10/02/2017

සන්තාන ගත වෙනස සංස්ථාගත කිරීමේ අභියෝගය හා රටට වුවමනා වම

කතෘ:යුතුකම     10/02/2017   No comments
රටට වුවමනා වම කෘතිය පිළිබද විචාරය -
-ඉසුරු ප්‍රසංග
සන්තාන ගත වෙනස සංස්ථාගත කිරීමේ අභියෝගය හා රටට වුවමනා වම

විමල් වීරවංශ සිරගතව ලියූ කෘතිය කියවා නිමකළෙමි. එය “රටට වුවමනා වම” නම් වෙයි. එය රටට වුවමනා වමට වඩා රටට වුවමනා සමාජ ව්‍යාපාරය කෙබන්දක්ද යන තේමාව වටා ගොනුවූයේ නම් වඩා හොඳ යැයි විටෙක සිතෙයි. එසේ වුවද විමල් වැනි වාම මුල් සහිත නායකයකු එතැනින් සපුරා නොබිඳී මේ කතිකාවට දායක වීමද වැදගත්ය. ඒ කුමන විවේචන විවාද මැද වුවද වාම ආදර්ශයන් සපුරා බැහැර කොට මේ රටට හෝ ලෝකයට නව ගමනක් නිමවා ගත නොහැකි බව විමල් තවමත් විශ්වාස කරන බවක් පෙනෙන්නට ඇති නිසාය. ඔහුගේ ඒ විශ්වාසයට මමද එකඟවෙමි. කෙසේ හෝ වේවා මේ කෘතිය අප රටක් වශයෙන් කාලයක් තිස්සේ මුහුණ දී සිටින අභියෝගය පිළිබඳ අතිශය තියුණු සහ බැරෑරැම් ලියවිල්ලක් යැයි සිතමි. ඒ අභියෝගය මේසා තියුණු ලෙස විනිවිද දැකිය හැකි අන් කිසිදු දේශපාලනඥයකු වත්මන් පාර්ලිමේන්තු නාඩගම් මඩුව තුළ නැත. නූතන ලෝක බල තුලනයේ ස්වභාවය, ඒ තුළ ඉන්දියාව, චීනය හා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යන්ගේ හැසිරීම, එය රටක් වශයෙන් අපට බලපාන ආකාරය, ඒ තුළ වාමාංශික යැයි කියාගන්නා පක්ෂවල අමන භූමිකාව, මේ අභියෝගය ජය ගත හැකි සැබෑ ජනතා ව්‍යාපාරයක හැඩරුව, එවැනි ව්‍යාපාරයකට අප සතු ඓතිහාසික සභ්‍යත්වයෙන් උකහා ගත හැකි ශක්තියේ තරම, ආදී පැතිරුණු පරාසයක කාරණා විමල් මේ කෘතිය තුළ සංවාදයට ලක්කරන ආකාරය විශිෂ්ටය.

ශිෂ්ටත්වයේ උභතෝකෝටිකය


පළමු කොටම මේ කෘතිය නූතන ලිබරල් අධිරාජ්‍යවාදයේ පැතිරුණු ඉසව් ගැන තියුණු විවරණයකි. ලෝකයේ සම්පත්වලින් සීයට හැත්තෑවක් අසූවක් නතුකොට ගෙන අධි පාරිභෝජනවාදී ජීවිත ගත කරන මේ අතලොස්සක් පිරිස විමල් හඳුන්වන්නේ “ගෝලීය සුපිරි සමාජය” නමිනි. ඔවුන්ගේ ලෝක පාලන සුදම් සභාව සමන්විත වන්නේ ඊනියා ස්වාධීන ජාත්‍යන්තර ආයතන, මූල්‍ය ආයතන, රහස් ඔත්තු සේවා, නවීන සන්නද්ධ හමුදා, බලසම්පන්න ජනමාධ්‍ය, බහුජාතික සමාගම්, එන්ජීඕ සංවිධාන, ආදී ශක්තිමත් ගෝලීය බල ව්‍යූහයන් ජාලයකිනි. පරිධීය රාජ්‍යයන් තුළ අවුලුවනු ලබන අභ්‍යන්තර ගැටුම්, ජාතිවාදී ආගම්වාදී අරගල, මත්ද්‍රව්‍ය, වංචා දූෂණ, අවිචාරවත් ලිංගික නිදහස, පාතාල මාෆියාව, පාරිභෝජනවාදය, අරාජිකත්වය, දුගී භාවය ආදී සියලු ව්‍යාසනයන් සහ ගෝලීය සුපිරි සමාජයේ පැවැත්ම අතර ඇත්තේ අනුලංඝනීය සම්බන්ධයකි. අනතුරුව මේ සියලු ව්‍යසනයන් සඳහා ව්‍යාජ පිළිතුරුද ඔවුන් විසින්ම නිර්මාණය කර දෙති. යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, සංහිඳියාව, බහු සංස්කෘතිය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, බලය බෙදීම, පෞද්ගලීකරණය, ආදී ලේබල් සහිතව මේවා පෙරට එයි. බටහිරකරණයේ ව්‍යසනයන්ට විසඳුම ලෙස ඉදිරිපත් කෙරෙන මෙකී බටහිරකරණයේම බෙහෙත් වට්ටෝරුව විසින් සිදු කරනුයේ තවදුරටත් පරිධීය රාජ්‍යයන් බෙලහීන කොට බියකරු පාතාලයක ගිල්වා දැමීමය. අවශ්‍ය වූ විට නිර්ලජ්ජිත ලෙස මිල්ටරි බලාත්කාරයද මීට යොදා ගැනෙයි. අද බටහිර රටවල විනීතව වාහන එළවන නීති ගරුක රියදුරන් දැක පුදුම වන සාමාන්‍ය ලාංකිකයාගේ සිට ලන්ඩනයෙන් ශිෂ්ටත්වයේ සිහින දකින පශ්චාත් නූතනවාදියා දක්වා වූ බොහෝ දෙනා මේ සුපිරි සමාජ පැවැත්ම පසුපස ඇති ලේ වැකි පින්තූරය නොදකිති.

යූඇන්පී වාමාංශිකයෝ


මීළඟට නූතන වාමාංශික හා විකල්ප යැයි කියාගන්නා දේශපාලන ව්‍යාපාර පිළිබඳ කරන විවරණය මේ කෘතියේ බලවත්ම අංගය යැයි සිතමි. පෙර කී ගෝලීය සුපිරි සමාජයේ බල ව්‍යාපෘතිය හමුවේ ඔවුන්ගේ හැසිරීම කෙබන්දක්ද? ඔවුන් අද මේ තත්ත්වය ගැඹුරින් වටහා ගැනීමට අසමත් වී ඇතිවා පමණක් නොව, ඒ බොහෝ දෙනා අද දැනුවත්ව මෙන්ම නොදැනුවත්වද නව ලිබරල් ව්‍යාපෘතියේ බළල් අත් බවට පත්වී ඇති ආකාරය එකම ඛේදවාචකයකි. ලංකාවේ බොහෝ මාක්ස්වාදී පශ්චාත් නූතනවාදී පුස්සන්ට අනුව අධිරාජ්‍යවාදය බොරු බිල්ලෙකි. දෘෂ්ටිවාදී ගොඩනැංවීමකි. ශිෂ්ට ධනවාදය ජාතිවාදයෙන් ආගම්වාදයෙන් තොර යැයි සිතන, අරාබි වසන්ත කම්කරු පන්ති නැගිටීම් ලෙස දකින මේ අරුම පුදුම වාමාංශිකයන්ට කොකාකෝලා යනු මහා සංස්කෘතික උරුමයකි. මේ කොකාකෝලා චින්තකයෝ පසුගිය මැතිවරණයේදී ජවිපෙ වේදිකාවලට ගොඩවී ඔවුන්ට ඡන්ද ලක්ෂ ගණනින් රැස්කර දුන් ආකාරය කාටත් මතක ඇත. අද සයිටම් එකට විරුද්ධව මාරාන්තික ඝෝෂා නඟන මේ වාමාංශිකයෝ රනිල්ගේ ව්‍යාවස්ථාවට කොන්දේසි රහිතව ආවඩති. අතුරුදහන් වූවන් සෙවීමේ කාර්යාල පිහිටුවීමට අත් ඔසවති. නව ලිබරල් අධිරාජ්‍යවාදයට එරෙහිව නාමික ඝෝෂා නඟන ඊනියා පෙරටුගාමීහු අන් කාටත් වඩා හොඳින් නව ලිබරල් දෘෂ්ටිවාදය කරපින්නා ගෙන සිටිති. දෙමළ ජාතිවාදය, බෙදුම්වාදය, සිංහල බෞද්ධ විරෝධය, ඉතිහාස විරෝධය, විකල්ප ගෝත්‍ර කල්ලි හා ඔවුන්ගේ දාර්ශනික සීතාම්බර කඩමාලු, ආදිය ලිබරල්වාදයේ බල මෙවලම් බව මේ තක්කඩියෝ නොදනිති.

එපමණක් නොවේ. මෙකී ලිබරල් දෘෂ්ටිවාදයේ සේල්ස් රෙප්ලා විසින් මෙරට සාහිත්‍ය, කලාව, ඇතුළු ශාස්ත්‍රීය ලෝකයද ආක්‍රමණය කරමින් සිටින්නේ කාලයක සිටය. ෆුල්බ්‍රයිට් ආචාර්ය මහාචාර්යවරු ඇතුළු ඊනියා උගතුන් හා ඔවුන්ගේ අනුකාරක ගෝලබාලයන් මේ සඳහා යොදා ගනු ලැබේ. ඔවුන් එහිදී නව ලිබරල්වාදයේ ලණුව අඹරා අපට ගිල්ලවනු ලබන්නේ විමුක්තිකාමී බාහිර පෙනුමක් සහිත මහා දාර්ශනික ආවරණද සමඟිනි. ඒ සඳහා ජිජැක් වැනි කාඞ්බෝඞ් දාර්ශනිකයන්ද ඔවුන්ට බටහිර ලෝකය විසින්ම සකසා පුම්බා දී තිබේ. සැබෑ ජනතා ව්‍යාපාරවල කොටස් කරුවන් විය යුතු බුද්ධිමත් තරුණ පිරිස් ව්‍යාජ දාර්ශනික පඹගාල්වල පටලවා නන්නත්තාර කිරීම සඳහා ඔවුන්ට එවැනි රූකඩ දාර්ශනිකයන් අවශ්‍යය. දැනුම යනු කුමක්දැයි නොදන්නා බාලයෝ මොවුන්ගේ මේ දාර්ශනික සෙල්ලම් පිස්තෝල දැක සලිත වෙති. ඒ දීනකම අතින් නම් ලංකාවේ කවියන්, සාහිත්‍යකරුවන්, විචාරකයන්, තරම් නිවට පඟරනැට්ටන් පිරිසක් ලෝකයේ කිසිදු රටක වෙසේදැයි නොදනිමි. විමල් ඉතා නිවැරදිව විග්‍රහ කරන පරිදි මේ සියල්ල හරහා ඔවුන්ගේ පළමු න්‍යාය පත්‍රය වනුයේ මේ රටේ ඓතිහාසික සභ්‍යත්වයට, සංස්කෘතියට පහර දීමය. ඊට ප්‍රතිපක්ෂව ම්ලේච්ඡ ලිංගික නිදහස, අරාජිකත්වය, මත්ද්‍රව්‍ය, මජර පාරිභෝජනවාදය, බටහිර නූතනවාදයේ සුරපුරය, ආදිය උත්කර්ෂයට නැංවීමය. එදා රත්න දීප ජන්ම භූමි ලියූ සේකරලා වෙනුවට, මහා වංශයේ කොළයක් ඉරා ගංජා ඔතන ආකාරය ගැන කවි ලියන මජරයන් අද බිහිවනුයේ මෙවැනි සන්දර්භයක් තුළිනි. තව නොබෝ දිනකින් හෙරෝයින් හෝ ළමා අපචාර ප්‍රවර්ධනය කරන කවි හෝ නවකතා පවා මේ සමාජ වෛරක්කාරයන් අතින් ලියැවීමට ඉඩ ඇත. මේවා සිදුවන්නේ වාමාංශික පක්ෂවල විවිධාකාර අනුග්‍රහයන්ද යටතේය. මේ සියල්ල නව ලිබරල් දේශපාලනයේ බල මෙවලම් බව ඔවුහු නොදනිති. නැතහොත් නොදන්නා සේ කටයුතු කරමින් සිටිති.

හරි පාර හා අබලන් වාහනය

මේ කෘතියේ මීළඟ වැදගත්කම වනුයේ මෙරට දේශපාලනයේ ප්‍රධාන ප්‍රතිවිරෝධය වන ජාතිකත්වය හා විජාතිකත්වය අතර වන ප්‍රතිවිරෝධය නිවැරදිව හඳුනාගැනීමය. අද උතුරේ යුද්ධය, රජරට වකුගඩු රෝගය ආදියේ සිට වික්ටර් රත්නායකගේ විවාහය දක්වා වූ සියලු ප්‍රශ්නවලට අදාළ සමාජ දේශපාලන ගැටුම මතුවනුයේ මේ කඳවුරු දෙක අතර බව ඉතා පැහැදිලිය. මේ ප්‍රධාන ප්‍රතිවිරෝධය හඳුනාගනිමින් ඊට සාපේක්ෂව සිට ගත නොහැකිව, වියුක්ත පන්ති සටන කරට ගන්නා ඕනෑම විකල්ප ව්‍යාපාරයක්, විජාතික බලවේගවල බළල් අණ්ඩක් ලෙස ස්වයංවිනාශයට ලක්වීම වැළැක්විය හැකි නොවේ. මෙය පැරණි වම, ජවිපෙ, පෙසපෙ ඇතුළු බොහෝ වමේ පක්ෂවල පරාභවය ඇසුරෙන් වටහා ගත හැක්කකි.
විමල්ගේ එක් විශේෂත්වයක් වන්නේ බොහෝ වම්මුන්ට උරුම මේ ඉරණමින් මිදී නිවැරදි කඳවුර තුළ ස්ථානගත වීමට ඔහු සමත් වීමය. ඒ සඳහා වූ තියුණු දේශපාලන ඉවක් හා දුර දැක්මක් ඔහු සතුය. එහෙත් ඔහුට ජයගත නොහැකි වූ අභියෝගයක්ද තිබේ. ඒ ජාතිකවාදී කඳවුර නිසි අතට මෙහෙයවා ගැනීමේ අභියෝගයයි. මහින්ද රාජපක්ෂ මහතා මුල් කරගත් මේ බලවේගය නිසි මඟ ගෙනයාමට හෝ එහි වූ කුණු කන්දල් පිරිපහදු කොට රටට නව මාවතක් පාදා දීමේ මහා අභියෝගය නිසි පමණින් ජය ගැනීමට විමල් හෝ මහින්ද හෝ සමත් වූයේ නැත. විමල්ට සිදුවූයේ මහින්ද වෙතටම නැමී ඔහුගේ කොන්දේසි විරහිත ආරක්ෂකයා වීමටය. මහින්ද ආරක්ෂා කිරීමත්, නිවැරදි කිරීමත් යන දෙකම එකවර කිරීමට විමල්ට හැකි නොවීය. විමල්ගේ පෞරුෂය හා අනන්‍යතා විනාස කළ මේ ක්‍රියාවලිය අවසන් වූයේ මහින්දගේ අකල් පරාජයෙනි. ඊට අදාළව විමල් පිළිබඳ වූ සාධාරණ විවේචන ඇතත්, එය ජවිපෙ ස්වයං විනාශයට අදාළ සංකීර්ණ දේශපාලන සන්දර්භය පසෙකලා විග්‍රහ කළ හැකි ගැටලුවක්ද නොවේ. ඒ කුමන අවුල් වියවුල් මැද වුවද ඔහු රටේ දේශපාලනයේ ප්‍රධාන ප්‍රතිවිරෝධය කුමක්දැයි හඳුනාගනිමින් ඊට සාපේක්ෂව සිට ගැනීම අතිශය වැදගත්ය. ඒ මූලික කොන්දේසිය කඩකොට කැපකිරීම් ගැන, අවංකකම් ගැන, ප්‍රතිපත්ති ගැන, නන් දෙඩවීමෙන් කිසිදු තේරුමක් නැත. බැලූ බැල්මට අදටත් පක්ෂ යාන්ත්‍රණය අතින් සාමාජික කැපවීම අතින් ජවිපෙ විමල්ට වඩා විධිමත්ය. එහෙත් එය පමණක් ජයග්‍රහණට ප්‍රමාණවත් නොවේ. සැකෙවින් කිවතොත් ජවිපෙ වාහනය විමල්ගේ වාහනයට වඩා සවිමත්ය. අලංකාරය. රතු පාටය. එහෙත් එය ගමන් කරන මාවත වැරදිය. එය වැටී ඇත්තේ නිසැක විනාශය කරාය. විමල්ගේ වාහනය ඊට වඩා අබල දුබලය. රතු පාට නැත. නමුත් එය තෝරාගෙන ඇති මාර්ගය නිවැරදිය. එය වැටී ඇත්තේ රටේ ජයග්‍රහණය කරාය. එහෙයින් විමල් දැන් හෝ නොපමාව කළ යුත්තේ මේ නිවැරදි මාර්ගයේ ශක්තිමත්ව ඉදිරියට යා හැකි වන ආකාරයට තම වාහනය අලුත් වැඩියා කර ගැනීමය.

ජාතිකවාදයද? සමාජවාදයද?

අවසාන වශයෙන් විමල් සමාජවාදය දකිනුයේ බාහිරින් අරෝපණය කළ යුත්තක් ලෙස නොව අප සතු ඓතිහාසික සභ්‍යත්වයේම කොටසක් වශයෙනි. මාක්ස්ගේ සමාජවාදී ආකෘතිය තුළ මතුවූ ගැටලු මෙන්ම, වමට ආවේණික උපන්ගෙයි දෝශ මොනවාද යන කාරණය ගැනද විමල්ට හොඳ අවබෝධයක් ඇති බව මම දනිමි. එමෙන්ම අපට අවශ්‍ය අනාගත සමාජය අපේ සභ්‍යත්වය මත පදනම්ව අප විසින් නිර්මාණය කරගත යුත්තක් විනා, කල් තබා සැකසූ දාර්ශනික අච්චුවකට අනුව නියාමයකට අනුව බිහි නොවන්නක් බව ඔහු මෙහිලා පැහැදිලිව අවධාරණය කරයි. මාක්ස්වාදය පරම දැනුමක් ලෙස සලකන දේශපාලන නිඝන්ඨයන්ගෙන් කිසිදා මේ විවෘතභාවය අපේක්ෂා කළ නොහැක. මාක්ස්වාදය දාර්ශනික මර උගුලක් බවට පත්කරගත් තවත් එක් සම්ප්‍රදායික වමේ පක්ෂයකට කිසිදු ආකාරයකින් මේ රට වෙනස් කිරීමට හැකියාවක් නැත. එය කළ හැක්කේ වමෙන් නිසි ආභාසය පමණක් ලබන නිර්මාණශීලී ප්‍රායෝගික ව්‍යාපාරයකට පමණි. එසේම සමාජවාදය සපුරා බැහැර කරන ජාතිකවාදය සම්බන්ධවද මෙහිදී යමක් කිව යුතු වන්නේ සමාජවාදී පරමාර්ථ මී කුණක් සේ බැහැර කරන ජාතිකවාදීන් පිරිසක්ද මෙරට සිටින නිසාය. ෆිදෙල්ගේ මරණය අවස්ථාවේදී ඔවුහු පිදෙල් යනු සමාජවාදයේ “ස” යන්නවත් නොදන්නා ජාතිකවාදියෙක් බව පෙන්වීමට වෙරදැරූහ. එහෙත් පිදෙල් හුදු ජාතිකවාදියකු පමණක් වී නම් ඒ ගමන කෙළවර වනු ඇත්තේ හවානා නුවර දළදා මාළිගා වටා කාර් රේස් පදින රජ පුතුන්ගේ නාටකීය ජාතිකවාදයකිනි. එහෙයින් මේ රට ගොඩනැඟිය හැකි ව්‍යාපාරයක් ජාතිකත්වයෙන් මෙන්ම වාම සම්ප්‍රදායන්ගෙන්ද පෝෂණය ලැබිය යුතුවෙයි.

අනාගත අභියෝගය

විමල් යනු නිකම්ම නිකම් දේශපාලන නායකයකු නොව, රටේ ඉතිහාසය වෙනස් කළ ආනුභාව සම්පන්න දේශපාලන නායකයෙකි. එවැනි නායකයන් ඉතිහාසය තුළ නිර්මාණය වනුයේද කලාතුරකිනි. යමෙකුට ආසාව තිබූ පළියට, හැකියාවන් තිබූ පළියට, දැන උගත්කම් තිබූ පළියට, මේ ආනුභාව සම්පන්න නායකයාගේ භූමිකාවට පණ පෙවීමට ලෙහෙසියෙන් ඉඩ ප්‍රස්ථා විවර නොවේ. මෙරට ඉතිහාසය කෙරේ විමල්ගේ මෙකී වෙසෙස් බලපෑම කෙබන්දක් වේද? එය පළමුව අනූහතරෙන් පසු ජවිපෙ නැවත නැඟිටීම කෙරේ අතිශය තීරණාත්මක විය. අනතුරුව එජාපයේ බෙදුම්වාදී, නව ලිබරල්වාදී වැඩපිළිවෙලට එරෙහිව ජවිපෙ මූලිකත්වයෙන් දියත් වූ පුළුල් ජාතික අරගලයේ කැපී පෙනුනු බහුජන නායකයා පමණක් නොව හදවත සහ බුද්ධිය වූයේද විමල්ය. අනතුරුව ජවිපෙ ඉතා අවාසනාවන්ත ලෙස ජාතික අරගලයෙන් බැහැරව නන්නත්තාර වන විට ඒ ඛේදනීය ඉරණමට එරෙහිව පක්ෂය තුළින්ම නැඟී සිටි නායකයා වූයේද විමල්ය. ඔහු ජවිපෙ තුළ හා ඉන් බැහැරව සිට දියත් කළ අරගලය කොටි ත්‍රස්තවාදයේ ඓතිහාසික පරාජය දක්වාම පෙරට ගිය අතර ඒ මහා සටනේ එක් තීරණාත්මක බල කණුවක් වූයේද විමල්ය. රාජපක්ෂ ආණ්ඩුව හා එක්ව කළ දේශපාලනය තුළ දරුණු කුණාටුවකට මුහුණ දීමට ඔහුට සිදුවුවද, බොහෝ අවස්ථාවලදී අසීරුවෙන් හෝ රටට නිසි මඟ පෙන්වීමට විමල්ට හැකිවිය. අනතුරුව ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඇද වැටී සිටි මහින්දව යළි කරළියට ගෙනඒමේ සටනේ ප්‍රබලතම නියමුවා වූයේද විමල්ය. එවැනි නායකයකුට ඉතිහාසය විසින් මේ මොහොතේ පවරනු ලබන කාර්යයභාරය පෙර කී සියල්ලට වඩා තීරණාත්මක විය හැකිය. එය දෙවැනි වනවා නම් දෙවැනි විය හැක්කේ කොටි ත්‍රස්තවාදය පැරදවීමේ යෝධ දේශපාලන සංග්‍රාමයට පමණි. රට ඉල්ලන වම කෘතිය වනාහී විමල් පිළිබඳ විශ්වාසය නැවත අවුළුවාලන්නකි. ඝෝෂාකාරී දේශප්‍රේමය තුළ ස්වකීය ප්‍රබලතා අහිමි කරගනිමින් සිටි විමල් තුළ තවමත් නොනැසුණු ජවයක්, සමාජ අනුරාගයක්, හා හෘද සාක්ෂියක් ඉතිරිව ඇති බව මේ කෘතිය රටට හඬගා කියයි. ඉතිරිව ඇත්තේ ඒ හඬට සවන් දිය හැකි මහජන ව්‍යාපාරයක් නිර්මාණය කරගැනීමේ අභියෝගය පමණි.

ඉසුරු ප්‍රසංග
2017.9.27 මව්බිම

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

සිංහල බෞද්ධයා නොමග යවා රටේ ඒකීයභාවය , බුද්ධාගමට හිමි තැන අහිමි කරන ආණ්ඩුවේ කූට වෑයම මහ සඝරුවනේ විරෝධය...

කතෘ:යුතුකම     10/02/2017   No comments
ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මගින් ශ්‍රී ලංකාව එක්සත් (සන්ධීය) රාජ්‍යයක් ලෙස අර්ථ නිරූපණය කර සිංහල ජනයා නොමග යැවීමේ අධම උපක‍්‍රමයක යෙදී ඇතැයි ද, මෙවැනි අදුරදර්ශී යෝජනා හෙළාදකින අතර, වංචනික ක‍්‍රියාවල නිරත නොවන්නැයි රජයට තරයේ අවවාද කරන බව බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.තවද ‘‘ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේය’’ යනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දැනට පවතින වගන්තිය වෙනස් කර ශ්‍රී ලංකා ජනරජය වෙනුවට ශ්‍රී ලංකාව යන වචන ඇතුළත් කර තිබෙන බවද එමගින් බුද්ධාගමට රාජ්‍ය අනුග‍්‍රහය හිමිවීම ඉවත් කර ඇතැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනය මෙසේය.

1. බුදු දහමට හිමි ප‍්‍රමුඛස්ථානය අහිමි කිරීම.

ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට අනුබද්ධ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව 2017 සැප්තැම්බර් මස 21 වන දින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරිණි. මෙම වාර්තාව ඉදිරිපත් කළ අවස්ථාවේදී අගමැතිතුමා ප‍්‍රධාන රජය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් ප‍්‍රකාශ කළේ නව ව්‍යවස්ථාව මගින් බුද්ධාගමට හිමි ප‍්‍රමුඛස්ථානය කිසිවිටකත් අහිමි නොකරන බවයි.

එහෙත් මෙම අතුරු වාර්තාවෙන් වර්තමාන 9 වන වගන්තිය වෙනුවට විකල්ප විධිවිධාන දෙකක් යෝජනා කර තිබේ. ඉදිරිපත් කර තිබෙන එකී විකල්ප විධිවිධාන මෙසේය. ශ්‍රී ලංකාව බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාවේ (ඉ) ජේදයෙන් සියලූම ආගම්වලට පිරිනැමෙනෙ අතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය’’ හෝ ‘‘ශ්‍රී ලංකාව බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේය.

එහෙයින් සියලූ ආගම් හා විශ්වාසයන්ට ගෞරවයෙන් හා අභිමානයෙන් සලකමින් හා වෙන්කොට සැලකීමකින් තොරව සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සියලූම පුද්ගලයන්ට සහතික කරමින්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.’’

ඉහත කී විකල්ප විධිවිධාන දෙකෙන් පළමුවැන්න වර්තමාන 9 වැනි වගන්තියට බොහෝ සෙයින් සමාන නමුත් වර්තමාන ව්‍යවස්ථාවේ 9 වන වගන්තියේ ‘‘ශ්‍රී ලංකා ජනරජය’’ ‘‘ශ්‍රී ලංකාව’’ යනුවෙන් වෙනස් කර ඇත. මෙම සංශෝධනය කර ඇත්තේ යටි අරමුණ ඇතිව බව පැහැදිලිය. බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දීම ශ්‍රී ලංකා ජනරජයේ වගකීමක් ලෙස වර්තමාන 9 වන වගන්තියේදැක්වෙන්නේ ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග‍්‍රහය ලබාදීම සඳහාය.

‘‘ජනරජය’’ යන වචනය මෙම විධිවිධානයෙන් ඉවත් කර ඇත්තේ එම රාජ්‍ය අනුග‍්‍රහය ඉවත්කර ගැනීමට බව පෙනේ. දෙවන විකල්ප විධිවිධානයෙන් යෝජනා කර ඇත්තේ අනෙකුත් ආගම් වෙනස් ලෙස නොසැලකිය යුතු බව සහතික වීමටය. අනෙක් ආගම්වලට වෙනස් ලෙස බුද්ධාගමට නොසලකා බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබාදිය නොහැකිය. මෙය බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දෙන 9 වැනි වගන්තිය අර්ථ ශූන්‍ය කිරීමට ගත් උත්සාහයක් බව පැහැදිලි ය. එහෙයින් වර්තමාන ව්‍යවස්ථාවේ බුද්ධාගමට හා අනෙකුත් ආගම්වලට අදාළ වන වගන්ති කිසිදු අයුරකින් වෙනස් නොකරන ලෙස අපි දන්වා සිටිමු.

2. ශ්‍රී ලංකාවේ ඒකීය භාවය තහවුරු කරන ව්‍යවස්ථා විධිවිධාන වෙනස් කිරීම

මෙම මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවේ යෝජනා මගින් ශ්‍රී ලංකාවේ ඒකීයභාවය විනාශ කිරීමට කටයුතු කර ඇති බව ඉතා පැහැදිලිය. 1972 සිට ශ්‍රී ලංකාවේ ඒකීයභාවය තහවුරු කරන පැහැදිලි විධිවිධානයක් ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබුණි. 1978 දී දෙවන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමේදී පවා කිසිදු වෙනස් කමක් නොකර එම විධිවිධානය එලෙසම ව්‍යවස්ථාවට ඇතුළත් කරනු ලැබිණි. මේ වනවිට පුරා අවුරුදු 45ක් ඒකීය රාජ්‍ය තහවුරු කරන මෙම විධිවිධාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පවතී.

පළමුවන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ද දෙවන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ද එම ව්‍යවස්ථාවල දෙවන වග න්තියේ ශ්‍රී ලංකාවේ ව්‍යුහය විස්තර කරනු ලැබූයේ ‘‘ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි’’ යනුවෙනි.

ව්‍යවස්ථාවේ ඉංග‍්‍රීසි පිටපතේ එය විස්තර වන්නේ ‘Republic of sri lanka is a unitary state’ ලෙසය. මෙම නව යෝජනාවලියෙන් යෝජනා කර ඇත්තේ ව්‍යවස්ථාවේ ඉංග‍්‍රීසි පිටපතේ ඇති ‘Unitary state’ යන පදය ඉන් ඉවත්කොට ‘‘ඒකීය රාජ්‍ය/ඔරුමිත්තනාඩු’’ යන සිංහල හා දෙමළ වචන ඉංග‍්‍රීසි පිටපතට ඇතුළත් කිරීමටය. ව්‍යවස්ථාවේ ඉංග‍්‍රීසි පිටපතට ඇතුළත් කිරීමට යෝජනා කර ඇති විධිවිධානයන් මෙසේය.

‘Sri lanka (cyelon) is a free, sovereign and independent Republic which ia an aekiya rajaya/oruminththa nadu, consisting of the institution of the centre and of the provinces which shall exercise power as laid down in the constitution.

In this Article aekiya rajya.orumiththa nadu means a state which is undivided and indivisible, and in which the power to amend the constitution, or to repeal and replace the constitution, shall remain with the parliment and the people of sri lanka as provided in this constitution.

වර්තමාන ව්‍යවස්ථාවේ 2 වන වගන්තිය හා යෝජිත වගන්ති මෙසේය.

වර්තමාන වගන්තිය: ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි.

යෝජිත වගන්ති:

‘‘ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී සහ ස්වාධීන ජනරජයක් වනු ඇති අතර, ව්‍යවස්ථාවෙන් නියම කර ඇති බලතල ක‍්‍රියාත්මක කරන මධ්‍යම හා පළාත්බද ආයතනවලින් සමන්විත වන ඒකීය රාජ්‍යයක්/ඔරුමිත්ත නාඩු වනු ඇත.

‘‘මෙම ව්‍යවස්ථාවෙහි ඒකීය රාජ්‍යය/ඔරුමිත්ත නාඩු යන්නෙන් අදහස් වන්නේ නොබෙදු සහ බෙදිය නොහැකි, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඕනෑම සංශෝධනයක් සඳහා හෝ එය පරිච්ඡින්න කොට ඒ වෙනුවට වෙනත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පැනවීම සඳහා වන බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පාර්ලිමේන්තුව සහ (අදාළ වන තැන්හි) ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පවතිනු ඇති රාජ්‍යයක් වනු ඇත.’’

වර්තමාන ව්‍යවස්ථාවේ දමිළ පිටපතේ ‘‘ඒකීය’’ යන අරුත දෙන ‘‘ඔට්ටි‍්‍රයාච්චි’’ යන පදය ‘‘ඒකීය’’ රාජ්‍යය විස්තර කිරීමට යොදා ගනු ලැබුණි. රජයේ නව ව්‍යවස්ථා යෝජනාවල එම ‘‘ඔට්ටි‍්‍රයාච්චි’’ යන පදය යොදා නොගෙන ‘‘ඔරුමිත්තනාඩු’’ යන වචනය ඊට යොදා ඇත. ‘‘ඔරුමිත්තනාඩු’’ යන වචනයේ අරුත ‘‘එක්සත්’’ (ෆෙඩරල්) යන්නයි. ‘‘ඔට්ටි‍්‍රයාච්චි’’ යනු ‘‘ඒකීය’’ යන්නයි. තවද මෙහි සඳහන් කළ යුතු තවත් කරුණක් වන්නේ අනෙකුත් පනත් මෙන් නොව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙමළ පිටපත් අභිබවා සිංහල පිටපත බලාත්මක වන බව ව්‍යවස්ථාවේ සඳහන් නොවීමයි. එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව සිංහල පිටපතේ ‘‘ඒකීය රාජ්‍යය’’ යන පදයට නව අර්ථ නිරූපණයක් ලබා දී ඇත.

එයට අනුව ඒකීය රාජ්‍යයක් යනු නොබෙදිය හැකි රාජ්‍යයක් ලෙස හඳුන්වා දී ඇත. ෆෙඩරල් රාජ්‍යයක් අවශ්‍යයෙන්ම බෙදා වෙන් කළ හැකි රාජ්‍යයක් නොවේ. යම් රාජ්‍යයක් බෙදිය නොහැකි වූ පමණින් එය ඒකීය රාජ්‍යයක් වන්නේ නැත. ඉන්දියාව ෆෙඩරල් රාජ්‍යයකි. එහෙත් එය බෙදිය නොහැකිය. ඒකීය යන පදයට නව අරුතක් එක් කරමින් එහි අදහස බෙදිය නොහැකි රාජ්‍යයක් ලෙස පැවසීම

හුදෙක් ‘‘unitary, යන ඉංග‍්‍රීසි පදයේ සම්ප‍්‍රදායික ඍජු අරුත හිතාමතාම අදාළ කර නොගැනීමට දරා ඇති ප‍්‍රයත්නයකි. ව්‍යවස්ථා නීතිය පිළිබඳ සිංහලයෙන් ලියැවී ඇති පතපොත ඉතා විරලය. මේ නිසා ‘‘ඒකීය රාජ්‍ය’’ යන පදයෙහි අරුත පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ව්‍යවස්ථා නීතියේ ඉංග‍්‍රීසි පත පොත ආධාර කර ගැනීම අවශ්‍ය වේ. ‘‘‘unitary යන පදයෙහි අරුත ඉංග‍්‍රීසියෙන් ලියැවී ඇති ග‍්‍රන්ථවල මනා ලෙස විස්තර කර දී ඇත.

මෙහි අරුත අපගේ ශ්‍රේෂ්ඨාධිකරණය පවා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ තීරණය ලබා දෙමින් සිය තීන්දුවේ ඉංග‍්‍රීසි බසින් මැනවින් විස්තරකර ඇත. ‘unitary state යන වචනය ව්‍යවස්ථාවේ ඉංග‍්‍රිසි පිටපතෙන් ඉවත් කර ඇත්තේ ‘‘ඒකීය රාජ්‍යය’’ ‘unitary state යන පදයට ඇති අන්තර්ජාතික ලෙස පිළිගැනෙන නිශ්චිත අර්ථයෙන් බැහැරව නව අරුතක් ලබා දීම සඳහාය.

මෙම සංශෝධනවල සමස්ත ප‍්‍රතිඵලය වනුයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේදී ශ්‍රී ලංකාව එක්සත් (සන්ධීය) රාජ්‍යයක් ලෙස අර්ථ නිරූපණය වීමයි. මෙසේ ව්‍යවස්ථාවේ ඇති පද අරුත් වෙනස් කිරීම වංචනිකව කර ඇතිවා පමණක් නොව, සිංහල ජනයා නොමග යැවීමට උපයෝගි කර ඇති අධම උපක‍්‍රමයක් බව පෙනේ.

මෙවැනි අදුරදර්ශී යෝජනා සිංහල ජනතාවගේ බුද්ධියට කරන ලද නිගාවක් බව කනගාටුවෙන් වුවද පැවසිය යුතුයි. විවිධ විදේශීය බලවේගවල වුවමනාවන්ට අනුව යෝජිත ව්‍යවස්ථාවේ නිවැරැදි ස්වභාවයක මුවාවෙන් ව්‍යාජ ලෙස ජනතාව මුලා කිරීමට දරන උත්සාහය අපි හෙළා දැකිය යුතුය. මේ නිසා මෙවැනි වංචනික ක‍්‍රියාවල නිරත නොවන ලෙස අපි රජයට තරයේ අවවාද කරමු.

3. උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම හා ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට හානි කර අනෙකුත් යෝජනා ඉදිරිපත් කර ඇති යෝජනා අතර උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට තනි පළාතක් සකස් කිරීමට කර ඇති යෝජනාව බෙඳුම්වාදීන්ගේ දෙමළ නිජභූමි සංකල්පය නීතිගත කිරීමට දරන වෑයමකි.

සමගාමී ලැයිස්තුව ඉවත් කිරීම, ජාතික ප‍්‍රතිපත්ති සකස් කිරීම සඳහා නීති පැනවීමට මධ්‍යම රජයට ඇති අයිතිය අහිමි කිරීම, ආණ්ඩුකාරවරයා පළාත් අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් මත පත් කිරීම, ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභාව සතු කිරීම තහවුරු කිරීම, බෙදුම්වාදීන්ගේ වුවමනාව මත සිදුවී ඇති බව ඉඳුරා පැහැදිලිය. මෙම යෝජනා රටේ සුහද සමාජ වාතාවරණයටත්, දේශපාලන ස්ථාවරත්වයටත් අතිශයින්ම හානිකරය. ව්‍යවස්ථා සම්පාදකයන්ගෙන් අප බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ සිටින සෑම තැනැත්තකුම එක ධජයක් යටතේ එකමුතු කිරීමය.

ජාති, ආගම්, කුල භේද පදනම් කරගෙන ප‍්‍රජා සභා පිහිටුවීම ජාතියේ සංහිඳියාවට හිතකර නොවේ. මෙම යෝජනා රට බෙදා වෙන් කිරීමේ මානසිකත්වයක් ඇති බෙඳුම්වාදීන්ගේ ප‍්‍රයත්නයක් බව මොනවට පැහැදිලිය.

කේන්ද්‍ර පර්යන්ත අනු කමිටුවේ සභාපතිත්වය ෆෙඩරල් රාජ්‍යයක් සඳහා කැප වී සිටින දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරයකුට ලබාදීමත්, මෙහෙයුම් කමිටුව මෙන් ම අනෙකුත් කමිටුවල ද, සාමාජිකයන් පත් කිරීමේදී මෙන්ම එම අනු කමිටුවලට අනුබද්ධ විශේෂඥයන් පත් කිරීමේදී ද ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින ජාතික මතවාදයක් ඇති විද්වතුන් පත් කර නොගැනීමෙන් පැහැදිලි වන්නේ මෙම සම්පූර්ණ ක‍්‍රියාදාමය බෙදුම්වාදීන්ගේ වුවමනාවන් සපුරා ගැනීම සඳහා අත්තනෝමතිකව සැලසුම් කරන ලද වැඩපිළිවෙළක් බවය.

පොලිස් හා ඉඩම් බලතල පළාත් සභාවට ලබාදෙන සහ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට ප‍්‍රතිපාදන සලසන 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැනට ඇති ආකාරයෙන් ක‍්‍රියාත්මක කිරීම සඳහා දරන උත්සාහය පිළිබඳව අපගේ දැඩි අප‍්‍රසාදය මෙයින් ප‍්‍රකාශ කරන අතර, මෙවැනි විකෘති ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියක නොයෙදෙන ලෙස විවිධ අවස්ථාවල ත්‍රෛනිකායික මහා සංඝරත්නය දී ඇති උපදෙස් මුල සිටම නොසලකා හැර ඇති බව අවධානයෙන් පෙන්වා දෙමු.

එහෙයින් ළඟ නොබලා දුරදර්ශීව බෙදුම්වාදයට නිසැකවම දොර ඇරෙන නවව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් වැළකී, රටේ බහුතර ජනතාව ද නිසි ලෙස නියෝජනය වන යාන්ත‍්‍රණයක් හරහා රටේ උන්නතියට අවශ්‍ය කරන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සඳහා පමණක් ඇප කැප වන ලෙස රජයෙන් ද සියලූ පක්ෂ නායකයන්ගෙන් ද අපි යළිදු උදක්ම ඉල්ලා සිටිමු.

පිටපත්
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට

අත්සන් කළේ

බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ සභාපති දිවියාගහ යසස්සි නා හිමියන් ද තිරිකුණාමලයේ ආනන්ද, කොටුගොඩ ධම්මාවාස, ඉන්තෑපාන ධම්මාලංකාර සහ දොඩම්පහල චන්ද්‍රසිරි යන මහ නාහිමිවරුන් ද බෙල්ලන්විල විමලරතන අනු නාහිමියන්ද වැලමිටියාවේ කුසලධම්ම, බලංගොඩ සෝභිත, අකුරටියේ නන්ද, මාතලේ ධම්මකුසල සහ කොටපොල අමරකිත්ති යන නාහිමිවරුන්, මහාචාර්ය අගලකඩ සිරිසුමන, සිරිවජිරාරාමයේ ඤාණසීහ යන හිමිවරුන් ද, ජගත් සුමතිපාල, සුරේන් අභයගුණසේකර, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ප‍්‍රධෑත් අභයසුන්දර, ධර්මවිජය පදනමේ සභාපති එම්.ඞී.ඩබ්ලිව්. ආරියවංශ, තරුණ බෞද්ධ සංගමයේ සභාපති සුමේධ අමරසිංහ, පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ සභාපති එස්.පී. වීරසේකර, ශාසන සේවක සමිතියේ උප සභාපති ආචාර්ය ජයන්ත වත්ත විදානෙ, සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනයේ නියෝජ්‍ය සභාපතිනි ශාන්තා අබේසේකර, රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ සභාපති එම්.කේ.බී. දිසානායක, බෞද්ධ නීතිඥ සංගමයේ නියෝජිත ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, බෞද්ධ සහයෝගිතා කේන්ද්‍රයේ සභාපතිනි ආචාර්ය හේමා ගුණතිලක, මහා බෝධි සංගමයේ උප සභාපති වසන්ත ද සිල්වා, ජයග‍්‍රහණය සභාපතිනි විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, දම්රිවි පදනමේ සභාපති මහාචාර්ය අසංග තිලකරත්න, කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සභික ජනාධිපති නීතිඥ වරුණ බස්නායක, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ කමිටු සම්බන්ධීකාරක පානි වෑවල යන මහත්ම මහත්මීන් ද අත්සන් තබා ඇති


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

9/29/2017

ඡන්දෙට බය ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුව රට බෙදන ව්‍යවස්ථාව සම්මත කරගන්නට හදන හැටි.

කතෘ:යුතුකම     9/29/2017   No comments
ජනමතය පාගාගෙන ෆෙඩරල් මතුවීමේ අනතුරක්‌...
නීතිඥ කල්‍යානන්ද තිරාණගම

පසුගියදා සංශෝධිත මැතිවරණ පනත සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්‌ථාවේ නොයෙකුත් නීති විරෝධී ක්‍රම අනුගමනය කරමින් ආණ්‌ඩුව පළාත් සභා ඡන්ද කල් දැමීමට කටයුතු කරන බවට ප්‍රබල විරෝධයක්‌ නැගිණි. ආණ්‌ඩුව ඡන්ද කල් දැමීමට කටයුතු කරනවාද? එසේ නම් ඒ ඇයි? මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම සිදුකරන විග්‍රහයකි මේ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනිව කටයුතු කරමින් ඡන්ද කල් දැමීමට කටයුතු කරන බවට ආණ්‌ඩුවට චෝදනාවක්‌ එල්ල වී තිබෙනවා?

රටක මහජන මතය ප්‍රකාශ වෙන්නේ නියමිත පරිදි ඡන්ද පවත්වනවා නම් පමණයි. මේ ආණ්‌ඩුව දැන් නොයෙක්‌ උප්පරවැට්‌ටි යොදමින් ජන්ද කල්දැමීමට උත්සාහ දරන්නෙ මහජන මතය ප්‍රකාශ වීම වළක්‌වන්නයි. ආණ්‌ඩුව මහජන මතයට බයයි.

ආණ්‌ඩුව ඇයි මහජන මතයට බය?

ආණ්‌ඩුවේ හෝ පළාත් සභාවක ප්‍රාදේශීය සභාවක කාලය අවසන් වූ පසු ඒවා ඉබේ විසිරෙන බවත් ඉන්පසු ඡන්දයක්‌ පවත්වා එම ආයතන බලාත්මක කළ යුතු බවත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන්ව තිබෙනවා. එය කල් දැමීමට බැහැ. පසුගියදා සුප්‍රිම් උසාවිය තීන්දු කළෙත් එයයි. ඡන්දය කල් දැමීමට කටයුතු කරනවා නම් ඒ පිළිබඳ අනිවාර්යයෙන්ම ඡනමත විචාරණයක්‌ පැවැත්විය යුතුයි. විධායක බලය හෝ පාර්ලිමේන්තු බලය තීරණය වෙන්නේ ජනතාවගේ ඡන්දයෙන්. ඡන්දය යනු ජනතාව සතු පරමාධිපත්‍ය බලය.

සීමා නීර්ණ හෝ කාන්තා නියෝජනය වැඩි කිරීම වැනි මේ ආණ්‌ඩුව දැන් මේ ගෙනැවිත් තිබෙන යෝජනා පළාත් සභා ඡන්දය කල් දැමීමට යොදන උපක්‍රම. මේවා කරන්න අවංක උවමනාවක්‌ තිබුණා නම් 2015 හෝ 2016 ඒවා කළ යුතුව තිබුණා. විසුරුවන්ට ඔන්න මෙන්න තිබෙද්දී එක එක යෝජනා ගෙන එන්නේ ඡන්දය කල් දමන්නයි.

පසුගිය බදාදා සම්මත කරගත් පනත ජුලි මාසෙ ගැසට්‌ කළේ. එහෙම නම් ඒක කල් ඇතිව ගේන්න තිබුණ. නීතිපති ප්‍රකාශ කර තිබුණා මේ පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ජන්දයෙන් සම්මත කළ හැකියි කියල. මම නම් හිතන්නෙ නීතිපතිගෙ ඒ තීරණය වැරදියි. මෙම පනත නිසා ඡන්දය කල් දැමීමක්‌ සිදුවෙනවා නම් තුනෙන් දෙකේ ඡන්දයකින් එය සම්මත කරන්න බෑ. එය තීරණය කළ යුත්තේ ජනමත විචාරණයකිනුයි. තුනෙන් දෙකේ ඡන්දයකින් එය සම්මත කිරීමේ තීරණයට මැතිවරණ කොමසාරිසුත් එකඟ වුණා නම් ඔහුත් ඒ අපරාධයේ හවුල්කරුවෙක්‌ බවයි මගේ අදහස. අද ජනතාවගේ පරමාධිපත්‍ය බලය මංකොල්ල කන්න උත්සාහ දරන්නේ මේ සියලු දෙනාගේම උදව්වෙන්.

ආණ්‌ඩුව කියන්නෙ මේ ඡන්දය කල්දාන්න ආණ්‌ඩුවට කිසිම අවශ්‍යතාවක්‌ නැති බවයි?

පසුගිය මාස කිහිපය තුළ මේ ගැන ආණ්‌ඩුවේ කෙරුවාව බලමු. මුලින්ම කිව්වෙ විභාගෙ හින්ද ඡන්දෙ පවත්වන්න බෑ කියල. විභාගෙ දවසක්‌ එහාට මෙහාට කරන්න බැරිද? අයවැය විවාදය එහාට මෙහාට කරන්න බැරිද? ඡන්දය තියන දිනය ප්‍රකාශ කරන්න අගමැතිවරයාට අයිතියක්‌ නෑ. එය මැතිවරණ කොමසාරිස්‌ගෙ වැඩක්‌. මේ යන විදිහට ලබන අවුරුද්දෙ මැද වන විටවත් පළාත් සභා ඡන්දෙ පවත්වාවිද යන්න සැක සහිතයි.

ඡන්දය කල් දමමින් මහජන මතය යටපත් කරන්නට මේ ආණ්‌ඩුව කටයුතු කරන්නෙ විශේෂ හේතුවක්‌ ඇතිවයි. ආණ්‌ඩුව අලුත් බදු පනතක්‌ ගෙනැවිත් තිබෙනවා. මේ රටේ වයස අවුරුදු දහඅටට වැඩි සියලු දෙනාටම ඒ අනුව බදු ලිපි ගොනුවක්‌ ආරම්භ වෙනව. එහෙම වුණාට ඒ සියලු දෙනාගෙන්ම බදු අය කරන්නෙ නෑ කියල ආණ්‌ඩුව කිව්වට මේ රටේ ජීවත්වෙන සියලු දෙනාටම බලපාන පොදු සේවාවලට මේ අලුත් පනතින් බදු වැඩි කරල තියෙනව. උදාහරණයක්‌ විදිහට කවුරුහරි වෛද්‍යවරයෙක්‌ චැනල් කළොත් ඒ ගෙවන මුදලට ආණ්‌ඩුව බදු ගහනව. වයස අවුරුදු දහඅටට අඩු ද වැඩි ද යන්න ඒකට බලපාන්නෙ නෑ. මේ නව බදු පනත ක්‍රියාත්මක කරගන්න, එට්‌කා වැනි රටට බරපතළ ලෙස හානිදායක ගිවිසුම් ඇතිකර ගන්න, ෆෙඩරල් ක්‍රමයක්‌ ඇතිකිරීම සඳහා අවශ්‍ය නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒම වැනි දේවල් කරන්න නම් ජනමතය යටපත් කරන්න අවශ්‍යයි. ඉදිරි මාස කිහිපය ඇතුළත ආණ්‌ඩුව උත්සාහ දරන්නේ මේ අණපනත් ගේන්නයි.

මහජන මතය විමසන්නේ නැතිව ආණ්‌ඩුවට ෆෙඩරල් ක්‍රමයක්‌ ගේන්න පුළුවන්ද?

ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ ජනමත විචාරණයක්‌ අවශ්‍ය වන කරුණු 12 ක්‌ තිබෙනවා. ආණ්‌ඩුව මේ උත්සාහ දරන්නෙ එම කරුණු දොළහට අත තියන්නෙ නැතිව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය උපයෝගී කරගෙන ෆෙඩරල් පාලනයක්‌ රටේ ඇතිකිරීමට හැකි ව්‍යවස්‌ථාවක්‌ ගේන්නයි. ආණ්‌ඩුවේ ඉන්න ශ්‍රීලනිපයේ ඇතමුන්ගේත් කැමැත්ත එයට තිබෙනවා. එහෙම වුණොත් ජනමත විචාරණයක්‌ නැතිව ෆෙඩරල් පාලනයක්‌ ගේන්න පුළුවන්.

ආණ්‌ඩුකාරවරයා කියන්නෙ ජනාධිපතිවරයාගේ නියෝජිතයා. දැනට පවතින නීතිය යටතේ ආණ්‌ඩුකාරවරයාට විශේෂ බලතල තිබෙනවා. ආණ්‌ඩුකාරවරයා පත්කරන්නෙ ජනාධිපති. එම පත්වීම් කරන විට පළාත් සභා මහ ඇමැතිවරුන්ගෙන් අහන්නෙ නෑ. නමුත් දැන් පත්කර ඉන්න සමහර ආණ්‌ඩුකාරවරු විග්නේෂ්වරන්ටත් එහා ගිය ෆෙඩරල්වාදියො. ඒ අනුව ආණ්‌ඩුව මේ කරන්න හදන්නෙ මොකක්‌ද කියන දේ පැහැදිලියි.

දකුණේ ජනතාව ෆෙඩරල් යන වචනයට බියක්‌ දක්‌වන පරිද්දෙන්ම උතුරේ ජනතාව ඒකීය යන වචනයට බියක්‌ දක්‌වන බව ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුව යාවත්කාලීන කරන ලද වාර්තාවේ සඳහන් වෙනවා. එමනිසා ඒකීය යන වචනය ශ්‍රී ලංකාවේ භාවිතයට නුසුදුසු බවත් නොබෙදුනු සහ බෙදිය නොහැකි ලෙස එහි අරුත වෙනස්‌ කළ යුතු බව එහි යෝජනා කර තිබෙනවා. එය දෙමළ බසින් හඳුන්වන්නේ ඔරුමිත්තනාඩු යන වදනිනුයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයෙන් මේවා සම්මත කරගන්න තමයි ආණ්‌ඩුව මේ උත්සාහ කරන්නෙ. පළාත් සභා කල් දමමින් ජනමත විචාරණ මගහරිමින් ඉදිරි මාස කිහිපය තුළ ආණ්‌ඩුවේ අරමුණ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක යොදාගෙන මේ පනත් සම්මත කරගන්නයි.

ආණ්‌ඩුවෙන් ඉවත්වීමට තීරණය කළ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ට දෙසැම්බර් 31 තෙක්‌ ඉවසන මෙන් ජනාධිපතිතුමා පසුගියදා දන්වා සිටියා. තීරණාත්මක පියවර කිහිපයක්‌ ඉදිරි කාලය තුළ ගැනීමට බලාපොරොත්තු වන බවත් ආණ්‌ඩුව ප්‍රකාශ කර තිබෙනවා?

ආණ්‌ඩුවෙන් ඉවත් වීමට සිටි ශ්‍රීලනිප මැති ඇමැතිවරු රඳවා ගත්තේ රටට ඉතාමත් අහිතකර ඉහත අණපනත් සම්මත කරගන්නට බව මගේ අදහසයි. මේ ආණ්‌ඩුව මහා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුවක්‌ හැටියට ලෝකෙට පෙන්නුවත් ආණ්‌ඩුවේ මේ වැඩ ප්‍රජාතන්ත්‍රවාදයට එහෙම්පිටින්ම විරුද්ධයි. අයවැය ලේඛනය පරාද කළත් රාජ්‍ය ප්‍රතිපත්තිය, ජනාධිපතිගෙ ප්‍රකාශනය පාර්ලිමේන්තුව ප්‍රතික්‌ෂේප කළත් මේ ආණ්‌ඩුව විසුරුවාහරින්න බෑ. 2020 පෙබරවාරි මස 05 දක්‌වා මේ ආණ්‌ඩුව තිබෙනවා. 2015 සැප්තැම්බර් 05 පැවැත්වූ පළමු වැනි රැස්‌වීමේ සිට වසර හතර හමාරක්‌ ආණ්‌ඩුව වෙනස්‌ කරන්න බෑ. අගමැතිවරයා තෝරා ගැනීමේ බලතළ තිබෙන්නේ ජනාධිපතිට. කාටහරි අගමැතිකම දීල ඔහුට අවශ්‍ය ඇමැතිවරු ටික පත්කරගෙන ආණ්‌ඩුවක්‌ හදන්න ජනාධිපතිට පුළුවන්. වරප්‍රසාද බලාගෙන ප්‍රතිපක්‌ෂයේ අයත් ආණ්‌ඩු පක්‌ෂයට එනව. ඒ විදිහට ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව ව්‍යවස්‌ථා විරෝධි විදිහට, අයුතු විදිහටයි අද පාවිච්චි වෙන්නෙ. මේ රටේ ඉතිහාසයේ කවදාවත් මෙවැනි දේ සිදුවුණේ නෑ.

ජනමත විචාරණයකට නොගොස්‌ ෆෙඩරල් ක්‍රමයක්‌ ස්‌ථාපිත කරගන්නත්, ඉන්පසු එය කිසිම ආකාරයකට අවලංගු කළ නොහැකි වන සේ ව්‍යවස්‌ථාමය රැකවරණයක්‌ ඊට ලබා දෙන්නයි ආණ්‌ඩුව හදන්නෙ. දෙවැනි මන්ත්‍රණ සභාවක්‌ ගෙන ඒමට යෝජනා කර ඇත්තේ ඒ නිසයි. මේ යෝජනා මාලාවේ දැක්‌වෙන විදිහට දෙවන මන්ත්‍රණ සභාව 55 දෙනෙකුගෙන් සමන්විතයි. සෑම පළාත්සභාවකම ඉන්න මන්ත්‍රීවරු 5 දෙනෙක්‌ ඊට පත්වෙනවා. ඒ අනුව 45 දෙනෙකුත් පාර්ලිමේන්තුවෙන් පත් වෙන 10 කුත් එකතුවෙලයි 55 ක්‌ හැදෙන්නෙ. ඉන්පසු ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ යම් සංශෝධනයක්‌ කරනවා නම් ප්‍රධාන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකුත් දෙවැනි මන්ත්‍රණ සභාවේ තුනෙන් දෙකක අනුමැතියකුත් ලැබිය යුතුයි. එවිට මේ නව ව්‍යවස්‌ථාවෙන් කරන්න හදන වෙනස මහා සංග්‍රාමයකින් මිස වෙනස්‌ කළ නොහැකි දෙයක්‌ බව පත්වෙනවා. ඡන්ද කල් දමමින් ආණ්‌ඩුව මේ යන්ඩ හදන්නෙ එතැන්ටයි.
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

9/26/2017

'ඔවුහු' 1959 සැප්තැම්බර් මස 26 දින බණ්ඩාරනායක මහතාට වෙඩි තබා ඝාතනය කළ හ.

කතෘ:යුතුකම     9/26/2017   No comments
- වසන්ත දේවසිරි -
බණ්ඩාරනායක මහතා මෙරට නූතන දේශපාලනය තුළ බිහි වූ ප්‍රථම ජනතා නායකයා ය. 1956 දී එතුමා විසින් නායකත්වය දෙන ලද පොදු ජන ව්‍යාපාරය මෙරට බමුණු කුලයට එරෙහිව කරණ ලද සංස්කෘතික විප්ලවයක් ලෙසටය මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් හඳුන්වා දුන්නේ. මෙය 1816 සිටම අධිරාජ්‍යවාදයට එරෙහිව මෙරට පොදු ජනතාව විසින් කරගෙන ආ අඛණ්ඩ අරගලයක එක් ජයග්‍රාහී අවස්ථාවක් ලෙස ඉතිහාසයේ සනිටුහන් වෙයි. පනස් හයේ විප්ලවයේ සංස්කෘතික අධ්‍යාත්මය අවබෝධ කර ගැනීමට කියවිය යුතු වැදගත්ම ලේඛන දෙකකි 'බෞද්ධ කොමිෂන් සභා වාර්ථාව හා මාර්ටින් වික්‍රමසින්හ ශූරින්ගේ 'බමුණු කුලය බිඳ වැටීම'.

මෙම ජනතා ජයගහණයට එරෙහිව බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමට තරම් ප්‍රබල වූ 'ඔව්හු' කවුරහුද? ඒ ඩොමීනියන් පාලන ක්‍රමයක් මඟින් සීමිත නිදහසක් පමණක් ලබා දී මෙරට හැර ගිය සුද්දන් හා ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් බවට පත් වූ කළු සුද්දන් ය. එහෙත් බන්ඩාරණායක මහතා ඝාතන නඩුවේදී චෝදනා ලැබ සිටියේ බමුණු කුල ඇත්තන් නොව එතුමා නායකත්වය දුන් පංච මහා බලවේගයේ කොටස් කරුවන් වූ සංඝයා වහන්සේලා හා වෙද මහ්ත්තුරුන් ය. ඔවුනට තම නායකයා මරා දැමීමට තරම් ප්‍රබල හේතු තිබුනිද? බණ්ඩාරනායක පාලනය තුළින් අවුරුදු තුනක් වැනි සුළු කාලයක් තුලදී සිය අභිලාශයන් ඉටු නොවීම නිසා ඔවුන් සිය නායකයා ඝාතනය කළේය යන්න පිළිගත හැකි ප්‍රවාදයක්ද? ඒ. සී. අලස් මහතා සඳන් කරණ අයුරින් ම මෙම සැකකරුවන්ට අගමැතිවරයෙකු ඝාතනය කිරීමට තරම් ප්‍රබල වූ ද පිළිගතහැකි වූද කාරණා තිබුනේ නැත. එසේ නම් මෙම විත්තිකරුවන් වෙනත් පිරිසක් විසින් මෙහයවනු ලැබුවා වූ ඉත්තන් පිරිසක් පමණක් ද? එසේ නම් බණ්ඩාරනායක මහතාව ඝාතනය කළ ‘ඔවුහු’ මෙරට බමුණු කුලය සහ ඔවුන්ගේ හාම්පුතුන් ම විය හැකිය යන්න තර්කානුකූල නිගමණයෙකි. මෙය බණ්ඩාරනායක මහතාට පමණක් නොව නව යටත්විජිතවාදී යුගය තුලදී ලොව ප්‍රගතිශීලී ජනතාවාදී නායකයින්ට මුහුණ පෑමට සිදු වූ ඉරණමකි. කොන්ගෝවේ පැට්‍රිස් ලුමුම්බා, චිලී හි සැලවදෝර් ඇලන්ඩේ, පැනමාවේ ඕමාර් ටොරීජාස්, ඉක්වඩෝරයේ රියල්ඩෝ ආදීන් මෙවන් වූ ඉරණමකට ලක් වූ නායකයන් අතරින් කිහිප දෙනෙකු පමණි. බණ්ඩාරණයක මහතා ගත් මඟ ම ගත් මැතිණියගේ පවා ජීවිතය වරක් අනූ නවයෙන් බේරුනු බව ප්‍රකට කරුණෙකි.

කෙසේ වුවත් බණ්ඩාරනායක මහතාට පවා එවන් වූ මඟක් ගැනීමට පෙළඹ වූ මෙරට පොදු ජන විඥානය එතුමාගේ මරණයත් සමඟ මිය ගියේ නැත.ඒ නිසා කළු සුද්දන්ට හා ඔවුන්ගේ හාම්පුතුන්ට බණ්ඩාරනායක මහතා මරා දැමූ පසුව ද යළි යලිත් මරා දැමීමට සිදු විය. මිය ගිය බණ්ඩාරනායක මහතා යළි යළිත් මරා දැමීම සඳහා සඟ වෙද ගුරු ගොවි කම්කරුවන් පමණක් නොව ඔහුගේ දූ පුතුන් පවා වරින් වර යොදා ගත හැකි වූ අයුරු නොරහසකි.

බණ්ඩාරණායක මහතාව යළි යළිත් ඝාතනය කිරීම යනුවෙන් මා අදහස් කරන්නේ එතුමාගේ අනුප්‍රාප්තිකයන් විසින් නව යටත් විජිත වාදීන්ගේ මන දොළ සපුරා ලීම සඳහා එතුමාගේ ප්‍රතිපත්ති පාවා දෙනු ලබීමයි. බණ්ඩාරනයක මහතාට ප්‍රතිපත්තියක් තිබුනේ දැ යි යන මතය ඇතම්හු අද ද නඟති. එකල ඇතැම් විරුද්ධවාදීන් විසින් එතුමා ව 'සෙවෙළ බණ්ඩා' යන අපහාසාත්මක නමින් හැඳින් වූයේ එතුමා ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදී දේශපාලකයෙකු ලෙස ඔවුන් සැළකු බැවින් විය යුතු ය. බැලූ බැල්මට මෙහි යම් සත්‍යයක් නැත්තේ ද නැත. ඒ බණාඩාරකායක මහතා ක්‍රියා කළේ එතුමා ජනතාව සමඟ ඇති කරගත් සම්මුතියකට අනුව මිස සෑම විටදීම පක්ෂයේ ප්‍රතිපත්තියට අනුකූලව ම නොවන බැවිනි.එතුමා පනස් හයේ මැතිවරණයට ඉදිරිපත් වූයේ බෞද්ධ කොමිෂන් සභා වාර්තා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනතාව සමඟ සම්මුතියකට එළඹෙමිනි. එතුමා කිසි කළෙකත් සිය ලිබරල් වදී දේශපාලන මතවාද ජනතාව මත බලහත්කාරයෙන් පැටවීමට උත්සාහ නොකළ අතර පොදු ජන මතය නිවැරදිව වටහා ගෙන ඒ අනුව සිය දේශපාලන ප්‍රතිපත්තිය සකස් කර ගත් දේශපාලකයෙකි.ජනාතාවාදී දේශපාලන නායකයෙකු වූ ඔහු මේ කෙටි කාලය තුළ දී රටේ ආරක්ෂක, ආර්ථික මෙන් ම සේවා සැපයුම් මර්මස්ථාන ද ජනතාව අතට පත් කිරීමට පියවර ගත්තේ ය. ක්ෂත්‍රිය වංශයේ වගකීම ජනතාවට රටේ භූමිය ආරක්ෂා කර දීම යි. එතුමා ඒ වෙනුවෙන් නොබියව පෙනී සිටියේ ය. වරාය ගුවන් තොටුපල රජයට පවරා ගන්නා විට ඇති වුනු අභියෝගයන්ට එතුමා මුහුණ දුන්නේ අවශ්‍ය නම් අධාජ්‍යවාදීන් සමඟ යුද්ධයකට වුවද මුහුණ දීමට තමන් සූදානම් බව පවසමිනි. අද ද මේ රටට අවශ්‍ය වී ඇත්තේ එවන් වූ උදාරත්වයෙන් යුතු වූ නායකත්වයකි.

අග්ගඥ්ඥ සූත්‍රයේ ද සඳහන් වන අයුරු ජනතාව විසින් ගොවියන් අතරින් කෙනෙකු රජුන් ලෙස පත් කර ගන්නේ ගොවි බිම් මෙන් ම තමන් ද රැක ගැනීමට හැකි ශක්තිය මෙන් ම පෞර්ෂය ද ඇති අයෙකි.යම් ජන කොටසක් ගොවි රජෙකු වෙනුවට කුඹුරේ කුරුල්ලන් එළවීමට සාදා ඇති පඹයෙකු තම නායකයා ලෙස පත් කර ගත හොත් ඒ රටට අත්වන ඉරණම ගැන කතා කිරීම අවශ්‍ය වෙතැ යි මම නොසිතමි. පඹයා කොතරම් හොඳ වුව ද ඔහුට ගොවි බිම් ද ගොවියා ද රැක ගත නොහැකි ය.

බණ්ඩාරනායක මහතා යනු භූමිය මෙන් ම ජනතාව ද ඔවුන් ගේ උරුමය ද රැක ගැනීමට තරම් පෞර්ෂයක්, ශක්තියක් හා පරිචයක් තිබුනු උදාර ක්ෂත්‍රිය නායකයෙකි. එවන් වූ නායකයන් ලොව සෑම තැනම සෑම විටම අධිරාජ්‍යවාදීන්ගේ උදසට ලක් වේ. 'ඔවුහු' හැම විටදීම පඹයන් ආරක්ෂා කර ගනිමින් සැබෑ නයකයින් විනාශ කර දමනු ඇත. යළිත් වරක් මේ භූමිය තුල සැබෑ බණ්ඩාරනයකලා ඝාතනය වීමට ඉඩ නොතැබීමට වග බලා ගැනීමට අපි අද දින ඉටා ගනිමු.

වසන්ත දේවසිරි
2017 බිනර මස 26 දින

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

9/24/2017

ගැමුණු කුමරුනි යළි වඩින්න

කතෘ:යුතුකම     9/24/2017   No comments
1914 දී පමණ ලක්දිවට වැඩම කළ එස්. මහින්ද හිමියෝ විදේශිකයකු වුවද ඉතා ඉක්මණින් සිංහල භාෂාව පිළිබඳ නිපුණතාවය ලබා ළමුන්ට දේශානුරාගය වඩවන කෘති විශාල ගණනක් රචනා කළහ. මෙරට දේශජ කාව්‍ය සම්ප්‍රදායක් බිහි කිරීමේ පුරෝගාමීවූවකු ලෙස ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් ගෞරවයෙන් සිහිපත් කළ යුත්තේ අද පවා ළමුන්ට කමටහනක් කොට දිය හැක්කේ උන්වහන්සේගේ කෘති වන නිසාය. වර්තමානයේ නම් රට, දැය, සමය, නිර්මාණයවලට වස්තුකොට ගැන්ම ජාතිවාදය යයි අපේ ඓතිහාසික උරුමයන් කෙරෙහි බරපතල ආසාත්මිකතාවෙන් පෙළෙනන්ගේ ගර්හාවට ලක්වීමට හේතු විය හැකිය. තමා හැර අන් සියල්ලම දුෂණයට ලක්වී ඇතැයි සිතන මේ ලුම්පන් සංස්කෘතික පඬියන්ගේ දේශපාලන ව්‍යාධියට අනුව ‘කවිය’ ජාතික ව්‍යාපාරයට බද්ධ කළ පුරෝගාමියකු මෙන්ම සිංහලයන් තුළ ජාතික අභිමානය, දේශ වාත්සල්‍ය, මතුවන පරිදි කාව්‍යකරණය මෙහෙය වූ එස්. මහින්ද හිමියන් පවා ජාතිවාදියකු වෙනු නිසැකය.

එවන් දෘෂ්ටියමය විපරිණාමයට ලක් නොවූ තරුණයකු වශයෙන් සිය කාව්‍ය ප්‍රතිභාව අපේ අතීත උරුමයට මුල් ඇදුණු මනසකින් අභ්‍යාස කිරීම අගය කළ යුතුය. පුනර්ජි දඹෝරගම මේ කාව්‍ය සංග්‍රහයෙන් කරන්නේ යටහත් රාජ ප්‍රතිරූපකයින් හා රූකඩ රජුන් පාලකයන් වී ඇති මෙකල යළිත් මේ රට, දැය, සමය, අරාජිකත්වයෙන් මුදා ගැනීමට මේ පොළවේ උපන් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යරත්නය වූ ගැමුණු කුමාරයා වැනි රජෙකු මේ රටට යළි පහළ වෙන්නැයි ඉල්ලා සිටීමයි. මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජ සැප පිණිස නොව සම්බුද්ධ සාසනයේ චිරස්තිය උදෙසාය යනුවෙන් ප්‍රකාශයක් කොට සිංහල බෞද්ධ රාජ්‍යයක පදනම දැමූ සහ සිය රාජ්‍ය කාලය තුළදී එයට ජීවය දුන් වීරයකු ලෙස අදටත් මිනිසුන්ගේ බහුමානයට පාත්‍රවන චරිතය වන්නේ ගැමුණු රජුගේ චරිතයයි.

-රත්තනදෙණියේ මේධානන්ද හිමි
යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

9/18/2017

දොස්තර තාත්තා

කතෘ:යුතුකම     9/18/2017   No comments
ලියන්නට ඇහැකි නේ
පොතක් දුවටත් යසට
මගේ ගැන දැන ගන්න
මෙලොව වැසි දනට සැම 

දිනෙක විහිළුවට වගෙ
කීවෙමිය මම දුවට 

දෙදිනකට පසු දුටිමි
සටහනක් ඇය ලියූ
පරණ කොල කෑල්ලක
මේසෙ උඩ අමතක වු


         "අයි වී දේවසිරි
          ඔහුගේ පුදුම නම විය
          .......................
          ......................
          අයි වී දේවසිරි
          කෙසේ නම් 
          විස්තර කරන්නද ඔහු
          ඔහු සැපෙන් සිටියා"

සඟවගෙන සිනහ වත
පුද කළෙමි තුති ඇයට
නොලීවට ඉතුරු ටික
ලෝකෙටම දැන ගන්න

වසන්ත දේවසිරි
2017 බිනර මස 17 දින
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

මහා නායක හිමිවරුන්ටත් වංචා කර ගෙනෙන ද්‍රෝහී රණවිරු දඩයම් පනත...

කතෘ:යුතුකම     9/18/2017   No comments
සැප්තැම්බර් 21දා පාර්ලිමේන්තුවට ගෙන එන දේශ ද්‍රෝහී පනතට අත උස්සන දේශ ද්‍රෝහීන් මතක තබා ගනිමු.

-ආචාර්‍ය නාලක ගොඩහේවා-
30 අවුරුදු යුද්ධයක් අවසන්කොට රටේ විශාල මහජන ප්‍රසාදයක් දිනා සිටි මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා එදා විපක්ෂයට උදව් දී 2015 දී වත්මන් රජය බලයට ගෙන ඒමට ප්‍රධාන වශයෙන් දායක වූ බාහිර බලවේග 3ක් විය


1. බෙදුම්වාදී දෙමල ඩයස්පෝරාව විසින් මෙහයවනු ලබන ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කිහිපයක්
2. යුද්ධය අවසන් වීම නිසා ආදායම් මාර්ගයක අඩුවූ රාජ්‍ය නොවන සංවිධාන
3. චීනය හා ලංකාව අතර ගොඩනැගෙමින් තිබුන ව්‍යාපාරික සම්බන්ධතා ගැන උරණ වී සිටි ඉන්දියාව

එදා විපක්ෂයට මුලෝපාමය සහාය ලබා දුන්නේත් මුල්‍යමය ආධාර ලබාදුන්නේත් මේ බලවේග තුනයි. එම සහාය වෙනුවෙන් වන්දි ලෙස බලයට ඒමට බලාපොරොත්තුවෙන් සිටි ප්‍රධාන කන්ඩායම් සමඟ පහත දැක්වෙන එකඟතාවන් ඇති කරගන්නා ලද බව බොහෝ දේශපාලන විචාරකයින් විසින් පෙන්වා දී ඇත.

1. යුද්ධය අවසන් කොට ලංකාව සංවර්ධන මාර්ගයට අවතීර්ණ කල මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට යලි කිසිදිනක ලංකාවේ රාජ්‍ය බලය ලබා ගැනීමට නොහැකි වන ලෙස ඔවුන්ව ව්‍යවස්ථාපිතව හා අනෙකුත් ක්‍රමෝපායන් මගින් සීමා කිරීම.

2. දෙමල ඩයස්පෝරාවේ මූලික අවශ්‍යතාව වූ බෙදුම්වාදී අරමුණු ඉටුකරලීම සඳහා පහසුකම් සලසන ආකාරයේ නව ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදීම

3. ලෝකයේ කුරිරුතම ත්‍රස්ථවාදය යුධ ජයග්‍රහණයක් තුලින් අවසන් කිරීම තුලින් මැදපෙරදිග ත්‍රස්ථවාදය පාලනය කිරීමේ ප්‍රයත්නය තුල ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල නොහැකියාව ලොවට ප්‍රදර්ශනය කල ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ යුධ හමුදාව යුධ අපරාධ චෝදනාවලට පටලා අපකීර්තියට පත්කිරීම.

2015 ජනාධිපතිවරණයෙන් පොදු අපේක්ෂකයා ජයගත් දින සිට නව රජය සිය මූලික අවධානය යොමුකර තිබෙන්නේ මේ පොරොන්දු ඉටුකිරීමටය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා පලමු අරමුණ ඉටුකරගත් අතර නුදුරේම ගෙන එන නව ව්‍යවස්ථාව හරහා දෙවන අරමුණ ඉටුවනු ඇත. මේ ලිපිය 3 වන අරමුණ ගැනයි.

2015 ජනවාරි මස රජය වෙනස්වූ වහාම නව විදේශ ඇමතිවරයා ලහි ලහියේ ජීනීවා ගොස් 'බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥාප්තියට අත්සන් කලේය. කාගේ උවමනාවට කලත් මෙය අනාගතයේ ලංකාවට විශාල හානි ගෙන දෙන පියවරක් විය.

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥාප්තියට අවමවශයෙන් ඇමෙරිකාව හෝ මහා බ්‍රිතාන්‍යය අත්සන් තබා නැත්තේ තම රටෙහි ආරක්ෂක හමුදාවන්ට ඉන් උදාවිය හැකි තර්ජනයන් නිසාය. ප්‍රඥාප්තියට මෙතෙක් අත්සන් කර ඇති රටවල් 93 නුත් 42 ක්ම තම රටවල් තුල එය මෙතෙක් අනුමත කොට නැති නිසා ඒ අත්සන්හි වලංගු තාවක් නැත. අප අසල්වැසි ඉන්දියාවද මෙම රටවල් 42 ට අයත්වේ. නමුත් ලංකාවේ නව ආන්ඩුවේ විදේශ ඇමතිවරයා මෙයට අත්සන් කලා පමනක් නොව මාස කිහිපයක් තුල වත්මන් රජය විසින් එය අනුමත කොට ලංකාව තුල එහි වලංගුතාවය පිලිගන්න ලදී.

මීලඟ පියවර වූයේ ' අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත’ ලංකාව තුල සම්මත කර ගැනීමයි. මේ අනුව ලංකාවේ රණවිරුවන් දඩයමට අවශ්‍ය සාක්ෂි සම්පාදනය කිසිදු බාධාවකින් තොරව ලංකාව තුලම සිදුකිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන පාර්ලිමේන්තුව විසින්ම අනුමත කොට දී ඇත.

තුන් වන පියවර නම් රජය විසින් ඊලඟට සම්මත කර ගන්නට නියමිත 'බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥාප්තිය සම්බන්ධයෙන්වූ පනතයි'. එම යෝජිත පනතේ මූලික අරමුණ වන්නේ " බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥාප්තිය" ශ්‍රී ලංකාව තුල බලාත්මක කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමයි. මේ පනතද සම්මත කල විට සමස්ථ ක්‍රියාවලියම සම්පූර්ණය. ඊලඟට තිබෙන්නේ දෙමල ඩයස්පෝරාවේ සිතැඟි පරිදි රණවිරු දඩයම ආරම්බ කිරීමටය. මේ අතරවාරයේ දේශපාලනික වශයෙන් තමුන්ට තරඟ පිටියෙන් ඉවත්කරගන්නට අවශ්‍ය යම් යම් පුද්ගලයන්ද ඉලක්ක කරවීමට වත්මන් පාලකයින්ට අවස්ථාව සැලසේ.

මෙම යෝජිත පනතට අනුව යම් පුද්ගලයෙකු අතුරුදහන් කලායැයි යන සැකය මත පමනක් පදනම් කරගෙන ඕනෑම අයෙක් අත් අඩංගුවට ගන්නට හැකි අතර විදේශ රටකදී චෝදනාවක් ඉදිරිපත් වී නම් එම විදේශ රට තුල දී නඩු ඇසීම සඳහා අදාල පුද්ගලයා අත් අඩංගුවට ගෙන ලංකාවෙන් පිටුවහල් කිරීමටත් ඉඩ ප්‍රස්ථා සැලසේ. සැකකරු පමනක් නොව ඔහු යම් හමුදාඛන්ඩයක සේවය කල අයෙකු වී නම් ඔහුගේ අණදෙන නිලධාරීන් සියලුදෙනාද මෙම පනත යටතේ අත් අඩංගුවට ගෙන නඩු පැවරිය හැක.

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ පනත ලංකා පාර්ලිමේන්තුවේ සම්මත වීමට නියමිතව තිබුනේ පසුගිය අගෝස්තු මස 5 දාය. එය කල් දමන්නට රජයට සිදුවූයේ මහා සංඝයා වහන්සේලා පිරිසකගේ දැඩි උත්සාහය නිසාය.

දැන් බලලා මල්ලෙන් එලියට පැන ඇත. පනත අගෝස්තුවේ සම්මත වේ යැයි බලාපොරොත්තුවෙන් කොටි සංවිධාන ආධාර කරුවන් විසින් සකස් කරමින් තිබුනු යුධ අපරාධ නඩුවක් බ්‍රසීලයේදි එහි ශ්‍රී ලංකා තානාපති ලෙස ක්‍රියා කරමින් සිටි , හිටපු යුධ හමුදාපති ජගත් ජයසූරියට එරෙහිව දැනටමත් පවරා තිබේ. තවම පනත සම්මත වී නැති නිසා අත් ඩංගුවට පත් නොවී බ්‍රසීලයෙන් පැනගන්නට ජගත් ජයසූරියට හැකි විය. . ජාත්‍යන්තර කොටි ඩයස්පෝරාව හා ලංකාව තුල සිටින ඔවුන්ගේ සගයින් එක්ව සැලසුම් කල පරිදි පනත සම්මත වී තිබුනානම් ජයසූරියට බ්‍රසීලයේදීම වැඩ වරදින්නට ඉඩ තිබුනි. ජයසූරිය බ්‍රසීලයෙන් පැනගත්තත් ඔහුට මින් පසු කිසිදිනක බටහිර රටක විදේශ සංචාරයකට යා නොහැකි වනු ඇත. ඒ ලංකාව ඉහතකී අන්තර්ජාතික ප්‍රඥප්තියට දැනටමත් අත්සන් කොට ඇති නිසා අපේ රණවිරුවෙකු විදේශයකදී අත් අඩංගුවට ගෙන නඩු පැවරීමට තවදුරටත් බාධාවක් නැති බැවිනි.

ජගත් ජයසූරියට පමනක් නොව කිසිදු රණවිරුවෙකුට අත තබන්නට තමුන් ඉඩ නොතබන බව වත්මන් ජනාධිපතිවරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයෙදී කියනු අසා සිටින විට අපට ඇතිවූයේ ඉමහත් කම්පාවකි. ජනතාව රැවටීම අද කලාවක් වී ඇති අයුරක් මින් පෙනී යයි. රණවිරුවන් ගැන මේ තරම් හැඟීමක් ඇත්නම් ඉහත කී අන්තර්ජාතික ප්‍රඥප්තියට අත්සන් කරන්නට විදේශ ඇමතිවරයාට අවසර දුන්නේඇයි. අත්සන් කලා පමනක් නොව එය රජය විසින් පිල්ගත්තා නොවේද ? ඉන් මාස කිහිපයකට පසු තවත් බියකරු පනතක් වන අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත සම්මත කලේ ඇයි. ඉන් පසු මේ ක්‍රියාදාමයේ අවසාන පියවර වන 'බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥාප්තිය සම්බන්ධයෙන්වූ පනත' 21 දා පාර්ලිමේන්තුවට ගෙන එන්නේ මන්ද ?

මෙම පනත බල පාන්නේ අනාගතයට පමනක් යැයි අගමැතිවරයා පුන පුනා කියනු අපට අසන්නට ලැබේ. අපි ජනතාවගෙන් මෙසේ අසමු. මෙතෙක් මෙතුමන්ලා කි දේ වලින් කීයක් ඇත්තවීද ?

බොරුවෙන් බලය ලබා ගෙන බොරුවෙන් බලය පවත්වාගෙන යන්නන්ගේ බොරුවලට තව දුරටත් රැවටෙන අය තම හිස අතගා බලත්වා ? නොසිතූ දෙයක් හමුවන්නට ඉඩ ඇත.

ඒ කෙසේ වෙතත් අප කල ගුණ දත් ජාතියක්ද නැද්ද යන්න ලොවටම හෙලිවන දිනයක් ලෙස සැප්තැම්බර් 21දා ඉතිහාස ගත වනු ඇත


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :
https://www.facebook.com/yuthukama

9/16/2017

ඉංග්‍රීසි බාසා ප්‍රශ්ණය

කතෘ:යුතුකම     9/16/2017   No comments
-ආචාර්‍ය් ජානක වංශපුර-මීට දශකයකට දෙකකට පමණ ඉහතදී සනත් ජයසූරිය ඉංග්‍රීසි බසින් නොපැකිලව මාධ්‍යයට කථා කරද්දී මම හිතුවේ ඉංග්‍රීසි බසට මෙරට සමාජය තුල තිබූ අනිසි ගෞරව පක්‍ෂපාත බව ක්‍රමයෙන් පහව ගොස් එය තවත් බසක් පමණක් බවට පත්වේවී යැයි කියායි. මෙසේ ඉංග්‍රීසි බස සාමාන්‍යකරණයවීම හරහා වඩා වැදගත් ලෙසට ඉංග්‍රීසි බාසා හැකියාව වඩා පුළුල් ලෙසට සමාජගත වේවි කියාත් මා සිතුවා. ඒ සඳහා පසුගිය සමයේ පැවති ජාතිකත්ව උද්යෝගයද රැකුලක් වේවි යැයි මා සිතුවා. නමුත් මා සිතු ආකාරයට ඒ සමාජ පෙරළිය මෙරට සිදුවුනේ නෑ. ජයසූරියගෙන් පසුව අපට ලැබුනේ සංඝක්කාරයි.

ඉංග්‍රීසි බාසා භාවිතය රුවිතෙට යෑම එක අතකින් පසුගිය සමය තුල ජාතික ව්‍යාපාරයත් පොදුවේ ජාතිකත්වයත් ගත් මඟ හා සමගාමීයි. ජාතිකත්ව රැල්ලත් සමඟම ඉංග්‍රීසි බාසාවට තිබි අනිසි ගෞරව පක්‍ෂපාත බව නැති කල හැකිව තිබුනත් පසුගිය සමයේ පිම්බුනු මෙරට මධ්‍යම පංතිය කලේ එය ආභරණයක් ලෙස සලකමින් සමාජයේ පහල ස්ථර හා තමන් අතර බෙදීමක් ඇති කර ගැනීම සඳහා ඉංග්‍රීසි බස යොදා ගැනීමය. ඊට ප්‍රතිචාරයක් වශයෙන් තවත් පිරිසක් සුද්දා උච්චාරණය කරන ආකාරයටම ඉංග්‍රීසි කථා කිරීමට පුහුණු වෙමින් නැගීගෙන ආ මධ්‍යම පංතියත් තමනුත් අතර බෙදීමක් ඇති කර ගැනීමට උත්සාහ කලහ. අවසන් ප්‍රතිඵලය වූයේ සමාජ විශමතාවක් ඇති කිරීමෙහිලා පෙරටත් වඩා ප්‍රභල කාර්යයක් කිරීමට ඉංග්‍රීසියට ඉඩක් ලබා දීමය. ඒ නිසා ඉංග්‍රීසි බාසා නිපුනත්වය පිළිබඳ ප්‍රශ්ණය විමසිය යුත්තේ ඉන් මෙරට කරන සමාජ අසාධාරණය පැත්තෙන් යැයි මම සිතමි. ඒ හැර වෙන මානයක් තිබේද?

අද යාපනයෙන් විශ්ව විද්‍යාලයට පැමිණෙන දෙමළ දරුවන්ටත් සිංහල ගැමි දරුවන්ටත් ඉංග්‍රීසි බසේ ඇත්තේ එක හා සමාන (නො)හැකියාවකි. යාපනේදී සිංහල අසාවත් නොතිබුනත් කොළඹට පැමිණ ඉතා කෙටි කලකින් දෙමළ දරුවන්ට සිංහල හුරු වෙන්නේ සිංහලුන්ගේ ආශ්‍රය නිසාය. අනිත් අතට යාපනේ ඉගෙන ගන්නට ඇති බාධා ඉවත් කලහොත් එහි යන සිංහල දරුවන්ද අගේට දෙමළ ඉගෙනගන්නවා ඇති. ඉංග්‍රීසි බාසාව ජනවාර්ගික ප්‍රශ්ණයේදී කිසි උදව්වක් වෙන්නේ නැත. බටහිර තාක්‍ෂණික දැනුම ලබා ගැනීමටද ඉංග්‍රීසි බස අනිවාර්ය නොවේ. ඒ පිළිබඳව මටද පුද්ගලික අත්දැකීමක් ඇත. චීන සම්භවයක් ඇති මව් බාසා ඇති බොහොමයක් ආසියාතික රටවල් (චීනය, ජපානය, කොරියාව, මැලේසියාව) අපූරුවට බටහිර තාක්‍ෂණය ලබා ගෙන බටහිර පන්නයේ ආර්ථික වර්ධනයක් ඇති කරගෙන ඇත්තේ ඔවුන්ගේ මව්බස පරයමින් ඉංග්‍රීසියට ගෞරව පක්‍ෂපාතී බවක් අත්කර දීමෙන් නොවන බව පැහැදිලිය. ඒ නිසා මෙරට ඉංග්‍රීසි බස පිළිබඳව ඇති වැදගත්ම ප්‍රශ්ණය ඒ හරහා ඇති කෙරෙන සමාජ බෙදීම හා එමඟින් සිදුවෙන සමාජ අසාධාරණය යැයි මම සිතමි.

ප්‍රශ්ණය ඉංග්‍රීසි බස නිසා ඇති කෙරෙන සමාජ බෙදීම සමණය කල හැක්කේ කෙසේද යන්නය. ඊට නිතැතින්ම ලැබෙන පිළිතුර නම් සැමට ඉංග්‍රීසී ඉගැන්විය යුතු බවය. නමුත් අපි දැන් දශක ගණනාවක් තිස්සේ ඒ පිළිතුර ක්‍රියාත්මක කර ඇත. නමුත් මා දකින ආකාරයට ඉංග්‍රීසි ඉගැන්වීමට දරන උත්සාහයට සමානුපාත වන ප්‍රතිඵල අපට ලැබෙන්නේ නැත. තවමත් ගම් වලින් විශ්ව විද්‍යාලවලට පැමිණෙන සිසුන් බොහෝ දෙනෙකුට ඉංග්‍රීසියෙන් යමක් අසා හෝ කියවා තේරුම් ගැනීමටත් ඉංග්‍රීසියෙන් යමක් තේරුම් කර දීමටත් ප්‍රමාණවත් හැකියාවක් නැත. ප්‍රශ්ණය එය එසේ වීම නොව මීට වසර තිහකට ඉහතදී තිබි තත්වයට වඩා වැඩි වෙනසක් අද දකින්නට නොලැබීමය. ඉංග්‍රීසි ඉගැනීමට පහසුකම් වැඩි වෙමින් පවතිනවිට ඊට සමානුපාතිකව ඉංග්‍රීසි දැනුමේ දියුණුවක් ඇති නොවීමට හේතුවක් තිබිය යුතුය. මා දකින විදිහට, විශේෂයෙන්ම සිංහලුන් තුල, ඉංග්‍රීසි භාවිතයට ප්‍රතිරෝධයක් ඇත. කෙතෙරම් උත්සාහ කලද අප සමාජයේ මතුපිටින් ඇති ස්ථර වලින් මෙපිටට ඉංග්‍රීසි බස කැවිය නොහැක්කේ එබැවින් යැයි මම සිතමි. ප්‍රතිරෝධයට හේතුව කුමක් වුවත්එ සේ කැවිය නොහැකි නම් සමාජයේ ඉහල ස්ථර විසින් පහල ස්ථරවලට සමාජ අසාධාරණයක් කිරීම සඳහා ඉංග්‍රීසිය උපයෝගී කරගැනීම වැලකිය හැක්කේ කෙසේද?

ඉංග්‍රීසි බසට අප සමාජය විසින් ආරෝපණය කර ඇති අනිසි ගෞරව පක්‍ෂපාති බවෙහි කිසිදු වටිනා කමක් නැති කල යුතුය. එය විවිධ ආකාරයට කල හැකිය. එක් ආකාරයක් නම් මෙරට මහා පරිමාණ පුද්ගලික ව්‍යාපාර ආයතන වල සිංහල බසින් වැඩ කිරීමට ගැනීමය. බහුතරයක් සිංහලුන් රැකියා කරන සිංහලුන්ට සේවා සපයන නැත්තම් සිංහලුන් සමඟ ගනුදෙනු කරන ආයතන වලට සිංහලෙන් වැඩ කිරීමෙන් වාසියක් මිස අවාසියක් විය නොහැකිය. අද මෙවැනි දේ කිරීමට සමාජ හෝ දේශපාලන වාතාවරණයක් නැත නමුත් ඉදිරියේදී හෝ එවැනි වාතාවරණයක සිංහලෙන් වැඩ කරන රැල්ලක් පුද්ගලික ආයතන වල ඇති කර ගත හැකිනම් ඉංග්‍රීසි බසට ආරෝපනය කර ඇති වැදගැම්මක් නැති වැදගත් කම නැති කර දැමිය හැකිය. මා සිතන ආකාරයට ඉංග්‍රීසියෙන් කෙරෙන සමාජ අසාධාරනය මැඩලිය හැක්කේ එවැනි ආකල්පීයමය සමාජ විපර්යාසයකින් පමණි. ඉංග්‍රීසි ඉගැන්විය යුතුය, අවශ්‍ය අයට සුද්දන් මෙන් ඉංග්‍රීසි බස කථා කිරීමටද අවස්ථාව දිය යුතුය නමුත් සමාජ අසාධාරණයක් කිරීමට ඉංග්‍රීසි බසට ඇති ඉඩ ඇහිරිය යුතුය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook  : https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions