1/05/2013

නිදා සිටි රාක්ෂයා අවදිවන්නට පෙර

කතෘ:යුතුකම     1/05/2013   No comments


ප්‍රභාකරන් නමැති මුග්ධයාට මිනීමැරීම මිස දේශපාලනය අවිෂය වීම නිසා දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය නමැති මහා රකුසාට යුද්ධයට පිටුපසින් සැඟව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත වැතිර සැතපී නිදන්නට සිදුවිය.මෙරට ජාතික බලවේගයන් විසින් වරින් වර මේ නිදා සිටින රකුසාගෙ භයානකකම පෙන්වනු ලැබුවද,ඌ නිදා සිටි නිසා ඒ වෙත යොමු වූයේ මද අවධානයකි.එබැවින් 1987 සිට මේ දක්වාම මේ රකුසා නිද්‍රාවෙහිම පසුවිය.ඒ අතර බොහෝ දෙනෙකු ඒ නිදාසිටින්නේ රකුසකු නොවේයයි කීහ. තවත් සමහරෙක් මෙය ඊනියා ජනවාර්ගික අර්බුදය විසඳීමේ ‘ප්‍රබුද්ධ’ මාවතේ තීරණාත්මක සළකුණක් යැයි බණ දෙසීය.ඒ අතර කබල් මාක්ස්වාදී හා නූතන ලිබරල්වාදී උගතුන් විය.ඉන්දීය මෙන්ම බටහිර දේශපාලනය හීලෑ කරගැනීමට නම් අප මේ රකුසා සමඟ එක යහනෙහි සැතපිය යුතු බව උගත්හු අපට කීහ. අදටත් කියති.

දිවි නැගුම පනත සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණය ලබාදුන් පළමුවන නඩු තීන්දුවත් සමඟ මේ රාක්ෂයා දත් විලිස්සමින් අප දෙස නරුම සිනහවකින් බලා සිටියි.අප සිතා සිටියාටත් වඩා උල් දත් ඇති විශාල රකුසෙකු බව පෙනෙන්නට ගත්තේ ඒත් සමඟය.එම නඩු තීන්දුවෙන් කියැවුනේ දිවි නැගුම පනත සම්මත කර ගැනුම සඳහා සියලුම පළාත් සභාවල අනුමැතිය අවශ්‍ය බවකි.දිවි නැගුමට සම්බන්ධ සමහර ක්ෂේත්‍ර සමගාමී ලැයිස්තුවට අදාල යැයි අර්ථ ගන්වමින් මෙම තීන්දුව ලබා දී ඇත.එම පනත මෙරට සංවර්ධන කටයුත්තක් උදෙසා ගෙනෙන ලද පනතක් විනා,බලය පිළිබඳ කිසියම් තීරණාත්මක පනතක් නොවේ.රකුසා දත් විලිස්සා පෙන්වු පමණින් තුනෙන් දෙකක බලයක් සහිතව ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරමින් ව්‍යවස්ථාදායක බලය හොබවන පාර්ලිමේන්තුවට වුවද පළාත් සභා ඉදිරියේ දණ නමන්නට සිදුවිය. [2/3 ආණ්ඩු සැමදා බිහි වන්නේ නැත. 2/3 ආණ්ඩුව කෙරේත් මෙලෙස නම් අනාගත සරළ බහුතර ආණ්ඩු වලට අනාගතයේ අත්වන ඉරණම ගැන සිතා ගැනීම අපහසු නැත.]
ඉදිරියේදි පැවැත්වෙන උතුරු පළත් සභා මැතිවරණයකින්  පසුව යම් හෙයකින් උතුරු පළාත් සභාව බෙදුම්වාදීන් අතට පත්වුවහොත් ජනතා පරමාධිපත්‍යට අන්ත දෙමළ ජාතිවාදී සම්බන්ධන්ලා, සුමන්තිරම්ලා ඉදිරියේ දණ නමන්න සිදුවීම වළකුනු කෙළෙස? පාර්ලිමේන්තුව විසින් ගෙනෙනු ලබන රටටම බලපාන පනතක් අනිත් පළාත් සභා සියල්ලේම අනුමැතිය ගත්තද බෙදුම්වාදීන් සතු පළාත් සභාව විරුද්ධ වුවහොත් ජනතා පරමාධිපත්‍ය අසරණ වනු වැළකිය නොහැක. කොටින්ම කියතොත් පාර්ලිමේන්තුවේ බොහෝ අණ පනත් සම්බන්ධයෙන් නිෂේධ බලයක් වැනි බලයක් සෑම පළාත් සභාවකටම ලැබෙනු ඇත. ඉන්දියාවේ ප්‍රාන්තයකට එවැනි බලයක් නැත.

එලෙස යම් පළාත් සභාවක් බෙදුම් වාදීන් අතට පත්වුවහොත් අධිකරණය වෙත යන ඔවුන් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝදනය නමැති අප ගිලගන්නට සැරසී සිටින රකුසා සම්පූර්ණයෙන් බලගන්වා ඉඩම් හා පොලිස් බලතල තමන් සතුකර ගන්නවාට කිසිදු සැකයක් නැත.මධ්‍යම ආණ්ඩුව සතු බලතල ,පළාත් සභා බලතල සහ සමගාමී ලැයිස්තු පිලිබඳ සවිස්තරාත්මක අර්ථ ගැන්වීමක් ව්‍යවස්තාව තුළ නොමැති නිසා, ඒ ඒ අවස්ථාවල අධිකරණය මඟින් ලබා දෙන අර්ථ දැක්වීම් අනුව සිය බලතල ව්‍යාප්ත කර ගෙන මේ රාක්ෂයා තව තවත් උස් මහත් කර ගන්නවා ඇත.එතැකින් නොනවතින ඔවුහු තම පළාත් සභාව තුළ සම්මත කර ගන්නා නා නා විධි පනත් මගින් මධ්‍යයෙන් හැකිතාක් ගැලවෙනු ඇත.දිනෙන් දින තම පළාත්වල වෙසෙන අහිංසක දෙමළ ජනතාවගේ සිත් සතන් තුළ බෙදීමේ මානසිකත්වය වර්ධනය කිරීම දැනට වඩා සිය ගුණයකින් වේගවත් කර තම ඊළාම් සිහිනය දිනෙන් දින ඔපවත් කරගනු ඒකාන්තය. මධ්‍යයෙන් ගිලිහිනු බලයක් නැවත මධ්‍යයට ගනු බොරුය.එය ගියොත් ගියාය.ලෝකය තුල බටහිර ආශිර්වාදයෙන් අලූතින් බිහි කල බෙදුම්වාදී රාජ්‍යයන් අපට උගන්වන පාඩම එයයි. ප්‍රභාකරන්ට ලේ ගංඟා මඟින් කෙළෙසනු නොහැකිවූ, සිය දහස් ගණන් ලංකා මාතාවගේ සුජාත දූ පුතුන්ගේ ජීවිත, ඇස්, හිස්, මස්, ලේ, කඳුලු පුද දී ආරක්ෂාකර ගත් මව්බිමේ ඒකීයභාවය මේ රාක්ෂයා විසින් ඒ නමින් මිය ගිය උන්ගේ සොහොන් වලට හූ තිය තියා කෙලෙසනු බලා සිටිමට තරම් නිවටයින් වනු විනා කරනට වෙන අන් යමක් ඒ මොහොත වන තෙක් ප්‍රමාද වන පවුකාර ජාතියකට නොමැති වනු ඇත.

මේ රකුසා දත් විලිස්සමින් උගෙ නියම ස්වභාවය අපට දැන් පෙන්වා දුනි. මේ රකුසා සිය නිය දත් පමණක් නොව, කිසි කළෙක ප්‍රභාකරන්  යුදමය ක්‍රියා මාර්ගයකින් පරාජය කළ නොහැකි යයි අපට බණ කිවූ ඇතැම් උගතුන්ට උගෙ සියලුම අවයවයන් පෙන්වුවද ඒ රකුසකු යැයි මේ මතාන්ධයන්ට නොපෙනෙනු ඇත.ඒ ගැන පුදුම වීමට දෙයක් නැත.තමන් ලැබූ අධ්යාපනයෙ අඩංගු නොවූ දෑ මේ උගතුන්ට අවිෂය වන බව ඉතිහාසය ඕනෑවටත් වඩා පෙන්වාදී තිබේ.එනමුදු මෙරට වෙසෙන මාතෲ භූමියට ආදරය කරන රණ විරුවන්ගේ ජීවිතවල වටිනාකම හඳුනන ඒ වෙනුවෙන් තම පියවරුන් අහිමි කර ගන්නට සිදුවූ දරුවන්ගෙ හදවත්වල සාංකාව වැටහෙන මෙරට පොදු ජනතාවට මේ රාක්ෂයා හදුනාගැනීම අපහසු නොවනු ඇත.

අද මේ රාක්ෂයා දැක දැක නොදැක්කා සේ අහක බලාගෙන ඉන්නා අය ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂ‍යේද සිටිත්. ඒ යුතුකම කරහැර යන අමන ජනතා නියෝජියතයින් සළකුණු කරගෙන සිට, ඉඩක් ලැබෙන ඊලඟ පළමු පැයේම ඔවුනට පාඩමක් උගැන්වීම පරමාධිපත්ය උසුලන ජනතාව සතු අමතර යුතුකමකි. මේ තීරණාත්මක නිමේෂ‍යේ අප  හැමට මග හැර යා නොහැකි වගකීම නම් මේ අනතුර පිළිබඳව හොඳින් දැනුම්වත් වෙමින්, ඉන්දියාව විසින් ලාංකීය ව්යවස්ථාව තුළ බලහත්කාරයෙන් ඇතුළත් කර සතපවා තැබූ මේ  රාක්ෂයා පළවා හැරීම සඳහා විසල් ජනමතයක් ගොඩනගමින් එයට දායක වීමයි. රට අභ්‍යන්තරයේ එවැනි ප්‍රබල ඉල්ලීමක් නොමැතිව අපට සතුරු බටහිර බලවේගයන්ගෙ හා ඉන්දියාවෙ පීඩනයෙන් ගැලවෙමින් රජයට මේ සඳහා එකවර ඉදිරියට ඒමට අපහසු බව ප්‍රායෝගික දේශපාලන සත්යයකි. නමුත් ඒ අවස්ථාව නිර්මාණය කරදීම ඔබේත් මගේත් මඟහැර යා නොහැකි කාලීන පුරවැසි යුතුකමයි.
‘ඇයි අරයට කොරන්ට බැරි’,‘ඇයි අපිට කියන්නේ’,‘මේක චිත්‍රපටියක්’,‘විකටයො කෑ ගැහුවට අපි තමයි ඕක ඉස්සර ඉඳල කිව්වේ’වැනි කුහක කතා දොඩව දොඩව ඉන්නා දේශපාලන අඳබාලයනට මෙන්ම ‘මේක උතුර දිනන්න ආණ්ඩුවේ නොහැකියාව වහගන්න කරන සෙල්ලමක් ‘,’13අයින් කලොත් අපි ඉවරයි’,‘ජාත්‍යන්තරය තරහ කරගෙන මේව කරන්න බෑ’යනුවෙන් නැගෙන පුහු පණ්ඩිතමානී,ජාතිකාභිමානයක් නැති කරුමයට රකුසකු සමඟ හෝ එකට සැතපෙන්නට සූදානම් මහත්වරුන්ටද ජනතාව අතරින් ප්‍රතික්ෂේප වෙමින් තම දේශපාලන අවසන් ගමන් යන්නට ඉඩහැර මේ උදෙසා අවංකව පෙළ ගැසෙනා සියලු දෙන එකට එක්වී මෙම රකුසා පලවා හැර මේ මහා අන්තරායෙන් මවුබිම ගලවා ගැනීමට ලැබෙන අවසන් අවස්ථාව අද එළැඹ ඇත.අප අප්‍රමාදීව කටයුතු කළ යුතුය. රකුසා සම්පූර්ණයෙන්ම අවදි කර ගැනීම සඳහා බෙදුම්වාදී පිශාචයන් කෙළ හල හලා බලා සිටිත්. අප ඉස්සර විය යුතුය. ප්‍රභාකරන්ට වඩා භයානක හා උපායශීලී මෙම රකුසා සම්පූර්ණ වශයෙන් අවදි වුවහොත් ඒකාන්ත වශයෙන්ම යුද්ධයෙන් ලද ජය ආපසු හැරවීමක් වනු ඇත.

ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions