4/07/2014

තුන් සිංහලය එක් සේසත් කළ රාත්‍රිය ... !!!

කතෘ:යුතුකම     4/07/2014   10 comments

ඒ සිහිනය නැවත සැබෑ කර ගන්නට අපට වසර 18ක් පෙරුම් පිරීමට සිදුවිය. ලෝක කුසලාන 4ක් අසලට පැමිණ නැවත හැරී යන්නට සිදුවිය. කෙසේ වුව ඒ සියල්ල අතීතයට එක් කර ඊයේ රාත්‍රී සිහිනය සැබෑ කර ගතිමු. ඩැරන් සාමි අනුව නම් ඒ දෙවියන්ගේ කැමැත්තයි. 

තරඟය ආරම්භ කරන මොහොතේ මා සිටියේ තුරඟ තරඟ පිටියේ ක්‍රීඩාගාරයේය. මුළු නගරයම සැණකෙළි වෙස් ගෙන තිබිණි. ක්‍රීඩාංගණයේ දැවැන්ත තිරය තරඟය සජීවි ලෙස විකාශනය කිරීමට සුදානම් කර තිබිණි. ශ්‍රී ලාංකික ක්‍රීකට් ලෝලීන් සිංහ ධජ පතාක රැගෙන ජයඝෝෂ නඟමින් ක්‍රීඩාංගණය වෙත පැමිණි අතර ක්‍රීඩාගාරය අතුරුසිදුරු නැතිව පිරී යන්නට වැඩි වේලාවක් ගත නොවිණි. 

කාසියේ වාසිය මාලිංග සතු කර ගනිත්ම ජය ඝෝෂාවෙන් මුළු ක්‍රීඩාංගණය ම ගිගුම් දෙන්නට විය. ලංකාවේ ජය පතා වයන මෝලම් හඬ දෙගුණ තෙගුණ විය. ඉන්දීය ජාතික ගීය ගයන විට සියලු ජය ඝෝෂා නතර කොට නිහඬවීමට තරම් බොහෝ ලාංකිකයින් වගකීම් සහගත වුව ද සුළු පිරිසක් කෑ කෝ ගසමින් සිය අසංස්කෘතිකත්වය ප්‍රදර්ශනය කිරීමට අමතක නොකළේය. ඒ මොහොතේ සිය අසුන්වලින් නැගිට නිහඬව සිය ගෞරවය ඉන්දීය ජාතික ගීයට පළ කළ සියලු දෙනා මගේ විශේෂ ගෞරවයට පාත්‍ර වේ. කෙසේ වුව මාලිංග ප්‍රමුඛ ලංකා කණ්ඩාවම අපේ ජාතික ගීය ගයන විට සියලු දෙනා නැඟිට මහත් අභිමාණයෙන් ජාතික ගීය ගැයූ බව ද කිව යුතුමය.

දස අත ගිගුම් දෙන ජයඝෝෂා මැද තරඟය ඇරඹිණි. අපේ සිංහ පැටව් වෙනුවෙන් මුළු ක්‍රීඩාගාරය ම ජය ඝෝෂා නැඟු අතර ඉන්දී ජාතිකයින් පිරිසක් සිය රටේ ජය පතා ඝෝෂා නඟනු දක්නට ලැබිණි. මෙහිදි විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මා අවට සිටි මුස්ලිම් පිරිස ලංකාවේ ජය පතා හඬ නැඟු බවය. ඔවුන් මුස්ලිම් අන්තවාදයේ ගොදුරු බවට පත් නොවූ සැබෑ දේශප්‍රේමි ලාංකිකයින්ය. 

මුල් පන්දු වාර කිහිපය අවසානයේ මම මගේ නවාතැන අසල ශ්‍රී විහාර් හෝටලය වෙත පැමිණියෙමි. (එය මීට පෙර ශාන්ති විහාර් නම් විය.) රාත්‍රී ආහාරය ගෙන එහි සේවක පිරිස සමඟ හෝටලයේ රූපවාහිනිය ඔස්සේ තරඟය නැරඹුවෙමි. ශ්‍රී විහාර් දෙමළ හින්දු වෙජිටේරියන් හෝටලයකි. එහි සේවක බහුතරය ශ්‍රී ලංකා දෙමළ වන අතර සූපවේදීන් සිව් දෙනෙක් ඉන්දීය ජාතිකයෝය. එම සිව් දෙනා අතරින් තරඟය නරඹමින් සිටි දෙදෙනා හැර අපි සියලු දෙනා ලංකාවේ ජය පැතූ අයවීමු. ඉන්දිය විකට් බිඳෙන විට, ලකුණු වළක්වන විට අපි ප්‍රමුදිත වූ අතර චිරාත් කෝලි පිටිය සිසාර සිය අණසක පතුරු වන මුකුලිත වීමු. එවන් අවස්ථාවල ඉන්දියානුවෝ බෙහෙවින් සතුටු විය.
තරඟය කෙළවරවත්ම මට මගේ කොළඹ හින්දු මිතුරියගෙන් ලැබුණු කෙටි පණිවිඩයක සඳහන් වූයේ "අපි දිනුවා! කොහොමද සංගාගේ වැඩ!" යනුවෙනි. මගේ යාපනේ මිතුරියක සිය නිවසේ සිට මට එවූ කෙටි පණිවිඩයක් මෙසේය.

"Ys Iya, It's a new year gift 4 all Sri Lankans. wow amazing. Gud luck Sanga. He is a hero. Thnk God." 

මේ සියල්ල මා කීවේ මා බොහෝ කලක සිට කියන කතාවක් නැවත කීම සඳහා පසුබිම සකසා ගැනීම පිණිසය. විවිධ හේතු නිසා විවිධ බෙදීම් රාමුවල සිරවී සිටින අපි ඊයේ රාත්‍රී ජාතියක් ලෙස එකට සිට ගතිමු. එකම අපේක්ෂාවක් වෙනුවෙන් අත්වැල් බැඳ ගතිමු. අපේ මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙන් එකාවන්ව පෙනී සිටියෙමු. 

විවිධ අන්තවාදී බෙදුම්වාදී දිශානතීන් වෙත නොගොස් මේ රටේ සිංහලයින් සමඟ එකාවන්ව ජීවත්වීමට කැමති හින්දු සහ මුස්ලිම් සහෝදර පිරිසට අප ගරු කළ යුතුය. ඔවුන් ද සිංහලයින්මය. සිංහයින්මය. ජාතිය එක් මතයක ඇදබැඳ තබා ගැනීමට අපට ක්‍රිකට් භාවිත කළ හැකිය. ක්‍රිකට් ක්‍රීඩාව ඔස්සේ තුන් සිංහලය එක් සේසත් කළ හැකිය. ඒ තුන් සිංහලය නම් සිංහලයින්, සිංහල හින්දුන් සහ සිංහල මුස්ලිමුන්ය. 



-නාමල් උඩලමත්ත (සංහිඳ)
යුතුකම සංවාද කවය

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

10 comments :

  1. විභූතිරත්න4/07/2014 1:50 PM

    "විවිධ අන්තවාදී බෙදුම්වාදී දිශානතීන් වෙත නොගොස් මේ රටේ සිංහලයින් සමඟ එකාවන්ව ජීවත්වීමට කැමති හින්දු සහ මුස්ලිම් සහෝදර පිරිසට අප ගරු කළ යුතුය. ඔවුන් ද සිංහලයින්මය. සිංහයින්මය. ජාතිය එක් මතයක ඇදබැඳ තබා ගැනීමට අපට ක්‍රිකට් භාවිත කළ හැකිය. ක්‍රිකට් ක්‍රීඩාව ඔස්සේ තුන් සිංහලය එක් සේසත් කළ හැකිය. ඒ තුන් සිංහලය නම් සිංහලයින්, සිංහල හින්දුන් සහ සිංහල මුස්ලිමුන්ය. "

    විශිෂ්ඨ අදහසට ඔබට ආචාරය !

    ReplyDelete
    Replies
    1. කතෝලික පොඩ්ඩා4/07/2014 2:09 PM

      එතකොට කතෝලික උන් නැද්ද මේකේ..

      Delete
  2. විමලසේන4/07/2014 1:55 PM

    මේ ගැන අර Nimal නමින් කළින් ලිපි වල අදහස් පලකළ මහත්මයාගේ මතය දැන ගන්නට කැමැත්තෙමි.

    ReplyDelete
  3. Mage adahas denaganna kalin kiwwanam, Thunsinhale kiyanne Sinhala, Muslim , Demala kiyana eka gena adahasa. Ethakota mahawanshe kiyawena Sinhalun wisin parada karapu demellu kawda. Nalin de Silva kiyana demellu wenama innawada? Wimalasena siraawatama hithanawada Lankawa cricket match eka dinna nisaa Demala and Muslim minissu sathutu una paliyata e minissu thaman sinhala kiyala hitanawa kiyala? Mahawansheda hari? Oyagollo eka eka welaawata hadaaganna pralaapa da hari?

    ReplyDelete
  4. ඉතිහාසය පුරා වුණේ මේ රටට පැමිණි විවිධ ජන කොටස් පරම්පරා දෙක තුනකින් සිංහල වීම. ඒ අර්ථයෙන් සිංහල කියන්නේ ඒ කණ්ඩායම්වල එකතුව. ඇමරිකාවේ ඇමරිකානුවෝ වගේ සිංහලයේ සිංහලයෝ. දෙමළ විතරක් නෙමේ බටහිර ජාතීන් පවා ඊට එක් වෙනවා. නිදසුනක් විදිහට රොබට් නොක්ස් කියනවා තමා සමඟ උඩරට සිරකළ පිරිසෙන් දෙදෙනයි නැවත ගියේ සෙසු 18 දෙනෙක් (මගේ මතකය නිවැරදි නම්) ලංකාවේ කාන්තාවන් සමඟ විවාහ වෙලා බින්න බැස්සා කියලා. දැනුත් සිංහලයින් අතර සිටින දස්කොන් වගේ අයත් එහෙමයි. සපුමල් කුමාරයා දෙමළ සම්භවයක් ඇති කෙනෙක්.

    කොහොම වුණත් මේ ස්වීයකරණ ක්‍රියාවලිය නතර කරනවා යටත්විජිතවාදීන්. අපේ අරමුණ එම තත්වය නැවත ඇති කිරීම. ඒ කියන්නේ දෙමළ මුස්ලිම් අය සිංහල කිරීම නෙමේ. ඔවුන්ගේ අනන්‍යතාව ආරක්ෂා කරගන්නා අතර මහ ජාතියේ කොටස්කරුවන් කරගැනීම. මේ රටේ ප්‍රධාන සංස්කෘතියේ කොටස්කරුවන් කරගැනීම. මේ බොහෝ ගැටලුවලට විසඳුම එයයි.

    මහාවංසය තුන් සිංහලයට වෙනස් අර්ථකතනයක් දෙනවා. මම කළේ ඒක නූතන අවශ්‍යතාව පරිදි යාවත්කාලීන කරගැනීම විතරයි. වචනවල අර්ථ වෙනස් වෙනවා. ඉස්සර සුඟ කීවේ පොඩි කුඩා කියන අර්ථයෙන්. අද හුඟ කියන්නේ එහි ප්‍රතිවිරුද්ධ අර්ථයෙන්.
    අපේ පොත්පත්වල දෙමළ හෝ සොළී කියන වචනය භාවිත කරලා තියෙන්නේ ඇත්තට ම කිසියම් වාර්ගික පිරිසක් හඳුන්වන්න නෙමේ. ආක්‍රමණිකයා කියන අර්ථයෙන්. ඇතැම් කෘතිවල පෘතුගීසි ලන්දේසී පවා හඳුන්වන්නේ සොළීන් විදිහට.

    කවුරු පිළිගත්තත් නොගත්තත් මේ රටේ ජීවත්වෙන හැම කෙනෙක් ම එක්තරා දුරකට සිංහල. (වැඩි විස්තර සඳහා මර්සලීන් ජයකොඩි පියතුමා කියවන්න.) මොකද ඔවුන්ට මේ රටේ සංස්කෘතිය තුළයි ජීවත්වන්න වෙන්නේ. සිංහලවීම පිළිබඳ ලැජ්ජ වෙන චන්ද්‍රිකාගේ විමුක්ති පුතා වගේ අයත් ඉන්නවනේ. ජාතියක් නෑ පන්තියක් විතරයි තියෙන්නේ කියලා සුළු ජාතික අයිතීන් ගැන කතා කරන අයත් ඉන්නවනේ. ඉතින් දෙමළ මුස්ලිම් අය අතරත් එහෙම අය ඉන්න පුළුවන්. ඒක නොවිය හැකි දෙයක් නෙමේනේ. ඒක මහා ප්‍රශ්නයකුත් නෙමේ.
    (විමලසේන උන්නැහේගේ අදහස එතුමා ලියාවි මං හිතන්නේ)

    ReplyDelete
  5. අනේ පිං සිද්ධ වෙයි ලියන දෙයක් සිංහල අකුරින් ලියන්න.

    ReplyDelete
  6. විමලසේන4/09/2014 6:34 AM

    මගේ අදහසත් නාමල්ගේ අදහසට බොහෝ දුරට සමානයි. ඒක පැහැදිළිව ඉදිරිපත් කළාට ස්තූතියි.
    මෙතනදී අපට පේන්න ඕන දෙයක් තමා TNA මන්ත්‍රීලා කියනවා උතුරට සිංහ කොඩි එපා කියලා. හැබැයි සාමාන්‍යය දෙමළ මිනිහා තරඟය නරඹනවා කොඩිය අතේ තියාගෙන. මොකක්ද මේකට හේතුව. අර ජනතා නියෝතයා කියන මිනිහා ඒ ජනතාවගේ මතය නම් නි‍යෝජනය කරන්නේ ඒක එහෙම වෙන්න පුළුවන්ද? මේකට හේතුව තමා දෙමළ ජාතිවාදය උඩ සිට පහළට ක්‍රියාත්මක කරවීම. බටහිරයන් පෝෂණය කරලා ගත්ත දේ වරප්‍රසාද ලත් ප්‍රභූ පංතියක් හරහා සාමන්‍යය දෙමළ ජනයා අතරට අරගෙන යනවා. එහෙම තමා ඒගොල්ලෝ ඡන්ද ගන්නේ. තව කට්ටියක් රිෆියුජී කියලා යුරෝපයට යන්නේ. මේක නැවතුන දාක ඒගොල්ලන්ට ඡන්ද ගන්න අමාරුයි. දැන් ඉන්දියාවෙ හරි කොළඹ හරි ඉදගෙන උතුරේ ඡන්ද ටික නිකම්ම ගන්නවා. මේ පැත්තේ මිනිහෙක් ඡ්න්ද ගන්න මළ ගෙවල්ම කීයකට බඩ ගාන්න ඕනද? ඒගොල්ලා දෙමළ මිනිහා අතරට ජාතිවාදය යම් දුරකට ගෙනියන්න සමත් වෙලා තියෙන බව ඇත්ත. හැබැයි ඒ ආරෝව කෘතිමව ඇති කරපු එකක්. ඒක අර කොල්ලන්ට පුළුවන් වෙන්නේ සිංහ කොඩිය අතේ තියාගෙන තරඟය බලන්න. ඉතිං නිමල්, ඕගොල්ලන්ගේ න්‍යායෙන් ඒක විග්‍රහ කරන්න බැරි එක හරි..හබැයි ඒක හොඳයි නේද? අපි කරන්න ඕනා අර දෙමළ ජාතීවාදීනට උඩගෙඩිදෙන එක නෙමේ, අර පහළ මිනිහාව ජාතිවාදියෙක් කරන්න දඟලන උන්ට කිසිම ඉඩක් නොදී ඒ අතෝරයෙන් අර මිනිහාව බේර ගන්න එක. දෙමළ ජාතිවාදයට පුංචි හරි ඉඩක් දුන්නොත් ඒකත් උන් යොදා ගන්නේ අර සාමාන්‍යය මිනිහව කොහොම හරි තව ටිකක් ජාතිවාදී කරන්න. අපි කරන්න ඕනා ඒ ජාතිවාදීන්ට න්‍යායවල් හදලා දෙන එක නෙමේ.. ඒක පරාජය කරන එක. ඒ කියන්නේ බෙදීම පරාජය කරන එක..සාමය දිනවන්න පුළුවන් එකම මඟ ඒක විතරයි. වෙන කෙටි පාරවල් නැහැ.

    ReplyDelete
  7. Cricket tharangayak dinna welawata denena thrill ekata e minissu Sinha Kodiya athata aran wenuwa paliyata e minissu hadawathin sinhala kiyala laghu karana adhyapana mattamaka thamai sinhala Jathiwadiyo inne. Meke mama ahapu prashneta utthare dila nehene. Mahawanshe inna demellu den uthure inna demellunta wadaa wenas kattiyakda? Namal kiyana widiyata Mahawanshe demellu (or Solee) kiyanne akramanikayo nam den inna demala janagahanaya bihiwune kohomada? oya mona baila kiwwath ogollo sinhala jathiwadee set eka dannawa Mahawanshe demellunwa me rate aithikarayo widiyata pili araganne nethi bawa. Boruwa hira unama e wachana walata wena wena artha kathana denna yanawa boruwata suddanta bena bena. TNA demala jathiwaadaya niyojanaya karanawa.. eka ettha. Namuth sinhala rajayan wisin kaalayak tisse karapu weda walin owunwa ethanata thallu karala daala tiyenawa.
    බටහිරයන් පෝෂණය කරලා ගත්ත දේ වරප්‍රසාද ලත් ප්‍රභූ පංතියක් හරහා සාමන්‍යය දෙමළ ජනයා අතරට අරගෙන යනවා. එහෙම තමා ඒගොල්ලෝ ඡන්ද ගන්නේ. තව කට්ටියක් රිෆියුජී කියලා යුරෝපයට යන්නේ. මේක නැවතුන දාක ඒගොල්ලන්ට ඡන්ද ගන්න අමාරුයි.
    Mekama neda 1956 indala Bandaranayake and SLFP eka karanne. Mahinda ada karanneth okamane sinhala minissu athara. Dehapalanedi karanna puluwan jaraama wede thamail oka.

    Saamanya demala manussayata aithiwasikam gena hengimak nethi wenna puluwan. Eka hariyata car ekak dekala nethi minihata Car ekaka awashyathawayak nehe kiyanawa wage kathaawak. Aithiwasikam dinagenimedi saamanya duppath manussayata denena de etharam wedagath yei mama hithanne ne. Wedagath de thamai e minissunta anagathayedi ho wadaa usas jeevana thathwayak labaagena samaajaye sama hawul karuwan lesa gaurawaniyawa jeewath wennata puluwan samaja thathwayak nirmanaya kirima sandahaa kepaweema. Eya kala heki wanne ema jana kottashaye inna wadaa honda adyapanayaka lebu pudgalayantai. Nehiwa demala minissunge abhilashayan welekweeme magak lesa owunwa sinhala Jathiyata awashoshanaya kara geneema nemei. Match eka dinna welawata sinha kodiya wenuwa kiyala demellunta unge aithiwasikam one nehe kiyala hithanawanam eka loka wihiluwak.

    ReplyDelete
    Replies
    1. විභූතිරත්න4/09/2014 12:35 PM

      කවුරු උනත් මේ හාදයට සිංහල තේරෙන්නේ නෑනේ...
      මිනිහෝ ඔය ටික සිංහලෙන් ටයිප් කරනවකෝ...
      කියවන්නත් ලේසියි...
      නැත්නම් අපරාදේ තමුනැහේගේ මහන්සිය...
      මෙන්න ලේසියෙන්ම ටයිප් කරන්න ලින්ක් එකක්...

      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      Delete
  8. නිමල් මහත්තයාට මේ විදිහට පිළිතුරක් ලිවීම ගැන ස්තුතිය. මම දන්නේ නෑ මම ලියපු දේවල් ඒකට විෂය වුණාද කියලා. හැබැයි මම නම් ඒක කියවන්නේ නෑ. මොකද මට ඒක අමාරු කරදර වැඩක්. සිංහල අකුරින් ලීවා නම් කියවනවා.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions