12/28/2017

අනුන්ගේ ලමයින්ට උප්පැන්න දීමේ කලාව හා බොරුව පුරුද්දට යාම

කතෘ:යුතුකම     12/28/2017   No comments
- ආචාර්ය නාලක ගොඩහේවා -
පසුගිය සතියේ මුහුනුපොතේ දක්නට ලැබුන ඡායාරූපයකින් කියවුනේ තවත් එක් අප්‍රසන්න පුවතකි. එහි දක්නට ලැබුනේ 2014 සැප්තැම්බර් 17දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා චීන ජනාධිපති ෂී ජින්පින් මහත්වරුන් විසින් කොලඹ පෝර්ට් සිටි ව්‍යාපෘතියට මුල්ගල තැබු අවස්ථාවේ පිහිටවන ලද සමරුඵලකය ගලවා ටිපරයක දමාගෙන යන ආකාරයයි. අද මුහුනු පොතට පින්සිදුවන්නට මෙවැනි අකටයුතුකම් ජනතාවගෙන් සඟවන්නට රජයට නොහැක.

ඉතිහාසය විකෘතී කරන්නට උත්සාහ කරන්නේ අයහපත් අදක්ෂ පාලකයින්ය. පෝට් සිටියේ සමරු ඵලකය ඉවත් කරන්නේ එයට වත්මන් පාලකයින්ගේ නම් දා ගැනීමට බව පැහැදිලිය. පසුගියදා මහින්ද යුගයේ සාදන්නට පටන් ගත් රාජගිරිය ගුවන් පාලමටද වත්මන් රජයේ පාලකයින් උප්පැන්න සහතික දෙනවා දුටිමු. මහින්ද යුගයේ සාදන්නට පටන් ගත් මොරගස්කන්ද ව්‍යාපෘතියටද අද හිමිකරුවෙක් සිටී. හෙට අනිද්දා වැඩ අවසන් වන නෙලුම් කුලුණටද මොවුන් උප්පැන්න සහතිකය දෙනු ඇත. ඉතිහාසය වෙනස් කරමින් අනුන්ගේ නිර්මාණ වලට තම නම් දුන් දූෂිත පාලකයන් අතීතයේද ඕනෑතරම් සිටියහ. එහෙත් එවන් පිරිසක් සියැසින් දකින්නට තරම් වර්ථමානයේ අප අවාසනාවන්ත වූයේ ඇයි ?

පසුගියදා රාජගිරිය ගුවන් පාලම අධීක්ෂණයට අගමැතිවරයා සමග ගිය නියෝජ්‍ය ඇමතිවරයෙකු රූපවාහිනී නාලිකාවලට කල ප්‍රකාශය වත්මන් රජයේ කෙරුවාව වටහා ගැනීමට හොඳ උදාහරණයකි. ගුවන් පාලම මත සිටගෙන මෙම ඇමතිවරයා තම සුපුරුදු අවඥාසහගත විලාශයෙන් මෙසේ ඇසුවේය " සමහරු කියනවා මේ රජයට බෝක්කුවක් වත් හදා ගන්න බැහැ කියල. මේක බෝක්කුවක්ද ? "

රාජගිරිය ගුවන් පාලම කිසිසේත්ම බෝක්කුවක් නොවේ. නමුත් එය සෑදුවේ වත්මන් රජයද නොවේ. එම පාලම සැලසුම් කලේ මහින්ද රාජපක්ෂ යුගයේදීයි. ඒ සඳහා මුදල් වෙන්කලේ මහින්ද රාජපක්ෂ යුගයේදීයි. එහි ටෙන්ඩර් කැඳවා මුලික කොන්ත්‍රාත් කරුවන් තෝරාගෙන වැඩ ආරම්ඹ කලේ මහින්ද රාජපක්ෂ යුගයේදීයි. ඒ වැඩ අරඹා තිබූ ව්‍යාපෘතිය නිමකරන්නට වත්මන් රජයට වසර 3ක් ගත විය. මාවිල් ආරු වලින් පටන් ගත් කොටි සංහාරය අවසන් කරන්නටවත් මහින්ද රාජපක්ෂට එතරම් කල ගත් නොවිනි.

මීලඟට නියෝජ්‍ය ඇමතිතුමා මෙසේ කිවේය.

" විවේචනය කරන්න . ඒකට ප්‍රශ්ණයක් නැහැ. නමුත් කරපු දේ නොකල කියල කියන්නත් එපා "

පසුගිය රජය කල දෙවල් ජනතාවට අමතක කරවීම සඳහා සමරු ඵලක පවා ගලවා ඉවත් කරන තරම් පහත් තත්වයකට වැටුන රජයක ඇමතිවරයෙකුට මෙසේ කීමට සදාචාරාත්මක අයිතියක් ඇත්ද ?

බොරු කීම වත්මන් රජයට අත්හැරගත නොහැකි පුරුද්දක් බවට පත්වී ඇත. දිගින් දිගටම බොරු කියන පුද්ගලයින් අවසානයේ එම බොරු තමුන්ද විශ්වාස කරන්නට පටන් ගන්නා බව මනෝ විද්‍යාඥයෝ කියති. වත්මන් රජයේ නායකයින් අද පත්ව සිටින්නේ එවන් මානසික තත්වයකටදැයි සමහරවිට ඔවුන් කරන කියන දේ වලින් ප්‍රශ්ණයක් මතුවේ.

උදාහරණයක් වශයෙන් පසුගියදා පැවති කැබිනට් රැස්වීමකදී ෂැංග්‍රිල්ලා හෝටලයට ගාලු මුවදොර හමුදා මූලස්ථානයේ ඉඩම ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවී යැයි කැබිනට ප්‍රකාශක මහින්ද සමරසිංහ ඇමතිවරයා කියා සිටියේය. ඔහු කී ආකාරයට පසුගිය රජය විසින් සැලසුමකින් තොරව හමුදා මූලස්ථානය අලුත් ස්ථානයකට ගෙන යාමට තීරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයකි. ෂැංග්‍රිල්ලා හෝටලයට ඉඩදීමේ පසුගිය රජයේ වැරදි තීරණය නිසා හමුදාවේ විවිධ අංශ ස්ථාන 15ක පමන රඳවා තබාගැනීමට වාර්ෂික කුලිය කෝටි 500 ක් පමන බවක්ද කියැවිනි. ෂැංග්‍රිල්ලා ඉඩම වසර 99ට බදු නොදී ඇමෙරිකානු ඩොලර් මිලියන 125 කට සින්නක්කර විකිනීම රටට අවාසියක් බවත් සාකච්ඡා වුන බවද ඔහු ප්‍රකාශ කලේය.

මහින්ද සමරසිංහ මහතා නැවත නැවත පෙන්වන්නට උත්සාහ කලේ පසුගිය රජයට මේ කටයුත්ත සඳහා විශේෂ හදිස්සියක් තිබුන බවය. මේ ගැන සොයන්නට ජනාධිපති කොමිසමක් පත් කරන මෙන් බොහෝ ඇමතිවරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලු බවද කැබිනට් ප්‍රකාශකයා කීවේය.

මේ කරුණු සම්බන්ධයෙන් අපි මදක් විමසා බලමු.

පසුගිය රජය සැම ව්‍යාපෘතියකටම අතගසුවේ ඒවා කඩිනමින් නිම කරන බලාපොරොත්තුවෙනි. එම රජය විසින් කඩිනමින් නිම කල ව්‍යාපෘති ලැයිස්තුව ලියන්නට පුවත්පත් පිටුවකුදු මදි නිසා ඒවා මෙහි සඳහන් නොකෙරේ. හමුදා මූලස්ථානය බත්තරමුල්ලේ අකුරෙගොඩදී සාද නිමකිරීමට නියමිතව තිබුනේ 2015 දීය. නමුත් 2017 අවසානයේදීත් අප තවමත් මේ ගැන කතා කරමින් ඉන්නේ කාගේ වරදින්දයි ඇසිය යුත්තේ 2015 ජනවාරි මස වෙනසකට චන්දය දුන් චන්ද දායකයින්ගෙනි.

ත්‍රිවිධ හමුදා මූලස්ථානයක් එක් ස්ථානයක පිහිටවීමේ සැලැස්ම මුලින්ම සකස්කරනු ලැබුවෙ පසුගිය රජය විසින් නොවේ ඊට රජයන් ගනනාවකට පෙරය. මේ සඳහා බත්තරමුල්ලේ අකුරෙගොඩ ඉඩම වෙන්කලේද 2005ට පෙරයි. ත්‍රිවිධ හමුදා මූලස්ථානය එක් තැනක පිහිටවීම ආරක්ෂාවට තර්ජනයක් කියා මෙතෙක් කිසිදු ආරක්ෂක විශේසඥයෙක් කියා නැත.

පසුගිය රජය සෑම ව්‍යාපෘතියක්ම කලේ මනා සැලස්මකට අනුවය. ඔවුන්ගේ සැලස්ම තිබුනේ 2015 අග වන විට ත්‍රිවිධ හමුදා මූලස්ථානයේ මූලික වැඩ අවසන් කරන්නට හා කොටස් වශයෙන් විවිධ හමුදා අංශ ගාලු මුවදොර සිට බත්තරමුල්ල අකුරෙගොඩට ගෙනියන්නටයි. මේ සැලසුම යටතේ විවිධ හමුදා දෙපාර්තමේන්තු ස්ථානගත කරන්නට දීර්ඝ කාලීන කුලියට ගොඩනැගීලි ගන්නට වන්නේ නැත. හමුදා මුලස්ථානය සාදා නිමකරන්නට ෂැංග්‍රිල්ලා සමාගමෙන් ලබාගත් රුපියල් බිලියන 18 ක් ලංකා බැංකුවේ ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ගිනුමක දමා තිබුනි. නමුත් වත්මන් රජය බලයට ආ විගස එම රුපියල් බිලියන 18 ක මුදල හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂගේ පෞද්ගලික ගිනුමක දමා තිබෙනවා කියා බොරුවක් සමාජ ගත කරන ලදී. පසුව නව රජයේ පලමු ආරක්ෂක ලේකම් බී. එම්. බස්නායක මහතා ඉදිරිපත් වී එම බොරුව නිවරදි කරමින් පෙන්වා දුන්නේ එය රජයේ ගිනුමක් බවයි. ඉන් පසු ඒ මුදල ආරක්ෂක අමාත්‍යාංශ ගිනුමෙන් මහා භාන්ඩාගාරයට මාරු කරන ලදී. නව රජයේ අධික වියදම් නිසා මේ මුදල සුලුකලකින් ආගිය අතක් නැතුව ගිය නිසා ත්‍රිවිධ හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් වැඩ මුදල් නැතුව අඩාල විය. ඉන් සිදුවූයේ ෂැංග්‍රිල්ලා හෝටලයට ඉඩම් නිදහස් කිරීම සඳහා විවිධ හමුදා පරිපාලන අංශ කුලී ගොඩනැගිලි වලට ගෙනියන්නට සිදුවීමයි. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් යම් ගොඩනගිල්ලකට අතිවිශාල කුලියක් අසාධාරණ ලෙස ගෙවන බව අද මුලු රටම දන්නා නිසා මෙසේ කුලීයට ගොඩනැගිලි ගැනීම කාට කාට හෝ හොඳ ව්‍යාපාරයන් වී ඇති බව පෙනී යයි. ඒ අනුව 2015 අවසන් කල යුතුව තිබු ව්‍යාපෘතිය මෙතෙක් අවසන් නොකර මෙතරම් මුදල් නාස්තියක් කිරීම ගැන ජනාධිපති කොමිසමක් දමා කරුණු සෙවීම නම් නරක අදහසක් නොවේ.

ෂැංග්‍රිල්ලා හෝටලය යනු 2009 යුද්ධය අවසන් වීමෙන් පසු ලංකාවට මුලින්ම ආ පලමු විශාල පරිමානයේ අයෝජනයයි. ලෝකයේ ඉතා ප්‍රසිද්ධ සමාගමක් වන ෂැංග්‍රිල්ලා ව්‍යාපාරයේ සභාපතිවරයා 2011 දී ලංකාවට පැමිනියේය. ලංකාවේ දින කිහිපයක් ගත කල ඔහු රජයේ ප්‍රධානීන් හමුවී ඉඩමක් මිලදී ගැනීමට කැමැත්ත පල කලේය. ෂැංග්‍රිල්ලා හෝටලය වැනි සුප්‍රකට වෙළඳ නාමයක් ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දියුනුවට විශාල රුකුලක් වන නිසා මේ සම්බන්දව රජයේ නිලධාරීන්ට ඒ අවස්ථාවේ තිබුනේ ඉතා විශාල උනන්දුවකි. මහා භාන්ඩාගාරයේ ඍජු මැදිහත්වීමෙන් රජයට අයත් සංවර්ධනය සඳහා සුදුසු ඉඩම් රැසක් ඔහුට පෙන්වන ලදී. අවසානයේ මෙම ව්‍යාපාරිකයා තෝරා ගත්තේ ආරක්ෂක අමාත්‍යාංශය පිටා තිබූ ගාලු මුවදොර ඉඩමයි. මෙම ඉඩමින් ආරක්ෂක අමාත්‍යාංශය ඉවත් කොට එය බත්තරමුල්ලේ අකුරෙගොඩට ගෙන යන්නට සැලස්මක් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බන්ඩාරණායක ආන්ඩුව කාලයේ සකස්වී තිබුනද එය ක්‍රියාත්මක් නොවී තිබුනේ එයට අවශ්‍ය විශාල මුල්‍ය සම්පාදන වෙන් කිරීමේ අපහසුව නිසායි. රජයේ තක්සේරු කරු විසින් අනාගතය ගැනද කල්පනා කොට කොලඹ නගරයේ පැවති අනෙක් ඉඩම් වල මිල ගනන්වලට වඩා අතිශයින් ඉහල මිලවලට මෙම ඉඩම තක්සේරු කරන ලද අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මහා භාන්ඩාගාරය අක්කර 10 ක ඉඩම සඳහා ඩොලර් මිලියන 125ක් ( රුපියල් කෝටි 1800 ක් )ගෙවන්නට කැමතිදැය් ෂැංග්‍රිල්ලා සභාපතිවරයාගෙන් ඇසුවිට ඔහු එයට එකඟ විය.

දැන් අපි මේ ඉඩම අවුරුදු 99 කට බදු දීමේ හා සින්නක්කර විකිනීමේ වෙනස සොයා බලමු. ඉඩම් සින්නක්කර නොවිකුණා බදු දීම සාමාන්‍ය රාජ්‍ය ප්‍රතිප්ත්තියයි. එය ගැන විවාදයක් නැත. ෂැංග්‍රිල්ලා ඉඩමේ පලමු අක්කර 6 මහා භාන්ඩාගාරයේ අනුමැතිය යටතේ සින්නකර විකුණා ඇති බව දැනගත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මැදිහත් වී ඉතුරු අක්කර 4 එම මුදලටම බදු දෙන ලෙස නියෝග කලේ එබැවිනි. නමුත් ප්‍රායෝගිකව බලන කල මුල් අක්කර 6 සින්නකර දීමෙන් රජයට විශේෂ අවාසියක් වීද ? උත්තරය නැත යන්නයි. ඒ මන්ද කියා මදක් විමසා බලමු.

ලංකාවේ පවතින නීතිය අනුව යම් ගොඩනැගිලි ඉදිකිරීමේ ආයතනය රජයෙන් 99 අවුරුදු බද්දකට ඉඩමක් ගෙන එහි නිවාස සංකීර්ණයක් සාදා එහි එක් එක් නිවස විකුණන විට නිවාස හිමියාට ලැබෙන්නේ සින්නක්කර ඔප්පුවකි. ඒ නිසා එම ගොඩනැගිල්ල පවතින තුරු වසර 200ක් ගතවුනත් රජයට යලිත් එම ඉඩම් හිමි නොවේ. වසර 99කට පසු සිදුවන්නේ රජය විසින් එම ව්‍යාපෘතිය සඳහාම ඉඩම තවත් වසර 99කට ඉතා සුලු මුදලකට බදු දීමයි. මෙය ලංකාවේ පමනක් නොව අන් රටවලත් පවතින නීතියකි. ඒ නිසා වසර 99කට පසු ඉඩම රජයට හිමිවනවා යන්න මිථ්‍යාවකි.

ෂැග්‍රිල්ලා ඉඩමේ සුපිරි මහල් නිවාස 400 ක් ඉදිවේ. ඒ සියල්ලටම ලැබෙන්නේ සින්නක්කර ඔප්පුය. මුල් ඉඩම දුන්නේ සින්නක්කර වුවත් 99 අවුරුදු බද්දට වුවත් එහි වෙනසක් නැත.

ෂැංග්‍රිල්ලා සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක (රුපියල් කෝටි 120,000 ක ) පමන ආයෝජනයක් ලංකාවට ගෙන එන අතර ලාංකිකයින්ට රැකියා අවස්ථා 1000 කට වඩා ජනිත කරයි. වෙනත් රටක නම් මෙවනි විශාල පරිමාන ආයෝජනයක් සඳහා ඉඩම නොමිලේම ලැබෙන්නට ඉඩ තිබුනි. ලංකාවම උදාහරණයක් ලෙස ගත හොත් ගාලු මුවදොරම ෂැංග්‍රිල්ලා හෝටලය අසලම පිහිටි ටාජ් සමුද්‍රා හෝටලයට එදා හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා ඉන්දියානු සමාගමට ඉඩම ලබා දුන්නේ නොමිලයේ දෙන්නාක් වැනි කුඩා බදු මුදලකටය. වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැගිල්ල සෑදීමට ෂැංග්‍රිල්ලා හොටලයට ආසන්නයේ ඉඩමක් හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා සිංගප්පූරු සමාගමකට ලබාදුන්නේද නොමිලයේ දෙන්නාක් වැනි කුඩා බදු මුදලකටය. වර්ථමාන රජය හම්බන්තොට වරාය ඇමෙරිකානු ඩොලර් මිලියණ 1200ක ණයකට හිලව්වන්නට චීන සමාගමකට පවරන විට වරායා ආශ්‍රිත අක්කර 3000 ක ඉඩම් එම සමාගමට දෙන්නේ නොමිලයේය. මෙවැනි තත්වයක් යටතේ කොහොමටත් ආපසු නොලැබෙන අක්කර කිහිපයක ඉඩමකට රුපියල් කෝටි 1800 ක් මුදලකුත් අයකොට රුපියල් කෝටි 120,000 ක ආයෝජනයකුත් ලංකාවට ගෙන්වා ගැනීම මහා අපරාධයක් වන්නේ කෙසේද ? මෙසේ අනුන්ට අඟිලි දික්කරන්නේ බැඳුම්කර මංකොල්ලයෙන් රටට කෝටි ලක්ෂයකයට වඩා පාඩු කල අයම නොවේද ?

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය. ඒ නිසා ජනතාව රවටන්නට දේශපාලනඥයින් කියන කතා තර්කානු බුද්ධියෙන් විමසා බලන්නට ජනතාව දැන්වත් පුරුදු විය යුතුය.
[mawbima]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/27/2017

රණවිරු දියණිය ඉදිරියේ හෙළිවුණු එක්‌සත් ජාතීන්ගේ නිරුවත!

කතෘ:යුතුකම     12/27/2017   No comments


දැන් රටේ ජනතාව සිටිනුයේ මැතිවරණය දෙස බලාගෙනය. එහෙත් ඔවුන් එසේ සිටියදී පසුගිය දිනවල සිදුවූ වැදගත් සිදුවීම් රැසක්‌ද විය. ඒ අතරින් බරපතළම කරුණක්‌ වූයේ එක්‌සත් ජාතීන්ගේ ඊනියා නියෝජිත පිරිසක්‌ යළිත් වරක්‌ ශ්‍රී ලංකාව අරබයා ප්‍රබල අතපෙවීමක්‌ සිදු කිරීමය.

මේ නියෝජිත පිරිස වූයේ දින එකොළහක නිල සංචාරයක්‌ සඳහා මෙරටට පැමිණි අත්තනෝමතික රඳවා ගැනීම් පිළබඳ එක්‌සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුවය. මේ පිරිස ඊනියා නියෝජිත පිරිසක්‌ යෑයි අප හඳුන්වන්නේ ඇයි?

එසේ කීමට සිදුව තිබෙන්නේ ඓතිහාසික වෛරයකින් මෙන් ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රියාත්මක වූ ඔවුන් මනීමරු ත්‍රස්‌තවාදී රැළක්‌ වෙනුවෙන් කඳුළු සලමින් පක්‍ෂග්‍රාහී ලෙස කටයුතු කරන අතරේ මෙරට සිංහල, දෙමළ ජාතික අසමගියක්‌ මතුවන පරිදි ප්‍රසිද්ධියේම පෙනි සිටි නිසාය.

පැහැදිලිවම කිවහොත් අත්තනෝමතික රඳවා ගැනීම් පිළිබඳ සොයන්නට ආ මොවුන් "එක්‌සත් ජාතීන්" කියන වදනටද නිගා දෙමින් මෙරට ගත කළ දින එකොළහ තුළම සිදු කළේ අත්තනෝමතික වැඩය. හිතුවක්‌කාරකම්ය. බලහත්කාරකම්ය. එහෙත් සියල්ල සිදු කෙරුණේ වත්මන් ආණ්‌ඩුවේ නිවටකමට ආවරණය වීමෙනි.

මේ පිරිස එක්‌සත් ජාතීන් නියෝජනය කළේ නම් සර්ව සාධාරණ විය යුතුය. පක්‍ෂග්‍රාහි නොවිය යුතුය. ඔවුන් අපට කියන අත්තනොමතිකභාවය ඔවුන් තුළ නොතිබිය යුතුය. එහෙත් මේ නියෝජිතයේ එසේ කටයුතු නොකළහ.

ඔවුන් මෙරටට පැමිණි දිනයේ සිට සිදු කළේ රටේ ඇති යුද හමුදා බුද්ධි බළකා කඳවුරුවලට මෙන්ම වෙනත් ආරක්‍ෂ අංශ කඳවුරුවලට කඩා පනිමින් එම කඳවුරුවල අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ඇවිද ගොස්‌ මහා විමර්ශන සිදු කර ලූනු බිකක තරම් දෙයක්‌වත් සොයාගත නොහැකිව ආපසු යැමය.

එසේ කිසිවක්‌ සොයාගත නොහැකි වුවද ඉදිරියේදී මොවුන් ඉදිරිපත් කරන වාර්තා තුළින් ශ්‍රී ලංකාවට එරෙහිව සුපුරුදු ලෙස නොයෙකුත් චෝදනා නැගෙන්නට නම් බැරි නැත. එක්‌ අතකට බලන කල අද එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පක්‍ෂග්‍රාහී එකක්‌ බවට එක්‌සත් ජාතීන් තුළින්ම චෝදනා නැගෙද්දීත් ඔවුන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හැසිරෙන ආකාරය දෙස බලන විට මේ පිරිස මෙසේ කටයුතු කිරීමේ අරුමයක්‌ද නැත.

ලෝක සිතියමේ බලවත් මර්මස්‌ථානයක පිහිටි ශ්‍රී ලංකාව තම තමන්ගේ ජාත්‍යන්තර දේශපාලන දැක්‌මේදී ඔවුන්ට ඉතා වැදගත්ය. එනිසා මේ රට ශක්‌තිමත් වීම ඔවුන් රුස්‌සන්නේ නැත. ජාතික අසමගිය, දුප්පත්කම, අභ්‍යන්තර ගැටුම් ආදිය තුළ ශ්‍රී ලංකාව අරාජිකව තිබෙනු දැකීම ඔවුන්ගේ එකම අරමුණය.

එසේ නොවේ නම් යුද්ධය අවසන්ව අප ත්‍රස්‌තවාදය පරාජය කර වසර දහයකට ආසන්න කාලයක්‌ ගතවී තිබියදීත් අදටත් මොවුන් එක්‌සත් ජාතීන්ට මුවා වී අපට කෙනහිලිකම් කරමින් කොටින්ට හා බෙදුම්වාදයට පණදෙන්නට වෙහෙසෙන්නේ වෙන මොන අහවල් කෙංගෙඩියකටද?

මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ අත්තනෝමතික ලෙස හමුදා කඳවුරුවලට කඩා වැදුණු එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ඒ අතරතුර අත්අඩංගුවට ගත් දරුණු කොටි ත්‍රස්‌තවාදීන් රඳවා සිටින බන්ධනාගාර වෙතද ගියහ.

එසේ ගියේ බන්ධනාගාරවල රඳවා කොටින්ගේ සුවදුක්‌ විමසා කඳුළු පිසින්නටය. අත්නෝමතික රරඳවා ගැනීම් සොයන්නට පැමිණි ඔවුන් එසේ කොටි ත්‍රස්‌තවාදීන් සිටි සිරකුටි වෙත ගියද යහපාලනය පැමිණීමෙන් පසුව විවිධ කතා කියමින් අත්අඩංගුවට ගෙන සිරගත කර සිටින හමුදා සාමාජිකයන් බැලීමට නම් නිකමටවත් නොගියේය.

ඔවුන්ගේ එකම අරමුණ වී තිබුණේ එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ගේ තත්ත්වය කුමක්‌දැයි සොයා බලමින් මේ කොටි ත්‍රස්‌තයන්ට නිදහස හිමි කර දීම සඳහා රජයට බලපෑම් කිරීමය. රට පුරා බෝම්බ අටවමින් අමු අමුවේ මිනිස්‌ ඝාතන සිදු කළ ඔවුන්ට අනුව ලෝකයේ තිබූ දරුණුම ත්‍රස්‌තවාදී සංවිධානයේ සිටි ත්‍රස්‌වාදීන්ට අද එක්‌සත් ජාතීන් මෙසේ කරුණාව දක්‌වන්නේ කුමක්‌ නිසාද?

එසේ සිදු කරන්නේ මෙහි ඉහතින් සඳහන් කළ කුහක අරමුණ නිසා නොවන්නේද? අවසානයේ මෙසේ රට වටේ ගිය එක්‌සත් ජාතින්ගේ නියෝජිත පිරිස ඉකුත් සිකුරාදා තමන් කළ සොයා බැලීම් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක්‌ කැඳවූහ.

එක්‌සත් ජාතීන්ගේ පමණක්‌ නොව, අත්තනෝමතික රඳවා ගැනීම් පිළිබඳ සොයන්නට මෙරටට පැමිණ කොටින්ට කඩේ ගිය මේ යූඑන් නඩයේ කෙරුවාවේ තරම ලොක්‌යටම හෙළි වූයේ මේ මාධ්‍ය හමුව අතරතුරදීය.

මේ පිරිස විමර්ශනයක්‌ සඳහා ශ්‍රී ලංකාවට එන බව ප්‍රකාශ වූ දින පටන් ඔවුන් හමුවී විශේෂිත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කිරීමට සූදානම් වූ පිරිසක්‌ ද රටේ වූහ. ඒ වැල්ලවත්තේ තරුණයන් පස්‌ දෙනකු ඇතුළු පුද්ගලයක්‌ එකොළොස්‌ දෙනකු පැහැරගෙන ගිය බව පවසමින් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින නාවික හමුදා බුද්ධි අංශයේ රාජකාරි කළ කමාණ්‌ඩර් ඩීකේපී දසානයකගේ බිරිඳ ඇතුළු දරුවන් සහ කමාණ්‌ඩර් සුමිත් රණසිංහගේ දරුවන් දෙදෙනාය.

මේ නාවික විරුවන් පිරිස අත්අඩංගුවට ගෙන මේ වන විට මාස ගණනාවක්‌ ඉක්‌ම ගොස්‌ ඇත. එහෙත් මේ දක්‌වා ඔවුන්ට එරෙහිව සැකය මිස පැහැදිලි චෝදනා එල්ල වී නොතිබීම නිසාම කමාණ්‌ඩර් දසනායකගේ බිරිඳ ඇතුළු දරුවෝ මෙසේ තමන්ට සිදුව ඇති අසාධාරණය එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිසට ලිතව ඉදිරිපත් කරන්නට සූදානම් වූහ.

ඒ අනුව මේ නියොජිත පිරිස මෙරටට පැමිණි දිනයේ සිට කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයට අදාළ ඊමේල් ලිපිනය ඔස්‌සේ එහි නිලධාරීන් සමඟ සම්බන්ධ වු ඔවුන් තමන්ට අදාළ නියෝජිත පිරිස හමුවීමට අවස්‌ථාවක්‌ ලබා දෙන ලෙස ඉල්ලිම් කළේය. එහෙත් එහිදී ඔවුන්ට එක්‌සත් ජාතින්ගේ කොළඹ කාර්යාලයෙන් පවසා තිබුණේ එම නියෝජිතයන් හමුවීමට ඉඩක්‌ ලබා දිය නොහැකි නිසා අවශ්‍ය නම් ඉදිරිපත් කිරීමට ඇති පැමිණිල්ල ඊමේල් මගින් යොමු කරන ලෙසය. ඔවුන් කී ලෙසම, මේ රණවිරු බිරිඳ හා දරුවන් පැමිණිල්ල ඊමේල් කළේය. එය සිදු වන්නේ අදාළ නියොsජිත පිරිස ශ්‍රී ලංකාවට පැමිණි විගසමය.

එහෙත් එසේ පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර තිබියදීත් එම නියෝජිතයන් නිකමටවත් මේ නාවික විරුවන් පිරිසට සිදුව ඇති අවනඩුව බලන්නට ඔවුන් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයට නොගියේය. එක්‌සත් ජාතීන්ගේ හා අදාළ නියෝජිත පිරිසේ නිරුවත ලොවට හෙළිවීමේ කතාව ඇරඹෙන්නේ එතැනිනි.

"ඔව්. අපි පැමිණිල්ල කොළඹ යූ. එන්. කාර්යාලයට යෑව්වට ඔවුන් නිකමටවත් ඩීකේපී දසනායක, සුමිත් රණිසංහ ඇතුළු නාවික හමුදා නිලධාරීන් පිරිස බලන්න ගියේ නැහැ. පස්‌සේ අපිට ආරංචි වුණා මේ නියෝජිත පිරිස මාධ්‍ය හමුවක්‌ කැඳවල කියලා.

"අපි ගියා අපේ පැමිණිල්ලත් අරගෙන එතනට. ඒක තිබුණේ බීඑම්අයිසීඑච් එකේ. අපි යනකොට එතන දෙමළ තරුණියක්‌ හිටියා. අපි එයාට අපේ වුවමනාව කිව්වහම ඕක මට දෙන්න මම නියෝජිතයන්ට පැමිණිල්ල භාර දෙන්නම් කියලා ඇය කිව්වා.

"ඒකට අපි කැමති වුණේ නැහැ. පස්‌සේ මාධ්‍ය සාක්‌ච්චඡාවට පෙර නියෝජිත පිරිස රැඳී සිටිය කාමරයෙන් එළියට ආපු තවත් දෙමළ තරුණියක්‌ අපේ පැමිණිල්ල තමන්ට දෙන්න කියල කිව්වා. අප ඒකත් ප්‍රතික්‍ෂෙප කළා.

මේ අතරෙදී අප හිටපු තැනට ආව දෙමළ මාධ්‍යවේදිනියක්‌ අපේ පැමිණිල්ල ඇයට දෙන්න කියලා ඉල්ලා සිටිය. එවෙලේ මා ඇයට කිව්වා අප ආවේ නියෝජිත පිරිස හමුවන්න කියලා. මම එහෙම කිව්ව විතරයි මේ මාධ්‍යවේදිනිය ඉතාම පහත් විදිහට අපට කතාකරන්න පටන් ගත්තා. ඇය විවිධ කතා කිව්වා.

මේ අතරේ එතන හිටපු ආරක්‍ෂක නිලධාරීන් පිරිසක්‌ ඇවිත් මාවයි, දරුවෝ දෙන්නයි, කමාණ්‌ඩර් සුමිත් aරණසිංහගේ දරුවන්වයි නියෝජිත පිරිස රැඳී සිටි ශාලාවෙන් එළියට දැම්මා. සුමිත්ගේ බිරිඳ රෝගීව රෝහල්ගතව සිටින නිසා ඇයට මේ අවස්‌ථථාවට එන්න බැරි වුණා.

එහෙම එළියට දැම්මට පස්‌සේ මාධ්‍ය සාකච්ඡාව අවසන් වෙලා නියෝජිත පිරිස එළියට එනකොට අපේ පැමිණිල්ල ඉදිරිපත් කරන අදහසින් මායි දරුවොයි එම ස්‌ථානයේ රැඳී සිටියා. ඒත් ඔවුන් අවේ නැහැ. කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිතයෙක්‌ ඇවිත් අපට කිව්වා අපේ පැමිණිල්ල භාර ගන්න බැහැ කියලා.

මුලින්ම අපෙන් ඇහුව ප්‍රශ්නය තමයි අපි ඉදිරිපත් කරන්නේ එලිටීටීඊ එක ගැන පැමිණිල්ලක්‌ද කියන එක. එහෙම එකක්‌ නෙවේ කිව්ව තැන ඉඳන් තමයි මේ සියල්ල සිද්ධ වුණේ. ඔවුන් පැමිණිල්ල භාර ගැනීමට බැහැ කිව්ව නිසා පස්‌සේ මගේ දුව එය මාධ්‍ය හමුව පැවත්වෙන කාමරයට රැගෙන ගොස්‌ ඔවුන්ට ලබා දෙන්න උත්සාහ කළා. එවිට ආරක්‍ෂක අංශයේ පිරිස ඇතුළට යන්න දෙන්න බැහැ කියලා දුවව ඉවත් කළා. ඔන්න ඔය ටික තමයි එදා එතනදී සිදු වුණේ.

මේ මාධ්‍ය හමුවේදී එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිස සහ අනෙකුත් නිලධාරීන් හැසිරුණු ආකාරය එසේ අපට හෙළි කළේ නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩීකේපී දසනායක මහතාගේ බිරිඳය. දසනායක මහතාගේ දියණිය මාධ්‍ය අමතමින් තමන්ට සිදුවූ අසාධාරණය ලොවට කියන්නේ මේ අවස්‌ථාවේදීය. එහිදී එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් තමන්ගේ පියා සිරගත වීම පිළිබඳ සතුට ප්‍රකාශ කළ බවක්‌ද මේ දියණිය පැවසුවාය.

ඒ හමුවේ බෙන් එමර්සන්ගෙන් අහන්නට අපටද ප්‍රශන්යක්‌ ඇත. ඒ අනේ මහත්යෝ ලෝකයට අමූලික බොරු කියා ඉරාකයටයි ලිබියාවටයි ගහලා සදාම් හුසේන්වයි, ගඩාබිවයි අමු අමුවේ මරපු උන්ව සිරගත කරනු දැකීම තමන්ගේ ආශාව කියන්නට ඔය ඇට නැති නොසෙල්වෙන්නේ ඇයිද කියාය.

එසේම එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් අල් හුසේන් මහත්තයෝ, මෙවර ලංකාවට පැමිණි එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිසේ කෙරුවාව තිබුණේ මෙතැන නම් අපට ඔබෙන් අසන්නට ඇත්තේ මානව හිමිකම් කඩතුරාවට මුවා වී කෝටි දෙකක්‌ ඉක්‌මවූ සමස්‌ත ශ්‍රී ලාංකිකයන්ට නුඹලා යළිත් ලේ කඳුළු උරුම කර දෙන්නේ කවදාද?

රණවිරුවන් පසෙක තබා පක්‍ෂග්‍රාහිව කොටි සිරකරුවන් බලන්නට ගිය මේ නියෝජිත පිරිස අවසානයට කීවේ ඔවුන්ගේ පුද්ගලික නිදහසට බලධාරීන් ගරු කර නැති බවකි. අනේ මහත්වරුනි, නුඹලා මේ අපට කියන්නේ ජාතියට බෝම්බ ගහපු එවුන් ඉදිරියට ගොස්‌ කරේ ලේන්සුව අතට ගෙන කාණුවට බැහැපන් කියාද?

සමන් ගමගේ [Divaina]


යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/25/2017

බැදුම්කර මගඩිය සහ අලි සෙල්ලම්

කතෘ:යුතුකම     12/25/2017   No comments
බැඳුම්කර මගඩිය මහජන අධිකරණයේ ද විභාග වීමෙන් දැනටමත් ලැබී ඇති බවට අප විශ්වාස කරන මහජන විනිශ්චයට අනුව ඊට වගකිවයුතු පාර්ශවයන්ට, ඔවුන් රැකීමට කටයුතු කළ අයට මෙන්ම ඊට ආධාර අනුබල දුන් බවට මහජනයා විශ්වාස කරන අයට එරෙහිව මජනතාවට සුදුසු අවස්‌ථාවලදී පියවර ගත හැකිව තිබේ. ජනතා පරමාධිපත්‍ය බලය හිමි ඔවුන්ටය. නීතියෙන් මහජනයා අපේක්‌ෂා කරන නිසි යුක්‌තිය පූර්ණ වශයෙන් ඉටු නොවන්නේනම් මහජනයාට තමන්ට හිමි ඒ ජනතා පරමාධිපත්‍ය බලය මගින් මේ ද`ඩුවම් ලබා දීමේ කාර්ය ඉටු කිරීමට පුළුවන. ඇතැම් විට ඒ සඳහා මහජනතාවට ලැබෙන පළමු අවස්‌ථාව වනු ඇත්තේ ඉදිරි පළාත් පාලන මැතිවරණයයි. මේ මගඩිය දේශපාලන අක්‌මුල් කරා විහිද පැතිර ගිය එකක්‌ බව රටම දන්නා කාරණයකි. මේ මැතිවරණයට එම මගඩියට සහය දුන් ඉහළ පෙළේ අය ඉදිරිපත් වන්නේ නැත. එහෙත් මේ මගඩිය හා සම්බන්ධ දේශපාලන පක්‌ෂයට අවශ්‍ය නම් මහජනතාවට ඉදිරි ජාතික මැතිවරණවලට පෙරම මේ අවස්‌ථාවේදී පණිවිඩයක්‌ ලබා දිය හැකිය. මේ නිසා බැඳුම්කර මගඩිය මහජන අධිකරණයේ විභාග වීමෙන් ලැබී ඇති මහජන විනිශ්චයන්ට අනුව දීගුකාලීන වශයෙන් අහිතකර ප්‍රතිවිපාක වලට මුහුණ දීමට මේ මගඩියට අනුබල දුන් අයට සිදු වනු ඇතැයි අපට සිතිය හැකිය. ආණ්‌ඩු පත් කරන්නේත් පත් කළ ආණ්‌ඩු ගෙදර යවන්නේත් මහජනතාවයි. මේ බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා රජයේ හොඳ නමට බරපතළ කැළලක්‌ ඇති කර ඇති අතර එය රජයේ පැවැත්මට පවා තීරණාත්මක ලෙස බලපාන කරුණකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුව බැදුම්කර ජනාධිපති කොමිසම පත් කළත් එහි අවසානයේ සිදු වූ ඇතැම් දේවල් මහජනතාව තුළ සැක සංකා ජනිත කර තිබේ. මුලින් පාර්ලිමේන්තුව පවා විසුරුවා හැර ඩිව් ගුණසේකර කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීම වැළැක්‌වීමට කටයුතු කළේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාමය. මේ නිසා අවසාන මොහොත දක්‌වාම මහජනතාවට නිසි යුක්‌තිය ඉටු වීම සම්බන්ධයෙන් නොයෙකුත් සැකසංකා ජනතාව තුළ නැතුවා නොවේ. කෙසේ වෙතත් කොමිසමේ සාක්‌ෂි විභාගය අවසන් වුවත් තවමත් කොමිසමේ වාර්තාව නිකුත්ව නැත. එය නිකුත් වීමට තිබුණේ පසුගිය දෙසැම්බර් 08 වැනිදාය. එහෙත් කොමිසමේ කාලය යළිත් දික්‌ කරගත් නිසා දැන් වාර්තාව දෙන දිනය මේ මස අගවන තෙක්‌ කල් ගොස්‌ තිබේ. ඒ නිසා වාර්තාවේ තිබෙන්නේ මොනවාද යන්න මහජනතාවට දැනගැනීමට සිදුවනු ඇත්තේ ලබන වසරේදීය.

අවසන් වරට ජනාධිපති බැඳුම්කර කොමිසමේ කාලය තවත් දින 23 කින් දික්‌කළේ සිව්වන වරටය. කොමිෂන් සභා පනතේ 2 වැනි වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව 2017 ජනවාරි මස 27 වැනි දින අංක 2003/41 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට්‌ පත්‍රයේ පළ කෙරුණු නිවේදනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ කොමිසම මුලින්ම පිහිටුවනු ලැබුවේ මාස තුනක කාලයක්‌ සඳහාය. ඉන්පසු තෙවරක්‌ කොමිසමේ කාලය දික්‌ කර මෙම මස 31 දින දක්‌වා කොමිසමේ කාලය දීර්ඝ කිරීමට පියවර ගත්තේ ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් 2017 දෙසැම්බර් 06 දින නිකුත් කළ අංක 2048/29 දරන ගැසට්‌ නිවේදනයෙනි. මෙම ජනාධිපති පරීක්‌ෂණ කොමිෂන් සභාව පත් කරනු ලැබුවේ, 2015 පෙබරවාරි මස 01 වැනි දින සිට 2016 මාර්තු මස 31 වැනි දින දක්‌වා වූ කාල සීමාව තුළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතූන් පිළිබඳ පරීක්‌ෂා කිරීම, විමර්ශනය කිරීම හා වාර්තා කිරීම සඳහාය. මෙසේ අවසන් වරට කොමිසමේ කාලය දික්‌ කළේ අලුත් සාක්‌ෂි කැඳවීමට නොව කොමිසමේ වාර්තාව ලිවීමට කාලය ප්‍රමාණවත් නොවීම නිසාය. කොමිසමේ කාලය දික්‌කර ගැනීම ගැන කාටවත් ප්‍රශ්නයක්‌ නොතිබෙන නමුත් කොමිසමේ ක්‍රියාකාරිත්වය ගැන නොයෙකුත් විවේචන ඉදිරිපත්ව ඇත. එය මහජනතාව තුළ කිසියම් කනස්‌සල්ලක්‌ ඇති කර තිබේ. කෙසේ හෝකොමිසමේ කාලය දික්‌කර ගත්තත් නැතත් එය මේ සිද්ධිය සම්බන්ධව දැනටමත් ඇතිව තිබෙන පොදු මහජන මතයට කිසිදු බලපෑමක්‌ ඇතිකරන කාරණයක්‌ නොවනු ඇත. අවශ්‍ය වන්නේ මේ මගඩිය ගැන පරිපූර්ණ විමර්ශන කටයුත්තක්‌ සිදු කොට මේ මගඩියට වගකිවයුත්තන්ට එරෙහිව වහාම නීතිමය පියවර ගැනීමත් මහජනයාගෙන් කොල්ල කා ගත් ධනය නැවත අය කර ගැනීමත්ය. එහෙත් ඇතැම් හේතු නිසා මේ ජනාධිපති කොමිසමෙන් පරිපූර්ණ විමර්ශන කටයුත්තක්‌ සිදු වූයේද යන්න ගැන නොයෙකුත් ගැටළු මතුව තිබේ.

නීතිය ඉදිරියේ කව්රුත්සමාන විය යුතුය.එහෙත් එය මේ කොමිසම තුළ එසේ නොවූ බවට මේ ජනාධිපති කොමිසම ඇතැම්සාක්‌ෂිකරුවන්සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙත නිසා මහජනතාවට ආකල්පයක්‌ ඇති වන්නේ නම් එය අහිතකරය.එනම් එය ජනාධිපතිවරයා මේ කොමිසම පත් කළ අරමුණු නිසි පරිදි ඉටු වනු ඇතිද යන්න සහ මේ කොමිසමෙන් නිසි යුක්‌තිය ඉටු වනු ඇතිද යන්න ගැන මහජනතාවට සැකසංකා ඇති කිරීමට හේතුවක්‌ වීමයි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ, මලික්‌ සමරවික්‍රම සහ කබීර් හෂීම් යන තිදෙනා සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙත අනෙකුත් සාක්‌ෂිකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙතට වඩා වෙනස්‌ බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. අනෙකුත් සාක්‌ෂිකරුවන්ගෙන් විශේෂයෙන් විදේශ ඇමැති ලෙස කොමිසම හමුවට පැමිණි රවී කරුණානායක මහතාගෙන් පවා කොමිසම දැඩිව ප්‍රශ්න කළේය. කොමිසම තුළ පොදුවේ සාක්‌ෂි මෙහෙයවීම සිදු කළේ කොමිසම හමුවේ පෙනී සිටින රජයේ නීතිඥ මණ්‌ඩලයයි. නීතිපති කිසි දිනෙක කලින් කොමිසමට ආවේ නැත. කොමසාරිස්‌වරුන් සහ විවිධ සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටින අනෙකුත් නීතිඥයන්ද සාක්‌ෂිකරුවන්ගෙන් ප්‍රශ්න ඇසුවේය. මේ ශාක්‌ෂි විභාගය රටේ ප්‍රධාන ජාතික පුවත්පත් විසින් ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් පිටු ගණන් වාර්තා කළේය. ඒ මහජනතාව වෙනුවෙනි .ඒ නිසා කොමිසමේ සාක්‌ෂි විභාගය ගැන මුළුමහත් ජනසමාජයම දැනුවත් විය. රටේම අවධානය කොමිසම වෙත යොමු විය. ඒ සම්බන්ධයෙන් කොමිසම තුළ කටයුතු කළ රජයේ නීතිඥ මණ්‌ඩලයට සහ විමර්ශන නිලධාරීන්ට ජාතියේම ගෞරවය හිමි වේ. එම රජයේ නීතිඥ මණ්‌ඩලයේ සියලු දෙනා දිවා රෑ නොබලා ඉමහත් කැපවීමෙන් කටයුතු කළ බව රහසක්‌ නොවේ. ඔවුන් පඩියට අමතරව තමන්ට හිමි වෙනත් දීමනා කිසිවක්‌ ගැනීමෙන් ද වැළකී සිටි බව ජනතාව දනී. ඔවුන් රට වෙනුවෙන් ඉටු කරන යුතුකමක්‌ ලෙස සලකා මේ සියල්ල කළේ මහජනතාවට නිසි යුක්‌තිය ඉටුකර දීමටය. බාගෙට විමර්ශන කර අර්ධ සත්‍ය මත බාගෙට යුක්‌තිය ඉටු කර දීමට නොවේ. එහෙත් අගමැතිවරයාට කලින් ප්‍රශ්න මාලා දෙකක්‌ කොමිසම විසින් යෑවීම නිසා ඔහුට වෙනත් පාර්ශ්වයන්ගේ සහය හා උපදෙස්‌ ඇතිව ඒවාට පිළිතුරු ලියා දිව්රුම් ප්‍රකාශයක්‌ මගින් කොමිසමට ඉදිරිපත් කිරීමට අවස්‌ථාව ලැබිණි. එසේම රජයේ නීතිඥ මණ්‌ඩලය විසින් අගමැතිවරයාට යොමු කළ ඇතැම් ප්‍රශ්න අගමැතිවරයාගෙන් විමසා නොතිබූ බවද කොමිසමේ ආරංචිමාර්ග වලින් අපට දැනගන්නට ඇත. කොමිසමට පැමිණි අගමැතිවරයා බය නැති අගමැති කියනවා නම් රජයේ නීතිඥ මණ්‌ඩලයේ ප්‍රශ්න වලට මුහුණ දීමට ඔහුට ඉඩකඩ සැලසිය හැකිව තිබුණා නොවේද?

මෙහිදී මහජනතාවට යුක්‌තිය ඉටුකර දීම රජයේ නීතිඥ මණ්‌ඩලයට පමණක්‌ කළ හැකි දෙයක්‌ නොවේ. කොමිසම දුන් ඇතැම් තීන්දු නිසා අර්ජුන් අලෝසියස්‌ වැනි කොමිසමට අත්‍යවශ්‍ය ඇතැම් සාක්‌ෂිකරුවන්ගෙන් ශාක්‌ෂි ගැනීමට කොමිසමට නොහැකි විය. මුලින් කොමිසමේදී ප්‍රකාශ වූයේ වෙනත් උසාවියකින් නියෝගයක්‌ නැත්නම් අර්ජුන් අලෝෂියස්‌ගෙන් කොමිසම අනිවාර්යෙන්ම සාක්‌ෂි විමසන බවය. එහෙත් ඔහුගෙන් ශාක්‌ෂි ගැනීමට එරෙහි නියෝගයක්‌ වෙනත් උසාවියකින් ඉදිරිපත් නොවී තිබියදීත්කොමිසම විසින්ම අර්ජුන අලෝෂියස්‌ගෙන් සාක්‌ෂි ගැනීමට බල නොකිරීමට තීරණය කළේය. පොත්වල තිබෙන නීති තර්ක කෙසේ වෙතත් අපට නම් හැඟුනේ එය රටේ ජනාධිපතිවරයා විසින් බලය පවරා ඇති කොමිසමේ අරමුණු නිසිපරිදි ඉටුකර ගැනීමට බාධාකාරී වන පරිදි කොමිසමෙන් ලැබුණු තීන්දුවක්‌ ලෙසටය. මුළු මහත් ජන සමාජයම මේ තීන්දුවෙන් වික්‌ෂිප්තභාවයට පත් විය. කොමිසමේ කාලය කෙතරම් දික්‌ කර ගත්තත් කොමිසමේ අරමුණු නිසි පරිදි ඉටුකර ගැනීමට බාධාකාරී වන මෙම තත්වයන් නිවැරදි වනු ඇතිද? එසේම අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ සේවය කළ චෝදනා එල්ල වී ඇති තවත් සාක්‌ෂිකරුවන් දෙදෙනෙකුගෙන්කොමිසම සාක්‌ෂි නොගැනීම තුළ ඔවුන්ට එරෙහි චෝදනා ගැන නිගමනය කරන්නේ කෙසේද යන ප්‍රශ්නය මතු වේ. ඉන්දික සමන් කුමාර ගැන ද මේ ප්‍රශ්නයම තිබේ. ඔහුවද එක දිනක්‌ හැර කොමිසම නිසි සාක්‌ෂි විභාගයක්‌ කළේ නැති බව කොමිසමේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

ලංකා ඉතිහාසයේ මෙතෙක්‌ සිදු වූ විශාලතම මහජන මුදල් කොල්ලය ලෙස සැලකෙන මේ බැඳුම්කර මගඩිය පොදු දේපළ කොල්ලයක්‌ නොවේද? කොමිසම පවතින අතරේම පොදු දේපොළ නීතිය යටතේ සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකිව තිබූ බව පසුගිය දෙරණ නාලිකාවේ 'අලුත් පාර්ලිමේන්තුව' වැඩසටහනකට එක්‌වෙමින් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා ප්‍රකාශ කළේය. එහෙත් මෙහිදී එවැන්නක්‌ සිදු නොවූ බවද ඒ මහතා කීවේය. මීට අමතරව මේ සම්බන්ධයෙන් මහජනයාට නිසි යුක්‌තිය ඉටු වීමට දිගින් දිගටම බලවත් බාධා පැවති බව රහසක්‌ නොවේ. ඒවා මේ දක්‌වා මෙන්ම ඉදිරියටත් සිදු වීමට ඉඩ ඇත. මුලින් කොමිසම ගැන ඇතිව තිබූ සමාජ ආකල්පය සහ විශ්වාසය පසුව වෙනස්‌ වූ බවද පෙණුනි. ඒ ගැන මහජනතාව අතර සිදු වූ නොයකුත් සාකච්ජා වලින් පැහැදිලි විණි. මේ බැඳුම්කර කොමිසමේ වාර්තාව ලබන සතියේ (දෙසැම්බර් 31 දින) ජනාධිපතිවරයාට භාර දීමට නියමිතව ඇත්තේ මේ පසුබිම තුළය. කවරක්‌ නමුත් ඒ ගැන පොදු මහජන මතයක්‌ ඇතිවී අවසන්ය. ජනමාධ්‍යයට නිසා මේ සාක්‌ෂි මාධ්‍ය හරහා සමාජගත විය. නිසි යුක්‌තිය ඉටු වීම හෝ නොවීම කෙසේ වෙතත් පිටිපන කමිටුව ද ඇතුළු වෙනත් විමර්ශනයන්හිදී ද හෙළි නොවූ කරුණු රැසක්‌ මේ ජනාධිපති කොමිසමේදී හෙළිදරව් වීමත්, ඒ හරහා මේ පොදු දේපළ කොල්ලය ගැන පුළුල් මහජන මතයක්‌ ඇති වීමත් මේ කොමිසමෙන් වූ වැදගත්ම දෙයයි. ඒ වැදගත්ම දෙය දැනටමත් සිදුව තිබේ. මේ සඳහා කොමිසමේ කාලය දික්‌කර ගැනීම හෝ කොමිසමේ වාර්තාව අදාළ නොවන දෙයකි.

රටම බලා සිටියත් අර්ජුන් ඇලෝසියස්‌ගෙන් සාක්‌ෂි නොගැනීම තුළ කොමිසමට ඉදිරිපත්වීමට ඉඩ තිබූ තොරතුරු රැසක්‌ කොමිසමට ඉදිරිපත්වීම් වැළකී ගිය බව අපගේ හැගීමයි. එසේම ඇලෝසියස්‌ගෙන් සාක්‌ෂි ගැනීමට බල නොකිරීමට කොමිසම විසින් ගන්නා ලද තීරණය අනපේක්‌ෂිතව ගත් තීන්දුවක්‌ බවත් එයට එකඟ නැති බවත් කොමිසම හමුවේ පෙනී සිටි රජයේ නීතිඥ මණ්‌ඩලයේ නායක ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කීවේය. එය වැරදි තීන්දුවක්‌ බවද ඔහු දැඩිව කියා සිටියේය. නීතිපති සමඟ සාකච්ජා කර එම තීන්දුව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර ගැන කොමිසමට විශේෂ ප්‍රකාශයක්‌ කරන බව ද ලිවේරා මහතා කොමිසමට කියා සිටි බව අපට මතකය. එහෙත් ලිවේරා මහතා එම විශේෂ ප්‍රකාශය කොමිසම හමුවේ පසුව කිසි දිනෙක සිදු නොකළේය. මේ තුළ අප නොදන්නා රහසක්‌ තිබෙන්නට පුළුවන. දප්පුල ද ලිවේරා මහතා කොමිසමේ තීන්දුව වැරදි තීන්දුවක්‌ බව කීවේ ඔහුගේ පුද්ගලික අදහස අනුව නොව කොමිසම හමුවේ පෙනී සිටින රජයේ නීතිඥ මණ්‌ඩලයේම පොදු සාමුහික අදහස අනුව බව අපේ අදහසයි. ඒ නිසා ඔවුන් තුළ එම තීන්දුවට එරෙහිව පියවර ගැනීමේ සූදානමක්‌ තිබුණා විය හැකිය. එහෙත් ඔවුන්ට පාලනය කළ නොහැකි යම් හේතුවක්‌ නිසා ඔවුන් නිහ`ඩව සිටියාද විය හැකිය. ඒ නිසා මේ කොමිසමෙන්ද නිසි යුක්‌තිය ඉටු වීමට බලවත් බාධා පැවති බවට විශ්වාස කිරීමට සාධාරණ කරුණු තිබෙන බව මහජනයා වෙනුවෙන්, මහජන සුභසිද්ධිය වෙනුවෙන් අපට සටහන් කිරීමට සිදුවේ.

මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි ජනාධිපති බැඳුම්කර කොමිසම පත් කිරීමට හේතු වූ පසුබිම ගැන කියමින් ජනාධිපතිවරයා වරක්‌ කියා සිටියේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නීතිපතිවරයාට යවන ලද කෝප් වාර්තාව සම්බන්ධයෙන් පරීක්‌ෂණ කරන ආකාරය ගැන එනම් එය සිවිල් පරීක්‌ෂණයකට යොමු කර තිබීම ගැන තමා එකඟ නොවන බවයි. එම පරීක්‌ෂණ කෙරෙන්නේ අපරාධයක්‌ පිළිබඳ සිදු කෙරෙන පරීක්‌ෂණයක්‌ ආකාරයෙන් නොවන බවද රටට හෙළි කළේ ජනාධිපතිවරයාමය. කොටින්ම නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙත ගැන ජනාධිපතිවරයා සෑහීමට පත් නොවූ අතර මේ බැඳුම්කර ජනාධිපති කොමිසම ජනාධිපතිවරයා විසින් පත් කළේ ද ඒ නිසාමය. අපට වැටහෙන්නේ එයයි. එහෙත් කොමිසමට පැමිණි අගමැතිවරයාගෙන් ප්‍රශ්න අසන්නට මේ නීතිපතිටම ඉඩකඩ සැලසී තිබුණි. කොමිසම තුළ කටයුතු කරන නීතීඥ මණ්‌ඩලයට අගමැතිවරයාගෙන් ප්‍රශ්න කිරීමටද අවස්‌ථාව නොලැබිණි. මෙය රටට පේන්නට කළ නාටකයක්‌ බවට ජන සමාජය තුළ කතා බහට ලක්‌ විය. බැඳුම්කර කොමිසම තුළ රජයේ නීතීඥ මණ්‌ඩලය සිදුකළ විශිෂ්ඨ සාක්‌ෂි මෙහෙයවීම තුළ කොමිසම ගැන මුලින් රටම ඉතා ගෞරවයෙන් කතා කළේය. එසේ ජනිත කරගත් මහජන විශ්වාසයට අවසානයේ සිදුවූයේ කුමක්‌ද? මුලින් හොඳට ගිය බැඳුම්කර කොමිසම මෙලෙස නාටකයකින් අවසන් වූ බවට සමාජය තුළ කතාබහට ලක්‌වූයේය. කොමිසමේ නිගමන සහ නිර්දේශ කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසාන වශයෙන් යුක්‌තිය ඉටු කරගත හැකි වනු ඇත්තේ මහජනතාවටමනොවේද? එනම් මේ ගැන මහජන අධිකරණයේ විනිශ්චය තුළින් ගත හැකි තීන්දු තීරණ හරහා ඔවුන්ට මේ යුක්‌තිය ඉටුකර ගැනීමට සිදුවනු ඇති බවයි. ඇතැමුන් කියන්නේ එසේය. මේ සම්බන්ධයෙන් යුක්‌තිය ඉටුවීමට කවර බාධා තිබුණත් ජනතා පරාමාධිපත්‍ය බලය හිමි ජනතාවගේ එම තීන්දුවට නම් කාට බාධා සිදු කළ හැකිද ?

-ශ්‍යාම් ගනේවත්ත


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/22/2017

විකල්ප පඬියන්ගේ හයියෙන් ජවිපෙ ගම දිනන හැටි

කතෘ:යුතුකම     12/22/2017   No comments
-ඉසුරු ප්‍රසංග-

අනුර කුමාර ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරන්නේ නම් ජවිපෙ සතුරෝ ඔහුට පහර දෙන්නට මෙතරම් වෙහෙසෙන්නේ ඇයි? යනුවෙන් ආචාර්ය නිර්මාල් රංජිත් මහතා අපූරු ප්‍රශ්නයක් මතුකර තිබෙනු දුටුවෙමි. නිර්මාල්ගේ මේ තර්කය දෙමළ ජනයාට දෙමළ වීම නිසාම ඇති ප්‍රශ්නය දෙමළ වීමය වැනි තර්කවලට වඩා තරමක් ඉදිරියෙන තිබෙන එකක් වන බැවින්, ඒ ගැන යමක් සඳහන් කළ යුතු යැයි සිතමි.

පළමු කොටම මේ තර්කය බැලූ බැල්මට ඇත්තක් ලෙස පෙනී යා හැකි අපූරු බොරුවකි. ජවිපෙ වැනි ව්‍යාපාරයක සැබෑ සතුරන් අනුරගේ ජනතා විමුක්ති පෙරමුණට තීරණාත්මක ලෙස පහර දෙන්නේ නැත. එයට හොඳම උදාහරණය වන්නේ නිර්මාල්ය. කවුරු මොනවා කීවත් මෙරට දේශපාලනයේ ප්‍රධාන ප්‍රතිවිරෝධය ඇත්තේ ජාතිකවාදී කඳවුර සහ විජාතික ගැති කඳවුර අතරය. එහෙයින් හොර බොරු රහිතව මේ රට ගොඩනැඟීමට කැප වන ව්‍යාපාරයක් නම් එය පළමු කොටම ජාතිකවාදී අධිරාජ්‍ය විරෝධී දේශපාලන කඳවුර නියෝජනය කරන්නක් විය යුතුය. ජවිපෙ ඒ නිවැරදි කඳවුර නියෝජනය කරමින් ජාතියට නිසි මඟ කියමින් ජයග්‍රහණ පිට ජයග්‍රහණ ලැබූ අවදියේදී නිර්මාල්ලා අමරකීර්තිලා වැනි විකල්ප ගෝත්‍ර පඬියෝ ඊට ආශිර්වාද කළේ නැත. ඒ වෙනුවට එය ජාතිවාදී පක්ෂයක්ය යන කෝකටත් තෛල චෝදනාව ජවිපෙ වෙත දමා ගැසූහ. එසේ වුවද ජවිපෙ තම භූමිකාව අංශක 180 කින් හරවා ගත් පසු ඊට සමගාමීව ජවිපෙ සතුරන් මිතුරන්ද මාරුවිය. 2008 විමල් ඉවත් වූ අවස්ථාවේ මේ විපර්යාසය එළිපිටම දැක ගත හැකි විය. පිරිසිදු රතු සහෝදරයන් අතර අවස්ථාවාදී කටුස්සන් සිටින බව එදා කාටත් කලින් රටට හෙළි කළේද විප්ලවවාදී බෝල්ෂෙවික්වාදී සිරස හා ඉරුදිනය. සිරසට අනුව නිවැරදි රතු සහෝදරයා වූයේ අනුරය. අනුරගේ අරමුණත් සිරස, ඉරුදින, කඳවුරේ අරමුණත් එකට සමපාත වීම පිළිබඳ උදාහරණ තව බොහෝ ඇත. එදා සිට අද දක්වා ජවිපෙ ගත් සියලු තීන්දු තීරණ මේ කඳවුරේ අරමුණු හා සමපාත විය. ඒ නිසාම ජවිපෙ යහතින් සිටි අවදියේ එහි පරම සතුරන් වූ සියල්ලෝ අද එහි මිතුරන් බවට පත්ව ඇත. එදා ජවිපෙට හැකි වෙර යොදා පහර දුන් විකල්ප ගෝත්‍ර පඬියන් අද ජවිපෙ වේදිකාවල කථිකයන් බවට පත්වන්නේ ඒ අනුවය. ඒ නිසාම සැබෑවටම සිදුව ඇත්තේ සතුරන් මිතුරන් මාරු වීම මිස ජවිපෙ සතුරන් අනුරට පහර දීමක් නොවේ.

තවදුරටත් මෙය විග්‍රහ කළහොත් දෙමළ බෙදුම්වාදීන්, අන්ත ජාතිවාදීන්, එන්ජීඕ කාරයන්, යූඇන්පී කාරයන් වෙතින් අනුරගේ ජනතා විමුක්ති පෙරමුණට තීරණාත්මක ප්‍රහාරයක් එල්ල වන්නේ නැත. එම බලවේගවල බත්බැල මාධ්‍ය අනුරගේ ජවිපෙට පහර දෙන්නේ නැත. එදා ජවිපෙ වහකඳුරු වී සිටි රාවය වැනි කසිකබල් පත්තර අද තම සංවත්සරවල දේශන සඳහා අනුරට ආරාධනා කරයි. එදා ගුණදාස අමරසේකරලා සිටි තැන්වල මෙදා සුනිල් පෙරේරලා, අමරකීර්තිලා, තේනුවරලා ස්ථානගත වෙයි. ගෝර්කිගේ අම්මාගෙන් පසු සන්නස්ගලගේ අම්මා වැනි ඉල ඇදෙන පෝස්ටර් ජවිපෙ සාමාජිකයන් අතින් ඇලවෙයි. කොකාකෝලා වඩියට ආවඩන අලුත් පරපුරු ගංජා ගැටවුන් අද ජවිපෙ මැතිවරණ ජයග්‍රහණ වෙනුවෙන් පෙනී සිටියි. එදා ජයග්‍රාහී ජවිපෙ පරම සතුරන් සියලු දෙනා වර්තමානයේ සදා පරාජිත ජනතා විමුක්ති පෙරමුණේ මිතුරන් වීමේ විපර්යාසය තේරුම් ගත යුත්තේ කෙසේද? පැහැදිලි ලෙසම ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හෝ එජාපය හෝ එන්ජීඕ කල්ලි හෝ වෙනස් වී නැත. සිදුවී ඇත්තේ ඔවුන්ගේ න්‍යාය පත්‍රයට සරිලන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ වෙනස් වීමය.

විවිධ හේතු මත විවිධ අය අනුරට පහරදෙනවා වන්නට පුළුවන. එහෙත් ජවිපෙ අතීත සාමාජිකයන් ලෙස අපි අනුරට එරෙහිවන්නේ එය රටට සැබෑ විකල්පයක් විය හැකිව තිබූ දේශපාලන ව්‍යාපාරය යටත්විජිතවාදයේ නිවට බළල් අණ්ඩක් බවට පත් කර ඇති නිසාය. ඒ භූමිකාව තුළින් ජවිපෙ පමණක් නොව රටද විනාශ වන නිසාය. යහපාලන මරඋගුලේ තරම නිවැරදිව වටහා ගත් මෙරට ජාතිමාමක බලවේග ජවිපෙට එරෙහි වන්නේ අනුරගේ භූමිකාව පක්ෂයට පමණක් නොව රටටද කොඩිවිනයක් වී ඇති නිසාය. එය පක්ෂයට පමණක් වන විනාශයක් නම් ඔවුන්ට ඒ පිළිබඳ ගැටලුවක් නැති වනවා වන්නට පුලුවන. එදා පෙරටුගාමීන් ගමන් ගත්තේද පක්ෂය නැති වන මාවතකය. අපි ඒ බවද කල් තියා පෙන්වා දුන්නෙමු. එහෙත් පෙරටුගාමීන්ට වැඩි විරෝධයක් රටෙන් එල්ල නොවන්නේ ඔවුන්ගේ විනාශය රටේ විනාශයට වැඩි දායකත්වයක් නොදක්වන නිසාය. ඒත් ජවිපෙ ඊට වෙනස්ය. කුමන විනාශයන් සිදුවුවද ඔවුන් තම ඉතිරි වී ඇති අන්තිම ශක්ති පොද නොපිරිහෙලා කැප කරනුයේ රටට එරෙහි ද්‍රෝහී මෙහෙයුම් සඳහාය.

අනුරලාගේ භූමිකාව හරහා ජවිපෙට සිදුවූ විනාශය අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. එය පාර්ලිමේන්තු ආසන තිස් නමය කෙටි කලකින් හතරට පහට වැටීමට පමණක් සීමා වන විනාශයක් නොවන බව ඉදිරි මැතිවරණයේදී නැවතත් සනාථ වනු ඇත. ඒ සියල්ල එසේ වුවද වික්‍රමබාහුලා මෙන් ඔවුන් තම ඉතිරිව ඇති අන්තිම ශක්තිය පවා අද යොදවන්නේ රටට එරෙහිවය. එදා මිනීමරු ත්‍රස්තවාදයට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාවල රනිල් හා එක්වී ආණ්ඩු පෙරළන්නට දියත් කළ දුෂ්ට මෙහෙයුම්වල සිට, වර්තමාන ව්‍යවස්ථා මර උගුල්වල සේල්ස් රෙප්ලා ලෙස කටයුතු කිරීම දක්වා වූ නින්දිත උදාහරණ රැසකින් ජවිපෙ මෑත ඉතිහාසය දූෂණය වී තිබේ. අද මේ රටට ආදරය කරන බොහෝ බලවේග අනුරගේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහි වන්නේ ඒ නිසාය. ඔහු ජවිපෙ විනාශ කරන බව කියමින් ඔහු අගයන්නට ගියහොත් ඒ විනාශය සිදුවන්නේ ජවිපෙට පමණක් නොව රටටද බව නිර්මාල්ට සිහිපත් කර දිය යුතුය.

එක් අතකින් මෙය අලුත් කතාවක්ද නොවේ. මෙහි ඇත්තේ අප ජවිපෙ ගැන කාලයක් තිස්සේ කියන කතාවමය. අප ජවිපෙ ගැන එදා සිටම කී කිසිවක් වැරදී නැති බැවින් මේ මැතිවරණයට අදාළවද ඒ ඇත්ත නැවතත් සැකෙවින් සිහිපත් කළ යුතුය. 2008න් පසු ඇත්තේ කොළ පාට ජනතා විමුක්ති පෙරමුණකි. අධිරාජ්‍ය විරෝධය ඒ ජනතා විමුක්ති පෙරමුණට අදාළ නැත. ජාතිවාදය, බෙදුම්වාදය පිළිබඳ ප්‍රශ්න ඔවුන්ට අදාළ නැත. යහපාලනය යටතේ උතුරේ බල්ටි ගසන ජාතිවාදයට එරෙහිව අනුරලාගේ මුවින් එක කෙළ පොදක් බිම වැටෙන්නේ නැත. ඒ වෙනුවට ඒ සැබෑ ජාතිවාදයේ බියකරු අනතුර රටට පෙන්වා දෙන බලවේගවලට එරෙහිව “ජාතිවාදය අවුස්සනවෝ” යන ලේබලය ඇලවීමේ එන්ජීඕ චාරිත්‍රය අද ජවිපෙ චාරිත්‍රය බවටද පත්ව ඇත. වෙනිසියුලාවේ බටහිර අතපෙවීම්වලට එරෙහි වෙමින් ලංකාවේ ජිනීවා න්‍යාය පත්‍රවලට සහය පළ කිරීමත්, රනිල්ගේ බැඳුම්කර හොරකමට එරෙහි වෙමින් රනිල්ගේ ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් කඬේ යාමත්, ඔවුන්ගේ තක්කඩි දේශපාලනය බවට පත්ව ඇත. මේ තක්කඩි දේශපාලනයේ නිරුවත වසා ගැනීම සඳහා ජවිපෙ උපාය වී ඇත්තේ වංචා දූෂණ විරෝධය රටේ කේන්ද්‍රිය ප්‍රශ්නය බවට පත් කර ගැනීමය. ඇත්ත. දූෂණ විරෝධය හොඳය. සියලු ප්‍රධාන පක්ෂ තුළ දූෂිතයන් රජයන බවද සැබෑය. එහෙත් දූෂණ විරෝධී අරගලය තිබිය යුත්තේ මහපොළවේ සැබෑ දේශපාලන අරගලය වූ යටත්විජිත විරෝධී අරගලය තුළ මිස ඉන් පරිබාහිර ආකාසයක නොවේ. ජවිපෙ තම සැබෑ භූමිකාව, සැබෑ අරගල බිම මඟහැර කැපකිරීම්, අවංකකම් ගැන මොන පම්පෝරි ගැසුවද එයින් පලක් නැත. රටේ කොන්ද කඩන ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් පෙනී සිටිමින්, දූෂණ විරෝධී ඝෝෂා නැඟීමෙන් පලක් නැත. එදා ජවිපෙ සාර්ථක වූයේ දූෂණ විරෝධී අරගලයත්, දේශප්‍රේමී අරගලයත් ඒකාබද්ධව නියෝජනය කළ නිසාය. එකී පුළුල් ජාතික න්‍යාය පත්‍රයෙන් තොර වියුක්ත දූෂණ විරෝධය බොරුවක් පමණක් නොව දැනුවත් තක්කඩිකමක්ද වෙයි. ඒ මාවත ඔස්සේ ගොස් තමන්ට ලද හැකි ජයග්‍රහණයක් නොමැති බව මේ මැතිවරණයෙන් පසුවද හොඳාකාරවම සනාථ වනු ඇත.

ගම දිනන්නට අවශ්‍ය නම් ජවිපෙ කළ යුත්තේ තම සැබෑ භූමිකාව තුළ නැවත ස්ථාන ගතවීමය. එසේ වුවහොත් නිර්මාල්ලා අමරකීර්තිලාගේ ආදරය අහිමි වී ඒ වෙනුවට රටේ ජනතා ප්‍රසාදය ඔවුන්ට හිමිවනු ඇත. නමුත් ඔවුන්ට වැදගත් වන්නේ නිර්මාල්ලාගේ ආදරය නම් මේ මැතිවරණයෙන් පසුවද ජවිපෙ සාමාජිකයන්ට සිදුවන්නේ “මේ ජනතාව ඉවත් කර වෙනත් ජනතාවක් පත් කරගමු” වැනි බ්‍රෙෂ්ට්ගෙන් අහුලා ගත් ගොන් කතා මූණූ පොත් මත ලියමින් හඬා වැළපීමටය. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට ගම දිනන්නට අවශ්‍ය නම් ඔවුන් වහාම නිර්මාල්ලා, අමරකීර්තිලා අත්හල යුතුය. එවන් ඊනියා බුද්ධිමතුන්ගේ වෛරයට භාජනය විය යුතුය. මෙය නිර්මාල්ලා ගැන පෞද්ගලික වෛරයකින් කරන ප්‍රකාශයක් නොව ගැඹුරු දේශපාලන තර්කයකි. ඒ තර්කයේ ගැඹුර වටහා ගත් දිනක ගම පමණක් නොව රටම දිනා ගැනීමට ජවිපෙට හැකිවනු ඇත.

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/21/2017

සිංහල බෞද්ධ රාජ්‍යය [Video] - ඒකීය රටක් උදෙසා 'ජනරොද'

කතෘ:යුතුකම     12/21/2017   No comments
 

 
ජනරොද , ඒකීය රටක් උදෙසා ජනතා ව්‍යපාරය ආරම්භ කිරීමට සහ රටට සෙත් පැතීම සඳහා රුවන්වැලි සෑ මළුවේ පැවති පිරිත් දේශනයට පළමුව එම සංවිධානයට අවශ්‍ය න්‍යායාත්මක මග පෙන්වීම ලබා දෙනු පිණිස ආචාර්ය නලින් ද සිල්වා මහතා පැවැත් වූ දේශනයේ සංක්ෂිප්ත සටහනකි.

අද අපි ජීවත් වෙන්නේ රට වශයෙන් වගේම ලෝකය වශයෙන් ගත්තත් ඉතාම තීරණාත්මක අවස්ථාවක. දැන් සමස්ත ලෝකයේ කඩා වැටීම ආරම්භ වෙලා. අපි දශක ගණනාවක් ගෙන ගිය ජාතික ව්‍යාපාරයක් අවසානයට ළං වෙලා. අවුරුදු 35කට පමණ පෙර අපි ආරම්භ කළ ජාතික ව්‍යාපාරයේ එක් අවධියක් එළඹෙන පළාත් පාලන මැතිවරණයක් සමග අවසන් වෙනවා. ඒ අතර එහි වෙනත් අදියරක් ඔබත් සමග ආරම්භ වෙනවා. මේ අවස්ථාව අපෙන් ඔබට ඒ දායාදය ලබා දෙන අවස්ථාව විදිහටත් සලකන්න පුළුවන්.
නූතන ජාතික ව්‍යාපාරය 19 වන සියවසේ අගභාගයේ ආරම්භ කළේ අනගාරික ධර්මපාලතුමා. එය ඉදිරියට ගියා. පසුපසට ගියා. විවිධ හැල හැප්පීම් වුණා. අවුරුදු 30කට පමණ කලින් අපි එහි ඊළඟ අදියර ආරම්භ කළා. එයත් පරාද වුණා. නමුත් එයින් අදහස් වන්නේ නෑ මේ රටේ ජාතික ව්‍යාපාරය පරාදයි කියලා. මේ මැතිවරණයත් සමග එහි අලූත් අදියර ආරම්භ වෙනවා. සිංහල බෞද්ධ රාජ්‍යයට පදනම වැටුණු අනුරාධපුරයේදීම එහි සමාරම්භය සනිටුහන් කරන්න ලැබීම වාසනාවක්. එම ජාතික ව්‍යාපාරය දේශපාලකයන්ට වඩා ඉහළින් පවතින දේශපාලකයන් දණ ගැස්විය හැකි ව්‍යාපාරයක් ලෙස වර්ධනය විය යුතුයි.
සිංහල බෞද්ධ රාජ්‍යය පිළිබඳ කතා කිරීමට පෙර රාජ්‍යය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගන්න ඕන. බොහෝ දෙනා රාජ්‍යය නෙමේ රාජ්‍ය සහ ආණ්ඩුව අතර වෙනස පවා දන්නේ නෑ. ඉංගිරිසියේ නම් ඒ සඳහා   State (රජය) සහ Government (ආණ්ඩුව) ලෙස වචන දෙකක් තියෙනවා. නමුත් අපි පවතින රජය කියලා ආණ්ඩුවට කියනවා. රාජ්‍ය කියන එකට ඉංගිරිසියෙන් නිශ්චිත නිර්වචනයක් නෑ. ඒ නිසා බටහිර අනුකරණය කරන අපේ විද්‍යාඥෙයාත් ඒක හරියටම දන්නෙත් නෑ.
රාජ්‍ය නිර්වචනය කර ගැනීම සඳහා අපට යා හැකි හොඳම තැන අග්ගඥ්ඤ සූත‍්‍රය. එක කාලයක මිනිස්සු තමන්ගේ වත්මන් පරිභෝජනයට පමණක් නෙමේ ඉදිරි පරිභෝජනය සඳහාත් අස්වනු කපා ගෙන ගොඩගහන්න ලැහැස්ති වුණා.
ඒ නිසා ගැටුම් ඇති වුණා. ඒවා නිරාකරණය සඳහා කවුරු හෝ අවශ්‍ය වුණා. පාලකයාගෙන් ඉටු වෙන්නේ ඒ අවශ්‍යතාවයි. මේ අනුව බොහෝ දේවල් වගේම රාජ්‍යයත් ඇති වුණේ තණ්හාව නිසා කියලා පැහැදිලියි. මිනිස්සු තණ්හාව නිසා අස්වැන්න බෙදා ගන්න ගැටුම් ඇති කර නොගන්න රාජ්‍යය බිහිවන්නේ නෑ. අදත් රාජ්‍ය පවතින්නේ ඒ නිසායි.
කිසියම් සමාජයක මිනිසුන් අනුගමනය කරන සිරිත් විරිත්, නීති රීති පද්ධතියක් තියෙනවා. ඒ අතර අප රැුකබලා ගන්න කියන අදහසකුත් මිනිසුන් අතර තිබුණා. එම කටයුතු භාරව කටයුතු කරන ආයතනය රාජ්‍ය කියලා හඳුන්වන්න පුළුවන්. එය භාරව කටයුතු කළ රජුට අර පරමාර්ථ ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යාම භාර වුණා.
මුල දී පාලනය සඳහා අවශ්‍ය ආඥා චක‍්‍රය තනා ගත්තේ සම්මුතියෙන්. ඒක අපේ සම්ප‍්‍රදායේ මහා සම්මතය කියලා හැඳින්වුණේ. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදය නෙමේ, සියලූ දෙනාගේ ඒක ඡුන්දය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ අවසාන වශයෙන් බෙදීමක්. අපේ හාමුදුරුවරු අදටත් තීරණ ගන්නේ ඒක ඡුන්දයෙන්. පසුව ඒ මහා සම්මතය නැත්නම් ජනතා සම්මතය නෙමේ රජුගේ වචනය ආඥා චක‍්‍රය බවට පත්වුණා. අපේ රටේ කොහොම වුණත් බටහිරත් ඉන්දියාවෙත් රජුගේ වචනය නීතිය බවට පත්වුණා. ඔවුන් එය මනු නීතිය ලෙස හැඳින්වුවා.
මේ රටේ පුරාණයේ ඉඳලාම රාජ්‍ය තිබුණා. එකල මෙරට රාජ්‍ය කිහිපයක් තියෙන්න ඇති. රටට වංග, කාලිංග, මහාරාෂ්ට‍්‍ර, ලාඨ ඇතුළු භාරතයේ හැම පැත්තකින් විජය ඇතුළු සංක‍්‍රමණිකයන් ආවා. ඒ බුදු හාමුදුරුවන්ගේ කාලේ.

හැබැයි එහෙම ආවේ සිංහලයෝ නෙමේ. ආවේ සිංහලයෝ නම් අද බෙංගාලයේ සිංහලයෝ ඉන්න ඕන. එහෙම එන කොට මේ රටේත් දේව, නාග, යක්ෂ වර්ගවල මිනිස්සු හිටියා. අනතුරුව එවකට පැවති කුඩා රාජ්‍ය එකතු කරලා පණ්ඩුකාභය රජතුමා රාජ්‍යයක් ගොඩනැඟුවා. ඒක ෆෙඩරල් සම්මුතියක් නෙමේ. යුද්ධ කරලා තනි රාජ්‍යයක් ගොඩනැඟුවා. ඒ රාජ්‍යයට දේවානම්පියතිස්ස රජ කාලේ නිල වශයෙන් බුදු දහම ලැබුණා. ඒ වන විට මේ රටේ බුදු දහම සහ තවත් ආගම් තිබුණා. කොහොම වුණත් දේවානම්පියතිස්ස සමයේ අශෝක බුදු දහම රටට ලැබුණා.
පිහිටි රටේ මේ දේවල් වන විට මාගම වෙනම රාජ්‍යයක් තිබුණා. ඒ රාජ්‍යයේ කාවන්තිස්සලා, විහාරමහාදේවිලා සහ ගැමුණුලා හිටියා. ගැමුණු රජතුමා රුහුණු පිහිටි මායා සියලූ රාජ්‍ය එකතු කරලා එක්සේසත් රාජ්‍යයක් හැදුවා.
එක්සේසත් කියන්නේ එක ඡුත‍්‍රයක්. එක කුඩයක් කියන එකයි. මේ එක්සේසත් රාජ්‍යය තමා ලොව පහළ වූ ප‍්‍රථම ඒකීය රාජ්‍යය. දැන් විශ්වවිද්‍යාල උගත්තු කියාවි නෑ නෑ ඒකීය රාජ්‍යය පහළ වුණේ එංගලන්තේ කියලා. නමුත් අපේ ඒකීය රාජ්‍යයට දැන් අවුරුදු 2300කට වැඩියි. ඒ ඒකීය රාජ්‍යය ගොඩනැගු ගැමුණු රජතුමාට කවදාවත් දුටුගැමුණු කියලා කියන්න එපා. ඒ නම ගැමුණු රජතුමාට පටබැන්දේ ඒ කාලේ හිටපු එන්ජී ඕකාරයෝ වගේ අයයි. 

මේ කාලය වන විට යුරෝපයේ නිශ්චිත දේශ සීමාවක්, භූමි ප‍්‍රදේශයක් සහිත රාජ්‍ය තිබුණේ නෑ. නමුත් රජවරු හිටියා. රාජ කුමාරිය විවාහ වෙද්දී ඒ භූමියෙන් කොටසක් දෑවැද්ද විදිහට දුන්නා. ඒ රජුගේ වචනය ප‍්‍රදේශයේ නීතිය බවට පත්වුණා. ක‍්‍රි.ව. 3 වන සියවසින් පස්සේ මේ රජවරුන් යට කරගෙන පාප් වහන්සේ රජවුණා. ඔහුගේ බලය යුරෝපය පුරා පැතිරිලා තිබුණා. ඒ ආධිපත්‍යයෙන් මිදීමේ උවමනාවක් යුරෝපා ජනතාවට තිබුණා. ඒ සඳහා මුල් පියවර තැබුවේ 1517 වසරේ. හරියටම අදට වසර 500කට ඉස්සර. 1517 ඔක්තෝබර් මාසේ 31 වෙනිදා මාර්ටින් ලූතර් කියන පූජකයෙක් පාප් වහන්සේට විරුද්ධව පෝස්ටරයක් ඇලෙව්වා. පාප් වහන්සේගේ ආධිපත්‍ය බිඳ වැටිලා යුරෝපයේ ජාතික රාජ්‍ය පහළ වීම ආරම්භ වන්නේ එතැනින්.
එහි මුල්ම පියවර තැබුවේ එංගලන්තයේ සිටි 8 වෙනි හෙන්රි රජ්ජුරුවෝ. නමුත් ඒ සඳහා හේතු වුණේ රජ්ජුරුවන්ගේ පෞද්ගලික කාරණාවක්. පාප් වහන්සේ රජුගේ දික්කසාදයක් අනුමත නොකළ නිසා ඔහු වෙන්වෙනවා. යුරෝපයේ ජාතික රාජ්‍ය පහළ වුණේ විවාහයක් අනුමත කරගන්න බැරිව බව ඒ අනුව පැහැදිලියි. 

ඒ ජාතික රාජ්‍ය සංකල්පය පසු කලක ඒකීය රාජ්‍ය කියන සංකල්පය කරා ගියා. ඒකීය රාජ්‍යය කියලා කියන්නේ මුළු භූමිය පුරා පැතිරුණු එක් ආඥා චක‍්‍රයක් සහිත එය වෙනස් කිරීමේ බලය එක් ආයතනයක් සඳහා පැවරුණු රාජ්‍ය සඳහායි. ඒ බලය දරන්නේ රජු හෝ වෙනත් අයකු විය හැකියි. බටහිර මිනිස්සු හිතන විදිහට එංගලන්තයේ ඒකීය රාජ්‍ය ඇති වුණේ ධනපති ක‍්‍රමය ඇති වුණාට පස්සේ. ඒ නිසා මෙරට මාක්ස්වාදියෝ ධනපති ක‍්‍රමයක් නොමැතිව ගැමුණු රජ දවස මෙරට ඒකීය රාජ්‍යයක් පහළ වුණේ කොහොමද කියලා අපෙන් අහනවා. මොවුන් නිවහල් චින්තනයක් නැති චින්තන හිඟන්නන් බව මේ ප‍්‍රශ්නයෙන් පෙනෙනවා.
අපේ රටේ ඒකීය රාජ්‍යය ඇති වුණේ බටහිර විදිහට නෙමේ. අපි ඒ රාජ්‍යයට යුනිටරි නැත්නම් ඒකීය කියලා කීවේ නෑ. අපි කීවේ එක්සේසත් රාජ්‍යය කියලා. ඒක බටහිර අර්ථයෙන් යුනිටරි හෝ යුනයිටඞ් නෙමේ. එක්සේසත් කියන එකට ඉංගිරිසියේ නමක් නෑ. ඒ නිසා අපි ඒකීය කියලා පාවිච්චි කරනවා. නමුත් ඒ ඒකීයවලත් විවිධ ප‍්‍රභේද තියෙනවා.
එක්සත් රාජධානි ඒකීය. ශ‍්‍රී ලංකා ඒකීය කියලා. මේ රටේ තියෙන්නේ අපේ ඒකීය රාජ්‍යය ක‍්‍රමය. ඒ රාජ්‍යය ඇති කළේ සිංහල බෞද්ධ සංස්කෘතිය පදනම් කරගෙන. ඒ නිසායි අපි එය සිංහල බෞද්ධ රාජ්‍යය කියලා හඳුන්වන්නේ.
ඒ සිංහල බෞද්ධ රාජ්‍ය යේ වාසය කළ හැක්කේ සිංහලයන්ට පමණයි කියලා කිසිවකු කියන්නේ නෑ. මේ රටේ හැමදාම බහුතර සිංහල ජාතිය සමග ජන වර්ග ගණනාවක් ජීවත් වුණා. දෙමළ ජනතාවටත් නිදහසේ ජීවත් විය හැක්කේ ඒ සිංහල බෞද්ධ රාජ්‍යය තුළ පමණයි. අද පවතින ඉංගිරිසි ඒකීය රාජ්‍යය තුළ ඔවුන්ටත් නිදහසක් නෑ. ඒ රාජ්‍යය ක‍්‍රමය තුළ යාපනේ සිටින මිනිස්සු හැම දේටම කොළඹ එන්න ඕන. ඒ ජනතාවට අද තමන්ගේ ගොවිතැන පවා තමන්ට ඕන විදිහට කරගන්න බෑ. තමන්ට ආරක්ෂාව ලැබෙන්නේ සිංහල බෞද්ධයන් අතර මිස ක‍්‍රිස්තියානින්ගෙන් නොවන බව දෙමළ ජනතාවත් තේරුම්ගන්න ඕන.

මේ රටේ සිංහල බෞද්ධ රාජ්‍යයේ ලක්ෂණ කිහිපයක් තියෙනවා. සිංහල බෞද්ධයා තරම් සහනශීලී ජාතියක් ලෝකයේ කොහේවත් නෑ. ඒ සහනශීලීත්වය නිසාම තමයි අදත් සමහරු අපට අනවශ්‍ය බලපෑම් කරන්නේ. මේ රටට මුස්ලිම් ජනතාව ආවේ 14 වන සියවසේ. ඔවුන්ට හොඳට සැලකුවා විතරක් නෙමේ පෘතුගීසිකාරයා ඇවිත් පහර දෙන කොට අරගෙන ගිහින් නැගෙනහිර පළාතේ හැංගුවා. එයින් පස්සේ පෘතුගීසි නිසා කතෝලික වුණු ජනතාවට ලන්දේසි පහර දෙන කොට ඔවුන් රැුගෙන ගොස් මාතලේ වහකෝට්ටේ පදිංචි කළා. ඒක හැමදාම එහෙමයි. නමුත් සිංහලයාට කිසිවකු පිහිට නොවන බව අපි මතක තබාගත යුතුයි. 

ඒ වගේම රටේ ජනතාවට ඉතා පහසුවෙන් තම තමන්ගේ වැඩ කරගන්න ඇති නිදහසත් සිංහල බෞද්ධ රාජ්‍යයේ මූලික ලක්ෂණයක්. අද පවතින්නේ හරිම මධ්‍යගත ස්වරූපයක්. අද කලා වැවේ වතුර ටික බෙදන්නත් කොළඹින් ආඥා චක‍්‍රයක් අරගෙන නිලධාරියෙක් එන්න ඕන. ගමේ ජනතාවට හාමුදුරුවෝ එක්ක කතාබහ කරලා වැවේ වතුර ටික බෙදාගන්න තීරණය කරන්න අද බෑ. නමුත් මේ රටේ තිබුණේ එහෙම ක‍්‍රමයක් නෙමේ. ප‍්‍රදේශයේ කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ගමේ පන්සලේ හාමුදුරුවන්ට සහ ජනතාවට තිබුණා. මෙවැනි ක‍්‍රමයක් ලෝකේ කොහේවත් තිබුණේ නෑ.

එහෙත් සිංහල බෞද්ධ රාජ්‍යයේ ජනතාවට විශාල නිදහසක් තිබුණත් ඉන් කියවෙන්නේ නෑ කිසිවකුට රටේ වෙන වෙනම ආඥා චක‍්‍ර හදාගන්න ඉඩ තිබුණා කියලා. ඒ ආඥා චක‍්‍රය ඇති කළේ එදා අනුරාධපුර රාජ සභාවෙන්. ආඥා චක‍්‍රය එක එක ප‍්‍රදේශවල බෙදුවේ නෑ. ආඥා චක‍්‍රය නොදුන්නේ එහෙම කළා නම් රට සී සී කඩ කැඩෙන නිසායි. නමුත් පෙර සඳහන් කළ විදිහටම ඒ ඒ ප‍්‍රදේශවලට අද සාපේක්ෂව විශාල නිදහසක් තිබුණා. අදත් අපි ගොඩනඟා ගත යුත්තේ ඒ සිංහල බෞද්ධ රාජ්‍යයයි. 

අද මේ රටේ ඒකීය රාජ්‍යයක් නෑ. ගැමුණු රජු ඇති කළ එක්සේසත් රාජ්‍යය 1505 පෘතුගීසිකාරයෝ බින්දා. 1815 ඉංගිරිසිකාරයෝ නැවත ඒකීය රාජ්‍යයක් ඇති කළා. එහෙත් ඒ අපේ එක්සේසත් රාජ්‍යය නෙමේ ඉංගිරිසින්ගේ ඒකීය රාජ්‍යය. ඒ ඒකීය රාජ්‍යය 1987 වසරේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සමග නැති වුණා. දැන් අපි ඉන්නේ ළඳරු ෆෙඩරල් රාජ්‍යයක. දැන් අපි නැවත ඒකීය රාජ්‍යය ගොඩනැඟිය යුතුයි. එහෙත් ඒ ඒකීය රාජ්‍යය ඉංගීරිසින්ගේ ඒකීය රාජ්‍යය නෙමේ සිංහල බෞද්ධයන්ගේ ඒකීය රාජ්‍යය විය යුතුයි. ඒ අරමුණ ජය ගැනීම සඳහා ජනරොද ඇතුළු ජාතික සංවිධානවලට ශක්තිය ලැබේවා කියලා මම ප‍්‍රාර්ථනා කරනවා.
[Rivira]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook
https://www.facebook.com/yuthukama

12/20/2017

අනුධරාධපුර නොතකා ඉදිරියට යා හැකිද?

කතෘ:යුතුකම     12/20/2017   No comments
-නාමල් උඩලමත්ත-
මම පසුගියදා ආචාර්ය නලින් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සමග අනුරාධපුරයට ගියෙමි. ඒ රටට දැයට සෙත් පතා පිරිත් සජ්ඣායනය ඇතුළු අරමුණු කිහිපයක් පිණිසය.

අනුරාධපුරය සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ තිඹිරි ගෙයයි. සැබවින්ම එය අපේ ශිෂ්ටාචාරයේ තිඹිරි ගෙය යැයි පැවසීම එක අතකින් අනුරාධපුර වටිනාකම හෑල්ලු කිරීමකි. අපේ ශිෂ්ටාචාරය උපත ලබා එහි සොඳුරු තරුණ අවධිය ගෙවුණේ අනුරාධපුරයේය. ඒ වසර 1500ක පමණ කාලයකි. එය ලංකාවේ දීර්ඝතම කාලයක් පැවති රාජධානියයි.

අපේ රටේ අගනුවර ලෙස රටේ දකුණට නොව උතුරට ළඟ අනුරාධපුරය තෝරා ගැනීම ඉතා දුරදිග බලා ගත් උපායමාර්ගික දේශපාලන තීන්දුවකි. එම තීන්දුව පිටුපස සිටි මහ මොළකරු කවුද යන්න මා නොදනිතත් එය අහම්බයක් විය නොහැකිය. එම යුගය අපේ ඉතිහාසයේ ස්වර්ණමය අවධිය බවට අදත් විද්‍යමාන මහා දාගැබ්, වැව් ඇතුළු නිමැවුම් අපට කොඳුරා කියයි.

අසල්වැසි භාරතයේ දේශපාලන සංස්කෘතික බලපෑමෙන් උතුරු නැගෙනහිර පළාත් ආරක්ෂා කර ගැනීමට අගනුවර ඒ ආසන්නයේ පැවැත්ම ඉතා වැදගත්ය. අදත් එම පළාත්හි ශේෂ වී ඇති බොහෝ බෞද්ධ නටබුන් අනුරාධපුර යුගයට අයත් අතර එම පළාත්හි සිංහල මෙන්ම දෙමළ බෞද්ධයන්ද වාසය කළේ යැයි සිතිය හැකිය. එකල අනුරාධපුර මුල් කොට ගත් අපේ රාජධානියේ බලපෑම අසල්වැසි භාරතයේ බලපෑමට වඩා ප්‍රබල ලෙස උතුරු නැගෙනහිර පැතිර යාම මේ බෞද්ධ ප්‍රබෝධයට හේතුවයි.

අනුරාධපුර සමයේ කිසියම් ගැටුමක් ඇති වූ විට රාජ උරුමය සහිත අය පළාගියේ දකුණට බව දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු මහානාග රජගෙයි ගැටුමකට පසු රුහුණට පැමිණ මාගම්පුර රාජධානිය් පිහිටුවා ගැනීමෙන් සනාථ වෙයි. උතුරු රාජධානියට ආසන්න නිසා එවැනි ආරක්ෂිත පරිසරයක් එහි නොවීය. එහෙත් අනතුරුව රාජධානිය දකුණට සංක්‍රමණය වන විට උතුරේ බෞද්ධ බලපෑම කෙමෙන් වියැකි ගොස් භාරතීය බලපෑම ඉහළ ගිය බව පෙනේ. දෙමළ බෞද්ධයන් පමණක් නොව උතුරේ සිංහල බෞද්ධයන් ද අතුරුදන් විය.

මේ අනුව ආරක්ෂක හේතු මත රාජධානිය ක්‍රමයෙන් නිරිත දෙසට ගමන් කිරීම නැතහොත් උතුරින් ඈත්වන්ට වීම පසුකාලීන බොහෝ ගැටලුවලට හේතුව බව පෙනේ. කෝට්ටේ මහ රජුට බදු ගෙවමින් උතුර පාලනය කළ ප්‍රාන්ත පාලනයක් ඇති වන්නේ ද රටේ අගනුවර නිරිත දෙසට මාරු වීමේ ප්‍රතිඵලයක් ලෙසය. අනතුරුව 1970 දශකයේ අග කොටි ප්‍රමුඛ විවිධ ත්‍රස්ත කල්ලිවලට උතුර තිඹිර ගෙයක් වන්නේ ද මේ පසුබිමේය.

පසුකාලීන රජවරු මෙන්ම වර්තමාන පාලකයන්ද නැවත රාජධානිය අනුරාධපුරයට ගෙන යාම පිළිබඳ සැලකිලිමත් වූයේ නැත. එය පසුගිය ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල තමන් ජයගත හොත් පොළොන්නරුවේ සිට රට පාලනය කරමියි කියන වචනවලට පමණක් සීමා විය. ඔහු එය එතරම් නොසිතා ප්‍රකාශ කළ ද විය යුත්තේ එයයි.

අද අපේ මධ්‍යම ආණ්ඩුවේ බලයට වඩා රටේ සංස්කෘතික බලපෑමට වඩා තමිල්නාඩු බලපෑම ඉන්දීය බලපෑම උතුරට ලැබීමට මූලික හේතුව රටේ මැද නැතහොත් අනුරාධපුර පිහිටිය යුතු අගනුවර බටහිර වෙරළ දක්වා රැගෙන ඒමය. උතුරේ එම ප්‍රදේශවලට ගිය විට අපට අසන්න දකින්න ඇත්තේ ඉන්දීය රේඩියෝ රූපවාහිනි චැනල්ය. භාරතීය සංස්කෘතික බලපෑමය. අනුරාධපුර යුගයේ ලැබුණු සිංහල බෞද්ධ බලපෑම නටබුන් බවට පත්ව ඇත. එය එම ජනතාව රටේ ප්‍රධාන සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට විශාල බාධාවකි.

දැවැන්ත දෙමළ රාජ්‍යයක ආසන්නයේ පිහිටි අපේ රටේ උතුරට එහි සංස්කෘතික දේශපාලන බලපෑම අවම කිරීමට එම ප්‍රදේශ නැවත අපේ රටට සංස්කෘතික වශයෙන් අවශෝෂණ කර ගැනීමට අප කළ යුත්තේ රටේ කොනක පිහිටුවා ඇති අපේ මධ්‍යම ආණ්ඩුව රටේ මධ්‍යය කරා එනම් අනුරාධපුරය කරා රැගෙන යාම නොවේද? එසේ කළ හැකි නම් නැවත කිසි දිනක උතුරේ බෙදුම්වාදී ව්‍යාපාරයක් බිහි නොවනු ඇත. ඒ සඳහා අප ගෙවන්නේ කිසිසේත් මිලක් නොවේ. ඒ මිල කළ නොහැකි අනාගත ආයෝජනයකි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/18/2017

(ප) රාජිතගේ දේශප්‍රේමය සහ අයින්ස්‌ටයින්ගේ දේශප්‍රේමය

කතෘ:යුතුකම     12/18/2017   No comments
-රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

"ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ රටට අවශ්‍යයි" යන තේමාව යටතේ පවත්වනු ලැබූ සම්මන්ත්‍රණයකට එක්‌වෙමින් රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා වන රාජිත සේනාරත්න නව යෝජිත ව්‍යවස්‌ථාව සාධාරණීය කිරීමට කරනු ලබන්නාවූ ප්‍රකාශ කෙටියෙන් විග්‍රහ කිරීම මෙම ලිපියේ අරමුණයි. ඒ එවිට රාජිත යනු කෙබඳු විදියේ සත්වයෙක්‌දැයි (අප සැවොමද මනුෂ්‍ය සත්වයෝ බැවින් ) ලිපිය කියවන්නාට හොඳ අදහසක්‌ ලබා ගත හැකි බැවිනි. තවද එම අදහස නව ව්‍යවස්‌ථාව සාධාරණීය කිරීමට ඔහු ගන්න ප්‍රයත්නයට සෘජුව සම්බන්ධ වන බැවිනි.

සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව හා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරය ඒකාබද්ධව නොවැම්බර් 13 වැනිදා කොළඹ නව නගර ශාලාවේදී පැවති උක්‌ත සම්මන්ත්‍රණයේදී පළමුවෙන්ම රාජිත කළේ එදා මෙදාතුර "ජාතියත් ආගමත් බේරා ගැනීමේ සටන්" නින්දාවට පත්කිරීමයි. "නිදහසින් පසු වසර 71 ක්‌ ගතවීත් තවම අපි ජාතියත් ආගමත් බේරා ගන්නවා" යෑයි අපහාසාත්මකව පැවසූ ඔහු "ඇල්බට්‌ අයින්ස්‌ටයින් නමැති මහා දාර්ශනිකයා දේශප්‍රේමය හඳුන්වා ඇත්තේ සරම්ප රෝගය මෙන් සුව කළ නොහැකි අන්තවාදී ලෙඩක්‌ ලෙසයි." යනුවෙන්ද කියා සිටියේය. එයින් රාජිත අදහස්‌ කළේ නිදහසින් පසුව අප විසින් දියත් කරන ලද සියලුම "ජාතිය ආගම බේරගන්නා සටන්" අන්තවාදී රෝගයෙන් පෙළෙන මිනිසුන් විසින් කරන ලද බවය.

ඇල්බට්‌ අයින්ස්‌ටයින් යනු ලොව මෙතෙක්‌ පහළවූ විශිෂ්ටතම විද්‍යාඥයාය. ඔහු නවීන භෞතික විද්‍යාවේ පියා ලෙස හඳුන්වන අතර එහි එක්‌ කුලුනක්‌ වන "සාපේක්‌ෂතාවාදය" සොයා ගත්තේය." කොන්ටොම් ප්‍රමේය "පිළිබඳව ඔහුට නොබෙල් ත්‍යාගය හිමි වුවද ඔහු ලොව සුප්‍රසිද්ධ වූයේ සාපේක්‌ෂතාවාදය තුළිනි. එනම් ඉතා සරලව කිවහොත් යමක්‌ බැලිය යුත්තේ අනෙකාට සාපේක්‌ෂව බවයි. උදා( ලෙස වේගයෙන් ගමන් කරන දුම්රියක වේගය දැනෙන්නේ වේදිකාවේ තිබෙන කුලුනකට සාපේක්‌ෂවය. ඒ අනුව බලන කල අයින්ස්‌ටයින් "දේශප්‍රේමීන්" සම්බන්ධව උක්‌ත ප්‍රකාශය කර ඇත්තේ "දේශෙද්‍රෝහීන්ට" සාපේක්‌ෂවය. එනම් දේශෙද්‍රෝහීන්ට සාපේක්‌ෂව දේශප්‍රේමීන් යනු සරම්ප රෝගයෙන් පෙළෙන අන්තවාදීන් යන්නයි. අයින්ස්‌ටයින් ඇත්තෙන්ම නිවැරදිය.

ඉන්පසු රාජිත පැවසුවේ වර්තමාන ජනාධිපතිතුමා මන්ත්‍රීවරු 45 ක්‌ තියාගෙන දවල්ට නොකා ප්ලේන්ටි බිබී මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත වෙන වෙනම ලබාගෙන ඉතිහාසයේ ප්‍රථම වතාවට තමන්ගේ බලතල 19 වැනි සංශෝධනයෙන් තමන්ම දන් දුන් බව සහ එදා සරත් වීරසේකර කියන අන්තවාදියා හැර ඉතිරි 224 දෙනාම එයට අනුමැතිය දුන් බවයි.

විවිධ බලපෑම් මත සහ ආරම්භක සංශෝධනය හැකිතාක්‌ දුරට දියාරු කළ පසු 19 සංශෝධනයට ඡන්දය දුන් අය අතර තවමත් දැඩිව 19 සාධාරණීයකරන අය සමාජයේ සිටී. රාජිත එහි පෙරමුණ ගනී. ඔහු අදටත් සාධාරණීයකරන 19 න් අද රටට සිදුව ඇත්තේ කුමක්‌ද? අද රටේ ප්‍රධාන /සංවේදී තනතුරු, විවිධ කොමිසම් යනාදියට පත් කරන්නේ කවුද? ව්‍යවස්‌ථා සභාවේ බහුතරය පාලනය කරන ආර්. සම්පන්දන් සහ රනිල් වික්‍රමසිංහයි. ව්‍යවස්‌ථාදායක සභාවේ ඡන්දය තිබෙන 9 දෙනාගෙන් 7 දෙනෙක්‌ම ඔවුන් දෙදෙනා සහ ඔවුන් විසින් පත් කරන අය වෙති. එසේ නම් අද රටේ මහජන ආරක්‌ෂාව ඇතුළු වෙනත් වැදගත් විෂයයන් සම්බන්ධ ප්‍රධාන තනතුරුවලට පත් කරන්නේ ත්‍රිකුණාමල ජනතාවගෙන් පත්වුණු සම්පන්දන් සහ කොළඹ ජනතාවගෙන් පත් වුණු රනිල්ය. එසේ නැතිව සමස්‌ත ජනතාවගෙන් සියයට පනහකට වැඩි පිරිසකගේ ඡන්දයෙන් පත්වුණු රටේ ජනාධිපතිතුමා නොවේ. එසේ නම් අද 19න් කර ඇත්තේ මෙතෙක්‌ තිබූ ජනාධිපතිතුමාගේ එම විධායක බලය දෙමළ ජාතික සන්ධානයේ සම්පන්දන්ට සහ යූ. එන්. පි. යෙ රනිල්ට පැවරීම නොවේද? ඒ අනුව බලන විට එදා වත්මන් ජනපති තුමා දවල්ට නොකා ප්ලේන්ටී බිබී කර ඇත්තේ ජනතාව විසින් තමන්ට පැවරූ ජනතා පරමාධිපත්‍ය, ජනතා පරමාධිපත්‍ය නියෝජන නොකරන දෙදෙනකුට පැවරීම නොවේද? ජනාධිපතිතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන ලද ඒ දේ සාධාරණීයකරණය කරණ රාජිත කෙබඳු පුද්ගලයෙක්‌ විය හැකිද?

අද රටේ පරිපාලනය පිළිබඳව වැදගත් තීරණ ගන්නා උක්‌ත ඒකකය වන ව්‍යවස්‌ථා සභාවේ සංයුතිය කුමක්‌ද? කතා නායක (ඡන්දයක්‌ නොමැති) අගමැති, විපක්‌ෂ නායක, අගමැති සහ විපක්‌ෂ නායක පත්කරන 5 දෙනා, ජනපති පත්කරන අය සහ අගමැති /විපක්‌ෂනායකගේ පක්‌ෂ හැර අනෙක්‌ සුළු පක්‌ෂවල මන්ත්‍රීවරුන්ගෙන් විමසා පත් කරන අය වේ. එසේ නම් මෙම ව්‍යqහය ගැඹුරින් විමසීමේදී ව්‍යවස්‌ථාදායක සභාවේ 9 දෙනාගෙන් (කථානායක හැර) ජනතාවගෙන් පත්වූ ජනාධිපතිට පත් කළ හැක්‌කේ එක්‌ අයෙක්‌ පමණක්‌ වන අතර සුළු පක්‌ෂ වල මන්ත්‍රීන්ට පවා එක්‌ අයෙක්‌ පත් කළ හැකි මුත් රටේ ප්‍රධාන පක්‌ෂ දෙක වන එක්‌සත් ජාතික පක්‌ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ බහුතරයක්‌ වන සිංහල /සිංහල බෞද්ධ මන්ත්‍රීවරුන්ට එක්‌ අයෙක්‌ හෝ මෙම සභාවට පත් කළ නොහැක. රටේ තීරණ ගැනීමට සිංහල මන්ත්‍රීවරුන්ට තිබෙන අයිතිය උදුරා ගැනීමේ ආරම්භය මෙයයි. චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය "අපට අවශ්‍ය රටේ සිංහල බෞද්ධ ඒකාධිකාරිය නැති කිරීමයි" යනුවෙන් පැවසුවේ ඒ නිසයි. අද රාජිත සතුටු වන්නේ එම කුප්‍රකට ව්‍යායාමය සාර්ථක වූ නිසයි. ඔහුට අනුව සරත් වීරසේකර යන ඒ "අන්තගාමියා" 19 ට විරුද්ධ වූයේ මෙය සක්‌සුදක්‌සේ දුටු බැවින් බව ඔහු දනී. රාජිතගේ සිංහල / සිංහල බෞද්ධ විරෝධී ස්‌ථාවරය සනාථ වන එක්‌ කරුණක්‌ වන්නේ එයයි.

එදා බණ්‌ඩාරනයක -චෙල්වනායගම් ගිවිසුම නිසි පරිදි ක්‍රියාත්මක වූවා නම් අද රට සිංගප්පූරුවක්‌ වී හමාර බවද අන්තවාදී භික්‌ෂූන්ගේ විරෝධය නිසා ගිවිසුම ඉරා දැමු බවද, පසුව ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුම ගෙන ආ වෙලාවේ ජාතිවාදීන් රට කඩන්න යනවා යයි විරෝධය පෑ නිසා එය ද හකුලා ගැන්මට සිදුවූ බවද රාජිත දැඩි ආවේගශීලීව කියයි. ඔහුට අනුව ජාතිවාදී අන්තවාදීන් මෙම ගිවිසුම අවලංගු කිරීමට ක්‍රියා නොකළා නම් අද රට සුත මුදිත වී හමාරය. රාජිත විසින් ක්‍රියාත්මක වූවා නම් කෙතරම් අගනේ දැයි පවසන උක්‌ත ගිවිසුම් දෙක අත්සන් කළේ චෙල්වනායගම්ය. යාපනයේ පැවැත්වූ චෙල්වනායගම් ගුණසමරු උළෙලේ ප්‍රධාන දේශනය පැවැත්වූ රාජිත ඔහු දෙමළ ජනතාවගේ එකම ගැළවුම්කාරයා යනුවෙන් මහත් ප්‍රශංසාවෙන් කතා කළ අයුරු අප දුටුවෙමු.

රාජිතගේ ඉමහත් ප්‍රශංසාවට ලක්‌වන චෙල්වනායගම් යනු මලයාසියාවේ උපත ලබා සිංහල - දෙමළ ජනතාව බෙදා වෙන කරන කුමන්ත්‍රණය ඇටවූ පුද්ගලයාය යයි කිවහොත් නිවැරදිය. අප නිදහස ලැබීමට මාස දෙකකට පෙර (සිංහල රාජ්‍ය භාෂා පනත ගෙන ඒමට වසර 8 කට පෙර සහ ප්‍රමිතිකරණයට වසර 15 කට පෙර) 1947 නොවැම්බර් 26 වැනි දින චෙල්වනායගම් පැවසුවේ මෙසේය. "ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් වෙන් වීමට සටන් කරනවා නම් ඇයි දෙමළ ජනතාවට ලංකාවෙන් වෙන් වෙන්න බැරි?"

ඉන්පසු ඔහු 1951 දී දෙමළ ජාතිවාදී පක්‌ෂයක්‌ වන ඉලංගෙයි තමිල් අරසුකච්චි යන පක්‌ෂය ආරම්භ කළේය. එහි සඳහන් වනුයේ ලංකාවේ දෙමළ කතා කරන පුද්ගලයන් සිංහලයන්ගෙන් පැහැදිලිව වෙන්වූ ජාතියක්‌ බවත්, රටේ 1/3 වඩා ප්‍රදේශවල ජීවත් වන දෙමළ ජනතාවට ස්‌වයං තීරණ අයිතිය තිබිය යුතු බවත්, දේශපාලන ස්‌වාධිපත්‍ය සඳහා ඔවුනට අහිමි කළ නොහැකි අයිතියක්‌ ඇති බවත් යනාදියයි. ඉන්පසු ඔහු විසින් 1973 සැප්. 9 වැනි දින වෙනම රාජ්‍යයක්‌ සඳහා මල්ලකම් හි සම්මුතියක්‌ ඇතිකර ගන්නා ලදී. අවසානයේ චෙල්වනායගම්ගේ නායකත්වය යටතේ දෙමළ එක්‌සත් නිදහස්‌ සන්ධානයේ ජී. ජී. පොන්නම්බලම් සහ වෙල්ලාල නොවෙන දෙමළ ජනතාවට කෝවිලකට යැමට ඉඩ නොදුන් මහාචාර්ය සුන්දරලිංගම් වැනි අන්ත නින්දිත පුද්ගලයන් සමඟ එක්‌වී උතුරු නැගෙනහිර දෙමළ නිජබිම් බැවින් දෙමළ ඊළාම් රජයක්‌ සඳහා වන ඊනියා කුප්‍රකට වඩුක්‌කොඩෙයි සම්මුතිය ප්‍රකාශයට පත් කරන ලදී. 12.6% වන දෙමළ ජාතිය එදා එසේ බලකර සිටියේ රටෙන් 1/3 ක්‌ සහ වෙරළ තීරයෙන් 60% ක්‌ ය. එසේ නම් නිදහස ලැබීමටත් පෙර සිට බෙදා වෙන් වීමට තැත් කළ, ජාතිවාදය වැපිරූ, චෙල්වනායගම්ට අතිශය ලෙස ප්‍රශංසා කරමින්, එය වලක්‌වා ජාතිය ආගම බේරා ගැනීමට තැත්කළ පුද්ගලයන් ජාතිවාදී අන්තගාමීන් යයි හඳුන්වන රාජිතගේ සිංහල විරෝධී බෙදුම්වාදී ආකල්පයන් ඉන් මොනවට පැහැදිලි නොවන්නේද?

රාජිත විසින් ක්‍රියාත්මක කළේ නම් ඉතා අගනේයයි කියන බණ්‌ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමේ අන්තර්ගතය කුමක්‌ දැයි දැන් බලමු. එම ගිවිසුම අත්සන් කළේ 1957/7/26 වන දිනය. එහි කොන්දේසි පහත සඳහන් වේ.

1. උතුරට එක පළාතකුත්, නැගෙනහිරට පළාත් 2 ක්‌ හෝ වැඩි ගණනක්‌ සහ උතුර නැගෙනහිර එකතු කිරීමේ අයිතිය

2. එසේ එකතු කරගත් පළාත්වලට පහත සඳහන් විෂයයන් සඳහා පූර්ණ බලය දා කෘෂිකර්ම, ඉඩම්, ඉඩම් සංවර්ධන, ජනාවාස පිහිටුවීම, අධ්‍යාපනය, සෞඛ්‍ය, කර්මාන්ත, ධීවර, නිවාස, සමාජ සේවා, විදුලිය, ජලය සහ මාර්ග, ඉඩම් ලබාදෙන ව්‍යාපෘති සඳහා මිනිසුන් තෝරන බලය.

මෙම ගිවිසුම අත්සන් කොට දින දෙකකට පසුව චෙල්වනායගම්ගේ ෙෆඩරල් පක්‌ෂයේ ජාතික සමුළුවේදී "ලංකා ෙෆඩරල් සමූහය තුළ ස්‌වාධීන දෙමළ රාජ්‍යයක්‌ සඳහා සම්මුතියක්‌ද" ඇතිකර ගන්නා ලදී. එසේ නම් මෙම ගිවිසුම පෙඩරල් පක්‌ෂයේ බෙදුම්වාදී ප්‍රතිපත්ති හෝ බෙදුම්වාදී ත්‍රස්‌තවාදය මතුවීම වැළැක්‌වීමට හේතු වූ සාධකයක්‌ද? නැත .

අනෙක්‌ අතට එම ගිවිසුම ක්‍රියාත්මක වීම ඔහුගේ ඊනියා අරමුණ කරා යැමට කදිම ප්‍රවිෂ්ඨයක්‌ වීමට තිබුණා නොවේ ද ? රාජිත සේනාරත්න එවන් ගිවිසුම් ක්‍රියාත්මක නොකිරීම ගැන පසුතැවිලි වන්නේ බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයන්ට අවශ්‍ය ලෙස රට බෙදන්නට බැරි වූ නිසා නොවේද? නීති සම්පාදනයක්‌ අවශ්‍ය වන එම බණ්‌ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම සඳහා බණ්‌ඩාරනායකට කිසිදු ජන වරමක්‌ තිබුණේ නැති අතර තමන්ගේ පාර්ලිමේන්තුවේ අනුමැතියක්‌ ද නොතිබිණ.

එය ෙෆඩරල් පක්‌ෂය විසින් කරන්නේ යෑයි කියූ සත්‍යග්‍රහ භීතිය නිසා ඇතිකරන ලද්දකි. බණ්‌ඩාරනායකට අවසානයේදී එය අත්හැරීමට සිදු වූයේ එබැවිනි.

ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුම 1965-03-24 දින අත්සන් කළේ ඩඩ්ලි අගමැති වීමට දින තුනකට පෙර හොර රහසේය. එම ගිවිසුමේ අඩංගු ප්‍රධානම කරුණ වූයේ උතුරු නැගෙනහිර ජනාවාස පිහිටු වීමේදී ඉඩම් ලබා දෙන ආකාරයයි. එනම් ප්‍රථමයෙන් දිස්‌ත්‍රික්‌කයේ ඉඩම් නොමැති අයට, දෙවනුව උතුරු නැගෙනහිර දෙමළ භාෂාව කතා කරන අයට සහ තෙවනුව රටේ දෙමළ ජනතාවට ප්‍රමුඛතාවය දී ඉතිරි අයට. මේ අනුව, සිංහල ජනතාවට ලැබෙනුයේ ඉඩම් තිබෙන හෝ නැති දෙමළ ජනයාට සියල්ල ලබා දී ඉතිරි වන ටික පමණි. එස්‌. එල්. ගුණසේකර මහතා මෙය කදිමට පැහැදිලි කර ඇත.

රාජිත සේනාරත්න කඳුළු සලන්නේ මෙම ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම ක්‍රියාත්මක නොවීම නිසාය. එසේ නම් ඔහු කම්පා වෙන්නේ කා වෙනුවෙන්ද?

මෙය අත්සන් කරන විට ඩඩ්ලි අගමැතිව නොසිටි නිසා ඔහුට ගිවිසුමට ක්‍රියාත්මක කිරීමට කිසිදු බලයක්‌ නොතිබිණ එය එ. ජා. පක්‍ෂයේ මැතිවරණ ප්‍රකාශනයේද සඳහන්ව නොතිබිණ. තිබ්බා නම් 1956 ජයගත් ආසන 8 වත් එ. ජා. පක්‍ෂයට ලැබෙන්නේ නැත. එම ඊනියා ගිවිසුම අවලංගු වුණේ ඒ නිසයි. එයට විරුද්ධ වුණු සංඝයා වහන්සේ ඇතුළු සියල්ලම ජාතිවාදී අන්තවාදීන් ලෙස සලකන රාජිතගේ සිංහල හා සිංහල බෞද්ධ විරෝධී ආකල්පය එයින්ම ගම්‍ය නොවන්නේද?

19 වන සංශෝධනයට පමණක්‌ නොව ව්‍යවස්‌ථාව පවා උල්ලංඝනය කොට දෙමළෙන් ජාතික ගීය ගැයීමට පාර්ලිමේන්තුවේදී විරුද්ධ වුණේ මා පමණි. රාජිතලා වැනි ෙද්‍රෝහීන්ගේ බලපෑමට කරන ලද එම පාවා දීම තුළින් අද " සංහිඳියාව" මඳක්‌ හෝ ඇති වී තිබේද? අද වව්නියාවේ සිංහල පාසල් උත්සවයේදී උතුරු පළාත් අධ්‍යාපන ඇමැති රටේ ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂේප කරයි. රාජිත ඒ ගැන මෙතෙක්‌ වචනයකුදු හෝ නොදොඩයි. සුමන්දිරන් සහ විග්නේශ්වරන් ජාතික කොඩිය වෙනස්‌ විය යුතු යෑයි මොර දෙති. රාජිත පවා හෙට දින එසේ කිවහොත් අප පුදුම විය යුතු නැත.

ඇල්බට්‌ අයින්ස්‌ටයින් දේශනුරාගය සහ දේශප්‍රේමීන් ගැන ප්‍රකාශයක්‌ කළා නම් එසේ කළේ එදා ජර්මනියේ හිට්‌ලර් මිලියන ගණනක්‌ අහිංසක යුදෙව් වැසියන් ඝාතනය කළේ "දේශප්‍රේමය" පෙරටුකොට ගෙන නිසා බැවින් මිස වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ ලක්‍ෂ ගණනක්‌ දිවි කැප කොට රැකගත් ඒකීයභාවය, බෙදුම්වාදී සුළුතරයක්‌ විසින් ත්‍රස්‌තවාදයෙන් හෝ ව්‍යවස්‌ථාවක්‌ මගින් හෝ බෙදීම වලක්‌වන " දේශප්‍රේමීන්" සම්බන්ධව නොවේ. එය යථාවබෝධයෙන් තේරුම් ගත හැක්‌කේ ලක්‌මාතාවගේ සුජාත දරුවන්ට පමණි.

එසේ නම් රාජිත සේනාරත්න යනු සිංහල විරෝධි, රට බෙදීමට දරුණු බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයින් සමඟ කටයුතු කරන පුද්ගලයෙක්‌ බව ඔහුගේම ප්‍රකාශවලින් ඉහත දැක්‌ වූ ආකාරයට සනාථ වේ. කරුණු එසේ බැවින් ඔහු විසින් වර්තමාන යෝජිත ව්‍යවස්‌ථාව අගය කරන්නේ නම් එසේ කරන්නේ අනිවාර්යයෙන්ම එයින් සිංහලයන්ගේ අයිතීන් නැති කරමින් රට බෙදෙන නිසාය. රට, ජාතිය, ආගම රැක ගැනීමට නායකයින් බිහි කළ ආනන්ද විදුහලට එහි ඉගෙනුම ලැබූ රාජිත වැන්නන් අතිශය නින්දාවක්‌ බැව් මා පවසන්නේ එබැවිනි. එය එසේ දැයි ද නැත්ද යන්න තීරණය කිරීම ඔබට බාර කරමි.


යුතුකම සංවාද කවය
www.yuthukama.com : Like us on facebook
https://www.facebook.com/yuthukama

සිංහලයන්ගෙන් පැවතෙන කේරලයේ විප්ලවීය කවියා මහා කිවි කුමාරන් අසන්

කතෘ:යුතුකම     12/18/2017   No comments
1873 අප්‍රේල් 12වන දා ඉපිද 1924 ජනවාරි 16 වන දින පරලොව සැපත් වූකුමාරන් අසන් මලයාලම් කවියේ විප්ලවයක් කළ අයෙකි. මහා කාව්‍යයක් ලිවීමෙන් තොරව මහා කිවි පදවිය ලැබූ එක ම මලයාලම් කවියා ඔහු ය.

නාලිනී, ලීලා, කරුණා, චණ්ඩාල භික්ෂුකී යන ඛණ්ඩ කාව්‍ය ඔහු ලියූ සම්භාවනයට පත් වූ කාව්‍යයන් අතර වේ. ඔහු ලියූ බුද්ධ චරිත වීර කාව්‍යය ද ප්‍රසිද්ධියට පත් විය. වීනා පූවු ඔහුගේ ප්‍රසිද්ධියට පත් තවත් කවි පොතකි. මෙහි දී මලක ජීවන චක්‍රය ඇසුරෙන් ජීවිතයේ අනිත්‍යභාවය අපට පෙන්වා දෙයි.

ඔහු අයත් වූයේ සිංහලයන්ගෙන් පැවතෙන බවට විශ්වාස කරනEzhavas නම් ජන පිරිසට ය. කේරලයට ලංකාවෙන් පොල් වගාව ගෙන ගියේ මේ පිරිස බවට ද, භාෂ්කර වර්ම රජ සමයේ චේර රාජ්‍යයට යුද ආධාර පිණිස ලංකාවෙන් යැවූ සිංහල බටයන්ගෙන් මොවුන් පැවතෙන බවට ද මත ඇත. Thiyya යනු තවත් මෙවන් සිංහල සම්භවයක් ඇති කේරල ජන පිරිසකි. කේරලයේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ජනපදනම සකස් වීමට ද මොවුන් වැදගත් විය.

මේ ජන පිරිස බුදු දහම අනුව ජීවත් වන අතර කතරගම දෙවියන් (මුරුගන්) ද අදහයි. ඔවුන් හින්දු කුල ධූරාවලියෙන් වෙන් කොට තැබුව ද බෞද්ධයන් වීම හේතුවෙන් කුල අනුව වූ විවිධ තාඩන පීඩනවලට ලක්වීමට සිදු වී ඇත.

කුමාරන් අසන් මේ කුල පීඩනයෙන් මිදී පෙරට පැමිණි අතර ඔහු Ezhavas ජන පිරිස හා තමන් සිංහලයන්ගෙන් පැවතෙන බව සැලකුවේ ය.ලංකාවේ අතීත සිංහල විරුවන්ගේ උදාරත්වය පිළිබඳ ඔහු ලියූ කවි බොහෝ ය.

වරක් එදිරිවීර සරච්චන්ද්‍ර මහතාට කේරල ප්‍රාන්ත රජය පිරිනැමුවේ කුමාරන් අසන් සම්මානයයි.

ලංකාවේ සිංහල ජනතාව ඔවුන්ගේ විරුවන් අමතක කොට 'උගත් බුද්ධිමත්' ලේබලය අලවා ගැනීමට අපගේ ඉතිහාසය හා සිංහල විරුවන් අමතක කොට දමා ඔවුන්ට ගරහන යුගයක මලයාලම් බසින් මේ මහා කවියා අපට මතක් කර දෙන්නේ කුමක් ද?

ඔහුගේ මේ කවිය සිංහලයට පරිවර්තනය කරන්නේ ඔහුට උපහාරයක් වශයෙනි.

අහා! පුෂ්පය,
ඔබ සතු අලංකාරය!
රැජින වාගෙයි පඳුර මත්තේ.
එහෙත් මේ ලොව අනිත්‍ය ය නිසැකව.
නියත වනු ඇත්තේ
පොළව මත තේජසක් රහිතව
දුක්මුසුව
ඔබ වැතිර සිටිනා
මොහොත එන බව ම පමණි ය.

- තමලු මලිත්ත පියදිගම

යුතුකම සංවාද කවය
www.yuthukama.com :Like us on facebook
https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions