10/03/2020

විස්ස හොඳ ද බලන මන්තරේ

කතෘ:යුතුකම     10/03/2020   No comments


සතිඅග අරුණ පුවත්පත වෙත යුතුකම සංවිධානය යැවූ ලිපිය..
 
2020/10/02
මහින්ද ඉලේපෙරුම මහතා
ප්‍රධාන කර්තෘ,
සතිඅග අරුණ.

"විස්ස හොඳ ද බලන මන්තරේ"

ඉහත මැයෙන් පසුගිය සතිඅග අරුණ පුවත්පතේ කතුවැකියෙන් කිරීමට උත්සාහ දරා ඇති මඟපෙන්වීම පිළිබඳව විශාල කම්පාවක් ඇති වූ බැවිනි. එ මඟින් ඔබ කියා සිටින්නේ, "රට නිදහස් කර ගැනීමට යුද්ධ කළ කාලයේ ඊට එරෙහිව කටයුතු කළේ කවුද? ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කරන විට එයින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වී ඒකාධිපතිවාදය තහවුරු වන බව කීවේ කවුද? එසේ සිදු කොට ජිනීවා මානව හිමිකම් කොමිසම හරහා රණවිරුවන් පාවා දීමට කටයුතු කළේ කවුද? ඒ ඇත්තන් සමඟ කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනා මොහොතේ කරන්නේ මොනවා ද, කියන්නේ මොනවා ද? ඒ අනුව හුදී ජනයාට දහනව වැනි සංශෝධනය වෙනස්වීම හොඳ ද නරක දැයි තීන්දු කළ හැකි ය" කියා ය.

"20 වැනි සංශෝධනයට පෙර දූරදර්ශීව සිතා බලන්න!" යන මැයෙන් ලිපියක් බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය, අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක ස්වාමීන් වහන්සේ, අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු ප්‍රධාන භික්ෂූන් වහන්සේලා ගේ හා බෞද්ධ සංවිධානවල නායකයන් ගේ අත්සනින් යුතුව ජනාධිපතිතුමා වෙත යොමු කර ඇති බව ඔබ නොදන්නවා විය නොහැකි ය. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නා හිමිපාණන් වහන්සේ ද විස්සේ නිවැරැදි විය යුතු කරුණු පිළිබඳ අදහස් දක්වා තිබිණි. පසුගිය දා පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමිපාණන් වහන්සේ "විස්සෙන් විවෘත කරන දොරටුවලින් අශ්වයන් පමණක් නොව බූරුවන් ද ඇතුළට ආ හැකි බවත් විස්ස ගෙනැවිත් නව ව්‍යවස්ථා ගෙන ඒමට නොහැකි වුණොත් අපට අත්වන ඉරණම කුමක් ද?" යන්නත් ප්‍රශ්න කළහ.

ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විස්සේ නිවැරැදි විය යුතු කරුණු ගැන ජනාධිපතිතුමාට විවෘත ලිපියක් යොමු කර තිබිණි. විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය, ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා නායකත්වය දෙන ජාතික ඒකාබද්ධතා කමිටුව අගෝස්තු 20 වැනි දින යෝජිත විසි වෙනි සංශෝධනය පිළිබඳ නිවේදනයක් නිකුත් කළේය. නැවත සැප්තැම්බර් 06 වන දින "යෝජිත 20 වන සංශෝධනය, 13 වන හා 16 වන සංශෝධන පිටුදැකීමේ හදිසි අවශ්‍යතා" යන මැයෙන් නිවේදනයක් නිකුත් කළේය. 20 වන සංශෝධනය සභාගත කළ පසු නැවත සැප්තැම්බර 26 වැනි දින නීතීඥ සංගමය වෙත ලිපියක් යොමු කරමින් 20 වන සංශෝධනය මගින් හදිසි පනත් ගෙන ඒමට ඉඩකඩ විවර කිරීම වළක්වාලීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේ ය. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නායකත්වය දෙන වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ද අතිගරු ජනාධිපතිතුමා වෙත "20 වැනි සංශෝධනය තුළ අඩංගු ජනතා අභිලාෂයන්ට හානිකරන කරුණු කිහිපයක් සම්බන්ධව" යන මැයෙන් ලිපියක් යොමු කරමින් විස්සෙහි නිවැරැදි විය යුතු කරුණු පෙන්වා දී ඇත. යුතුකම සංවිධානය ලෙස අප ද විසි වන සංශෝධනය පිළිබඳ සාකච්ඡා වන අවස්ථාවේ දී ම "19 වන සංශෝධනයේ තබාගත යුතු සහ පිටුදැකිය යුතු කරුණු" සම්බන්ධයෙන් පෙන්වා දී ඇත.

අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායක හිමිපාණන්, අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමිපාණන්, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන්, පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමිපාණන්, ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය, ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා ඇතුළු යුතුකමේ අපි ත්‍රස්තවාදය පරාජය කිරීමට එරෙහි වූවෝ ද? ත්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන් පාවා දීමට කටයුතු කළ අය ද?

එපමණක් නොව ඔබ එම පුවත්පතේ ම අධිකරණ ඇමති ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා හා කළ සම්මුඛ සාකච්ඡාවේ ප්‍රධාන සිරස්තලය වී ඇත්තේ "මෛත්‍රීිට ජයම්පතිට සුමන්දිරන්ටත් එපා වූ 19 අපට මොකට ද?" යන්න ය. ඔබ ගේ කතුවැකියේ තර්කය අනුව දැන් ජයම්පතිට සුමන්දිරන්ට 19 එපා වී ඇත්නම් එය අපට, රටට හොඳ විය යුතු ද?

අපි අරුණ පුවත්පත සලකන්නේ ජාතියට මඟ පෙන්වන මැදිහත් වීමක් ලෙස ය. පටු දේශපාලන බෙදීම් මත ජාතික මතය යටපත් වීමට ඉඩ නො දී ඒ හඬෙහි ගැඹුරු රජයටත් ජනතාවටත් පෙන්වා දීම ජාතික පුවත්පතක යුතුකම යැ යි අපි තරයේ විශ්වාස කරමු.

ජනතාව 2/3 ජනවරමක් දුන්නේ 13, 16, 17, 18, 19 සියල්ල වෙනුවට අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට ය. ඒ සියල්ල සමඟින් 78 ව්‍යවස්ථාව ම අතීතයට එක්කොට අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමට ය. අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දීමට ය. ඒ වෙනුවට විස්සෙන් ආපස්සට අඩි තබන්නේ නම් ඒ අඩි තබන තැන අශූචි ද මළ මිනී ද බෝම්බ ද යන්න හොඳින් පරීක්ෂා කර බැලීම සියලු දේශපේමීන් ගේ යුතුකම ය.

මේ රජය ආරක්ෂා කරගත හැකි වනුයේත්, මේ රජයට 2/3 ජනවරමක් ලබා දුන් ජනතාවගේ අභිලාෂ ඉෂ්ට කළ හැකි වනුයේත් මේ රටට ආදරේ අප ඒ වගකීම, ඒ යුතුකම ඉෂ්ට කළ හොත් පමණි.

පින්!
යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන්,

ගෙවිඳු කුමාරතුංග
සභාපති

අනුප පස්කුවල්
ජාතික සංවිධායක


යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions