අපි ගැන


අපි ගැන :

අපි මෙය තෝරා නොගතිමු. ඉතිහාසය විසින් අප උර මත තබන ලද අපගේම යුතුකමකි මේ. අපට මින් මිදිය නොහැකිය. අප ගැන කීම යනු ඒ යුතුකම ගැන කීම වෙයි.

දිගු කාලීන ප්‍රවේශය

වසර දහස් ගණනක සංගත ප්‍රෞඩ ඉතිහාස උරුමයකින් සන්නද්ධ අප, ඒ අතීත උරුමයන්ගෙන් ලද පන්නරය ඔස්සේ අනාගත ලෝකය නිර්මාණය කරගැනීමේ බැරෑරුම් වගකීම හිසින් දැරූවන් වෙමු. එහිදී එයට ප්‍රතිවිරුද්ධව නොයෙක් දෙසින් එන බාධා කල් තියා නිසි බරින් යුතුව අවබෝධ කරගැනීමත් ඒවා සමාජය හමුවේ හෙළිදරව් කරමින් අප පතන ඒ සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය කරගැනීමට බාධා වන බලවේග වලට අපට හැකි පමණින් හැකි වෙර යොදා ප්‍රතිවිරෝධය දැක්වීම සහ ඒවා පරාජය කිරීමට පෙරමුණ ගැනීම අපේ යුතුකමයි.

කෙටි කාලීන ප්‍රවේශය

අද වන විට අප රටක් වශයෙන් අතිශය තීරණාත්මක දේශපාලන අභියෝගයකට මුහුණ දී සිටිමු. ජාතික බලවේග විසින් කල් තියා පෙන්වා දුන් පරිදිම වත්මන් ආණ්ඩුවේ යහපාලන වෙස් මුහුණ පිටුපස ඇති බෙදුම්වාදයේ සැබෑ මුහුණ අද වන විට රට හමුවේ හොඳින්ම නිරාවරණය වෙමින් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ වළදමමින්, ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් , කූට උපායන් හරහා සැබැ ජනමතය යටපත් කරමින් , ආණ්ඩුවේම බෙදුම්වාදී සහකරුවන්ට විපක්ෂනායක ධූරයේ සිට වගකීම් වරදාන ලවාදෙමින් අරඹා ඇති මේ ගමන වැටී ඇත්තේ අතිශය අඳුරු දිශාවකට බව දැන් දැන් හොඳින් පැහැදිලිය.

අද රටේ ආර්ථිකය , සංවර්ධනය ආදී සියලු අංශ අවුල් ජාලාවක් බවට පත් කර ඇති වත්මන් පාලනය ඒ සියල්ලට නොදෙවනි ලෙස තම බෙදුම්වාදී දේශපාලන න්‍යාය පත්‍රය ලහි ලහියේ ක්‍රියාවට නගිමින් සිටිති.

එහි පියවරෙන් පියවර ඉදිරියට යමින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම දක්වා පැමිණ තිබේ.
මේ හරහා ජිනීවා පාවාදීම හරහා අප වට කර ඇති බලවේග වලට අවශ්‍ය නීතිමය ඉඩ ලබාදීමත් , රටේ දිවි රැකි අපේ දිවි රැකි විරුවන් එයම වරදක් ලෙස ගෙන දංගෙඩියට දැක්කීමේ ද්‍රෝහී  වැඩපිළිවෙල ඉදිරියට ගෙන යමින් රට බෙදා සංහිඳියාව නාමයෙන් එකිනෙකා මරාගන්නා ෆෙඩරල් රාජ්‍යයක් ඇති කිරීමත් වර්ථමානයේ මේ ක්‍රියාත්මක වැඩපිළිවෙලේ අවසන් ඉලක්කයයි.

අන් සෑම කටයුත්තකදී මෙන්ම ඔවුන්ගේ ව්‍යවස්ථා සංශෝධන වගකීම්ද අන්ත බෙදුම්වාදී ජාතිවාදී කල්ලි වෙත පවරා ඇති අතර ඒ බව 'මහජන අදහස් විමසීමට' යැයි කියා පත් කළ කොමිෂන් වාර්ථාව සාක්ෂි දරයි.මේ ඊනියා නව ව්‍යවස්ථාව යනු රණ විරුවන් තම ඇස් -ඉස් -මස් -ලේ -ජීවිත පුදා රැක දුන් ඒකීය මාතෘභූමියේ අවසානය වන අතර රට බෙදා වෙන් කිරුඊමේ විනාශකාරී ගමනේ තීරණාත්මක අවස්ථාව වෙයි.

ජාතිවාදීන්ට කප්පම් දෙමින් , ඇමරිකාව ඉන්දියාව ආදී ආණ්ඩුවලට අවැසි පරිදී රූකඩ ලෙස නැටවෙමින් රණවිරුවන් අපරාධකරුවන් පත් කර අපට උරුම අපේ සභ්‍යත්ව විඥානයට පහර ගසන මේ ගමන අවසන් වන ඉම ඉතා අඳුරු එකක් වනු නිසැකය.

මේ තීරණාත්මක අභියෝගය කල්තියා හඳුනාගනිමින් ඊට මුහුණ දීම සඳහා ජාතියක් ලෙස සූදානම් වීම සහ ඒ සඳහා අපට හැකි දායකත්වයක් දැරීම මේ මොහොතේ අප හමුවේ ඇති මහා කාර්‍යභාරයයි. අපේ ජීවිත රකින්නට, මව්බිමේ ඒකීයභාවය රකින්නට තම ජීවිත දන් දුන් ඒ වීරයන්ගේ මරණවලට යාන්තමින් හෝ සාධාරණයක් ඉටු කළ හැක්කේ එමගින් පමණි.

අප පසු පස සිටින්නේ කව්ද?

අප පසු පස මහ සෙනඟක් ඇත. ඒ ඔබ පසු පසද සිටිනා අපේ මුතුන් මිත්තන්ය.අපි අදේශපාලනික නොවෙමු. අපට පක්ෂයක් නැතත් දේශපාලනයක් ඇත. පක්ෂ පාට තුළ සිරගත නොකළ දේශපාලනයකි අපේ යුතුකම.

මින් කිසියම් ලාභයක් ලබන්නේද?

මින් අපි පරම ධනය ලබන්නෙමු. කොටු පවුරු නොබැදි අපගේ භාණ්ඩාගාරය මහ රජ්ජුරුවන්ගේ භාණ්ඩාගාරයත් වඩා විසල්ය. මේ ඉන් ලබා ගත් රන් කහවණූ කිහිපයකි.

ඉටු කොට කළ යුතු යුතුකම්
ලැබුනත් ලෝකෙන් ගැරහුම්
ඉවසන්නට පුලුවන් නම්
නුඹයි මගේ පුතා උතුම්
-එස්. මහින්ද හිමි

නොපා බිය ඇත්ත ඇති සැටි කියන දන
අපා ය නම් මරණි මතු වඩින තැන
සැපා ‘රෙකැයි කියුවත් සුර පුර ගලන
එපා මට එපා මැයි එතැන සැබැවින
-කුමාරතුංග මුනිදාසයන්.

මේ යුතුකම ඉටුකරන්නට තැත් දරනා බොහෝ අය සිටිනා බව ඒ සියළු දෙනාට කෘතඥ පූර්වකව සඳහන් කරමු. ඒ සියල්ලන් හා අත්වැල් බැදගෙන යා යුතු ගමනෙකි අපේ යුතුකම. අපි වහ වහා මේ මහ පොළොව ඉල්ලා සිටිනා ඒ දැවැන්ත සංවාදය එකට එකතුව ගොඩනගමු. අපට පමා වීමට කල් නැත.ඔබ අප හා එක්වනු ඇති බවට සුපහන් විශ්වාසයක් නොතිබිනි නම් අප විසින් මෙම කාර්යය නොඅරඹනු ඇතිය.
යුතුකම ඔබේය.

යුතුකම සංවාද කවය 

[අනාගතයේ කෙටුම්පත]

www.yuthukama.com
https://www.facebook.com/yuthukama
  1. ඔබගේ අදහස් අපගේ ලිපි වලට ප්‍රතිචාර ලෙස දක්වන්න.
  2. සමාජ ජාල වල අපගේ ලිපි බෙදා හරින්න.
  3. අපගේ facebook පිටුව හා එක් වන්න.
  4. ඔබගේ ලිපි, කවි හෝ කෙටිකතා අප වෙත editor@yuthukama.com යන විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කරන්න. අපි ඒවා මෙම වෙබ් අඩවිය තුළ පළ කිරීමට කැමැත්තෙමු. 


29 comments :

  1. විමලසේන12/11/2013 9:40 AM

    ඉතා අනගි ප්‍රයත්නයක් බව පැවසිය යුතුය. ජය වේවා!

    ReplyDelete
  2. මින් කිසියම් ලාභයක් ලබන්නේද?
    අපි පරම ධනය ලබන්නෙමු. කොටු පවුරු නොබැදි අපගේ භාණ්ඩාගාරය මහ රජ්ජුරුවන්ගේ භාණ්ඩාගාරයත් වඩා විසල්ය. මේ ඉන් ලබා ගත් රන් කහවණූ කිහියකි

    කිහියකි ????

    ReplyDelete
  3. අපි ඔබල මීට වැඩිය ක්‍රියාකාරී වියයුතු මොහොතක් නේද එළබිලා තියෙන්නෙ.

    ReplyDelete
  4. මෙම වෙබ් අඩවිය තව තවත් ජනතාව අතරට ගෙන යන්න..අපිට පුළුවන් ටික අපි කරන්නම්.ඔබලාගේ මෙහෙය අගය කරමි..../පාඨකයෙක්...

    ReplyDelete
  5. http://youtu.be/g4JyQnrGhC4
    මේ France24 නම් නිව්ස් කන්ඩායම සංචාරක වීසා ගෙන යාපනේ ගොස් තැනූ අරම්භක වීඩියොවයි. ඔවුන්ගේ යුධ අපරාධ වීඩියෝ නුදුරෙදීම. ඔවුන් විසින් මේ හදන්නේ ජනමනසයි. හමුදාව බලෙන් ඔවුන් රඳවාගෙන කදවුරු වල දාමා ඇතැයි වැරදි තොරතුරු සපයයි. කතා කිරීමට නිදහසක් නැති වග කියයි. මේ හමුදාව ඉවත් කර යාපනය නිර්මිලිටරීකරනය කරන මංගලලා ගේ මෙහෙයුමේ අන්තර්ජාතික මොලසේදීමයි. සැප්තැම්බරයේ මහින්ද මහතා ඇතුලු අපගේ වීරෝධාර රණවිරුවන් යුධ අපරාධ අධිකරණ වලට දැක්වීම අනිවර්යෙන්ම සිදුවෙමින් පවතින මොහොතක සිංහල ඔබ යහපාලන මායාවේ රඳවා ඇත. මෙසේ ජාතික අරක්ෂාව සමග පිස්සු නැටීමට මහින්ද මහතාගේ රජය ඉඩලබා දුන්නේ නැත. පැවති රජයේ සියලු සංවර්ධන කටයුතු නිසා යාපනයේ ජන ජීවිතය යලි ලැබුන බව උවමනාවෙන්ම අමතක කරයි.... දැන්වත් ඔය යහපාලන සිහිනෙන් මිදී රට වෙනුවෙන් පෙරට එන්න.
    කරුණාකර අපගේ පිටුවට පැමිණ (https://www.facebook.com/SMFFront ) දකුණු පස ඉහල කෙලවරේ ඇති LIKE බොත්තම ඔබන්න. අපගේ Page එකට ලයික් කරන්න අමතක කරන්න එපා. අනිකුත් මිතුරන් දැනුවත් කිරීමට Share කරන්න

    ReplyDelete
  6. Kawuda meke inna buwala set eka???

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. oya penne ube mole tharama? ithihasayak danne nathi ubala thama me rata winasa karanne? mula mathaka nathi jathiyak kohomada diyunu wenne?

      Delete
  7. යුතුකම නියමෙට කරගෙන යනවා! ජයවේවා !

    ReplyDelete
    Replies
    1. ai uba me taram kuhaka
      oya uba paya tiyan inna
      lak ammata maha dukak
      ubawa wadapu ube ammata
      sathapennata
      sanasille
      dennata bari ubat
      a w a j a t h a k a
      karumayak

      Delete
  8. හරවත් ලිපි පෙලක් බලන්න අවස්ථාව සැලසුවාට ස්තුතියි

    ReplyDelete
  9. good luck , wish all the best , keep writing ,

    ReplyDelete
  10. වෙනස සැපද සංවාදශීලී සම්මන්ත්‍රණය කෑගල්ල නගරයේ පැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.මගේ උපරිම දෙනවා (සම්බන්ධිකරණ කටයුතු සහ අනෙකුත් කටයුතු ). දිවයිනේ අනෙක් දිස්ත්‍රික්කවලද පවත්වන්න.එය ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා ඉවහල් වේවි. මහන්සිය වියදම ගැන නොසිතා මේ අවසන් අවස්ථාවේදී කැපවෙමු,රට වෙනුවෙන්.

    ReplyDelete
  11. nice work . keep up on behalf of our motherland and for its future.

    ReplyDelete
  12. කරුණාකර ඔබ මෙතෙක් කර ගෙන ආ ජනතාව දැනුවත් කිරීමේ සමාජ සත්කාරය දිගටම කරගෙන යන්න. ජයග්‍රහනය කරන තුරු අපේ උපරිම සහයෝගය..

    ReplyDelete
  13. Great work , keep it up , best wishes :P

    ReplyDelete
  14. mokadda me kiyana yutukama? bohoma patu adahas tiyena minissunge mooda hanamiti adahas wala ekathuwak.

    ReplyDelete
    Replies
    1. එහෙමද ඔබතුමා දකින්නේ..ගොඩාක් දුකයි ඔබ ගැනත් ඔබ වගේ දරුවෙක් හදපු දෙමාපියන් ගැනත්..

      Delete
    2. Obalage yutukamata pakshayak patak nathi nam yahapalanaya pamanak patta gahanne ayi. Obala Desapalaka wahallu vage apita penenne.Rata sanwardanayata wadak karapalla.

      Delete
    3. purawasi balaya hodaaii ne... paksayak patak nathi hoda NGO sanvidanayak ne..UNP ekata kade yanne UNP eka wenuwen nathi pacha hadala kiyanne wahallu neme ne

      Delete
    4. ජාතිය අවදි කරන මහා සංග්‍රාමය
      lankanewsweb.today

      Delete
  15. Great effort by all of you. I think it is time for another Dharmapala to rise to save the Sinhala people and our beloved motherland.

    Sinhala people have become self centred fools and fallen into well planned and well executed strategy of enemies of SL.

    Please carry on this work.

    ReplyDelete
  16. මෙම වෙබ් අඩවිය තව තවත් ජනතාව අතරට ගෙන යන්න..අපිට පුළුවන් ටික අපි කරන්නම්.ඔබලාගේ මෙහෙය අගය කරමි..../පාඨකයෙක්...

    ReplyDelete
  17. How can we financially support your beautiful efforts?

    ReplyDelete
    Replies
    1. You can deposit a donation to the following account. Contact Lasantha (secretary) 0716369828 for any details.

      මුදල් තැන්පත් කළ යුතු යුතුකම සංවාද කවයේ ගණුමේ විස්තර:
      නම: යුතුකම සංවාද කවය
      බැංකුව: සම්පත් බැංකුව,
      ශාකාව : වැල්ලවත්ත
      ගිණුම් අංකය: 103661001569

      Delete
    2. Please be kind enough to send an email about your deposit to secretary@yuthukama.com

      Delete
  18. I have remitted Rs. 10,000 for your foundation on January 23rd, 2017. I have requested an acknowledgement without success.

    ReplyDelete

  19. ජයග්‍රහනය කරන තුරු අපේ උපරිම සහයෝගය..!

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions