එබී බලන්නම් දොර ළඟ
දුවන් එන්න දෙඅත් විදා
තාත්තා කියා හඬ ගා
ඔසවා ගන්නම් නුඹ මම
තුරුළු කරන් මගෙ පපුවට
අහපන් දුව බෙල්ල බදන්
කොහෙද ගියේ මගේ තාත්තා
දැනුනිද ඔය පුංචි හිතට
වියෝ දුකක් මම නැති විට
දුවේ නුඹේ හොඳ අම්මා
කියනා ලෙස සිටියා නේද
නොවී ඈට කරදරයක්
මල්ලි බලා ගත්තා නේද
![](http://4.bp.blogspot.com/-BomJxx--4Cg/U-LSR1K77wI/AAAAAAAAAyU/kqz7mZqwP6I/s1600/sri-lanka-army.jpg)
වන්නි කැළේ
ගිනි අවියක්
තුරුළු කරන් ඉන්නා විට
දෙන්නෙම නෑ
නුඹට ඉඩක්
තුරුළු වෙන්න
මගෙ හද වෙත
සමා වෙයන් පුංචි දුවේ
හිටියට සිත
ගල් කරගෙන
මම ආ විට ගෙදර මෙදා
ගිනියන්නම් අලියා පිටේ
අපි දෙන්නා එකතු වෙලා
හිනස්සමුද පොඩි මල්ලිව
-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
හොඳ භාව ප්‍රකාශනයක්..කවියේ මාතෘකාව විසින් මේ කවිය තව කවියක් බවට පත් කරලා තියෙනවා..
ReplyDelete