2/05/2017

යමපාලනයේ පළමු දෙවසර

කතෘ:යුතුකම     2/05/2017   No comments
-උදය ප්‍රභාත් ගම්මන්පිල-ජනවාරි 9 දිනට වත්මන් ජනපති පත් වී වසර දෙකකි. පදවි ප්‍රාප්තිය සැමරීම සඳහා ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රධාන ඇමති චන්ද්‍ර බාබු නයිදුගේ සහභාගිත්වයෙන් උත්සවයක් පැවැත්විණි. ගත වූ දෙවසර ආණ්ඩුවට යහපාලනයක් වුවත් ජනතාවට නම් යමපාලනයකි. දෙවසර සැමරීමට මුහුණුපොතේ කළු කොඩි ඔසවන මෙන් පිවිතුරු හෙළ උරුමය ඉල්ලා සිටියේ එබැවිනි. පසුගිය දෙවසර ජනතා බලාපොරොත්තු සුන් කලේ කෙසේදැයි විමසීමට මෙතරම් උචිත අවස්ථාවක් තවත් නොවේ.

ජනපති මහින්දගේ දෙවන පදවි ප්‍රාප්තිය සිදු වූයේ 2007 නොවැම්බර් 19 දිනය. ඒ වන විට ඉතිහාසයේ ප්‍රථම වරට නැගෙනහිර පලාත කොටි සංවිධානයේ ග්‍රහණයෙන් සම්පූර්ණයෙන් මුදවාගෙනය. එපමණක් නොව උතුරු පලාතේ ද කොටි ත්‍රස්තයින් පරාජය කරමින් රණවිරුවෝ ඉදිරියට ඇදෙමින් සිටියහ. කොටි ත්‍රස්තවාදයේ අවසානය ආරම්භ වී ඇති බවට ප්‍රථම වතාවට ජනතාවට දැනෙමින් තිබිණි.

ජනපති ප්රේ මදාස යුගයේ පටන් විරෝධතා හේතුවෙන් ගල්අඟුරු බලාගාරයක් ලංකාවේ ඉදි කිරීමට නොහැකි වී තිබිණි. නමුත් දෙවසර පිරෙන විට නොරොච්චලේ ගල්අඟුරු බලාගාරය ඉදිවීම ඇරඹී තිබිණි. එමෙන්ම විරෝධතා හේතුවෙන් නැවතී තිබුණු ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර ද කෙරවලපිටිය තාප විදුලි බලාගාරය ද ඉදිවෙමින් තිබිණි. මෙම විදුලි බලාගාර විසින් ආයෝජකයින්ට අවශ්ය බලශක්ති සුරක්ෂිතතාව සහතික කෙරුණු බැවින් යුද වාතාවරණයක මැද වුවත් ආයෝජකයින් ආකර්ෂණ වෙමින් තිබිණි. ජාතික සවිය ව්යාණපෘතිය යටතේ දුෂ්කර දිස්ත්‍රක්කයන්හි ජලය, විදුලිය, වාරිමාර්ග සහ මහමාර්ග ඉදි කරන දැවැන්ත කඩිනම් ව්යාණපෘතියක් දියත් වී තිබිණි. ගැමි මාර්ග කොන්ක්රිිට් වන විට නාගරික මාර්ග කාපට් වෙමින් යටිතල පහසුකම් විප්ලවයක් සිදු වෙමින් පැවතිණි.

සෑම ක්ෂේත්‍රයකම සිදු වෙමින් පැවැති විප්ලවයේ ආශ්වාදය දැනුනේ ආණ්ඩු පාක්ෂිකයින්ට පමණක් නොවේ.එය එජාපයට හෙළ උරුමයට මෙන්ම ජවිපෙට ද දැනී තිබුණි. හැමෝටම අවශ්ය් වුණේ රට රකින රට හදන ජනපති මහින්දගේ දෑත සවිමත් කිරීමටයි. එ් අනුව විපක්ෂයේ සිට ආණ්ඩුවට විවේචනාත්මක සහයෝගයක් ලබා දුන් හෙළ උරුමය ආණ්ඩුවට එක් වී ඇමති ධූරයක් ලබා ගත්තේය. එජාප නියෝජ්යේ නායක කරු ජයසූරිය මහතා ඇතුළු මන්ත්‍රවරුන් 17ක් ජනපති මහින්ද සවිමත් කිරීම සඳහා ආණ්ඩුවට එක් විය. ආණ්ඩුවේ යුද වෑයමට සහයෝගය ලබා දිය යුතු බවට ජවිපෙ තුල අභ්යබන්තර සංවාදයක් මතු විය. ජනපති මහින්දගේ තෙවන වසර තුල ජවිපෙ දෙපළු වී ජනිපෙ බිහි වන්නේ එකී අභ්ය න්තර සංවාදයේ ප්‍රතිඵලයක් ලෙසය.

ඉහත පෙන්වූයේ ජනපති මහින්ද සිය පළමු දෙවසර තුල රටට ගෙනා ජයග්‍රහණ සහ එහි ප්‍රතිඵලයක් ලෙස පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව ජනතාව ඔහු වටා එකතු වුණු අයුරුයි. දැන් අපි ජනපති සිරිසේනගේ පළමු දෙවසර දෙසට අවධානය යොමු කරමු. එතුමාගේ ප්‍රමුඛතම සටන් පාඨය වූයේ දින සීයක් තුල විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවයි. එම දින ගණන ද ඔහු පොලොන්නරුවේ සිය ගමේ සිට රට පාලනය කරන බව කීවේ තමන් විධායක බලය එම කෙටි කාලයට ද භාවිතා නොකරන බව පෙන්වීමටයි. නමුත් දෙවසර පිරුණු දින ඔහුගේ පක්ෂ ලේකම් පැවසුවේ විධායක ජනපති ධූරය අහෝසි නොකරන බවත් ඊ ලඟ ජනාධිපතිවරණයට ජනපති සිරිසේන ඉදිරිපත් වන බවත්ය. සිය ප්‍රමුඛතම මැතිවරණ පොරොන්දුව පිලිබඳ ඔහු ජනතා පැතුම් බිඳ දැම්මේ එලෙසය.

ජනපතිවරණ වේදිකාවේ දී සිරිසේන පිල මොර දුන්නේ මෙගා ඩීල් පිලිබඳය. රාජපක්ෂවරු කළ මහ වංචාවන් පිලිබඳය. ව්යාිපෘතියකට වැය කළ මුදලින් 90%ක්ම සොරකම් කළ බව ප්‍රතිපත්ති ප්‍රකාශයනයේම සඳහන් විය. එබැවින් ඔවුන්ගේ දෙවන ප්‍රමුඛතම පොරොන්දුව වූයේ සොරුන්ට දඬුවම් කර සොරකම් නොකර යහපාලනයක් බිහි කිරීමයි.පසුගිය දෙවසර තුල ආණ්ඩුව කළ සමාන්තර ව්යා පෘති වල දී 90%කින් තබා 10%කින් වත් වියදම අඩු වී නොතිබුණි. කඳුරට අධිවේගි මාර්ගයට ලබා දී තිබුණු කොන්ත්‍රත්තුව අහෝසි කර වත්මන් ආණ්ඩුව අළුත් කොන්ත්‍රත්තුවක් ප්‍රදානය කලේ පෙර මිළට වඩා රුපියල් බිලියන 12ක් වැඩි අගයකටය. එසේ නම් එක්කෝ මේ ආණ්ඩුව යටතේ දූෂණය 90% සිට 95% දක්වා වැඩි වී තිබිය යුතුය. නැතිනම් පසුගිය ආණ්ඩුවේ දූෂණයක් නොතිබිය යුතුය.

පසුගිය ආණ්ඩුවේ සිදු වුණු බව පැවසූ කිසිම මෙගා ඩීල් එකක් පිලිබඳ නඩු ගොනු කිරීමට ආණ්ඩුව අසමත් වී ඇත. ඒ වෙනුවට නඩු ගොනු කර ඇත්තේ මැතිවරණ සමයේ දින දර්ශන බෙදීම, කැරම් බෝඩ් බෙදීම හෝ කොඩි කණු බෙදීම වැනි සරල කාරණා පිලිබඳය. බොහෝ දෙනෙකුට නඩු ගොනු කර ඇත්තේ නියමිත ගණනට වඩා වාහන භාවිතා කළ බවටයි. ඒ චෝදනාව වත්මන් ඇමති මණ්ඩලයේ ද 70%කට පමණ අදාල චෝදනාවකි. මේ හරහා යහපාලනය පිලිබඳ සිහින මැවූ තරුණ පරපුරට අද ඇත්තේ රැවටීමට ලක්වීම පිලිබඳ කේන්තියකි.
ආණ්ඩුවේ තෙවන ප්‍රධාන සටන් පාඨය වූයේ ස්වාධීන කොමිෂන් සභා හරහා රාජ්ය යාන්ත්‍රණය දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව අදීනව පවත්වා ගන්නා බවයි. එය ආරම්භයේ දීම පුස්සක් විය. ව්ය වස්ථාදායක සභාව නීතිපති සහ පොලිස්පති වැනි ඉහළ තනතුරු වලට පුද්ගලයින් පත් කිරීම පිලිබඳ රීති සැකසිය යුතු වුවත් මේ වන තුරුත් එය සිදු කර නැත. රීති නැති නම් කළ යුත්තේ ජ්යෙ ෂ්ඨතම පුද්ගලයාට තනතුර ලබා දීමයි. නමුත් අකාර්යක්ෂමතාව හෝ විනය ගැටළු මත ජ්යෙරෂ්ඨතම පුද්ගලයා නුසුදුසු විය හැක. එසේ ජ්යෙදෂ්ඨතම පුද්ගලයාට තනතුර නොදෙන්නේ නම් ඊට හේතු දක්වා ඊ ලඟ ජ්යෙඨෂ්ඨයාට තනතුර ලබා දිය යුතුය.

රීති නොමැති පසුබිමක ව්යේවස්ථාදායක සභාව විසින් පොලිස්පති සහ නීතිපති ලෙස පත් කළ යුතුව තිබුණේ ජ්යෙ ෂ්ඨතම නිලධාරින්ය. ඔවුන්ට එම තනතුරු නොදී වෙනත් අයෙකුට දෙන්නේ නම් ඊට හේතු හෙලි කළ යුතුය. නමුත් එසේ ජ්යෙ ෂ්ඨතම පුද්ගලයින් පත් නොකර දේශපාලන පක්ෂග්‍රහිත්වය මත වෙනත් අය එම තනතුරු වලට පත් කෙරිණි. එහි ප්‍රතිඵලය වූයේ නීතිය නමන පොලිස්පතිවරයෙකු සහ නීතිය කොත්තු දමන නීතිපතිවරයෙකු රටට හිමි වීමයි. එයින් ව්යතවස්ථාදායක සභාව මෙන්ම 19 වන සංශෝධනය ද ජාතික විහිළු බවට පත් විය.

රාජ්යත සේවා කොමිසම නොදැන දේශපාලකයින්ගේ වුවමනාව මත ජ්යොෂ්ඨ නිලධාරින්ට මාරුවීම් සහ උසස්වීම් ලැබීම හේතුවෙන් එම කොමිසම පුස්සක් වී ඇත. ආණ්ඩුවේ න්යායය පත්‍රය අනුව මැතිවරණ කොමිසම මැතිවරණ නොපවත්වන කොමිසම බවට පත් වී ඇත. පලාත්පාලන මැතිවරණය පැවැත්විය යුතු දිනය ඉක්මවා වසර දෙකක් ගත වී ඇතත් තවමත් මැතිවරණයක් පවත්වන සේයාවක් ද නැත. ජනාධිපති, අගමැති සහ ඇමතිවරු මැතිවරණය පවත්වන කාල වකවානු ප්‍රකාශ කරමින් මැතිවරණ කොමිසම විහිළුවක් බවට පත් කරමින් සිටිති.

ජාත්ය්න්තර ජය ගැනීම වත්මන් ආණ්ඩුවේ තවත් ප්‍රබල මැතිවරණ පොරොන්දුවකි. විදේශ විනිසුරන් යුද අපරාධ විනිශ්චයට සහභාගි වීම නැවැත්වීමට ජනපතිට අවශ්ය වුවත් එය අසාර්ථක වූයේ ජාත්යින්තර ප්‍රජාව ආණ්ඩුවට ඇහුම්කන් නොදෙන බව පෙන්වමිනි. ඇත්තෙන්ම මේ ආණ්ඩුව බටහිර බලවතුන් දිනා ගෙන නැත. ඔවුන්ව දිනා ගෙන ඇත්තේ දෙමළ බෙදුම්වාදින්ය. දෙමළ බෙදුම්වාදින් සහ ආණ්ඩුවේ ඉල්ලීම එකක් වන විට ඊට බටහිර බලවතුන්ගේ සහය හිමි වේ. දෙමළ බෙදුම්වාදින් සහ ආණ්ඩුව අතර බෙදීමක් ඇති විට බටහිර බලවතුන් සිට ගන්නේ දෙමළ බෙදුම්වාදින් සමගය.
ජාත්යනන්තර දිනා ගත් ආණ්ඩුවක විදේශීය ප්‍රදාන, අපනයන ආදායම්, සෘජු විදේශීය ආයෝජන, කොටස් වෙළඳපොලේ කරන වක්ර අයෝජන සහ විදේශීය ප්‍රදාන ඉහළ යා යුතුය. නමුත් 2014ට සාපේක්ෂව 2015 දී මේ සියල්ල පහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තාව කියයි. එසේ නම් මේ ආණ්ඩුව මේ රටට ගෙනා කිසිම ජයග්‍රහණයක් නැත. ඒ වෙනුවට සිදු වුණේ රණවිරුවන් මර්දනය, බෙදුම්වාදය සවිමත් කිරීම සහ ජාතික සම්පත් නොරටුන්ට විකිණීම පමණි. එවැනි පසුබිමක ආණ්ඩුවේ නායකයින් සතුටු සිතින් දෙවසර පිරීම සැමරුවත් ජනතාවට සිදු වුණේ දත් මිටි කමින් කළු කොඩි ඔසවන්නටය.

උදය ප්‍රභාත් ගම්මන්පිල 2017.01.12

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

2/04/2017

ඒකීයභාවය නැති ෆෙඩරල් ව්‍යවස්ථාව එපා ! - ජාතික මතවාදයේ සිනමාකරු ,ජයන්ත චන්ද්‍රසිරි සමග කතාබහක්

කතෘ:යුතුකම     2/04/2017   No comments
ජාතික මතවාදයේ සිනමාකරු , ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි .
සාකච්ඡා කළේ : දේවක එස්. ජයසූරිය

ප්‍රශ්නය : ඔබගේ 'අග්නිදාහය 'චිත්‍රපටය තිරගත වීමෙන් අනතුරුව ප්‍රවීණ කිවිඳියක් වූ මොණිකා රුවන්පතිරණ මහත්මිය කිව්වා ඔබ ඉතිහාසයේ පෙට්ටගම විවර කරවන කලාකරුවෙක්ය කියා, ඔබ නිතරම ඔබගේ සිනමා ටෙලි සිත්තම් තුළින් නොපෙනෙන , පංචේණ්ද්‍රයන්ට හසු නොවන පැතිකඩක් නිතරම ගවේශණය කරන බවක් පේනවා, හේතුවාදීන්ට ග්‍රහණය නොවන පැත්තක් ඔබ ගවේෂණය කරන බවක් පේනවා, මේකට ඔබ පන්නරය ලබන්නේ කෙසේද ? ඉතිහාසය පිළිබඳ ඔබගේ කතිකාව කොහොමද ?

මම කැමතියි ඔබ ඔය වචන දෙකක් පාවිච්චි කරපු නිසා , එනම් භෞතිකවාදය සහ හේතුවාදය ගැන කියපු නිසා එතනින් පටන් ගන්න , මම මගේ සමාජ ජීවිතය ආරම්භ කරන්නේ භෞතිකවාදියෙක් විදියට සහ හේතුවාදියෙක් විදියට . මම පාසල් යන කාලේ මගේ ලොකුම පෙළඹවීම හේතුවාදය තමා. කෝවූර් මහතාගේ පොත් කියවලා මම උග්‍ර හේතුවාදියෙක් වෙලා හිටියා. මම ඔය හොල්මන් තිබෙන තැන් ගවේශණය කරන්න පවා ඒකාලේ ගියා කොල්ලෝ කට්ටියක් හදාගෙන . ඒනිසාම මම ඉබේම ද්වීඝට්ටනාත්මක භෞතිකවාදී ආස්ථානයකට ආවා, ඒ කාලේ තිබ්බා දේශපාලන ව්‍යාපාරයක් කීර්තී බාලසූරිය, මහාචාර්ය සුචරිත ගම්ලත් යනාදී විද්වතුන් ගෙන් සැදුම්ලත් 'කම්කරු මාවත ' නමින් , ඒ 70 දශකයේ අග භාගයේ විතර මම පාසල් යන අවදිය , මුල භාගයේ හිටියා නම් අද ජීවතුන් අතරත් නෑ , කම්කරු මාවත එකල නැගී ආව සමාජ බලවේගයක් වුණා 4 වෙනි ජාත්‍යන්තරය හරහා ආපු. එය ඥාණ ධාරාවක් , ඒකට මා ආකර්ශණය වුණා ඒකාලේ.
එම ව්‍යාපාරයේ දේශණ , සාකච්ඡා වලට සහභාගී වෙලා එහි දැණුම මම ලබා ගත්තා. පොත පත කියෙව්වා ,
පසුව මට ඒ ලැබුණු දැණුම තුළින්ම මම එය ප්‍රශ්ණ කළා,
පසුව මම එකී මාක්ස්වාදී හෝ ට්‍රොස්කීවාදී හෝ ආස්ථානයෙන් ඉවත් වෙන්නම බලපෑවෙත් එහි තිබූ කරුණුම තමයි. නැතුව වෙනම ජාතික බලවේගයකින් ලද පන්නරයක් ඔස්සේ නොවෙයි මම එයින් ඉවත් වුණේ.
මම එම සාකච්ඡා වලදී බොහෝ විට තීරණාත්මක ප්‍රශ්ණ ඇහුවා. ඥාණය වැඩෙද්දී මම අහපු ප්‍රශ්ණ වලට උත්තර මට ඔවුන්ගෙන් ලැබුණේ නෑ, මගේ එක පැනයක් තමා සමාජ පරිණාමය පිළිබඳව තිබිච්ච අදහස .
තීරණාත්මක සාකච්ඡාවකින් පසුව මම ඇහුවා කොමිනියුස්ට් සමාජයකින් පසුව සමාජ පරිණාමය නතර වෙනවාද කියා.
ඒකට එම දේශකයන්ට කේන්ති ගියා. පසුව මම නැවතත් හදාරන්න යොමු වුණා විශේෂයෙන්ම බුදුදහමේ අන්තර්ගතය , පසුව මට තේරුණා මොන විහිළුවක් පස්සේද මම එතෙක් කල් හමා ගියේ යන වග . ඒකට උත්තරයත් බුදු දහමේ තිබෙනවා එනම් කිසිම දෙයක් නිත්‍ය නොවන බව. සියල්ල නිරන්තරයෙන් වෙනසට ලක් වෙන සුළුබව. මේ 'වෙනස 'කියන එක ගැන මම සිතන්න යොමු වුණා , වෙනස කියන්නේ මොකක්ද යනාදී වශයෙන්. දුක කියන්නේ මොකක්ද ?
මම උපතින් බෞද්ධයෙක් , දහම් පාසල් ගිය දරුවෙක් , ඒවත් මගේ ඇඟේ තිබ්බා තමා, ඒත් කෙළිලොල් වයසේදී රැඩිකල් අදහස් වලින් ඔබ්බෙහි මම සිතන්න යොමු වුණා ධර්මය ගැන , ධර්මය පැල්පදියම් වුණු අපේ රට ගැන , ඇයි මේ අපේ රටේම මේ ධර්මය පැල්පදියම් වුණේ ? කියන කාරණය. එතකොට අපේ සංස්කෘතිය පදනම් වුණේ තනිකරම බුදු දහම මත, කොහොමද ඒක වුණේ යන්න. ඒ නිසා ඉතිහාසය මම පිරික්සුවා , එය පිරික්සීම මානසික වගේම කලාත්මක ව්‍යායාමයක් වුණා මට. එය එදාට වගේම අනාගතයටත් විශාල ආලෝක කදම්බයක් මුදා හැර තිබෙනවා.

ප්‍රශ්නය: ඔබ අග්නිදාහය සිනමාව තුළ එන පුංචිරාළ ගුරුන්නාන්සේ ඔස්සේ එකල බලවත්ව පැවති යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර හදී හූණියම් යනාදිය සියුම්ව එළි දක්වන බවක් පේනවා , අකාල සන්ධ්‍යා ටෙලි නළුව තුළිනුත් අධිභෞතික යාන්ත්‍රණයක් පෙන්වනවා , ඔබ යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස කරන කෙනෙක්ද ?

මම එම චිත්‍රපටය ඔස්සේ එය පිළිගන්නවාද ? බැහැර කරනවාද ? කියා මගේ තීන්දුවක් මම දෙන්න යන්නේ නෑ, හැබැයි මම කියන්න යන්නේ එක්තරා බලවේගයක් විදියට වැඩ කළා යම් දේවල්, ඒ කියන්නේ මේ යාතුකර්ම, එක්තරා සමාජ දේශපාලන බලවේගයක් විදියට කටයුතු කරලා තිබෙනවා එක් එක් වකවානු වල. පහත රට අපි කියන්නේ යකැදුරෝ කියලා , උඩරට උදවිය කියන්නේ යක්දෙස්සෝ කියලා. ඔය යක්දෙස්සන්ගේ කාරණාව හරීම දේශපාලනිකයි . මොකද ඔය කාලේ ගත්තහම , 1660 ගණන් වල , 1664 ඔය කැරැල්ල සිදුවන්නේ දෙවන රාජසිංහ නරපතිඳුන්ට එරෙහිව අඹන්වල රාළ අතින් . ඒකාලේ බෞද්ධ යතිවරුන්ගේ විශාල හිඟයක් තිබ්බා. බෞද්ධ භික්ශුව කියන්නේ ඉතිහාසයේ සෑම කාලෙකම අපට හිටපු ගුරුවරු. පන්සල් ආරාම පවත්වාගෙන ආපු පිරිසක් විතරක් නොවෙයි උන්වහන්සේලා. උන්වහන්සේලා තමා ඥාණ ගවේශණයට ජනතාවට මං පෙත් විවර කර දුන්නේ. උන්වහන්සේලා තමා පොත පත ලිව්වේ, භාෂා සමයාන්තර අතැඹුලක් සේ දැන සිටියේ , උන්වහන්සේලා ත්‍රිපිටකය, ෂඩ්භාෂා, සකු , මගද , එළු , දෙමල කාව්‍ය, අට වියරණ, අෂ්ටාදශ පුරාණය, අර්ථ ශාස්ත්‍රය , පෘතූගීසි යනාදී විෂයන්ගෙන් පරප්‍රාප්තව දැණුමෙන් පෝශිතව වැඩ විසුවා . පොදු ජනතාවගේ සාක්ෂරතාව එකල දුර්වල මට්ටමයි තිබ්බේ. ඥාණය අඩංගුව තිබෙන්නේ භාෂාවෙනේ. යතිවරු තමා බසින් එකල විකුම් පෑවේ . ඔය 1660 ගණන් වලට කලින් ලොකු සාසන විනාසයක් සිදු වුණා. ඒ සාසන විනාසය සිදුවන්නේ පළමුවෙනි රාජසිංහ රජතුමාගේ කාලේ. එතුමා අරිට්ඨකී වෙණ්ඩු කියන පුද්ගලයාට රැවටිලා, එතුමා අතින් සිදුවූ පීතෲඝාතනයට සමාවක් නොලැබෙනකොට දහමින්, ඉන් බියට පත්වී සමාව දෙන ආගමක් සෙව්වා. සමාව දෙනවා කිව්වා වුණත් පරංගි සමග තිබ්බ වෛරය හේතුවෙන් කතෝලික ආගම වැළඳ ගත්තේ නෑ එතුමා. ඉතින් කපටියෙක් වෙන අරිඨ්ඨ කී වෙණ්ඩු කියන පුද්ගලයාට රැවටෙනවා එතුමා. මේ කපටියා රජතුමාට කිව්වා පාපයෙන් මිදෙන්න සතුන් පිරිසක් මරා කැලණි නදියේ රුධිරය පා කර යැවීමෙන් පාපයෙන් මිදෙන්න පුලුවනි කියා.
මේ කපටියා රජුට ලඟා වෙන්න වෙන්න ධර්මදර භික්ශූන් රජුගෙන් විතැන් වුණා. කොහොමත් භික්ශූන් පියා මරපු නිසා ඈත් වෙලා හිටියේ. භික්ශූන්වහන්සේලා මේ රටේ එදා පටන්ම සමාජ බලවේගයක් වෙලා හිටියේ, ආගමික බලවේගයක් විතරක් නොවෙයි. මේ රටේ භික්ශුව කියන්නේ සෑම විටම එදත් අදත් සමාජ බලවේගයක්. ඉතින් රජතුමා ඔහුට සැක සහිත සියළුම භික්ශූන්වහන්සේලා මරා දමනවා. මේ රික්තය ගොඩාක් කල් තිබ්බා සසුන් කෙත තුළ. සාසන විලෝපනයක් සිදු වුණා පිරිමහන්න බැරි. මේ විලෝපනය නිසා බිහි වුණු රික්තය පුරවන්නේ එකක් ගණින්නාන්සේලා කියලා කොටසක්, උන්වහන්සේලා සිවුර පොරවන්නේ නෑ සුදු ඇන්දේ , කහ නූලක් බැඳගෙන හිටියේ. ඒගොල්ලෝ කසාද බඳිනවා , දරුවෝ ඉන්නවා, ඒගොල්ලන්ගේ ළමයින්ට කිව්වේ ගණගෙඩියෝ කියලා.
ඔය හේතු නිසා ඒ කාලේ යකදුරන් බලවත් වුණා. හාමුදුරුවන්ගේ හිස් තැන පුරවන්න ආවේ යක්දෙස්සෝ . මම කිව්වේ , අඹන්වල රාල දෙවනි රාජසිංහ රජතුමාට ගහපු කැරැල්ලේදී ඊට අනුප්‍රාණය දුන්නා ඔය යක්දෙස්සෙක් . ඒක තමා ජැක්සන් ඇන්තනී නිරූපණය කළ පුංචි රාළගේ චරිතයෙන් කියා පාන්නේ.

ප්‍රශ්නය: ඔබගේ සිනමාවන් තුළ සහ ටෙලි නළු වල සංගීතය යටින් දිවෙන විශාල ගාමක බලයක් බව නොරහසක් . ඔබ ජනකවි , දේවයාදීනි , කෝන්මුර කවි , කරත්ත කවි , පැල් කවි ඉතාම සියුම්ව නිර්මාණයට ආලෝකයක් කරගන්නවා . මේකට ඔබ ආවේශයක් ලබන්නේ කෙසේද ?

මෙහෙමනේ , ඡායාරූප ශිල්පියෙක් පොටෝ එකක් ගන්නකොට ඔහුට අහුවෙන්නේ ඒකල තිබ්බ ගහ කොළ ගොඩනැගිලි, දියවැල් යනාදියනේ. චිත්‍ර ශිල්පියෙකුට අහුවෙන්නෙත් ඒවගේ දේවල්. සිනමාකරුවෙකුට ඊට වඩා යමක් අහුවෙනවා. ඔහුට රූපය විතරක් නොවෙයි ශබ්දයත් අහු වෙනවනේ. ඒ කාලේ ශබ්දයත් අහුවෙනවා. එකල පැවති හඬවල් . ඒකාලේ තිබ්බ සද්දේ හොයාගන්නම පුලුවන් වෙන්නේ ජනශෘතිය තුළින්ම තමා. ජනශෘතියේ තිබ්බ දේවල් තමා ඔය ජන කවි ජනගායනා.
දේවයාදිනී, ඒවත් පදනම් වෙන්නේ ගැමි ආගමත් එක්ක , අපේ මහා ආගම තමා බෞද්ධාගම , ඒත් ඒ අතරෙම තිබ්බා ගැමි ආගම කියා එකක්. ඒ කියන්නේ ප්‍රාදේශීය දෙවිවරු අපි ඇදහුවා . හෑම පළාතකම බලාගෙන ගියාම ප්‍රාදේශිය දෙවි කෙනෙක් ඉන්නවා. ප්‍රධාන දේව මණ්ඩලයේ අය නොවෙයි ඒ .
ප්‍රාදේශීය දෙවිවරු කියන්නේ දිව්‍යලෝකෙන් ආපු අය නොවෙයි. ඒගොල්ලෝ ඒ ඒ පළාත්බදව හිටපු නායකයෝ. බණ්ඩාරදේවාවලියක්ම තිබෙනවා ගම් ආශ්‍රිතව.
සමහරු ගොවියෝ , ගස් කපන්නෝ , හොරුත් ඉන්නවා .
ඒගොල්ලෝ සජීවීව ඉන්න කාලේ ජනනායකයෝ.
මහසෙන් දෙවියෝ රජකෙනෙක්. ඒවා පදනම් කරගෙන තමා බොහෝ විට ජනගායනා බිහිවෙලා තිබෙන්නේ.
'රකිනා දිවි සිත වග වැලහින්නේ 'යන්න කෝන් මුර කවියක් දඬු බස්නා මානයේ එන , ගලේ බණ්ඩාර දෙවි උපත ගැන කියන නිදසුනක් ලෙස.
'කාන්නු ගොයියක් ' යන අග්නි දාහයේ එන ගීතය, පෙරළි කවියක් , කේමදාස සූරීන් රෙගේ රිද්මයකින් තනුව හදා තිබෙන්නේ. ඒ කාලේ තිබ්බ රිද්මය සිනමාකරුවෙක් විදියට මා උකහාගත්තා.

ප්‍රශ්නය: ඔබව මා දකින්නේ ජාතිකවාදී සිනමාකරුවෙක් ලෙස , ඔබගේ ජීවන දර්ශණය බුදු දහම පදනම් කර ගත්තු විද්වතෙක් ලෙස. එතකොට අපි දන්නවා ඔය 'වම් ඉවුර' එහෙම කියලා වර්ගීකරණයක් සිනමාකරු දුරාවලියේ තිබෙනවා , ඒවගෙම හඳගම , විතානගේ යනාදී වෙනම ගමන් කරන අධ්‍යක්ශකවරු කිහිපදෙනෙකුත් දකිනවා , ඔබගේ අදහස ?

පැහැදිලිව මගේ දර්ශනය පදනම් වෙලා තිබෙන්නේ බෞද්ධ දර්ශණය මත. ඒකේ දෙකක් නෑ. දැන් වම් ඉවුරක් හැදුවා මිසක් දකුණු ඉවුරක් ගැන කතිකාවක් නෑනේ, ඒ විචාරකයන්ගේ අවුලක් ඒ තියෙන්නේ. සිනමාවේදී එහෙම ඉවුරු හදන්න බෑ.
ඔය ඊනියා විචාරකයෝ කරපු වරද නිසා ඉතාම වැදගත් සිනමාකරුවෝ කිහිපදෙනෙක්ම අපේ සිනමා සංවාදයෙන් බැහැර කෙරුණා. නම් වශයෙන්ම ගත්තාම ඒ තමා ඩී.බී නිහාල්සිංහ , එයාව මොන ඉවුරටද දාලා තියෙන්නේ ? එච්.ඩී.ප්‍රේමරත්න , මහගමසේකර, මේ හරිම වැදගත් සිනමාකරුවෝ.
එතනින් ගියාම තිස්ස අබේසේකර , ලෙස්ටර් ජේම්ස් පීරිස්.
මේගොල්ලෝ ඔය කිසිම ඉවුරකට සම්බන්ධ වුණේ නෑ, ඒක විචාරකයන්ට තිබෙන ප්‍රශ්ණයක් , විචාරකයෝ කියන්නේ සියල්ල දත් අය නොවෙයි,
විචාරකයෝ කලින් කලට විවිධ නම් දානවා. ඔබ නම් සඳහන් කරපු හඳගම , ප්‍රසන්න විතානගේ ඉතාම දක්ෂ සිනමාකරුවෝ අපේ රටේ , මම ඔවුන්ගේ නිර්මාණ ඉතාම අගේ කරනවා , ඒ වගේම මම ඔවුන්ගේ නිර්මාණ විවේචනය කරන අවස්ථාත් තිබෙනවා. ඔවුන්ගේ මතවාද වලට මම එකඟ වෙන්නේ නෑ මූලික වශයෙන්ම කියන්න ඕනේ.
ඒ දේශපාලන සමාජ මතවාද සමග මගේ කිසිම එකඟතාවක් නෑ. එකඟතාව නොමැති නිසාම මට කියන්න බෑ ඔවුන් හොඳ සිනමාකරුවෝ නොවෙයි කියලත්.
ඔබ කියනවා මම ජාතිකවාදී සිනමාකරුවෙක් කියලා , ඒත් අද කුණු කන්දල්වලටත් , හිස් දේවල් වලටත් ජාතිකවාදී ලේබලය අලෝනවනේ. ඒක හරිම වැරදියි. ඒත් නිසැකවම මගේ දර්ශණය බෞද්ධ දහම මත පදනම් වෙලා තිබෙන දෙයක් මයි.
අද මට බුදුදහම සමග ප්‍රශ්ණ නෑ. ධර්මයේ තිබෙන ගැටළු විසඳන්න කොහේ හරි පඬිරුවනක් ඉන්නවා. අනිත් න්‍යායන් හරීම සීමා සහිතයි.
ප්‍රශ්ණය තිබෙන්නේ සීමාසහිත ඒවා පසු පස හඹා යනවද ? අසීමිත මහා දර්ශණයක් පසු පස හඹා යනවද කියන එකයි. ධර්මය පිළිබඳ කැක්කුම තමයි 'දේශය'කියන තැනට මාව පොළඹවා තිබෙන්නේ.
දේශය ගැන හිතලා පසුව ආගම ගැන හිතනවා නොවෙයි .
මේ දර්ශණය පදනම් කරගත්තු මිනිසුන්ගේ ලොකු වටිනාකමක් තිබෙනවා.
අපේ රටේ මේක පවතින්න හේතු වුණේ ඇයි ?
බුදු දහමේ නිදහස් චින්තනය මිනිස්සු බාර ගත්තේ ඇයි?
ආන්න ඒවා සොයලා බැලුවාම මේ දෙකේ සහසම්බන්ධයට සුවිශාල ඓතිහාසික සමාජ පසුබිමක් තිබෙනවා. මම හිතනවා ඔය දෙක තිබෙනතාක් මේ රට කාටවත් විනාස කරන්න බෑ කියලා කවමදාවත් . දහම ලොකු ආරක්ෂාවක් අපට සහ රටට .

ප්‍රශ්නය: මහරජ ගැමුණු වගේ දැවැන්ත සිනමාවක ධර්ම යුද්ධය ගැන කතා කරනවා , යුද්ධය ක්ෂත්‍රීයධර්මයක්ද ? දුටුගැමුණු නරපතීඳුන් ඇයි එදා සහජීවනයෙන් අද අය කියනවා වගේ එළාරව හැසිරුවේ නැත්තේ ?

ධර්මය වෙනුවෙන් යුධ වැදීම යුක්තිසහගත ක්‍රියාවක් බව කීවේ අපි නොවෙයි , හින්දුවරු. ක්ෂත්‍රීයධර්මයේ පදනම හින්දුන් පිලෝසොපි එක . ඒගොල්ලෝ කියනවා ධර්මය වෙනුවෙන් යුධ වැදීම ස්වර්ගයට යාමට හේතුවක් කියලා , අපේ දහමේ එහෙම කියන්නේ නෑ.
අපේ දහමේ යුද්ධය සාධාරණයි කියන්නේ නෑ. මම හිතන්නේ , ධර්මය පවත්වාගෙන යන්න වගේම ධර්මය රැක ගන්නත් කට්ටියක් අවශ්‍යයි. මොකද මේ ලෞකීක සමාජයේ ධර්මය නිකම් පවතින්නේ නෑ.
අපේ ධර්මයේ අවසාන ඉලක්කය තමා නිර්වාණය.
අපි ඔක්කෝම දේවල් කරන්නේ නිවන් යන්නනේ. අපි වෙසක් කූඩුවක් හදලා පතන්නෙත් උත්තරීතර නිවන.
අපි නිවන් යන්නේ තව කල්පයකින් පසුව වෙන්න පුලුවනි , ඒත් අපි පතන්නේ නිවන. නිවන් යන්න නම් මොන ජාතියෙන්වත් බෑ ධර්මාවබෝධය නැතුව.
මරණය අපිට ඉබේ හම්බ වෙනවා, උගත් වුණත් නැතත් , පන්සල් ගියත් නැතත් මරණය අනිවාර්‍යයෙන්ම අපට ලැබෙනවා.
නිවන අපට මරණය වගේ ඉබේම ස්වයංක්‍රීයව හම්බ වෙන දෙයක් නොවෙයි.
නිවන් ඉගෙන ගන්න ඉස්කෝලෙකට යන්න ඕනේ. හරි ඉස්කෝලෙට යන්න ඕනේ. ධර්මය නම් වූ පාසලට ඇතුළත් වෙන්න ඕනේ .
ධර්මාවබෝධයක් නැතුව නිවන ලැබෙන්නේ නෑ.
වෙන දහමකින් නිවන ලැබෙන්නෙත් නෑ. වෙන කිසීම ආගමක නිවන නෑ මොන සෙල්ලම් දැම්මා වුණත්.
නිවන නමැති ඉස්කෝලේ තිබෙන්නේ බෞද්ධ දර්ශණයේ.
එතකොට මේ ඉස්කෝලේ නැතුව ගියෝත් මොකද වෙන්නේ ?
කාටවත් නිවනක් ලැබෙන්නේ නෑ.
ඉස්කෝලෙක ඉන්නවා ගුරුවරු, උගන්වන විධික්‍රමයක්,
සිලබස් එකක් තිබෙනවා, ඔක්කෝම හරි . ඒත් ඉස්කෝලේ මුර කරන මුරකාරයෙකුත් ඉන්නවනේ, වොචර් කෙනෙක්. ඉස්කෝලෙට බංකු මේස හදන වඩු බාස්ලා , මේසන් වරු , කම්කරුවෝ , ඒගොල්ලෝ ගැන අපි කතා වෙන්නේ නෑනේ. ඒගොල්ලෝ හිටපු නිසානේ ඉස්කෝලේ හැදුනේ.
ඒත් මේ අය ඉවත් කරලනේ ගුරුවරයයි ඉස්කෝලේ ගැන අපි කතා කරන්නේ. අර වොචර් ගැනයි ඉස්කෝලේ ආරක්ෂා කරන්න ඉන්න මුරකාරයෝ ගැන අපි කතා කරන්නේ නෑනේ.
වොචර් අවුරුදු සියයක් ඉස්කෝලේ මුරකළා වුණත් වොචර්ට උසස් පෙළ සහතිකයක් ලැබෙන්නේ නෑනේ.
ඒත් වොචර් නිසා ඉස්කෝලේ රැකෙනවා. එතකොට ධර්මය රැකගැනීම සඳහා කට්ටියක් ඕනේ.
මක්නිසාද ? ධර්මය රැකුණොත් තමා අනිත් අයට නිවන් යන්න පුළුවන් වෙන්නේ . ඒත් ධර්මය රකින්න යුද්ධ කළාම අපේ දහමේ අංශුමාත්‍රයකවත් සමාවක් ලැබෙන්නෙත් නෑ. ප්‍රාණඝාතනයෙන් නිවන පමා වෙනවා. වොචර්ගේ නිවන පමා වෙනවා . වෙන අය නිවන් දැක්වීම සඳහා නිවන වෙනුවෙන් සටන් කරන උදවියගේ නිවන ප්‍රමාද වෙනවා . එතකොට අනුන්ගේ නිවන වෙනුවෙන් තමන්ගේ නිවන පරිත්‍යාග කරනවා .
දුටුගැමුණු මහරජතුමාණන් කළෙත් ඔය ටික තමා . අපි එතුමාට තවම පින් අනුමෝදන් කරන්නේ ඒක නිසා. තමන්ගේ සසර ගමන කෙළවර කරගන්න තිබ්බ වෙලාවේ, ඒක ඉවර කරගන්නේ නැතුව ධර්මය වෙනුවෙන් යුද්ධ කොට ධර්මය බේරලා දුන්නා. ඒක ජීවිත පරිත්‍යාගයටත් වඩා මට නම් උතුම් වැඩක්.
තමන්ගේ සසර ගම දික් කරගන්න එක පොඩි වැඩක්ද ? ආයෙත් ඉපදෙන්න ඕනේ නේ. මොන තරම් දුෂ්කර ගමනක්ද ? ඉස්කෝලේ පරක්කු වෙනවා , ආයෙත් හෝඩියේ ඉඳලම යන්න ඕනේ . උසස් පෙළ ලඟටම ඇවිල්ලා ෆේල් වෙලා ආයෙත් හෝඩියේ ඉඳන්ම එන්න ඕනේ . ලේසි කටයුත්තක් නොවෙයි. මහරජ ගැමුණු සිනමාවෙන් මේ මහා කැපකිරීමයි මම හෙළි කරන්න උත්සාහ කළේ.
එතුමා අපේ රටට කරපු මහා සම්ප්‍රධානය මේකයි.
උන්වහන්සේ ගමන නිම කරගන්නයි ආවේ අර සාමනේර භික්ශුවක් ලෙස , ඒත් විහාරමහාදේවියගේ ඉල්ලීමටයි අරමුණ වෙනස් කළේ.

ප්‍රශ්නය: ගරිල්ලා මාර්කටින් සිනමාවේ ඔබ තිසරගේ භූමිකාව තුළින් මනෝ වෛද්‍ය විද්‍යාවේ 'බින්නෝන්මාදය' වැනි රෝග වල පසුබිම් කරා එළබෙනවා , 'සබ්බේ පුථග්ජණා උන්මන්තකා 'යන යථාර්තය ඔස්සේ ලෝකයම මායාවක් , ඔබ කොහොමද එතෙන්ට ප්‍රවේශ වෙන්නේ ?

බින්නෝන්මාදය මනෝ ව්‍යාධීන් අතරින් ඉතාම අවසනාවන්තම රෝගයක්, පුද්ගලයෙකුගේ අත පය තුවාල වුණාම ඔහුට ඇවිදින්න බැරි වෙන්න පුලුවනි, නමුත් මෙතනදී මනසේ වෙන තුවාලය පේන්නේ නෑනේ . බිනෝන්මාදය මුල් සමයේ රෝගයක් ලෙස සැලකුවේ නෑ. නිර්මානශීලී දක්ෂයන්ට තමා ඔය රෝගය ඉස්සර වැළඳිලා තිබෙන්නේ .
මම ඔය පර්යේෂණය කරන කාලේ තමා ලෝකයේ ඔය ගැන කතිකාවක් ඇති වුණේ. උදව් කරපු වෛද්‍යවරු ගණනාවක් ඉන්නවා ඔය සම්බන්ධයෙන්.
ඒ අයගේ මොලයේ විද්යුතය වෙනස් , වෛද්‍යවරු කියනවා එය ජාණ වලින් එන්න පුලුවන් කියලා. සමහර විට විෂාධිය , බින්නෝන්මාදය කරා වර්ධනය වෙන්න පුලුවන් කියා කියනවා , තවමත් නිශ්චිතව කරුණු කාරනා ඔය රෝගය සම්බන්ධයෙන් සොයාගෙන නෑ, මේ ලෝකේ ඉන්න ගමන් එම රෝගියා වෙන ලෝකෙක ඉන්නේ , මේකෙන් විස්තර කරන්නේ එකී රෝගීන් සිහිනෙක දැවටිලා දිගටම ඉන්න බව.
මට ඕනේ වුණේ කියන්න මේ රෝගය ඇසුරෙන්, සමාජයේ සියළුම දෙනා එක්තරා ෆැන්ටසියක ඉන්න බව. ඒ ෆැන්ටසියෙන් එළියට ඒම අසීරු බව මම කියන්නේ. සිනමාව තුළින් භික්ශූන්වහන්සේ නමක් ලවා මා ප්‍රශ්ණ කරනවා , අපි දැක්කේ සිහිනයක්ද ? නැත්නම් මේ ඉන්නේ සිහිනයකද ? කියලා. කෝකද නිවැරදි පියවි තත්ත්වය අපි කොහොමද දන්නේ ?
සිහිනයේදිත් වේදනාව දැනෙනවා , සැබෑවේදිත් දැනෙනවා. දුක බිය සිහිනයේදිත් දැනෙනවා , පියවි ලෝකෙත් දැනෙනවා . කෝකද ඇත්ත ?
බුදුරජාණන්වහන්සේත් නගපු තර්කයක් ඒක . තිසරද හීනේ ඉන්නේ ? අපිද සිහිනේ ඉන්නේ ? එයයි මා නගපු ප්‍රශ්ණේ .
ධනේශ්වර දේශපාලනයේ ඉන්න හැමෝම ග්‍රෙගරි මහාධිකාරම් තුළින් මා දුටුවා . ඔවුන් බොහෝ දෙනෙක්ගේ වාසගම් සිංහල මුල් නම් ඉංග්‍රීසි. දෙමුහුන් නම් තියෙන දෙමුහුන් හයිබ්‍රිඩ් කට්ටියනේ මේ ඉන්නේ .
වම වේවා දකුණ වේවා ඔක්කෝම එකයි නේ , දේශපාලනය විධික්‍රමය තුළ ඔක්කෝම එකයි.

ප්‍රශ්නය: අවසාන වශයෙන් , අපි අද දකිනවා ව්‍යවස්ථා සංශෝධන මාලාවක් එමින් තිබෙනවා ඒ අතර දකුණේ සිංහල ජනතාව අතර නොසන්සුන්භාවයක් ජනිත වෙනවා . සහජීවනය නාමයෙන් බහුතරය අසධාරණයකට ලක් වෙන බව පේනවා .
ඔබගේ අදහස .


ඔය අහන්නේ අවසාන වශයෙන් මේ රටට ෆෙඩරල් ආකෘතියක් ගෙනත් මේ ප්‍රශ්ණය විසඳන්න පුලුවනිද බැරිද කියානේ . මම හිතන්නේ නෑ.
කොටින්ම මම හිතන්නේ ෆෙඩරල් ක්‍රමය අපේ රටට ගැළපෙන්නේ නෑ.
නොගැලපෙන හේතුව තමයි , ෆෙඩරල් ක්‍රමය අත්හදා බලපු රටවල් වල හැම රටක්ම එක්සත් කරන්නයි හදලා තිබෙන්නේ ෆෙඩරල් ක්‍රමය .
තීරකයා ලෙස එක්කාසු කරන්නනේ ෆෙඩරල් ඒ රටවලට ගෙනාවේ. එකට තිබුණු එකක් ගලෝලා සවි කරලා නෙමෙයිනේ මේ. මෙහේ ගලවන්න යන්නේ එකට තියෙන එකනේ .
මේ ඉතාම කුඩා රටක, මේක කෑලි වලට කඩලා තිබ්බේ නෑ, විවිධ කාල වල එක එක රාජ්‍යයන් තිබ්බා. පෲතූගීසි කාරයෝ මේක අල්ලගෙන හිටියා, මුහුදු බඩ පරංගි අල්ලන් හිටියා කියලා අපි කියනවද ඒක පෘතුගාලයට අයිති කෑල්ලක් කියලා? ලන්දේසි අවුරුදු 200 ක් අල්ලන් හිටියා කියලා අපි කියනවද මේක ඩච් කෑල්ලක් කියලා?
මේක අර ගෙවල් කුලී නීතීය වගේ කාලාවරෝධයෙන් අයිතිය ගන්න බෑනේ රටකට . චෝලයෝ ඇවිල්ලා මේක අල්ලා ගත්තා, දකුණ හැර ඔක්කෝම අල්ලා ගත්තානේ , අපි කියනවද දැන් ඒක ඉන්දියාවේ කොටසක් කියලා ?
ඒ වගේ බොල් තර්ක මේ ගේන්නේ , මේක ඒකීය රාජ්‍යයක්. මේකේ පැහැදිලිව ජනවර්ගයක් තිබ්බා සංස්කෘතියක් තිබ්බා .
කවුද එතකොට ඔය රුවන්වැලිසෑය හැදුවේ එතකොට ?
මොන ශත වර්ශයේද ?
කවුද ඒක හැදුවේ ? සුද්දෝ ඇවිල්ලා හැදුවද ?
ක්‍රිස්තු පූර්ව දෙවෙනි සියවසේ හැදුවේ . ඉතින් සිංහලයොනේ හැදුවේ ඒක, වෙන මොක්කුද ?
මේකේ හිටපු එවුන් නේ හැදුවේ . උන්ගේ නම සිංහල නම් අපි එපා කියන්නද දැන් ?
අනිත් එවුන්ට මොනවද තියෙන්නේ ? එක වලං කෑල්ලක් සොයලා දෙන්න මට සාක්කියක් වශයෙන් . ශීලා ලේඛණයක් . එකක් . අපි අතන හිටියා මෙතන හිටියා කියනවා විතරනේ . ෆෙඩරල් ක්‍රම වේදය මේ රටට ගැලපෙන්නේ නෑ සක්සුදක් සේම.

[උපුටා ගැනීම : 'සිංහල බෞද්ධයා' පුවත්පතින් ]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

හිතට ආඩම්බරද දැන්?

කතෘ:යුතුකම     2/04/2017   No comments
-ජානක වංශපුර -ආණ්ඩුව විසින් අද සමරන්නට යෙදෙන නිදහස වෙනුවෙන් අපි ලේ දන් දුන්නේ නැත. 1815 සහ 1948 නිදහස් සටන් වලින් පසු අපි නිදහස වෙනුවෙන් ලේ දන් දුන්නේ 2009දීය. අද සමරන නිදහස ඉංග්‍රීසීන් විසින් අපටට දන් දුන්නකි. අඩු තරමින් 1948 පෙබරවාරි හතර වෙනිදායින් පසුව ඉංග්‍රීසීන්ගේ රජා අපේ රජා නොවේ යැයි කීමටවත් අපට නිදහසක් නොතිබිනි. ඒ නිදහසද ලැබුනේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර සම්මත කර ගත් 1972 මැයි මස 22 දාය. ඒ ජනරජ දිනයයි. අඩුතරමින් මැයි මාසේ අපි නිදහස සමරන්නේ නම් එය අර්ථවත් විය හැකිය. නිදහස ගැන හරි හැටි අවබෝධයක් නැතිව නිදහස ගැන හැඟීමක් ඇතිවිය හැකිද?

ගැමුණු කුමරුට නම් රටේ නිදහස හැඟීමක් තිබිනි. රටේ නිදහස නැතිවීම ඔහුට දැනුනේ උතුරින් සොලීන්ටත් දකුණින් ගොළු මුහුදටත් සිරවී සිටීමක් ලෙසිනි. පසු කළෙක රාජත්වයට පැමිණ එළාර සමඟ යුධවැදී රට නිදහස් කර ගත්තේ ඒ හැඟීම් ක්‍රියාවට නගමිනි. ගැමුණු කුමරුට එසේ හැඟුනද, රටේ නිදහස මෙකල අපේ සිත්වලට එතරම් වද දෙන කාරණයක් නොවේ.

නමුත් ඉඳ හිට අපි නිදහසක් ගැන කථා කරන්නෙමු. වරෙක ඒ නිදහස් අධ්‍යාපනයක් පිළිබඳවය. එහි මතුපිටින් ඇති ප්‍රශ්ණය මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනයක් ලබා ගැනීමට අයිතියක් තිබිය යුතුද නැද්ද යන්නය. නමුත් එහි සැබෑ දැවෙන ප්‍රශ්ණය බටහිර දොස්තරවරයෙකු වීමට ඇති අයිතියක් පිළිබඳවය. තවත් විටෙක අපි ආර්ථික නිදහස ගැන වද වෙන්නෙමු. බඩු මිල සීග්‍රයෙන් වැඩිවෙමින් යයි, ඊට සමගාමීව වැටුප් වැඩි වෙන්නේ නැත, තව අතකින් රජයේ බදුය, ගොවි සහණාදාර කපා හැර ඇත, පහසුවෙන් බැංකුවකින් ණයක් ගත නොහැකිය, ගෙයක් දොරක් තනා ගැනීම, ඉඩමක් මිලදී ගැනීම සිතීමටවත් නොහැකිය. මේ ප්‍රශ්ණ හරහා පුද්ගලිකව අපේ ආර්ථික නිදහස නැතිවෙමින් පවතියි. ඒ බව අපට හොඳින් දැනේ. මේ රජය පෙරලිය යුතුයැයි සමහරු සිතන්නේ එබැවිනි. නමුත් එහිද අපි වද වෙන්නේ අපට නැතිවෙන පුද්ගලික නිදහසක් පිළිබඳවය.

පොදුවේ අද අපි නිදහස ගැන සිතන්නේ පුද්ගලික අයිතිවාසිකම් පදනම් කරගෙනය. අපට වැදගත් යැයි සිතෙන පුද්ගලික අයිතිවාසිකම් අපට හිමි වෙනතාක් කල් හෝ හිමි පමණින් ජීවත්වීමට හැඩ ගැසිය හැකි තාක් කල් අපි සෑහීමකට පත්වෙන්නෙමු. එසේ නොවෙනවිට අපි ඒ පිළිබඳව වද වෙන්නෙමු. උද්ඝෝෂණය කරන්නෙමු. අවාසනාවකට පුද්ගලයින්ට නිදහසක් තිබූ පමණින් සමූහයේ නිදහස ආරක්‍ෂා වන්නේ නැත. එහෙත් සමුූහයක් ගැන සිතීමට අපට ඉස්පාසුවක් නැත. මින් කියවෙන්නේ අපට සාමූහිකත්වයක් පිළිබඳ හැඟීමක් නැති ආත්මාර්ථකාමීන් පිරිසක් බව නොවේ. ජාතියක් පිළිබඳ හැඟීමක් තවමත් අප තුල ඇත. නමුත් ජාතියේ නිදහස පිළිබඳව අපට තැකීමක් නැත.

එක අතකින් ඊට දොස් නැගිය නොහැකිය. රටේ නිදහස පුද්ගලික නිදහස තරම් ඇඟට දැනෙන්නේ නැති බව ඇත්තය. කොටි ත්‍රස්තවාදය රටේ නිදහස පිළිබඳ ප්‍රශ්ණයක් බව අපට ඇඟට දැනෙන්නට කෙතරම් කල් ගියාද? භුටානයේ අගනුවරින් පටන්ගෙන කීවරක් අපි කොටි ත්‍රස්තවාදීන් සමඟ සාමය වෙනුවෙන් සාකච්ඡා පැවැත්වුවාද? සාම ගිවිසුම් ගැසුවාද? නමුත් දෙමළ ජාතිවාදීන් සමඟ සාකච්ඡා කිරීමම අපේ නිදහස නැතිකර ගැනීමක් බව අපට අවබෝධ වුනේ නැත. ඉංදියාවේ බලපෑම මත ජේ ආර් ජයවර්ධන විසින් වාර්ගික පදනම මත බලය බෙදීම සඳහා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන විටද එමඟින් අපේ නිදහස නැතිවෙන බව අපට අවබෝධ වුනේ නැත. ඒ අනවබෝධයට තවත් හේතු තිබිනි. එකල අපේ රාජ්‍ය නායකයින්ද, උගතුන්ද, බටහිර රාජ්‍යවල මූල්‍යාධාර ලබා ගනිමින් මෙහි ක්‍රියාකාරී වුනු සංවිධානද අපට ඒත්තු ගැන්වූයේ සිංහලුන් විසින් දෙමළ ජනයාට වරදක් කර ඇති බවය. එබස් ඇසූ අපි දෙමළ ජාතිවාදීන්ට යමක් දිය යුතුය යන මතයේ සිටියෙමු. අදටත් සමහරු ඒ මතයේ සිටිති. නමුත් ඒ පදනමින් කටයුතු කල ආර් ප්‍රේමදාසටවත්, චන්ද්‍රිකා කුමාරතුංගටවත් රනිල් වික්‍රමසිංහටවත් දෙමළ ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක් දිය නොහැකිවිය. අදටත් කුමාරතුංග මහත්මිය හා වික්‍රමසිංහ මහතා බලෙන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්නේ එකල අසමත් වුනු විසඳුමමය.

ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක් ලැබුනේ දෙමළ ජාතිවාදය නිසා නිදහස අහිමි වෙන බව අපේ ඇඟට දැනුන විටය. 2009 වන විට සිංහලුන්ට තමන්ගේ පුද්ගලික නිදහස පිළිබඳ ප්‍රශ්ණ වලට ඉහලින් ජාතියේ නිදහස පිළිබඳ ප්‍රශ්ණය මතුවී තිබිනි. එකලද අපට ආර්ථික අපහසුකම් නොතිබුනා නොවේ නමුත් අපි ජාතියේ ප්‍රශ්ණ පුද්ගලික ප්‍රශ්ණ වලට ඉහලින් තැබුවෙමු. ඒ අනුව අප ලබා දුන් දේශපාලන විසඳුම කොටි විනාශ කර දැමීම විය. කොටි සටන හුදෙක් ත්‍රස්තවාදය මර්ධනය කිරීම සඳහාවූ මෙහෙයුමක් නොවිනි. එය දෙමළ ජාතිවාදයටත් ඊට අනුග්‍රහය දුන් බටහිර රාජ්‍යයන්ටත් එරෙහිව කෙරුනු නිදහස් සටනක් විය. සිංහලුන්ට තම නිදහස නැතිවෙන බව ඇඟට දැනී ඒ පිළිබඳව ක්‍රියාත්මක වනවිට ඉංග්‍රීසීන්ගේ අනුග්‍රහයෙන් ඇරඹි දෙමළ ජාතිවාදයට වසර එකසිය පනහකටත් වඩා ගෙවී ගොස් තිබිනි, ප්‍රභාකරන් නායකත්වය දුන් ත්‍රස්තවාදයට වසර තිහක් ගතවී තිබිණි. ඒ රටේ නිදහස නැතිවීම ඇඟට දැනෙන තෙක් සිටීමේ ප්‍රතිඵලයයි.

නමුත් මේ වෙනවිට 2009 දී අප ලබා ගත් නිදහස පාවා දෙමින් තිබේ. පොදුවේ සිංහලුන්ගේ ඇඟට තවමත් ඒ බව දැනෙන්නේ නැත. "සමහර විට දිනූ දේ රැක ගනිමු" යන ප්‍රෝඩාකාරී ප්‍රචාරක දැන්වීම තවමත් ඔවුන්ගේ මනසේ රැව් දෙනවා විය හැකිය. නැත්නම් ආර්ථික ප්‍රශ්ණ අපට ඊට වඩා ඇඟට දැනෙනවා විය හැකිය. බඩ ගැන සිතා පත්කර ගත් ආණ්ඩුව විසින් රට පාවා දෙද්දී බඩ ගැන සිතමින් රටේ නිදහස ගැන නොතකා සිටීමට සිදුවීම සරදමකි. කෙසේ නමුත් අපි ඉතිහාසයෙන් පාඩමක් ඉගෙන ගන්නවා නම් ඒ රටේ නිදහස පිළිබඳව කනස්සලුවීමට නිදහස නැතිවෙන තෙක් නොසිටිය යුතු බවය.

මේ රජය පත්වූ විගසම බටහිර රාජ්‍යයන්ගේ අනුදැනුම මත ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිසමට ගෙන ආ යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීය. ඊට පෙර රජය විසින් වසරක් පාසා මෙවැනි යෝජනා පරාජය කිරීමට දැඩි උත්සාහයක් ගෙන තිබියදී තමන්ටම එරෙහිව කොටි ත්‍රස්තවාදීන්ට ආධාර කල සතුරන් සමඟ පෙළ ගැසීම කෙතරම් දීන කමක්ද? විවිධ පඬි වදන් වලින් සැඟවුනද මේ යෝජනාවල අරමුණ මහින්ද රාජපක්‍ෂ ඇතුළු රණ විරුවන් ඊනියා ජාත්‍යන්තර යුධ අධිකරණයකට කැඳවා දඬුවම් පැමිණවීම විය.

1999 මෙලෙසම මානව හිමිකම් චෝදනා මුවාවෙන් මිලසොවික්ගේ යුගෝස්ලාවියාවට එරෙහිව බටහිර රාජ්‍යයන්ගේ අනුග්‍රහයෙන් පවතින නේටෝ සංවිධානය යුධ වැදිනි. එහි අරමුණ වූයේ මිලසොවික් බලයෙන් පහ කිරීමය. චීනයත් රුසියාවත් ඊට විරුද්වූ බැවින් මේ ප්‍රහාරයට එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක සමුළුවේ අනුමැතිය නොතිබිනි. කෙසේ නමුත් නේටෝ ප්‍රහාරයෙන් මිලසොවික්ගේ රජය බිඳ වැටුනු අතර ඉන් පසු නේටෝ අනුග්‍රහයෙන් බලයට පත් කෙරුනු රජය විසින් මිලසොවික්ට එරෙහිව මෙවැනිම ඊනියා ජාත්‍යන්තර යුධ අධිකරණයක් හමුවේ නඩු පවරා ඔහු සිරගත කෙරිනි. වසර ගණනාවක් සිරගතව ජීවත්වුනු මිලසොවික් සිරේදී මිය ගිය නමුත් ඉන් වසරකට පසුව ඔහුට එරෙහි චෝදනාවල සත්‍යතාවක් නැති බව අධිකරණය විසින්ම පිළිගැනිනි. මේ රජය විසින් යෝජනා කරන යුධ අපරාධ අධිකරණයේ අරමුණද මහින්ද රාජපක්‍ෂ ඇතුළු රණ විරුවන්ට මේ ඉරණම අත්කර දීම නොවේ යැයි විශ්වාස කල හැකිද? එසේ නම් එය පාවා දීමක් නොවේද?

වත්මන් රජය පත්වූ වහාම ඇරඹී අනිත් ව්‍යාපෘතිය වූයේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමය. ඒ සඳහා මුළු පාර්ලිමේන්තුවෙන්ම සමන්විත පූර්ණ කාරක සභා බලැති ව්‍යවස්ථා මංඩලයක් පත් කෙරිනි. නමුත් නව ව්‍යවස්ථාවක් සඳහා ඊට ජන වරමක් ලැබුනේ නැත. එපමණක් නොවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මංඩලයක් පිළිබඳව පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතැනකවත් සඳහන් නොවේ. නීතිය වෙනස් කල යුතු වන්නේ පවත්නා නීතියට අනුව නොවේද? ව්‍යවස්ථා මංඩලය පාර්ලිමේන්තුව මඟ හැරයාම සඳහා යෙදුනු උපක්‍රමයක්ද?

නව ව්‍යවස්ථා යෝජනා වලට අනුව ආණ්ඩුකාරවරයාගේ විධායක බලය අහිමි කර ඇත, පළාත් සභාවලට පොළිස් සහ ඉඩම් බලය පවරා දී ඇත, සියලු ජාතික ප්‍රතිපත්ති නිර්ණය කිරීම සඳහා මාධ්‍යම ආණ්ඩුවට හිමි අයිතිය අහිමි කර ඇත. මෙය කුමණ නමකින් හැඳින්වුවද ඒකීය රජ්‍යයක ව්‍යවස්ථාවක් නොවේ. රටේ නීති නිර්මාණය කිරීමට බලයක් තිබිය යුත්තේ පාර්ලිමේන්තුවට පමණය. ඒ බලය විසිරවූ පමණින්ම තව දුරටත් ඒ රාජ්‍යය ඒකීය රාජ්‍යයක් ලෙස හැඳින්විය නොහැකිය. පැහැදිලිවම මේ රජයේ උත්සාහය මේ රට පාවාදීමය.

රණ විරුවන්ට දඬුවම් කිරීම, රටේ ඒකීය භාවය නැති කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම, ඉංදියාවට පක්‍ෂපාතී වෙන අයුරින් වෙළඳ ගිවිසුම් ගැසීම ආදී මේ රජය විසින් ලහි ලහියේ ක්‍රියාත්මක කිරීමට යෙදුනු ව්‍යාපෘති වල අවසන් ප්‍රතිඵලය රටේ නිදහස පාවා දීමය. මේ වෙනස්කම් මෙරට සිදුකෙරෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, ඒංගලන්තය, ප්‍රංසය, චීනය සහ රුසියාව වැනි රටවල් ජාතිකත්වයට නැඹුරුවෙමින් තිබියදී බව අමතක කල නොහැක. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් අද එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් වීමට කල්පණා කරමින් සිටියි. එසේ නම් රණ විරුවන් පාවාදීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයත් සමඟ ගෙන ආ මානව හිමිකම් කොමිසම් යෝජනාවට තව දුරටත් බලයක් ඇත්ද? ඒ යෝජනා අනුව අප ක්‍රියාකල යුත්තේ කවුරුන් සනසන්නද? නුදුරු අනාගතයේදී බටහිර රාජ්‍යයන්හි ජාතිකත්ව රැල්ල, විශේෂයෙන්ම ට්‍රම්ප්ගේ ඇමෙරිකාව මෝදිගේ ඉංදියාවටද බලපෑම් ඇතිකරනු ඇත. එහිදී ඉංදියාවට නොවෙනස්ව සිටිය හැකිද? මේ රජය ඉංදීය සහ බටහිර බලවේග වලට යටත්ව අපේ නිදහස පාවා දෙමින් සිටින්නේ වත්මන් ගෝලීය දේශපාලන වටපිටාවටද පරස්පරවය. ඒ ගැන ආඩම්බර විය නොහැකිය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

2/02/2017

දොස්තර කං මොටද අපට ?

කතෘ:යුතුකම     2/02/2017   No comments
කොතක් වගේ හතර අත ම
බැබලෙන්නට හදපු පුතා
ඇතෙක් වගේ ගෙදර ආව
දිස්තිරික්කෙ පළවෙනිය ව

ආඩම්බර වුනා පුතේ
උඹගේ දස්කම් දැක දැක
හොඳ දොස්තර කෙනෙකු වෙලා
බබලන තුරු මුලූ රටේ ම

මහ පාරේ ගිනි මැදියම
කඳුළු ගෑස් පාර කන්න
නොව අත පය හැඩි දැඩි කර
උඹගේ ඇස් දෙක පෑදුවෙ

ගිය වර උන් හැට දාහක්
මැරුවලූ හිරිකිතක් නැතිව
නො මළ අයත් පිච්චුවාලූ
මළා ද කියලා නොබලම

දිිරා ගියත් ගත ම හිමිගෙ
හිත හයියයි මිගිඳෙකු ලෙස
පුතුට ඇත්තෙ ඒ හිතමයි
ඒකයි මගෙ හද සැලෙන්නෙ

ගෙදර වරෙං මයේ පුතේ
දොස්තර කං මොටද අපට ?
එදා වගෙම තාත්ත උඹෙ
කන්න දේවි තුන් වේලම

2017 නවම් මස 2 දින

වෛද්‍ය වසන්ත දේවසිරි
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථා උගුල ගැන නිවරදිව දැනගන්න - කියවන්න - එරෙහි වන්න

කතෘ:යුතුකම     2/02/2017   No comments
ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා විසින් රචිත ' බෙදුම්වාදීන්ගේ උපාය සහ ව්‍යවස්ථා සංශෝධන' ග්‍රන්ථයේ ප්‍රථම මුද්‍රණයේ සියළු පිටපත් පොත එළිදක්වා සතියක් යන්නටත් මත්තෙන් විකිණී අවසන් වූ අතර දැන් දෙවන මුද්‍රණය වෙළඳපොළේ...රට බෙදන ව්‍යවස්ථා මර උගුල ගන තේරෙන බසින් ලියවුණු විශිෂ්ඨම ග්‍රන්ථයක් වන මෙය ව්‍යවස්ථාව හරහා රට බෙදන ගමන පිළිබඳ ඉතා නිරවුල් පැහැදිලි කරයි.

ග්‍රන්ථය දොරට වැඩීමේ උළෙලේදී එහි ප්‍රධාන දේශකයන් විසින් ග්‍රන්ථය ගැන දැක්වූ කෙටි අදහස් කිහිපයක්..

"ඉතාමත් අවිවේකීභාවය මැද්දේ වුවත් මනොහර ද සිල්වා මහතා මෙම ග්‍රන්ථය ඉතා මැනවින් ඉතා වටිනා ලෙස නිර්මාණය කර තිබෙනවා. දේශපාලන සීමාවෙන් ඔබ්බට ගිහින් ජාතික වගකීමක් ඉටු කිරීමක් ලෙස සලකායි ඔහු මේ ග්‍රන්ථය නිර්මාණය කර තිබෙනවා . මනෝහර ද සිල්වා වැනි නීතීඥවරු තව දහයක් සිටියේනම් අපට මේවැනි උවදුරුවලදී බිය වීනට හේතුවක් නෑ. මේ ග්‍රන්ථය සෑම නිවසක තිබිය යුතුයි වගේම සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අතටම පත් කිරීම අත්‍යවශ්‍යයි."
-ත්‍රීකුණාමලේ ආනන්ද නාහිමි
2017-01-06
පදනම් ආයතනයේදී

"මෙම අගනා ග්‍රන්ථය සම්පාදනය කරමින් කාලීන අවශ්‍යතාවය ඉෂ්ඨ කර\මින් මෙලෙස ව්‍යවස්ථා සංශෝධනවලට අදාල කරුණු ඉතා හොඳින් විග්‍රහ කරමින් මනෝහරද සිල්වා මහතා සිදුකළ කාර්‍ය අප සියළු දෙනාගේ පැසසුමට ලක් විය යුතුයි.
රට වෙනුවෙන් ,සිංහල ජාතිය වෙනුවෙන් ක්‍රියාකළ නීතීඥ ගාමිණී ඊරියගොල්ල ,අධිනීතීඥ එස් එල් ගුණසේකර මැතිතුමා , ආර් එස් වනසුන්දර මැතිතුමා ආදීන් ක්‍රියාකළ අභීත ආකාරය ඊලඟ පරපුරට ගෙනයන වියතෙකු ලෙස මනෝහර ද සිල්වා මහතාට මහා සංඝරත්නයේ ප්‍රසාදය පළ කරන්න කැමතියි.

රට විනාශ කරමින් , රට බෙදමින් අනාගත ව්‍යසනයකට,ඛේදවාචකයකට රට ඇද දමමින් ක්‍රියාත්මක කිරීමට යන මේ ෆෙඩරල් ව්‍යවස්ථාව වලක්වා ගැනීමට අවශ්‍ය ජනතා දැනුවත් කිරීමට මහෝපකාරි වෙන මේ ග්‍රන්ථය රටට දැයට ආදරය සියළු දෙනාම කියවිය යුතුයි "

-පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමි

"මනෝහර ද සිල්වා මහතා විසින් සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථය තුල රට බෙදීම බෙදුම්වාදීන්ගේ උපාය පිළිබඳ ඉතාමත් නිරවුල්ව ඉතා වටිනා අදහස් බොහොමයක් අන්තර්ගත වෙලා තිබෙනවා.මනෝහර ද සිල්වා මහතා සෑම අවස්ථාවකදීම ඉතා නිවරදිව රට දැය වෙනුවෙන් පෙනී හිටපු බව මට අත්දැකීම් බොහොමයක් තිවෙනවා.
මේ ග්‍රන්ථය සෑම ගෙදරකම තිබිය යුතු ග්‍රන්ථයක් ලෙස හැඳින්වූවාට වරදක් නෑ. රටට ආදරය කරන සියළු දෙනාම මේ පොත කියවිය යුතුයි.
බෙදුම්වාදී උපාය පිළිබඳ අවශ්‍ය තර්ක කිරීමට අවශ්‍ය කරුණු සියල්ලම පාගේ මෙහි අඩංගුයි."

-ගෝමින් දයසිරි මහතා

"මනෝහර ද සිල්වා
මහතා මේ ග්‍රන්ථය හරහා කිස්සිවෙකුට අඟිල්ලක් දික් නොකර අප රට අද පත්ව තිබෙන අගාධය පිලිබඳ අදහස් ඉදිරිපත් කිරීම විශිෂ්ටයි.
ඔහුගේ රජකාරි කටයුතු අස්සේ මෙවනි ග්‍රන්තයක් ප්‍රකාශ කිරීම පිළිබඳ එතුමාට අපි ප්‍රසංසන්සා කළ යුතුයි.
මේ ග්‍රන්ථයේ සඳහන් වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙරට ඒකීයභාවය අහිමි කරන ආකාරය පිළිබඳ ඉතා සියුම්ව විග්‍රහ කරල තියෙනවා.
මෙ ග්‍රන්ථයේ 97 පැකේජය ගැන , 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආදිය ගැන අඩංගු කරුණු වලින් බලය හිමි කොටස් මේ ප්‍රශ්නවලදී හසිරෙන ආකාරයද මැනවින් සඳහන් කර ඇත.
මා මෙතෙක් මෙලෙස අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන සියුම්ව ලියපු ග්‍රන්ථයක් කියවලා නෑ.
එඩ 13 වන ව්‍යවස්ථා උගුලේ අප වැටෙන විට මෙවැනි ග්‍රන්ථයක් නිර්මාණය වූවානම් අපේ රටේ ඉරණම මීට වඩා වෙනස් වෙන්නට තිබුණා.
එබැවින් මේ ග්‍රන්තය අපේ රටේ දේශපාලනඝ්නයන් මෙන්ම නීතීඥයන්ද අනිවාර්යෙන් කියවිය යුතුයි කිය මා ප්‍රකාශ කරනවා.
මේ අනතුරෙන් ගැලවිය හැකි මග එමගින් පාදාගත හැකියි."


-ගාමිණි මාරපන

උත්සව සභාවේ ඇස ගිය තැන් කිහිපයක්...











-සටහන :යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook - https://www.facebook.com/yuthukama

2/01/2017

නුගේගොඩ මහ රැළියෙන් නැඟුණු ජාතික හඬ

කතෘ:යුතුකම     2/01/2017   No comments
[ 27 දින නුගේගොඩ "පෙරළියක ඇරඹුම" ජන රැළියේ දී ජාතික මතය නියෝජනය කරමින් යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග කළ කතාව ]
මේ සැරසෙන්නේ අප සැමගේ මාතෘභූමිය කෑලි කෑලි වලට කඩමින්, සිහින දෙමළ නිජබිම එකට එකතු කරන්නයි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, අන්‍ය පූජක උතුමනි,
එ්කාබද්ධ විපක්ෂයේ නායකයන් ඇතුළු පක්ෂ නායකයිනි,
මහජන නියෝජිතයෙනි,
ආචාර්ය ගුණදාස අමරසේකර, මහාචාර්ය නලින් ද සිල්වා ප‍්‍රධාන දේශපේ‍්‍රමී බුද්ධිමතුනි,
හිතමිතුරනි,
පළමුවෙන් ම මවුබිමට ආදරය කරන, මවුබිම රැක ගැනීමට පෙරට එන මේ ජනතාව හමුවේ ජාතික මතය නියෝජනය කරමින් අදහසක් ප‍්‍රකාශ කිරීමට ආරාධනා කිරීම ගැන සංවිධායකයින්ට මාගේ ප‍්‍රණාමය. එ් හා සමඟ ම රට බෙදීමේ ව්‍යවස්ථා යෝජනාවන්ට එරෙහිවීම මේ මහා ජන රැළියෙහි ප‍්‍රධාන තේමාවක් කිරීම ගැන එ්කාබද්ධ විපක්ෂයට අප ගේ ප‍්‍රසාදය.

දැන් මිතුරනි, මොකක්ද මේ බලය බෙදීම නැතිනම් බලය විමධ්‍යගත කිරීම නාමයෙන් කිරීමට යන්නේ? අපේ රටේ පොදුවේ කි‍්‍රයාත්මක වන නීතීයට අනුව එ් එ් පළාත්වල කටයුතු එ් එ් පළාත්වල කිරීමට ඉඩදීම ද? නෑ, කොහෙත් ම නෑ. මේ බලතල පැවරීම කියන්නේ එ් එ් විෂය සම්බන්ධ නීති සම්පාදනය ද ඇතුළු බලතල. එ් කියන්නේ පොලිස් බලතල පැවරුවහොත් එ් එ් පළාත්වලට වෙන වෙන ම පොලිසි. වෙන වෙන ම පොලිසි පමණක් නොවේ, එ් එ් පොලිසියේ බඳවාගැනීමේ පටිපාටිය, පුහුණුව, භාවිතා කරන අවි-ආයුධ, උසස්වීම, සේවා රෙගුලාසි, බලතල, විනය පියවර මේ සියල්ල ම තීරණය කරන්නේ එ් එ් පළාත් සභාව. එතකොට උතුරට එක පොලිසියක්, එක නීතියක්. දකුණට වෙන පොලිසියක්, වෙන නීතියක්. කඳුකරයට තවත් පොලිසියක්, තවත් නීතියක්.

දැන් මේ විජාතිකයින් පත් කළ සිරිසේන-වික‍්‍රමසිංහ දොන් ජුවන් ආණ්ඩුව රට බෙදන ව්‍යවස්ථා කි‍්‍රයාවලිය වෙනුවෙන් අනුකමිටු වාර්තා හයක් සකස් කර තිබෙනවා. වික‍්‍රමසිංහ අගමැති, සිරිසේන ජනාධිපති අපේ හාමුදුරුවරු හමුවේ එ්කීය රට රකිනවා කිවුවට, මේ යෝජනා සකසා තියෙන්නෙ ම එ්කීය රට සංහිඳියාවට බාධාවක් ය කියමින්. එ් නිසා මේ අය යෝජනා කරනවා රාජ්‍යයේ අණසක ක‍්‍රියාවට නැගූ පරිපාලන යාන්ත‍්‍රණය ම - දිස්ත‍්‍රික් ලේකම්, ප‍්‍රාදේශිය ලේකම්, ග‍්‍රාම නිලධාරී මේ යන්ත‍්‍රණය ම කෑලි-කෑලිවලට කඩා, ඒ ඒ පළාත් සභා යටතට පත් කිරීමට. එ් විතරක් නෙවෙයි. මේ අය කියනවා ද්විත්වකරණය සැබෑ බලය බෙදීමකට බාධාවක්, එ් නිසා එවැන්නකට ඉඩ නොතැබිය යුතු යි කියා. මේ කියන්නේ මොකක් ද? මධ්‍යම රජයට වාර්තා කිරීම, මධ්‍යම රජයෙන් උපදෙස්ගැනීම පවා නතර කළ යුතු යි කියන එක. තව පළාත් අභිචෝදකවරයෙක් එ් එ් පළාතට පත් කරගත යුතු යි ලූ! රටට ම එක නීතියක්, රටට ම එක නීතිපතිවරයෙක් වෙනුවට එ් එ් පළාතේ නීතිය ක‍්‍රියාත්මක කිරීමට එ් එ් පළාතට නීතිපතිවරු! මේ කරන්න යන්නේ වෙන මොකක්වත් නෙවෙයි, අපි සියලූ දෙනා ගේ ම නිජබිම, උතුරෙත්, දකුණෙත්, අපි සියලූ දෙනා ගේ ම නිජබිම කෑලි-කෑලිවලට කඩන්න.

දැන් මේ ෙදාන් ජුවන්ලා අපේ සදාදරණීය මවුබිම කෑලි කෑලි කිරීමට කටයුතු කරද්දී උතුරේ විග්නේෂ්වරන්ලා, සම්බන්ධන්ලා, සුමන්දිරන්ලා මොකද කියන්නේ? මේ අය කියනවා, බොහෝ ම හොඳයි, බොහෝ ම හොඳයි, විපක්ෂය වුණාට, විපක්ෂනායක ධූරය හිමි පක්ෂය වුණාට අපි දෙනවා පක්ෂව ඡුන්ද. හැබැයි, උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජනයා ගේ නිජභුමි, එ් නිසා වහා ම උතුරු පළාත හා නැෙඟනහිර පළාත එකතු කරන්න ඕනේ.

මොකක් ද මේ කියන්නේ? අපි හැමෝ ගේ ම නිජබිම, සමස්ත රට වැසියා ගේ ම නිජබිම, කඩපන්, කෑලි කරපන්, දුර්වල කරපන්, නැතිභංග කරපන්! බෙදුම්වාදීන් ගේ සිහින නිජබිම එකතු කරපන්, එ්කීය කරපන්, ශක්තිමත් කරපන්!
අම්මේ, තාත්තේ, ඔබ ඔබේ ආදරණීය පුතා, ආදරණීය දුව හමුදාවට පරිත්‍යාග කළේ මේ සඳහා ද? මවුබිම වෙනුවෙන් උත්තම පූජාවන් කළ රණවිරුවන් පමණක් නොවේ, ශී‍්‍ර ලංකා රජයේ අණසක මේ භූමිය පුරා කි‍්‍රයාත්මක කිරීමට ග‍්‍රාම නිලධාරියා ගේ පටන් ගුරුවරයා, වෛද්‍යවරයා, හෙදිය, පරිපාලන නිලධාරීන්, ප‍්‍රවාහන සේවකයන්, තම ගම්-බිම් අත්හැර නොගිය ගොවි ජනතාව - මේ හැමෝ ම එ් බෙදුම්වාදී ම්ලේච්ඡු ත‍්‍රස්තවාදය හමුවේ අනේකවිධ සාහසිකකම්වලට, කුරිරු අපරාධවලට මුහුණ දුන්නේ, අනේකවිධ පරිත්‍යාග කළේ මෙවන් පාවාදීමකට ඉඩදීමට ද? නෑ, නතර කළ යුතු යි මේ පාවාදීම. නෑ, නතර කළ යුතු යි මේ පාපී ගමන.

ඒ පමණක් නොවේ. මේ මවුබිම වෙනුවෙන් හෙළුෑ සෑම සුසුමකට ම, 
මේ මවුබිම වෙනුවෙන් හෙළුෑ සෑම කඳුළකට ම, 
මේ මවුබිම වෙනුවෙන් හෙළුෑ සෑම ලේ බිඳුවකට ම, 
මේ බිම සිප ගනිමින් පිදූ සෑම ජීවිතයකට ම වටනාකමක් ලබාදෙන, නව අරුතක් ලබාදෙන රජයක් මේ පෙළොව ඉල්ලා සිටිනවා. එ් නන්දිකඩාල් ශ්‍රේෂ්ඨ විජයග‍්‍රහණය අර දියවන්නාවේ දී යුග යුග පවතින සමාජ සම්මුතියක් බවට පත් කරන රජයක් මේ මවුබිම ඉල්ලා සිටිනවා.

මවුබිමේ එ් පැතුම ඉටුවේවා!

මගේ මවුබිම, ඔබේ මවුබිම, අපේ මවුබිම දිනේවා!


සටහන :යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook
https://www.facebook.com/yuthukama

1/30/2017

වරදාන හමුවේ දේශප්‍රේමියකුවූ ඇතුගලගේ සංස්කෘතික විරෝධය

කතෘ:යුතුකම     1/30/2017   No comments
-රත්තනදෙණියේ මේධානන්ද හිමි-
 ආරියරත්න ඇතුගල නැමති මහඇදුරෙකු විසින් අද (2017ජනවාරි 29) පවත්වන ලද දේශනයක හඬපටයක් අසන්නට ලැබිණි. ඒ කැලණියේ ජනසන්නිවේදන පශ්චාත් උපාධියට අදාලව ඔහු විසින් සංස්කෘතිය පිළිබඳ පවත්වන ලද දේශනයකි. දේශනය ඇරඹී මද වේලාවකින් “ජනප්‍රිය” යනු කුමක්දැයි ඔහු සිසුන්ගෙන් බැරෑරැම් ලෙස විමසයි. අනතුරුව ජනප්‍රිය යනු “ජනතාව ප්‍රියකරන” බවට ඔහුගෙන්ම මාර විදග්ධ අර්ථකතනයක් අසන්නට ලැබෙයි. එතැන් සිට ඔහු ඉදිරියට යන්නේ සංස්කෘතිය ඔස්සේය. සංස්කෘතිය යනු කුමක්දැයි නිරවුල්ව අර්ථ දක්වා ගැනීමටවත් නොහැකිව සියවස් ගණන් පරණ පාර්ශවීය වාක්‍ය දෙක තුනක එල්ලෙන මේ තකතීරු ඇදුරා මද වේලාවකින් දේශීය සංස්කෘතිය ගැන සුපුරුදු අඳෝනාවකට ප්‍රවේශ වෙයි. එය අමුතු දෙයක් නොව මෙරට විකල්ප ගෝත්‍ර පඬියෝ අනාදිමත් කාලයක සිටම ඝොස නඟන සංස්කෘතික විරෝධී, අන්ත ජාතිවාදී, එන්ජීඕ ඝෝෂාවේ කාබන් කොපියක්ම පමණි. සැකෙවින්ම කිවතොත් මෙහිදී සන්නස්ගල වැනි වදුරු කුණුහරප කාරයෙකු සහ ඇතුගලගේ මතය අතර දේශපාලනිකව කිසිදු වෙනසක් පරස්පරයක් නැත. එකම වෙනස වන්නේ ඇතැම් විකල්ප පඬියන් විශාල දාර්ශනික හරඹ ආවරණ සහිතව වදාරන ගොන් කථා ඇතුගල ඉතාම සරල ලෙස ග්‍රාම්‍ය කුණුහරප හා ලාබාල විහිළු සහිතව ඔන්න ඔහේ කියාපෑම පමණි. මෙහිදී ඇතුගලගේ ගොන් කතාවලට අප එරෙහි වන්නේ සංස්කෘතිය ගැන ඇති අන්ධ ආදරයකින් නොවේ. ඇතුගල කියන විචාර බුද්ධිය, තර්ක ඥානය ඔස්සේම ඔහුව පතුරු ගැසීමට මුං ඇටයක් තරමේ මොළයක් වුවද ප්‍රමාණවත් වෙයි. ඔහු තම ඊනියා දේශනයේදී මතු කළ සියලු කාරණා අවශ්‍ය නම් එකින් එක ගෙන ඒ සියල්ලේ ඇති පුස් බව, තක්කඩිකම හා එම තර්ක දේශපාලනිකව ස්ථානගත වන්නේ කෙතරම් විනාශකාරී තැනකද යන්න ගල් වැලි නැතිව පෙන්වාදීමට අපට හැකිවුවත් දැනට කාරණා කීපයකට සීමාවීමට සිදුවෙයි.

මේ කියන ඇතුගල යනු පසුගිය මහින්දගේ ආණ්ඩුව වෙනුවෙන් රෙදි නැතිව කඬේ ගිය අයෙකි. ඒ වෙනුවෙන් ඇති පදම් තනතුරු වරදාන හිමිකරගත් බත්බැලයෙකි. මහින්දගේ ආණ්ඩුව යනු ඇත්තට හෝ බොරුවට සිංහල බෞද්ධ ජාතිකවාදී යැයි කියන ආණ්ඩුවකි. දේශප්‍රේමය, සිංහල බෞද්ධ හෙජමොනිය, සංස්කෘතික ජාතිකවාදය ආදී කාරණා ඔස්සේ විකල්ප පුස්සන්ගේ බුර බුරා නැගෙන වෛරයට පාත්‍ර වූ ආණ්ඩුවකි. පුදුම සහගත කාරණය වන්නේ අද දේශීයත්වයේ දෙ යන්නට පවා සමච්චල් කරන ඇතුගල එදා ඒ ආණ්ඩුවේ බලවත් කොටස්කාරයෙක් වීමය. එදා ඔහු තම මතවාදය හා තම භූමිකාව එකට සමපාත කොට ගත්තේ කුමන තර්ක ඔස්සේද ? එක්ස් කණ්ඩායමේ හෝ රනිල්ගේ ගල් කොලු බලකායකට ගැලපෙන ඇබිත්තයෙකු රාජපක්ෂ හෙජමොනිය නඩත්තු කිරීමට දායක වූයේ කෙසේද? වරදාන හමුවේ මාර දේශප්‍රේමියකු වී සිටි ඔහු යහපාලන විප්ලවයෙන් පසු මැරී ඉපදුනාවත්ද? මේසා විශාල පරස්පරයක් පුද්ගලයෙකු සම්බන්ධව තිබිය හැකි නම් එක්කෝ ඔහු අමුම අමු ඔල්මාදකාරයෙකු විය යුතුය. නැතහොත් මුදලට මයිල් ගස් පවා කණපිට හරවන අමුම අමු තක්කඩියෙකු විය යුතුය.

ඇතුගලගේ මතය හරි නම් දේශන ශාලාව තුළදී ඔහුට අමු කුණුහරපයෙන් බැනීමට වුවද සිසුවකුට නිදහස තිබිය යුතුය. එපමණක් නොවේ. ඇතුගලගේ බිරිඳ හෝ දියණිය දූෂණය කිරීමට වුවද කිසිවෙකුට නිදහස තිබිය යුතුය. ඒ මන්ද යත් ස්ත්‍රී දූෂණය වරදක් යන අදහසද දෘෂ්ටිවාදීව හා කථිකාමය වශයෙන් ගොඩනංවන ලද්දක් මිස ස්වභාවික හා ඊනියා වාස්තවික යථාර්ථයක් නොවන නිසාය. විවාහය දා නිළමේ ඇඳුම අඳින්නට සිදුවීම නිසා තමාට දහදිය දැමූ බවද ඇතුගල පවසයි. බටහිර සියල්ල ඔහුට අනියමින් මාර ඒවා වන බැවින් යුරෝපා මංගල ඇඳුමට ඇතුගලයන්ගේ ශ්‍රී දේහයට මාර සීතලක් දැනෙනවා විය යුතුය. ඔහු මංගල උත්සවය දා හෙළුවෙන් සිටියේ නම් එය මේ කිසිදු ඇඳුමකට වඩා යෝග්‍යය. ඒ ඔවුන්ගේ ඊනියා සංස්කෘතික කථිකාවල අවසාන සාරාර්ථය මිනිසා තිරිසනා කිරීම වන බැවිනි. සියල්ල අවසානයේ අපට දැඩි වේදනාවක් ඇත්තේ මෙවැනි මජර අමනයන් හා නරුමයන් සරසවි මහාචාර්යවරුන් බවට පත්වූ මේ රට ගැනය. මෙවන් ලයිනස් සහිත අපරාධකාරයන්ට ලක්ෂ ගණන්වලින් පඩිගෙවන රටේ ජනතා මුදල් ගැනය. මෙවැනි තක්කඩියන් පිරිවරාගෙන දේශප්‍රේමය ගැන කතා කළ මහින්දට යුද්ධය නිමා වී වසර පහකට පසු ගෙදර යාමට සිදුවීමද මේ අනුව එක අතකින් පුදුමයක් නොවේ.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

1/29/2017

බෙදිම්වාදී රාවය කාරයා කුපිත වූ , රට බෙදන ව්‍යවස්ථාවට එරෙහි අස්ගිරි විහාරයේ මැදිහත්වීම

කතෘ:යුතුකම     1/29/2017   No comments
ඉඩම් බලතල , පොලිස් බලතල පළාත් සභාවලට දෙමින් වෙනම රටක් ඇති කිරීමේ යෝජිත ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට භික්ෂූන් වහන්සේලා වශයෙන් තමන් වහන්සේලා එරෙහි වෙද්දී බෙදුම්වාදී ගැත්තන් කලබලවී භික්ෂූන් වහන්සේලාට එරෙහිව අවලාද නගමින් සිටින බට අස්ගිරි මහ විහාර පාර්ශවයේ ගරු ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පෙවා දෙති.

විසේෂයෙන් පසුගියදා මල්වතු - අස්ගිරි විහාරවලට පැමිණි අග්‍රාමාත්‍යවරයාට යෝජිත ව්‍යවස්ථාවෙන් රටට සිදුවන විපත පිළිබඳ සඳහන් කරමින් බාරදුන් සංදෙශය පිළිබඳව බෙදුම්වාදයට කත් අදින රාවය පුවත්පත කලබලයට පත්ව තමන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලාට එරෙහිව පුවත්පත හරහා අවලාද ගසමින් සිටින බව උන් වහන්සේ සඳහන් කරති.

ඒ කුමනාකාර අවලාද නැගුවත් රට දැය සමය පිළිබඳ භික්ෂූන් වහන්සේල්කා වෙත පැවරුණු වගකීම ඉටු කිරීමට කිසි සේත් පසුබට නොවන බව උන් වහන්සේ අවධාරණය කරති.

ඒ පිළිබඳ අදහස් පළකළ මැදගම ධමානන්ද නාහිමියෝ " ඔය රාවය කාරයා පුවත්පතේ බහුතරයක් පළකරන්නේ සිංහල බෞද්ධ විරෝධී දේවල් පමණයි.පසුගිය සතියේ දාලා තිබුණේ "අස්ගිරි නාහිමියන් නොමග යවන්නේ කවුද?" යනුවෙන් ලිපියක්.අපි සංඝ සභාවක් හැටියට අපට අයිතියක් තිබෙනවා අපේ මහ නායක හාමුදුරුවන් සමග සාකච්චා කරල උපදෙස් දෙන්න.මේකට ඔවුන් කියනවා මහින්ද රාජපක්ෂ ඒකීය රාජ්‍ය ගැන කතා කරනවා .ඒ හඬ තමයි මේ අස්ගිරියෙන් නැගෙන්නේ කියලා.
මොවුන් ඉතිහාසය පුරාම කටයුතු කරල තිබෙන්නේ බෙදුම්වාදී උවමනාවටයි."

එහිදී මනෝහර ද සිල්වා මහතාගේ 'ව්‍යවස්ථා සංශෝධන' ග්‍රන්ථය ගැන අදහස් පළකළ ධම්මානන්ද නාහිමියෝ "මෙම අගනා ග්‍රන්ථය සම්පාදනය කරමින් කාලීන අවශ්‍යතාවය ඉෂ්ඨ කර\මින් මෙලෙස ව්‍යවස්ථා සංශෝධනවලට අදාල කරුණු ඉතා හොඳින් විග්‍රහ කරමින් මනෝහරද සිල්වා මහතා සිදුකළ කාර්‍ය අප සියළු දෙනාගේ පැසසුමට ලක් විය යුතුයි.
රට වෙනුවෙන් ,සිංහල ජාතිය වෙනුවෙන් ක්‍රියාකළ නීතීඥ ගාමිණී ඊරියගොල්ල ,අධිනීතීඥ එස් එල් ගුණසේකර මැතිතුමා , ආර් එස් වනසුන්දර මැතිතුමා ආදීන් ක්‍රියාකළ අභීත ආකාරය ඊලඟ පරපුරට ගෙනයන වියතෙකු ලෙස මනෝහර ද සිල්වා මහතාට මහා සංඝරත්නයේ ප්‍රසාදය පළ කරන්න කැමතියි.

රට විනාශ කරමින් , රට බෙදමින් අනාගත ව්‍යසනයකට,ඛේදවාචකයකට රට ඇද දමමින් ක්‍රියාත්මක කිරීමට යන මේ ෆෙඩරල් ව්‍යවස්ථාව වලක්වා ගැනීමට අවශ්‍ය ජනතා දැනුවත් කිරීමට මහෝපකාරි වෙන මේ ග්‍රන්ථය රටට දැයට ආදරය සියළු දෙනාම කියවිය යුතුයි." යනුවෙන් පැවසූහ.

මැදගම ධම්මානන්ද හිමියන් පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්



සටහන : යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

Like us on facebook :https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions