7/29/2019

මද්‍රාසා උවදුර ගැන මේ දේවල් ඔබ දන්නවාද?

කතෘ:යුතුකම     7/29/2019   No comments

> මද්‍රාසා යනු පාසල, අධ්‍යාපන ආයතනය යන තේරුම ඇති අරාබි වචනයකි. එහෙත් අද මෙය ලෝකය පුරා භාවිත වන්නේ ඉස්ලාම් ආගම උගන්වන පාසල් විශේෂයක් හැඳින්වීම සඳහාය.

> මද්‍රාසාවල ඉතිහාසය නබිතුමාගේ කාලය දක්වා දිවෙන අතර ඒවා අන්තවාදය පතුරුවන ආයතන බවට පත්වන්නේ මෑතකාලීනව ක්‍රියාත්මක වන වහාබ්වාදී ප්‍රවණතා සමගිනි. අද ලෝකය පුරාම මද්‍රාසාවල ක්‍රියාකාරීත්වය මහත් ගැටලු හා විවේචනයට ලක්වී තිබෙන්නකි.

> ලංකාවේ දැනට ලියාපදිංචි කළ මද්‍රාසා පාසල් 1674ක් ක්‍රියාත්මක වේ. දිස්ත්‍රික් මට්ටමින් ගත් කළ අම්පාර 344ක්, අනුරාධපුරය 66ක්, බදුල්ල 58ක්, මඩකලපුව 148ක්, කොළඹ 61ක්, ගාල්ල 18ක්, ගම්පහ 70ක්, හම්බන්තොට 13ක්, යාපනය 11ක්, කළුතර 59ක්, මහනුවර 120ක්, කෑගල්ල 60ක්, කුරුණෑගල 114ක්, මන්නාරම 44ක්, මාතලේ 32ක්, මාතර 32ක්, මොණරාගල 10ක්, මුලතිව් 5ක්, නුවරඑළිය 21ක්, පොළොන්නරුව 33ක්, පුත්තලම 87ක්, රත්නපුර 27ක්, ත්‍රිකුණාමලය 128ක්, වව්නියාව 13ක් ආදී වශයෙනි. ඊට අමතරව අරාබි විදුහල් 317ක් සහ ඉස්ලාම් අහදියා දහම් පාසල් 277ක් ක්‍රියාත්මක වන අතර ලියාපදිංචි නොකළ ආයතන තව විශාල ප්‍රමාණයක් තිබිය හැකිය.

> ලංකාවේ ඇති රජයේ පාසල් සංඛ්‍යාව 10194කි. පිරිවෙන් සංඛ්‍යාව 753කි. ඒ අනුව ලංකාවේ රජයේ පාසල් සංඛ්‍යාවෙන් හයෙන් එකක ප්‍රමාණයක් සහ ලංකාවේ පිරිවෙන් සංඛ්‍යාවට වඩා දෙගුණයකට වැඩි ප්‍රමාණයක් මද්‍රාසා පාසල් ක්‍රියාත්මක වේ. මෙය ජනගහන අනුපාතයට සාපේක්ෂව අති විශාල අගයක් බව වටහා ගැනීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ.

> මද්‍රාසා පාසල්වල ඉගැන්වීම්, විෂය නිර්දේශ ආදී කිසිවක් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු වගකීමක් හෝ සම්බන්ධයක් නැත. මද්‍රාසා පාසල් යම් යම් පුද්ගලයන් හෝ සංවිධාන මගින් පෞද්ගලිකව ආරම්භ පවත්වාගෙන යයි. මේ බොහොමයක් අන්තවාදී රටවල මුදල් ආධාර මත ක්‍රියාත්මක වන අතර ඒ ලැබෙන ආධාර පිළිබඳ කිසිදු නියාමන ක්‍රමවේදයක් නැත.

> මද්‍රාසාවල සිර කඳවුරු මෙන් සිසුන් පාසල් සීමාව තුළ කොටු කරගෙන පූර්ණ නේවාසික අධ්‍යාපනයක් ලබාදෙයි. මාස තුනකට දින කීපයක නිවාඩුවක් පමණක් සිසුන්ට ලැබෙන අතර, සාමාන්‍ය සමාජය සමග ගැටීමට මුසුවීමට ඔවුන්ට කිසිදු අවස්ථාවක් ලැබෙන්නේ නැත. පාන්දර හතරේ පහේ සිට දවස පුරා ආගම, කුරානය, අරාබි බස, ඇතුළු ආගම කේන්ද්‍ර කරගත් අධ්‍යාපනයක් මේවායින් ලබා දෙන අතර, ඇතැම් මද්‍රාසාවල වෙනත් විෂයයන්ද සුළු වශයෙන් ඉගැන්වීම සිදුකෙරේ.

> විදේශ රටවල සිසුහු පවා ලංකාවේ මද්‍රාසා පාසල්වල නේවාසික අධ්‍යාපනය ලබති. ඒ අනුව අද ලංකාව ආසියාවටම මොළ සෝදාගත් අන්තවාදීන් නිර්මාණය කර දෙන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ.

> මද්‍රාසාවල ඉගැන්වීම සඳහා නීත්‍යනුකූල ලෙස මෙන්ම නිත්‍යනුකූල නොවන ලෙසද පැමිණි විදේශිකයෝ විශාල ප්‍රමාණයක් ලංකාව තුළ රැඳී සිටිති. ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් එසේ රැඳී සිටි 600ක පමණ පිරිසක් පිටුවහල් කිරීමට පසුගිය මැයි මාසයේදී රජය කටයුතු කළේය.

> 2001 සැප්තැම්බර් 11 ඇමරිකාවට ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ඉස්ලාම් අන්තවාදීන් සියලු දෙනා මද්‍රාසා පාසල්වල අධ්‍යාපනය ලැබූවෝ වෙති.

> ඉන්දියාවේ 1947 වන විට 88ක්ව පැවති මද්‍රාසා පාසල් සංඛ්‍යාව 2006 වනවිට ලක්ෂ පහ දක්වා ඉහළ ගොස් ඇත. ඒ මද්‍රාසා ව්‍යාප්ත වීමේ වේගය පිළිබඳ උදාහරණයකි.

> මද්‍රාසා අහිංසක යැයි සිතන සහජීවන අනාථයන් තවත් සිටී නම් පාකිස්තානය, ඉන්දියාව වැනි රටවල් ගැන අධ්‍යයනය කරන්න. මද්‍රාසා පාසල් නිසා එම රටවල අර්බුද ගණනාවක් මතුවී ඇති අතර, එරට රජයන්ට නොයෙක් අවස්ථාවල ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමට සිදුව ඇත. ඒ ආශ්‍රිතව පළවූ පුවත්, වාර්තා, ලිපි, නිබන්ධන ගණනාවක් අන්තර් ජාලය තුළ දක්නට ලැබේ.

> පසුගිය 2019 ජනවාරි 29 වැනිදා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ මුස්ලිම් නායකයකු වන වසීම් රිස්වි අගමැති නරේන්ද්‍ර මෝඩිට ලිපියක් යවමින් ඉන්දියාවේ සියලු මද්‍රාසා තහනම් කරන ලෙස ඉල්ලා සිටියේ එම ආයතන ඉන්දියාව තුළ අයිඑස්අයිඑස් මතවාද පැතිරවීමට කටයුතු කරන බවට චෝදනා නගමිනි.

> පාකිස්තානයේ මද්‍රාසා පාසල් 30000ක් රජයේ පාලනය යටතට ගැනීමට කටයුතු කරන බව පසුගිය 2019 අප්‍රේල් 29 වැනිදා පාකිස්ථානයේ ආරක්ෂක ප්‍රධානියෙකු රොයිටර් පුවත් සේවයට පවසා තිබිණි. ඒ පාකිස්තානය තුළ වේගයෙන් ඉහල යන ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා මද්‍රාසාවලින් ලැබෙන පිටුබලය නිසාය.

> සීයට 96ක් ඉස්ලාම් ආගම අදහන පාකිස්තානයේ බලධාරීන්ට අන්තවාදය සම්බන්ධව එවැනි තීරණ ගැනීමට ධෛර්යයක් තිබුණද සීයට 9.7ක් මුසල්මානුවන් වෙසෙන ලංකාවේ නිවට බලධාරීහු තවමත් මේ අන්තවාදී ෆැක්ටරි දෙස නිහඬව බලා සිටිති.

> කුඩා දරුවන් මහණ කිරීම ගැන කියමින් පොළවේ පස් කන නිරාගමික, රැඩිකල්, හේතුවාදී, මාක්ස්වාදී පුස්සන් මෙතෙක් මේ අන්තවාදී පැක්ටරි ගැන වචනයක් කතා කර නැත. ඒ කුඩා දරුවන් මහණ කිරීමට වඩා කුඩා දරුවන් සිරගත කරගෙන දවස පුරා ම්ලේච්ඡ මුස්ලිම් අන්තවාදය ඉගැන්වීම ඔවුන්ගේ මහා මානව හිතවාදයට ගැටලුවක් නොවන නිසාය.

ඉසුරු ප්‍රසංග

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions