4/24/2014

එස්.එල් : බෙදුම්වාදයට එරෙහිව නැගි අභීත හඬ....

කතෘ:යුතුකම     4/24/2014   2 comments

2009 මැයි නන්දිකඩාල්වලින් දෙමළ ජාතිවාදයේ ත්‍රස්ත පෙරමුණ අවසන් ගමන් ගියත්  එය සක්‍රීයව පැවති අවසන් දශක තුනක පමණ කාලය තුළ සිදුවූ බෙදුම්වාදයට සම්බන්ධ අතිශය තීරණාත්මක සිදුවීම් කිහිපයක් නිතැනිත්ම මතකයට නැගේ. එයිනුත් පහත සඳහන් කරන සිදුවීම් පෙළ විශේෂයෙන් සිහි කරනුයේ හදිසි අනතුරකට මුහුණ දීම නිසා මේ වන විට බරපතල තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටින අප මේ තබන සටහනට මූලික වන කතා නායකයා මේ සිදුවීම් පෙළේ ප්‍රමුඛ කාර්‍යභාරයක් ඉටු කළ බව යළි යළිත් සිහිකරනු පිණිසමය.
  • # 1985 එල් ටී ටී ඊ ය සමග තිම්පු සාකච්චා 
  • # 1987 ඉන්දු ලංකා ගිවිසුම හා උතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ධය
  • # 2006 උතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ධය අහෝසි කිරීම.
  • # 2005 සුනාමි සහන මණ්ඩල ගිවිසුම බලරහිත කිරීම    

තිම්පු සාකච්චා වල බෙදුම්වාදයට එරෙහි අභීත හඬ
තිම්පු සාකච්චා
1985 ජුලි - අගෝස්තු එල්ටීටීඊය සහ රජයේ පාර්ශවය අතර භූතානයේ තිම්පුහිදී පැවැත්වූ සාකච්ඡා දෙමළ ජාතිවාදයේ  බෙදුම්වාදී ඉල්ලීම් ප්‍රමුඛ ලෙසම කරලියට පැමිණි අවස්ථාව විය . මීට පෙර 76 වඩුක්කොඩෙයි සමුළුව හරහා සූත්‍රගත කර තිබූ දෙමළ බෙදුම්වාදී ඉල්ලීම් තිම්පු සාකච්චාවලදී එල්ටීටීඊ පාර්ශවයෙන් ඉදිරිපත් කළ මූලික ඉල්ලීම් වලට අනුබල සැපයීය. වෙනම රාජ්‍යයක් සඳහා වූ අවශ්‍යතා සපුරන ඒ ඉල්ලීම් අතර දෙමළ නිජබිම් අයිතිය පිළිබඳ ඉල්ලීම සුවිශේෂී විය. එල් ටී ටී ඊ පාර්ශවයේ ඉතිරි ඉල්ලීම් වලට ද පදනම වූ මේ නිජබිම් අයිතිය පිළිගැනීම යන කරුණට එරෙහිව ප්‍රබලව අදහස් පළකළ   ශ්‍රී ලංකා රජය පාර්ශවය නියෝජනය කළ දූත පිරිස අතර සිටි තරුණ නීතිඥවරයකු කැපී පෙණින.  දෙමළ නිජබිම් අයිතිය පිළිගත යුතු යැයි පළවූ අදහස් වලට එරෙහිව  නියෝජිත කණ්ඩායමේ සිටි ජේෂ්ඨ නීතීඥ එච් එල් ද සිල්වා මහතා සමග  එක්ව ඉතාමත් සවිමත්ව ඔහු ඉදිරිපත් කළ තර්ක ප්‍රතිවිරුද්ධ පාර්ශවය දුර්මුඛ කරන්නට තරම් ප්‍රබල විය.  ඔහු එස් එල් ගුණසේකර නම් විය. විශේෂයෙන් තිම්පු සාකච්ඡාවලදී සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන්  යැයි සහභාගී වූ එවකට ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු ලේකම් රොමේෂ් බණ්ඩාරි  එල්ටීටීඊයට පක්ෂපාතී ස්ථාවරයක සිටිමින් දිගින් දිගටම එල්ටීටීඊයට පොලිස් හා ඉඩම් බලතල ලබා ගැනීම වෙනුවෙන් පෙනී සිටි අතර ඔහුට පිළිතුරු ලෙස රාජ්‍ය නියෝජිත කණ්ඩායමේ එස්.එල්.ගුණසේකර මහතා ඉතා සෘජුව "බණ්ඩාරි මහතා, ඔබතුමා ඉන්නෙ ඉන්දියාවෙ. අපි ඉන්නෙ ලංකාවෙ. ඔබතුමා මෙතැන හිනා වෙවී හිටියට අපිටයි ඕවාට මූණ දෙන්න වෙන්නේ.එනිසා කිසි සේත්ම මේ අසාධාරණ ඉල්ලීම එකඟ විය නොහැකියි " යනුවෙන් කළ ප්‍රකාශය ඉන්දීය ලේකම්වරයා නිරුත්තරකරන සුළු එකක් විය.එලෙස දෙමළ බෙදුම්වාදී ව්‍යාජය තර්කානුකූලව පරාජය කරන්නට එදා තිම්පුහිදී එස් එල් ගුණසේකර මහතා අතින් සිදුවූ මෙහෙවර ඉතා සුවිශේෂී විය.දෙමළ බෙදුම්වාදයට එරෙහිව නීතිය හමුවේ කටයුතු කළ අනෙකුත් පතාක යෝධයා වූ මෑතකදී රටේ අවාසනාවට දැයෙන් සමුගත් එච් එල් ද සිල්වා මහතාද මෙහිදී අමතක නොකළ යුතුය.

ඉන්දු - ලංකා ගිවිසුමේ අනතුර කලින් දුටු  එස්.එල්

රට හිර කළ මර උගුල : ජේආර් - රජීව් ගිවිසුම
ඉන් පසු ඉන්දියාව සමග පැවැත්වූ ද්විපාර්ශික සාකච්චාවලදී ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ උපදේශවරයෙකු ලෙස කටයුතු කළ එස් එල් ගුණසේකර මහතා ලංකා ආණ්ඩුව ඉන්දීය උගුලේ නොවැටී සිටීම වෙනුවෙන් ඉමහත් උතසාහයක නිරත විය.  කෙසේ වෙතත් අවසානයේ ජේ ආර් ජයවර්ධන මහත ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් කිරීමට තීරණය කිරීමත් සමග එයට එරෙහිව ඉතා සෘජුව පෙනී සිටිමින් එතෙක් දැරූ රජයේ සියලු තනතුරු අතහැර දමා ජේ.ආර් ජයවර්ධන මහතා හැරයාමට තීරණය කිරීම කොතරම් වැදගත් තීරණයකදැයි ඉන්දු ලංකා ගිවිසුම  නිසා ඉන් පසු සිදුවූ ව්‍යසනයන් සාක්ෂි දරනවා ඇති. ඉරට හඳ යැයි කීවත් 'Yes Sir' කියා දෙකට නැවෙන උපදේශකයන් මෙන්ම සීතාම්බර පට විසිතුරු යැයි කියා රජතුමා නිරුවතින් පාර  දිගේ යැවූ එහෙයියන් වැනි උපදේශකයන් බහුල යුගයක එස් එල් ගුණසේකර මහතා  එදා ක්‍රියාකළ  ආකාරය ඉතා වැදගත් කොට සැලකිය යුතු සෘජු එඩිතර හැසිරීමක් විය. තමා නිවරදි යැයි විස්වාස කරන දේ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමට තරම් කශේරුකාවකින් ගුණසේකර මහතා සවිමත් විය.

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන්නට ඔන්න මෙන්න තියා පවා එස් එල් ගුණසේකර මහතා ජනාධිපතිවරයාට  අනතුරු අඟවා තිබුණේ " ජනාධිපතිතුමනි මේක අත්සන් කරන්න එපා.මේක අස්සන් කළොත් අපිට හොඳක් වෙන්නෙ නෑ. මේක කළොත් රටේ නොවූ විරූ ලේ ගංගාවක් ඇති වෙනවා. ඕක අස්සන් කරනව නම් මට ඔබතුමත් එක්ක මින් ඉස්සරහට වැඩ කරන්න බෑ. මම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එක්ක මේකට ප්‍රසිද්ධියේ විරුද්ධ වෙනවා." යනුවෙනි. එවකට පාලකයාට ඔහු සිදුකළ ප්‍රකාශය ගැන යන්තමින් හෝ සැලකිලිමත් විය හැකි වී නම් ඉන් පසු අපට උරුම වූ බොහෝ ඛේදයන් වල ඉරණම වෙනස් වන්නට ඉඩ තිබින. ඔහු අනතුරු ඇඟවූ පරිදිම දිවයිනේ දසත ගලා ගිය ලේ ගංගා නවතා ගන්නට හැකි වන්නට තිබිණ. නමුත් ජාතියේ අවාසනාවට ඒ වන විට J R ජනාධිපතිවරයා මහා ව්‍යසනයට එකඟ වන්නට තීරණය කර තිබිණ.  

බෙදුම්වාදී සුනාමිය පැරදවූ P-TOM අහෝසිය..

P-TOM බල රහිත කළ දින
2004 දෙසැම්බර් ශ්‍රී ලංකා භූමියට කඩා වැදුනු ස්වාභාවික සුනාමි ව්‍යසනය අභිබවා යන ඉරණමකට ඉන්පසු ශ්‍රී ලංකාව දේශපාලනික ලෙස හිර කෙරුවේ සුනාමි ප්‍රතිසංස්කරන මුවාවෙන් බටහිර උවමනාව අනුවම පිහිටවන්නට යොජනා වූ සුනාමි සහන මණ්ඩල යෝජනාවයි. උතුර හා නැගෙනහිර ට පමණක් සීමාව පැවති දෙමළ බෙදුම්වාදී ඉල්ලීම් ඔවුන්ගේ ඉල්ලීම්  ප්‍රමාණයද ඉක්මවා මුලු දිවයිනට  බලපාන සේ සැකසෙන යාන්ත්‍රණයක් හරහා එල්ටීටීඊ යද එහි කොටස් කරුවන් කරගැනීම එම අනතුර විය.
එවකට ජනාධිපතිනිය තම දශපාලන දිවි පරදුවට තබා මෙන් මේ සුනාමි සහන මණ්ඩලය වෙනුවෙන් ක්‍රියා කළේ අනාගත නොබෙල් ත්‍යාගයක සිහිනයක ඇය අතරමං කර ඒ හරහා තම උවමනාව සපුරා ගැනීමට ඇය වටා සිටි බෙදුම්වාදී බලවේග නිසාද එසේත් නැත්නම් ස්වාමියාගෙන් උරුම වූ බෙදුම්වාදය දිනවීමේ නිසග දේශපාලන උවමනාව නිසාද යන්න හරියටම කිව නොහැක.

එවකට සංධාන ආන්ඩුව තුල ප්‍රබල භූම්කාවකට හිමිකම් කියූ ජනතා විමුක්ති පෙරමුණ සංධානය තුලින් දොට්ට බැසීමට කටයුතු යෙදෙන්නේද මේ සුනාමි සහන මණ්ඩල යොජනාවයි.
කෙසේ වෙතත් 2005 ජුලි 15 දුන් අධිකරණ තීන්දුවත් සමග ගිවිසුමේ තිබූ බෙදුම්වාදය පිනවන යෝජනා බොහොමයක්ම අවලංගු වී ගිය අතර සුනාමි සහන මණ්ඩල ගිවිසුමේ අනතුර තනුක විය.මේ අධිකරණ ක්‍රියාමාර්ගය පිටුපස සිටියෝධ ත්‍රයිකාව වූයේද එච් එල් - ගෝමින් - එස් එල් ත්‍රිත්වයයි. සුපුරුදු පරිදිම බෙදුමවාදයට එරෙහි ක්‍රියාමාර්ගයට එස් එල් ගුණසේකර මහතා සක්‍රීයව දායක විය.

දෙමළ ඊළාම් ඉල්ලීමේ ව්‍යාජ පදනම අහෝසි කළ තීන්දුව...

රජ තුන් කට්ටුව : එච් එල් , එස් එල් සහ ගෝමින්
උතුරා හා නැගෙනහිර ඒකාබද්ධය අහෝසි කළ දින...
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ වඩුක්කොඩෙයි සමුළුවෙන් සම්මත කරගත් දෙමළ ඊළම සඳහා වූ ඉල්ලීම් වල සිට එහි පදනම් ඉල්ලීම වූයේ උතුර හා නැගෙනහිර පළාත් දෙමල නිජබිම ලෙස පිළිගන්නා ලෙස කළ ඉල්ලීමයි. උතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම ඒ ඉල්ලීමට ඉනිමං බැඳි පියවරක් විය. ඉන්දු ලංකා ගිවිසුමෙන් ඒවා එක්ව ක්‍රියාකරන බවට එකඟ වූයේ ඉතාමත් ඉක්මනින් ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා අනුමැතිය ලබාගන්නා බවට පොරොන්දු වෙමිනි. නමුත් ඉන්දියාව ඒ ඉල්ලීම ඉටු නොකරමින්ම උතුර හා දිගින් දිගටම නැගෙනහිර ඒකබද්ධව පවත්වාගෙන යන්නට උඩගෙඩි දුනි.
අද වන විට කෙසේ වෙතත් එදා බෙදුම්වාදයට එරෙහි ඉතාමත් නිවරදි ස්ථාවරයක් දැරූ ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වය ගෙන ගත් අධිකරණ ක්‍රියාමාර්ගය තුලින් 2006 ඔක්තෝබර් මාසයේදී  ඉන්දු ලංකා ගිවිසුම යටතේ සිදුකළ උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීම නීතිවිරෝධී සහ ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කළ අතර දෙමළ බෙදිම්වාදී නිජබිම් ඉල්ලීමේ පදනම ඒ සමගම බිඳ වැටිණ. එවකට අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් දුන් ඒ ඓතිහාසික අධිකරණ ක්‍රියාමාර්ගයේ එච් එල් ද සිල්වා මහතා සහ ගෝමින් දයසිරි මහතා සමග කටයුතු කළ අනෙක් පුද්ගලයා වූයේ එස් එල් ගුණසේකර මහතායි. ඊට දශක දෙකකට පමණ පෙර තමන් ජනාධිපතිවරයාට අනතුරු ඇඟවූ භයානක  ලියවිල්ලේ එක් කොටසක් හෝ නීතිය හමුවේ අවලංගු කරගැනීමට ගුණසේකර මහතාට හැකිවීම අපූරු දෛවෝපගත සිදුවීමක් විය. එතනින් නොනැවතුනු එස් එල් ගුණසේකර මහතා 13 වන ව්‍යවස්ථා සංශෝදනය සම්පූර්ණ අහෝසි කර බෙදුම්වාදී පිළිකාව සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුයැයි දිගින් දිගටම නැගූ හඬ අද දක්වා නොනැවතී ඇසිණ.

මෙලෙස බලන කල බෙදුම්වාදී අනතුර දරුණුව වැඩුනු තීරණාත්මක දශක තුනක කාලයක් පුරාවටම  මාතෲභූමියේ ඒකීයභාවයත් ස්වෛරීභාවයත් වෙනුවෙන් සුවිශේෂී ලෙස කැපවුණු සැබෑ දේශප්‍රේමියෙකු ලෙස එස් එල් ගුණසේකර මහතා සිදුකළ මෙහෙය සදා අනුස්මරණීය වනු ඇත. ඉන් නොනැවතී දෙමළ බෙදුම්වාදයේ ත්‍රස්ත පෙරමුණ පැරදවූ මානුෂීය මෙහෙයුම පැවති සමයේදී පවා මානෙල් මල් ව්‍යාපාරයේ කැඳුවුම් කරු ලෙස ඔහු කළ උත්තුංග මෙහෙවර ඉතිහාසයේ නිසි ගෞරවයෙන් යුතුව සටහන් වෙනු ඇත. හදිසි අනතුරකින් බරපතල ලෙස තුවාල ලබා මේ වන විට ප්‍රතිකාර ගනිමින් සිටින එස් එල් ගුණසේකර නම් වූ ඒ සුවිශේෂී ජාතිමාමකයාට ඉක්මන් සුව ලැබේවායි පතමින් මේ කෙටි සටහන නිම කරමු.




-කැලුම් නිරංජන
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. විභූතිරත්න4/24/2014 8:48 AM

    එස් එල් ගුණසේකර මහතා 13 වන ව්‍යවස්ථා සංශෝදනය ගැන දැරූ නිරවුල් අදහස පහත සාකච්ඡාවේ හොඳින් නිරූපණය වේ
    http://www.divaina.com/images/13/therteen07.html

    ReplyDelete
  2. විමලසේන4/24/2014 9:14 AM

    ඔබතුමාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු..

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions