9/26/2013

දනන්ගේ කොළම - අයාලේ යමු...

කතෘ:යුතුකම     9/26/2013   No comments


ගෑණියෙක්ද පිරිමියෙක්ද -ඩ්රයිවර් කෝ කෝච්චියේ
අනේ අපොයි ඟේ හැපෙයි - පාරේ උන්ට මාරකේ //

දනන් ඇන්ටන් ජෝන්ගේ සිංදුවක් මතක් උනේ කෙටි පණිවිඩ පුවත් සේවාවෙන් ලැබුනු අරුම පුදුම පුවතක් දැකීමෙනි.එනම් ඊයේ අළුයම  රියදුරෙකු නොමැතිව කෝච්චි එන්ජිමක් මාලිගාවත්ත දුම්රිය අංගනයේ සිට රත්මලාන දක්වා ධාවනය වී ඇති බවයි.පුවත කියවූ මුල් වතාවේ දනන්ගේ සිතට ආවේ මෙය නව නිපයුම්කරුවකුගේ අත් හදාබැලීමක් යන්නයි.නමුත් එය එසේ නොවන බව වැටහුනේ මෙයට වගකිව යුතු යැයි කියමින් සේවකයන් දෙදෙනෙකු ගෙදර යවා ඇති බව ඇසූ විටයි.නව නිපැයුමක් නම් දඬුවම් නිවාඩු ලැබෙන්නට හේතුවක් නැත.
කෙසේ වෙතත් දනන්ට රියදුරකු නැති වාහන පිළිබඳ මතකයට නැගෙන්නේ කුඩා කල අල්ලපුගෙදර ටෙලිවිෂනයෙන් කෝපි කඩේ නාට්ටිය බලන්නට ගිය විට ' නයිට් රයිඩර්' කතා මාලාව ගැන යන වෙළඳ දැන්වීමෙනි.'නයිට් රයිඩර්' ගේ කාරයට නම් දුරස්ත පාලකයක් මෙන්ම පිටත සිට මෙහෙයවන්නෙක්ද සිටියා මතකය.එහෙම නැතුව වාහනය තනියම ගමන් නොයන බව ළදුරු විය ඉක්මවන විටම දනන්ට වැටහුණු කරුණකි. නමුත් අද මාලිගාවත්ත කෝච්චි කතාව ඇසූ විට දනන්ට පිලිබඳ නැවත  සිතන්නට සිත් විය.
සමහරවිට හෙට අපේ 'පරිනත' අගමැති තුමා පාර්ලිමේන්තුවේදී  කෝච්චිය ඉබේට ඉස්ටාට් වී තම නෑදෑයින් හිතවතුන් බලන්නට ඉබේටම රත්මලානේ ගිහින් යැයි කියන්නට ඉඩ ඇත.එසේත් නැත්න්ම කෝච්චි එන්ජිම 'ගල්කිස්සේ මුහුදු වෙරළේ ඉරිදට ගිහින් බලන්න ' ගීතය අසා ගල්කිස්සේ ගියා යැයි කියන්නටද බැරි නැත.එතුමා හාංකවිසියක්වත් නොදැන එතුමාගේ ලිපි ශීර්ෂය යටතේ  කුඩු කන්ටේනරයක් නිදහස් කරන්නට ලියුමක් රේගුවට ගිහින් තිබූ අපූරුව ගැන සිතෙද්දී කෝච්චි යක් ඉබේට ගල්කිස්සේ යෑම මොන කජ්ජක්දැයි දනන්ටද සිතෙන්නට ඉඩ තිබේ. කෝච්චියට , බසයට , බයිසිකලයට , තිරික්කලයට පමණක් නොව බයිසිකල් බෝලයට පවා වෙනම අමාත්යංශයක් ඇමතියෙක් ඇති කලෙක වුවත් කෝච්චි භාර ඇමතිවරයා මතුගම  බවලතුන් නලවද්දී කොලඹ කෝච්චි අයාලේ යෑම ගැන පුදුම වන්නට දෙයක් නැත.

කෙසේ වෙතත් සේවකයන් දෙදෙනාගේ වැඩ තහනම් වූ විගසම වැඩ තනමට එරෙහිව උද්ඝෝෂණයක් ඇරඹීමට රතු තොප්පිකාර අයියලා ඉක්මන් වී ඇත.ඔවුන්ට අනුව මෙය දුම් රිය බලධාරීන්ගේ වරදකි.ඔවුනට අනුව රාත්රියට කෝච්චියේ වගකීම පැවරෙන භාරකරුවා සහ සහායකයා  නිර්දෝෂීය .දුම් රිය  සාමාන්යාධිකාරිවරයාගේ සිට ඇමතිවරයා දක්වා ඉහළ මට්ටමේ සියලු දෙනා මෙයට වග කිව යුතුය..එසේ  කියන්නට ඔවුන්ට ඒකට පරීක්ෂණ පවත්වන්නටත් උවමනා නැත. සුනාමියෙන් විනාස වූ දුම් රිය මග දින 52න් පිළිසකර කල වීරයන් සිටියේ නිළධාරී කාමර තුල නොවන බව මේ රතු අයියලාම කියනවා දනන්ට මතකය. දනන් එයට එකඟය.නමුත් හොඳ වැඩක ප්රසංසාව මෙන්ම වරදක වගකීමද එකලෙස භාරගැනීම අවස්ථාවාදීන් නොවන්නන්ගේ ලක්ෂණයක් බව පමණක් දනන්ගේ මතයයි. දනන් 'නයිට් රයිඩර්' කතාව මතක් කලේද මෙය කියන්නටය.නයිට් රයිඩර්ගේ වාහනය දුරස්තව ක්රියා කරවීමට කෙනෙකු සිටියාක් මෙන්ම මේ කෝච්චියේද අදෘශ්යමාන ක්රියාකරවන්නකු සිටින බව දනන්ගේ දැඩි විස්වාසයයි.මේ හැංගිමුත්තම්කරුවන් කවුරුන් උවත් උන් උත්තේජනය ලබන්නේ 'ඕන දෙයක් කලාට දඬුවමක් නැ. නිසා බය වෙන්නට දෙයක් නෑ" යනුවෙන් අද සමාජය පුරා පිළිලයක් සේ පැතිරෙන පිළිගැනීම නිසා බවට සැක නැත.නිදසුන් සිය ගණනක් ඇතත් කටුගෙට සිද්ධ වුනු සංතෑසිය වුවත් සඳහා උදාහරණයයකට ප්රමාණවත්ය.
කෝච්චිය නම් අයාලේ ගියාට වෙන පාඩුව නම් මිනිය හැකිය.එහෙත් රටක් .....
- යුතුකමේ දනන් - www.yuthukama.com

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions