8/25/2014

ලොවට බණ කියන ඇමරිකාවේ ආගමික නිරුවත

කතෘ:යුතුකම     8/25/2014   No comments

-පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
[අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික]
ඇමෙරිකා එක්‌සත් ජනපදය ලෝකය ඉදිරියේ පෙනී සිටින්නේ කිසිදු ආගමක්‌ සමග නොබැඳුන අනාගමික රාජ්‍යයක්‌ වශයෙනි. ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව සිඳී ඇතැයි වරින් වර රාජ්‍ය නියෝජිතයන් කරන ප්‍රකාශන අපට දැන් හුරුපුරුදුය. එය ජිනීවා මානව හිමිකම් සමුළුව විසින් ද අපේ රටට එල්ල කෙරෙන චෝදනාවකි. ඇමෙරිකාවට ගැති අනුගාමික රටවල්ද අපේ රටට එරෙහිව එම වචනම උච්චාරණය කරති. රාවණා බලය හා බොදු බල සේනා සංවිධාන ඉදිරිපත් කරන අදහස්‌ යථාර්ථය තේරුම් ගන්නා රට වැසි සිංහලයන් අනුමත කරති. එහෙත් එම සංවිධාන චරිත කීපයක්‌ වටා ගොඩනැගුන කුඩා කුලක දෙකකි. නමුත් ඇමරිකාව ලොවට මවා පාන්නේ ඒවා සන්නද්ධ ත්‍රස්‌තවාදී සංවිධාන වශයෙනි. ජාත්‍යන්තර නිවේදනවලින් හෙළි දකින්නට තරම් ඔවුන්ට ඒවා අති විශාලය. සියලු ලාංකික භික්‌ෂූන් සහ බෞද්ධයන් එම සංවිධාන නියෝජනය කරන බවත් ඒවා රජයේ ව්‍යාපෘති බවත් පුන පුනා කියමින් බෞද්ධයන් සහ ආණ්‌ඩුව හෙළාදැකීමේ සැලැස්‌මක්‌ දියත් වෙයි. කිසිදාක ලංකාවට නොපැමිණි දලයි ලාමා තුමා මුස්‌ලිම් ජනතාවට හිරිහැර කිරීමෙන් වළකින ලෙස වැරදි උපදෙස්‌ මත පිහිටා අපේ බෞද්ධයින්ට පවසයි. චීන විරෝධී බටහිර නායකයින්ගෙන් යෑපෙන දලයි ලාමා තුමා බෞද්ධ නායකයකු ලෙස බෞද්ධ රටකට විරුද්ධව සිදු කරන ප්‍රකාශ ඉතා හානිකරය. අපේ හිටපු රාජ්‍ය නායිකාවද රහසිගත සමුළුවක්‌ පවත්වා ශ්‍රී ලංකාව ආගමික ගැටුම් පවතින රටක්‌ ලෙස ලෝකයාට ප්‍රකාශ කිරීම ද්වේෂ සහගත ක්‍රියාවකි.ඇමෙරිකා එක්‌සත් ජනපදය සැබවින්ම ආගම හා රාජ්‍ය එකට නොබැඳුන අනාගමික දේශයක්‌ද? එරට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පළමුවන සංශෝධනයෙහි දැක්‌වෙන්නේ, ආගමක්‌ පිහිටුවීමට හෝ තහනම් කිරීමට හෝ ආගමික ඇදහීමේ නිදහසට බාධා කිරීමට හෝ රජයට අවසරයක්‌ නොමැත යනුවෙනි. එක්‌ ආගමක්‌ තවත් ආගමකට වඩා උසස්‌ කොට සැලකීම වරදකි. එහෙත් පෞද්ගලිකව ආගමික විශ්වාසයක්‌ දැරීමට රාජ්‍ය ප්‍රධානියාට පුලුවන. ආගමික සංවිධානවල සුබසාධන කටයුතු සඳහා ආධාර සැපයිය හැක. ජනාධිපති ජෝර්- බුෂ් මහතා වරක්‌ පැවසුවේ ආගමික විශ්වාසයන් දරන මිනිසුන් තමන්ගේ පාලකයන් ලවා ඒවා අනුගමනය කරනු ඇතැයි සිතන බවයි. එක්‌සත් ජනපද ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් කතාව අවසන් කරන්නේ දෙවියන් වහන්සේ ඇමෙරිකාව රකිත්වා යන ප්‍රාර්ථනාවෙනි. අපේ ජනාධිපතිවරයා කතාවක්‌ අවසානයේ තෙරුවන් සරණයි කියන විට එයට උරණ වන මිනිස්‌සු අනාගමික ඇමෙරිකාවේ සිරිත ගැන නිහඬය. ඇමෙරිකානු ඩොලර් නෝට්‌ටුවේ තිබෙන්නේ දෙවියන් වහන්සේ විශ්වාසයි, (In God we trust) යන වැකියයි. 1956 සිට එය ජාතියේ ආදර්ශ පාඨයයි.

පාසල්වල හා විශේෂ උත්සව අවස්‌ථාවලදී ඇමෙරිකානු ජාතික කොඩියට හා රජයට අවනත බවට දිවුරුම් ප්‍රතිඥවක්‌ දීම එක්‌සත් ජනපදයේ සම්ප්‍රදායකි. 1954 දි කොන්ග්‍රස්‌ සභාව මගින් දෙවියන් වහන්සේ යටතේ එකම ජාතියක්‌ (One Nation, Under God
) යන වචන එම ප්‍රතිඥව ට ඇතුළත් කොට ඇත. දෙවියන් විශ්වාස නොකරන තම දරුවන් ලවා එවැනි ප්‍රතිඥාවක්‌ සිදු කිරීමට දෙමවුපියෝ විරුද්ධ වූහ. එම ප්‍රතිඥව එක්‌සත් ජනපද ව්‍යවස්‌ථාවට පටහැනි බව කැලිෙෆෝනියා අධිකරණය තීන්දු කළ නිසා ප්‍රාන්ත නවයක පාසල්වල එය භාවිතා කෙරේ. එම තීන්දුව ඇමෙරිකානු සම්ප්‍රදායට නොගැලපෙන බව ජනාධිපති ජෝර්ෂ් බුෂ් පවසා ඇත. අපේ රටේ ආගමික සංහිඳියාව ගැන කථා කරන ඇමෙරිකාවේ ආගම පිළිබඳ හැසිරීම් රටාව එබඳුය.

ලෝකයේ රටවල පවතින ආගම්, ඇදහිලි හා සංස්‌කෘතික හර පද්ධති වෙනස්‌ කිරීම තුළින් ඒ රටවල් තම පාලනයට යටත් කර ගැනීම දිගු කලක සිට දියත් කෙරෙන ඇමෙරිකානු පිළිවෙතකි. 1946 ජුලි 10 දින ජපානයට ගිය ජෙනරල් ඩග්ලස්‌ මැක්‌ආතර් සෙනෙවියා හිරෝහිතෝ අධිරාජයා ක්‍රිස්‌තියානියට හරවා ගැනීමට වෙර දරා එය ඉටු නොවූ විට ජපනුන් කිතුනුවන් කිරීම සඳහා මිෂනාරීන් 1000 ක්‌ රැගෙන ගිය බව හමුදා සෙබළකුගේ දිනපොතේ සඳහන් කර ඇත. (දි අයිලන්ඩ් 2000 මැයි 05)

ඇමෙරිකා එක්‌සත් ජනපදය තම බල ව්‍යාපෘතිය සඳහා උපකරණයක්‌ ලෙස ක්‍රිස්‌තියානි ආගම (
Tool of American imperialism) යොදා ගනියි. ලෝකය පුරා නොයෙක්‌ රටවල අද පවතින ගැටුම් පිටුපස සිටින්නේ ඇමෙරිකා එක්‌සත් ජනපදයයි. 1953 වසරේ කොරියාව දෙකට බෙදා දකුණු කොරියාවේ බෞද්ධයන්ගේ ප්‍රතිශතය සියයට 85 සිට 18 දක්‌වා බැස්‌සුවේ ඇමෙරිකානු මිෂනාරී කණ්‌ඩායම්ය. 2025 වසර එළඹෙන විට චීනය ලෝකයේ වැඩිම කිතුනු ජනතාව වෙසෙන දේශය බවට පත්කිරීමේ සැලැස්‌මක්‌ ක්‍රියාත්මකව පවතිsයි. වියට්‌නාමයේ පාලකයා ලෙස ඩිම් ඩියම් නමැති පූජකයා පත්කොට බෞද්ධයන් මිලියන තුනකට අධික සංඛ්‍යාවක්‌ ඝාතනය කිරීමේ විසිවන සියවසේ සිදුවුන දැවැන්ත මානව සංහාරයට වගකිව යුත්තේ ඇමෙරිකා එක්‌සත් ජනපදයයි. එසේම ඉස්‌ලාමිකයන්ට එරෙහිව ඊශ්‍රායලය පිහිටුවීය. ගරිල්ලා නායක ගුස්‌මාවෝ ඉන්දුනීසියාවේ නැගෙනහිර තිමෝරය ක්‍රිස්‌තියානි රටක්‌ බවට පත් කළේ ඇමෙරිකාවේ උදව්වෙනි. එක්‌සත් ජනපදය විසින් ඇෆ්ගනිස්‌ථානය ආක්‍රමණය කරනු ලැබුවේ දකුණු කොරියාව මාර්ගයෙන් එහි යෑවූ ක්‍රිස්‌තියානි මිෂනාරී කණ්‌ඩායම් කීපයක්‌ තලේබාන් අත්අඩංගුවට පත්වූ පසුවයි.

බින්ලාඩන් ඇල්ලීමේ මෙහෙයුමේ ප්‍රධානියා වූ ජෙනරල් විලියම් බොයිකින් විසින් ත්‍රස්‌තවාදයට එරෙහි ලෝක යුද්ධය ඉදිරියේ ආගමේ කාර්යභාරය යන මැයෙන් පවත්වන ලද දේශනයකදී පළකළ අදහස්‌ 2004 මාර්තු 26 ප්‍රොන්ට්‌ලයින් සඟරාවේ පළකර තිබිණි. මොහම්මද්තුමාට විරුද්ධව සිදු කළ සෝමාලියා සටනින් ලද ජයග්‍රහණ ගැන උද්දාම වන ඔහු මෙසේ පවසයි. ''මගේ දෙවියා ඔහුගේ දෙවියාට වඩා බලවතෙකි. මගේ දෙවියා සැබෑ දෙවියායි. ඔහුගේ දෙවියා මවාගත් කෙනෙකි. අපි ක්‍රිස්‌තියානි ජාතියකි. අපට තිබෙන්නේ යුදෙව් ක්‍රිස්‌තියානි පදනමකි. අපි සාතන්ගේ සතුරෝය. ජෝර්- බුෂ් ධවල මන්දිරයේ සිටින්නේ මහජන ඡන්දයෙන් නොව දෙවියන්ගේ නියමය පරිදි මිසදිටුවන්ට විරුද්ධව කුරුස යුද්ධය ක්‍රියාත්මක කිරීමටයි.''

ජනාධිපති ජෝර්- බුෂ් මහතා දියත් කළ කුරුස යුද්ධය ගැන ''ද ටෙලිග්‍රාප් ගෲප් ලන්ඩන් 2005'' ප්‍රවෘත්තියේ උපුටනයක්‌ 2005 ඔක්‌තෝබර් 08 දින අයිලන්ඩ් පත්‍රයේ පළකර තිබිණි. ''ඉරාකය සහ ඇෆ්ගනිස්‌ථානය ආක්‍රමණය කරන්නට දෙවියන් වහන්සේ මට නියෝග කළා'' යනු එහි සිරස්‌තලයයි. ''දෙවියන් වහන්සේ අප මෙහෙයවමින් අප සමීපයේ සිටිනවා. ජෝර්-, ඇෆ්ගනිස්‌ථානයට ගිහින් ත්‍රස්‌තවාදීන්ට විරුද්ධව සටන් කරපන් යෑයි දෙවියන් වහන්සේ මා මෙහෙයවූවා. මම එසේ කළා. ජෝර්ජ් පලයන් ඉරාකයට ගිහින් කෲර පාලනය අවසන් කරපන් යෑයි කීවා. මම එය කළා. මැද පෙරදිග පලස්‌තීනයට හා ඊශ්‍රායලයට සාමය ගෙන එන්නැයි කියන දෙවියන් වහන්සේගේ හඬ මට ඇසේවි කියලා මා හිතෙනවා.'' මෙයින් ඉස්‌මතු වන්නේ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ සැබෑ ආගමික ස්‌වරූපයයි. ජෝර්ජ් බුෂ් මහතා මූලධර්මවාදී ''බෝන් අගේන්'' ක්‍රිස්‌තියානි නිකායේ සාමාජිකයෙකි. බොරු චෝදනා මත ඉරාකයේ සදාම් හුසේන් මරා දැම්මේ ඉස්‌ලාමිකයන්ගේ ඊදුල් අල්හා හඡ් ආගමික උත්සවය පැවැත්වෙන අවස්‌ථාවේ ය. පසුගියදා ඉරාකයේ කොටසක්‌ යටත් කරගත් සුන්නි මුස්‌ලිම්වරු ඉරාකයේ ක්‍රිස්‌තියානියට හැරුණ අය පැය 24 ක්‌ තුළ ඉස්‌ලාම් දහම වැළඳ නොගත්තොත් මරණ බව නිවේදනය කළහ. ඇමෙරිකාව ඉරාකය තුළ ක්‍රිස්‌තියානිය පැතිර වූ බව එයින් පැහැදිලි වෙයි.

"නවලෝක සැලැස්‌මට පිටුපසින් තිබෙන්නේ කුමක්‌ ද?" යනුවෙන් නම් කෙරුණ ඇමෙරිකානු ආගමික මෙහෙයුමක්‌ ගැන සඳහන් පොතක්‌ ආගමික සංවිධානයක්‌ මගින් ප්‍රකාශයට පත්කොට ඇත. ලොස්‌ඇන්ජලිස්‌ ටයිම්ස්‌ පුවත්පතේ 1991 පෙබරවාරි 16 දින පළ වූ ජනාධිපති ජෝර්ඡ් බුෂ් මහතාගේ ප්‍රකාශයක්‌ එහි දැක්‌වෙයි. "එය කදිම අදහසකි. විවිධ ජාතීන් පොදු අරමුණක්‌ උදෙසා එක්‌කෙරෙන එය නව ලෝක සැලැස්‌මකි. එය පෙරට ගෙන යැමට තරම් බලයක්‌ හා ශක්‌තියක්‌ ඇත්තේ එක්‌සත් ජනපදයට පමණි. පුද්ගලයන් වශයෙන් ද, ජාතීන්හි පුරවැසියන් වශයෙන් ද, අපගේ ජීවන රටාව අපගේ පවුල් හා රැකියාවන් අපගේ වෙළෙඳ කටයුතු හා ගනුදෙනු අපගේ අධ්‍යාපන ක්‍රම, ආගම් හා සංස්‌කෘතීන් අපගේ ජාතික අනන්‍යතාවයන් ආදී සියල්ල එමගින් වෙනස්‌ කෙරෙනු ඇත. කිසිවකුටත් එයින් මිදෙන්නට බැරි වෙයි."

නව ලෝක සැලැස්‌ම වශයෙන් එක්‌සත් ජනපදය ක්‍රියාත්මක කරන්නේ මුළු ලෝකය ම තමන්ගේ පාලනයට නතුකර ගැනීමේ වැඩපිළිවෙළකි. එය ඉතා සියුම් උපායන්ගෙන් සැදුනකි. වෙනත් රටවලින් එල්ල වන චෝදනාවලින් ගැලවීම පිණිස එක්‌සත් ජනපදය සිත් ඇදගන්නා මාතෘකා යොදා ගනියි. මානව අයිතිවාසිකම්

සුරැකීම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, මානුෂීය ආධාර ලබාදීම, සංවර්ධන ව්‍යාපෘති, අවබෝධතා ගිවිසුම්වලට එළඹීම, සාමය තහවුරු කිරීම, ත්‍රස්‌තවාදය පිටුදැකීම වැනි තේමාවන් ඒ අතර වෙයි. කිසියම් රටක්‌ සඳහා සැලැසුමක්‌ සකස්‌ කරන විට ඒ රටේ ආගම, සංස්‌කෘතිය, ස්‌වාභාවික සම්පත්, භූගෝලීය ලක්‌ෂණ, සංග්‍රාමික වැදගත්කම, යුධමය හා ආර්ථික ශක්‌තිය හා ජාත්‍යන්තර සම්බන්ධතාවන්හි ස්‌වභාවය ගැන ඇමෙරිකාව අවධානය යොමු කරයි. ඒ සඳහා දත්ත එක්‌රැස්‌ කරගැනෙන්නේ ඔත්තු සේවාවන්ට අමතරව ඒ ඒ රටවල විද්වතුන්ට මුදල් දී ලබාගන්නා ව්‍යාපෘති වාර්තා සහ උපාධි නිබන්ධන මාර්ගයෙනි. වින්ඩෝස්‌ 8 පරිගණක මෙහෙයුම හා දුරකථන මගින් ඇමෙරිකාව ඔත්තු සොයන බවට චීනය හා ජර්මනිය චෝදනා කරයි. ඇමෙරිකාවේ මූලික අරමුණ වන්නේ හිතවාදී නොවන රටවල් අවුල් කිරීම, හිතවත් පාලකයන් බලයේ පිහිටුවීම, සම්පත් සූරා කෑම වැනි දේවල් ය. ඒ අරමුණු සඳහා රටවල ආගමික සංස්‌කෘතික හා පාරිසරික හර පද්ධතීන් විනාශ කෙරේ.

අපේ රට තුළ ක්‍රිස්‌තියානිකරණයෙහි යෙදෙන බොහෝ මූලධර්මවාදී නිකායන් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකානු ආධාරවලිනි. උතුරේ හින්දූන් 7000 ක්‌ ක්‍රිස්‌තියානියට හැරවීම ගැන 2003 අයවැය විවාදයේ දී චෝදනා නැඟූ හින්දු ආගමික ඇමති ටී. මහේෂ්වරන් මහතා ආගම්වලට හැරවීමට එරෙහිව පාර්ලිමේන්තුවට පනතක්‌ ඉදිරිපත් කළේය. එවිට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා ඔහු කැඳවා සිදු කළ තරවටුව හේතුවෙන් පනත අතරමග නැවතුණි. ජාතික හෙළ උරුමය ද එවැනි පනතක්‌ ඉදිරිපත් කළේය. එම පනත සම්මත කළොත්, ශ්‍රී ලංකාවට ආධාර සැපයීම නතර කරන බවට ඇමරිකාවේ ක්‍රිස්‌ටිනා රොකා මහත්මිය එරට ශ්‍රී ලංකා තානාපති බර්නාඩ් ගුණතිලක මහතාට දැන්වූවාය. ඇමෙරිකා එක්‌සත් ජනපදය ආගම සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතකි. අනෙකුත් රටවල ආගමට හා සංස්‌කෘතියට තහංචි පනවයි. එහෙත් ඇමෙරිකානු රාජ්‍ය ප්‍රතිපත්ති අන්ත ආගම්වාදී ස්‌වරූපයක්‌ ගනියි.

ඇමරිකා එක්‌සත් ජනපදය ලෝකයේ බොහෝ රටවලින් සංක්‍රමණය වූ මිනිසුන්ගෙන් සැදුන රාජ්‍යයකි. එය ගොඩනැඟුණේ වසර දෙසීයකට පමණ පෙර අප්‍රිකාවෙන් තලා පෙලා රැගෙන ආ වහල්ලුන්ගේ ශ්‍රමයෙන් හා වෙනත් රටවලින් කොල්ලකා ගත් සම්පත්වලිනි. විවිධ රටවල විද්‍යාඥයන්ගේ හා කාර්මික ශිල්පීන්ගේ දැනුම ලබාගැනීමෙන් එක්‌සත් ජනපදය කාර්මික හා විද්‍යා තාක්‌ෂණයෙන් දියුණු දේශයක්‌ බවට පත්ව ඇත. හොඳ නරක දෙක ම උපරිම වශයෙන් පවතින ඇමෙරිකානු ජනතාව ඉතා සංවේදීය. මානව දයාවෙන් පිරුණ පිරිසකි. අන් කෙනකුට හිරිහැර කරනවාට අකමැතිය. ඔවුන් අසල්වැසියාගේ ඕපදූප සොයන්නේ නැත. බහුතර ජනතාව සම්බන්ධයෙන් එම විග්‍රහය නිවැරැදි ය. මග තොටකදී ඔබට කරදරයක්‌ වුවොත්, සෑම කෙනකුම ඔබගේ පිහිටට පැමිණෙනු ඇත. එය රට ඇතුළත සාමාන්‍ය ජනතාවගේ ස්‌වභාවයයි. නමුත් රාජ්‍ය ප්‍රතිපත්ති තුළ එවැනි මානව හිතවාදයක්‌ නැත.

සෑම වර්ෂයකම තම රට මගින් ලෝකයේ රටවල දියත් කෙරෙන මුස්‌ලිම් විරෝධී ව්‍යාපෘතිවල ප්‍රගති වාර්තාවක්‌ ඇමෙරිකානු ආරක්‌ෂක අංශය ලබාගනියි. ආසියානු කලාපය තුළ මුස්‌ලිම් බල ව්‍යාප්තියට එරෙහිව එක්‌සත් ජනපදය සෘජුව පහර එල්ල කරන්නේ නැත. ඒ වෙනුවට රටවල් තුළින් ම කණ්‌ඩායම් යොදා ගනියි. අපේ රට තුළ මුස්‌ලිම් හා සිංහල ජනතාව අතර ගැටුම්කාරී වාතාවරණයක්‌ උද්ගත වී තිබේ. එය හුදෙක්‌, බෞද්ධ හෝ මුස්‌ලිම් ජනතාව අතරින් මතු වූ දෙයක්‌ යෑයි සිතීම වැරැදියි. එය මෙහෙයවන කිසියම් අදිසි බලවේගයක්‌ තිබෙන බව සිතිය හැක. ඇතැමුන් එකඟ නොවුණත්, වර්තමාන ආණ්‌ඩුව යම් පමණකට හෝ දේශීයත්වයට නැඹුරු වූවකි. ආණ්‌ඩුව බහුතරයක්‌ බෞද්ධයන්ගේ හා භික්‌ෂූන්ගේ ශක්‌තිය මත පවතින බව ද නොරහසකි. තමන්ට ගැති නොවූ රාජපක්‍ෂ පාලනය ඇමෙරිකාව නොරුස්‌සයි. එය බිඳ දමන්නට සරත් ෆොන්සේකා මහතා ලවා ගත් වෑයම සඵල නොවුණි. භික්‌ෂුවක්‌ ජනාධිපති පොදු අපේක්‌ෂකයකු කිරීමෙන් බෞද්ධයන් බෙදීමේ සැලැස්‌මක්‌ ද තවම පවතියි. පොදු අපේක්‌ෂක සංකල්පය අප හිතවත් පූජ්‍ය සෝභිත හිමියන්ගේ නොවන බව අපගේ විශ්වාසයයි. පසුබිමේ සිටින්නේ එන්. ජී. ඕ. නඩයකි. අපේ හිටපු ජනාධිපතිනිය හිටි ගමන් ලංකාවේ ආගමික සංහිඳියාව නැතැයි පැවසීම හා බෞද්ධ නායකයකු වන දලයි ලාමා තුමාගේ ප්‍රකාශන අහඹු සිදුවීම් නොවේ. බේරුවල සිද්ධියෙන් පසු කිසි වැදගම්මක්‌ නැති එජාපයේ මන්ත්‍රීවරයකු කැඳවා පැසසීමට හා ඔහුට රැකවරණය දීමට තරම් ඇමරිකානු තානාපතිනියට ඇති වුවමනාව කුමක්‌ ද? ආගමික ගැටුම් ඇතිකිරීමට ඇමෙරිකාව නෝර්වේ හරහා කිසිවකුට මුදල් දුන්නා ද? පිළිතුරු සෙවිය යුතු මෙවැනි ප්‍රශ්න රැසක්‌ අපට තිබේ. ඥානසාරහිමියන්ගේ වීසා අහෝසි කළ ඇමෙරිකාව අනාගතයේ වටරැක විජිත විදේශයකට ගෙන යැමට ඉඩ ඇත. ජිනීවා මානව හිමිකම් කමිටු මෙහෙයුමට අතිරේකව අපේ රට තුළ ආගමික උමතුවක්‌ නිර්මාණය කොට ආණ්‌ඩුව පලවාහැරීම තවත් ඇමෙරිකානු තුරුම්පුවක්‌ වන්නට පුලුවන. මැතිවරණය මුල්කරගෙන රට පාවා දෙන එන්. ජී. ඕ. වලට සල්ලි පොම්ප කොට රාජපක්‍ෂ පාලනය අවසන් කිරීම ඇමෙරිකානු ඉලක්‌කයකි. බටහිර ව්‍යාපෘතිවලට පසුබිම සකස්‌ කරන පුද්ගලයෝ ආණ්‌ඩුව ඇතුළත ම සිටිති. බලලෝභී මුස්‌ලිම් ඇමතිවරුන් ඉස්‌ලාම් ආගමික අන්තවාදය ඇවිස්‌සීමෙන් කරන්නේ ඇමෙරිකානු ආගමික මෙහෙයුමට මුස්‌ලිම් ජනතාව බිලිදීමයි.


[දිවයින]

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions