8/28/2020

20 වන සංශෝධනයට පෙර දූරදර්ශීව හිතා බලන්න - බුද්ධශාසන කාර්‍යසාධක මණ්ඩලය ජනාධිපතිතුමාගෙන් ඉල්ලයි..

කතෘ:යුතුකම     8/28/2020   No comments

20 වන සංශෝධනයට පෙර දූරදර්ශීව හිතා බලන්න
- බුද්ධශාසන කාර්‍යසාධක මණ්ඩලය

අර්බුදකාරී හා ව්‍යාකූල තත්ත්වයෙන් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට පසුගිය ජනාධිපතිවරණයෙහි දීත් පාර්ලිමේන්තු මහ මැතිවරණයෙහි දීත් ජනතාවට ප්‍රතිඥාවක් ලබාදීම පිළිබඳව පළමුව අතිගරු ජනාධිපතිතුමා ප්‍රධාන රජයට අපගේ ප්‍රසාදය පිරිනමමු. ජනතාව විශිෂ්ට ජනවරමක් ඔබතුමාට ලබා දුන්නේ ඒ අරමුණ පෙරදැරිවය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කොට ඒ වෙනුවට 20 වැනි සංශෝධනයක් ගෙන ඒමට රජය අදහස් කරන බව රජයේ නිවේදන මගින් දැන් ප්‍රකාශයට පත් වී ඇත. වර්තමාන ව්‍යවස්ථාවෙන් රටේ නිර්මාණය වී ඇති ව්‍යාකූල තත්ත්වය නොපමාව නිවැරදි කළ යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. මෙම ව්‍යාකූල තත්ත්වයට හේතුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පමණක් නොවේ. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති සමානුපාතික ඡන්ද ක්‍රමය මෙන්ම 13 හා 16 වැනි සංශෝධන ඇතුළු විටින් විට ගෙන එනු ලැබූ නානාවිධ සංශෝධනවලින් ලංකාවේ ඒකීය භාවයට, මහජන සාමයට, භෞමික අඛණ්ඩතාවට හා ජාතික ආරක්ෂාවට සිදුව ඇත්තේ බලවත් තර්ජනයකි. එබැවින් මේ සියල්ල වහා නිවැරදි කළ යුතුව ඇත.

නොබෝ දිනකින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අදහසක් ද ඇති බව වාර්තා වේ. දැනට අවුරුදු 03ක් පුරා පළාත් සභා නොමැතිව රාජ්‍ය පාලනය සිදු විය. පළාත් සභා පවත්වා ගෙන යෑම ශ්‍රී ලංකාවට දැරිය නොහැකි වියදමක් පමණක් නොව, රාජ්‍යයේ පැවැත්මට ද බලවත් තර්ජනයකි. පළාත් සභා ව්‍යහුයක් පවත්වාගෙන ගිය ද එය වහා ප්‍රතිව්‍යුහගත විය යුතුය. උතුරු පළාත භාර මහ ඇමැති පාලනය කරන පළාත් පොලිසියක් පිහිටුවීමට 13 වැනි සංශෝධනයේ 09 වැනි උපලේඛනයේ 01 වැනි පරිශිෂ්ඨයෙන් විධිවිධාන සලසා ඇත.
එහිම 02 වැනි පරිශිෂ්ඨයට අනුව පළාතක් තුළ පිහිටි ඉඩම් කැබල්ලක් පුරවැසියකුට හෝ පූජනීය ස්ථානයකට ලබා දීමට පළාත් සභාවේ එකඟතාව ලබා ගත යුතුව ඇත. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ස්මාරක හා වාර්තා පිළිබඳ විෂයය ද පළාත් සභා ලැයිස්තුවට ඇතුළත් වී ඇත. 16 වැනි සංශෝධනය මගින් උතරු-නැගෙනහිර දෙපළාත්වල පරිපාලන භාෂාව ලෙස සිංහල භාෂාව නොපිළිගැනේ. උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට අවශ්‍ය විධිවිධාන ද 13 වැනි සංශෝධනයෙන් හඳුන්වා දී ඇත.

පළාත් සභාවකට නීතිය හා සාමයට අදාළ පළාත් සභා ලැයිස්තුවේ විෂයයන් සම්බන්ධයෙන් නීති පැනවීමට හැකි අතර, පාර්ලිමේන්තුව දැනට පනවා ඇති නීති අභිබවා මෙම පළාත් සභා නීති ක්‍රියාත්මක වනු ඇත.පසුගිය දින පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී හිටපු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් හා ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් යන මන්ත්‍රීවරුන් දෙපළ කළ ජාතිවාදී ප්‍රකාශවලින් පැහිදිලි වන්නේ අනාගතයේ දී ශ්‍රී ලංකාවේ ඒකීය පැවැත්මට බලවත් තර්ජනයක් අත්‍යාසන්න බවයි. මෙම තත්ත්වය යටතේ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම දුරු කරගත හැකි අනතුරක් යළි කැඳවා ගැනීමකි.

මේ නිසා සියල්ල නිවැරදි කරන අලුත් ව්‍යවස්ථාවක් වහා ගෙන ආ යුතුව ඇත. ඊට අදාළ කාර්යයන් පසුවට කල් තබා ඊට පළමුව 19 වැනි සංශෝධනය පමණක් නිවැරදි කිරීම ප්‍රමාණවත් නොවන අතර, අනෙකුත් සංශෝධන ද කඩිනමින් කළ යුතුය. එසේ නොකළහොත් එය රජයට ලැබී ඇති ජනවරමට එදිරිවීමකි.බහුතර ජනතාව තුනෙන් දෙකක විශිෂ්ට ජනවරමක් රජයට ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනතාවට හා ඒකීය භාවයට විරුද්ධ ව විවිධ විජාතික බලවේගවල මැදිහත් වීමෙන් ගෙන එනු ලැබ ඇති භයානක විධිවිධාන වහා නිවැරදි කිරීමටය. එය සිදු නොකොට පසුවට කල් දැමීම ජනතාවට කරන බලවත් අසාධාරණයකි. එබැවින් 19 වැනි සංශෝධනය පළමුව සිදු කොට, ඊටත් වඩා වැදගත් සංශෝධනයන් පසුව සිදු කිරීම පිළිබඳව ඉදිරිපත් කර ඇති අදහස් රජය ක්‍රියාත්මක නොකළ යුතු බව අපගේ අදහසයි.

ව්‍යවස්ථාවට බලහත්කාරයෙන් ඇතුළත් කර ඇති මෙම විධිවිධාන අවලංගු කිරීමට වහා පියවර ගත යුතුය. එම නිවැරදි කිරීම් සිදු නොකොට පළාත් සභා මැතිවරණය පවත්වනු ලැබුවහොත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමේ ක්‍රියාවලිය නිසැකවම ව්‍යාර්ථ වනු ඇත. මෙම පළාත් සභා ක්‍රමය හරහා ශ්‍රී ලංකාව පුරා ඇමැති මණ්ඩල 10ක් ක්‍රියාත්මක වීමත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් හා වරප්‍රසාද සැලසීමත් පළාත් සභා ඡන්දයක් සඳහා අතිවිශාල මුදලක් වියදම් කිරීමත් නිසා සිදු වන ආර්ථික අවපාතය සැබැවින්ම අපට දැරිය නොහැකි වනු ඇත.

ශ්‍රී ලංකාවේ දැනටත් හොඳින් ක්‍රියාත්මක වන පළාත් පාලන ආයතන මගින් බලය විමධ්‍යගත කිරීමෙන් ඉහත සඳහන් කළ ප්‍රශ්න හා ගැටලු පහසුවෙන් විසඳාගත හැකි වනු ඇත. බහුතරයක් වූ මහජනතාව ශ්‍රී ලංකාවේ සංවර්ධනාත්මක අනාගතයක් පිළිබඳ මහත් බලාපොරොත්තු තබා ඇති අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා වෙත අප කරුණාවෙන් දන්වා සිටින්නෙ නව ව්‍යවස්ථාවක් මගින්, වියවුල් ව ගිය රාජ්‍ය ව්‍යහුය සුදුසු පරිදි ප්‍රතිව්‍යහුගත කරන තෙක් පළාත් සභා මැතිවරණ පවත්වා ඒවා පණගැන්වීමට කටයුතු නොකරන ලෙසත් 13 හා 16 වැනි සංශෝධනවල හඳුන්වා දී ඇති භයානක ප්‍රතිපාදන වහා අවලංගු කිරීමට නොපමා ව අවශ්‍ය පියවර ගන්නා ලෙසත්ය. ජනතාව රජයට ලබා දුන් විශිෂ්ට ජනවරම අර්ථවත් කළ හැක්කේ එලෙසින් බව අපි උදක්ම විශ්වාස කරමු.



යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions