2/18/2014

සිංහ ධජයේ කතාව

කතෘ:යුතුකම     2/18/2014   2 comments

ගැමුණු රජතුමන් භාවිතා කළ ධජය

සිංහ ධජයට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි. එය අපගේ ලිඛිත ඉතිහාසය තරම්ම දිග ඉතිහාසයකි.



ක්‍රිස්තු පූර්ව 486 දී  ලක්දිවට පැමිණි විජය රජු ප්‍රමුඛ පිරිස සිංහයකු සහිත ධජයක් රැගෙනවිත් ඇත. විජය රජුගේ අනුප්‍රාප්තිකයෝද එම ධජය නිදහස් ස්වෛරී බවේ සංකේතයක් ලෙස අඛණ්ඩව භාවිත   කළ බව මහාවංශයේ හා චූලවංශයේ සඳහන්වේ. ගැමුණු රජාණෝ සතුරු එළාර හා සටන් ව්‍යපෘතිය තුලදී සුරතින් අසිපත රැගත් කේසර සිංහයකුගේ රුවක් ඇති ධජයක් භාවිතා කළහ. සිංහ රුවට ඉහළින් හිරු හා සඳු සංකේතාත්මකව දක්වා තිබුනි.

1815 මාර්තු දෙවන දින අත්සන් කෙරුනු උඩරට ගිවිසුමෙන් ලංකාවේ රජු ලෙස බ්‍රිතාන්‍යයේ තුන්වන ජෝර්ජ් රජු ලෙස පිළිගන්නා තෙක්ම එම සිංහ ධජය මෙදිවයිනෙහි ධජය ලෙස රජවරුන් විසින් භාවිතා කරන ලදී. ඉන් පසු ඉංග්‍රීසීන් විසින් එක්සත් රාජධානි කොඩියම ඔවුන්ගේ රජ‍යේ කොඩිය ලෙස භාවිතා කරන ලදී.
එංගලන්තය වෙත රැගෙන යන ලද සිංහ ධජයට සිදු වූයේ චෙල්සියා රාජකීය ආරෝග්‍යශාලාවේ වැතිර සිටින්නටය. වසර ගණනාවක් පුරා එක්සත් රාජධානි කොඩිය යට්තේ සිටින ලාංකිකයන්ගේ මතකයෙන් ඒ සිංහ ධජයේ හැඩ රුව ගිලිහින.


නුවර යුගයේදී හා 1948 සිට 1951 දක්වා භාවිතා කළ ධජය
ශ්‍රී ලංකාවේ නිදහස් ව්‍යාපාරය ශක්තිමත් වූ විසිවන සියවසේ මුල් බාගය තුළ එම ව්‍යාපාරයේ ප්‍රමුඛ ක්‍රියාකරිකයකු වූ ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා එවක දිණමින පුවත් පතෙහි අයිතිකරු වූ ඩී. ආර්. විජේවර්ධන මහතාගේද සහය ඇතිව එංගලන්තයේ චෙල්සියා රාජකීය රෝහලේ තබා තිබූ සිංහ ධජය සොයා ගත්තේය.


සිංහ ධජය ජාතිකත්වයේ සංකේතයක් විය. සවුත්වුඩ් සහ සමාගම විසින් එම ධජය 1815 වන විට පැවති ලෙසම වර්ණ හා රූප සම්පාදනය කරන ලදී.

ලාංකීය නිදහස සිදී ගොස් වසර සියයක් ගත වන දින පළ කරන ලද විශේෂ දිණමින කලාපයක මුල් පිටුවේ එම සිංහ ධජයේ වර්ණ පින්තූරයක් පළ විය. එය මහජනයා අතර දැඩි අවධානයට ලක් විය.



අග්‍රාමාත්‍යය ඩී. ඇස්. සේනානායක, ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, හා ජේ. ආර්. ජයවර්ධන යන අය ජාතික ධජය පිළිබඳ ගැට්ළුවට ක්‍රියාකාරීව මැදිහත් වූ ප්‍රමුඛ දේශපාලනඥයන් විය. 1945 දී ජේ. ආර්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී රාජ්‍යය උත්සව වලදී ජාතික ධජය එසවීමේ වැදගත්කම හා අවශ්‍යතාවය පිළිබඳව ප්‍රකාශයක් කළේය.



1948 ජූලි 16, මඩකලපුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. සින්නලෙබ්බේ පාර්ලිමේන්තුවේදී සිංහ ධජය අපගේ ජාතික ධජය ලෙස පිළිගැනීමට ඇති හේතු පැහැඳිළි කරමින් එය යෝජනාවක් ලෙස ඉදිරිපත් කළේය. ඒ. ඊ. ගුණසිංහ මහතා එම යෝජනාව ස්ථිර කළේය. කන්කසන්තුරේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඇස්. ජේ. වී. චෙලවනායගම් හා වඩුකොඩෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කනගරත්නම් යන අය එම යෝජනාවට ප්‍රතිපක්ෂ වෙමින් එය ප්‍රතිශෝධනය කරන ලෙස විරුද්ධත්වය පෑම නිසා ගැටළු සහගත තත්වයක් උද්ගත විය.  එම තත්වය යටතේ නොකැළඹුනු අග්‍රාමාත්‍යය ඩී. ඇස්. සේනානායක මහතා දැඩි අවධාරණයෙන් පැහැඳිළි කළේ සිංහ ධජය සිංහලයන් පමණක් නියෝජනය කළ ධජයක් නොවූ බවත් අපගේ අවසන් රජු වූ නායක්කර් වංශික ශ්‍රී වික්‍රමරාජසිංහ රජ සමය වන විට සිංහල, දමිල හා මුස්ලිම් යන සියළු දෙනාම එකම ජාතියක් ලෙස ජීවත් වූ නුවර රාජධානීයේ රාජකීය ධජය ලෙස සිංහ ධජය නිදහස අහිමි වන තෙක්ම භාවිතා වූ බවය. එනිසා සිංහ ධජය ලාංකීය ධජය ලෙස පිළිගත යුතු බව එතුමා සඳහන් කළේය.



බ්‍රිතාන්‍යය-ලංකා කොලනියේ ධජය (1875-1948)
1948 ජනවාරි 27 දින උපදේශක කමිටුවක් පත්කොට ජාතික ධජය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අග්‍රාමාත්‍යය වරයාට උපදෙස් ලබා දීමට එයට  පවරන ලදී. ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, ජෝන් කොතලාවල,  ජේ. ආර්. ජයවර්ධන, ටී. බී. ජයා, ලලිත රාජපක්ෂ, ජී. ජී. පොන්නම්බලම් සහ සෙනෙට් මන්ත්‍රී ඇස්. නඩේසන් යන අයගෙන් එම කමිටුව සැදුම්ලත් විය.



1948 පෙබරවාරි 4 දින අපට නිදහස ලැබෙන දින ජාතික ධජය එසවිය යුතු බවට අග්‍රාමාත්‍යය ඩී. ඇස්. සේනානායක, පාර්ලිමමේන්තු නායක ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනාය හා මුදල් අමාත්‍යය ජේ. ආර්. ජයවර්ධන ආදීහු පැහැඳිළි මතයක සිටි‍යෝය. එසේම ඊට විරුද්ධව යම් යම් කණ්ඩායම් ක්‍රියා කරනු වළකාලනු වස් වෙනත් ධජයක් එසවීම තහනම් කරමින් දැඩි අවවාදයක් නිකුත් කරන ලදහ. කිසියම් හෝ පුද්ගලයකු එය අනුචිත යයි සිතන්නේ නම් ඔහුට හෝ ඇයට එක්සත් රාජධානි ධජය එසවීමට අවසර  ලැබිනි.


එදින සියළු රාජ්‍යය ගොඩනැගිලි වල ජාතික ධජය හා එක්සත් රාජධානි ධජය ඔසවා තැබුනි. එනමුදු උතුරු හා නැගෙනහිර පලාත්වල ජාතික ධජය එසවීමක් නොකළේය. ඉංග්‍රීසීන්ට රට භාර දෙන විට නොතිබුන  පන්නයේ ජාතිවාදයක් හිසින් ගත් දේශපාලන භූමිකාවකට දමිළ දේශපාලනඥයන් ඉංග්‍රීසි පාලන සමය තුල හුරු වී සිටීමේ අවාසනාවන්ත ප්‍රතිපලයකි එය.

ජාතික ධජය පිළිබඳ උපදේශක කමිටුව 1948, 1949 හා 1950 යන වසර වලන් ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එකොළොස් වරක් රැස් විය. කමිටුවේ තීරණය  උතුර සඳහා මන්ත්‍රී බී. නඩේසන් හැර අන් සියළු දෙනාගේ අනුමැතිය හා අත්සන සහිතව ලබා දුනි. 1951 දී මෙම කමිටු වාර්තාව පාර්ලිමේන්තුව තුළ විවාදයට බදුන් කරන ලදුව ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක හා ජේ. ආර්. ජයවර්ධන ඊට එරෙහිව පැන නැගි වාදයන්ට දක්ෂ ලෙස පිළිතුරු සැප‍යිය. ඇස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකයන්ගේ ව්‍යක්තභාවය හා චතුර බව විපක්ෂ මන්ත්‍රී සුන්දරලිංගම් වෙත පිළිතුරු දීමේදී මැනවින් ඉස්මතු විය. 1951 මාර්තු දෙවන දින ජාතික ධජය පිළිබඳ කමිටු වාර්තාවට පක්ෂව  ඡන්ද 51ක් හා ප්‍රතිපක්ෂව ඡන්ද 21 ක් පාර්ලිමේන්තුව තුල ලැබී එය සම්මත වන විට එදින රෑ බෝ වී තිබුනි. අට දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ. 1952 පෙබරවාරි මාසයෙන් පසුව එක්සත් රාජධානි ධජය අපගේ කොඩි ගස දිගේ ඉහළට නොනැගි අතර පාර්ලිමේන්තුව තුල සම්මත කෙරුනු ජාතික ධජය සැම විටම ඔසවන ලදී.

1951 සිට 1972 දක්වා භාවිතා කළ ජාතික ධජය

රතු පැහැති පසුබිමක අසිපතක් සුරතින් රැගත් කහ  පැහැති සිංහ රුවක්, සතර කොණින් බෝ කොළ හතරක් , කොළ හා තැඹිලි පැහැති සිරස්  තීරු දෙකක් සහ කහ පැහැති රාමුවකින් එම ධජය සමන්විත විය. මෙහිදී වැදගත් කාරණයක් වන්නේ  කමිටු වාර්තාව විසින් එම රූප සහ වර්ණයන් සඳහා අර්ථ නිරූපණයයක් ලබා දී නොතිබීමයි. කොළ තීරුවෙන් මුස්ලිම් වරුන් සහ තැඹිලි තීරුවෙන් දමිල වරුන් නියෝජනය වන බව සඳහන්ව තිබුනේ ඇස්. නඩේසන් මන්ත්‍රී විසින් ලබා දුන් සිය විරුද්ධත්වය ප්‍රකාශ කළ ලියවිල්ලෙහිය.

1971-72 ජාතික ධජය නැවත වරක් විවරණයකින් පසුව, 1972 මැයි 22 දින වඩා පැහැඳිළි ලෙස පෙනෙන ලෙස බෝ කොළ හතර පමණක් සකස් කර සම්මත කරන ලදී.

1972 සිට භාවිතා වන ජාතික ධජය
1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව මඟින් ජාතික ධජය අ‍පගේ ව්‍යවස්ථාවට ඇතුල් කරන ලදී.

ඒ ජාතික සිංහ ධජයේ ඉතා දිගු කතාවයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ යුගය තෙක්, ඉංග්‍රීසීන්ට රට බාර දෙන තෙක් සිංහ ධජය, නිදහස් ස්වෛරී බවේ සංකේතයක් ලෙස මෙරට භාවිතා විය. නිදහස් සිංහයා නැවත සොයා යන විට ජාතිවාදී අදහසින් පෝෂණය වූ දමිළ දේශපාලනඥයන් පිරිසක් ඉංග්‍රීසීන් විසින් බෝ කර තිබුනි. ඔවුනට සිංහයා පිළිගැනීම ගැටළුවක් විය. ඒ ඔවුන් සිංහයා තුලට අවශෝෂනය වන්නට අකමැති නිසාය. වෙනම වෙන්ව කටයුතු කිරීමට වුවමනාවකින් ඔවුන් සන්නද්ධ කර තිබූ බැවිනි. ජාතික කොඩි‍යේ කතාන්දරය තුළින්ද පැහැඳිළි වන්නේ වෙනකක් නොව ඉංග්‍රීසීන් විසින් ඇති කළ බෙදීමේ මානසිකත්වය මත සිංහයාට අහිමි වූ නිදහසයි.

මහාමාන්‍යය ඩී. ඇස්. සේනානායක මහතා 1948 ජූලි 16 දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි, සිංහ ධජය සිංහලයන් පමණක් නියෝජනය කළ ධජයක් නොව, අපගේ අවසන් රජු වූ නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමය වන විට සිංහල, දමිල හා මුස්ලිම් යන සියළු දෙනාම එකම ජාතියක් ලෙස ජීවත් වූ නුවර රාජධානීයේ රාජකීය ධජය ලෙස සිංහ ධජය නිදහස අහිමි වන තෙක්ම භාවිතා විය. 51 කමිටුව විසින් සිංහ කොඩියට කොළ සහ තැඹිලි තීරු දෙකක් එක් කරන්නට ඇත්තේ, එය යුක්ති සහගත වන නිසා නොව ඓතිහාසික උරුමයක් වූ සිංහ කොඩිය ජාතික ධජය ලෙස පිළිගැනීම සඳහා වූ විරෝධය නිසාම විය යුතුය. ඉංග්‍රීසි පාලන සමය තුල බලවත් කෙරුනු දමිල ජාතිවාදය පිනවීමට එදත් අදත් අතාර්කික වූ බාග තීරණ වලට එළැඹීමේ නරක පිළිවෙතක් අපි අනුගමනය කරමින් සිටින්නෙමු. ඒ නිසා සිදුව ඇත්තේ ජාතිවාදය උත්තේජනය වී බලවත් වීම මිස ඔවුන් සෑහීමකට පත් වීම නොවන බවට ජාතික ධජයේ කතාව එක් උදාහරණයක් පමණි.

(2010 පෙබරවාරි 4 වැනිදා The Island පුවත් පතට වෝල්ටර් විජේනායක මහතා විසින් රචිත ලිපියක් ඇසුරු කොට තොරතුරු ලබා ගන්නා ලදී.) 






-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. කොඩියෙ හැම කැල්ලකටම අර්ථ කථන දෙන්නෙ නැතුව..1505 ට කලින් පාචිවිවි කරපු කොඩිය ගත්තනම් 1948 පස්සෙ ප්‍රශ්න නැ.

    ReplyDelete
  2. ඔබට මුතුන් මිත්තන්ගෙන් උරුමවූ රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි”
    ඔබඅනාගත පරපුරට උරුමකරදියයුතු රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි”
    පිය උරුමයෙන් ඔබට රකින්නට රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි”
    ඔබේ රට ශ්‍රීලංකාව නොව එය “සිංහලේ රාජ්‍යයි”

    1948දී ඔබේ මුතුන් මිත්තන් දීනාගත් රට “සිංහලේ රාජ්‍යයි”
    1815 දී ඔබ මුතුන් මිත්තන් අතින් ගිලිහුනේ ඒ “සිංහලේ රාජ්‍යයි”
    නිදහස ලැබුණි නම් අපේ රට “සිංහලේ රාජ්‍යයි”
    මෙය අසිංහලයින්ගේ රට නොවේ “සිංහලේ රාජ්‍යයි”

    උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසින්ට පවරා දුන්නේ “සිංහලේ රාජ්‍යයි”
    CEYLON ලෙස යලිත් නිදහසින් ලබන්නේ “සිංහලේ රාජ්‍යයි”
    රටේ ඔප්පුව වන උඩරට ගිවිසුමේන් සදහන් වෙන්නේත් “සිංහලේ රාජ්‍යයි”
    සැකයක් ඇතිකරගත යුතු නැත අපේ රට “සිංහලේ රාජ්‍යයි”

    යටත් විජිතයක් නොවී ලොව ගිවිසුමකින් පවරාදුන් එකම රට “සිංහලේ රාජ්‍යයි”
    සුද්දාට යුද්ධ කොට ජයගැනීමට නොහැකිවූ එකම රට “සිංහලේ රාජ්‍යයි”
    2500 වසරක ඉතිහාසයක් ඇති එකම රට “සිංහලේ රාජ්‍යයි”
    සිංහ “ලේ ” ගලා යද්දී මුතුන් මිත්තන් යටත් නොකළේ “සිංහලේ රාජ්‍යයි”

    “ශ්‍රීලංකාව” අසිංහල කොලනියකි මගේ රට “සිංහලේ රාජ්‍යයි”
    “ශ්‍රීලංකාව” මුලාවකි යත්වූ සත්‍ය රට “සිංහලේ රාජ්‍යයි”
    සත්‍යක් ඇත යටත් කල නොහැකි එය “සිංහලේ රාජ්‍යයි”
    අසිංහලයින්ට හිමිකමක් නැත මෙය “සිංහලේ රාජ්‍යයි”

    ජාතියේ හෳදය ෂාක්ෂිය “සිංහලේ රාජ්‍යයි”
    මුතුන් මිත්තන්ගේ “හෳදය ෂාක්ෂිය” “සිංහලේ රාජ්‍යයි”
    භුමියේ යථාර්තය “සිංහලේ රාජ්‍යයි”
    ශ්‍රීලංකාව මිත්‍යාවකි ,මගේ රට “සිංහලේ රාජ්‍යයි”

    කළු සුද්දන් සිංහලේ රට වෙනස් කලේ “ශ්‍රීලංකා” කරලා
    කළු සුද්දන් “සිංහල කොඩිය” වෙනස් කලේ කොඩියට “පටි” ගහලා
    කළු සුද්දන් “සිංහල ජාතිය” වෙනස් කලේ “හිපියන්” කරලා
    කළු සුද්දන් “සිංහල සිරිත්” වෙනස් කලේ “තුප්පහියන්” කරලා

    http://sinhaladepaya.blogspot.com/

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com