2/03/2014

යට ඇඳුම උඩින් අඳින සන්නස්ගලලා

කතෘ:යුතුකම     2/03/2014   6 comments

පසුගිය දිනකදී උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් "හොඳම දේ දරුවන්ට" යන මැයෙන් පුවත්පතකට ලියන ලද ලිපියක් කියවන්නට සිදුවිය. ඒ ලිපිය ලිවීමට ඒ මහතාට සිත් දී ඇත්තේ අපූරු සිද්ධියකි. ඒ සිද්ධිය ඒ මහතා මෙසේ ලියා තිබිනි.

මා හොඳින් දන්නා කොළඹ නගරයේ සුප්‍රසිද්ධ ජාතික පාසලක නිර්මාණශීලී දරුවෙක් සිටියේ ය. හෙතෙම පන්තියේ පළමුවැන්නා ය. ඉංග්‍රීසි සිංහල ද්විභාෂාවෙන් ම කීමටත් බිණීමටත් ඔහුට හැකි ය. ඔහුගේ දෙමාපියෝ මේ සිසුවා මේ ප්‍රකට ජාතික පාසලේ කනිෂ්ඨ ශිෂ්‍යනායකයකු කිරීමටත් ඉනික්බිතිව ජේ‍යෂ්ඨ ශිෂ්‍යනායකයකු කිරීමත් බලාපොරොත්තු වූහ. එහෙත් පන්තිභාර ගුරුතුමියත්, විනය භාර ගුරුතුමාත්, ශිෂ්‍යනායක කණ්ඩායම භාර ගුරුතුමාත් ඔහුට ශිෂ්‍යනායකකම නොදුන්නෝ ය. දෙමාපියන්ගේ අදහසට අනුව තම දරුවාට වඩා නායකත්ව සුදුසුකම් අඩු උපාසක උපාසිකා යුවළකගේ දරුවකුට ශිෂ්‍යනායකකම ලැබිණි. උපාසක දරුවා ශිෂ්‍යනායකයකු වෙද්දී, නිර්මාණශීලී දරුවකු ශිෂ්‍යනායකයෙක් නො කළේ ඇයි දැයි දෙමාපියෝ අදාළ ගුරුභවතුන්ගෙන් සන්සුන් ව විමසූහ. පිළිතුර මේ පරිදි ය.


"දරුවා දක්‍ෂ බවත්, හොඳ බවත් ඇත්ත. එයාගේ ඇඳුම් විලාසිතාව හොඳ නෑ. කලිසම ඇඳලා ඉණෙන් පහළට අඟල් හයකටත් වඩා පහත් කරගෙන ඉන්නේ. කලිසමට යටින් යට ඇඳුම පේනවා. යට ඇඳුම පේන්න අඳින ළමයෙක් කොහොමද ශිෂ්‍යනායකයෙක් කරන්නේ? එයා වැඩි පුරම අඳින්නේ රතු පාට අන්ඩ(ර්) වෙයා(ර්) එකක්" පන්ති භාර ගුරුතුමිය කීවා ය.


ඉනික්බිති මේ මහතා එකිනෙකට අසම්බන්ධිත වැල්වටාරම් රාශියක් ලියා දක්වා මහන්සි ගන්නේ යට ඇදූම් පෙනෙන්න පාසලට ඇදුම් ඇදගෙන ඒමේ වරදක් නැති බවත් වරද ඇත්තේ ළමයාගෙ නොව වෙනස්වන විලාසිතාවන් නොපිළිගන්නා වැඩිහිටියන්ගේ බවත් කියාපෑමටයි.

විලාසිතාවන් කාලයෙන් කාලයට වෙනස් වන බව සැබවි. තරුණ ළමුන් ඒවා අනුකරණය කරන බවද සැබවි. නමුත් සන්නස්ගල මහතා මේ සියල්ල ලියා දක්වන්නේ මේ දරු පරපුර කෙරෙහි පතළ මහා කරුණාවකින් නොව, තමාද අයත් ලිබරල් විකල්ප ගෝත්‍රයට  අවැසි වී ඇති පරිදි
යට ඇඳුම පෙනෙන්නට අඳින්නවුන් ( සන්නස්ගල්ගේම වචනයෙන් නම් ජොකා පෙනෙන්නට අඳින්නවුන්) නායකයන් කරවීමට කැමති නිසා සහ මේ සමාජය තවමත් එයට වැට බැදීම නොඉවසින නිසා බව අප තේරුම් ගත යුතුය. යට ඇඳුමට පහළින් යටින් කළිසම අදින දරුවකු එයින් මුදවා ගන්නවා වෙනුවට මොවුනට අවැසි වී ඇත්තේ ඔවුන් අද දවසේ ශිෂ්‍යය නායකයන් බවට පත් කර හෙට දවසේ 'ජොකා' පෙනෙන්න හැඳ සිටියදීම රටේ නායකයන් බවට පත් කරවීමටමය. එවිට එවන් නායකයන් අතින් මේ විකල්ප ගෝත්‍රයට හැමවිටම ඇදට පෙනෙනු මේ රටේ සංස්කෘතියට, සභ්‍යත්වයට පහර ගැසීම ඉබේම සිදුවනු ඇතිය.

දරුවන් දෙස අප බැලිය යුත්තේ ඔවුන් දරුවන් බව දැන ගෙන කරුණාවෙනි. සන්නසගල මහතාට අනුව වැඩිහිටියන් හා ගුරුවරුන් කළ යුත්තේ දරුවා කරන දේ බලා "දරුවන් මෙහෙම තමා" යයි තේරුම් ගැනීම පමණෙකි. හුදු වාණිජ අරමුණු වලට පටු වුනු ටියුෂන් පන්තියක තත්වය නම් එය බව සැබවි. මේ මහා පඬියන්ට මඟහැරෙන්නේ ඉතා සරල කාරණා වීම පුදුමයකි. වැඩිහිටියන්ගේ හා ගුරුවරුන්ගේ යුතුකමක් හා වගකීමක් වනුයේ දරුවාට හොඳ නරක කියාදීමය. බටහිර නූතනත්වයෙන් ඔළුව කුරවළු නොකර ගත් ඕනෑම මවකු පියකු ඒ අදහස හා එකඟ වනු නොඅනුමානය. අප පවසන්නේ දරුවන්ට විලාසිතා තහනම් කළ යුතු බව නොවේ, විලාසිතාවක වුව හොඳ නරක සුදුසු නුසුදුසු බව තේරුම් ගත හැකි වන ආකාරයේ විඥ්ඥාණයක් දරුවා තුල ඇති කරවීමට දෙමාපියන් හා ගුරුවරුන් කටයුතු කළ යුතු බවය. එවිට අර දරුවාට යට ඇදුමට පහතින් කළිසම ඇද පාසල් යාම නුසුදුසු බව වැටහෙනු ඇත. එය ඉතා මැනවින් හඳුනා ගත්
ඇම්.ඇල්.සිල්වා ගුරු මුහන්දිරම් තුමා අතින් දරුවන් උදෙසා සිරිත් මල්දම ලියවිනි.

මේ රටේ බහුතරයක් උගත් නූගත් මිනිසුන්ට වැටහෙන මේ සරල කාරණය සන්නස්ගලලාට නොවැටහෙන්නේ මන්දැයි විමසා බැලීම හරහා අපට තේරුම්ගත හැකි යමක් වේ. ඇතැමෙකු ඒ ඔවුන් නිදහසේ සීමා පවුරු වලට කොටු නොවී සිතන උගතුන් නිසා යයි කියනු ඇත. සත්තකින්ම හේතුව එනමින් ඔවුන් පැළද සිටින බොරු වෙස් මුහුණය. ඒ බොරු වෙස් මුහුණ පැළද ගත්තෙකු ලෝකය බලන්නේ අපගේ සංස්කකෘතියට එරෙහි වෙමිනි. ඔවුන් තටමන්නේ එය සීමා කොටු පවුරක් යැයි සිතමින් එයට ඔබ්බෙන් ලෝකය දැකීමටය. කොච්ච්ර දැඟලුවත් මාලුවා සිටිය යුත්තේ දියෙහිය. එය මාලුවාට වෙනස් කර ගත හැක්කක් නොව. දියට අකමැති මාලුවෙකුට කළ හැකි එකම දෙය නම් දියට දොස් කිය කියා දියෙහිම සිටීම පමණි. ඒ දියෙහි කිමිදී ඉන් මිණි මුතු සොයා ගන්නට සමත් වූවන් අතිනි
සිරිත් මල් දම නිමැ වුනේ.

සංස්කෘතිය, ජාතිය හා සභ්‍යත්වය නොතකන පඬියාට අප ඉහිතින් කී කාරණය නොවැටහෙන්නේ මෙතනදීය. එනම් හොඳ, නරක තීරණය කරන්නේ කෙසේද, කවුද යන අභූත පැනය ඔවුනට පැන නගිනු ඇත. හොඳ, නරක, උචිත අනුචිත බව සංස්කෘතියට සාපේක්ෂය. සංස්කෘතිය මූලික වශයෙන් සිය ජාතියට හා දේශයට සාපේක්ෂය. ඉතින් ජාතිකත්වය අත්හළ ඊනියා ලිබරල් පඬියකුට හොඳ නරක තීරණයට නිර්ණායකයක් නැත. එනිසා
යට ඇඳුමට යටින් කළිසම ඇද පාසල් යාමේ හොඳක් හෝ නරකක් තමා පැළැදි බොරු වෙස් මුහුණ තුලින් ඔහුට නොපෙනේ. ඔහුට අනුව ඒ, ඒ ළමයාගේ හැටිය. අනිත් අය එය තේරුම් ගත යුතුය. මේ මුග්ධ බව ඔහු සිය වාග් මාලාව තූළ මෙලෙස සඟවා තබයි.

මොහොතකට දරුවාට බැන වදින දෙමාපියන්ට යෝජනාවක් කරන්නෙමි. ඉන්න ගමන් දරුවාගේ "පෙන්සිල් කේස්" එක විවර කරන්න. ඔබට පහත සඳහන් දේ සහ තවත් බොහෝ දේ හමුවනු ඇත.
විවිධ වර්ගයේ පාට පාට පෑන් සහ පැන්සල්, මකන, ටිපෙක්ස්, ස්ටෙප්ලර්, ස්ටෙප්ලර් කටු, කතුරක්, ගම්බෝතලයක්, රබර් බෑන්ඩ්, කොණ්ඩ බෝල, ස්ටිකර්, පාට පින්, බාගේ අඩිරූලක්, සෙලොටේප් එකක්, කටරයක්, සිම් කාඩ්, රීචාර්ඩ් කාඩ්, පන්ති කාඩ්, මුදල් කොළ සහ සිල්ලර කාසි, කෙටි සටහන්, චූටි පනාවක්, සුවඳ විලවුන්, අත් ඔරලෝසුවක්, (වේලාව බලන්නට නොවේ. වේලාව බලන්නේ ජංගම දුරකථනයෙනි) කුඩා ටිෂූ පැකට් එකක්, නළු නිළියන්ගේ දින දර්ශනපත්, තඹ පාට රත්නමාලි යන්ත්‍රයක්, ගණදෙවි රූපයක්, මූණ බලන චූටි කණ්ණාඩි කෑල්ලක් සහ තවත් බොහෝ අලංකරණ දේවල් ඔබට දැකගත හැකි වනු ඇත. දැන් ඇත්තේ පැන්සල් පෙට්ටියක් නොව වයිවාරණ හැඩයෙන් යුතු පෙන්සිල් කේස් එකක් ය. ඒ වටේ ටැග් වර්ග බොහෝ ප්‍රමාණයකි. කුඩා "බඩී" වර්ගයේ "සිලිං බිලිං සරුවත් කරත්තයක්" මෙනි. සියල් පෑනින් උසස් පෙළ ලියා, ජීවිතයේ ලොකු ම තෑග්ග ලෙස පාකර් වර්ගයේ පෑනක් තෑගි ලැබූ අපට මේ සිලිංබිලිං පෙන්සිල් කේස් එකේ සමාජ විද්‍යාව හඳුනා ගැනීමට අපහසු වීම සාධාරණ ය. ඔබට ළමයා අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් ඔබේ ආසනයේ සිට ළමයා දෙස නො බලා
ළමයාගේ ආසනයේ සිට ඔබ දෙස බලන්න.ඔබට ජීවිතය බැලීමට අලුත් කැඩපතක් නිර්මාණය වනු ඇත.


කාලය වෙනස් වන බව සැබවි. දරුවන් හා මිනිසුන්ද දරුවන්ද කාලය සමඟ වෙනස් වන බව සැබවි. එවැනි ඕනෑම කෙනෙකුට  එකඟ විය හැකි කරුණු කිහිපයක් ලියා තබන සන්නස්ගල ඒ කරුණු හා තමා ගේ මූලික තර්කය අතර සම්බන්ධය නොදක්වයි. එය ඔහුගේ කපටි කමකි. එමඟින් කියවන්නාට ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා යැයි හැඟී යාමට සැළැස්වීම ඔහුගේ උපක්‍රමයයි.

මේ ලිපියේ තවත් තැනක ඔහු මෙලෙස සදහන් කරයි.


දැන් අලුත් පරම්පරාව ඉණට අඳින්නේ නැත. ඇත්තට ම නම් ඔවුන් අඳින්නේ ඉණට නො ව පුකෙනුත් පහළට ය. ඒවා වැඩි හරියක් රෙඩිමේඩ් ය. කලිසම කමිසය ලොකු ද? පොඩි ද? මදි ද? කොට ද? දිග ද? යනාදී ප්‍රශ්න දැන් නැත. රෙඩිමේඩ් එහෙම ය. කොළඹ ජාතික පාසලේ දරුවකුට "ජොකා පේන්න කලිසම ඇන්දා" කියා ශිෂ්‍යනායකකම නො දුන් බව පිළිබඳ තොරතුර මම මගේ පොඩි පුතාට කීවෙමි. මගේ "පොඩි ඉලන්දාරියා" අපූරු කතාවක් කීවේ ය.

"ඒ ටීචර් ට පිස්සු. දැන් අඳින්නෙ එහෙම තමයි. ඒ ටීචර් දන්නව ද දන්නෙ නෑ සුපර් මෑන් අඳින්නේ යටට කලිසම. උඩට අන්ඩවෙයාර් එක. ඒකත් ස්ටයිල් එකක්"
විලාසිතා ලොව වෙනස් වීම ධනේශ්වරයේ තුන්වන කාර්තුවේ වේගවත් ක්‍රියාවලියකි. ඉස්සර පච්ච කෙටුවාට දැන් කොටන්නේ පච්ච නො ව ටැටූ ය. ඇතැම් කොල්ලන්ගේ කෙල්ලන්ගේ ටැටූ නො කෙටූ තැනක් නො තැනක් නැත.


මේ පශ්චාත් නුතනවාදී පියවරුන්ට සිය පුතාද ලිබරල්ය. පොඩි එකාට හොඳ නරක කියා දෙන පිය-පුතු සබදතාවක් මෙහි නැත.  ඉතින් පුතා අදින්නේද පුතාට ඕනා විදියටය. අසරණ පියාට කළ හැක්කේ ලිපියක් ලියා ඒ විදිය ලෝක සම්මතය බවට පත් කර ලෝකය තුල ඒ පුතුන්ගේ තැන සෑදීමට තමාට කළ හැකි යමක් සිය පුතුන් වෙනුවෙන් කිරීමය. එනයින් ඒ ලිපිය  ඒ මහතා පුතු සෙනෙහේ නිසා ලියූවක්ද වේ. එම ලිපියට  "හොඳම දේ දරුවන්ට" යයි නම් තැබීම ඒ අනුව ගත් කළ පෑහේ යයි සිතමු.

පොඩි එකා නොතේරෙන කමට ඉණට යට ඇඳුම හැද ඊට පහළින් කළිසම අදියි. පොඩි එකාගේ ඒ වරද නිවැරදි කර  ගැනුමට උපදෙස් ලබා දීම කළ යුතු සන්නස්ගල වැනි ගුරුවරුන් පොඩි එකාගේ 'ජොකා' දැක පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස් 'ජොකා'  ඔළුවෙන් හැද ලිපි ලිවීම දැයේ දරුවන් මෙන්ම දෙමාපියන්ද නොමඟ යැවීමක් බව කණගාටුවෙන් යුතුව පෙන්වා දීම අපේ යුතුකමකි. දියට වෛර  කරන මාළුවා දියෙන් උඩට පැන දියෙන් වෙන්ව හුස්ම ගැනීමට තැත් කිරීම නිසා කලක් යත්ම ලෙඩ මාළුවකු බවට පත් වේ. ලෙඩ  මාළුවාගෙන් උගැනුම් ලබනා කුඩා මාළුන්ද මේ රෝග කාරකයන්ට නිරාවෘත වීම ඛේදනීය තත්වයකි.




-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

6 comments :

  1. විමලසේන2/05/2014 1:30 PM

    බටහිර රටක ඉපදුනු ඇමරිකාවේ දැන් ජීවත්වන සුදු ජාතික යාළුවෙක් අප සමඟ කී කතාවක් කියන්නම්.

    යාළුවගෙ නම ජෝර්ජ්. යාළුවගේ පුතාත් ඇමරිකාවේ ඔහු යන පාසලට ඔන්න ඔහොම කළිසම ඇදන් යන්න පටන් ගත්තලු. පුතාගෙන් ඇහුවහම කිව්වාලු ඒක තමා අළුත් ස්ට්යිල් එක කියලා. ඒ රට වල ඉතින් ළමයින්ට අවවාද දෙන එක ලේසි නැතිව ඇතිනේ. ජෝර්ජ් දවසක් පුතා එක්ක ඉස්කෝලෙට ගිහින් කාර් එකෙන් බැහැලා පාත් කර ගත්තලු තමාගේ කළිසම. ඒ පාර පුතා ඇහුවලු තාත්තා මොකක්ද ඔය කරන්නේ කියලා. ජෝර්ජ් කිව්වලු ඕගොල්ලොත් මෙහෙම අදින නිසා මාත් මෙහෙම ඇදගෙන ඔයාගෙ ගුරුතුමාව හම්බෙන්න එනවා කියලා. ඒ පාර නම් පොඩි එකාට ලැජ්ජ හිතුනලු. තාත්තා ඔහොම එන්න එපා කිව්වලු. එදා ඉදලා හරියට කළිසම ඇදලා පුතා ඉස්කෝලේ ගියාලු. මේ ළමයින් දැන් ලොකු වෙලා.

    ReplyDelete
  2. ජොර්ජ් වගේ ද සන්නස්ගල...:)

    ReplyDelete
  3. විභූතිරත්න2/06/2014 9:32 AM

    සන්නස්ගලලාට අපේ රටේ සංකෘතිය , සභ්‍යත්වය පිළිබඳ ඇරියස් එකක් තිබේ..
    එක බොහො විට ඇති වන්නේ කුල පීඩනය, පවුලේ ආරවුල් , විරූපී රූපයක් හිමිවීම ආදී නොයෙක් හේතු නිසාය. නමුත් සන්නස්ගලට මේ ඇරියස් එක ආවේ කෙසේදැයි නිෂ්චිතව කිව නොහැක. ඔහුගේ සීයා වූ පුංචි බණ්ඩාර සන්නස්ගල මේ රටට ආදරය කල ආදරණීය වියතෙකි.එහෙව් එකේ ඒ සන්නස්ගලගේ මුණුපුරා අවජාතකයෙක් වූයේ කෙසේද?

    ලොකුම අවුල ඔහු මොකෙක්ද යන්න නොවේ. මේ පුහු පඬියන් අහිංසක දූ දරුවන් දහස් ගණනකගේ මොළය කුරවලු කිරීමයි. උසස්පෙළ කඩයිම පැනගන්නට ටියුෂන් ඒන මේ අහිංසකයන් මේ පාහරයන්ගේ ඉච්චා බස් වලට හසුවී ගුරා මෙන්ම තම මවට පියාට නොසලකන සංකෘතියට ගරහන ජාතියට වෛර කරන හුදු වාචාලකම පමණක් උරුම කරගත් අවාසනාවන්තයන් වීමට ඉඩදීම අභාග්‍යයක් නොවන්නේද?

    ReplyDelete
  4. අහම්බෙන් කියන්නට ලැබුණු ලිපියක්. අපූරැයි. විභුතිරත්න මහත්තයාගෙ උෟණ පූරණයත් අගෙයි.

    ReplyDelete
  5. සන්නස්ගලයා අම්මවත් විකුනන ***නෙක්. ඌට නගින්නෙ නෑ.

    ReplyDelete
  6. Yata enduma tikak issuwata kamak nehe, hebai ganakata ussanna one, godak issuwoth kethai.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com