7/17/2019

‘‘සෝෆා’’ සමඟ අතිනත ගෙන දිවිනසා ගැනීමට පෙර...

කතෘ:යුතුකම     7/17/2019   No comments

යුරෝපීයයන් නියෝජනය කරමින් පෘතුගීසීන් ශී‍්‍ර ලංකාව ආක‍්‍රමණය කිරීමට මෙරටට ළඟා වූයේ කි‍්‍ර: වර්ෂ 1505 වසරේ දී ය. පෘතුගීසීන් ලංකාවේ මුහුදු බඩ ප‍්‍රදේශ අත්පත් කොට ගෙන ක‍්‍රි: වර්ෂ 1658 දක්වා පාලනය ගෙන ගිය අතර, උඩරට සිංහල රාජධානිය අත්පත් කර ගැනීම ස`දහා සිදු කළ ආක‍්‍රමණ තුනෙන් පළමු වන ආක‍්‍රමණය දන්තුරේදීත්, දෙවන ආක‍්‍රමණය රන්දෙණිවෙල දීත්, තෙවන ආක‍්‍රමණය ගන්නෝරුවේ දීත් සිංහල හමුදා අතින් සමූල ඝාතනය විණි.

අනතුරුව 1658 සිට වෙරළබඩ ප‍්‍රදේශ අත්පත් කොටගත් ලන්දේසීන් ක‍්‍රි: වර්ෂ 1796 දක්වාම උඩරට සිංහල රාජධානිය අත්පත් කර ගැනීමට දැරූ උත්සාහයන් සියල්ල පරාජය හමුවේ අසාර්ථක විය.

ඉන් අනතුරුව 1796 දී රටේ පහත රට වෙරළබඩ ප‍්‍රදේශ පාලනය අත්පත් කර ගත් ඉංග‍්‍රීසින් 1802 දී ඇරඹූ උඩරට ආක‍්‍රමණය සිංහල හමුදා හමුවේ පරාජයට පත්ව, ජෝන් ඩොයිලිගේ උපායක් මගින් උඩරට සිංහලේ රජු වූ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහයන් මත් වතුර පානයට ඇබ්බැහි කිරීමත් උඩරට සිංහල නායකයන් හේද භින්න කිරීමත් මගින් උපායිකව සකසා ගත් ගිවිසුමකට අත්සන් කරවා, උඩරට රාජධානියත් 1825 මාර්තු 02 දා අත්පත් කර ගැනීමට සමත් විය.

එහෙත් ක‍්‍රි: වර්ෂ 15 වැනි හා 16 වැනි සියවස් වලදී ලෝක බලවතා වූ පෘතුගාලයටත්, ක‍්‍රි: වර්ෂ 17 වැනි හා 18 වැනි සියවස්වල ලෝක බලවතා වූ ලන්දේසීන් මෙන්ම 19 වැනි 20 වැනි සියවස්වල ලෝක සුපිරි බලවතාණන් වූ බි‍්‍රතාන්‍යයටත් එරෙහිව වසර 310 ක්ම සිංහලයා සටන් කරමින් සිය මාතෘ භූමියේ හා ජාතියේත්, බුදු දහමේත් නිදහස යටත්කර ගැනීමට ඉඩ නොදී ලෝක බලවතුන් තිදෙනා සමගම සටන් කළ බව අප කිසිසේත්ම අමතක නොකළ යුතුය.

1815 මාර්තු 02 දා ජෝන් ඩොයිලිගේ සටකපට කම් හා උපායක් හමුවේ වීරයකු වූ උඩරට සිංහල නායකයන්ගේ භේද බින්නතා තුළ බි‍්‍රතාන්‍යයන්ට ගොදුරු වුවද, අහිමි වූ සිය නිදහස පතා 1818 දීත්, 1848 දීත්, ජාතියේ විමුක්තිය පතා සටන් කරමින් ජීවිත දස දහස් ගණනක් පූජා කිරීමට ඌව වෙල්ලස්සේ හා මාතලේත් හත් කෝරලයේත් සිංහලයා කැපවූ අයුරු අපේ ඉතිහාසයේ කදිමට දැක්වේ.

මාතෘ භූමියේත්, ජාතියේත් උස් නිදහස ඉදිරියේ සිය දිවි දෙවැනි කොට සැලකූ සිංහලයා, වසර දෙදහස් පන්සීයක ඉතිහාසය තුළ, ආර්යයන්, සොලීන්, පාණ්ඩවයන්, ජාවකයන්, පෘතුගීසින්, ලංදේසීන් හා ඉංග‍්‍රීසීන්ගේ ආක‍්‍රමණ වලින් මාතෘ භූමියත්, ජාතියත්, බුදු දහමත් මුදා ගැනීම උදෙසා දස ලක්ෂ සංඛ්‍යාත ජීවිත සංඛ්‍යාවක් පුද කර ඇති බව හෙළ ඉතිහාසය හෙළි කරයි. එවන් වූ අභිමානවත් වීරත්වයෙන් පිරි ජාතියකට අද වන විට අත් වෙමින් පවතින්නේ කෙබඳු වූ ඉරණමක් දැයි විමසා බැලීම අතිශයෙන්ම ප‍්‍රඥාගෝචරය.

දෙවැනි ලෝක මහා සංග‍්‍රාමයේ දී මානව සංහතියේ කුරිරුතම වූත් ම්ලේච්ඡුතම වූත් හතුරා වූ, ජර්මානු නායක ඇඩොල්ෆ් හිට්ලර් රුසියානු රතු හමුදා බර්ලින් නගරයට ඇතුළුවීමේ පුවත හමුවේ බියට පත්ව, සියදිවි නසා ගැනීමත් සමඟම යුරෝපා භූමිය තුළ යුද්ධය නිමා වුණි. එහෙත් ආසියාව තුළ බි‍්‍රතාන්‍ය හමුදාවන්ට පහර දී ඔවුන් සතු යටත් විජිත අත්පත් කර ගනිමින් සිටි ජපන් හමුදා ඇමරිකාවට අයත් හවායි ¥පත් හී ”පර්ල් වරයාට” පහරදී ඇමෙරිකානුවන් සමඟත් සටන් ඇරඹූ හෙයින්, යුද්ධයෙන් සියයට 90 ක්ම නිමා වී තිබියදීත් තමන් නිර්මාණය කර ගත් ජන සමූල ඝාතක පරමාණු බෝම්බ දෙකක් ම දින දෙකකදී ජපානයට හෙළා ලක්ෂ ගණනක සිවිල් ජනයා ක්‍ෂණිකව ඝාතනය කළේය.

ජපානයේ එවක පාලක හිරෝහිතෝ අධිරාජයා ගේ සටන් බිම මෙහෙය වූ ජෙනරාල් යමා මොටෝ රිය අනතුරකින් මරණයට පත්ව, සාමයට දෑත් දිගු කිරීමේ අභ්‍යන්තරික සාකච්ඡුා අරඹා ඇති මොහොතක ඒ අයුරින් ඇමෙරිකානු හමුදා පරමාණු බෝම්බවල පිපිරුම් ධාරිතාව අත් හදා බැලීමත් අරමුණු කොට ජපානයේ හිරෝෂිමා හා නාගසාකී නගර මතට හෙළුෑ බව ප‍්‍රකටය.

එසේ පරමාණු බෝම්බ හෙළා ලක්ෂ සංඛ්‍යාත ජපන් ජනයා ඝාතනය කරමින් කොන්දේසි විරහිතව ජපානය යටත් කරගත් ඇමෙරිකාව, ජපන් ජනයාට සිය පාලන නීති රීති හෝ ආණ්්ඩුක‍්‍රම ව්‍යවස්ථා අත්හිටුවමින්, ඇමෙරිකානුවන් විසින්ම සකස් කළ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් අනුව රට පාලනය ඇරඹිණි. එම නීති රීති අනුව ජපානයට ත‍්‍රිවිධ හමුදා අහිමි කෙරෙමින් ආත්මාරක්ෂක බළකායට පමණක් හිමිකම් කීමටද සිදු විණි. කිසිදු යුධ අවියක් - උපකරණයක් නිපදවීමටත් සපුරා තහනම් කෙරෙනු අතර ජපානයේ ඔකිනාවා ¥පත තුළ සෙබලූන් 50000 ක ගෙන් සමන්විත ඇමෙරිකානු හමුදාවක් ස්ථානගත කරමින් එහි සිය අණසක තහවුරු කර ගත්තේය.

ඉන් අනතුරුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා හඳුන්වා දී ඇමෙරිකානු රිපබ්ලිකන් පක්ෂයේ මූලධර්ම පදනම් කොටගෙන නිර්මාණය කළ දේශපාලන පක්ෂයකට රටේ පාලනය භාර දුනි.

එහෙත් ආරම්භයේ සිටම අන්ත දක්ෂිණාංශික පක්ෂයක පාලනයට ගොදුරු වූ ජපන් ජනයාට වසර දහස් ගණනක ඉතිහාසය තුළ අඛණ්ඩව අපරාජිතවත් කිසිදු වෙනත් ජන කොටසකට පදිංචි වීමට ඉඩකඩ නොදෙමින් රැකගෙන ආ ජපන් සංස්කෘතියත් ඉතාමත් කෙටි කාලයක් තුළදී ඇමෙරිකානු ආක‍්‍රමණයට ගොදුරු වීමට එහි ස්ථානගත කළ ඇමෙරිකානු හමුදා කඳවුරු හා ඇමෙරිකානු සන්නිවේදන මාධ්‍ය සෘජුවම දායක විය.

වර්තමානය වන විට ජපානය තුළ පවතින්නේ විසිවැනි සියවසේ මුල් භාගය වන විට පැවති ජපානයටම උරුම වූ සංස්කෘතිය නොවන බවත්, එය ඇමෙරිකානු සංස්කෘතික ආක‍්‍රමණයට ඉතාමත් සාර්ථක ලෙස ගොදුරුවී ඇති බවත් ප‍්‍රකට කාරණයකි.

ඒවාගේම 1945 දී දෙවැනි ලෝක මහා සංග‍්‍රාමයෙන් පරාජය වී කොන්දේසි විරහිත යටත්ව ඇමෙරිකාව විසින්ම සකස් කළ ”සෝෆා” හෙවත් ඇමෙරිකානු ආරක්ෂක අංශවලට අවශ්‍ය කරන සියලූම පහසුකම් සැපයීමේ

ගිවිසුමකට ජපන් අධිරාජ්‍යයාට ප‍්‍රශ්න කිරීමකින් තොරව අත්සන් කිරීමට සිදුවිය. එසේ ඒ අයුරින් ඇමෙරිකානු හමුදා විසින්ම පරමාණු බෝම්බ හෙළා විනාශ කළ ජපානය තුළ එම හමුදා කඳවුරු පවත්වාගෙන යෑමට තවමත් ජපන් රජයට සිදු වී ඇත්තේ එම සෝෆා ගිවිසුම අත්සන් කර තිබීම නිසාය. වත්මන් ජපානය ලොව දෙවන ආර්ථික බලවතා බවට පත්ව සිටියත් ජපන් ජනයා ඇමෙරිකානු කඳවුරුවලට කෙතරම් විරෝධය පළ කළ ද එම කඳවුරු ඉවත් කරවීමේ හැකියාවක් ජපන් රජයට ඇත්තේ නැත. ඇමෙරිකානු හිතවාදී පක්ෂයක් ජපානය තුළ අඛන්ඩව පාලනයේ නිරතව සිටීමත් එයට දායක වෙමින් පවතී.

දෙවන ලෝක සංග‍්‍රාම සමයේ ජපන් ආක‍්‍රමණික හමුදාවන්ගෙන් නිදහස් කර ගත් කොරියාව තුළ 1950 වන විට නිර්මාණය වු අභ්‍යන්තර සිවිල් යුද්ධය ජගත් බලවතුන්ගේ යුද්ධයක් බවට පත් වුයේ කිම් ඉල් සුං ගේ නායකත්වයෙන් සෝවියට් රුසියානු හිතවාදී පාලනය පැවැති උතුරු කොරියාවත්, ඇමෙරිකානු රූකඩ පාලනයක් පැවැති දකුණු කොරියාවත් අතර එම යුද්ධය වසර 03 ක් පුරා ඇදී ගියේ දකුණු කොරියාවට ඇමෙරිකාව ප‍්‍රමුඛ ධනේෂ්වර කඳවුරේ පූර්ණ සහයත්, උතුරු කොරියාවට චීනය හා රුසියානු හමුදාවන්ගේ සහය පූර්ණ ලෙස ලබා දීමත් කරණ කොට ගෙනය.

1953 වසරේ දී උතුරු හා දකුණු කොරියාවත් අතර පූර්ණ සාම ගිවිසුමකින් තොරව යුද්ධය තාවකාලික පදනම මත නිමා කෙරුණත්, දකුණු කොරියානු පාලනය ස්ථාපිත කළ ඇමෙරිකානු රජය එම පාලනය සමග ”සෝෆා” ගිවිසුමක් අත්සන් කරමින් සෝල් අගනගරය ආසන්නයේ ඇමෙරිකානු භටයින් 50000 ක ගෙන් සමන්විත යුධ කඳවුරක් ස්ථාපිත කළේය. අද දක්වා ම එම කඳවුර දකුණු කොරියාව තුළ රඳවා ගනිමින් ජපානයට සිදු කළ ආකාරයෙන් ම වසර දහස්

ගණනක ඉතිහාසගත සංස්කෘතියකට උරුමකම් කී දකුණු කොරියානුවන් මේ වන විට ඇමෙරිකානු සංස්කෘතිය මගින් ගොදුරු කර ගිනිමින් පවතී.

මේ අතර 1960 දශකයේ දී ආසියාවේ පිලිපීනය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව බලයට පත් වු ෆර්ඩිනන්ඞ් මාර්කෝස් රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අත්හිටුවා, 1969 දී ආඥා දායක පාලනයක් ගොඩ නගා ගත්තේ ඇමෙරිකානු ගැති පාලනයක් බවට පත්කර ගනිමිනි. ඒ අනුව මාර්කොස් පාලනය ඇමෙරිකානු රජය සමඟ ”සෝෆා” ගිවිසුමකට අත්සන් කරමින් මැනිලා නගරය ආසන්නයේ ”එඞ්වඞ් එයාර් බේස්” නමින් ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුරක් හා ”සුබික් බේ” නාවික කඳවුර නමින් ඇමෙරිකානු නාවික කඳවුරක්

ගොඩනගා ගනිමින් ආසියානු ශාන්තිකර සාගර කලාපය තුළ ඇමෙරිකානු බලය ස්ථාපිත කර ගැනීමට ද දායක විය. මේ අතර හැත්තෑව දශකය අවසාන භාගය වන විට ඇමෙරිකාව වියට්නාම් යුද්ධයෙන් දරුණු පරාජයක් අත්කර ගනිමින් සිය හමුදා ඉවත් කර ගෙන යෑමත් සමගම, පිලිපීන ජනයාත් මාර්කෝස්ගේ ආඥාදායක පාලනයටත්, ඇමෙරිකානු කඳවුරුවලටත් එරෙහිව සංවිධානය වීම ඇරඹූහ. අසූව දශකය ආරම්භ වන විට එම ජනතා බලවේගයට නායක්තවය දෙමින් සිටි බෙනිග්නෝ අකිනෝ නැමැති ප‍්‍රගතිශීලී නායකයාව මැනිලා ගුවන් තොටුපළ තුළ දීම මාර්කෝස්ගේ ආඥාදායක හමුදා විසින් වෙඩි තබා ඝාතනය කෙරුණි.

එම සිද්ධියෙන් පසුව මාර්කෝස්ටත්, ඇමෙරිකා කඳවුරු වලටත් එරෙහි ජනතා බලවේගය වඩ වඩාත් ශක්තිමත් වෙමින්,දශ ලක්‍ෂ සංඛ්‍යාත ජනකායකගේ දායකත්වයෙන් බලමුළු ගැන්විණි. එයට නායකත්වය දීමට මාර්කොස් ඝාතනය කළ ”බෙනිග්නෝ අකිනෝ’’ ගේ ප‍්‍රියාදර භාර්යාව වූ ”කොරසොන් අකිනෝ” මහත්මිය පෙරට ඒම ජනබලය වඩ වඩාත් සමත් වීමටත්, අරගලකාරී වීමටත් හේතු විණි. ඒ අනුව පැවැති තත්ත්වය පාලනය කර ගැනීමේ අරමුණ පෙරදැරිව පිලිපීනය තුළ ජනාධිපතිවරණයක් පැවැත්වූ මාර්කොස් සිය රාජ්‍ය ගුවන් විදුලිය හා රූපවාහිනිය මගින් ව්‍යාජ මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් කරමින් සිය ජයග‍්‍රහණය දැක්වීමට කටයුතු කළ ද, ආසියාවේ එකම රෝමානු කතෝලික රාජ්‍යය වූ පිලිපීනයේ කතෝලික පල්ලිය පවත්වාගෙන ගිය ”වෙරිටාස්” ගුවන් විදුලිය මගින් සැබෑ මැතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කිරීම නිසා, ජනයාගේ අතිවිශාල ප‍්‍රසාදයක් හා මනාපය ලබමින් ජනාධිපතිවරණය ජයගෙන සිටි අකිනො මැතිනිය බව අවබෝධ කර ගනිමින් ඒ වටා ලක්‍ෂ ගණනින් ජනයා එක් රොක් වෙමින්, මැනිලා නුවර වීදි තුළ ජන ග`ගක් නිර්මාණය කෙරිණි.

ඒ අතර මාර්කෝස් ජනයා මර්දනය කිරීමට සිය ආරක්‍ෂක හමුදා යෙදවුවත්, රාජ්‍යයේ ආරක්‍ෂක අමාත්‍යවරයා සිටි ෆිදෙල් රාමෝස් එම තනතුරෙන් ඉවත්ව, අකිනෝ මැතිනිය ප‍්‍රමුඛ ජන බලවේගය හා එක් විය. ඒ අතර ආරක්‍ෂක හමුදාවන් ද මාර්කෝස් ගේ නියෝග ප‍්‍රතික්‍ෂේප කරමින් ජනතාවගේ ආරක්‍ෂාවට පෙනී සිටීම මත, ඇමෙරිකානු කඳවුරෙන් හෙලිකොප්ටරයක් ගෙන්වා ගත් මාර්කෝස් සිය ධනය හා පවුලත් රැගෙන ප‍්‍රථමයෙන් ඇමෙරිකානු කඳවුර වෙතත්, අනතුරුව ගුවන් යානයක් මගින් ඇමෙරිකාව බලා පලා යෑමත් සිදු කෙරුණි.

එම පසු බිම තුළ ජනතා විප්ලවයක් මගින් එසේ බලයට පත් කොර්සෝන් අකිනෝ ජනපතිනිය එක් ධුර කාලයක් පමණ රට පාලනය කරමින්, ඇමෙරිකානු සෝෆා ගිවිසුම අවලංගු කරමින් එම කඳවුරු ඉවත් කිරීමටත්, රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමටත් සමත් වූවාය.

ඒ අනුව ලොව හමුවේ අනාවරණය කෙරුනු වඩාත්ම වැදගත් ම කාරණය වූයේ රටක තීරණාත්මක බලවේගය වන්නේ ඇමෙරිකාව බඳු වූ මහා බලවත් බාහිර බලවේගය නොවන බවත්, මහජන බලය හමුවේ එම සියලූම බලවේග පසු බසින බවත්, ”එක් එක් රටවල් තුළ තමන්ට පක්‍ෂපාතී රූකඩ පාලනයක්” ගොඩනඟා ගනිමින්, තම සිතැඟි පරිදි සකස් කළ ‘‘සෝෆා” බදු ගිවිසුම් වලට අත්සන් තබනවා, එම රටවල් සූරා කෑමට ලක් කළ ද මහජන බලය හමුවේ පමණක් එම ගිවිසුම් හකුළා ගෙන යෑමට සිදු වන බවය.

කොහොම නමුත් එකී සෑම රටක් ම ඇමෙරිකානු සෝෆා ගිවිසුමට ගොදුරු වූයේ එක්කෝ ඇමෙරිකාව සමඟ ඇති වු යුද්ධයෙන් පරාජය වීමෙන් හෝ ඇමෙරිකානු ගැති රූකඩ පාලනයක් ඇති වීම නිසා බව තර්කානුකූල සත්‍යයකි.

ඇමෙරිකානු රජය ශී‍්‍ර ලංකාව සමග ප‍්‍රථමයෙන් ඇක්සා ගිවිසුම අත්සන් කරවා, දෙවනුව සෝෆා ගිවිසුමට ගොදුරු කර ගැනීමට මං පෙත් විවර කර ගත්තේ 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙනි. පසුකාලීනව ඇමෙරිකානු රජය දෙපාර්තමේන්තු ප‍්‍රකාශයකුම ලොව හමුවේ අවධාරණය කළේ ශී‍්‍ර ලංකාව ඇතුළු රටවල් 03 ක පාලනයන් වෙනස් කර, සිය සිතැඟි පරිදි හැසිරිවිය හැකි රූකඩ පාලන ගොඩනඟා ගැනීම උදෙසා ඇමෙරිකානු ඩොලර් මිලියන 380 ක පමණ මහා ධනයක් වැය කළ බවයි. ඔවුන්ගේ එම අරමුණු ඉටුකර ගනිමින් ඇක්සා ගිවිසුම පුළුල් කරමින්, කාල නියමයකින් තොරව අත්සන් කරවා ගැනීමට සමත් වී ඇති සෝෆා ගිවිසුම සකසා එයට අත්සන ලබා ගැනීමේ මූලික කටයුතුවල නිරත වෙමින් සිටිනුයේ, අපේ රටේ ඕනෑම වැදගත් දෙයක් මාධ්‍ය වලින් දැනගන්නා රටේ ප‍්‍රධානියා රැවටීමට ලක්කර ගිනිමිනි.

ජනපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත්තේ එම සකසා ඇති සෝෆා ගිවිසුමේ පිටු 05 ක ප‍්‍රමාණයක් බවට වාර්තා පළ වුවත්, එම ගිවිසුමේ ඉංගී‍්‍රසි පිටපතේ පිටු 83 ක් ඇති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් මහතා සන්ඬේ ටයිම්ස් පුවත් පතට සඳහන් කර ඇත. ඒ අනුව ජනපතිවරයා රුවටීමට ලක්කරමින්, ගිවිසුම අත්සන් කරවා ගැනීමේ උත්සාහයක නිරතව සිටින්නේ, මෙම විධායක ජනපතිවරයා සතුව රජයෙන් මහජන බදු මුදලින් වැටුප් ලබා ගන්නා විවිධාකාරයේ ජනාධිපති උපදේශකයන් දුසිම් ගණනකින් සිටියදීම වීමත් සුවිශේෂ කාරණයකි.

මෙම සෝෆා ගිවිසුම කෙළින් ම ආරක්‍ෂාව හා සම්බන්ධ ගිවිසුමකි. අපේ රටේ මේ මොහොතේත් පවතිනුයේ අමාත්‍ය මණ්ඩල ප‍්‍රධානී ධුරයත්, ආරක්‍ෂක අමාත්‍ය ධුරයත්, සන්නද්ධ සේනා සේනාධිනායක ධුරයත් හොබවන විධායක බලතල ද හිමි ජනාධිපති ධුරයකි. එහෙත් ඉහත කී ඇක්සා ගිවිසුම අත්සන් කර ඇත්තේත්,සෝෆා ගිවිසුම සැකසීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවට හා කොළඹ ඇමෙරිකානු තානාපතිවරියටත් සහාය වී ඇත්තේත්, ශ‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා හා එම ලේකම්වරයා වීමත් අබුද්දස්ස කාලයට හෝ කලියුග කාලයට සිදුවිය හැකි අපූරුතම සිද්ධියකි. එම ලේකම්වරයා දැන් පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ උපදේශකවරයා බවට පත්ව සිටී. අපේ පාර්ලිමේන්තුවට කුමක් වී දැයි විමසිලිමත් වීම වැදගත්ය. රටටත්, ජනතාවටත් සෘජුවම අතිශයෙන්ම අහිතකර වූත්, ජනාධිපතිවරයා පවසන ආකාරයට ඔහුට මෙන්ම පාර්ලිමේන්තුවටත් හොර රහසින් සිදු කර ඇතැයි පැවසෙන බරපතළ නීති විරෝධී වූත් සදාචාර විරෝධී වූත්,සැක කටයුතු වූත් මෙම සිද්ධිදාමය පිළිබඳව මහජනයා විසින් සිය පරමාධිපත්‍යය බලය ලබාදී සියලූ පහසුකම් මහජන මුදලින්ම ලබාදී සිටින විධායක ජනාධිපතිවරයා නිහඬව ඒ දෙස බලා සිටීම කියාපාන්නේ අපේ මාතෘ භූමියත්,ජනතාවත් මහා බරපතළ පාපයක් සිදු කර ඇති වන ජනතා මතය ලෙහෙසියෙන් බැහැර කළ නොහැකිය. නොඑසේනම් ජනපතිවරයා පළමුව ඉහත කී අමාත්‍යවරයාටත් ලේකම්වරයාටත් එරෙහිව නීතිය කි‍්‍රයාවට නැගිය යුතුමය. සිය දේශයත්,ජාතියත් පරසතුරන්ගෙන් හා කරවිල පනුවන් බඳු රට අභ්‍යන්තරයෙන් ම බිහිවූ ජාතියේ සතුරන්ගෙන් මුදා ගැනීම උදෙසා,දශලක්ෂ ගණන් ජීවිත පූජා කළ මහා අභිමානවත් ජාතියකට අත්කර දෙමින් සිටින මේ මහා ඛේදවාචකය වළක්වා ගැනීමට තවමත් හැකියාව ඇත. ඒ සඳහා අවශ්‍යවන්නේ මාතෘ භූමියත්, ජනතාවත් දිවි දෙවැනි කොට සලකා ජාතියේ අභිමානය සුරැකීමට කැපවන නායකත්වයක් ප‍්‍රායෝගිකව ප‍්‍රදර්ශනය කිරීම පමණකි.

පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමි
සභාපති
දේශමාමක ජාතික බලවේගය
deshamamaka@gmail.com

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions