1/06/2013

ජනාධිපතිතුමාට අයිතියක් නැත....

කතෘ:යුතුකම     1/06/2013   No comments



-මග හොඳට තිබේ නම් - යන්න දෑසත් පෙනේනම් කිම?..

ශිරාණි බණ්ඩාරණායක මැතිණිය කොළඹ විශ්ව  විද්‍යාලයේ ආචාර්යවරියක වශයෙන් කටයුතු කරමින් සිටියදී ඇයව  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත්කරන ලද්දේ එවකට ජනාධිපතිතුමිය වූ  චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණියයිචන්ද්‍රිකා දේශපාලනිකව කුමන අරමුණක් අරඹයා කටයුතු කල තැනැත්තියක් දැයි දැන් නම් රටේ ජනතාවට අවබෝධ වී ඇතිවාට සැක නැත. එකල බොහෝ ආයතන සහ බල අධිකාරීන්වල මෙහෙයුම් බලය හිමිව තිබුනේ බෙදුම්වාදය එසේත් නැත්නම් ෆෙඩරල් මතවාද දරන්නන්ටය.ඒ  චන්ද්‍රිකා බණ්ඩාරණායකගේ දේශපාලන මතය සමග සමගාමී වෙමිනි. එල්ටීටී  ත්‍රස්තවාදියෙකු වූ වසන්ත රාජා එකල රූපවාහිනියේ මුල් පුටුවට පැමිණීම ඊට හොඳම උදාහරණයයි. එලෙස තව බොහෝ බල අධිකාරීන්වල තීරක බලයට  රාජ්‍ය නොවන සංවිධානවල  අවශ්‍යතා අනුව මෙහෙයවෙන ෆෙඩරල්වාදීන් අරක් ගත්තේ  චන්ද්‍රිකාගේ ඒ ෆෙඩරල් ආශාව සංතෘප්ත කරවන්නටය.
ශිරාණි බණ්ඩාරනායක මැතිණියද පැහැදිලි ලෙසම බෙදුම්වාදී ෆෙඩරල් දේශපාලන මතය ඉහලින්ම නියෝජනය කළාය.එකල චන්ද්‍රිකා ආණ්ඩුව සුදු නෙලුම් ගෙන තවලම් යද්දී එයට සහයවනු පිණිස රජයේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන්  මුද්‍රණය කල "බලය බෙදීම : ඉතිහාසය වර්තමානය සහ අනාගතය "ග්‍රන්ථයේ   'බලතල බෙදාහැරීම පිළිබඳ හා  ශ්‍රී ලංකාවේ අත්දැකීම් ' යන මැයෙන්  ශිරාණි බණ්ඩාරනායක් මැතිණිය සැපයූ නිබන්ධනයෙන්  ඇයගේ ෆෙඩරල් හිතවාදී මතය අපූරුවට  නිරූපණය වේ.

එහි 154 පිටුවේ ඇය මෙලෙස සඳහන් කර ඇත.
'බලතල බෙදාහැරීම පිළිබඳ සංකල්පය ලංකාවේදී මෑතකදී ඉදිරිපත් වූවක් ලෙසට අපට දැක්විය නොහැක. ලංකාවේ දේශපාලනික පසුබිම හා සමාජීය ගැටලු යටතේ පවතින වාර්ගික අර්බුදයත් සම්බන්ධ විසඳුමක් ලෙසට බලතල බෙදාහැරීම පිළිබඳවත් දශක අටකට වැඩි කලක් තිස්සේ සාකච්ඡා වූ බව පෙනී යයි. සෑම අවස්ථාවකදීම සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂිකයන් සිය විරුද්ධත්ව පලකර සිටීමද නොරහසකි. කෙසේ වෙතත් බලතල බෙදීමක පරමාර්ථය වනුයේ  මධ්‍යම ආණ්ඩුවේ කාර්යයන් වඩා කාර්යක්ෂම ආකාරයකින් මෙන්ම ,පළාත් බද  නායකයන්ගේ සහභාගීත්වය සහ සහයෝගීතාවය මත ඔවුන්ගේ  දක්ෂතාවයන් උපරිම වශයෙන් උපයෝගී කරගනිමින් ඉටුකර ගැනීමයි.එමගින්  රාජ්‍යයක සංවර්ධනය මෙන්ම එක්සත් භාවයද වර්ධනය කරගත හැකි වන්නේය."

මෙම පාඨයෙන් පැහැදිළි වන්නේ එතුමිය මෙරට තුළ ඊනියා ‘වාර්ගික අර්බුදයක්’ ඇති බව පිළි ගන්නවා පමණක් නොව, රාජ්‍යයේ එක්සත්භාවය වර්ධනය කිරීම ගැන කතා කිරීම නිසා අප ව්‍යවස්ථාවේ  දහන් ඒකීයභාවයද නොපිළිගන්නා බවයි. මේ වචන නිකම්ම අහිංසක වචන නොවේ. රණ විරුන් සිය දිවි පුදා සටන් කර ත්‍රස්තවාදීන් පැරදුවා පමණක් නොව, දේශපාලනික ලෙස මෙවැනි වචනද පැරද වූ බව අප තේරුම්ගත යුතුය.

එපමණක් නොව, ඇය නීති පීඨය තුලදී තනිකරම ෆෙඩරල් මතවාදය වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කල තැනැතියක බව පිටකොන්දක් මෙන්ම ජාතික දැක්මක් ඇති නීති පීඨයේ ඉගෙනුම ලැබූවන් සිටීනම් එයට සාක්ෂි දරනවා ඇති. ඇය ෆෙඩරල් මතවාදය වෙනුවෙන් සැපයූ ලිපි ලේඛන වලට එකල එල්ටීටීඊ නිල වෙබ් අඩවි සහ මාධ්‍යවල වැඩි ඉඩක් වෙන්විය.ඒ අනුව ඇයගේ දේශපාලන පක්ෂපාතීත්වය කුමන මතවාදයකටද යන්න වටහා ගැනීමට තවත් අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නැත. අද ඇය වටා  පාක්යසෝතිලා, වැලිඅමුණලා, වික්‍රමබාහුලා රොක් වන්නේද මෙම මතවාදී පෑහීම නිසාය.

ඇයව ශේෂ්ඨාධිකටණ විනිසුරුවරියක් ලෙස පත්වන්නේ මේ බණ්ඩාරණායක වරුන් දෙදෙනා නෑදෑයින් වූ නිසා නොව, දේශපාලන මතවාදීව එකම පවුලක වූ නිසා බව වටහා ගැනීම අපහසු නැත. වැරදිලාවත් එක් මොහොතකදී විධායකයේ චන්ද්‍රිකා බණ්ඩාරණායක සිටියදී අධිකරණයේ මුල් පුටුවේ ශිරාණි බණ්ඩාරනායක සිටියේ නම් මහින්ද රාජපක්ෂයන්ට යුද්ධ කරන්නට වන්නේ ඊළාම් රාජ්යයේ දේශසීමා නිර්ණය සඳහා වන්නට තිබිණ. එවක සරත් එන් සිල්වා මහතා අගවිනිසුරු ධූරයේ සිටිමින් උතුරු නැගෙනහිර පළාත් දෙකක් බවට වෙන් කිරීමටත් සුනාමි සහන මන්ඩලය ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ  කරමිනුත් ලබාදුන් ජාතියක් වශයෙන් අතිශය තීරණාත්මක ඓතිහාසික තීන්දු නොලැබෙන්නට ඉඩ තිබිණි. එසේ විනිනම් අද වන විටත්, ඊළාම්  රාජ්‍යයේ විදේශ කටයුතු ඇමති වරයා ලෙස තමිල් චෙල්වම් ගේ සිනාව අපට ඔච්චම් පානු ඇත.

මේ දේශපාලන මතවාදය නිසාම 1996දී ඇය  ශ්‍රේෂ්ඨාධිකරණයට පත් වෙද්දී අධිකරණය හමුවේ ඉදිරිපත්කල විරෝධතාවය සලකා බැලු විනිසුරු මාර්ක්  ප්‍රනාන්දු මහතා ශිරාණි බණ්ඩාරනායක මැතිණියට දේශපාලන මතයක් දැරීමට අයිතියක් ඇති නමුත් බලය බෙදීම පිළිබඳ නඩු ඇසීමෙන් ඉවත් වී සිටින ලෙස අවවාදයක්ද ලබා දී තිබේ. ඇයගේ ෆෙඩරල් හිතවාදී බව එම තීන්දුවල ස්වාධීනත්වයට බලපෑමක් එල්ල විය හැකි බැවිනි.

කෙසේ නමුත් පසුගිය දා මහත් ආන්දෝලනයට තුදු දුන් දිවි නැගුම පනත පිලිබඳ කාරනය බලය බෙදීමට සෘජුව සම්බන්ධ නඩු  ක්‍රියාමාර්ගයකි. නමුත් 96දී මාර්ක් ප්ප්‍රනාන්දු විනිසුරුවරයා ලබා දුන් නීතිමය මගපෙන්වීමද නොසලකා හැරි ශිරාණි බන්ඩරනායක මැතිණිය එය තම නායකත්වය යටතේ ඇති අධිකරණ මන්ඩලයක් හරහා විභාග කෙරිණ. එහිදී ඇය බෙදුම්වාදය ශක්තිමත්වන තීරනයක් ලබාදුන් බව ඉතා පැහැදිලිය. එම තීන්දුවේ පළාත් සභා වලට අයත් ලයිස්තුව වූයේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සුමන්තිරම් විසින් ඉදිරිපත් කළ ලයිස්තුවමය. එය  ව්‍යවස්ථානුකූල අර්ථදැක්වීමට අනුකූල යැයි යැයිද එයට ඇගේ දේශපාලන මත්ය  උත්ප්‍රේරකයක් නොවී යැයි සමහරු මෙහිදී ඉදිරිපත් කරන මතය ඉවත දැමිය යුත්තේ  පූර්වාදර්ශ නොතිබියදී මේ අලුත් කරුණු අරභයා දෙන නීතිමය අර්ථගැන්වීම්වලට ඒ විනිසුරුවරුන්ගේ මතවාදී අභිලාශයන්  ප්‍රබලව බලපාන බව වසන් කල නොහැකි සත්‍යක් වන බැවිනි.
චන්ද්‍රිකා ජනාධිපති තුමිය විසින් ඇයව ශ්‍රේෂ්ඨාධිකරණයට  විනිසුරුවරියක ලෙස පත් කිරීම ඉහත කරුණු අනුව තේරුම් ගත හැකිය. නමුත් අපට තේරුම් ගත නොහැක්කේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මතවාදීව මෙතරම් අවුලක සිටි ඇයව ජේෂ්ඨත්වය පමණක් සලකා අග විනිසුරු තනතුරෙහි  තැබීමය. එතුමා චන්ද්‍රිකා හෝ රනිල් හෝ මෙන් බටහිර පදයට නටා රට බෙදා ඊනියා නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමෙ උණ රෝගයෙන් පෙළුනු නායකයකු නොවන බව අප කාගේත් වැටහීමයි. එසේනම් මෙම පත්වීම එතුමා විසින් නොකළ යුතුව තිබූ බව අපගේ පිළි ගැනීමයි.

පාර්ලිමේන්තු තේරීම්කාරක සහාව  සිදුකල මූලික විමර්ශනය අනුව විමර්ශනය කර ඇති චෝදනා 5න් තුනකට ඇය සෘජුවම වැරදිකාරියක බව සනාථ වී ඇත. පෙරකදෝරු ගැට දමා එය නොපිලි ගැනීමට උත්සහ කලත් බහුතර  සාමාන්‍ය ජනයා පෙරකදෝරු ගැට තඹයකට මායිම් නොකරන බව මතක තබා ගත යුතුය. ඒවා බමුණු කුලය තුල  සහගොසිප් උගතුන්ගේ සමාජයේ’  කෙටි කලක් රඟපෑමට පමණක්  ප්‍රමාණවත්ය. මෙලෙස පාර්ලිමේන්තු තේරීම්කාරක සහාව ඉතා පැහැදිලි පරීක්ෂනයකින් පසු ඉතා නිරවුල් සෑහීමකට පත් විය හැකි පරීක්ෂණ වාර්ථාවක් ඉදිරිපත් කර ඇති බව එම වාර්තාව පරිශීලනය කළ අයකුට වටහා ගත හැකිය. එහිදී 107 ව්‍යවස්ථාවේ සඳහන් වන ඉහළ විනිසුරුවරුන් සම්බන්ධ දෝෂාභියෝගයකදී "නීති මඟින් හෝ ස්ථාවර නියෝග" මඟින් විධි විධාන සැලැස්විය යුත්තේ ය යන වගන්තියෙන් ‘ස්ථාවර නියෝග මඟින් යනුවෙන් සඳහන් කොටස සම්පූර්ණයෙන් නොසලකා හැර ශිරාණි බණ්ඩාරණායක මැතිනිය විසින්ම පත්කල විනිසුරු මඩුල්ල පාර්ලිමේන්තු කමිටුව නීත්‍යානුකූල නැතැයි ලබා දී ඇති තීරණය බාධාවක් නොවන බව ශිරාණි බණ්ඩාරණායක මැතිණියගේ බල අධිකාරිය තුල සිරවී නැති නීති විශාරදයන් පෙන්වා දෙන කරුණු අනුව වටහා ගැනීම අපහසු නැත.

කරුණු මෙසේ නම්  ව්‍යවස්ථානුකූලව තීන්දු ගැනීමේ බලතල පැවරී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාටමය. එය නැවත විචාරයට ස්වාධීන කමිටුවක් පත් කර එමගින් උපදෙස් පැතීමට යෝජනා කිරීම මේ මොහොතේ තේරුම් ගැනීමට අපහසු කාරණයකි. එය අනුවණ කමකි. විපක්ෂ බලවේග හෝ විදෙස් බලවේගවල බලපෑමෙන් මිදීමේ උපක්රමයක් ලෙස එය සිදු කරන්නේ යැයි සිතන්නේ නම් එය මුලාවකි. මේ බලවේග එවැනි කමිටු හරහා තෘප්ත කල හැකි නොවේ. බව පසුගිය යුධ සමයේ හා ඉන් පසුව ගත්වූ කාලයේ ප්‍රත්‍යක්ෂ ලෙස අත්දකින්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලැබෙන්නට ඇති බවට සැකයක් නැත.
එවැනි   ක්‍රියාමාර්ගයකින්  ප්‍රශ්නය තවත් ඔද්දල් වනු ඇත. ඊළඟට ඒ කමිටුවේ ස්වාධීනත්වය පිලිබඳ හා වෙනත් නොයෙක් දේ පිළිබද තව තව ප්‍රශ්න කෙරෙනු ඇත. අද රටට මේ අනවශ්‍ය සංවාදයේ තව දුරටත් හිරවී කල්ගෙවීමට අවශ් නැත.අප යා යුතු ගමන් මගක් ඇත. මේ කුණු කන්දල් හැකි ඉක්මනින් ඒවාට හිමි කුණු බක්කියට දමා මග පාදා ගැනීම ජනාධිපතිතුමා සතු අත්හළ නොහැකි  අත්‍යන්ත වගකීමකි. කිසිඳු චකිතයකින් තොරව ජනතාව පැහැදිලි ජන වරමක් එතුමාට ලබා දී ඇත්තේ රටට අවශ්‍ය මොහොතේදී වැනි වැනි සිටීමට නොව, මානුෂීය මෙහෙයුම සමයේ මෙන්  අවශ්‍ය  තීන්දු නොපැකිළව ගැනීමටය. නොයෙකුත් ආකාරයේ බමුණු උපදේශකයන්ට අනුව කටයුතු කර රට අනතුරක වැටෙන තෙක් කාලය නාස්ති කිරීමට එතුමාට අයිතියක් නැතව්‍යවස්ථාවේත් නැති උවමනාවටත් වඩා  අතිරේක සාධාරණත්වයක් පෙන්වීම  අවශ්‍ය නැත. සාධාරණය අවශ්‍ය  ටේ ඒකීය බාවය වෙනුවෙන් දිවි දුන් රණ විරුවන් ගේ ඥාතීන්ගෙන් සමන්විත සමාන්ය පොදු ජනතාවට මිස රටට විණ කරන්නට බලා සිටිනා එන් ජී ඕ බත් බැලයනට නොව්. එබැවින් තවත් කමිටු වලට කල් නාස්ති කිරීම මෙරට පොදු ජනතාවට කරන අපරාධයකි. මේ ස්වාධීන කමිටු අනාගතයට වැරදී පූර්වාදර්ශ වනවා පමණක් නොව එමගින් මේ නාස්ති කරන කාලය තුල රටට හතුරු බලවේගයන්ට තමන්ගේ ක්රියාමාර්ග තව තවත්  සක්‍රීය කිරීමට ඉඩ සැළසෙයි. කල් මැරීම මුල සිටම ඔවුනගේ උපාය වූ බව අමතක නොකළ යුතුය.

ලෙඩේ උඩු දිවූ පසු කරන බෙහෙත් නොඅසන්නට ඉඩ වැඩිය. මිහිදු මාහිමියන් දේවානම්පියතිස්ස රජුට දුන් උපදෙස් , අපගේ ලිඛිත ව්යවස්ථාව තුල නැතත් එදා මෙදා තුර එය අපගේ අලිඛිත  ව්‍යවස්ථාවේ  ප්‍රමුඛම මගපෙන්වීමයි."ඔබ මේ රටේ අයිතිකරුවා නොව, මෙහි මිනිසුන් මෙන්ම ගහකොල සතා සීපාවාගේද භාරකරුවාය. ආරක්ෂකයාය." කොටි තරස්තවාදය ඉදිරියේදී බටහිර බලවේගවල කුරිරු බලපෑම් හමුවේ ජනාධිපතිතුමා මේ රටේ පොදු ජනතාවගේ පැත්තේ නොබියව සිටගනිමින් මිහිඳු මාහිමියන් දුන් උපදෙස් අනුවම යමින් රටත් ජනතාවත් ආරක්ෂා කිරීමට අතිශය දුෂ්‍කර තීරණ නොබියව ගත් බව අපි දනිමු. එය නිදහසින් පසු මෙරට කිසිදු නායකයකු සිට ගත් තැනක් නොවේ. මෙරට පොදු ජනතාවට ඇති ප්‍රශ්නයද එයමය. “අනේ කුහුඹුවනේ තොපටත් රජෙක් ඇත්තේ” යන්නෙන් ගම්‍ය  වන්නේ මෙම නොලැබීම අපට සියවස් ගණනාවක සිට පැවති බව නොවේද? මහින්ද රාජපක්ෂයන් එම අඩුව පිරවූ බව යුධ සමය තුළදී ජනතාව දුටුවෝය. ඔබතුමාගේ දේශපාලන හයිය තිබෙන්නෙ මේ පොදු ජනතාව තුළ මිස ඔබ තුමා ළං කරගෙන සිටින ෆෙඩරල්වාදීන් තුළ නොවන බව ඔබතුමා නොදන්නවා නොවේ යයි අපි සිතමු.මේ අහක යන නයි ළං කර ගෙන කවා ගැනීම පිළිබද අපි පසුතැවෙමු. නෝනාටත් මහත්තයාටත් ලබා දුන් පත්වීම් නුසුදුසු යයි අපි සිතමු. එම වරද නිවැරදි කරන්නට ලැබෙන විට කමිටු දම දමා කල් මැරීමෙන් පසු වඩාත් උඩුදිවූ ලෙඩකට බෙහෙත් දීමට යාම අනුවණ කමකි. මේ රටේ පොදු ජනතාවට එන් ජී ඕ බත් බැලයන් විසින් මෙහෙයවන නරි නාටක බලා සිටීමට ඉඩහැර කල් මැරීමට ඔබතුමාට අයිතියක් නැත.

එබැවින්  නීත්‍යානුලකූල  ව්‍යවස්ථාව සහ මිහිඳු මා හිමියන් අනු දැන වදාළ පරිදි වහ වහා කටයුතු කර මේ උගුලෙන් රට ගලවා ගැනීම මේ මොහොතේ රටේ භාරකරුවන්ගේ වගකීමයි . තවත් කමිටු උවමනා නැත.

-ලසන්ත වික්‍රමසිංහ 
යුතුකම සංවාද කවය

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions