9/20/2013

බහුමානීය කියෑවීමක ඒකමානීය නිරුවත!..

කතෘ:යුතුකම     9/20/2013   1 comment

-ඉසුරු ප්‍රසංග


කලකට ඉහත සිටම ආචාර්ය ලියනගේ අමරකීර්ති මහතාගේ ලේඛන පිළිබඳව යමක්‌ ලිවීමට සිතා සිටි මට ඒ කටයුත්ත තරමක්‌ ඉක්‌මන් වූයේ (2013.06.13) 'වටම`ඩල' ට කුමාර ලියනගේ විසින් ලියන ලද සරසවි ඇදුරන්ගේ බුද්ධි මාන්දම නමැති ලිපිය නිසාය. මෙහිදී මගේ ලිපියද ආචාර්ය අමරකීර්ති මහතා පිළිබඳ විවේචනාත්මක ප්‍රවේශයක්‌ වුවද ඒ ප්‍රවේශය කුමාරගේ ප්‍රවේශයට වඩා වෙනස්‌ය. අනෙක්‌ අතින් කුමාරගේ ලිපියට ප්‍රතිවිරුද්ධ අදහසක්‌ද තවම මතුවන බවක්‌ පෙනෙන්නට නැති බැවින් මේ අදහස ද ඊට එකතු කිරීමේ වරදක්‌ නැතැයි සිතමි. අවශ්‍ය නම් ඉදිරියේ දී මේවා සංවාදයට ගත හැකිය. මෙහිදී කුමාර ලියනගේ මෙන් අමරකීර්ති උපුටා දක්‌වන න්‍යායික කාරණාවල සදොස්‌ තැන් නිදොස්‌ තැන් සෙවීමට තරම් න්‍යායික කරුණු මා හදාරා නැත. එවන් සුදුසුකම් සපුරා ලු විචාරකයකු හෝ කිසිම ආකාරයක ශාස්‌ත්‍රාලීය උගතකු නොවන මා මේ සටහන ලියනුයේ හුදු මෙරට ජීවත්වන වැසියකු ලෙසය. එහිදී මගේ කාර්යය ලෙස මා සලකනුයේ අමරකීර්තිගේ විචාර සිද්ධාන්තවල දේශපාලන කාර්යය සාධනය ගැන ප්‍රශ්න කීපයක්‌ මතු කිරීමය. 


ගෝස්‌තරවාදී විකල්ප ගෝත්‍රය

පළමුවෙන්ම අමරකීර්තිගේ ප්‍රශ්නයට පූර්ව ප්‍රවේශයක්‌ ලෙස මෙරට විකල්ප ලෙස ගැනෙන සමාජ දේශපාලන ක්‌ෂේත්‍රය වෙත මඳක්‌ අවධානය යොමුකළ යුතු යෑයි සිතමි. මෙකී විකල්ප ක්‍රියාකාරීත්වය මූලික වශයෙන්ම මතවාදී ලෝකය ආශ්‍රය කර ගත්තකි. සාහිත්‍ය, කලාව, සංස්‌කෘතිය, සිනමාව, වම, ක්‌ෂුද්‍ර දේශපාලනය, සුළු ජාතික අයිතීන්, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ස්‌ත්‍රීවාදය ආදිය ඔවුන්ගේ විෂය ක්‌ෂේත්‍රයෝ වෙති. මහා සමාජය තුළ නැතත් රටේ මතවාදී සමාජය තුළ ඔවුන්ට කිසියම් ආධිපත්‍යයක්‌ හිමිවී තිබේ. මේ ආධිපත්‍යය ඇතැම් සති අන්ත පුවත්පත්, වාර ස`ගරා, වෙබ් අඩවි, සංවාද, සම්මන්ත්‍රණ හා කොළඹ මැදි කර ගත් විවිධාකාරයේ සංසද, කව, කේන්ද්‍ර, මධ්‍යස්‌ථාන ආදී එකී නොකී මෙවලම් ඔස්‌සේ ගොඩන`ගා ගත්තකි. නොතේරෙන බසින් ලියන කලා විචාරකයන්, අන්තර්ජාතියකට අමතන චිත්‍රපටකරුවන්, මාසික ස`ගරා ම`ගින් ලෝක ධනවාදය හෙල්ලුම් කවන විප්ලවවාදීන්, එක්‌සත් ජාතීන් විසින් ලංකාවේ යුක්‌තිය විසඳනු ලබන තුරු බලාසිටින වාමාංශිකයන්, හොද්දක්‌ හැඳි ගා ගන්නට නොදත් ස්‌ත්‍රීවාදිනියන් ආදී නාටකීය චරිත අයත් වන්නේ මේ ගෝත්‍රයටය. මතවාදීමය වශයෙන් ගත් කල මාක්‌ස්‌වාදී, ලිබරල්වාදී, හේතුවාදී, පශ්චාත් නූතනවාදී, සාර සංග්‍රහවාදී ආදී වශයෙන් වූ විශාල විවිධත්වයක්‌ මේ ගෝත්‍රය තුළ දක්‌නට ලැබුණද තීරණාත්මක අවස්‌ථාවලදී කැපී පෙනෙන ලෙස ඔවුහු සමාන වෙති. උදාහරණයක්‌ ලෙස උතුරේ යුද්ධය පිළිබඳ ප්‍රශ්නයේදී මේ බහුවිධ මතධාරීන් කටයුතු කළේ කොටි හිතවාදී ඊනියා යුධ විරෝධයේ නියෝජිතයන් වශයෙනි. ඒ නැතත් මතවාදී විවිධත්වය සම`ගම නොනැසී පවතින මොකක්‌දෝ පොදු ක්‍රම විරෝධී වාමවාදී පැහැයක්‌ද මේ සියල්ලන්ට පොදුවේ උරුමය.

මේ නිසාම අසීමිත ව්‍යාජත්වයද ඔවුන්ගේ පොදු ලක්‌ෂණයක්‌ වී තිබේ. ඔවුන් බොහෝවිට කියන්නේ එකකි. කරන්නේ තවත් එකකිs. බොහෝවිට ඔවුන්ගේ අදහස්‌ හා සැබෑ ජීවිතය මෙන්ම ඔවුන්ගේ අදහස්‌ හා සැබෑ ලෝකය අතර ඇත්තේද විශාල පරතරයකි. විවිධ ආරෝපිත මතවාද ඔවුන්ගේ බිඳුණු පෞරුෂයන් වසා පෙරවා ගත් ආභරණ වැනිය. මානසික ආබාධිතයන් සේ ඔවුන් දොඩවන බොහෝ දාර්ශනික ප්‍රලාප තුළ පියවි සිහියක්‌ ඇති ගැමියකු තුළ පවතින ආකාරයේ ලෝකාවබෝධයක්‌ හෝ බොහෝවිට දක්‌නට නැත. ක්‍රියාවේ දී ස`ගරාවක්‌ කරගෙන යැමට තරම් හෝ සංවිධාන ශක්‌තියක්‌ නැති මේ ඇතැම් විප්ලවවාදී සංවිධාන කතාවේ දී චාවේස්‌ වැනි ජනාධිපතිවරුන්ට රට කළ යුතු ආකාරය ගැන උපදෙස්‌ සපයයි. තමාගේ ජීවිතවල නොපවතින මහා පාරිශුද්ධත්වයක්‌ අන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටීමද මේ විකල්ප ගෝත්‍රයේ තවත් පොදු ගතියකි. ඒවා මේ ගෝත්‍රය තුළ ඉතා සුලබ නාටකීය පරස්‌පරතා වෙයි.

ඒ අනුව බොහෝ දෙනාට නොපෙනුනද මෙරට විකල්ප දේශපාලනයද ඇත්තේ මෙරට මහේක්‌ෂ දේශපාලනය මෙන්ම දූෂිත හා ජරාජීර්ණ තැනකය.

අවසාන වශයෙන් ඉහත කී සියල්ලටම වඩා මොවුන්ගේ වැදගත්ම මහා පොදු ගුණාංගය වන්නේ සිංහල බෞද්ධ විරෝධයයි. අද සිංහල බෞද්ධ හෙජමොනිය මේ සියලු වර්ගවල මතධාරීන්ගේ මහා පොදු සතුරා වී තිබේ. ඒ නිසාම ඒ මහා පොදු සතුරා හමුවේ මේ ගෝත්‍රයට අයත් සියලු මතවාදී නයි සහ මුගටි මිත්‍රත්වයෙන් වැඩ කරති. එහිදී සුපිරිසිදු මාක්‌ස්‌වාදීන්, පශ්චාත් නූතනවාදීන් පමණක්‌ නොව වනචාරී ධනවාදීන් පවා එක පවුලේ සහෝදරයන් වැනිය. මේ අසාමාන්‍ය අපූර්ව සම`ගිය ඔවුන්ගේ දේශපාලනයේ නියම හරය තේරුම් ගැනීමට මනා පිsටිවහලකි. අවසාන වශයෙන් ගත් කල මේ සියලු දෙනා එකට යා කරන මිත්‍රත්වයේ බැම්ම යනු අන් කිසිවක්‌ නොව නව යටත්විජිතවාදයේ සමාජ දේශපාලන සංස්‌කෘතික දෘෂ්ටිවාදයයි. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔවුන් ඒකරාශි වී ඇත්තේ එකී දෘෂ්aටිවාදය තම කේන්ද්‍රය බවට පත් කර ගනිමිනි.




මව මරා උපදින මනෝ රාජ්‍යය

මීළ`ගට අමරකීර්ති ගැන ලිවීමේදී මේ විකල්ප ගෝත්‍රය කුමකටදැයි යමකුට ඇසිය හැකිය. ඊට පිළිsතුර සොයා ගත යුත්තේ ඔහුගේ පුද්ගලික ජීවිතයට වඩා දේශපාලන ස්‌ථානගත වීම තුළිනි. ඔහු පුද්ගලිකව සියයට සීයක්‌ මේ ගෝත්‍රයේ ලක්‌ෂණ දරන්නකු වුවද නොවුණද අද ඔහු දේශපාලන වශයෙන් සමපාත වන්නේ මේ ගෝත්‍රය සම`ග බව උදාහරණ ඇසුරෙන් පෙන්වා දිය හැකිය. අමරකීර්ති කවරකු වුවද අද ඔහුට පැළවීමට ඉඩක්‌ ලැබී ඇත්තේ මේ විකල්ප භූමි භාගයෙන් බව අපට වටහා ගත හැක්‌කේ කෙසේද?

එහිදී උතුරේ යුද්ධය නමැති ප්‍රශ්නය මුලින්ම ගතහොත් ඒ නිශ්චිත කාරණයේදී නම් අමරකීර්ති යුද විරෝධයේ ප්‍රමුඛ ඝෝෂකයකු වූයේ නැත. එහෙත් ඔහු අනියමින් ඒa මතවාදී ව්‍යාපෘතියට සහාය පළ කරයි. මේ බව ඔහුගේ විචාර පමණක්‌ නොව 'අර මිහිරි සීනු නාදය' කෘතියේ එන සමහර කෙටිකතා පමණක්‌ කියවා බැලීමෙන් වුqවද වටහා ගත හැකිය. මීළ`ගට ගුණදාස අමරසේකර ගැන අමරකීර්තිට ඇති නොනවතින ආරෝවද අමරකීර්ති තේරුම් ගැනීමේ ලා බෙහෙවින්ම වැදගත් දර්ශකයකි. අමරකීර්තිට අනුව අද අමරසේකර හා ජාතිකවාදය ලංකාවේ මූලික ගැටලුව වෙයි. නිරතුරුවම බහු පඨිතමය, බහුමානීය කියෑවීමක්‌ අපට යෝජනා කරන අමරකීර්ති, අමරසේකර ගැන කථා කිරීමේ දී මෙලෙස අන් කාටත් වඩා ඒකමානීය වීමේ රහස සොයාගත යුත්තේ ද ඔහුගේ දේශපාලනය තුළිනි. පෙරටුගාමී සමාජවාදී පක්‌ෂය සම`ග අමරකීර්තිගේ මිත්‍රත්වයද මීළ`ගට වැදගත් කාරණයකි. අද එම පක්‌ෂයට අමරකීර්ති වීරයකු වනවා පමණක්‌ නොව අමරකීර්තිද පෙරලා එම පක්‌ෂයට පෙම් කරයි. එදා ජවිපෙ යහතින් පැවති කාලයේදී ජාතිවාදී පක්‌ෂයක්‌ ලෙස සලකා ඊට දැඩිව පහරදුන් විකල්ප ගෝත්‍රය අද නන්නත්තාර පෙරටුගාමීන්ට නොමසුරුව ආශිර්වාද කරයි. ජවිපෙ සම්බන්ධව අමරකීර්තිගේ ප්‍රතිපත්තියත් ඊට බොහෝ සමාන එකකි. මොවුන්ගේ මේ ආශිර්වාදය යනු පෙරටුගාමීන් වෙතින් සමාජවාදී විප්ලවයක්‌ අපේක්‌ෂා කිරීමේ ප්‍රතිඵලයක්‌ නොව පෙරටුගාමීන්ගේ අසමත් බව ඔවුන්ට හොඳාකාරවම වැටහී තිබීමේ ප්‍රතිඵලයකි. තව කල්පයකින්වත් මහ පොළවේ පැළ කළ නොහැකි මේ ඊනියා පක්‌ෂය තම විකල්ප ජාවාරමේම කුඩා අතකොලුවක්‌ බව අද ඔවුහු මනාව වටහාගෙන සිටිති. මේ නිසා අද අමරකීර්ති පමණක්‌ නොව සමහර එජාප ටියුෂන් ගුරුවරු පවා ළ`ගම එන සමාජවාදයේදී ජනසතු වීමට නියමිත තම දේපළ ගැන පවා නොසිතා පෙරටුගාමීන්ට ආධාර කරති.

මීළ`ගට අධිපති දෘෂ්ටිවාද ප්‍රශ්න කිරීමද අමරකීර්තිගේ සුලබ අවධාරණයකි. මෙය ඔහුගේ විචාරයට යම් රැඩිකල් විමුක්‌තිකාමී පැහැයක්‌ද තැවරෙයි. එසේ වුවද මේ තර්කයේ ආශිර්වාදය පීඩිත නැගිටීමකට නොව, හිපියන් සේ සමාජ සම්මුතීන් හා මෝඩ ලෙස ගැටෙන මෝස්‌තරකාරයන්ට බව ඩවුන් ටවුන් කාරයන් ගැන ඔහු ලියූ ලිපියෙන් පමණක්‌ වුවද හෙලිවෙයි. අධිපති යෑයි කියන මතවාද ප්‍රශ්න කිරීම බැලූ බැල්මට වීර ක්‍රියාවක්‌ සේ පෙනුනද ඒවා ප්‍රශ්න කළ යුත්තේ කුමන අධිපති නොවන ව්‍යqහයකට සාපේක්‌ෂවදැයි යන ගැටලුවට අමරකීර්තිගෙන් පිළිතුරක්‌ නැත. එවන් පිළිතුරකින් තොර මේ පල්ලක්‌ නැති අධිපති විරෝධයේ අවසාන ව්‍යවහාරික අර්ථය විකල්ප කල්ලියේ සිංහල බෞද්ධ විරෝධයම මිස අන් යමක්‌ නොවේ. මෙය හරියටම රාජපක්‌ෂ රෙජීමයට එරෙහි වීමේ සටන් පාඨය යටතේ රටේ සමස්‌ත වටිනාකම් වලට පහරදීමේ විකල්ප ව්‍යාපෘතිය සම`ගද පෑහෙන්නකි. එහිදී රෙජීම (අධිපති) විරෝධය ඔවුන්ගේ සටන සුජාතකරණය කරයි. එහෙත් ඇත්තෙන්ම රෙජීමයට එරෙහිව බෙන්ගාසි කැරැල්ලක්‌ වැනි මෝඩ මෙහෙයුමකට හෝ දායක වීමේ හයි හත්තියක්‌ මෙරට විකල්ප ගෝත්‍රය තුළ නැතත් රෙජීම විරෝධී කාලීන ජනප්‍රිය සටන් බිම ඔවුන්ට අද තම සර්වකාලීන සිංහල බෞද්ධ විරෝධය මනාව මුදා හැරීමට කදිම තෝතැන්නකි. සිහිබුද්ධියෙන් යුතුව රෙජීමයට එරෙහි වීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක්‌ වුවද මොවුන්ගේ මේ ව්‍යාපෘතිය වනාහි බිත්ති ගරා වැටී තිබීමේ වරදට මහ ගෙදර සිටින අම්මා මරා දැමීමට යෝජනා කරන මෙහෙයුමකි. බිත්ති ගරා වැටීමේ ප්‍රශ්නයටද කිසිදු විසඳුමක්‌ ඔවුන් අත නැතත්, ඔවුහු තම මව මරා දැමීමේ සැබෑ කොන්ත්‍රාත්තුවේ තුරුම්පුවක්‌ ලෙස පමණක්‌ බිත්ති ප්‍රශ්නය භාවිත කරති. අමරකීර්ති නිතර අවධාරණය කරන ප්‍රති සංස්‌කෘතිකබව, බහු සංස්‌කෘතිය, බහුමානීය කියවීම, පිළිබඳ සංකල්පයන්ද අවසාන වශයෙන් සමපාත වන්නේ පෙර කී අම්මා මරා දැමීමේ දේශපාලන ව්‍යාපෘතිය සම`ගිනි. ඒ කෙසේදැයි දීර්ඝව විස්‌තර කිරීමට මෙහි ඉඩක්‌ නැතත් එම සංකල්ප සංයුක්‌තව හා සන්දර්භගතව තේරුම් ගත යුතු බව පමණක්‌ දැනට යෝජනා කරමි.

බහු සංස්‌කෘතියද බැලූ බැල්මට ලස්‌සන සාධාරණ අදහසකි. එහෙත් මෙරට ඊනියා බහු සංස්‌කෘතිකකාරයන්ට සිංහල සංස්‌කෘතිය ගැන කතා කිරීම වැඩවසම් ජාතිවාදයක්‌ ලෙසත්, දෙමළ හෝ මුස්‌ලිම් සංස්‌කෘතීන් වෙනුවෙන් පෙනී සිටීම උතුම් මානවවාදයක්‌ ලෙසත් පෙනෙන්නේ මන්දැයි කල්පනා කර බැලිය යුත්තකි. අමරකීර්තිට අනුව මෙරට සංස්‌කෘතිය වහ වහා සංස්‌කරණය කර දැමීම අන් සියල්ලට පෙර අප විසින් කළ යුතු පළමු ජාතික කර්තව්‍ය වී තිබේ. මෙරට සංස්‌කෘතිය කෙරේ දක්‌වන අසුබ ආකල්පයද අද ඔහු සාහිත්‍ය කෘතියකින්ද ඉල්ලා සිටින ප්‍රධාන කොන්දේසියකි. ඒ කොන්දේසිය යන්තමින් හෝ සපුරා තිබේ නම් රාජිත දිසානායක වැන්නකුගේ හොඳ නිර්මාණ පමණක්‌ නොව 'පිරිමි ගොඩයි මං විතරයි', 'නිහොන් සැප ලැබේවා' වැනි නරුමවාදී ලියවිලිවලට වුවද නොපැකිලව ලකුණු දැමීමට අමරකීර්ති පෙළඹෙයි. ඔහුගේ බහු සංස්‌කෘතියේ ඒකමානීය අරමුණු වටහාගත හැක්‌කේ මේ සියල්ල ගැන සංයුක්‌තව කල්පනා කිරීමෙනි.

බහුමානීය කියෑවීමද වියුක්‌තව ගත් කල ඉතා වටිනා අදහසකි. එහෙත් සංයුක්‌තව ගත් කල විටෙක ප්‍රශ්නකාරී විය හැක්‌කකි. බහුමානීයව ලෝකය දකින අමරකීර්ති, අමරසේකර ලංකාවේ දෘෂ්ටිවාදී ජනාධිපති යෑයි හරුප දොඩනුයේ කුමක්‌ නිසාද? කිසිවෙකු නොදන්නා ප්‍රභාත් ජයසිංහ ලොකු කවියකු ලෙස පෙනෙන බහුමානීය අමරකීර්තිට රත්න ශ්‍රී කිසිම කවියකු නොවන්නේ කුමක්‌ නිසාද ? අමරකීර්ති නිතර සඳහන් කරන හොඳම කවියන්ගේ මූලික නම් ලයිස්‌තුව තුළ කිසිවිටකත් රත්න ශ්‍රී නැත. ඇත්තෙන්ම මෙවැනි උදාහරණ අහිංසක සංකල්පවල අහිංසක බව අභියෝගයට ලක්‌කරයි. කිසිදු සංකල්පයක්‌ බලය පිළිබඳ සාධකවලින්, අදාළ සංදර්භමය කොන්දේසිවලින් වියුක්‌තව ගැනීම සාහිත්‍යයේ දී කෙසේ වෙතත් දේශපාලනයේ දී සිදුවිය හැකි ලොකුම වැරදීමකි. වියුක්‌තව ගත්විට ඉතාම අහිංසක උපකරණයක්‌ පවා නරක මොහොතක නරක මිනිසුන් අත දරුණු ආයුධයක්‌ විය හැකිය. බලය පිළිබඳ සාධකයේ අසීමිත බලවත්කම ප්‍රශ්න දෙස දේශපාලන විඥානයකින් බැලීමට අපට බල කරයි. අමරකීර්තිගේ සාහිත්‍ය විඡ්ජාවලින් ඇස්‌ නිලංකාර කර ගෙන සිටින තරුණ අනුකාරකයන් තුළ නැත්තේද මේ දේශපාලන විඥනය යෑයි සිතමි.


අමරසේකර ප්‍රශ්නය තවදුරටත්...

අද ගුණදාස අමරසේකර ගැන වැඩිපුරම කතා කරන විචාරකයා වී ඇත්තේද අමරකීර්තිය. ඔහුට අමරසේකර ගැන වචනයක්‌ හෝ නොලියා තම කිසිදු රචනාවක්‌ අවසන් කර ගැනීමට හැකියාවක්‌ නැත. කොහෙන් ගියත් අවසානයේදී මැක්‌කාගෙන් කෙළවර වන ළමා රචනා කලාව මෙහිදී මට සිහිවෙයි. අමරකීර්තිගේ මෙකී විග්‍රහයට අනුව අමරසේකර යනු මෙරට විශ්ව විද්‍යාල, රාජ්‍ය ආයතන පනස්‌ හයේ ගිරවුන් ගෙන් පිරවූ සංස්‌කෘතික ඒකමානීයත්වයේ පීතෘවරයාය. දකුණේ හා උතුරේ ක්‍රම විරෝධී ව්‍යාපාර විනාශ කිරීමට දෘෂ්ටිමය උගුල් ඇටවූ චින්තකයාය. කොටින්ම කිවතොත් වත්මන් ලංකාවේ සියලු අසූ මහ දෝස වලට වගකිව යුතු මෙරට දෘෂ්ටිවාදී ජනාධිපතිවරයාය. අමරසේකර චින්තනයේ අවසන් ඵලය ජුලම්පිටියේ අමරේගේ බිහිවීම බවට වරෙක තවත් ඊනියා ඇදුරකු කළ ප්‍රකාශයද අමරකීර්තිගේ අදහස්‌වලම සරල සාරාංශයක්‌ ලෙස ගත හැකිය. මේ චෝදනාවල සැර බාල කර තම මැදහත් බව පෙන්වීමට මෙන් අමරකීර්ති විටින් විට අමරසේකරගේ අව්‍යාජ බුද්ධියක්‌ ගැන ලියයි. එහෙත් අමරකීර්ති තුළ ඇත්තේ අවංක විචාරයක්‌ නොව දේශපාලන න්‍යාය පත්‍රයක්‌ බව සැ`ගවීමට ඒ උපක්‍රමය ප්‍රමාණවත් නොවේ.

අමරසේකරගේ මතවාද ගැන කාටත් නොයෙකුත් ගැටලු තිබිය හැකිය. ඒ ගැන සාධාරණ විවේචන එල්ල කිරීමේ කිසිදු වරදක්‌ නැත. එසේ වුවද අමරකීර්තිගේ රචනාවල මැක්‌කා අමරසේකර බවට පත්වීම යනු මේ විචාරක වුවමනාව බෙහෙවින් ඉක්‌මවා යන දේශපාලන ක්‍රියාවකි. අමරසේකර චින්තනයට අමරකීර්ති කියන ආකාරයේ බලයක්‌ විශ්වවිද්‍යාල හෝ රාජ්‍ය ආයතන තුළ නැත. ඒ තියා ලියන කියන වැඩ හා සම්බන්ධ වත්මන් තරුණ තරුණියන් අතර වුවද අමරසේකරගේ මතවාද විධිමත්ව කියවූ අය විරලය. පසුගිය කාලයේ අමරසේකර තම වේදිකාවේ තබා ගත් ජවිපෙ බහුතරයකට පවා ඔහුගේ මතවාද ගැන හැ`ගීමක්‌ නොවීය. මේ කරුණු මත පිහිටා වත්මන් රාජ්‍ය බලයෙන් අමරසේකර වෙන්කළ නොහැකි වුවත් අමරකීර්ති පවසන ආකාරයේ පුදුම බලයක්‌ අමරසේකරට හිමිව ඇත්තේ අමරකීර්තිගේ මනෝ ලෝකය තුළ මිස සැබෑ ලෝකය තුළ නොවේ. වත්මන් පාලනය කෙරේ අමරසේකර ඇතුළු බලවේගයේ සම්බන්ධය ගැන මෙරට දේශපාලන සිදුවීම් ඇසුරෙන් මැදහත්ව විමසන අයෙකුට තියා ඒ ගැන සරල අවබෝධයක්‌ ඇත්තකුටවත් ලංකාවේ දෘෂ්ටිවාදී ජනාධිපති අමරසේකර ලෙස පෙනීමට හැකියාවක්‌ නැත. එහෙත් අමරකීර්තිලා අද එවැනි බලයක්‌ අමරසේකර වෙත පවරමින් සිටිනුයේ එතුමන් ගැන ඇති ආදරයකට නොව එතුමාට පහර දීමේ පහසුව තකාය. ඔවුන්ගේ ඇත්ත අරමුණ වනුයේ තමන්ගේ ගෝත්‍රයට එරෙහි තැනක සිටින දැවැන්තම මතවාදී පෞරුෂයක්‌ බිඳ හෙළීම සඳහා වත්මන් පාලනයේ තක්‌කඩිකම් වෙතින් ආයුධ සපයා ගැනීමය. ඔවුන්ට එය කළ හැක්‌කේ අමරසේකර ලංකාවේ දෘෂ්ටිවාදී ජනාධිපති බවට පත් කිරීමෙනි.

එසේ වුවද ඇත්තෙන්ම සිදුවූයේ යුද ජයග්‍රහණයටත් පෙරාතුව ජවිපෙ ඇතුළු අමරසේකර මතවාදයේ ද්‍රව්‍යමය බලවේගය තම නිසි ගමන් ම`ග වෙනස්‌ කොට නන්නත්තාර වීමය. එහි ප්‍රතිඵලයක්‌ වූයේ ඔවුන් වැර වෑයමින් ගොඩ නැ`ගූ ජාතික බලවේගය ආණ්‌ඩුවේ පූර්ණ අයිතියට පවරා දී එහි සැබෑ හිමිකරුවන් දේශපාලන සිරි ස`ගබෝ භූමිකාව තෝරාගැනීමය. එහෙයින් අද මේ රටේ නියම ප්‍රශ්නය ජාතික චින්තනය නොව කිසිදු ජාතික චින්තනයක්‌ නොමැති වීමය. අමරකීර්තිගේ අවුල වන්නේ ඔහුට මේ ෙ€දවාචකය නොපෙනීම නොව නොපෙනුනා සේ හි`දීමය. ඔහුගේ න්‍යාය පත්‍රයට අනුව, ජාතික ව්‍යාපාරයේ ඉහත කී ෙ€දජනක ම`ග වරද්දා ගැනීම ඔහු අර්ථ දක්‌වනුයේ ජාතික ව්‍යාපාරයේ පරිපූර්ණ ජයග්‍රහණයක්‌ ලෙසය. ඇත්තෙන්ම මෙවැනි පුදුමාකාර µqල්බ්‍රයිට්‌ බුද්ධිමතුන්ට වඩා අමරසේකර අදහන එක පල් මෝඩයකු වුවද මේ රටට වැදගත්ය. ඒ කුමන මතවාදී ප්‍රශ්න මැද හෝ ඔහු මේ මහ පොළවේ දේශපාලනය වෙනුවෙන් කළ අවංක මැදිහත්වීම නිසාය. ඔහු ආදරණීය පියකු සේ මෙරට උගත් ගැමි තරුණ පරපුර ගැන ලියූ දේවල් වටහා ගැනීමට, දීප්ති වැනි නිවටයන්ටත් බියවූ ජවිපෙ බොරු තියරිකාරයන්ට හැකි වූයේ නම් අද ජවිපෙ පවතිනු ඇත්තේ ඉතාම ජයග්‍රාහී තැනකය. එහෙත් අමරකීර්තිට අනුව ජවිපෙ විනාශයට දේශප්‍රේමී උගුල අටවා ඇත්තේ අමරසේකර විසිනි. අපට අමරකීර්ති නිවැරදි කිරීමට හැකියාවක්‌ හෝ අවශ්‍යතාවක්‌ නැති හෙයින් එවන් ප්‍රකාශ අමරකීර්තිලාගේ දේශපාලනය තේරුම් ගැනීමේ දර්ශක ලෙස පමණක්‌ සැලකිල්ලට ගත යුතුය.


සිංහල බෞද්ධ මහා සතුරා ගැන...

අමරකීර්ති නිතර පවසන ආකාරයටම කේවල, නොවෙනස්‌, සජාතීය, නුමුහුන්, පරමාදර්ශී එකක්‌ නොවුණද මෙරට ඇත්තේ සිංහල බෞද්ධ සංස්‌කෘතියකි. එය මෙරට සංස්‌කෘතියේ ප්‍රධාන සංරචකයද වෙයි. එය ලෝකයේ හොඳම එක හෝ වෙනස්‌ විය යුතු කිසිවක්‌ එහි නැත වැනි කතාවක්‌ එයින් අදහස්‌ නොවේ. එසේම උපාසකයන් සිල්වතුන් සේ හැසිරෙන ජනතාවක්‌ මෙරට වාසය කරන බවක්‌ද එයින් අදහස්‌ නොවේ. අප මුහුණ දෙන වත්මන් සමාජ වියවුල සිංහල බෞද්ධ සංස්‌කෘතියේ නිර්මාණයක්‌ නොවුණද මීට වඩා බලවත් සිංහල බෞද්ධ සංස්‌කෘතියක්‌ තුළ වුවද අවලස්‌සන දේවල් මේ රටේ සිදුවන්නට ඇති බවද පුදුමයක්‌ නොවේ. සිංහල බෞද්ධ සංස්‌කෘතියක්‌ මෙරට නොපවතින බව කීමට ඒ වියවුල හේතු සාධකයක්‌ නොවේ. මේ සියලු වියවුල් අතරේ වුවද ඒ සියල්ලට යටින් නොනැසී පවතින සංස්‌කෘතික පදනමක්‌ අප සතු වෙයි. එකී පදනමේ පරමාර්ථයන්ට සපුරා පටහැනි දේවල් වලින් එහි මතුපිට වල් බිහිවී ජරාජීර්ණ වී ගොස්‌ ඇති බව ඇත්තකි. එහෙත් එසේ වල් බිහිවී විපර්යාස වලට ලක්‌වූ පමණින් දිගු ශිෂ්ටාචාරයක්‌ ඇති රටක සංස්‌කෘතික පදනම ලෙහෙසියෙන් දිරාපත් නොවේ. ඒ බව තේරුම් ගත හැක්‌කේම ගල් ගොඩක්‌, පොල් ගොඩක්‌ සේ වෙන් කර පෙන්වා දිය නොහැකි මේ සංස්‌කෘතික පදනමේ බලපෑම අපේ ජීවිත තුළට මුහුවී ඇති ආකාරය සූක්‌ෂමව නිරීක්‌ෂණය කිරීමෙනි.

සැකෙවින්ම කිවතොත් හොඳ වුවද නරක වුවද සිංහල බෞද්ධ සංස්‌කෘතිය යනු අපට පිළිගැනීමට සිදුවන යථාර්ථයකි. ඓතිහාසිකව අපේ ජීවිතවලට යටින් පවතින මහා මෙහෙයුම් බලය එය වෙයි. රටක්‌ වශයෙන් අප එකිනෙකා එකට බැඳ තබන සාමුහිකත්වයේ බැම්ම එය වෙයි. එය හුදු ව්‍යාජ විඥානයක්‌ අධිපති දෘෂ්ටිවාදයක්‌ ආදී ලෙස තර්කයේ සැතින් සිඳලිය හැක්‌කක්‌ හෝ සිඳලිය යුත්තක්‌ නොවේ. ආර්ථීක, දේශපාලන යන සාධක ද්විත්වය සේම රටක රඳා පැවැත්මට උර දෙන අනෙකුත් ප්‍රධාන බලකණුව එය වෙයි. මාක්‌ස්‌වාදීන්ට නොතේරුනද බාහිර ආක්‍රමණවලට මුහුණ දීමේ ශක්‌තිය උපදිනුයේ මේ පදනම තුළිනි. හරි හෝ වැරදි සමාජ ව්‍යාපාරයක්‌ අපට ගොඩ නැ`ගිය හැක්‌කේ නිසැක ලෙසම මේ පදනම මත පිහිටමිනි.

පරපුටුවන්ට ගෝචර වුවද නොවුණද අප වැනි රටවල පොදු ජනයා කොහොමටත් ජාතික නැඹුරුවකින් යුතු වෙයි. එය ඔවුන් සතු ඓතිහාසික විඥනයකි. ප්‍රශ්නය වන්නේ ඒ මත පදනම්ව සාර්ථක දුර ගමනක්‌ යැමට සමත් වූ බලවත් දේශපාලන ව්‍යාපාරයක්‌ අපට නොතිබීමය.




හමාර කිරීම

අවසාන වශයෙන් ගත් කල තම රට, ජාතිය, සංස්‌කෘතිය ගැන පොදු ජනයා තුළ කිසියම් අභිමානයක්‌ ආදරයක්‌ තිබීම වරදක්‌ නොවේ. එය බුද්ධි ගෝචර සත්‍යයක්‌ වුවත් නැතත් ඒ හැ`ගීම රටක නැ`ගී සිටීමට අත්‍යවශ්‍යයෙන්ම වැදගත් වන්නකි. මේ ජාතික හැ`ගීම වරිගෝත්තමවාදයක්‌, ජාෙත්‍යාaන්මාදයක්‌ හෝ ඒ තත්ත්වයට පත් කර ගත යුත්තක්‌ද නොවේ. යම් හෙයකින් එය වරිගෝත්තමවාදයක්‌ බවට පත්වීමේ අවදානමක්‌ තිබේ නම් එය වුවද වළකාලිය හැක්‌කේ ජාතිකත්වය පිළිගෙන ඒ මත හරවත් සමාජ සංවාදයක්‌ ගොඩ නැ`ගීමෙන් මිස, ජාතිකත්වය බැහැර කොට එයට පහර ගැසීමෙන් නොවේ. අපට පටු ජාතිවාදය පිටු දැක මේ රට තුළ අනෙකුත් සංස්‌කෘතීන්ට හිමි ඉඩකඩ සුරැකිය හැක්‌කේද, ලෝකයේ අනෙක්‌ සංස්‌කෘතීන් ඉවසන පුළුල් මිනිසකු නිමවිය හැක්‌කේද, මෙරට ප්‍රධාන සංස්‌කෘතිය කුමක්‌දැයි පිළිගෙන එයට නිසි තැන ලබා දී ඒ මත පදනම් වන දේශපාලනයකිනි. එසේ නොමැතිව බහුබූත වාද ප්‍රවාද මත පිහිටා සියල්ලට පෙර සංස්‌කෘතිය මහා සතුරා කර ගැනීමෙන් කිසිදා යහපත් දේශපාලන ප්‍රතිලාභයක්‌ අත් කර ගත හැකි නොවේ. සංස්‌කෘතික සංස්‌කරණය වැදගත් විය හැකි වුවද එය කළ හැක්‌කේ හිපියන් අභිජනනයට ඉඩ සලසන ප්‍රති සංස්‌කෘතියකින්ද නොවේ. අමරකීර්තිලාගේ ප්‍රති සංස්‌කෘතිය ම`ගින් කොළඹ සම්මන්ත්‍රණ ශාලා වටා කරකැවෙන කොන්ඩා රැවුල් ඇට මාල කල්ලියක්‌ සාදා ගත හැකි වුවද, ඒ ඔස්‌සේ කිසිදා මේ රට තුළ පලදායක දේශපාලන ප්‍රවණතාවක්‌ වර්ධනය කළ හැකි නොවේ. නව යොවුන් වියේ සිටම එවැනි කොන්ඩා රැවුල් කාරයන් තොග ගණනේ ඇසුරු කර ඇති මම ඔවුන්ගේ රැඩිකල් වීරකම් වල ව්‍යාජත්වය හා එහි නිස්‌සාර බව ගැන හොඳාකාරවම දනිමි. තමන්ගේ උරුමය වෙත බැඳුණු හැ`ගීමකින් තොර මේ පිරිස දේශපාලනයේ දී කටයුතු කරනුයේ මාපිය සෙනහස අහිමි වීමේ වේදනා සහිතව හැදී වැඩුනු දරුවන් පරිද්දෙනි. එසේ වුවද ගංජා වීරයන් සහිත මේ නිස්‌සාර තාරුණ්‍යය අද අමරකීර්තිලාගේ ප්‍රධාන ඇමතුම් ඉලක්‌කය වී තිබේ. විකල්ප ගෝත්‍රය සම`ගද හරියටම සමපාත වන ඔහුගේ සාහිත්‍ය සිද්ධාන්තවල දේශපාලන කාර්යය සාධනය වනුයේ මෙරට සමාජ අනුරාගයක්‌ සහිත තරුණයන් මේ බොරු ක්‍රම විරෝධී මළ පුඩුවේ සිරකොට විනාශ කර දැමීමය. මෙය හරියටම එµa.එම්. නාලිකා වර්ගයේ මාධ්‍ය විසින් නව පරම්පරාවට කරමින් සිටින විනාශයේම සාහිත්‍ය දාර්ශනික ප්‍රකාශනයක්‌ වැනිය.

අවසාන වශයෙන් ගත්කල අමරකීර්ති අපට බහුපඨිතමය කියවීමක්‌ යෝජනා කළද ඔහුගේ දේශපාලනය තුළ ඔහු අන් බොහෝ අයට වඩා ඒකමානීය වෙයි. මේ බව උපුටා ගැනීම් ආදිය රහිතව වුවද මෙහි දැක්‌වූ මූලික කාරණා ඔස්‌සේ වටහා ගත යෑයි සිතමි. අමරකීර්තිගේ දේශපාලන මතවාදය මා දකින්නේ අහිතකර එකක්‌ ලෙසය. ඒ නිසාම ඔහු තුළ සිටින හොඳ සාහිත්‍යකරුවා හෝ විචාරකයාගෙන් මේ රටට වැඩක්‌ ගත හැක්‌කේ ඔහු තුළ සිටින බංකොලොත් දේශපාලන මතධාරියා කොන්දේසි විරහිතව පරාජයට පත් කිරීමෙන් පසුව යෑයි මා විශ්වාස කරමි.
  

[2013-06-27 - දින දිවයින පුවත් පතේ වටමඩල අතිරේකයේ පළ කල ලිපියකි. ]

, , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. වැඩ බැරිදාස10/18/2013 5:11 PM

    අගනා ලිපියකි!

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions