මුල් පිටුව
කාලීන දේශපාලන
විමංසා
කලා සාහිත්‍ය
කවි
තීරු ලිපි
කිණිහිරය
හීන් සැරය
කෙටි සටහන්
කෙම්මුර වදන
යුතුකම මධ්‍ය කවුළුව
අපි ගැන
Menu :
Choose category
- ගෙවිඳු කුමාරතුංග ( 1 )
- නීතිඥ කල්‍යානන්ද තිරාණගම ( 2 )
-ලසන්ත වික්‍රමසිංහ ( 17 )
-සමන් ගමගේ ( 1 )
"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ ( 1 )
1505 ( 1 )
2005 සහ 2015 ( 1 )
2009 විජයග්‍රහණය ( 1 )
2015 ( 1 )
2025 :12 දෙසැම්බර් කලාපය ( 4 )
2025:1 ජනවාරි කලාපය ( 5 )
2025:11 නොවැම්බර් කලාපය ( 5 )
2025:2 පෙබරවාරි කලාපය ( 5 )
2025:3 මාර්තු කලාපය ( 5 )
2025:4 අප්‍රේල් කලාපය ( 5 )
2025:5 මැයි කලාපය ( 6 )
2025:6 ජූනි කලාපය ( 6 )
2025:7 ජූලි කලාපය ( 3 )
2025:8 අගෝස්තු කලාපය ( 5 )
2026 :2 පෙබරවාරි කලාපය ( 5 )
2026 :4 අප්‍රේල් කලාපය ( 4 )
2026 :5 : මැයි කලාපය ( 2 )
Art ( 79 )
BBS ( 1 )
BOOKPAGE ( 1 )
Budget ( 1 )
Cartoon ( 18 )
cepaepa ( 1 )
CONSREF ( 1 )
Dr Palitha Kohona ( 1 )
Editorial ( 1 )
ENGLISH ( 15 )
ETCA ( 19 )
FB ( 1 )
FederalConstitution ( 23 )
GENEVA ( 41 )
History ( 2 )
Interview ( 3 )
Kavi ( 63 )
KemmuraWadana ( 6 )
LTTE Release ( 1 )
Maduluwawe Sobitha Thero ( 1 )
Main ( 1204 )
Manohara ( 1 )
MCC ( 1 )
Mister Clean ( 1 )
Nalin ( 92 )
National Joint Committee;NJC ( 2 )
NDTV ( 1 )
NewConstitution ( 6 )
NGO ( 1 )
NJC ( 4 )
Operation Double Edge ( 1 )
PicMessage ( 4 )
PodiHamuduruwo ( 29 )
Political ( 677 )
Prof. Susirith Mendis ( 1 )
RalaPathithaPethi ( 3 )
S. අකුරුගොඩ ( 1 )
Shenali Waduge ( 6 )
ShortStoris ( 75 )
SITP ( 2 )
Susirith Mendis ( 2 )
the ( 1 )
TheIsland ( 1 )
Theory ( 313 )
YuthukamaAdds ( 4 )
YuthukamaApril ( 1 )
YuthukamaPress ( 8 )
අකුරුගොඩ ( 1 )
අගමැතිතුමා පාර්ලිමේන්තුව ( 1 )
අංජන මලගලගේ ( 2 )
අද දෙරණ ( 1 )
අනගාරික ධර්මපාල ( 2 )
අනගාරික ධර්මපාලතුමා ( 3 )
අනගාරික ධර්මසේකර ( 1 )
අනුජ මංචනායක ( 1 )
අනුර කුමාර ( 2 )
අනුෂ්කා වික්‍රමරත්න ( 1 )
අපේ මතය ( 2 )
අභය ( 3 )
අමරසේකර ( 4 )
අයි. ජයතිලක ( 3 )
අයි.ජයතිලක ( 11 )
ආචාර්ය ගාමිනී සමරනායක ( 1 )
ආචාර්ය චමිල ලියනගේ ( 12 )
ආචාර්ය දයාන් ජයතිලක ( 12 )
ආචාර්ය නාලක ගොඩහේවා ( 4 )
ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි ( 1 )
ආචාර්ය ලලිතසිරි ගුණරුවන් ( 2 )
ආමන්ඩ් ද සූසා ( 1 )
ආර්ථිකය ( 1 )
ඇල්ලේ ගුණවංශ හිමි ( 1 )
ඇවන්ගාඩ් ( 1 )
ඇවන්ට්ගාඩ් ( 1 )
ඉන්දික ප්‍රසාද් ගමගේ ( 4 )
ඉන්දු ලංකා ( 2 )
ඉඳුනිල් ප්‍රසන්න ( 9 )
ඉසුරු ප්‍රසංග ( 8 )
ඉසුරු රන්දෙනිකුමාර ( 6 )
ඊළාම් ( 1 )
ඊළාම්වාදී ( 3 )
උඩුදුම්බර කාශ්‍යප හිමි ( 1 )
උදය ගම්මන්පිල ( 4 )
උදය ප්‍රභාත් ගම්මන්පිල ( 9 )
උදයංග සුගතපාල ( 6 )
ඌවතැන්නේ සුමන හිමි ( 2 )
එජාප ( 1 )
එරික් ගාමිණී ජිනප්‍රිය ( 1 )
එස්. අකුරුගොඩ ( 3 )
එස්.අකුරුගොඩ ( 4 )
ඒකීය ( 1 )
ඕමාරේ කස්සප ( 1 )
කංචන විජේසේකර ( 1 )
කණිෂ්ක විතාරණ ( 1 )
කපිල මහේෂ් රාජපක්ෂ ( 1 )
කල්‍යාණන්ද තිරාණගම ( 4 )
කවි ( 10 )
කවි විචාර ( 1 )
කාංචනා ප්‍රියකාන්ත ( 1 )
කාලය ( 1 )
කාලෝ ෆොන්සේකා ( 1 )
කාවීන්ද කොටුවේගෙදර ( 1 )
කාව්‍යා අලුත්ගෙදර ( 1 )
කැලුම් නිරංජන ( 21 )
කැළුම් නිරංජන ( 1 )
කීර්ති දුණුවිල ( 1 )
කීර්ති රත්නායක ( 3 )
කීර්ති වර්ණකුලසූරිය ( 2 )
කුමාර ලියනගේ ( 27 )
කෙටි කතා ( 2 )
කෙම්මුර වදන ( 1 )
කොටි ත්‍රස්තවාදින්ට නිදහස ( 1 )
කොටි නිදහස් කිරීම ( 1 )
කොදෙවු සන්දේශය ( 1 )
කෝට්ටවත්තේ ගුණසේන පෙරෙරා ( 2 )
කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා ( 8 )
ගනුෂ්ක රන්දුල ( 2 )
ගම්මන්පිල ( 1 )
ගාල්ල විද්වත් එකමුතුව ( 1 )
ගැමුණු ( 1 )
ගුණදාස අමරසේකර ( 31 )
ගෙවිඳු කුමාරතුංග ( 60 )
ගෝමින් දයාසිරි ( 1 )
චතුර පමුණුව ( 5 )
චන්දිම ගුණරත්න ( 1 )
චමිල ලියනගේ ( 3 )
චම්පා වෛද්‍යතිලක ( 3 )
චම්පික ( 2 )
චරක ජනිත ( 1 )
චරිත කාරියවසම් ( 5 )
චරිත හේරත් ( 15 )
චාමින්ද පන්නිපිටිය ( 1 )
චිත්‍රපට විචාර ( 2 )
චින්තක විජයවර්ධන ( 3 )
චින්තන පර්ෂදය ( 2 )
චින්තනය ( 3 )
ජගත් ප්‍රනාන්දු ( 1 )
ජනපතිවරණය ( 1 )
ජනාධිපතිවරණය ( 2 )
ජනිත් විපුලගුණ ( 11 )
ජනිත් සෙනෙවිරත්න ( 8 )
ජයග්‍රහණය ( 1 )
ජයන්ත චන්ද්‍රසිරි ( 2 )
ජයන්ත මීගස්වත්ත ( 2 )
ජවිපෙ ( 3 )
ජාතික ආරක්ෂාව සාම්පූර් ( 1 )
ජාතික එකමුතුව ( 2 )
ජාතික ඒකාබද්ධ කමිටුව ( 1 )
ජාතික බලවේග ( 2 )
ජාතිකවාදය ( 1 )
ජාතිය ( 1 )
ජිනීවා ( 1 )
ජිනීවා යෝජනා ( 1 )
ජීවන්ත ජයතිස්ස ( 2 )
ඩිහාන් කීරියවත්ත ( 1 )
තමලු මලිත්ත පියදිගම ( 3 )
තරණ ( 1 )
තාරක ගල්පාය ( 8 )
තිවංක අමරකෝන් ( 2 )
තිවංක පුස්සේවෙල ( 3 )
තිස්ස ( 1 )
තී‍්‍ර රෝද රථ ( 1 )
ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්ථානය ( 1 )
ත්‍රිකුණාමලය ( 1 )
ත්‍රීකුණාමලයේ ආනන්ද ( 3 )
දකුණු අප්‍රිකානු ( 1 )
දක්ෂිණ ජයවික්‍රම ( 7 )
දර්ශන කස්තුරිරත්න ( 13 )
දර්ශන යූ මල්ලිකගේ ( 1 )
දසුන් තාරක ( 2 )
දහතුන ( 1 )
දිනාගනිමුද ( 1 )
දිවයින ( 2 )
දුලන්ජන් විජේසිංහ ( 4 )
දෙමුහුම් අධිකරණය ( 1 )
දේවක එස්. ජයසූරිය ( 1 )
දේවපුරගේ දිලාන් ජාලිය ( 1 )
දේශපාලන ( 123 )
ධනේෂ් විසුම්පෙරුම ( 1 )
ධර්මන් වික්‍රමරත්න ( 9 )
නලින් ( 2 )
නලින් ද සිල්වා ( 91 )
නලින් සුබසිංහ ( 3 )
නලින් සුභසිංහ ( 2 )
නලින්ද කරුණාරත්න ( 2 )
නලින්ද සිල්වා ( 3 )
නසරිස්තානය ( 1 )
නාමල් උඩලමත්ත ( 50 )
නාරද බලගොල්ල ( 11 )
නාලක ගොඩගේවා ( 4 )
නාලක ගොඩහේවා ( 1 )
නාවික හමුදා කඳවුර ( 1 )
නිදහස ( 1 )
නිදහස් අධ්‍යාපනය ( 1 )
නිර්මල කොතලාවල ( 5 )
නිර්මාල් රංජිත් දේවසිරි ( 3 )
නිසංසලා රත්නායක ( 1 )
නීතිඥ කණිෂ්ක විතාරණ ( 6 )
නීතිඥ සංජීව වීරවික්රම ( 2 )
නීල කුමාර නාකන්දල ( 1 )
නොනිත් ලක්නිදු කරසිංහ ( 1 )
නෝනිස් ( 1 )
පරණගම වාර්තාව ( 1 )
පසිදු ධර්මවංශ ( 3 )
පාවා දීම ( 1 )
පාවාදෙමුද ( 1 )
පැතුම් ඒ. රණසිංහ ( 8 )
පැතුම් ඒ.රණසිංහ ( 4 )
පැතුම් රණසිංහ ( 3 )
පැවිදි හඬ ( 2 )
පුනර්ජි දඹොරගම ( 24 )
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි ( 1 )
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ( 2 )
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ( 7 )
පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි ( 4 )
පොඩි මෑන් ගේ සමයං ( 1 )
පොත් ප්‍රකාශකයන් ( 1 )
පොදු අපේක්ෂයා ( 1 )
ප්‍රකාශ් වැල්හේන ( 6 )
ප්‍රදීප් විජේරත්න ( 1 )
ප්‍රසංග සිගේරා ( 1 )
බණ්ඩාර දසනායක ( 9 )
බම්බුව ( 1 )
බලු කතා ( 1 )
බිල්ලො ඇවිත් ( 5 )
බුදු දහම ( 3 )
බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය ( 1 )
බෙංගමුවේ නාලක ( 1 )
බෙංගමුවේ නාලක හිමි ( 2 )
බෙදුම්වාදය ( 3 )
බෙදුම්වාදී ( 3 )
බෞද්ධයා ( 1 )
භාෂාව ( 1 )
මතීෂ චාමර අමරසේකර ( 1 )
මතුගම සෙනවිරුවන් ( 5 )
මනෝඡ් අබයදීර ( 6 )
මනෝහර ද සිල්වා ( 8 )
මනෝහර සිල්වා ( 2 )
මරක්කල ( 1 )
මහ නාහිමි ( 1 )
මහාචාර්ය ජී. එච්. පීරිස් ( 1 )
මහාචාර්ය වසන්ත දේවසිරි ( 7 )
මහාචාර්යය ගාමිණි සමරනායක ( 1 )
මහින්ද ( 4 )
මහින්ද පතිරණ ( 54 )
මහින්ද රනිල් ( 5 )
මහින්ද රාජපක්ෂ ( 1 )
මහිම් සූරියබණ්ඩාර ( 1 )
මාදුළුවාවේ සෝභිත හිමි ( 1 )
මාධවී හේරත් ( 1 )
මානව හිමිකම් ( 1 )
මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ ( 1 )
මාලින්ද සෙනවිරත්න ( 1 )
මැදගොඩ අභයතිස්ස නාහිමි ( 1 )
මැදගොඩ අභයතිස්ස හිමි ( 2 )
මිලේනියම් සිටි ( 2 )
මුස්ලිම් ( 1 )
මෙල්බර්න් අපි ( 1 )
මෛත්‍රිපාල ( 1 )
මොහාන් සමරනායක ( 12 )
යටත්විජිතකරණය ( 4 )
යටියන ප්‍රදිප් කුමාර ( 23 )
යටියන ප්‍රදීප් කුමාර ( 1 )
යුතුකම ( 1 )
යුතුකම ප්‍රකාශන ( 1 )
යුතුකම මාධ්‍ය හමුව ( 3 )
යුතුකම මාධ්‍ය හමුව... ( 1 )
යුතුකම සංවාද කවය ( 1 )
යුධ අපරාධ ( 1 )
යොහාන් නාලක විජේනායක ( 7 )
රංජිත් සියඹලාපිටිය ( 1 )
රණ විරුවන් ( 1 )
රණ විරුවා ( 2 )
රණවිරුවන් දංගෙඩියට ( 1 )
රත්තනදෙණියේ මේධානන්ද හිමි ( 36 )
රනිල් වික්‍රමසිංහ ( 1 )
රන් කරඬුව ( 1 )
රන්ජන් අමරරත්න ( 1 )
රන්ජන් බාලසුරිය ( 1 )
රන්ජන් බාලසූරිය ( 4 )
රවිප්‍රිය තුෂාර ( 2 )
රාජතාන්ත්‍රික ( 1 )
රාජපක්ෂ ( 2 )
රාජ් සෝමදේව ( 1 )
රාජ්‍ය සේවය ( 1 )
රියර් අද්මිරාල් සරත් වීරසේකර ( 15 )
ලංකේෂ්වර කිවුලේගෙදර ( 1 )
ලක් බුදු සසුන මුහුණ දෙන කාලීන අභියෝග සහ විසඳුම් ( 1 )
ලසන්ත ( 1 )
ලසන්ත වික්‍රමසිංහ ( 67 )
ලේකම් ( 1 )
වරුණ චන්ද්‍රකීර්ති ( 1 )
වංශපුර දේවගේ ජානක ( 27 )
වසන්ත බණ්ඩාර ( 2 )
වහාබ් ( 1 )
විඡේවීර සැමරුම ( 1 )
විජයග්‍රහණයේ දිනය ( 1 )
විජේවීර ( 1 )
විදුර ක්‍රිෂාන්ත ( 1 )
විධායක බලය ( 1 )
විනුක විදාණපතිරණ ( 3 )
විනුක විදානපතිරණ ( 2 )
විමංස ගේ සිතුවිලි මාලා ( 1 )
විමුක්ති වනිගසේකර ( 11 )
විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි ( 31 )
විශ්ව චින්තන ( 4 )
වීර ලංකා ( 1 )
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ( 1 )
වෙනස සැපද ( 2 )
වෙනස සැපද? ( 2 )
වෙල්ගම ගුණසිරි හිමි ( 1 )
වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ( 1 )
වෛද්‍ය කේ. සුරන්ප්‍රිය ( 3 )
වෛද්‍ය චන්න ජයසුමන ( 4 )
වෛද්‍ය වසන්ත දේවසිරි ( 35 )
වෛද්‍ය වසන්ත බණ්ඩාර ( 2 )
වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර ( 1 )
ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ ( 2 )
ශිරන්ත චාමර ( 16 )
ශ්‍යාම් නුවන් ගනේවත්ත ( 2 )
ශ්‍රී රෝහණ ( 2 )
ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ ( 1 )
සංඛ රන්දෙනිකුමාර ( 4 )
සංගීතය ( 1 )
සජින් ( 1 )
සජීව චාමිකර ( 1 )
සදීර බණ්ඩාර ( 2 )
සධීර බන්ඩාර ( 7 )
සනත් මාපලගේ ( 1 )
සඳරුවන් මහින්දරත්න ( 2 )
සභ්‍යත්ව රාජ්‍යය කරා ( 1 )
සමන් ගමගේ ( 2 )
සමාජ විචාර ( 33 )
සමීර ගල්පාය ( 3 )
සම්පත් බණ්ඩාර ඒකනායක ( 1 )
සරච්චන්ද්‍ර ( 1 )
සරත් වීරසේකර ( 13 )
සාහිත්‍ය හා විචාර ( 32 )
සිරිසේන ( 1 )
සිංහල ( 2 )
සිංහල බුද්ධාගම ( 3 )
සිංහල විද්වත් එකමුතුව ( 1 )
සී ඒ චන්ද්‍රප්‍රේම ( 1 )
සීපා ( 1 )
සුභාෂ් වික්‍රමගේ ( 3 )
සුමනසිරි ලියනගේ ( 1 )
සුමුදු අධිකාරී ( 1 )
සුමේධ වීරවර්ධන ( 2 )
සුරකිමු ලංකා ( 1 )
සුරෝෂන ඉරංග ( 2 )
සුසිරිත් වීරසේකර ( 1 )
සේන තෝරදෙනිය ( 4 )
සේනක කුමාරසිංහ ( 1 )
සේපාල් අමරසිංහ ( 1 )
සොනාල ගුණවර්ධන;දොන් ජුවන් ධර්මපාල ( 1 )
සෝභිත හිමි ( 1 )
සෝමවංශ අමරසිංහ ( 1 )
ස්වර්ණ පුස්තක ( 1 )
හර්ෂ සිරිවර්ධන ( 1 )
හිමන්ත කුරේ ( 2 )
හෙළ උරුමය ( 2 )
හේමක මවින්ද්‍ය විජයතිලක ( 3 )
11/09/2019
ගම දිනුම්! රටම දිනවමු!!
කතෘ:යුතුකම
11/09/2019
No comments
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
11/06/2019
අනාගත ඉඩම් මංකොල්ලයකට නීතිමය පාර කපන ද්‍රෝහී MCC ගිවිසුම
කතෘ:යුතුකම
11/06/2019
No comments
-ගෙවිඳු කුමාරතුංග ස්වාධීන රූපවාහිනී 'තීරණය' වැඩසටහනේදී දැක්වූ අදහස් දැක්වීම
2019-11-05
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
11/03/2019
නිමා නොවෙන ‘සංක්‍රාන්ති සමයක’ හෙළිදරව්ව
කතෘ:යුතුකම
11/03/2019
No comments
-මහාචාර්ය වසන්ත දේවසිරි-
ගෙවී ගිය ශතක හතරක පහක කාලයක් තුළ බටහිර නූතනවාදය ක්‍රම ක්‍රමයෙන් ලොව වෙලා ගත්තේ විවිධ රටවල්වලට, ජාතීන්ට උරුම වූ සංස්කෘතීන් සභ්‍යත්වයන් යටපත් කරමිනි. මෙම ප්‍රවාහය මුළු ලොව ම ගිලගන්නා සැඩ පහරක් බවට පත් වූයේ පසුගිය සියවසේ මැද භාගයේ පමණ සිට ය. මෙම ප්‍රවණතාවය නිසා නිර්මාණය වූ මහා මානුෂික ඛේදවාචකය නම් එතෙක් පැවති සාමුහිකතවය පදනම් කරගත් සභ්‍යත්වයන් බිඳ වැටී පුද්ගලිකභාවය ඉස්මතු වී මිනිසා සමාජයෙන් වියුක්ත වී විගලිත භාවය ට පත් වීම යි. අද නව යටත් විජිතවාදය තුළ පීඩා විඳින රටවල්වල මෙන් ම ඊනියා සංවර්ධිත රටවල ජීවත් වන්නන් ද මෙම විගලිත භාවය නිසා අසහනකාරී අතෘප්තිකර ජීවිත ගත කරමින් නිරන්තරව පීඩාවට පත් වෙයි. මෙවන් වූ පීඩාවෙන් මිදිය හැකි මඟක් පිළිබඳ ව අප තුළ බරපතල සැක සංකා පහළ වෙමින් පවතින සමයකය ගුණදාස අමරසේකර මහතා සිය නවතම නවකතාව වූ සංක්‍රාන්ති සමය එළි දක්වන්නේ. එය සහෘදයා තුළ නව බලාපොරොත්තු නංවන නිර්මාණයක් වන්නේ අමරසේකර මහතා අප පෙළන ව්‍යාධිය මෙන් ම ඉන් මිදිය හැකි මඟ ද එකම චිත්රයක සිතුවම් කර දැක් වීමට මෙම නිර්මාණය තුළින් සමත් වන බැවිනි.
කොටස් තුනකින් යුතු වූ මෙම කෙටි නවකතාව ඉදිරිපත් කර ඇත්තේ සුජාතා, ඇගේ වැඩිමහල් සහෝදරිය හා සුජාතා ගේ සැමියා වූ රාජන් විසින් කරනු ලබන කථනයන් තුනක් ලෙසිනි.
මෙහි මුල් කථනය ආරම්භ වන්නේ සිය මවගේ හා සහෝදරියගේ දැඩි විරෝධතාවය නොතකා නීති විද්‍යාලයේ දී මුණ ගැසෙන ද්‍රවිඩ ජාතික තරුණයකු වූ රාජන් සමඟ විවාහ වී ඇමෙරිකාවේ පදිංචියට යන සුජාතා එහිදී මුහුණ දෙන මානසික ආතතියට ප්‍රතිකාර ගැනීමට මනෝ වෛද්‍යවරියක මුණ ගැසෙන අවස්ථාවෙනි. ඇයට වඩා වසර දහයකින් පමණ වැඩිමහල් සොහොයුරියගේ සෙනෙහෙබර ආදරය හා රැකවරණය යටතේ හැදුනු වැඩුණු සුජාතා ගේ හිතුවක්කාර විවාහය කෙරෙහි සිය දයාබර සොහොයුරිය වෙතින් එල්ල වන දැඩි විරෝධය යටින් දිවෙන ආදරය සෙනෙහස හඳුනා ගැනීමට ඇය අසමත් වන්නී ය. තමා ඉපදුනු හැදුනු වැඩුණු සුපුරුදු පරිසරයෙන් ඉවත් කරනු ලැබූ ඇය ස්වභාවයෙන් ම කරුණාවන්ත පුද්ගලයෙකු වූ රාජන්ගේ ආදරය විඳ ගැනීමට අසමත් වෙනවා පමණක් නොව ඔහු හා ඔහුගේ මිතුරන් ත්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයින් යැ යි තීරණය කරයි. මෙසේ ක්‍රම ක්‍රමයෙන් විගලිත භාවයට පත්වෙන සුජාතා දරුවකු පිළිසිඳ නොගැනීම තමාට ලැබුණු දඬුවමක් ලෙස සලකා දැඩි පීඩාවට පත් වන්නී ය. මෙම පීඩාවෙන් මිදීමට වෛද්‍යවරිය ඇයට යෝජනා කරන්නේ අතීත අවලෝකනයක යෙදෙන ලෙසට ය. එහි දී සුජාතා සිය ළමා විය හා යොවුන් විය හා බැඳි අතීතය වෙත නිරායාසයෙන් ම යොමු වන අතර පසුකාලීන සිදුවීම් පිළිබඳ ව අවලෝකනයක යෙදීමට ඇයගේ ම ඇවත් සිත් ඇයට ඉඩ නො දේ. විශිෂ්ට ගණයේ කතාකරුවකු වන අමරසේකර මහතා සුජාතාගේ අතීත අවලෝකන අතරට එක් කරන මුල් වාක්‍ය ම සුජාතා පමණක් නොව අප සියලූ දෙන නූතනත්වය තුළ මුහුණ දෙන විගලිත භාවය හකුළා දක්වන්නෙකි.
‘මහ පාරට මුහුණ ලා සිටින අප නිරතුරු රැුස් වී පිළිසඳරෙ හි යෙදෙන ආලින්දයෙකින් යුත් ඒ කුඩා නිවස මට මැවී පෙනේ. දවසේ ප්‍රීතිමත් ම කාලය අප ගෙවන්නේ සැඳෑ කාලයේ එතැනට වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටින විට යි.’
නූතනත්වය තුළ අපට අහිමි වී යන ප්‍රධාන ම දෙය නම් සාමූහික දිවි පෙවතේ පදනම වූ මෙවන් වූ සතුටු සාමීචිය යැ යි සිතමි.
මා විසින් මුලින් ද සඳහන් කළ අයුරු මෙම නිර්මාණයෙහිි ඇති සුවිශේෂී ගුණය නම් අප පෙළන ව්‍යාධිය මෙන් ම ඊට දිය හැකි පිළිතුර ද වරින් වර මාරුවෙන් මාරුවට චිත්රණය කර දැක්වීම යි. මෙම නිර්මාණයෙ හි එන වඩාත් ම සංවේදී කොටස වන දෙවැනි කථනය ඉදිරිපත් කරන්නේ සුජාතා ගේ සොහොයුරිය යි. මේ කාලය තුළ සුජාතා ගැබ් ගැනීමත්, එම දරු ගැබ ඉවත් කිරීමට සිදු වීමත්, සුජාතාට පිළිකාවක් වැළඳීමත් ඇය මරණයට පත් වීමත් ඇතුළත් වෙයි. මෙහි දී පාඨකයාගේ අවධානයට යොමු වන්නේ මේ එකක් පස්සේ එකක් එන කරදර සමූහය ට සුජාතා මුහුණ දෙන ආකාරය යි. කලින් මෙන් දැඩි මානසික ආතතියකට පත් නොවී දැඩි සංයමයකින් යුතු ව මේ සියලූ කරදරවලට මුහුණ දීමට හැකි ශක්තිය සුජාතා ලබා ගත්තේ කෙසේ ද? ඒ පසුගිය කාලය තුළ සුජාතාට යළිත් වරක් පුද්ගලිකත්වය නොව සාමූහිකත්වය ඉස්මතු කරන තමාට උරුම වූ සිංහල බෞද්ධ සභ්‍යත්වය තුළ ජීවත් වීමට අවස්ථාව සැලසීම ද? මේ කාලය තුළ සුජාතා තම සොහොයුරිය හා මව සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමට සමත් වෙන අතර ඇයගේ ජීවිතයේ දුෂ්කර කාලයේදී ඔවුන් සමඟ දුක සැප බෙදා ගැනීමට ද ඇයට අවස්ථාව සැලසේ. කාරුණික සැමියකු වූ රාජන්ගේ සැබෑ ස්වරූපය හැඳින ගන්නා ඇය ඔහුගේ නොමඳ ආදර කරුණා ලබමින් සතුටින් මිය යන්නී ය.
දශක හයකට අධික කාලයක් තිස්සේ නිර්මාණය සාහිත්‍යයේ නියැලී සිටි අමරසේකර මහතා එතෙක් මෙතෙක් ඉදිරිපත් කරන ලද ඉතාමත් සංවේදී වූ ද හැඟුම්බර වූ ද විස්තරය අඩංගු වන්නේ ද මෙම දෙවැනි කථනය තුළ යැ යි මම සිතමි. මෙය හුදු අහම්භයක් යයි මම නොසිතමි. මෙරට උගත් මැද පන්තිය තම හැඟීම් සඟවා ගැනීමට ඉගෙන ගත්තේ ඉංග්‍රීසින් අනුකරණය කිරීමෙන් යැ යි සිතමි. සුජාතා තම ජීවිතය පුරා දුක් වින්දේ සිය හැඟීම් සඟවා ගැනීමට කරන ලද උත්සාහය නිසා ය. සිය හැඟීම් නො සඟවා එළි කරමින් ජීවිතය හදවතින් විඳ ගැනීමට ඉගෙන ගන්නා සුජාතා තම සොහොයුරිය හා සැමියා ගේ තුරුල්ලේ සතුටින් මිය යයි. මා මේ කියන දෙය වඩාත් හොඳින් තේරුම් ගැනීමට මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ විරාගය නවකතාවේ අවසන් පිටුවේ එන මෙම සටහන උදවු වේ යැ යි සිතමි.
‘මගේ ලෙඩ සුව නොවේ. එහෙත් කරුණාව, දයාව, ඇල්ම ආදී මිනිස් දහමින් නොතොර තැනක ජීවත් වීම නිසා මගේ කලකිරීම දුරු විය.’
සුජාතාගේ කලකිරීම දුරු වී යන්නේ ද කරුණාව, ඇල්ම, දයාව යන මිනිස් ගුණාංග නැවත වරක් ඇගේ දිවියට ළඟා වීමත් සමඟ ය.
මේ කාලය තුළ දී සුජාතා පමණක් නොව රාජන් ද බුදු දහම කරා යොමු වීම පාඨකයාගේ අවධානයට යොමු විය යුත්තකි. අද අප රටේ ද ශීඝ්‍රයෙන් පැතිර යන්නේ බටහිර බුදු දහම යි. ආත්මවාදී දෘෂ්ටියකින් බිහිවුණු බටහිර සභ්‍යත්වය උරුම කරගත් ඔවුහු බුදුදහම සලකන්නේ පුද්ගල විමුක්ති මාර්ගයක් ලෙසින් ය. ඇමෙරිකාවේ භාවනා මධ්‍යස්ථානයකින් බුදුදහම ඉගෙන ගන්නා සුජාතා ඇයට වැළඳෙන පිළිකා රෝගයට බෙහෙත් ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ බටහිර බුදු දහම මඟින් ඇගේ පුද්ගලිකත්වය ඉස්මතු කර තබන ලද බැවින් විය යුතු ය. මෙවන් වූ පුද්ගලිකත්වය ඉස්මතු වූ මානසිකත්වය සැබෑ උපේක්ෂාව නොව ‘ගේහිසිත උපේක්ෂාව’ මතු වීමට අනුබල දෙන්නකි. තම ජීවිතය පිළිබඳ තීරණ ගැනීම තමාගේ තනි අයිතියක් ය යන මිථ්‍යාවෙන් සුජාතා මිදෙන්නේ සිය ළබැඳි සොහොයුරිය ඇමෙරිකාවට පැමිණීමෙන් පසුව ඇයගේ සෙනෙහස විඳීමට පටන් ගත් පසුව ය.
සුජාතා මියගොස් දින කිහිපයකට පසු ව රාජන් සුජාතා බෞද්ධ සාහිත්‍යයේ ඉන්නා තෙරණියක ලෙස තමන්ට හැෙඟ් යැ යි පවසයි. කේ. එන්. ජයතිලකගේ, වල්පොල රාහුල හිමිගේ බටහිර චින්තනයට නැඹුරු වූ ශාස්ත්‍රීය ග්රන්ථ තුළ බුදු දහමේ හරය සොයමින් සිටි රාජන් ඒ වන විටත් බුදු සමයේ සැබෑ හදවත හඳුනාගෙන සිටි බව ද සුජාතා තෙරණියකට සමාන කොට දැක්වීමෙන් පෙන්නුම් කරන්නේ. ථෙරි ගිථා තුළින් නිරූපණය වන්නේ විමුක්තිය උදෙසා ජීවිතයෙන් පලා යන චරිත නොව ජීවිතයට මුහුණ දීමෙන් විමුක්තිය උදා කර ගන්නා චරිතයන් ය.
සංක්‍රාන්ති සමයේ අවසන් කථනය සුජාතාගේ සැමියා වූ රාජන්ගෙනි. සුජාතාගේ මරණයෙන් පසු ඔහුගේ මිතුරා වූ ධර්මන්ගේ ඉල්ලීම මත ඔහු යළිත් වරක් දේශපාලන සංවාදවලට සහභාග් වෙයි. දෙමළ ඩයස්පෝරාව මඟින් ක්‍රියාවට නැංවෙන බෙදුම්වාදයට විරුද්ධ විකල්ප මතවාදයන් මෙහි දී සාකච්ඡුාවට බඳුන් වෙයි. මෙහි දී රාජන් විසින් ද අනුදක්නා ලද සිංහල බෞද්ධ සභ්‍යත්වය වටා ගොඩනැගෙන සභ්‍යත්ව සහවාසය පිළිබඳ සංකල්පය බොහෝ දෙනෙකු විසින් අනුමත කෙරුණු නමුදු එය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් ඔවුනට නොමැත. මේ වන විට සුජාතාගේ සොහොයුරියගේ ස්වාමි පුරුෂයා වන සේනක සමඟ ද දේශපාලන සංවාදයක් ගොඩ නංවාගෙන සිටින රාජන් සුජාතාගේ තුන් මාසේ දානමය පිංකම වෙනුවෙන් ලංකාවට එන්නේ සිය කිට්ටුම මිතුරා වන ධර්මන් ද සමඟිනි. දේශපාලන නවකතාකරුවකු වන ගුණදාස අමරසේකර මහතා සංක්‍රාන්ති සමය තුළ අප මුහුණ දෙන භයානක තත්ත්වය විස්තර කරන්නේ රාජන්ගේ ලංකා ගමන හා සම්බන්ධ කරමිනි. කොළඹ නගරය තුළ අහස උසට ගොඩනැගිලි ඉදිවෙමින් දුප්පත්කම පමණක් සංවර්ධනය කෙරෙන නව ලිබරල් ආර්ථික මොඩලය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතිද්දී, සේනක විසින් පෙන්වා දෙන අයුරු විදෙස් මැදිහත්වීමක අන්තරාය එළිපත්තටම පැමිණ තිබෙන මොහොතක, රට බෙදා වෙන් කිරීමේ කුමන්ත්‍රණය නොකඩවා ක්‍රියාත්මක වන රටක සභ්‍යත්ව සහවාසය ගැන කතා කිරීම කොතරම් දුරට ප්‍රායෝගික දැ යි යන ගැටලූව පාත්‍ර වර්ගයා තුළ ද පාඨකයා තුළ ද ඇති කරමිනි සංක්‍රාන්ති සමය නිමාවට පත් කරන්නේ.
මෙවන් වූ නවකතාවක් තුළට රටේ ඉතිහාසය හා සම්බන්ධ සත්‍ය සිදුවීම් ඇතුළත් වීම වැළැක්විය නොහැක. නිර්මාණකරුවා මෙම ඓතිහාසික සිද්ධීන් උපයෝගී කරගන්නේ එම සිද්ධීන් සිය නිර්මාණයෙ හි එන පාත්‍ර වර්ගයා කෙරෙහි බලපාන බැවිනි. ඉතිහාසය පිළිබඳව දැනුවත් පාඨකයා තුළ මෙම නවකතාවේ එන ඇතැම් කාල වකවානු පිළිබඳව ගැටලූ ඇති වීමට ඉඩ ඇත. එය ඔවුන්ගේ රස වින්දනයට බාධාවක් නොවිය යුත්තේ මෙය නිර්මාණ සාහිත්‍ය කෘතියක් මිස ඓතිහාසික ලියවිල්ලක් නොවන බැවිනි.
‘සංක්‍රාන්ති කාලය නැකත් ඇදුරන් විසින් හඳුන්වනු ලබන්නේ කිසිවකු යථාභූත ඥානයෙන් තොර ව විපරිත මනසකින් කටයුතු කිරීමට සලස්වන දුර්දාන්ත පලවිපාක ගෙනදෙන අවධියක් ලෙස ය.’
නයෝමි ක්ලෙයින් නමැති ලේඛිකාව සුප්‍රසිද්ධ ‘ෂොක් ඩොක්ටි්රන්’ කෘතියේ සඳහන් කරන අයුරු අධිරාජ්‍යවාදීන් සිය අභිමතාර්ථයන් සපුරා ගැනීම සඳහා රටවල්වල මෙවන් වූ මනස විපරිත කරවන යුගයන් නිර්මාණය කරයි. අප මේ පසු කරන්නේ ද එවන් වූ අප සඳහා ම නිර්මාණය කර දෙන ලද සංක්‍රාන්ති සමයක ද? එය අප වෙනුවෙන් කවරෙකු විසින් හෝ නිර්මාණය කර දෙන ලද්දක් වුව ද අප විසින් ම තනා ගත්තක් වුව ද, ඉන් ගැලවීම සඳහා ඇති විසඳුම අප නැවතත් අපගේ සිංහල බෞද්ධ ජාතික චින්තනය පාදක කරගත් සභ්‍යත්වය සහවාසයක් නිර්මාණය කර ගැනීම ම බවය අමරසේකර මහතා යළිත් වරක් අපට පෙන්වා දෙන්නේ.
අප අමරසේකර මහතා ඉදිරිපත් කරන සභ්‍යත්වය සහවාසය මත පදනම් වුණු විකල්පය පිළිගත්ත ද නොගත්ත ද තවදුරටත් මේ බටහිර ගැති නව ලිබරල් වාදය හා සහවාසයෙන් යා හැකි ගමනක් නැති බව නම් අපට තේරුම් යා යුතු ය. අද අප පසු කරමින් සිටින සංක්‍රාන්ති සමය තුළ අමරසේකර මහතාගේ පොත කොතෙක් දුරට පාඨක අවධානයට ලක් වේ දැ යි මා සිත සැක සංකා මතුවෙන්නේ අප අද මුහුණ දෙන ප්‍රශ්නවලට ඉතාමත් ඉක්මන් විසඳුම් අවශ්‍යව ඇති බැවිනි. ඒ සියල්ල අතරේ වුව ද අපට උරුම අපේ සභ්‍යත්වය වෙත යළි යොමු වීමට අපේ ම හදවතින් කෙරෙන ආමන්ත්රණයට අප සවන් යොමු කළ යුතු ම ය. අපට තවදුරටත් ඊට පිටු පා ජීවත් විය නො හැකි ය.
මහාචාර්ය වසන්ත දේවසිරි
පීඨාධිපති වෛද්‍ය පීඨය
රුහුණ විශ්වවිද්‍යාලය.
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
එජාපයේ ම්ලේච්ඡ ඉතිහාසයෙන් බිඳක්...
කතෘ:යුතුකම
11/03/2019
No comments
- ඉසුරු ප්‍රසංග -
> 1977 ජුලි 22 පැවති මැතිවරණයෙන් එජාපය ජය ගැනීම සහ එයින් පසු පොලීසි සඳහා සතියක් නිවාඩු ලබා දී විරුද්ධවාදීන් මර්දනය කිරීම. එහිදී....
මිනිස් ඝාතන 6ක්
නිවාස ගිනි තැබීම් 37ක්
පහරදීම් හා මංකොල්ලකෑම් 1400ක්
දේශපාලන පලිගැනීම් ලෙස සේවයෙන් පහකිරීම් 18462ක්
ස්ථාන මාරුකිරීම් 72881ක් වාර්තා විය.
> 1977 අගෝස්තු 17 වැනිදා සිදුකළ ජාතිවාදී කෝලාහලවලින් විශාල පිරිසක් පීඩාවට පත් කිරීම. එහිදී...
පුද්ගල ඝාතන 100ක්
ස්ත්‍රී දූෂණ 284ක්
නිවාස ගිනි තැබීම් 8088ක්
දේපල මංකොල්ලකෑම් 20776ක්
පහරදීම් 40000ක් වාර්තා විය.
> 1978 පෙබරවාරි 4 වැනිදා ජේ. ආර්. ජයවර්ධන ප්‍රථම විධායක ජනපති ලෙස දිවුරුම් දීම සහ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම.
> 1978. 11. 20 ගෙන ආ පළමු ව්‍යවස්ථා සංශෝධනය මගින් සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කොට තම ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියා අක්‍රිය කිරීම.
> සරසවි සිසුන් මර්දනය සඳහා 1978 වසරේදී නව විශ්ව විද්‍යාල පනත සම්මත කර ගැනීම. මේ කාලයේදී ශිෂ්‍ය මර්දන ක්‍රියා, පාතාල මැර පිරිස් යොදවා කළ පහරදීම්ද සුලබව වාර්තා වූ අතර රනිල් වික්‍රමසිංහ ඊට සක්‍රියව දායක වී ඇත.
> 1978 මාර්තු 16 වැනිදා කැළණි සරසවියේ ඇතිවූ ගැටුමකින් ක්‍රිස්ටෝපර් ජයතිලක නමැති මැරයා මරණයට පත්වූ අතර ජනාධිපතිවරයා ඔහුගේ අවමගුලට සහභාගී වීම.
> ස්ත්‍රී දූෂණයක් නිසා සිරගතව සිටි ගෝනවල සුනිල්ට ජනාධිපති සමාවක් ලබාදී සාම විනිසුරු පදවියක් පිරිනැමීම. ගෝනවල සුනිල් රනිල් වික්‍රමසිංහගේද සමීප මිතුරෙකි.
> පඩි වැඩිවීමක් ඉල්ලා 1980 ජුනි 5 වෙනිදා සිදුකල පිකටින් ව්‍යාපාරයට මැර ප්‍රහාර එල්ල කොට ඩී. සෝමපාල මහතා මරා දැමීම.
> 1980 ජූලි 17 වැනිදා රුපියල් 300ක පඩි වැඩි වීමක් ඉල්ලා පැවති ජූලි වර්ජනයෙන් 40356 කට රැකියා අහිමි කිරීම. මෙහිදී පහරදීම්, සිරගත කිරීම් නිසා සිත් තැවුලට පත් වර්ජකයෝ 39 දෙනෙක් සිය දිවි හානි කොට ගත්හ.
> 1981 ජනවාරි 21 වැනිදා අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව පැවති උද්ඝෝෂණයට එල්ල කළ බරපතළ ප්‍රහාරය. මෙහිදී අශ්වයන් ලවා පෑගීමෙන් සිසුන් කීප දෙනෙක් සදාකාලික අබ්බගාත තත්ත්වයට පත්විය.
> 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයේදී ඇතිවූ ගැටුම් අතරතුර ආණ්ඩුවේ මැර පිරිස් දකුණු ආසියාවේ විශාලතම පුස්තකාලය වූ යාපනය පුස්තකාලයට ගිනිතැබීම. වටිනා පොත් 90000ක් එහිදී විනාශයට පත්විය.
> ඡන්ද පෙට්ටි අතුරුදන්වීම්, හොර ඡන්ද දැමීම්, බිය ගැන්වීම් රැසක් යටතේ සංවර්ධන සභා ඡන්දය පැවැත්වීම. මෙය මහා පරිමාණයෙන් අයථා ක්‍රියා සිදුවූ ලංකාවේ පළමු මැතිවරණය ලෙස ඉතිහාසයට එක් වෙයි.
> විරුද්ධ පක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කොට, නියමිත කාලයට පෙර 1982 ඔක්තෝබර් 21 වැනිදා ලංකාවේ පළමු ජනාධිපතිවරණය පැවැත්වීම. මෙහිදී විරුද්ධ අපේක්ෂකයා වූ කොබ්බෑකඩුවගේ ජන්දය පවා වංචනික ලෙස භාවිතා කර තිබිණි.
> 1982 ජූලි 22 වැනිදා බෞද්ධ සම්මේලන ශ්‍රවණාගාරයේ පැවති දේශනයකදී මහාචාර්ය සරත්චන්ද්‍ර ඇතුළු පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල කිරීම.
> ලසසපයේ මන්ත්‍රීවරියක වූ විවියන් ගුණවර්ධනට කොල්ලුපිටිය පොලීසියේදී බිම දමා පහර දීම සහ උසාවියෙන් වරදකරු වූ පොලිස් පරීක්ෂකවරයාට උසස්වීමක් පිරිනැමීම.
> හතරවැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තු නිල කාලය මැතිවරණයකින් තොරව දීර්ඝ කර ගැනීමට ජේ. ආර්. ජයවර්ධන කටයුතු කිරීම.
> නක්සලයිට් කුමන්ත්‍රණ කතාවක් නිර්මාණය කොට ඒ යටතේ විජය කුමාරතුංග, හෙක්ටර් කොබ්බෑකඩුව, රත්නසිරි වික්‍රමනායක ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම. මැතිවරණ කල් දැමීමට හේතුව ලෙස එජාපය භාවිතා කළේද මේ නක්සලයිට් කතාවය.
> මහ මැතිවරණයක් අවශ්‍යද නැද්ද යන්න විමසීමට 1982 දෙසැම්බර් 22 වැනිදා ජනමත විචාරණයක් පවත්වා ඡන්ද කල් දැමීම.
> රට පුරා හදිසි නීතිය පැනවීම, ශ්‍රිලනිප සංවිධායකවරුන් ඇතුළු විසිදෙනෙක් අත්අඩංගුවට ගැනීම, ඇත්ත පුවත්පතට සහ යාපනයේ පළවූ සුදන්ධිරන් පුවත්පතට සීල් තැබීම, ශ්‍රිලනිප පක්ෂ මූලස්ථානයට සීල් තැබීම, මැර බලය යෙදවීම, ඡන්ද මංකොල්ලකෑම්, බිය ගැන්වීම් ආදී ක්‍රියා මෙහිදී විශාල ලෙස වාර්තා විය. ඡන්ද කොමසාරිස්වරයා පසු කලෙක නිකුත් කළ වාර්තාවක ඒ කරුණු දැක්වේ.
> 1983 ජූලි 24 වැනිදා එජාපයේ අනුග්‍රහයෙන් දෙමළ ජනයාට එරෙහිව ප්රචණ්ඩ ක්‍රියා සිදුකිරීම. (කළු ජූලිය) නිවාස ගිනි තැබීම්, කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, පහරදීම්, මිනීමැරුම් රාශියක් මෙහිදී වාර්තා විය.
> කළු ජූලියේ වගකීම වමේ පක්ෂ මත පැටවූ එජාප රජය ජවිපෙ, කොමියුනිට්ස් පක්ෂය, නව සමසමාජ පක්ෂය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කිරීම. (1983 ජූලි 30)
> 1983 දෙසැම්බර් 27 වැනිදා පේරාදෙණිය සරසවිය තුළ පොලීසියක් කිරීම. ඊට එරෙහිව පැවති උද්ඝෝෂණවලදී පද්මසිරි අබේසේකර (ජුනි 19) සහ රෝහණ රත්නායක (ජුනි 21) යන සිසුන් දෙදෙනා ඝාතනයට ලක්විය.
> 1987 ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් තබමින් ලංකාව පෙඩරල් රාජ්‍යයක් කිරීමට පසුබිම සැකසීම. මේ දේශද්‍රෝහී ගිවිසුම අත්සන් තැබීමට පෙර සරසවි සිසුන් 88ක් ඇතුළු ඊට විරෝධය පළ කළ පිරිස් විශාල වශයෙන් අත්අඩංගුවට ගනු ලැබිණි.
> 1987 ජූලි 28 වැනිදා ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව කොටුවේ පැවති උද්ඝෝෂණයට වෙඩි තැබීමෙන් 121 දෙනෙක් මහ පාරේ මරාදැමීම. අනතුරුව රට පුරා ඇතිවූ කලබලවලින් 132ක් ඝාතනයට ලක්ව 712ක් අත්අඩංගුවට පත්විය.
> රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් මේ භීෂණ සමයේදී බටලන්දේ වධකාගාරයක් පවත්වාගෙන ගිය අතර, ඒ තුළ පුද්ගලයන් 100කට අධික ප්‍රමාණයක් ඝාතනයට ලක්ව ඇත.
> 1988 පළාත් සභා මැතිවරණය, 1988 ජනාධිපතිවරණය, 1989 පාර්ලිමේන්තු මැතිවරණය යන මැතිවරණ තුනම පවත්වන ලද්දේ භීෂණ සමයේ දැඩි ප්රජාතන්ත්ර විරෝධී පසුබිමක් යටතේය. ගිනි අවි රැගත් මැරයන් ඡන්ද පත්‍රිකා සියල්ල රැගෙන පෙට්ටි පිරවීමේ සිදුවීම් ගණනාවක් වාර්තා විය.
> 1977 සිට එජාපය ආ මේ ගමන දකුණේ දැවැන්ත සන්නද්ධ අරගලයකට පවා පසුබිම සකසමින් රට මහා ඛේදවාචකයට ගොදුරු කළේය. 1988 - 1989 කාලය තුළ ඇතිවූ සන්නද්ධ කැරුල්ල හේතුවෙන් පුද්ගලයන් 67652ක් ඝාතනයට ලක්විය.
මේ අනුර කුමාරලා බොරු විදිමින් සේවය කරන එජාපයේ කතාවෙන් බිඳකි. ලිබරල්වාදී සිවිල් සමාජ අම්බරුවන් ප්‍රජාතන්තවාදය ඉල්ලා සරණ යන මහ දෙවොලේ කතාවෙන් බිඳකි. ඒකාධිපති පාලකයන් ගැන හසරක් නොදැන බොරුවෙන් මුලාවූ නොදරුවන් 2015 රට ගොදුරු කළ රකුසාගේ කතාවෙන් බිඳකි. සර්ව සාධාරණ පාලකයන් ලෝකයේ සිටිය නොහැකිය. එසේ වුවද මේ සිදුවූ ම්ලේච්ඡ ක්‍රියාවලින් කෝටියෙන් එකක්වත් රාජපක්ෂ පාලනය තුළ සිදුවූයේදැයි ඔබම කල්පනා කර බලන්න.
ඉසුරු ප්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
11/02/2019
ශත වර්ෂයේ මංකොල්ලය හෙවත් මිලේනියම් චැලේන්ජ්
කතෘ:යුතුකම
11/02/2019
No comments
-කපිල මහේෂ් රාජපක්ෂ -
මිලේනියම් චැලෙන්ජ් කවුරුන්ද?
දෙවන ලොක යුද්ධයෙන් පසු අවදියේ විශේෂයෙන්ම සෝවියට් සමාජවාදි කදවුර බිදවැටිමත් සමග ආර්ථික හා දේශපාලනික ශක්තිය අතින් ලොව බලවත්ම රාජ්‍ය බවට පත්වන්නට ඇමරිකා එක්සත් ජනපදය සමත්වන්නේ ධනවාදය විසින් විසින් පෘථිවි ගෝලයේ බිහි කල දර්ශිය රාජ්‍යය බවට පත්වෙමින්.
මෙම සමාජ
ආර්ථික
ක්‍රමයට අනුගතව ඇමරිකාව තුල ගොඩනැගුනු අධිපාරිබෝජනවාදි ජීවන විලාසය අඛන්ඩව පවත්වා ගෙන යැමට මෙන්ම එම
ආර්ථික
හා දේශපාලනික අධිකාරිත්ව රැකගැනිම සදහා ලොව පුරා විසිරි පවතින ස්වභාවික සම්පත් තම නිශ්පාදන වුවමනාවන් වෙනුවෙන් භාවිතයට ගැනිමත් පරිධියේ රටවල
ආර්ථික
යන්ගේ සාරය ගෝලිය නිදහස් වෙලදපොල යාන්ත්‍රණය ඔස්සේ අඛණ්ඩව තම රට වෙත ඇද ගැනිමත් ඇමරිකාවේ යාවජිව ඉලක්කය බවට පත්වු බව නොරහසකි.
මෙම
ආර්ථික
හා දේශපාලනික අරමුණ වෙනුවෙන් බහුජාතික සමාගම් ඔස්සේ ලොව පුරා වෙළද ආධිපත්‍ය පැතිර විමට අමතරව තුන්වන ලෝකයේ රාජ්‍යයන්හි පවතින සංවර්ධන උෘනතාවන් හදුනා ගනිමින් ඒවා ඉලක්ක ගත කරමින් මහා පරිමාණ මුල්‍ය ආයතන බිහිකොට ණය ආදාර ලබාදිම අරඹන්නේ පසුගිය සිය වස මැද බාගයේදියි. ඒ අනුව ලෝ බැංකුව , ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF) වැනි සංවර්ධන ණය දෙන ආයතන හා ඇමරිකන් එක්සත් ජනපදයේ පුර්ණ පාලනයෙන් ක්‍රියාත්මක USAID වැනි ආයතන පරිදියේ රාජ්‍යයන්හි ක්‍රියාත්මක වෙමින් ඒවායේ සංවර්ධන ව්‍යාපෘති සදහා ආයෝජන සිදුකල අතරම එම රාජ්‍යයන්හි රාජ්‍ය ප්‍රතිපත්ති හා රාජ්‍ය පාලනයට සැලකිය යුතු බලපැමක් සිදුකරමින් පැවතිනි.
කෙසේ වෙතත් 2003 වසර පමණ වන විට එක්සත් ජනපදයේ පැවති ජෝජ් ඩබ්. බුෂ්ගේ පාලනය හුදුනා ගෙන තිබු ආකාරයට මෙම ඉහත කි උපාය මාර්ගයන්ට අමතරව ලෝක
ආර්ථික
යේ සාරය වේගයෙන් තම රට වෙත ඇදගැනිමට නම් තුන්වන ලොකයේ රටවල ආර්කයන් පුුලුල් ලෙස විවෘත කොට බහු ජාතික සමාගම් වලට එමරටවල ට ප්‍රවිෂ්ඨ විමට මාවතක් සැකසිය යුතුබවය..
විශේෂයෙන්ම අප්‍රිකානු, ලතින් ඇමරිකානු හා ආසියානු කලාපයේ පවතින සරු භූමි ගෝලිය ධනවාදය ඉල්ලා සිටින වාණිජ වගාවන් සදහා භාවිත කිරිම මෙහිදි හදුනාගත් මුලික ආයෝජන ඉලක්කයක් විය.
එමෙන්ම පරිදියේ රටවල දේශපාලනය තම උපායමාර්ගික උවමනාවන්ට රිසිසේ පවත්වාගැනිමද මෙහි ප්රමුඛ අවශ්‍යතාවක් ලෙස හදුනා ගෙන තිබිනි. මෙම කාර්ය සදහා ණය දෙන ආයතනයකට වඩා ප්‍රබල ලෙස මැදිහත්විය හැකි යාන්ත්‍රණයක් සකස් කිරිමෙන් අරමුනින් Millennium Challenge Cooperation පිහිටුවන ලදි.
මෙම කාර්ය සදහා බුෂ් තෝරාගත්තේ රාජතාන්ත්රිකයෙකු නොව නම් දැරු ව්‍යාපාරිකයෙකි.
ඔහු. Paul Applegarth.. ඔවුන් මෙම ව්‍යාපෘතියේ තේමාපාඨය ලෙස යොදාගනු ලැබුවේ "ආහාර සුරක්ෂිතතාව සදහා වෙළදපොළ මුලික විසදුමක්" යන්නයි...
ඒ අනුව තුන්වන ලොකයේ රටවල වාණිජ වගාවන් සදහා ආයෝකයන්ට පැමිණීමට බාධාවන් ලෙස පවතින එම රටවලට ආවේණික නීති හා ඉඩම් ප්‍රතිපත්ති වෙනස් කිරිම තුලින් විදේශිකයන්ට ඉඩම් මිලදි ගැනිමට පහසු කිරිම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරිම මෙන්ම
ආර්ථික
ලිබරල් කරණයට අවශ්‍යවන ලෙස රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරිම මෙම උපාය මාර්ගයේ අරමුණ විය.
මෙම වැඩසටහන මගින් ණය වෙනුවට ප්‍රදානයන් ලබා දිමට සැලසුම් කලේය. එම ප්‍රදානයන් ලැබිමට යම් රටක් නිර්ණායකයන් 17 ක් සම්පුර්ණ කළයුතුය. එම නිර්
ණා
යක මුලික වි ඇත්තේ
ආර්ථික
ලිබරල් කරනය හා යහ පාලනයට අදාල වන ලෙසයි. මෙලෙස නිර්
ණා
යක සම්පුර්
ණ
ක
ළ
පසු එම රටවලට පලමු ප්‍රධානය (First Compact) සිදුකරනු ලබයි.
ඒ සමගම එම ආධාර මුදල ලබන රට තුල Millanium Chalenge Account නමින් අරමුදලක් පිහිටුවන අතර එහි සියලු මෙහෙයුම් සිදුකරනු ලබන්නේ Millennium Challenge Cooperation මගින් පත්කරන අධ්යක්ෂ මණ්ඩලයක් යටතේය. මේ අනුව ප්‍රධානයේ මුදල් වාරික ලබා ගැනිමේ සිටම එම එජය ව්‍යාපෘතියට අදාලව රටේ මුල්‍ය ප්‍රතිපත්ති වෙනස් කර ගැනිමට එකගතාව දැක්විය යුතුය. ඇතැම් විට එම කොන්දේසි රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරම දක්වා දිවෙනු ඇත.
මුල් වාරිකයෙන් මුලිකවම ආයෝජකයන්ට රිසිවන පරිදි එම රටවල මාර්ග හා යටිතල පහසුකම් සංවර්ධනයට කොටසක් වෙන් වන අතර ඉතිරි කොටස ලබාදෙනුයේ රටේ පවතින ඉඩම් නිතිය හා ආනයන අපනයන සදහා බලපාන නිති ප්රතිසංස්කරනය කිරිමටියි. යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් වන අරමුදල ලබාගත් පසුව එමරට ඉඩම් නිතිය ප්‍රතිසංස්කරණය කිරිමේ කොන්දේසියට යටත්වන්නේ නොවැලැක්විය හැකි ලෙසයි.
මෙහිදි ආසියානු හා අප්‍රිකානු කලාපයේ පවතින විකිනිය නොහැකි ඉඩම්, රජය සතු ඉඩම් පාරිසරික වැදගත් කමක් සහිත විම මත වාණිජ කටයුතු වලට ලබා නොදුන් ඉඩම් මුලික වටයේදි පුද්ගලික අයිතිය සහිත ඉඩම් බවට පත්කිරිම සිදුකරයි. එහිදි ඔප්පු වෙනුවට හිමිකම් පත් ලබාදිම සිදුවේ. එය බැලුබැල්මට එම ප්‍රදේශවල ජනයාට ඉඩම් අයිතිය ලබාදිම වැනි මාණුෂිය මුහුණුවරකින් පැමිනෙන අතර දෙවන පියවර වනුයේ මෙම ඉඩම් විදේශිය බහුජාතික සමාගම් මගින් මිලදි ගැනිමයි. දැනට වසරකට පමන පෙර සිට නැගෙන හිර පළාතේ රජයේ බලපත්‍ර ඉඩම් වලට පුද්ගලික හිමිකම් පත් ලබාදිම අගමැති තුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙහිදි මාද්‍යවේදියකු අගමැතිවරයාගෙන් අසා සිටියේ කඩිමුඩියේම මෙලෙස ඉඩම් හිමිකමිපත් ලබාදෙන්නේ කුමකටද යන්නයි. එවිට රනිල් වික්‍රම සිංහ මහතාගේ පිලිතුර වුයේ “ඉඩම් අයිතිය නැති මිනිසුන්ට ඉඩම් ලබාදිමේ වරද කුමක්ද? කියාය. නමුත් සැබැවින්ම සිදුව ඇත්තේ මෙම Millennium Challenge Cooperation ව්‍යාපෘතියේ මුලික පියවර රටවැසියන්ටද හොරෙන් අරඹා”මේවන විටත් යම් දුරක් ක්‍රියාත්මක කර තිබිමය.
මෙම ක්රියාදාමයේ ආදිනව වඩාත් මැනවින් අවබෝධ කරගැනිම සදහා 2004 වර්ෂයේ සිට Millennium Challenge Cooperation ආදාර ලැබු තුන්වල ලෝකයේ රටවල් කිහිපයක අත්දැකිම් සලකා බැලිය හැකිය
මැඩගස්කරයේ අත්දැකීම
----------------------------------
එක්සත් ජනපදයේ මෙම ව්‍යාපෘතිය සදහා බොහෝවිට තෝරාගනු ලබන්නේ
ආර්ථික
අර්බුධයේ ගිලිපවතින මෙන්ම ඇමරිකන් හිතවාදි පාලකයකු සහිත රාජ්‍යයන්ය.ඒ අනුව මැඩගස්කරයේ අගමැති රැවොලොමානාගේ පාලනය පැමිනිමත් සමග ඇමරික් ඩොලර් මිලියන තුන්සියයක ආදාරයක් සමග MCC ව්‍යාපෘති ඇරඹු අතර මුල්වසර කිහිපය තුල එරට ඉඩම් නීතිය ප්‍රතිසංස්කරණය කොට පුද්ගලික ඉඩම් අයිතිය තහවුරු කළේය. එපමනක් නොව රජයේ ඉඩම් විදේශයන්ට විකිණීමට තිබු බාදා ඉවත් කලේය. වසර දෙකක් පමන ගතවන විට මැඩගස්කරයේ ඉඩම් වලින් හෙක්ටයාර මිළියන1.3 ක් කොරියානු සමාගමක් වන ඩේව් කෘෂි අපනයන සමාගම විසින් මිළදි ගෙන ඇති බව එරට වැසියන් දැනගත්තේ විදෙස් මාද්‍ය මගිනි.
එපමනක් නොව එරට වටිනා ඉඩම් සමුහයක් Warun India වරුන් නැමති බහුජාතික සමාගමද මිළදිලෙන ඇති බව තහවුරු විය.
මාලි රාජ්‍යයේ අත්දැකීම
-------------------------------
මාලි රාජ්‍යයේ අත්දැකිම මැඩගස්කරයට වඩා ඛේදනීය එකක්විය. අප රටේ මහවැලි සංවර්ධන අධිකාරියට තරමක් සමාන ආයතනයක් මාලි රාජ්‍යයේ ඉඩම් සම්බන්ද වගකිම දැරිය. Offi du Nigra නැමැති මෙම ආයතනය සතුව රජයේ ඉඩම් පැවති අතර ඒවාට රජය මගින් වාරි ජල පහසුකම් සපයා තිබිනි. එරට වැසියන් බදු පදනමක් මත මෙම ඉඩම් සහ වාරිජලය සපයාගෙන වගාවන සිදු කලේය.
MCC පැමිණීමත් සමග මෙම භූමිය කොටස පහකට වෙන්කර වාරි ජලසැපයුම් වැඩි දියුණු කොට ඉන් කොටස් දෙකක එම පුදේශ වල ජනයාට සහ පිටතින් පැමිණි කුඩා පරිමාණ ගොවින්ට ඉඩම් අයිතිය පැවරිය. එපමනක් නොව ඔවුන්ට නව වැඩිදියුණු කරන ලද බීජ හඳුන්වා දී කෘෂි රසායනිකද ලබාදෙන්නට විය. එක් කොටසක බහුජාතික සමාගම් සදහා ආයෝජන කලාපයක් ඇති කලේය. කෙසේ වෙතත් කාලයත් සමග කුඩා වගා කරුවන්ගේ වගාවන් අසාර්තක වන විට ඔවුන් එම ඉඩම් බහුජාතික සමාගමට විකුණා දැමු අතර අවසානයේ හෙකටයාර විසිදහසක භූමිය බහුජාතික සමාගම් මගින් මිළදිගෙන තිබිනි.
මේ හා සමානම අත්දැකිම් ඝානාව, මොසැමිබික් රාජ්‍ය සහ ලෙසතෝව වැනි රටවලද සිදුව ඇති අතර වැදගත්ම තරුන වන්නේ මෙම ආධාරය ලැබු කිසිදු රටක් සැලකිය යුතුමට්ටමේ
ආර්ථික
වර්ධනයක් නොමැතිව තම භූමියද අහිමිකර ගෙන තිබිමය.
මෙහි දෙවන අවදානම වන්නේ ආ
ධා
ර කොන්දේසි මත රාජ්‍ය ප්‍රතිපත්ති මෙන්ම පාලකයන් වෙනස් කිරිමටද MCC දායක වි තිබිමයි. ටැන්සානියාව හා නිකරගුවාවේ මෙවැනි මැදිහත්විම් සිදුව ඇති අතර එය වෙනත් ලිපියකින් දිර්ඝව සාකච්චා කල යුතුය.
ශ්‍රි ලංකාවේ එළඹුම
--------------------------
පසු ගිය සතියේ කැබිනට් අනුමැතිය ලැබිමත් සමග MCC ව්‍යාපෘතිය සදහා සියලු මුලික සැකසුම් මේ වන විට සකස්කර අවසන්ය. 2017 වසරේ නිකුතිකල constrain Analysis Report of Sri lanka වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ හදුනාගත් සංවර්ධන බාදා මගහැරිම යන කඩතුරාව ඔස්සේ ඉහතකි රටවල ආකාරයටම මාර්ග වැඩිදියුණු කිරිම හා රථවාහන තදබදය අවම කිරමේ ව්‍යාපෘති වෙනුවෙන් ඇ.ඩො. මි 350 ක් සහ ඉඩම් ප්‍රතිසංස්කරණ උප ව්‍යාපෘතිය සදහා ඇ.ඩො. මිලියන 130 වෙන් කර ඇත.
මේ අනුව ඉහතකි රටවල එලබුමට මුලුමනින්ම සමාන උපායමාර්ගික ගොදුරකට ජාතියක් ලෙස අප හසුවි ඇති බව පසක් කරගැනිමට මෙම තොරතුරු ප්‍රමාණයම ප්රමාණවත්ය. (මෙහි සදහන් සියලු කරුණු ජාත්‍යන්තර මාධ්‍යන්හි පළවු විශ්වසනිය වාර්තාවලින් පමණක් උපුටාගත් බව දනවමි)
-කපිල මහේෂ් රාජපක්ෂ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
11/01/2019
මේ කව්ද? මොනවද කරන්නේ?
කතෘ:යුතුකම
11/01/2019
No comments
1988 කාලේ ජනපතිවරණේ මතක අයට මේ පෝස්ටරේ මතක ඇති. අපි ටිකක් කතා කරමු අපේ මතකයෙන් ඒ කව්ද? මොනවාද කලේ? සහ මේ කව්ද? මොනවද කරන්නේ? කියන එක පැහැදිලි කරගන්න. විශේයයෙන් අවු 18ත් 35ත් අතරේ අපේ ඡන්ද දායකයින්ට ප්‍රශ්නයක් ඇති ඇත්තටම මේ ප්‍රේමදාස යුගේ කියන්නෙ මොකක්ද කියල. ආපහු එහෙම එකක් එනවනම් ඒ ගැන දැනගෙන් ඉන්න එක හොඳයි. කෙටියෙන් කියන්නම්.
අපේ රට දැන් තියෙන අගාදයට ඇද දමන්න මුල පිරෙන්නේ 1977 JR ගේ ආණ්ඩුවෙන්. ඒගැන විස්තර මිට පෙර ලියා ඇති නිසාත් කාලය ඉතුරු කරගැනීමට අවශ්‍ය නිසාත් කෙලින්ම උධෘත මාතෘකාව ගැන කතාකරමු.
1977 මැතිවරණ සමයේ එජාප උපනායක කෙනෙකු නොසිටියත් "එජාප උපනායක ඔබ අමතයි" යනුවෙන් පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කිරීම මගින් ආර්. ප්‍රේමදාස බලෙන්ම එජාප උපනායකයා බවට පත්වුණා. JR ගෙන් පසු එජාප නායකත්වයට ඔහුගේ ප්‍රියතමයන් වුයේ ගාමිණි දිසානයක සහ ලලිත් ඇතුලත්මුදලි. එහෙත් JR ට ප්‍රේමදාසගේ බලපෑමට අවනත වීමට සිදුවීම නිසා ප්‍රේමදාස උපනායකයා වී 1977 රජයේ අග්‍රාමාත්‍ය වරයා වුයේය.(පහුගිය කාලේ මෛත්‍රිපාල සිරිසේනත් මේ උපක්‍රමය භාවිතා කරන්න ගියා "ඊළඟ අගමැති පොළොන්නරුවෙන්" කියලා පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කරමින්. නමුත් මහින්දගෙන් විරෝධතාවය මත ඒක අකුලාගෙන පසුව පලිය ගත්තා 2015දී)
මේ රජයේ නිවාස සහ මහා මාර්ග ඇමති වුයේ ප්‍රේමදාසය. ඒකාලයේ පාරවල් වල ගිය අයට පාරවල් තිබුනේ කොහොමදැයි මතකයට නගාගත් හැකිවනු ඇත. මහාමාර්ග අමාත්‍යංශයේ මුදල් ඔහුගේ ඡන්ද පදනම වැඩි කරගත හැකියයි සිතු උදාගම් ව්‍යාපාරයට යෙදවීය. පාරවල් නඩත්තු නොකිරීම නිසා රටපුරා ගමනාගමනය ඉතා අසීරු තත්වයකට වැටී තිබුණි. මොකක්ද මේ උදාගම් ව්‍යාපාරය? කොහොමද එක කරලියට ආවේ? කුරුණෑගල ගල්ගමුව ගරහා අනුරාධපුර පාරේ මහවට හැරෙන දළදා ගම හන්දිය පසුකර ටිකක් දුර යනවිට තියෙනවා අඹන්පොල කියල ගමක්. මෙහෙ තිබුනා ප්‍රේමදාසට අයිති පොල්වත්තක්. ඉතින් මේ පොල් වත්තට විදුලිය ගන්න බොහෝ දුරක සිට විදුලි රැහැන් අදින්න වෙනවා. ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ කාලේ ඒ කිටුවකටවත් විදුලිය් තිබුනේ නෑ. මේ කිට්ටුව රොඩී ගමකුත් තිබුණා. මාඑළිය වගේ නමක් මතකයේ විදියට. ඉතින් දවසක් ප්‍රේමදාස නිවාඩුවට මේ ඉඩමට ගිය වෙලාවක, ඔහුගේ අමාත්‍යංශයේ ඉහල නිලධාරියෙක් අපූරු අදහසක් දෙනවා මේ ඉඩමට විදුලිය ගැනීම සම්බන්ධව. නිවාස අමාත්‍යාංශයත් ප්‍රේමදාස යටතේ නිසා ඔහු යෝජනා කරනවා මේ රොඩී ගමේ මිනිස්සුන්ට ගෙවල් හදල දීලා එකට රජයේ වියදමින් විදුලිය ගෙනාවම අල්ලපු වැටේ තියෙන ප්‍රේමදාසගේ ඉඩමට නිකම්ම විදුලිය ගන්න පුළුවන් කියලා. ඉතින් මේ ගමට ගෙවල් හදල දීලා විදුලියත් දීලා ප්‍රේමදාසගේ වැඩෙත් කරගන්නවා වක්රාකාරයට රජයේ වියදමින්. මේ ගමට නම තිබ්බේ "උදාගම" කියලා. මේක තමයි ආරම්භය. ඊට පස්සේ හදපු ගම වලට විවිධ නම් දුන්නා. මේ ගම තිබුනේ යාපහුව ආසනයේ. ඊට පස්සේ හැදුනු හැම සියවෙනි ගමම දුන්නේ යාපහුවට. "සිය ගම" "දෙසිය ගම" "තුන්සිය ගම" ආදී වශයෙන් මේවා නම් කළා. හැබැයි මේ ගෙවල් පස්සේ පස්සේ නිකම්ම රජයෙන් හදලා දුන්නේ නෑ. පොඩි ණයක් දීලා සිමෙන්ති ටකරන් කීපයක් වගේ දීලා තමයි ගෙවල් ගාන වැඩිකර ගත්තේ.
ප්‍රේමදාසගේ මුල් යුගය ඉතා දුගී දුප්පත් බව කියවෙනවා. අපි ඇත්තටම ඒ ගැන ආඩම්බර වෙන්න ඕන. මොකද ඒබ්‍රහම් ලින්කන් කියන්නෙත් සපත්තු මහන්නේක්ගේ පුතෙක්. ඒවගේ පහල මට්ටමේ මිනිහෙකුට රටේ ඉහලම තැනට පත්වෙන්න පුළුවන් නම් ඒ රට කොච්චර සාධාරණ සමාජයක් තියෙන එකක්ද කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් මෙතන තියෙන්නේ වෙනම කාරනාවක්. අනුර බණ්ඩාරනායක මිනිස්සුන්ගේ දුගී දුප්පත්කම සමච්චලයට පත් කරපු කෙනෙක්. 1977 මැතිවරණයේදී අනුර බණ්ඩාරනායක කිව්වා ප්‍රේමදාස කියන්නේ කෙහෙල්වත්තේ ලැවරිය විකුනපු අම්මගේ පුතා කියලා. හැබැයි ප්‍රේමදාස මේකට ප්‍රතිචාර දැක්වුයේ බලයට පත්වුනාට පස්සේ ප්‍රථම පාර්ලිමේන්තු කතාවේදී. ඔහු කිව්වා වලව්වක අවජාතක පුතෙක් වෙලා ඉපදුනාට වඩා පැල්පතක සහජාතක පුතෙක් වුනු එක ගැන ආඩම්බරයි කියලා. අනුර බණ්ඩාරනායක ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ගැනත් මෙහම කිව්වා පසු කලෙක. සෙරෙප්පු දාගෙන බයිසිකල් කට්ටකින් ආපු මිනිහා කියලා. ප්‍රේමදාස ඒ වගේ නිහතමානි වෙනවට වඩා පසුව ඔහුගේ හිනමාන ස්වභාවය උඩට ආවා කියල බොහෝ දෙනා කිව්ව.ඉතින් ඔහු ඔහුගේ පරම්පරාව ගැන අතීත ශ්රිවිභුතිය ගැන නොයෙක් කතා මැව්වා. ඔහු මේ පොල්වත්ත ගත්තේ කොහොමද කියලා හරියටම දන්නේ නෑ. පාර්ලිමේන්තු එන්න කලින් ඔහු දේශපාලනයේ ගොඩක් කල් හිටියා නගරසභාවල. ඉතින් කොහොම හරි මේ පොල් වත්ත ගන්න ඇති. නමුත් ඔහු කිව්වේ පොඩිකාලේ තාත්තා එක්ක කාරෙකෙන් අනුරාධපුරේ යනකොට ඉඩම් වෙන්දේසියක් දැකලා ත්තත්තා මේ ඉඩම ගත්තා කියලා. ඊට පස්සෙත් ඔහුගේ මේ ස්වභාවය මතු වුනු තැන් තියෙනවා. පියගම කියලා එකක් හැදුවා අහංගම පැත්තේ. හිසේ නැමි පනාවක් ගහලා ටුවිට් රෙද්දක් අන්දලා කෝට් එකක් දාපු තාත්තාගේ පිලිමෙකුත් එතන හදලා තිබුනා කොලොනියල් කාලේ හිටපු ප්රභූවරයෙක් විදියට. ඒ කාලෙත් අද වගේම මේ උදාගම් නම් සම්බන්ධව කතා ඇතිවෙලා තිබුණා. ඊළඟ ගම සංගීත කරයින්ට "සරිගම" කියන වගේ කතා.
මේ උදාගම් ව්‍යාපෘතියට සම්බන්ධ නොයෙකුත් කතා තිබුනා. ප්රෙමආස උගත් මිනිසුන්ව පහත් කරලා සමච්චලයට ලක් කරලා කතා කරපු තැන් තිබුනා. මේ ව්‍යාපෘතිවල වැඩකරපු ඉංජිනේරුවන්ගේ පවා වැඩ තහනම් කරලා තිබුනා තාක්ෂණ ප්‍රශ්න නිසා ඔහු කියන විදියට කරන්ඩ අපහසුයි කියපු අයව. මේ උදාගම් වල කොන්ත්‍රාත් කලේ ඔහුගේ දේශපාලන හෙන්චයියන්. මහජන මුදල් විශාල වශයෙන් කාබාසිනියා උනා ඒ විදියට. සොත්ති උපාලි කියලා ඔහුට සම්බන්ධ පාතාලේ මැරයෙක් තමයි උදාගම්වල පිඩැලි ඇල්ලීමේ කොන්තරාත්තුව කලේ කියලා ඒ කාලේ ප්‍රසිද්ධ වුනේ.
JR ගේ පලවෙනි කාලය ඓවර උනාම සිරිමාවෝගේ ප්‍රජා අයිතිය ආහොසි නොකර, 1982දී සාමාන්‍ය පරිදි ජනපති වරණය පැවැත් වුයේ නම්, සිරිමාවෝ ජයගන්නටත් අවු 30 තිස්සේ අප රටට විනයක් වූ යුද්දයත් ඇති නොවෙන්න ඉඩ තිබුණා. ඡන්දකොල්ලය මැරබලය නිසා තමයි මේවා මේ විදියට උනේ. ඒවගේම 1988 දෙසැම්බරයේදීත් නැවත වතාවක් එය වැලකි ගියා.
මේ අතරතුරේ විවිධ මිනි මැරුම් විරුද්ධවාදීන් මාධ්‍යවේදීන් ඝාතන සිදුවූ බව ප්‍රකට කරුණක්. ආර්යාව පිහිනුම් තටාකය අසල සිටින ඡායාරුපයක් ගත් පුවත්පත් ඡයරුපශිල්පියෙක් මෙලෙස අතුරුදන් උනා. මේ ළඟදිත් ඒ කතාව ඉස්සරහට ඇවිත් තිබුනා ඒ පින්තුරයත් සමගම. ඒ අතරේ බෙදුම්වාදී අරගලය උග්‍ර උනා. JR ගේ අදුරදර්ශී විදේශ ප්‍රතිපත්තිය තමයි මුලික හේතුව. ඒ වගේම ප්‍රේමදාසත් ඉන්දීය විරෝධියි. අන්තිමේ JRගේ යැංකි මාස්ටර්ලා JR බේරගන්න ආවේ නෑ.ඉන්දියාවත් එක්ක ප්රශ්නය නිරාකරණය කරගැනීමට ඔහුටම බාරදුන්නා. ඉතින් වෙන විකල්පයක් නොමැති තැන JR ඉන්දියාවට දනගහලා ඉන්දීය සාම හමුදාව ගෙන්වාගත්තා. ඔහුට වෙන කරන්නට දෙයක් නොතිබුණෙන් අකමැත්තෙන් මේ පියවර ගැනීමට සිදුවුනා. නැත්නම් ඉන්දියාව ලංකාව ආක්‍රමණය කරන්නත් තිබුනා. මේකට කලින් ඉන්දියාව ලංකාවේ ගුවන් සීමාව උල්ලංඝනය කරලා ගුවනින් යාපනයට පරිප්පු දැම්මා. එකෙන් තමයි JRට උතුර දකුණ මාරු උනේ. ඉතින් JR 1987 ජුලි වලදී ඉන්දියාවත් එක්ක ගිවිසුමක් ගැහුවා. ඒක ඉතින් ඉල්ලලා ගත්තු ආක්රමණයක්ම තමයි. මේකට විරුද්ධව එකල භුගත ව වැඩ කරමින් සිටි ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියල එකක් හදාගෙන ආයුධ සන්නද්ධ සටනකට එළඹුනා. නාවික හමුදා භටයෙක් රජීව් ගාන්ධිගේ පිටට තුවක්කුවෙන් පහරක් එල්ල කරන්නේ මේ ගිවිසුම අත්සන් කරපු වෙලාවේ හමුදා පෙරෙට්ටුවේදී.
මෙතැනදී ප්‍රේමදාස මේ ගිවිසුමට විරුද්ධවෙලා ඒකට සම්බන්ධ නොවී ඉන්නවා. මෙතනින් පස්සේ ජවිපෙ එජාප රජයට සම්බන්ධ මිනිස්සු මරන්ඩ පටන් ගත්තා. මේ එකවුන්ට් එකට දාලා විවිධ දේශපාලන ඝාතන සිදුඋනා ඒකාලේ. PRA (Peoples Red Army ), කළු බළල්ලු ආදී නම් වලින් විවිධ para military කණ්ඩායම් ක්‍රියාත්මක උනා. බොරවතුරේ මාලුබාන්නට ප්‍රේමදාසට මේ තත්වය මහඟු ආශිර්වාදයක් උනා. රටේ තත්වය උග්‍රයි. ඉන්දියාවට බැරි උනා LTTE මර්ධනය කරන්න දකුණේ භිෂණය උත්සන්නයි රට අරාජිකයි.
මේ අතරේ ප්‍රේමදාසට ජනාධිපතිකම දෙන්න අකමැති වුනු JR තුන්වෙනි වරටත් ජනපතිවෙන්න ව්‍යවස්ථා සංශෝධනයකට සලදුම් කළා. එක යෝජනා ස්ථිර කලේ අගලවත්තේ මෙරිල් කාරියවසම් සහ කුලියාපිටියේ ලයනක් ජයතිලක කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. එජාපයේ සභාපති හර්ෂ අබේවර්ධන හා ලේකම් නන්දලාල් ප්‍රනාන්දු මේකට උදව් කරනවා. මේ හතරදෙනාම නන්නාදුනන තුවක්කු කරුවාගේ ප්‍රහාරයට ලක් වී ඝාතනය වන අතර ජවිපෙ එකවුන්ට් එකටයි වැටෙන්නේ. නමුත් දන්නා අය මෙය ප්‍රේමදාසගේ ව්‍යාපෘතියේ කොටසක් වුබව ඒ කාලයේත් දන්නවා. ඒ වගේම විජය කුමාරතුංග ඝාතනය. ඔහු ඊට කලින් කටානේ අතුරු මතිවරනේදී අනු නවයෙන් බේරෙන්නේ. ඔහුගේ රියදුරා වෙඩිපහරින් මියගිහින් ඔහු බේරෙනවා. නමුත් තමන්ගේම නිවසේදී 1988 පෙබරවාරියේදී ඔහු ඝාතනය වනවා ජවිපෙ එකවුන්ට් එකට. ජවිපෙ තමන්ගේ එජාප සහ අනෙකුත් වාමවාදී විරුද්ධ වාදීන් ඝාතනය කල අතර රජයෙන් එජාප විරෝධී කොටස් විශාල වශයෙන් ඝාතනය කළා.
1987/89 රටේ පැවතුනු කැරළිකාරි තත්වය ප්‍රේමදාසට නැවත බලය ලබා ගැනීමට ඉතා සුදුසු වාතාවරණයක් ඇති කිරීමට ඉවහල් වුණා. JR තුවෙනි වර ඉල්ලිම අතහැර දමා ප්‍රේමදාසට අපේක්ෂකත්වය දෙන්නට එකඟ උනා. වෝඩ් පෙදෙසේ JRගේ නිවසට ගොස් ප්‍රේමදාස ඔහුට තර්ජනය කල බවත් මරාදමාවියයි යන බය නිසා ප්‍රේමදාසට අපේක්ෂකත්වය දුන් බවත් ඒ කාලයේදී කියවුනා. නමුත්, ප්‍රේමදාසගේ ඉන්දීය විරෝධය නිසා ඔහුට අපේක්ෂකත්වය දීම සඳහා ඇමෙරිකාවෙන් JR ට බලකළ බව විශ්ලේෂකයෝ පවසනවා.
ප්‍රේමදාසගේ චන්ද ව්‍යාපාරය පටන් ගත්තේ "මේ කව්ද? මොනවද කරන්නේ?" කියන නමක් ගමක් නැති පෝස්ටර් ව්‍යාපාරයකින්. මේකාලේ ජවිපෙන් කසිප්පු පෙරාපු මිනිස්සුත් මරුවා කියලා කතාවක් තිබුනා. ඉතින් මේ පෝස්ටරේ කවුරු හරි ගහලා ගිහින් තිබුනා පොඩි පෙට්ටි කඩේක. ඒවගේ තැනුත් පාලුවෙලා තිබුනේ ඒ කාලේ. කසිප්පු ජාවාරම කරමින් කෙනෙක් ඉඳලා තියෙනවා ඒ අසල. ඉතින් මිනිහා බයවෙලා මේකේ ලිව්වලු "මම සිරිසේන පොඩි බිස්නස් එකක්" කියලා.
අවුරුදු 10ක එජාප පාලනය තිත්ත වෙලා හිටපු මිනිස්සු ජවිපෙ අරගලයට වක්‍රව කැමැත්තක් තිබුනා කිව්වොත් නිවැරදියි. මේකාලේ රිචඩ් ද සොයිසා කියලා ITN එකේ ඉංග්‍රීසි news කියන තරුණ මාධ්‍යකරුවෙක් හිටියා. ඔහු නාට්‍යවලට සම්බන්ධ කෙනෙක්. ඔහු නාට්‍යක් ලියලා වේදිකාගත කරන්න සුදානමින් හිටියා. එකේ නම "මේ කව්ද? මොනවද කරන්නේ?". මේක ප්‍රේමදාසට විරුද්ධව හදපු එකක් කියලයි කියවුණේ. රෑ ඇවිත් මොහුව අරන් යනවා. එහෙමයි සුදු වෑන් සංස්කෘතිය ඒකාලේ ක්‍රියාත්මක උනේ. ඔහුගේ මව වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු මැතිනිය මේ ගැන කීප සැරයක් මාධ්‍යයට කියලා තියෙනවා. ඇය 2001දී මිය යනවා. නැවත ඔහු එවනවා කියලා මවටත් පොරොන්දුවෙලා තමයි ගෙනිහින් තියෙන්නේ. නමුත් පහුවදා ඔහුගේ මල සිරුර ගල්කිස්ස මුහුදු වෙලරට පාවෙලා තිබිලා හමුවෙනවා. හෙලිකොප්ටරයකින් මල කඳ ගෙනිහින් මුහුදට දැම්ම කියල තමයි කතාව තියෙන්නේ.
ඡන්ද ව්‍යාපාරයේදී මොහු රජීව් ගාන්ධිට අපහාස කරනවා. 1977 දී JR ඉන්දිරා ගාන්ධිටත් ඇයගේ පුත් ස්න්ජය ගාන්ධිටත් cow and calf කියා අවමන් කරනවා. මෙතැනදී ප්‍රේමදාස කිව්වා ඉන්දියාව නමැති නෙළුම්විලේ නේරුලා වගේ නෙලුම් මල් තිබ්බත් රජීව් ගාන්ධි වගේ ගෙම්බොත් ඉන්නවා කියලා. කලබල මුවාවෙන් විරුද්ධ පක්ෂ අපේක්ෂිකාව වූ බණ්ඩාරනායක මැතිනියට විශාල වශයෙන් ඡන්ද ලැබුණු ප්‍රදේශ කිහිපයක ඡන්ද පෙට්ටි අවලංගු කළා. මේ හේතුවෙන් බණ්ඩාරනායක මැතිනියගේ ජයග්‍රහණය වලකන්නට හැකිවි ආර් ප්‍රේමදාස ජනාධිපති වූ අතර එජාප පාලනය එලෙසම ඉදිරියට ඇදුනේය. රට ව්‍යසනයෙන් ගොඩ ඒමට තිබු තවත් අවස්තාවක් මෙලෙස මග හැරි ගියා.
ප්‍රේමදාස ඉස්සරවෙලාම තමන්ට පාර කපල දුන්නු ජවිපෙ සමුලඝාතනය කළා. 60000ක් මැරුණා කියල නිල වාර්තාවල දැක්වුනත් නිල නොවන වාර්තා කියන්නේ 100000ක් විතර මැරුනා කියලා. පාරවල් වල ටයර් සෑය මත දැවෙන තරුණ මල සිරුරුවල දර්ශන දිනපතා සාමාන්‍ය දෙයක් උනා. ගංගාවල මිනි පාවෙනවා. මිනිස්සු මාළු කන්නේ නැතිව අතහැරියා මොකද ගංගාවල මුහුදේ මාළු මිනි කනවා කියලා ඒදවස්වල. මේ භිෂණය ගැන අහලවත් තියෙන කෙනෙක් ආයෙත් ප්‍රේමදාස යුගයක් ගැන හීනෙකින්වත් හිතන්නේ නෑ. 1989 නොවැම්බරයේදී විජේවීර අල්ලලා පණපිටින් බොරැල්ල කනත්තේ උඳුනට දැම්ම කියල තමයි කියන්නේ. මෙතනින් පස්සේ ඒ භීෂණ සමය යම් දුරකට නිමාවෙනවා. මේවාට සම්බන්ධ රන්ජන් විජේරත්න නැමති ඇමතිවරයා පසුකලක තිඹිරිගස්යායේදී පොලිස් ක්‍රීඩාපිටිය අසලදී බෝම්බෙකට අහුවෙනවා. මෙයට කෙලින්ම සම්බන්ධ රොනී ගුණසිංහ කියන පොලිස් නිලධාරියා ප්‍රේමදාසත් එක්කම ආමර් වීදියේදී බෝම්බෙට අහුවෙලා අඟුරුවෙලා යනවා 1993 මැයි 1 දා. මෙම ස්ථානයට මිනිස්සු කිව්වේ වෙන නමක් පස්සේ කාලේදී. කාටුන් ශිල්පියෙක් කාටුන් එකක් ඇඳලා තිබුනා ඒ කාලේ බයිසිකලයක් සමග බාබු (මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගත් තැනැත්තා) ඉන්න පිළිමයකට මිනිස්සු ගෞරවාචාර දක්වනවා. මේ මරණය සැලවෙනවාත් සමගම රට පුරා රතිඥ්ඥා දැල්වුණා. මිනිස්සුන්ගේ කැකෑරෙන වෛරය පිටවුනේ එහෙම. නැතිනම් අපේ මිනිස්සු සතුරෙකුගේවත් මරණයකදී කම්පාවෙනවා මිසක් සතුටුවෙන ජාතියක් නොවෙයිනේ. ඒකාලයේ රටේ තිබුණු භිෂණය කොහොමද කියන්න ඊටවඩා උදාහරණ අවශ්‍ය වෙන්නේ නෑ.
මේ වෙනකොට ඉන්දියාවත් LTTE එකත් එක්ක සටන් කරලා එක නවත්තගන්න විදියක් නැතුව හිටියේ. ප්‍රේමදාස රජය මගින් LTTE ත්රස්තවාදීන්ට මුදල් සහ අවි ආයුධ ලබාදෙනවා ඉන්දීය හමුදාවට විරුද්ධව සටන් කරන්න කියලා. මේ අවි ආයුධ පසු කලකදී LTTE ය රජයේ හමුදාවලට විරුද්ධව පාවිච්චිකරනවා. මේකාලේ ප්‍රේමදාස ඉන්දියාවට කියනවා ඉන්දීය හමුදාව ඉවත් කරගන්න කියලා. ඉන්දියාවත් අඬන්න ඉන්න එකාට ඇඟිල්ලෙන් ඇන්නාවාගේ හමුදාව ඉවත්කරගෙන යනවා. LTTE ය ආපහු ප්‍රේමදාස රජයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. මුලතිවු ප්‍රදේශයේ පොලිස් නිලධාරී 600කට ආයුධ බිම තබා ත්රස්තවාදීන්ට යටත්වීමට අණ කිරිමෙන් පසුව ත්රස්තවාදීන් විසින් ඔවුන් සියලුදෙනාම අමු අමුවේ ඝාතනය කරනවා. මේ කාලේදී කොකාවිල් රුපවාහිනි සම්ප්රේෂණාගාරයට එල්ල වුනු ත්‍රස්ත ප්‍රහාරය මැඩලීමට සහය හමුදා යෙදවීමට නොහැකිවීමෙන් එහි සිටි සේනාංකය විනාශකර සම්ප්‍රේෂණාගාරය ත්රස්තවාදීන් විසින් යටත් කරගන්නවා. ජනපති ආර්යාවගේ ආරක්ෂාව සඳහා හෙලිකොප්ටර් යානා යෙදවීම නිසා සහාය හමුදා යැවීමට නොහැකි වූ බව එවකට ප්‍රසිද්ධ වුනා.මේ වකවානුවේ ජනාධිපති පවුල විසින් යාල අභය භූමියේ කරන ලද නිදන් හැරිම ඇතුන මරා ඇත දල එකතු කිරීම ආදී දේවල් ප්රසිද්ධවූ අතර දේශ පාලන වේදිකාවේ තවමත් ඒ ගැන කියවෙනවා.
ජනාධිපතිට විරුද්ධව ගෙන එන ලද පළමු දෝෂාභියෝගයෙන් ඔහු බේරෙන්නේ කතානායකව සිටි එම් එච් මොහොමඩ්ට පින්සිදුවන්නටය. නමුත් ගාමිණි දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි එජාපයේ ඉවත්විගොස් රාජාලියා නමින් අලුත් පක්ෂයක් හදනවා. මෙය ප්‍රේමදාසට ලොකු අභියෝගයක් උනා. 1993 අප්‍රේල් අවසාන සතියේදී කිරුලපන පිටියේ රැස්වීමක් අමතමින් සිටියදී ඇතුලත් මුදලි වෙඩි වැඩි මියයනවා. ඒ මරණය පිළිබඳවත් ඇඟිල්ල දිගු වුයේ ප්‍රේමදාස සහ සගයන්ට. සිරිසේන කුරේ නමැති ප්‍රේමදාස රජයේ ප්‍රබලයා මේ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කල බවට කතා පැතිරුනා. මේ පාලන සමයේ අදුරදර්ශී ක්‍රියාකලාපය නිසා රටම ව්‍යසනයට පත්වී අවසානයේදී රටේ ජනාධිපති ඝාතනය කිරීමට පවා LTTE යට හැකිවන අයුරින් රටේ ආරක්ෂක තත්වය ඉතාමත් දුර්වල තත්වයකට අද වැටී බෙදුම්වාදීන්ට යටත්වන තත්වයකට පත්වුනා. 1993 දී LTTE ය විසින් ප්‍රේමදාස ජනපති ඝාතනයත් සමග එපාපයේ මැරබලය දුර්වල වූ අතර සියලුම දේශප්‍රේමී බලවේග එජාපය පැරදවීම සඳහා ඒකරාශි විය.
ප්‍රේමදාස ජනාධිපතිගේ කාලයේදී ජනාධිපති මන්දිරයේ තිබු ඉතා වටිනා කෞතුක වස්තු රැසක් අතුරුදන් වි තුබූ බව එවකට ප්‍රසිද්ධ වුණා.
1994 දී එජාපය පරාදවි පොදුජන එක්සත් පෙරමුණ බලයට පත්වුණා. 1988/89 භීෂණ සමයේදී ඇඹිලිපිටියේ පාසැල් සිසුන් පිරිසක් ඝාතනය කිරීම සහ ඔවුන් වල දමන ලද සුරියකන්න්දේ සමුහ මිනීවල පිලිබඳ පරීක්ෂණය මෙම මැතිවරණ ව්‍යාපාරයේ කැපිපෙනෙන මාතෘකාවක් උනා.අන්තිමේදී බලපුවාම චන්ද්‍රිකාත් බලයට ආවේ ෆෙඩරල් වාදීන්ගේ වුවමනාවට. මිනිසුන්ට මේක තෙරෙඋනේ පහුවෙලා. චනද්‍රිකා ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේනකොට 1999දී. චන්ද්‍රිකාගේ ඒ උත්සාහයත් අසාර්ථක කරමින් මහින්ද රාජපක්ෂ 2005දී බලයට පත්විම නිසා අවුරුදු 30ක් ඇදීගිය බෙදුම්වාදී යුද්ධය අවසන් කරන්නට හැකි වුනා. ඒත් තවමත් ඒ බෙදුම්වාදයේ අඳුරු සෙවනැලි වලින් අපි පිඩා විඳින්නෙමු. 2015 දී නැවතත් හිස එසවූයේ මේ බෙඋම්වාදී ව්‍යාපෘතියයි. මෙය නැවත නැගිටින්නට නොහැකිවන් අයුරින් තිත තැබීමට සියලුම දේශප්‍රේමින් මේ එන ජනපතිවරණයේදී නිවැරදි තීරණය ගත යුතුය.
පොහොට්ටුවට ජයවේවා! මවුබිම දිනේවා!
- ප්‍රකාශ් වැල්හේන
29.10.2019
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook
https://www.facebook.com/yuthukama
9/17/2019
මෙය අගාධයට වැටුනු රට ගොඩගැනීමට ලැබෙන අවසන් අවස්ථාවයි
කතෘ:යුතුකම
9/17/2019
No comments
මෙය අගාධයට වැටුනු රට ගොඩගැනීමට ලැබෙන අවසන් අවස්ථාවයි...
-උඩුදුම්බර කාශ්‍යප හිමි
· අවසරයි ස්වාමීන් වහන්ස, රටේ වත්මන් තත්වය ගැන ඔබවහන්සේගේ අදහස මොකද්ද?
o අද ලංකාව තියෙන්නේ ඉතාම අවිනිශ්චිත තැනක. වසර 2500 ක ඉතිහාසයේ කවදාවත් නැති විදියට මුලු රටවැසියා සහ රටම අනාරක්ෂිතයි. ඉස්ලාමීය අන්තවාදය අද මුලු රාජ්‍ය තන්ත්රය තුලටම රිංගලා. ඉස්ලාමීය ත්රස්තවාදයට උඩගෙඩි දුන් දේශපාලඥයන් ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකටම, කේවල් කරන මුවාවෙන් තර්ජණය කරනවා. ජනාධිපතිවරණයේදී දෙන සහයෝගය දඩමීමා කරගෙන ගිවිසුම් වලට හිර කරවන්න හදනවා. රටේ පුරාවස්තු, බෞද්ධ සිද්ධස්ථාන ඉතාම වේගයෙන් ඉස්ලාමීය අන්තවාදයට යටවෙමින් යනවා. අනෙකුත් වර්ගවාදයන්ද මතුවෙමින් බුදු දහමට සහ ධර්මයේ පැවැත්මට තර්ජණයක් වෙමින් තියෙනවා. රටේ පාලක පක්ෂය මහා සංඝරත්නය ප්රමුඛ ආගමික නායකයන්ට එරෙහිව විවිධ දෝෂාරෝපණ නගමින් මෙහෙම නිග්‍රහයට පත්කරපු කාලයක් ඉතිහාසයේ තිබ්බෙ නැති තරම්. රටතුල හැම අංශයකම පරිහානියක් මිස වර්ධනයක් දකින්නට නැති අවිචාර සමයක් තමා මේ ගෙවිලා යන්නේ.
· ස්වාමීන් වහන්ස, මේ නිසාමද මෑත කාලීනව ඔබ වහන්සේගේ දිශානතිය දේශපාලනය වෙත යොමුවීමක් වගේ දෙයක් දක්නට ලැබෙන්නේ?
o “දේශපාලනය වෙත” කියන වචනයට වඩා මම කැමතියි රටට ජාතියට හිතැති “ජාතික ප්‍රතිපත්තියක් බිහිකිරීම වෙත” යොමුවෙලා තියෙනවා කියනවානම්. ඇත්ත වශයෙන්ම කල්‍යාණ මිත්‍ර සංගමය බිහිවන්නේ ඒ අරමුණින්. අපේ අරමුණ වුනේ බෞද්ධ දර්ශණය පදනමක් බවට පත්කල ප්‍රතිපත්ති මාලාවක් තුල බෞද්ධ දර්ශණය තුල හික්මවන ලද පිරිසක් රටේ පාලනයට යොමුකිරීම. කල්‍යාණ මිත්‍ර සංගමයේ අපි මෙම අරමුණ වෙනුවෙන් ජාතික ජනතා ව්‍යාපාරය (NPM) වැනි කණ්ඩායම් සමග ප්‍රතිපත්ති මත පිහිටපු ඉතාම ගැඹුරු සංවාදයක් ආරම්භ කලා. ඒ සාකච්ඡා කෙරෙන අතරම අපේ අරමුණ කරා යාම සඳහා රටවැසියා පෙලගස්වන්නටත් කටයුතු කලා. බෞද්ධ සංකල්ප මත සම්මා ආජීවය මත පදනම් ව ජීවිතය ගතකරන නියෝජිතයන් පිරිසක් රටට නායකත්වය දීම සඳහා ගොඩනගන්න භාවනා වැඩසටහන් වැනි දේ සංවිධානය වුණා. මේ සියලු උත්සාහයන් යොමුවුනේ ප්‍රතිපත්ති මත පදනම් වූ බෞද්ධ බලවේගයක් ගොඩනැගීමේ සත් ක්‍රියාවට. ඒ සත්ක්‍රියාව සඳහා වන වෑයම අපි තවම අත්හැරලා නෑ...
·
ස්වාමීන් වහන්ස, ඒ කටයුතු වල වත්මන් තත්වය කොහොමද?
o ජාතික ජනතා ව්‍යාපාරය (NPM) ආයතනය ඇත්ත වශයෙන්ම රටතුල පවතින දේශපාලන, පරිපාලන සහ සාමාජීය ක්‍රමවේද සැබෑ ව්‍යුහමය පරිවර්තණයක් සඳහා යොමුකිරීමේ අරමුණින් බලවේගයක් ඇති කරන්න කටයුතු කරන සංවිධානයක්. අදටත් ඒ සංවිධානයේ ඒ උතුම් අරමුණු පෙරදැරි කරගත් සැබෑ දේශමාමක පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් කටයුතු කරනවා. ඇත්ත වශයෙන්ම අපේ සාකච්ඡා ඉතාම ඵලදායීව ඉදිරියට ඇදිලා ගියා. නමුත් නව පිරිස් NPM සංවිධානය සමඟ එක්වන්නටත්, නායක කාරකාදීන් බවට පත්වෙන්නටත් වුනාම අපට පැහැදිලි වුණා අපි පතන බෞද්ධ දර්ශණය කේන්ද්‍රකොට ගත් ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්න තිබුනු එකඟතාව ක්‍රමයෙන් බිඳවැටෙන බව. ඇත්ත වශයෙන්ම අප අතර තියෙන නොගැලපීම ඇති වුනේ ඒ බලවේග වල එක්වීමත් සමගයි.
· නමුත් ස්වාමීන් වහන්ස, ඉදිරි ජනාධිපතිවරණයේදී විකල්ප බලවේග ලෙස ඉදිරියට එන නාගානන්ද කොඩිතුවක්කු වැනි චරිත පිටුපස සිටින්නේ NPM වැනි සංවිධාන බවට මතයක් පවතිනවා. මේ NPM සංවිධානයේ දේශපාලන සම්ප්රාප්තියද?
o නාගානන්ද මහතා සංවිධානයේ අපේක්ෂකයාද කියන එක තවමත් හරියටම පැහැදිලි නෑ. නමුත් නාගානන්ද මහතා වැනි පිරිස් අප සමඟ එකතුවීම ම අපේ මුල් අරමුණු ක්‍රියාත්මක කරගන්න ලොකු බාධාවක් වුණා. මේ පුද්ගලයන්ට ඇත්තටම වැඩපිලිවෙලක් ඉදිරියට ගෙන යා හැකි ප්‍රායෝගික ක්‍රමවේදයක් නැහැ. යෝජනා ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සම්බන්ධව කෙරෙන විවෘත කතිකාවතකටවත් මේ පාර්ශව සූදානම් නෑ. රැස්වීමකට කලින් පන්සිල් ගැනීමේ උතුම් චාරිත්‍රය පවා "වැඩකට නැති වැඩක්" ලෙස සලකන මට්ටමට මෙම බලපෑම් දරුණු වුණා. හුදු වචන මත පමණක් පදනම් වන, කිසිඳු ප්‍රායෝගික බවක් නැති, සිංහල බහුතරය තවදුරටත් භේදබින්න කරන වැඩපිලිවෙලකට අපේ උතුම් අරමුණ පාවාදෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් අපිට මතුවුණා. මම මේ කියන පසුකාලීනව NPM සංවිධානයට එකතු වූ දැඩි මතධාරී සුලුතරයක බලපෑම් මත අප අතර ඇතිවූ නොගැලපීම් නිසා NPM සංවිධානය සමඟ, තිබූ කතිකාවතෙන් සුහදව ඉවත්වෙන්න අපි තීරණය කලා. නමුත් NPM සංවිධානයෙන් ඉවත් වූ පමණින් අපේ උතුම් අරමුණ කරා යන වෑයම නතර වෙන්නෙ නෑ. රට මේ විපතින් ගලවාගත යුතුමයි. ඒ සඳහා අපි ඉදිරියට කටයුතු කරනවා.
· ඔබ වහන්සේ සඳහන් කල පරිදිම මෙතරම් දුරක් ඇවිල්ලා මේ කටයුත්ත නවතා දැමීම පසුබෑමක්ද? මේ තත්වය වෙනස් කරගන්න තිබ්බා කියලා හිතෙන්නෙ නැද්ද ස්වාමීන් වහන්ස?
o මම හිතන්නේ නෑ එහෙමයි කියලා. ඇතැම්විට විය හැකි හොඳම දෙය සිදුවුනා වෙන්න පුලුවන්. මොකද මම හිතන්නේ නෑ අපි අතර තිබුනු නොගැලපීම් මත ඉදිරියට යන්න හැකියාවක් තිබ්බා කියලා. වෙනත් පාර්ශවයකගේ විකල්ප මතයක් ඇහුම්කන් නොදෙන, තමන් හිතන පතන දෙය පමණක්ම නිවැරදි යැයි සිතන, උප්පැන්න සහතිකේ ජාතියක් ආගමක් සඳහන් නොකරන, දැඩිමතදාරී නාගානන්ද මහතා වැනි අපේක්ෂකයෙක් රටේ නායකත්වයට පත්කරන්න අපේ බලවේගයට හිතට එකඟව කටයුතු කරන්න බැහැ.
උදාහරණයක් හැටියට අද විකල්ප බලවේග යැයි කියාගන්නා ඇතැම් අපේක්ෂකයන් බැංකු ගිණුම් අංක සමාජ මාධ්‍ය තුල ප්‍රසිද්ධ කරලා මුදල් එකතුකරනවා වැනි ව්‍යාපාර කරගෙන යනවා. මට ආරංචි වුණා පිටරටවල ගිහින් ඉතා විශාල මුදල් ප්‍රමාණයක් එකතු කරගන්න ඔවුන් කටයුතු කරනවා කියලා. කල්‍යාණ මිත්‍ර සංගමයේ අපි සහ NPM සංවිධානය මෙය සැලකුවේ නොකල යුතු දෙයක් හැටියට. අපි මේ කටයුත්තට අවශ්‍ය අරමුදල් සම්පාදනය සඳහා වන ප්‍රායෝගික විසදුම් පවා යෝජනා කලා. ඒ කිසි දෙයක් විකල්ප යැයි කියාගන්නා මේ දැඩි මතධාරී නායකයන් පිලිගත්තෙ නෑ. බලන්න දැන් ඒ මුදල් එකතු කිරීම සම්බන්ධව එල්ල වෙලා තියෙන චෝදනා සහ ඒ සම්බන්ධව ඇතිවී තිබෙන සෘණාත්මක කතිකාවත. ඉතාම කෙටියෙන් කියනවා නම්, මේ විකල්ප යැයි කියාගන්නා අපේක්ෂකයන් කරන්නේ පවතින ක්‍රමය වෙනස්විය යුතුයි කියලා හිතන රටවැසි පිරිස තම වාසිය වෙනුවෙන් මුලාකිරීමක්. ඒ මුලාවෙන් මිදෙන්න රටවැසියා බුද්ධිමත්ව සිතීම ඉතා වැදගත්. ඒ සඳහා රටවැසියා දැනුවත් කරන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා.
නමුත් මම නැවත අවධාරණයෙන් කියනවා. NPM සංවිධානය තුල සිටින සාතිශය බහුතරය ඉතාම ගුණවත් මනුෂ්‍යයන් පිරිසක්. ඔවුන් මේ මොහොතේ නියම මාර්ගයට ගැනීමයි කලයුත්තේ. දැන් සංවිධානයෙන් නාගානන්ද මහතා වැනි අහිතකර කොටස් ඉවත් වූ බවත් ආරංචියි. එය ඔවුන් සමඟ නැවත එකතුවීමක් සඳහා කතිකාවතක් ඇරඹීමට සුබ පෙරනිමිත්තක්.
· අවසරයි ස්වාමීන් වහන්ස, නමුත් ජනාධිපතිවරණයක් පවතින මේ අවස්ථාවේ මේ විකල්ප බලවේග වෙත ජනතාවගේ සැලකිය යුතු නැඹුරුවක් පවතිනවා නේද? මෙයින් මැතිවරණයට ඇතිවන බලපෑම ඔබ වහන්සේ දකින්නේ කොහොමද?
o විකල්ප බලවේග වෙත තියෙන නැඹුරුවකට වඩා මම හිතන්නේ රටවැසියන්ට තියෙන්නේ පවතින ක්‍රමය ගැන කලකිරීමක්. මම හිතන්නේ නෑ ඔවුන් තවම ඉදිරි ජනාධිපතිවරණය ගැන තීරණයක් අරගෙන කියලා. පාවෙන ඡන්ද ප්‍රමාණය 30% කට ආසන්න බවයි අපිට පෙනෙන්නට තියෙන්නේ.
ඕනෑම බලවේගයක් සැබෑ විකල්පයක් වීමට නම් ඔවුන් ඉදිරිපත් කරන වැඩපිලිවල මෙන්ම රට මෙහෙයවන්නට වරම් ඉල්ලන නායකයාගේ ගති ලක්ෂණ, කල පුරුද්ද, පලපුරුද්ද මෙන්ම රට ජාතිය ගැන පවතින කැක්කුමත් නිසැක වශයෙන්ම සැලකිල්ලට භාජනය කල යුතුමයි. මෙහෙම හිතන්න... අම්මා කෙනෙක් ඉන්නවා. හරිම සැරපරුෂයි. වසයි. අම්මා කෙනෙක්ගෙන් වෙන්න ඕන යුතුකම් හරියටම ඉටු වෙන්නේ නෑ. ඒ අම්මා ගගට වැටිලා ගහගෙන යනවා. අපි මොකද කරන්න ඕන? අම්මා වසයි කියලා දියේ ගහගෙන යන්න දෙන එකද? නැත්නම් අම්මා ව බේරගෙන්න එකද? ඒ අම්මාව මරනෙන් බේරනවා වගේ මේ වෙලාවෙ කරන්න ඕන අගාධයේ ගිලුනු රට බේරගන්න එක. ඒ සඳහා සියයට සියයක් නිවැරදිම නොවුනත් පවතින තත්වය මත සුදුසුම නායකත්වය සහ දේශපාලන කඳවුර තෝරාගත යුතුයි. එතැන තියෙන වැරදි නිවැරදි කරලා අපේ අරමුණට හැඩගස්වාගැනීම අපේ වගකීම.
හතු පිපෙන්නා වගේ පිපෙන, කිසිම අරමුණක් - පලපුරුද්දක් නැති, විකල්ප නායකයන්ගේ යටි අරමුණු තේරුම් නොගත්තොත් රටට වෙන්නේ බොහොම ලොකු විනාසයක්.
· කොහොමද අපි මේ තෝරාගැනීම වෙත එළඹෙන්නේ අපේ හාමුදුරුවනේ?
o මේ මැතිවරණයේ සිටින්නේ කඳවුරු දෙකයි. එක් කඳවුරක් සහෝදර ජාතීන් අතර සිටින ද්‍රවිඩ මුස්ලිම් වර්ගවාදයට අන්තවාදයට පක්ෂවල පිරිස පිරිවරාගත් සන්ධානයක්. අනික පාර්ශවය සියයට සියයක් යහපත් නොවන නමුත් සිංහල-බෞද්ධ, සිංහල-කිතුනු බහුතරයෙන් සැදුම්ලත් සහ අන්තවාදී නොවන සහෝදර ජාතීන්වල නායකයන්ගෙන් සැදුම්ලත් සන්ධානයක්. විකල්ප බලවේග සියල්ලම බිහිවෙලා තියෙන්නේ සිංහල-බෞද්ධ, සිංහල-කිතුනු ඡන්ද ටික බෙදන්න-කඩන්න. සිංහල බෞද්ධයා, සිංහල කිතුනුවා මෙම ඊනියා විකල්ප බලවේග වලට භාවිතා කරන ඡන්දය ඇත්ත වශයෙන්ම ඡන්දය අපතේ හැරීමක්. අවසානයේ විකල්ප බලවේග දිනන්නෙත් නෑ. සිංහල-බෞද්ධ, සිංහල-කිතුනු සහ අන්තවාදයට එරෙහි බහුතරයක් සහිත බලවේගය දිනන්නෙත් නෑ. දිනන්නේ අර අන්තවාදී වර්ගවාදී බලවේග වල සන්ධානය. එහෙම දිනන ජනාධිපතිවරයෙකුට වෙන්නේ ඒ බලවේග වල රූකඩයක් වෙන්න විතරයි. එහෙම උනොත් ඒක රටේ අවසානයම තමා. මෙන්න මේකයි අපි සිටින ඇත්ත අනතුර. මේක තමයි ඡන්දදායක රටවැසියා තේරුම්ගත යුත්තේ.
· සමාවෙන්න ස්වාමීන් වහන්ස, සමාජයේ මතයක් තියෙනවා ඔබ වහන්සේ ඔය කියන කදවුරේ සිටින ඇතැම් කොටස්වල අතීත භාවිතාව සම්බන්ධව බරපතල ගැටළු පවතින බවට, එහෙම නේද ස්වාමීන් වහන්ස?
o ඔය පාර්ශව දෙකෙන් එකකට වත් හොඳ අතීත භාවිතාවක් නෑනෙ. ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකට පරිබාහිර විකල්ප බලවේග කියලා සුදෝසුදු සළුපිලි ඇඳගෙන එන අයගෙ භාවිතාවත් ඔයිට දෙවෙනි නොවන බව අපි අත්දැකීමෙන් දන්නවා. වැරදිලාවත් ඒ අයට බලය ලැබුනොත් ඒ අය මෙ දෙපාර්ශවයටත් වඩා අන්ත වෙනවා.
ඒ කෙසේ වුණත් අද රටේ පවතින ප්‍රධාන ගැටලුව ඔය කියන භාවිතාව නෙවෙයි. රටත් රාජ්‍ය තන්ත්රයත් අන්තවාදී වර්ගවාදී බලවේග වල අතකොලුවක් වීම නවත්වාගන්න එකයි අපි කරගන්න ඕන. කොටින්ම ගගට වැටිලා ගහගෙන යන අම්මාව බේරගන්න ඕන. අපි තේරුම් ගතයුතුයි මේ, ඒ සඳහා ලැබෙන අවසන් අවස්ථාව බව. මේ වැඩකට නැති විකල්ප පස්සෙ වැටුනොත් වෙන්නේ අන්තවාදී පිරිස් බලය ලබාගෙන මුලු රාජ්‍ය තන්ත්රයම අන්තවාදී වර්ගවාදී නායකයන්ගේ ගොදුරක් වෙන එකයි
· නමුත් ස්වාමීන් වහන්ස, මේ දේශපාලන භාවිතාව වෙනස් කරන්නෙ නැතුව රට ඉස්සරහට අරගෙන යන්න බැහැ නේද?
o මේ අනතුරින් රට බේරගත්තට පස්සෙ, ඒ කියන්නේ නිවැරදි ජනාධිපතිවරයෙක් පත්වුනාට පස්සෙ කල්‍යාණ මිත්‍ර සංගමය ලෙස අපි, බලපෑම් කණ්ඩායමක් ලෙස ඒ අරමුණ සාක්ෂාත් කරගැනීම උදෙසා ක්‍රියාකරනවා.
· තවත් පැහැදිලි කලොත් ස්වාමීන් වහන්ස...
o පොඩ්ඩක් හිතන්න. අපේ රටේ සහෝදර ජාතීන් හැමදාම හොදින් ජීවත් වුනේ සිංහල ජාතීන්ගේ සෙවණේ. අතීතයේ ආක්‍රමණිකයන්ගෙන් ඒ සහෝදර ජාතීන්ට එල්ලවුනු කරදර බාධක වලින් රැකගත්තේ සිංහල බෞද්ධයන්. අපි ගොඩනගන්නෙත් ඒ සිංහල ජාතිකවාදය. බුදුදහමේ අවිහිංසාවාදය සහ ඉවසීමේ උතුම් ගුණාංග පදනම් කරගෙන නිර්මාණය වුනු නියෝජිතයන් හරහා රාජ්‍ය තන්ත්රය සහ රාජ්‍ය පාලනය හරිමග තබාගැනීමයි අපේ අරමුණ. වැරදි දේට වැරදී කියන්න පුලුවන් ඒ වරද සිදුකිරීමට ඉඩ නොදෙන තරමේ පීඩනයක් ඇතිකිරීමට අවශ්‍ය ජනබලයක් අප සතුයි. ඒ බව ඉදිරි කාලයේදී සනාථ කොට පෙන්වන්න අපි කටයුතු කරනවා. ඊනියා විකල්පයට එරෙහි විකල්පයක් ගොඩනංවන්න අපිට පුලුවන් බව මට විශ්වාසයි.
· ඔබ වහන්සේගේ ඉදිරි කටයුතු මේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා සකස් වන්නේ කෙසේද?
o අපි කල්‍යාණ මිත්‍ර සංගමය විදියට ඉතාම පුළුල් ජනතා දැනුවත් කිරීමක් කරන්නට කටයුතු කරනවා. මේ එළඹෙන මාසයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමේ කටයුත්තක් සූදානම් වෙනවා. ඒ වගේම ලංකාව තුලත් දැනටමත් විහාරාරාම පදනම් කරගෙන ගොඩනැඟී ඇති පුළුල් සංවිධාන ජාලයක් හරහා කෙරෙන දැනුවත් කිරීම් දීපව්‍යාප්තව කරන්නට අපි කටයුතු කරනවා. අපි මේ සියල්ල සිදුකරන්නේ බලපෑම් කණ්ඩායමක් හැටියට නියම නායකයා බලයට පත්කරන්නත් ඉන් පසුව ඔහුව නියම මාර්ගයේ මෙහෙයවන්නත් ස්ථිරවම අධිෂ්ඨාන කරගෙන.
· ධර්ම ප්‍රචාරය සහ නිවන පමණක් උපාසක උපාසිකාවන් අතරට රැගෙන ගිය විචිත්‍ර ධර්ම කථිකයෙක් වන ඔබවහන්සේගේ මේ කටයුතුත් සමඟ ඔබ වහන්සේ වටා ඉන්න සිවුවනක් පිරිස අතර වැරදි වැටහීමක් ඇතිවෙයිද?
o හැම දේටම කලින් අපිට රටක් තියෙන්න ඕන. මේ රට ආරක්ෂා කරගත්තේ නැත්නම් ධර්මය රැකෙන්නෙත් නෑ. රටට මේ වගේ අපල උපද්‍රව එල්ල වෙච්ච හැම මොහොතකම භික්ෂූන් වහන්සේලා රට රකින්න ඉදිරියට වැඩියා. ඒ බවට ඕනෑ තරම් උදාහරණ ඉතිහාසයේ තියෙනවා. අපිට පාර පෙන්නන්නේ ධර්ම මාර්ගය. මෙතෙක් කාලයක් අපි ඉදිරියට ආවෙත් මේ කර්තව්‍යයේ ඉදිරියට යන්නෙත් ධර්ම මාර්ගයම පිහිටකොට සරණකොට ගෙන පමණයි. ඇතැම්විට කෙටිකාලීනව සිවුවනක් පිරිස අතර වැරදි වැටහීම් ඇති වුනත්, අටලෝ දහම අනුවම අපෙන් තාවකාලිකව ඈත් වුවත් කල් යනකොට ධර්මයේම අනුහසින් ඔවුන් අපේ මේ ව්‍යායාමයේ අගය වටහා ගනීවි.
තරණ වෙනුවෙන් සම්පාදනය කලේ : දේවලෝචන රණසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
9/07/2019
මෙල්බර්න් අපේ ජනපති නාගා සහ තවත් රස කතා
කතෘ:යුතුකම
9/07/2019
No comments
-කැලුම් නිරංජන-
කතා කළ යුතු මාතෘකා කොතෙක් පැවතියත් මේ සටහන තබන්නට සිත් වූයේ පසුගියදා , ජනාධිපති ධූරයට තරඟ වදින්නේ යැයි කියන නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් මෙල්බර්න් නුවරදී පැවැති රැස්වීමක ඡායාරූප කිහිපයක් මුහුණු පොතේ මිත්‍රයෙකු විසින් අපූරු සටහනක් සමග පළකර තිබෙනු දැකීමෙනි.
ඔහු එහි සඳහන් කර තිබුනේ "මේල්බර්න් අපේ ජනපති Naga". එය අපූරු සටහනක් වන්නේ නාගානන්ද කොඩිතුවක්කු යනු ජනාධිපති වන්නට තබා 2015 සිද්ධාලේප වෙදමහත්තයා ලබා ගත් චන්ද ගණනවත් ලබා ගැනීමට හැකි විභවයක්, දැනට මෙරට බිම් මට්ටමේ පෙනෙන්නටවත් නැති ප්‍රායෝගික තත්වය යටතේය. එසේ තිබියදී "මෙල්බර්න් අපේ ජනපති නාගා" යැයි සිතන්නට හැකි මානසිකත්වයක් උගත් යැයි සම්මත පිරිස් අතලොස්සක් අතර හෝ ඇතිවන්නට හේතු වන්නට ඇත්තේ කුමක් ද? එය විමසා බලන්නට මත්තෙන් නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරිපත් කරන මූලිකම අදහස, එනම් ජනාධිපතිවරණයෙන් ජයගත් විගසම බලාත්මක වන්නේ යැයි කියන ස්වයංජාත ව්‍යවස්ථාව පිළිබඳ මඳක් විමසා බලමු.
ස්වයං ජාත මනස්ගාත
නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානතම ප්රචාරක උපක්‍රමය වී ඇත්තේ ඔහුගේ ස්වයංජාත ව්‍යවස්ථාවයි. සරලව ගතහොත් එමගින් ඔහු ප්‍රකාශ කරන්නේ ඊලඟ ජනාධිපතිවරණයට ඔහු විසින් නිර්මාණය කර ඇති ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සඳහා ජනවරමක් ලබා ගන්නා බවයි. ඒ හරහා දැනට බලාත්මක ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් බලරහිත වී පත්වී පැය 24ක් ඇතුලත ඔහුගේ ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය බවට පත් වෙන බවයි. ඒ තුලින් දැනට පාර්ලිමේන්තුවේ සිටින නියෝජිතයන් 225 දෙනාම බලරහිත වී ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ආයතනයන් සඳහාද අලුතින්ම විනිසුරුවරුන් පත් වෙන බවයි.
වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනමත විචාරණයකින් තොරව වෙනස් කළ නොහැකි වගන්ති 12ක් අඩංගු වේ. එය ව්‍යවස්ථාවේ පාදමයි. ඒ පාදම මත සිට ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයෙන් සම්මත කරගත හැකිය. වගන්ති 12 කින් යුතු පාදමේ කොටසක් හෝ සම්පූර්ණයෙන් ගලවා දැමීමට නම් පාර්ලිමේන්තුවේ 2/3 ක් සහ ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය වේ. මේ වගන්ති 12 ක ආවරණය ලබා ඇති අංශ වන්නේ රටේ නම , රට ඒකීය රාජ්‍යයක් යන බව, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවිය යුතුය යන්න, ජාතික කොඩිය , ජාතික ගීය ,පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ ධූර කාලය වෙනස් කිරීම , ජනතා පරමාධිපත්‍යය ජනතාව සතුය යන අතිශක තීරණාත්මක කරුණුය. ව්‍යවස්ථාව තුල එවැනි ආවරණයක් යොදා ඇත්තේ හිතෙන හිතෙන කෙනෙකුට හිතෙන හිතෙන පරිදි මේ පාදම වෙනස් කිරීමට ඇති ඉඩ අහුරමිනි. ජේ ආර් ජයවර්ධන මහතාගේ 77 ව්‍යවස්ථාව පිළිබඳ කොතරම් විවේචන තිබුණත් මේ වගන්ති 12න් ලැබුණු ආවරණය නම් පැසසිය යුත්තකි.
නාගානන්ද මහතාට මේ කිසිවක් වැඩක් නැත. ඔහු විස්තර කරන ක්‍රියාවලියේ ඇති ඇති අප්‍රායෝගිකත්වය ව්‍යවස්ථා සම්පාදන නීතිය පිළිබඳ අග්‍රගණ්‍ය විශාරදයෙකු සේ සැලකෙන ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා "ව්යයව්ස්ථා සංශෝධන" ග්‍රන්ථයේ අඩංගු පහත වගන්ති කිහිපයෙන් පැහැදිලි විය යුතුය.
"වර්තමාන ව්‍යවස්ථාවට අනුව ජනතා පරමාධිපත්‍ය ජනතාව සතු වන බවත් අය අන්සතු කළ නොහැකි බවත් , පරමාධිපත්‍යට පාලන බලතල ,මූලික අයිතිවාසිකම් හා ජන්ද බලයද ඇතුළත් වන බවත් ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියේ දැක්වේ.
මේ වගන්තියේ ගැබ් වී ඇති අදහස නම් ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය සමස්ථ ශ්‍රී ලංකා ජනතාව සතු බවත් සමස්ථ ජනතාව සතු මේ පරමාධිපත්‍ය බලය අන්සතු කළ නොහැකි බවත්ය. පරමාධ්හිපත්යයේ කොටසක් වන පාලන බලය විධායක බලය ව්‍යවස්ථාදායක බලය හා අධිකරණ බලය යන තුන් වැදෑරුම් බලයන්ගෙන් සංයුක්ත වේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව , ජනතාව වෙනුවෙන් නීති සෑදීමේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව වෙතත් , ජනතාව වෙනුවෙන් සාදනු ලබන නීතික්රියාත්මක කිරීමේ විධායක බලය ජනාධිපති වෙතත් රාජ්‍යය බලය නිසි ලෙස ක්රියාවේ යෙදෙනවාදැයි පිරික්සීමේ බලය අධිකරණය මගින් පාර්ලිමේන්තුව වෙතත් පවරා ඇත.
ජනතාවගේ මේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියේ විස්තර වේ. ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය සමස්ථ ජනතාව විසින් තෝරා පත් කරගත් මහජන මන්ත්‍රීන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද , ජනතාව සතු විධායක බලය සමස්ථ ජනතාව විසින් ජනාධිපතිවරණයකදී තෝරා පත් කරගත් ජනාධිපතිවරයා විසින්ද ජනතාව සතු අධිකරණ බලය අධිකටණය හරහා පාර්ලිමේන්තුව විසින්ද ක්‍රියාත්මක කරනු ලැබිය යුතු බව ඒ 4 වැනි වගන්තියේ දැක්වේ."
නාගනන්ද මහතා කියන්නේ ඔහුගේ යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතට අවශ්‍ය බලය ලැබෙන්නේ මේ පරමාධිපත්‍ය බලයෙන් කියාය. එය ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට ලැබෙනවා යැයි කියන ජනවරමෙන් තහවුරු වන බවයි. නමුත් ඔහු වර්තමාන ව්‍යවස්ථාවෙන් ගන්නේ ඒ පරමාධිපත්‍ය බලය කියන වචනය පමණි. අවම තරමේ පරමාධිපත්‍ය බලාත්මක වන් ආකාරය පැහදිලි කරන 4 වැනි වගන්තියද ඔහු අත හැර දමයි. ජනතාව වෙනුවෙන් නීති සෑදීමේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව වෙත පවරා ඇත යනුවෙන් ජනතා පරමාධිපත්‍යය අර්ථ දැක්වෙන කොටස ඔහු අමතක කරන්නේ හිතාමතාය. අනිත් කාරණය නම් ජනාධිපතිවරණයකදී ලැබෙන චන්දය ව්‍යවස්ථාවකට අවශ්‍ය ජනමත විචාරණයක් ලෙස සැලකිය හැකිය යනුවෙන් නාගනන්ද මහතාට බලය ලැබෙන්නේ කොතනින් ද යන්නයි.
වැඩිහිටි මිනිසුන්ට මෙලෙස නොවැඩුණු ළපටි දරුවන් සේ ක්‍රියා කළ හැක්කේ එක්කෝ තමන් කියන ඕනෑම කෙප්පයක් විස්වාස කරන අන්ධයන් සරි පිරිසක් ඇතැයි යන අධි විස්වාසයකිනි. එසේත් නැත්නම් මානසික ව්යාධියකිනි. අපගේ විස්වාසය නම් නාගානන්ද මහතා ඔය දෙවැනි ගණයට අයත් නොවන බවයි.
සෙල්ලමේ සැබෑ අනතුර
නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙල්බර්වල මිස මෙරට ජනාධිපති වීම මෙන්ම මේ ස්වයං ජාත ව්‍යවස්ථාව සම්මත වීම කිසිදා නොවන හිතලුවක් නිසා එහි ඇති එක් එක් විස්තරාත්මක කරුණු ගැන විශ්ලේෂණය කිරීම නිකරුනේ කාලය අපතේ යැවීමකි. නමුත් මේ උත්සාහය නිසා නිර්මාණය වන අනතුරක් ගැන අපගේ අවධානය යොමු කළ යුතුය.
එනම් මේ "ජනතා පරමාධිපත්‍ය ජනතාවට" කියන පේළියේ විතරක් එල්ලී නාගානන්ද මහතා මෙන්ම අනෙකුත් අපේක්ෂකයනුත් තමන්ට හිතෙන හිතෙන ව්‍යවස්ථා සම්මත කරගැනීමට උත්සාහ කළහොත් ඇතිවන තත්වය කුමක් ද? මිනිසුන් චන්දය දෙන අවසාන නිර්ණායකය මැතිවරණයේදී ඉදිරිපත් කරන ව්‍යවස්ථා ලියවිල්ලම නොවේ. අනිවාර්යයෙන් දින්න්නට විභවයක් ඇති අපේක්ෂකයෙකු මෙලෙස තමන්ට හිතෙන ඕන බහුබූතයක් එකතු කර ව්‍යවස්ථාවක් හදා ජනාධිපති වුවහොත් ඇතිවන තත්වය කුමක් ද? එය පාර්ලිමේන්තුව හෝ ඉහළ අධිකරණය හෝ සන්නද්ධ හමුදා විසින් විසින් පිළි නොගන්නා අනිවර්යය තත්වය යටතේ රටේ නිර්මාණය වන අරාජිකත්වය හමුවේ රට පත් වන අනතුර ගැන මේ සෙල්ලම් ගෙවල් සාදන කිසිවකුටත් අවබෝධයක්, ගණන් බැලීමක් ඇත් ද? විසේෂයෙන් බෙදුම්වාදි ව්‍යවස්ථාවක් වෙනුවෙන් උදේ හවා කැපවෙන දේශපාලන කොටස් සහ රාජ්‍ය නොවන සංවිධාන ඉතා සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් ඇති වටපිටාවක , බෙදුම්වාදී ව්‍යවස්ථාවක් නොව අඩු තරමේ එයට මුල පුරනා වගන්ති දෙක තුනක්වත් ඇතුලත් කර සාදන ව්‍යවස්ථාවකට ඉදිරියේදී අනිවාර්යයෙන් දිනන අපේක්ෂකයකු ඔය කියනා ආකාරයට "වරමක්" ලබාගතහොත් ඇතිවන තත්වය කුමක් ද?
එබැවින් මේ නාගානන්ද විකෘති උත්සාහය ඒ අර්ථයෙන් ගෙන මතවාදීව පරාජය කිරීම අත්‍යවශ්‍ය කාරණයකි.
[2016 ජනවාරි 9 වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද මෙතරම් විකෘති නැතත්, හිතුවක්කාර උත්සාහයක් දැරීය. එනම් මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා දායක සභාවක් බවට පත් කර අප මුලින් සඳහන් කළ ව්‍යවස්ථාවේ පාදමේ සිට සම්පූර්ණ ගලවා දමන බෙදුම්වාදී ව්‍යවස්ථාව නිර්මාණය කිරීමට ගත් උත්සාහයයි. මුලින් ඒ උත්සාහය ගැනුනේ පාර්ලිමේන්තුවෙන් පිටත රැස්වන ව්‍යවස්ථාදායක සභාවක් හරහා බෙදුම්වාදී ව්‍යවස්ථාව නිර්මාණය කිරීමටයි. නමුත් එයට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් නැගුණු විරෝධය හමුවේ පාර්ලිමේන්තුව තුළට ගැනිණ. නමුත් එහිද පත්කළ අනු කමිටු ආදිය හරහා ක්‍රියාත්මක වූයේ රනිල් වික්‍රමසිංහට අවශ්‍ය බෙදුම්වාදී ව්‍යවස්ථාව නිර්මාණය කිරීමයි. ඊට එරෙහි කිසිඳු සාධනීය විවේචනයක්,යෝජනාවක් සැලකීමකින් තොරවම බැහැර කෙරිණ. ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මේ පිළිබඳ පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීන් බොහෝ කරුණු හෙළිදරව් කර තිබේ. ]
එමෙන්ම 225ම එපා යනුවෙන් නගන ව්‍යාජ අප්රායෝගිය ඝෝෂාව හමුවේ සැබෑ ආණ්ඩු විරෝධී බලය තනුක කිරීමට කරන උත්සාහයද ඒ සමගම පරාජය කර දැමිය යුතුය. 225 එපා නම් එය ඊලඟ මහ මැතිවරණයේදී කර ගත හැක. මේ 225 තෝරන මැතිවරණයක් නොවේ.
මේ රටේ ඉදිරි දශකය තීරණය කරන තීරණාත්මක මොහොතයි. ඒ මාවත වැටෙන්නේ කාලකණ්නිභාවයේ, දුගීභාවයේ, මරණ බයේ ,අසංස්කෘතික භාවයේ අක්ෂයේද එසේත් නැත්නම් සෞභාග්‍යයේ , ආරක්ෂිතභවේ සහ ස්වදේශවාදයේ අක්ෂය දිගේද යන කතිකාව මිස මේ මානසික දිළින්දන් සමග සෙල්ලම් ගෙවල් වල රස්තියාදු ගසමින් බලි බූත කිරීමට කාලය නොවේ.
මෙල්බර්න් ජනපති නාගා?
මෙතරම් අප්‍රායෝගික, මෙතරම් මනස්ගාත, මෙතරම් අපබ්‍රංස වැඩ පිළිවෙලකට මෙල්බර්න් වැනි 'දියුණු' සමාජයක සමාජ තීරුවක් සම්පූර්ණයෙන්ම වාගේ හසු වන්නට හේතුව කුමක් දැයි විමසා බැලීම වටී. මේ පිළිබඳ අප මිත්‍රයකු මුහුණු පොතේ තැබූ සටහනක මේ කොටස එම පැනයට ඉඟියක් ලැබේ යැයි සිතේ.
"වඩාත් යහපත් ජීවිතයක් ගත කිරීමේ අරමුණෙන් විදේශ ගතවුන මේ පිරිසෙන් බොහෝ දෙනෙකුට ලංකාව ගැන තියෙන්නෙ බොහොම උදාසීන හැඟීමක්. නමුත් ජ්යාතානුරාගය වගේ දේවල් වලට ජ්‍යාතන්තර වටිනාකමක් හිමිවේගෙන යන අද වගේ කාලයක "මගේ රට වෙනුවෙන් මම මොනවද කරල තියෙන්නෙ" වගේ හැඟීමක් ඔවුන් තුල ජනිත වනවා ඇති. "රට හදනවා" කියන ඕනම බොරු කාරයෙකුට ඩොලර් 50ක් නැත්නං 100ක් දීල ඔවුන් පුරවා ගන්න හදන්නෙ ඔවුන් තුල තියන ඒ හිඩැස. ඒ ඩොලර් 50 හෝ 100 තුලින් ඔවුන් ජනිත කරවගන්නෙ "මමත් මගේ රටේ දියුණුවට දායක වුනා" කියන හැඟීම. ඔස්ට්‍රේලියාවට වෙලා නිදහසේ ජීවත් වෙන්න ඒක අනිවාර්යයෙන්ම ඔවුන්ට ලොකු අස්වැසිල්ලක් වෙනවා ඇති. "
ඊටත් අමතරව මේ නාගා රැල්ලට හසුවී නාගා ෆෑන්ස්ලා වී ඇති බොහෝ දෙනා පාහේ පසුගිය ජනාධිපතිවරණයේදී නීතියේ ආධිපත්‍ය, දූෂණ විරෝධය ආදී ආකර්ශනීය මාතෘකා වලට රැවටී හංස සංධානයට සහය පළ කළ පිරිසයි. පත් වී දින 30ක් යන්නට මත්තෙන් මහ දවල් මහ බැංකුව කඩන් කෑ , ආර්ථික සමාජ සහ ආරක්ෂක යන සියළු අංශවලින් රට තිබූ තැනිනුත් ගව් ගණනක් පසු පස්සට ඇද දැමූ , නිවාඩුවටවත් ලංකාවට ඒමට නොහැකි තත්වයට විනාස වී යාමට ඉඩ හැර , තම ඥාතීන් දෙමව්පියන් හිතවතුන් කොයි වෙලේ ත්රත්ස්වාදීන්ගේ බෝම්බයකට හසුව මහමග කෑලි වන්නේ දැයි මරණ බයෙන් සිටින තත්වය යටතේ තව දුරටත් රෙද්දක් ඇඳන් ඒ හංස සංධානය සහ එහි විසිරී ගිය කොටස්කරුවන්ට සහය දීමට මේ බොහෝ දෙනාට නොහැකි වී තිබේ.
2015 ජනවාරි 8 හංස සංධානයට සහය කළ කිසිවකුට තමන් ගත් ඒ තීරණය පිළිබඳ අවංකව සතුටු වන්නටවත් ඒ පිළිබඳ යමෙකු සමග ප්‍රසිද්ධියේ පැවසීමටවත් නොහැකි තරම් අවමානයක් ඒ හංස විල්පවයේ මහ මොළකරුවන් පත්වී දින කිහිපයක් යන්නට මත්තෙන්ම ඇති කළේය. කොටින්ම තමන්ට චන්දය දුන් සහ සහය දුන් කිසිව්කුට අභිමානයක් ඇතිවන ආකාරයට කටයුතු කරන්නට මේ පාලකයන් අසමත් වීය. එය හොඳින් පැහැදිලි වන්නේ 2005 මැතිවරණෙය්න් ජය ලැබූ රාජපක්ෂ ආණ්ඩුව කොටි ත්‍රස්තවාදය පරාජය කරන තෙක් ලැබූ අප්‍රමාණ ජන කැමැත්ත සහ විස්වාසය සමග සැසඳිමේදීය. එදා යාන්තමින් 50% ඉක්මවමින් ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වසර 5 කට පසු ලක්ෂ 18 ක පමණ වැඩි චන්දයෙනුත් 58% ක පමණ ප්රතිශතියකිනුත් යළි ජනපති වන්නේ ඒ තත්වය යටතේය. වත්මන් ආණ්ඩුව ගියේ එහි ප්රතිවිරුද්ධය දෙසටයි. ඔවුන්ගේ උස්ම නැගීම තිබුනේ 2015 ජනවාරිය. එතනින් එහා තිබුනේ විනාශයේ සහ කාලකන්ණිභාවයේ මාවතයි. එයට සහය් දුන් අයට පවා ඒ මාවතේ තවදුරටත් ගමන් කිරීම ඉතා කටුක අත්දැකීමක් විය. 2015 ජනවාරි පටන් මේ හංස විප්ලව කරුවන්ට සිදුවූයේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයෙන් එල්ලවන චෝදනා , අවමන් , උපහාස වලින් දේශපාලනිකව සමූහ දූෂණය වන්නටය. විසේෂයෙන් මොවුන් වැඩිපුරම සම්බන්ධවී සිටින සමාජ ජාලා තුල දී ඔවුන්ට එල්ලවූ පීඩනය සුළුපටු නොවේ. මේ ආතතියෙන් මිදීමට ද ඔවුන්ට අවශ්‍ය වී තිබිණ.
හංස සංධානයේම කොටස්කරුවෙකු වන ජවිපෙ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් වී ඇති තත්වයක් යටතේත් මේ උක්ත පිරිස උත්තේජනය කිරීමට එය ප්‍රමාණවත් නොවන්නේ සහ ඔවුන්ගේ සහය ඒ දෙසට යොමු නොවන්නේ පසුගිය අවුරුදු 4.5 පුරාම ආණ්ඩුව රැක්කේ (රණවිරු දඩයම් පනත , පළාත් සභා චන්දය කල් දැමීම ආදියට අත ඔසවමින් ) මේ රතු තොප්පිකරුවන් බව ඕනෑවටත් වඩා සමජයට නිරාවරණය වී ඇති බැවින් වන්නට පුළුවන. "නාගා මෙල්බර්න් ජානාධිපති" වන්නේ මේ තත්වය යටතේය. 225ම එපා යනුවෙන් උත්තේජනය කරන හුදු විරෝධාකල්පිත උත්සාහය තුල සැබෑවටම සිදු වන්නේ වත්මන් දූෂිත-අසමත් ආණ්ඩුව කෙරෙහි ඇති විරෝධය තනුක කිරීමකි. මහ බැංකුව කොල්ල කෑවාට, ආර්ථිය බින්දුවට වැට්ටුවාට, රටම යළිත් ත්‍රස්තවාදින්ගේ කෙළිමඩලක් කර අමු සොහොනක් කිරීමට වගකිවයුත්තේ 225 ම නොව. මේ අසමත් ආණ්ඩුවයි. 225ම එපා යනුවෙන් නගන අප්‍රායෝගික ව්‍යාජ ඝෝෂාවෙන් නොපෙනී යටපත්ව යන්නේ ඒ අසමත් කමයි. ඒ උත්සාහය මතවාදීව පරාජය කළ යුතුය. ආණ්ඩුවට එරෙහි බුර බුරා නැගෙන විරෝධය මේ සෙල්ලම් ගෙවල් අස්සේ සඟවා තනුක කිරීමට ඇති ඉඩ ඇහිරිය යුතුය. මේ කෙටි සටහනද ඒ වෙනුවෙනි. එසේ නැතිව නාගා මෙල්බර්න් වල මිස ලංකාවේ නම් ජනාධිපති වන්නේ තබා සිද්ධාලේප වෙද මහත්තයා වත් පසු කර යන්නේද නැත.මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී ඒ බව තහවුරු වනු ඇත.
රජරට රැකියාව කරන වාරි ඉංජිනේරු මිත්‍රයෙකු පසුගියදා කාලයකට පසු මුණ ගැසී රටේ තොටේ තත්වය ගැන කතාබහකට වැටිණි. රටේ තොටේ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන මිත්‍රයාට "නාගානන්ද ට නම් සිද්ධාලේප හෙට්ටිගොඩ මහත්තයා ගනිපු චන්ද ගානවත් හම්බ වෙන්නේ නෑ" යනුවෙන් පැවසූ විට මුහුණු පොතේ ගිණුමක් නැති අපේ මිත්‍රයා නැගූ පහත පැනයෙන් මේ සටහන නිමා කරමි.
"කවුද බං නාගානන්ද කියන්නේ?"
-කැලුම් නිරංජන
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
Newer Posts
Older Posts
▼
2026
(14)
▼
October
(1)
A BASTARD EDUCATION WITHOUT A SOLID FOUNDATION
►
May
(4)
►
April
(4)
►
February
(5)
►
2025
(55)
►
December
(4)
►
November
(9)
►
August
(5)
►
July
(4)
►
June
(6)
►
May
(6)
►
April
(5)
►
March
(6)
►
February
(5)
►
January
(5)
►
2023
(2)
►
November
(2)
►
2020
(36)
►
November
(4)
►
October
(3)
►
September
(1)
►
August
(2)
►
July
(2)
►
June
(2)
►
May
(4)
►
April
(4)
►
March
(1)
►
February
(10)
►
January
(3)
►
2019
(61)
►
December
(4)
►
November
(13)
►
September
(2)
►
August
(8)
►
July
(4)
►
June
(3)
►
May
(8)
►
April
(3)
►
March
(1)
►
February
(6)
►
January
(9)
►
2018
(107)
►
December
(5)
►
November
(8)
►
October
(7)
►
September
(3)
►
August
(5)
►
July
(8)
►
June
(13)
►
May
(11)
►
April
(7)
►
March
(13)
►
February
(15)
►
January
(12)
►
2017
(205)
►
December
(17)
►
November
(10)
►
October
(16)
►
September
(13)
►
August
(20)
►
July
(25)
►
June
(17)
►
May
(16)
►
April
(14)
►
March
(17)
►
February
(20)
►
January
(20)
►
2016
(363)
►
December
(20)
►
November
(29)
►
October
(18)
►
September
(20)
►
August
(30)
►
July
(37)
►
June
(28)
►
May
(27)
►
April
(25)
►
March
(43)
►
February
(38)
►
January
(48)
►
2015
(662)
►
December
(57)
►
November
(81)
►
October
(72)
►
September
(61)
►
August
(65)
►
July
(64)
►
June
(63)
►
May
(56)
►
April
(41)
►
March
(47)
►
February
(35)
►
January
(20)
►
2014
(117)
►
December
(19)
►
November
(19)
►
October
(18)
►
September
(14)
►
August
(9)
►
July
(7)
►
June
(3)
►
May
(2)
►
April
(6)
►
March
(9)
►
February
(7)
►
January
(4)
►
2013
(32)
►
December
(6)
►
November
(5)
►
October
(2)
►
September
(2)
►
August
(2)
►
July
(3)
►
May
(4)
►
April
(1)
►
March
(4)
►
January
(3)
►
2012
(1)
►
November
(1)
යුතුකම මාසික සඟරාව
පසුගිය කලාප
2026 :2 පෙබරවාරි කලාපය
2026 :4 අප්‍රේල් කලාපය
2026 :5 : මැයි කලාපය
2025 සඟරා කලාප >>
යුතුකම youtube නාලිකාව
යුතුකම Facebook පිටුව සමඟ එක්වන්න
මෑතකදී වැඩිපුර කියවූ ලිපි
අලුත්ගමින් මහපොළවට...
පළමු ගල ගැහුවේ මොකාද ? අලුත්ගමින් පුපුරා ගිය සිදු වීම පිළිබඳ නොයෙක් දෙනා බොහෝ තැන්වල නා නා ආකාර සටහන් දැනටමත් තබා අහවර මුත් මේ ගැන කෙ...
A BASTARD EDUCATION WITHOUT A SOLID FOUNDATION
“A BASTARD EDUCATION WITHOUT A SOLID FOUNDATION” අධිරාජ්‍යවාදී යුගයේ මෙරට අධ්‍යාපන ආයතන තුලින් අපගේ දරුවන්ට ලබා දුන් අධ්‍යාපනය අඩු කුලී ල...
බයියෝ ටොයියෝ සහ මිදි
ටොයියන්ගේ සහ බයියන්ගේ උපත දේශපාලනයේ දී බයියන් සහ ටොයියන් අතර තරඟය අද ඊයේ ඇති වූවක් නොව. එය අප සුද්දන්ගෙන් ඊනියා නිදහස ලබා ගැනුමට පෙ...
පන්සල් ඉඩම්වලට බලපාන නීතිය
-පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි- අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික ලක්දිව බුදුන්ගේ මය යනුවෙන් පූජාවලියේ සඳහන් වෙයි. ලංකාව කිහිපවරක් ම බුද...
ශක්ති සම්පන්න රජයක්! සුරක්ෂිත රටක්!!
යුතුකම සංවාද කවය www.yuthukama.com ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us o...
සමාජ ගිවිසුම (Social Contract)
17 වැනි සියවස යනු යුරෝපයේ ‘බුද්ධි ප්රබෝධය’ නිර්මාණය වෙමින් පැවති යුගයකි. ඒ ඔස්සේ ගොඩනැඟුණු දේශපාලන දර්ශනයේ පදනම වූයේ ද ජීවත් වීමේ අයිතිය...
අපේ ඇමරිකන් විරෝධය - 1
අප මතු කරන දේශපාලන අදහස් තුළ , එක්සත් ජනපදය ප්රමුඛ බටහිර බලවතුන්ගේ ආධිපත්‍යයට එරෙහි ස්ථාවරයක් නිබඳවම ප්‍රකාශ වෙයි. ඇතැමුන් මෙය දකින්නේ අ...
Labels
"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ
-ලසන්ත වික්‍රමසිංහ
1505
2005 සහ 2015
2009 විජයග්‍රහණය
2015
BBS
Budget
ETCA
GENEVA
NGO
NJC
Operation Double Edge
Political
S. අකුරුගොඩ
SITP
cepaepa
ඉන්දු ලංකා
ඊළාම්
ඊළාම්වාදී
ඒකීය
ඕමාරේ කස්සප
චින්තනය
ජනාධිපතිවරණය
ජනිත් විපුලගුණ
ජනිත් සෙනෙවිරත්න
ජයග්‍රහණය
ජයන්ත චන්ද්‍රසිරි
ජයන්ත මීගස්වත්ත
ජවිපෙ
ජාතික ආරක්ෂාව සාම්පූර්
ජාතික එකමුතුව
ජාතික ඒකාබද්ධ කමිටුව
ජාතික බලවේග
ජාතිකවාදය
ජාතිය
ජිනීවා
ජිනීවා යෝජනා
ජීවන්ත ජයතිස්ස
ඩිහාන් කීරියවත්ත
ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්ථානය
ත්‍රිකුණාමලය
ත්‍රීකුණාමලයේ ආනන්ද
තාරක ගල්පාය
තිවංක අමරකෝන්
තිවංක පුස්සේවෙල
තිස්ස
තී‍්‍ර රෝද රථ
දකුණු අප්‍රිකානු
දර්ශන කස්තුරිරත්න
දර්ශන යූ මල්ලිකගේ
දසුන් තාරක
දහතුන
දිනාගනිමුද
දිවයින
දුලන්ජන් විජේසිංහ
දෙමුහුම් අධිකරණය
දේවක එස්. ජයසූරිය
දේවපුරගේ දිලාන් ජාලිය
දේශපාලන
ධනේෂ් විසුම්පෙරුම
ධර්මන් වික්‍රමරත්න
නලින්
නලින් ද සිල්වා
නලින් සුබසිංහ
නලින් සුභසිංහ
නලින්ද කරුණාරත්න
නලින්ද සිල්වා
නසරිස්තානය
නාමල් උඩලමත්ත
නාරද බලගොල්ල
නාලක ගොඩගේවා
නාවික හමුදා කඳවුර
නිදහස
නිදහස් අධ්‍යාපනය
නිර්මල කොතලාවල
නිර්මාල් රංජිත් දේවසිරි
නිසංසලා රත්නායක
නීතිඥ කණිෂ්ක විතාරණ
නීතිඥ සංජීව වීරවික්රම
නීල කුමාර නාකන්දල
නෝනිස්
පරණගම වාර්තාව
ප්‍රකාශ් වැල්හේන
ප්‍රදීප් විජේරත්න
ප්‍රසංග සිගේරා
පාවා දීම
පාවාදෙමුද
පැවිදි හඬ
පුනර්ජි දඹොරගම
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි
පොඩි මෑන් ගේ සමයං
පොත් ප්‍රකාශකයන්
පොදු අපේක්ෂයා
බණ්ඩාර දසනායක
බම්බුව
බලු කතා
බිල්ලො ඇවිත්
බුදු දහම
බෙංගමුවේ නාලක
බෙංගමුවේ නාලක හිමි
බෙදුම්වාදය
බෙදුම්වාදී
බෞද්ධයා
භාෂාව
මතීෂ චාමර අමරසේකර
මතුගම සෙනවිරුවන්
මනෝඡ් අබයදීර
මනෝහර ද සිල්වා
මනෝහර සිල්වා
මරක්කල
මහ නාහිමි
මහාචාර්ය ජී. එච්. පීරිස්
මහාචාර්යය ගාමිණි සමරනායක
මහින්ද
මහින්ද පතිරණ
මහින්ද රනිල්
මහිම් සූරියබණ්ඩාර
මාදුළුවාවේ සෝභිත හිමි
මානව හිමිකම්
මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ
මාලින්ද සෙනවිරත්න
මැදගොඩ අභයතිස්ස නාහිමි
මැදගොඩ අභයතිස්ස හිමි
මිලේනියම් සිටි
මුස්ලිම්
මෙල්බර්න් අපි
මෛත්‍රිපාල
මොහාන් සමරනායක
යටත්විජිතකරණය
යටියන ප්‍රදිප් කුමාර
යටියන ප්‍රදීප් කුමාර
යුතුකම
යුතුකම ප්‍රකාශන
යුධ අපරාධ
රණ විරුවා
විජයග්‍රහණයේ දිනය
විජේවීර
වෙනස සැපද
සංගීතය
සජින්
සභ්‍යත්ව රාජ්‍යය කරා
සරච්චන්ද්‍ර
සීපා
හෙළ උරුමය
ලිපි ලියූවෝ
- නීතිඥ කල්‍යානන්ද තිරාණගම
-ලසන්ත වික්‍රමසිංහ
-සමන් ගමගේ
S. අකුරුගොඩ
Shenali Waduge
Susirith Mendis
අංජන මලගලගේ
අනුජ මංචනායක
අනුෂ්කා වික්‍රමරත්න
අයි. ජයතිලක
අයි.ජයතිලක
ආචාර්ය ගාමිනී සමරනායක
ආචාර්ය දයාන් ජයතිලක
ආචාර්ය නාලක ගොඩහේවා
ආචාර්ය ලලිතසිරි ගුණරුවන්
ආචාර්ය චමිල ලියනගේ
ඉන්දික ප්‍රසාද් ගමගේ
ඉඳුනිල් ප්‍රසන්න
ඉසුරු ප්‍රසංග
ඉසුරු රන්දෙනිකුමාර
උදය ප්‍රභාත් ගම්මන්පිල
උදයංග සුගතපාල
එස්.අකුරුගොඩ
කණිෂ්ක විතාරණ
කාවීන්ද කොටුවේගෙදර
කැලුම් නිරංජන
කීර්ති රත්නායක
කීර්ති වර්ණකුලසූරිය
කුමාර ලියනගේ
කෝට්ටවත්තේ ගුණසේන පෙරේරා
ගනුෂ්ක රන්දුල
ගුණදාස අමරසේකර
ගෙවිඳු කුමාරතුංග
චතුර පමුණුව
චම්පා වෛද්‍යතිලක
චරිත කාරියවසම්
චරිත හේරත්
චින්තක විජයවර්ධන
ජනිත් විපුලගුණ
පැතුම් ඒ. රණසිංහ
ජනිත් සෙනෙවිරත්න
ජයන්ත චන්ද්‍රසිරි
ජයන්ත මීගස්වත්ත
ඩිහාන් කීරියවත්ත
තිවංක අමරකෝන්
දර්ශන කස්තුරිරත්න
දර්ශන යූ මල්ලිකගේ
දසුන් තාරක
දුලන්ජන් විජේසිංහ
දේවපුරගේ දිලාන් ජාලිය
ධර්මන් වික්‍රමරත්න
නලින් ද සිල්වා
නලින් සුබසිංහ
නලින්ද කරුණාරත්න
නාමල් උඩලමත්ත
නාරද බලගොල්ල
නිර්මල කොතලාවල
නීතිඥ කණිෂ්ක විතාරණ
ප්‍රකාශ් වැල්හේන
පැතුම් ඒ.රණසිංහ
පුනර්ජි දඹොරගම
බණ්ඩාර දසනායක
මතුගම සෙනවිරුවන්
මහින්ද පතිරණ
මොහාන් සමරනායක
රියර් අද්මිරාල් සරත් වීරසේකර
ලසන්ත වික්‍රමසිංහ
වංශපුර දේවගේ ජානක
වසන්ත බණ්ඩාර
විමුක්ති වනිගසේකර
විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
වෛද්‍ය කේ. සුරන්ප්‍රිය
වෛද්‍ය චන්න ජයසුමන
වෛද්‍ය සංඛ රන්දෙනිකුමාර
ශිරන්ත චාමර
සංඛ රන්දෙනිකුමාර
සධීර බන්ඩාර
සනත් මාපලගේ
සඳරුවන් මහින්දරත්න
සමීර ගල්පාය
සුභාෂ් වික්‍රමගේ
Copyrights © 2014 www.yuthukama.com
Designed By : THISA
K
Solutions
Bloggertheme9