුවන් තැත් කළේ. මේ යුගයේ බිහි වූ කාෆ්කා, ලොරන්ස්‌, කැමු, ජීඩ්, ආදි නවකතාකරුවන් අතින් සිදු වුයේ මෙයයි. ඒ නවකතාකරුවන් ධනවාදී සමාජය විසින් ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවන්, දාර්ශනිකයන්, චින්තකයන් ලෙස හුවා දැක්‌වීම අපට අවබෝධ කරගන්නට පුළුවන්. අද වන විට මේ තත්ත්වය පෙරටත් වඩා දරුණු වී ඇති බවයි මගේ වැටහීම. අද පශ්චාත් නූතනවාදය හමුවේ නවකතා පුද්ගලවාදය කේන්ද්‍ර කොටගත් සමාජය ඉතිහාසය නොතකා හරින නිර්මාණයක්‌ වී ඇතුවා පමණක්‌ නොව නවකතාවේ ස්‌වභාවය ද අභියෝගයට ලක්‌ කරන තත්ත්වයක්‌ උදා වී තිබෙනවා. එයට ඇති හොඳම උදාහරණය තමයි මිලාන් කුන්දීරා විසින් ලියා ඇති මේ රටේ ඉන්නා දීන අනුකාරකයන් විසින් ද පුදනු ලබන The art of the Novel නමැති කෙප්පය. ඒ කෙප්පය නිරුවත් කර එළි දැක්‌වීමේ සමත් විචාරකයන් අද බටහිර ලොව තුළ නැත. අද බටහිර විචාරකයන් වශයෙන් ඉන්නේ මහාචාර්ය ග්‍රැහම් හග් (Graham Hough) දක්‌වා ඇති පරිදි පොත් වෙළෙන්දන් විසින් පෝෂණය කරනු ලබන ෆුල් බ්‍රයිට්‌ මහාචාර්යවරුනුයි. මේ ෆුල් බ්‍රයිට්‌ මහාචාර්යවරුන් පිරිසක්‌ ලොවට මුදා හැරියොත් ඕනෑ ම තුට්‌ටු දෙකේ නවකතාකරුවකු ටොල්ස්‌ටෝයි කෙනකු ඩෙස්‌ටර්වස්‌කි කෙනකු කළ හැකි යෑයි ග්‍රැහම් හෆ් පැවසුවේ මෙයට විසි වසකට පෙරයි. අද සිදුවෙමින් පවතින්නේ මෙයයි.

මේ දීර්ඝ විස්‌තරයෙන් මා හෙළි කිරීමට තැත් කළේ නවකතාව නමැති සාහිත්‍යාංගය ඓතිහාසික සමාජ සත්තාව පදනම් කරගත් ඒ ගර්භාෂය තුළින් බිහි වන නිර්මාණයක්‌ බවයි. වෙන වචනයෙන් කියනව නම් නවකතාව නිවැරදි ඓතිහාසික ලේඛනයක්‌ විය යුතුයි. එය ඓතිහාසික - සමාජ සත්තාව බොරු නොකරන නිර්මාණයක්‌ විය යුතුයි.

මෙහිදී ඔබ තුළ ප්‍රශ්නයක්‌ මතු වන්න පුළුවන්. නවකතාව නිවැරදි ඓතිහාසික ලේඛනයක්‌ නම් කුමකට ද අපි නවකතා කියවන්නේ? ඉතිහාස ග්‍රන්ථ කියෙව්වාම ප්‍රමාණවත් නොවේද? ඉතිහාසඥයන් ගෙන් විනා නවකතාකරුවන්ගෙන් වැඩක්‌ ඇද්ද?

මෙයට පිළිතුරු සැපයීමට නම් අපි ඉතිහාසයත් නවකතාවත් අතර ඇති සමානත්වය දකින අතරම ඒ දෙක අතර ඇති වෙනසක්‌ දැකගත යුතුයි. නවකතාකරුවා ඉතිහාසඥයා ගෙන් වෙනස්‌ වන්නේ කෙසේද කියා දැකගත යුතුයි.

නවකතාකරුවා දෙයාකාරයකින් ඉතිහාසඥයාගෙන් වෙනස්‌ වෙනවා. මේ දෙදෙනා ඉතිහාසය දෙස බලන ආකාරය සහ ඉතිහාසයට දෙන අර්ථ කථනය උඩයි මේ වෙනස රඳා පවතින්නේ.
ඉතිහාසඥයා ඉතිහාසය දෙස බලන්නේ එදා පැවැති තත්ත්වය ඒ සමාජය ඒ යුගය තුළ සිටගෙනයි. ඒ යුගයෙන් ඒ තත්ත්වයෙන් බැහැර ව සිටගෙන නොවේ. වර්තමානයේ සිටගෙන නොවෙයි. නවකතාකරුවා ඉතිහාසය දෙස බලන්නේ එයට හාත්පසින් වෙනස්‌ ස්‌ථාවරයක තැනක ඉඳගෙනයි. නවකතාකරුවා ඉතිහාසය දෙස බලන්නේ වර්තමානයේ සිටගෙනයි. ජයන්ත චන්ද්‍රසිරිගේ මේ නවකතාව එයට කදිම උදාහරණයක්‌.ජයන්ත චන්ද්‍රසිරි ඒ ගැමුණු යුගය දෙස බලන්නේ අද අප මුහුණ දෙන වර්තමානයේ සිටගෙනයි. වර්තමානය නමැති කණ්‌ණාඩිය තුළිනුයි ඔහු ඒ දෙස බලන්නේ. කොටින් කියතොත් පසුගිය කාලය තුළ අප ගොදුරු කරගත් ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ත්‍රස්‌තවාදය මේ රට තුළ නොතිබෙන්නට චන්ද්‍රසිරි අතින් මෙය නොලියවෙන්නට ඉඩ තිබුණා ය කියා මට හිතෙනවා. ජයන්ත චන්ද්‍රසිරි ඓතිහාසික සමාජ සත්තාව බොරු නොකර ආරක්‍ෂා කරන අතර ම අපගේ වර්තමානය ඒ මතට ආරූඪ කර ඇතැයි කිසිවකුට පෙනී ගියහොත් එය සාධාරණයි.

නවකතාකරුවා ඉතිහාසඥයාගෙන් වෙනස්‌ වන දෙවන කරුණ නම් ඔහු ඓතිහාසික සමාජ සත්තාව මුල් කරගෙන ඉදිරිපත් කරන අර්ථ කථනයයි. ඉතිහාසඥයා එහෙම අර්ථ කථනයක්‌ දීමට තැන් කරන පුද්ගලයෙක්‌ නොවෙයි. ඔහු කිසියම් අර්ථ කථනයක්‌ දීමට තැත් කළත් එය බාහිරින් ගන්නා ලද අර්ථ කථනයක්‌ නොවෙයි. ඒ ඉතිහාසය තුළින්ම සකසා ගන්නා ලද අර්ථ කථනයක්‌. ඒ අතින් ඔහු නිරාපේක්‍ෂ නිරීක්‍ෂකයකු වෙනවා. නවකතාකරුවා එසේ නොවෙයි. නිරාපේක්‍ෂ නිරීක්‍ෂකයකු නොවෙයි. ඔහු තම අදහන දර්ශනය චින්තනය අනුව ඒ තමා අබියස ඇති ඉතිහාසය නව අර්ථ කථනයකට භාජන කරනවා. නව අයුරකින් බැලීමට අපට සලස්‌වනවා. මෙයින් නවකතාකරුවා දරන දර්ශනය චින්තනය ආගමික දර්ශනයක්‌ වෙන්න පුළුවන්. ටෝල්ස්‌ටෝයි සිය නවකතා නිර්මාණය කළේ එවැනි දර්ශනයක පිහිටායි. වෙනත් නවකතාකරුවකුගේ දර්ශනය සමාජවාදය මාක්‌ස්‌වාදය මුල් කරගත් දර්ශනයක්‌ වෙන්න පුළුවන්. අපගේ ශ්‍රේෂ්ඨ නවකතාකරුවා වන මාර්ටින් වික්‍රමසිංහ සිය දර්ශනයට පදනම් කරගන්නේ සිංහල - බෞද්ධ සංස්‌කෘතියයි. ඒ සභ්‍යත්ව විඥානයයි.

මෙහි දී ජයන්ත චන්ද්‍රසිරි සිය දර්ශනය චින්තනය ගොඩ නගාගෙන ඇත්තේ සිංහල - බෞද්ධ සභ්‍යත්ව විඥානය උඩ බව මට පෙනෙනවා. ඔහු
ගැමුණු මහරජුගේ සිතුම් පැතුම්, ආකල්ප, ක්‍රියාකාරකම් ආදි වූ සියල්ල අර්ථ කථනය කරන්නේ සිංහල - බෞද්ධ සභ්‍යත්ව විඥානයේ පිහිටායි. ඒ නිසා මේ නිර්මාණය අන්තය ඉක්‌මවා සිටින වත්මන් අපට අතිශයින් අදාළ නිර්මාණයක්‌ ලෙස මා දකිනවා.ඒ ගැන කතා කිරීමට පළමු මේ නවකතාවේ සන්දර්භය ගැනත් කෙටියෙන් සඳහන් කිරීමට මා කැමතියි. මෙහි දී චන්ද්‍රසිරි යොදාගෙන ඇත්තේ අපට හුරු පුරුදු ගතානුගතික සන්දර්භයට වඩා වෙනස්‌ චිත්‍රපට - සිනමා සන්දර්භය බව පෙනෙනවා. ඒ නිසා ඇතැමකු මෙය නවකතාවක්‌ නොව තිර නාටක රචනයක්‌ ලෙස බැහැර කරන්නට පුළුවන්. එය අසාධාරණයි. වත්මන් නවකතාකරුවා වත්මන් ජන විඥානයේ ඇති සන්නිවේදන මාර්ග යොදාගැනීම වරදක්‌ ලෙස මා දකින්නේ නැහැ. එය වරදක්‌ නොවෙයි. අපගේ නවකතාවේ පරිණාමයට ඉවහල් වන්නක්‌. අවසානයේ දී ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ඒ නව සන්දර්භය සාර්ථක ද? නැද්ද? යන්නයි. මේ සන්දර්භය අනුකාරකයන් යොදාගන්නා "ඉන්ද්‍රජාල තාත්විකත්වය" වැනි බහුබූතයක්‌ නොවේ.

සැම උසස්‌ සාහිත්‍ය නිර්මාණයක්‌ තුළම නො කියා කියන පණිවිඩයක්‌, අනාගත දැක්‌මක්‌, මාර්ටින් වික්‍රමසිංහයන්ගේ වචනයෙන් කීවොත් භවිෂ්‍යත් විදර්ශනාවක්‌ ගැබ් වී තිබෙනවා. ජයන්ත චන්ද්‍රසිරිගේ මේ නිර්මාණය තුළත් මම එවැනි භවිෂ්‍යත් විදර්ශනාවක්‌ දකිනවා. චන්ද්‍රසිරි මෙහි දී ඉඟියෙන් දක්‌වන්නේ අපගේ අනාගත ගමන් මඟ කෙබඳු එකක්‌ විය යුත්තක්‌ ද යන්නය කියා මා සිතනවා. යම් සේ අප ප්‍රභාකරන් නමැති ආක්‍රමණිකයාගේ ත්‍රස්‌තවාදයෙන් ගැලවුණේ, ගැමුණු මග - සිංහල - බෞද්ධ සභ්‍යත්ව විඥාන මත ගොඩනැඟුණු ගැමුණු මඟ අනුගමනය කිරීමෙන් නම් අපි අපගේ අනාගතය ගොඩ නගාගත යුත්තේ ඒ ගමන් මග අනුව යමින් බවයි මේ නවකතාව මගින් පෙන්නුම් කරනු ලබන්නේ. ඒ භවිෂ්‍යත් විදර්ශනාවයි මේ නවකතාව තුළ ඇත්තේ.
මෙය අප විසින් මේ අවස්‌ථාවේ ඉතා ගැඹුරින් වටහා ගත යුත්තක්‌ බවයි මා හිතන්නේ. ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට මුල් වුයේ දෙමළ ජාතිවාදය පමණක්‌ නොවේ. අප දිගින් දිගට ම නිදහස ලැබීමෙන් පසුවත් අනුගමනය කළ දීන අනුකරණ යි. ඒ දීන අනුකරණයේ ගැළුණු අප කළේ ස්‌වාධීන දීර්ඝ ඉතිහාසයක්‌ ඇති ජාතියක්‌ විසින් ගත යුතු සිය අතීත උරුමය සොයා යැම නොව විජාතිකයා අප විනාශ කිරීම පිණිස තනා දුන් ඊනියා පක්‍ෂ ක්‍රමය, පාර්ලිමේන්තුව ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය පසු පස්‌සේ යැම යි. ඒ පක්‍ෂ ක්‍රමය බහුතර ජනතාව වන සිංහලයා බෙදා වෙන්කර නිෂ්ක්‍රීය කිරීමට මුල් වූ බව, ඒ පාර්ලිමේන්තුව දූෂිතයන්ට, අධමයන්ට නිවහනක්‌ සාදා දී ඇති බව ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අප තලා - පෙලා යටත් කිරීමට විදේශීකයන්ට කෙවිටක්‌ වී ඇති බව දැන්වත් අපට පෙනී යා යුතුයි. ඒa බැවින් මේ දීන අනුකරණය නවත්වා, අප අපගේ උරුමය වෙත වහ වහා ගමන් නොකළොත් අපි ආසියාවේ ආශ්චර්යය වීම කෙසේ වුව අපට අනාගත පැවැත්මක්‌ තිබිය හැකි ද යන්න මට නම් ප්‍රහේලිකාවක්‌. ජයන්ත චන්ද්‍රසිරිගේ මේ කෘතියෙන් කරනු ලබන්නේ අපට මෙය මතක්‌ කර දීමය කියා මා හිතනවා.
 -ආචාර්ය ගුණදාස අමරසේකර
[
මුල් සටහන : දිවයින]


 -යුතුකම සංවාද කවය 
www.yuthukama.com

, , , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

4 comments :

  1. විමලසේන7/14/2014 1:33 PM

    පාරිලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අපේ වූ නවමු ක්‍රමයක් ආදේශ කර ගැනුම වැනි සංවාදයක් ඇරඹීමට තරම් විචාරශීලී වූ සමාජයක මේ වන විට අප සතුව ඇතැයි සිතීම උගහටය. අද දේශපාලනයේ නියැලෙන බොහෝ දෙනෙකුට ඇත්තේ දේශපාලනික නොවන න්‍යායපත්රයන්ය. තම ව්‍යාපාර කටයුතු පුළුල් කර ගැනීම, හා ඒවාට වාසි ලබා ගැණීම නීතිවිරෝධීව ලබන ලාභයන් ලබා ගැනීම, වෙනත් ක්ශේත්‍රයකින් ලත් ජනප්‍රියභාවය උපයෝගී කොට ගෙන පාර්ලිමේන්තුවට පැනගැනීම, ඇති තරම් ධනය ඇතු විට එයට බලයද එක් කර ගැනීමේ ආශාව වැනි අභිමතාර්ත ඒ අතර වේ. නීත්‍යානුකූල පිස්තෝල කරුවන් මෙන්ම සෙල්ලම් පිස්තෝල කරුවන්ද අද දේශපාලනයේ නියැලෙමින් සිටිනා අතර ඊටත් හපන් උන්ගේ පුත්‍රයන්ටද අද නොමිනේෂන් ලැබෙමින් තිබේ. මෙවැනි සන්දර්භයක් තුළ මෙවනි නිර්මාණ මඟින් සමාජගත වන පණිවුඩය අතිශය අදාළවේ. අප දේශපාලකයන් තුළින් පතන ප්‍රතිරූපය කුමක්ද? රාත්‍රී සමාජ ශාලා වලට වැදී එහි සිටින කෙල්ලන් බලෙන් ඇද ගෙන නටන මේ පුත්‍රයන්ට නොමිනේෂන් දෙන්න සැරසෙන මෙසමයෙහි දේශපාලකයා යනු කෙබඳූ පුද්ගලයෙකු විය යුතුද ද යන්න අපට යළි සිහි කැදවන ක්කෘතියකි මේ. එය පාලකයන්ටත් පාලිතයන්ටත් කෙරෙන සිහි කැදවීමකි. එය දැන් දෙපාර්ශවයටම හුරු වීම නිසාම අමතක ගිය සෙයකි.

    ReplyDelete
  2. Me manussaya me dodawanne monawaada?
    Lankawe palakayange asamath kamata parlimenthu prajathantrawadaya palida? Rate ihalama pudgalaya sadaranaya asadaranaya nosalaka hithawath kamata selakima saha, swadheenawa rajaye ayathana walata kriyathmaka wimata nodeema nisa rata walapallata giyaata suddage prajathantrawadaya monawa karannada? Raja kaalaye thibunu kramayema diguwak noweida den paalanaye thiyenne. Thiyena tikawath rekila thiyenne paksha prajathantrawadaya saha civil sanwidhana walata pinsidda wennaya. Me moda manussaya thawath rata apassata hewath Raja kaaleta dakkanna hadanawa. Sinhala bauddha winghanaya kiyana mokakda manda gena nithara kiyawanawa unaata kaata hari oka mokakda kiyala pahadala denna berida?

    ReplyDelete
    Replies
    1. Kawuda me NIMAL Kiyanne?
      Kauru unath Sira Dial ekak wage...
      Obathumage Sampuurna Nama kiyanna pulwanda?
      Mata FB ekenwath sambandawela katha karanna....

      Delete
    2. Haha..Oyath maara dial ekak wage. Ano eken ewilla anith ayage nama ahanna ekenma penawa adhyapana thathwe. lole lol.

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com