2/12/2014

බලු වෙන සමාජය

කතෘ:යුතුකම     2/12/2014   4 comments

ඇමෙරිකාවට පැමිණි මුල් දිනවලදී මා මවිතයට පත් කළ කරුණු දෙකක් විය. එකක් එහි භූමියේ විශාලත්වයය. රටේ දිග පළල ගැන මා කලින් දැන සිටියත් ඇසින් නොදැක එවැනි විශාල භූමියක් ගැන හිතා ගැනීමට මට නොහැකිවිනි. දෙවෙනි කරුණ වූයේ ඇමෙරිකානුවන් කෙතරම් සමාජයෙන් චෙන්වී සිටීද යන්නය. රටේ විවිධ ප්‍රදේශවල ජීවත්වීමට ලැබීමත් සමඟ කාලයාගේ ඇවෑමෙන් භූමියේ විශාලත්වය මා තව දුරටත් මවිත නොකරන සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇති මුත් දෙවෙනි කරුණ පිලිබඳ මම අදටත් විටින් විට මවිත වෙමි. මේ සමාජය අත්නොදැක සිටියානම් වෙන්වී ජීවත්වීමේ ස්වභාවය ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ගැනීමට මට නොහැකිවනු ඇත. පැහැදිලිවම බටහිර සමාජයේ පුද්ගලයා වෙන් කෙරීම පිලිබඳව මා අනුමාන කළදෙයයි මා එය අත්දකින අයුරයි අතර වෙනසක් ඇත. මා මවිත කරවන්නේ ඒ වෙනසයි. 


සමාජයෙන් වෙන්වීම යනු හුදෙකලාවීමම නොවේ.  එකමුතු බවක් නැතිවීමද නොචේ. එය ආත්මාර්ථකාමයද නොවේ. ආත්මාභිමානයද නොවේ. මේ එකකුදු නොවුනද වෙන්වීම තුල මේ දෑ නැතුවාද නොවේ. වෙන්වීම තුල සමාජය හා පුද්ගලයා අතර සම්බන්ධයට වඩා යමක් ඇතැයි මම සිතමි.


ලංකාවේ කුඩා දරුවෙකුට තමා ගැන විස්තරයක් කීමට කිවහොත් පැකිලෙමන් බොහෝවිට තමන්ගේ දෙමව්පියන් යහළුවන් තමන් ජීවත්වෙන ගම ආදිය ගැන කථාවක කියනු ඇති නමුත් ඇමෙරිකාවේ දරුවකු කිසිදු පැකිලීමකින් තොරව කරන තමාගැන විස්තරයේ වැඩි අවධානයක් දෙනු ඇත්තේ තමන් කුමන ආකාරයේ පුද්ගයෙක්ද, තමන් කැමති අකමැති දෑ මොනවාද යන්නටය. මේ වෙනස තුල මම බටහිර සමාජයේ පුද්ගලයා වෙන් කෙරීම දකිමි.


ලංකාවේ ක්‍රීඩාගාරයක ක්‍රිකට් තරඟයක් නැරඹන රසිකයෝ ක්‍රීඩා තරඟය රස විඳින අතරම නටමින් ගයමින් ඔවුනොවුන්ගේ සංගමයද විඳිති. නමුත් ලංකාවට සාපේක්‍ෂව ඇමෙරිකාවේ එවැනි අවස්ථාවක සාමාන්‍යයෙන් සිදුවන්නේ ඒ ඒ පුද්ගලයා තරඟය නරඹමින් පුද්ගලික වින්දනයක් ලැබීමය. පිරිසක් සමඟ සිටියත් එහි ඇත්තේ පුද්ගලික අත්දැකීමකි. ඇමෙරිකාවේ වැඩිහිටියන් එකතුවෙන තැන පමණක් නොවේ කුඩා දරුවන්ගේ උපන්දින සාදවල පවා වැඩිමනත් සිදුවන්නේ ඒ ඒ දරුවා තම තමන්ගේ පුද්ගලික වින්දනයක් ලැබීමය. මේ වෙනස තුල මම බටහිර සමාජයේ පුද්ගලයා වෙන් කෙරීම දකිමි. මා සිතන අන්දමට අද අප රටේ ජීවත්වෙන ඉහලම ඝනයේ ලිබරල්වාදීන්ටවත් ඇමෙරිකානුවන් තරම් වෙන්වී පවතින්නට හැකියාවක් නැත. ඒ වෙන කිසි හේතුවක් නිසා නොවේ ඔවුන් වෙලා සිටින සිංහල බෞද්ධ සංස්කෘතිය ඔවුන්ට වෙන් වෙන්නට ඉඩ නොදෙන නිසයි.


කෙසේ වෙතත් පුද්ගලයා සමාජයෙන් වෙන්වීම බටහිර සංස්කෘතිය තුල පැවැත්ම පිළිබඳ දරන ආකල්ප වල ප්‍රතිඵලයක් යැයි මම සිතමි. සාමාන්‍යයෙන් බටහිර සංස්කෘතියේ “මම” පවතින්නේ සෙසු ලෝකයෙන් ස්වායත්තවය. බටහිර නොවන සමාජතුල “මම” පවතින්නේ මම නොවන අන් සියලු දෑ සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇතිවය. 


ටැන්සානියාවේ හස්ඩා ගෝත්‍රිකයින් ඔවුන් සතු දෑ අන් සතු කිරීමට ඇති කැමත්ත අකමැත්ත විමසීම සඳහා මෑතකදී ඇමරිකානු සමාජ විද්‍යාඥයින් පිරිසක් විසින් පර්යේෂණයක් සිදුකෙරිනි. එහි නිරීක්‍ෂණය වූයේ ධනවාදී ආර්ථිකය සමඟ යම් තරමක් ගනුදෙනු පැවැත්වූ හස්ඩා වරුන් තමන්සතු දේ පිළිබඳ දැඩි ඇල්මක් දැක්වූමුත් දඩයමින් දිවි ගෙවූ සෙසු හස්ඩාවරුන් එසේ නොවුනු බවය. ඔවුන් තමන් සතුදේ අන්සතු කිරීමට බෙදා ගැනීමට හෝ හුවමාරු කර ගැනීමට අර තරම් අකමැත්තක් නොදැක්වූහ. දැන් මේ කථාව ඊනියා පර්යේෂණයක් නොකර වුවද මේ ලිපිය කියවන ඔබට අනුමාන කර ගැනීමට හැකිවේයැයි මම සිතමි. කෙසේ වෙතත් බලාපොරොත්තු විය හැකි පරිදි ඇමරිකානු සමාජ විද්‍යාඥයින් නිගමණය කළේ දඩයමින් දිවි ගෙවූ හස්ඩා වරුන්ට ස්වභාවයෙන්ම සම්පත් හිඟ බැවින් බෙදා හදාගෙන ජීවත්වන්ට සමාජයෙන් ඔවුන් පොලඹවන බවත් එසේ නැති විට ඔවුන්ට සමාජයෙන්ම දඬුවම් ලැබිය හැකි බවත් ඒ නිසා ඔවුන් තමන් සතු දේ පිළිබඳ ලිහිල් ආකල්ප දරනවා විය හැකි බවත්ය. ඔවුන්ගේ ඊනියා පර්යේෂණයෙන් මේ බව “ඔප්පු” නොවේ. මෙය හුදු උපකල්පණයක් පමණි. කෙසේ වෙතත් ඒ උපකල්පණය මම පිලි නොගනිමි. මගේ උපකල්පණය නම් මේ මිනිසුන් තමන් සතු දේට එතරම් බැඳීමක් නොදක්වන්නේ ඔවුන් සෙසු ලෝකයත් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධවී පවතින නිසාය. ඇමෙරිකානුවන්ගේ පැවැත්ම එසේ නොවේ. ඔවුන්ගේ පැවැත්ම සෙසු ලෝකයෙන් ස්වායත්තය. සමාජයෙන් වෙන්වීමට භෞතික දේට ඇලීමට ඇමෙරිකානුවන් හුරු වන්නේ ඒ පැවැත්ම නිසාය. 


ලෝකයත් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් පවතින්නට යම් ආකාරයක දියුණු මනසක් තිබිය යුතුයැයි මම සිතමි. ඒ අනුව දඩයමින් දිවි ගෙවන හස්ඩාවරුන්ට අනිත් හස්ඩාවරුන්ට වඩා යම් ආකාරයක දියුණු මනසක් ඇතැයි කිව හැකිය. හෙළයින්ටද ඒ දියුණු මනස තිබෙන්නට ඇති. අද වන විට සිංහලුන්ගේ ඒ මනස පිරිහී ඇති මුත් අපි තවමත් බටහිරුන් තරමට පහලට වැටී නැත. 


වෘකයින්ට ඉතා සංකීර්ණ සමාජ රටාවක් ඇතැයි කියැවේ. උන් ජීවත් වන්නේ කන්ඩායමක් වශයෙනි. දඩයම් කිරීම, පැටවුන් බලා කියා ගැනීම, සතුරු උවදුරුවලට මුහුණ දීම, තම වැයික්කිය ආරක්‍ෂා කර ගැනීම වැනි සංකීර්ණ ක්‍රියා උන් කණ්ඩායමක් වශයෙන් ඉටු කර ගනිති. නමුත් වෘකයින්ගෙන් පැවත ඒ යැයි සැලකෙන දඩාවතේ යන බල්ලන් ගැවසෙන්නේ තනියෙනි. ඔවුන් එකතු වුනත් එසේ වෙන්නේ බොහෝවිට බැල්ලියක් පසුපස යාම සඳහා පමණි.  සංකීර්ණ සමාජයක් පවත්වාගෙන යාමට වෘකයින්ට තිබූ යම් දියුණු මනසක් බල්ලන්ගෙන් ගිලිහී ඇතැයි කිව හැකිද? ලෝකය සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධ කමක් පවත්වාගෙන යාමට අපට පෙර තිබූ යම් හැකියාවක් අපෙන් ගිලිහී ඇත්තේ මේ ආකාරයටම නොවේද? ජංගම දුරකථනවලට අන්තර් ජාලයට මිනිස් සම්බන්ධතා සුලු කර දමමින් අපි තවත් බලු වෙමින් සිටින්නෙමුද?



-වංශපුර දේවගේ ජානක (මගේ රට)
යුතුකම සංවාද කවය

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

4 comments :

  1. විමලසේන2/13/2014 1:01 PM

    ඉතා හොද නිරීක්ෂණයකි ඔබ ඉදිරිපති ක්ර ඇත්තේ. බටහිරට හෝ ඇමරිකාවට හෝ සංක්‍රමණය වූ බොහෝ දෙනෙකුගේ හිතට දැනෙන මේ වෙනස වචනවලට හරවා ප්‍රකාශ කිරීම අසීරුය. ඔබ එය සාථකව වචනයෙන් පැහැදිළී කර ඇත.

    ReplyDelete
    Replies
    1. What rubbish. Janaka Wansapura is as usual talking nonsense.

      Janaka says: "ලෝකයත් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් පවතින්නට යම් ආකාරයක දියුණු මනසක් තිබිය යුතුයැයි මම සිතමි."

      So, according to Janaka, in order to live close to nature (i.e. Lokaya or his "ලෝකයත් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් පවතින්නට" saying) you need a advanced mind (දියුණු මනසක්).

      So, the closer to nature your way of living is, the more developed or advanced the mind.

      So, according to this theory, in Sri Lanka, the Vedda's are more developed, have a more advanced mind than the Sinhalese, because the Vedda's lived and still live closest to nature.

      I think this shows the absurdity of his arguments.

      So, according to Janaka, Europeans have the least developed minds. Then why on Earth is Janaka learning the science of Europeans who according him is the least developed because they are farthest from nature.

      Why is Janaka leading the lifestyle, using all the things like electricity, cars, computers created by the less developed Europeans???

      It is pretty obvious that Janaka hates Europeans.

      It's the classic "sour grapes" scenario acting out here.

      It's nothing buy jealousy at the success of others.

      Janaka loves everything about European culture. That is why he has embraced it. That is why he has studied their sciences. That is why he is a Radiologist and not an Ayurvedic doctor.

      But since he belongs to a group that can never achieve these things he is jealous.

      Nothing else to this, really.

      SOUR GRAPES!!! JEALOUSY!!!

      Delete
    2. Have to correct something above: Janaka is not a radiologist. He has a Ph.D in Physics from the University of Cincinnati.

      However, that still does not explain why he decided to do a PhD in physics, which according to him is the science of the less advanced whites, and not a "science" of the more advanced, like the Veddas or Sinhalese.

      Delete
    3. ජානක වන්සපුර කියන්නේ නලින් ද සිල්වගේ ගෝලයෙක්. ඉතින් "ලොජිකල්" දේවල් මේ අයගෙන් බලාපොරොත්තු වෙන්ඩ බැහැ. මේගොල්ලෝ ඇවිල්ලා තනිකර "හැඟීම්බර" මිනිස්සු.

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions