4/28/2014

එදා සෝල්හයිම් සහ අද දකුණු අප‍්‍රිකානු මැදිහත්කරු

කතෘ:යුතුකම     4/28/2014   3 comments

එදා සෝල්හයිම්ගේ භූමිකාව සහ අද දකුණු අප‍්‍රිකානු මැදිහත්කරුගේ භූමිකාව අතර වෙනසක් නැති බැවින් වහා ඊට මැදිහක් වන්නැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය රාමඤ්ඤ මහා  නිකායේ මහානායක අතිගරු නාපාන පේමසිරි නාහිමියන් වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.

අද ජාත්‍යන්තර බෙදුම්වාදී කුමන්ත‍්‍රණකරුවන් විසින් කළු ජාතික දකුණු අප‍්‍රිකානු නියෝජිතයකු තෝරා ගන්නේ සෝල්හයිම් නැමති පරාජිතවූ සුදු ජාතිකයා නැවත වේදිකාවට කැඳවිය නොහැකි බැවිනි. සිරිල් රැම්පෝසා නමති මෙම මැදිහත්කරුවා එම රටේ ප‍්‍රබල දේශපාලන නායකයෙකි. එමනිසා එම මැදිහත්වීමද ප‍්‍රබල ජාත්‍යන්තර මැදිහත්වීමක් බවට සැකයක් නැත. කෙසේ වෙතත් එම මැදිහත්කරුවා පත්කෙරෙන්නේ ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිතුමා විසින් දකුණු අප‍්‍රිකානු ජනාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමක් අනුව බවද ප‍්‍රකාශවී ඇත. එම මතය පිළි නොගන්නා නමුත් රජයේ ප‍්‍රබල ඇමතිවරයකු වන නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් එම මැදිහත්වීම අනුමත කොට ඇති බවද එම ලිපියේ පෙන්වා දී තිබේ.

එම සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

රාමඤ්ඤ මහා  නිකායේ මහානායක
අතිගරු නාපාන පේමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ,
ශාසනවර්ධන පිරිවෙන,
මීරිගම.

අතිගෞරවණීය මහානායක ස්වාමීන් වහන්ස,

එදා සෝල්හයිම්ගේ භූමිකාව සහ අද දකුණු අප‍්‍රිකානු මැදිහත්කරුගේ භූමිකාව අතර වෙනසක් නැත – මැදිහත්වන්න

එදා පැරණි ඊළාම් සැළසුම තුළ මැදිහත්කරුවකු ලෙස එරික් සෝල්හයිම් නමැති ජාත්‍යන්තර ඒජන්තවරයා ඉදිරිපත් වන්නේ යුද්ධයට සම්බන්ධ පාර්ශ්ව දෙක අතර සාකච්ඡුා  දිරිමත් කිරීම සඳහා මානසික සූදානම්කම ඇති කිරීමට තුන්වන පාර්ශ්වයක මැදිහත්වීම අවශ්‍ය බව කියමිනි. එහිදී එම මැදිහත්වීම බාරගන්නා තැනට රජය තල්ලූ කරන්නේ කොටි ත‍්‍රස්තවාදියා අත වූ ආයුධ බලය පෙන්වමිනි. අද යුද ජයග‍්‍රහණයෙන් පසුව ආරම්භ වන නව ඊළාම් සැලසුම තුල ඊළාම්වාදීන් විසින් ජාත්‍යන්තර මැදිහත්වීම සඳහා පාර කපා ගන්නේ යුද අපරාධ චෝදනා සහ ආර්ථික සම්බාධක නැමති රාජතාන්ත‍්‍රික ආයුධ භාවිතා කරමිනි.

එදා මෙන්ම අදත් ජාත්‍යන්තර මැදිහත්වීම සාධාරණීය කරණය කෙරෙන්නේ දෙපාර්ශ්වය අතර සාකච්ඡුාවක් සහ සම්මුතියෙන් ප‍්‍රශ්නය බේරා ගත යුතු බව කියමිනි. ඊට අමතරව යම් විද්වතුන් කියා සිටින්නේ ජාත්‍යන්තරය මැදිහත්කර ගැනීම මගින් ප‍්‍රශ්නය විසඳීමේ වගකීම ඔවුන් පිට පැටවිය හැකි බවයි. එය තහවුරු කිරීම සඳහා ටී. එන්. ඒ. පක්‍ෂය කියා සිටින්නේ රජය කෙරෙහි විශ්වාසය බිඳී ඇති බැවින් සාකච්ඡ මේසයට පැමිණිය නොහැකි බවයි. එහිදී මැදිහත්කරුවාගේ භූමිකාව අතට ගැනීමට බලා සිටින දකුණු අප‍්‍රිකාව ව්‍යාජ සද්භාවයක් පෙන්වමින් කියා සිටින්නේ  ජාත්‍යන්තර මැදිහත්වීමට පෙර ටී. එන්. ඒ. පක්‍ෂය සාකච්ඡුා මේසයට යායුතු බවයි.

අද ජාත්‍යන්තර බෙදුම්වාදී කුමන්ත‍්‍රණකරුවන් විසින් කළු ජාතික දකුණු අප‍්‍රිකානු නියෝජිතයකු තෝරා ගන්නේ සෝල්හයිම් නැමති පරාජිතවූ සුදු ජාතිකයා නැවත වේදිකාවට කැඳවිය නොහැකි බැවිනි. සිරිල් රැුම්පෝසා නමති මෙම මැදිහත්කරුවා එම රටේ ප‍්‍රබල දේශපාලන නායකයෙකි. එමනිසා එම මැදිහත්වීමද ප‍්‍රබල ජාත්‍යන්තර මැදිහත්වීමක් බවට සැකයක් නැත. කෙසේ වෙතත් එම මැදිහත්කරුවා පත්කෙරෙන්නේ ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිතුමා විසින් දකුණු අප‍්‍රිකානු ජනාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමක් අනුව බවද ප‍්‍රකාශවී ඇත. එම මතය අප පිළි නොගන්නා නමුත් රජයේ ප‍්‍රබල ඇමතිවරයකු වන නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් එම මැදිහත්වීම අනුමත කොට ඇත.

මෙම ජාත්‍යන්තර මැදිහත්වීම මගින් ටී. එන්. ඒ. පක්‍ෂය සහ රජය අතර සාකච්ඡුා පැවැත්වීමට ඉඩ ලබාදුනහොත් එදා සටන්විරාම ගිවිසුම අත්සන් කළ ආකාරයටම මෙදා අඩුතරමින් අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට රජයට සිදුවනු ඇත. එවිට එම ජාත්‍යන්තර ගිවිසුම මගින් 13 වන සංශෝධනය අනුව බලය බෙදීමේ ක‍්‍රියාවලිය අධීක්‍ෂණය කිරීමට ජාත්‍යන්තරයට අවස්ථාව ලැබෙනු ඇත. ඊට අමතරව උතුරින් හමුදාව ඉවත්කිරීම සහ ටී. එන්. ඒ. පක්‍ෂයට එකග විය හැකි ආණ්ඩුකාරවරයකු පත්කිරීම ආදී අරමුණු ඉටුකර ගැනීමටද ඒ මගින් අවස්ථාව සැලසෙනු ඇත.
ඉන් පසු එදා සටන් විරාම ගිවිසුම යටතේ බෙදුම්වාදී න්‍යායපත‍්‍රය තාවකාලික ආණ්ඩුවක් දක්වා ඉදිරියට ගෙනයාම සඳහා ජාත්‍යන්තර සම සභාපතිවරු මණ්ඩලයක් පත්කරගත් ආකාරයට මෙදා ඉන්දියාව සහ ජපානයද ‘‘සාකච්ඡ ක‍්‍රියාවලියට’’ මැදිහත්වීමට මග පාදාගනු ඇත. ජිනීවා ඡන්දයේදී ඡන්දය දීමෙන් වැළකී සිටිම මගින් එම රටවල් ඒ සඳහා අව්‍යශ සදාචාර  බලය ලබාගෙන ඇත.

පසුගිය දිනවල ශ‍්‍රී ලංකාවට එරෙහිව එල්ල වන යුද අපරාධ විමර්ශන පීඩනය සමනය කිරීම සඳහා තමාට ඉදිරිපත්විය හැකි යයි ජපානයේ නියෝජිත යෂුෂි අකාෂි මහතා ප‍්‍රකාශකොට ඇත. බොහෝවිට ඉන්දියාව සහ ජපානය තම මැදිහත්වීමේ වටිනාකම පෙන්වීම සඳහා සාකච්ඡා ක‍්‍රියාවලිය සමග ගැට ගැසෙන බලය බෙදීමේ ක‍්‍රියාකාරකම් සඳහා අරමුදල් යෙදවීමටද ඉදිරිපත්වනු ඇත.

ජාත්‍යන්තර මැදිහත්වීම මත සිදුවන බලය බෙදීමේ ක‍්‍රියාවලිය සීමාව ඉක්මවා යන විට මහජන විරෝධය නිසා ශ‍්‍රී ලංකා ආණ්ඩුවට ඊට විරුද්ධ වීමට සිදු වනු ඇත. එවිට දෙපාර්ශ්වය අතර ගැටුම් ප‍්‍රචණ්ඩ මහජන වීදි සටන් බවට පත්වීමට බොහෝ ඉඩ කඩ ඇත. විවිධ රාජ්‍ය නොවන සංවිධාන හරහා එම ගැටුම් ඇවිලවීමටද කටයුතු කරන බවට සැකයක් නැත. එවැනි අවස්ථාවක මෙම මැදිහත්කරුවන් යෝජනා කරනු ඇත්තේ ප‍්‍රශ්නයෙන් බේරීම සඳහා පාර්ශ්ව තුනම අසමත් බැවින් ඒ සඳහා උතුරේ ජනතාවට අවස්ථාව ලබා දිය යුතු බවයි. සුඩානයේ සිදුවූ ආකාරයට ජාත්‍යන්තර මැදිහත්වීම මත ජනමත විචාරණයක් පැවැත්වෙනු ඇත්තේ එම අවස්ථාවේ දීය. එහි අවසාන ප‍්‍රතිඵලය රට බෙදා වෙන් කිරීම හැර අන් කිසිවක් නොවේ.

එදා පැරණි ඊළාම් සැලසුම තුළ යුද්ධ කිරීමට වසර 30ක් ගතවුවත් මෙම දෙමුහුන් කළ නව ඊළාම් සැලසුම සාර්ථකව අවසන් කිරීම සඳහා ගතවනු ඇත්තේ වසර 3කටත් අඩු කාලයකි. මතුපිටින් අහිංසක උදව්කිරීමක් ලෙස පෙනුනත් දකුණු අප‍්‍රිකානු නියෝජිතයාගේ මැදිහත්වීම ඉතා භයානක ක‍්‍රියාවලියක ආරම්භය බව ආණ්ඩුව තේරුම් ගන්නා අවස්ථාව වන විට එය ආපසු හැරවීමට ඉඩක් නොලැබෙන බවට කිසිදු සැකයක් නැත. එම නිසා මෙම උගුලට පය නොතබන ලෙස ජනාධිපතිතුමා ඇතුළු රජයට උපදෙස් දෙන ලෙස ඉල්ලා සිටිමු.

මෙයට,
දේශයට ලැදි,
ආචාර්ය ගුණදාස අමරසේකර
සභාපති,
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

, , , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. විමලසේන4/29/2014 10:54 AM

    අවාසනාවන්ත තත්ත්වය නම් අද මේ රටේ මෝඩ මධ්‍යම පාන්තික ජනයාට මේවා ගැන වගේ වගක් නැත. උන් කට ඇරගෙන "විජිත Vs ඥානසාර" තරඟය බලා සිටිති..

    ReplyDelete
    Replies
    1. සුනන්ද4/29/2014 10:56 AM

      ඒක ඇත්ත. ඒක නිසා මේ වගේ ප්‍රශ්නයක් අද මහජනතාව අතර සාකච්ඡාවට ගන්න බැරි තත්වයක් ඇති වෙලා තියෙන්නෙ..

      Delete
  2. ඕවනම් මොනවද? මීට වැඩිය අපේ මිනිස්සුන්ට දැනෙනව Cricket තහනම් කලොත්.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions