"විද්වත් කතා
අද සවස මරදානේ පැවැත්වෙන රැස්වීමකට සහභාගි වන ලෙස අද උදේ ගෙවිඳු කුමාරතුංගගෙන් ආරාධනයක් ලැබුණා. ඒ ඊනියා විද්වත් කතාවක් කිරීමට නො වෙයි. සමහරවිට වේදිකාවේ අසුන් ගන්නලා ඊනියා විද්වත් කතාවලට සවන් දීමට සලස්වන්න වෙන්න පුළුවන්. "
අද සවස මරදානේ පැවැත්වෙන රැස්වීමකට සහභාගි වන ලෙස අද උදේ ගෙවිඳු කුමාරතුංගගෙන් ආරාධනයක් ලැබුණා. ඒ ඊනියා විද්වත් කතාවක් කිරීමට නො වෙයි. සමහරවිට වේදිකාවේ අසුන් ගන්නලා ඊනියා විද්වත් කතාවලට සවන් දීමට සලස්වන්න වෙන්න පුළුවන්. "
-ආචාර්ය නලින් ද සිල්වා
2018-12-03 [www.kalaya.org]
මොනවා ද මේ කතා?
මොනවා ද මේ කියන්නේ, මොනවා ද මේ කරන්නේ කියලා මට නම් තේරෙන්නේ නෑ. මම සර්ට හිතවත්කමින් කළ ආරාධනය සර් කාලය අඩවියේ \ මුහුණු පොතේ පළ කළේ ඇයි කියලා මට තේරෙන්නෙත් නෑ. ඒකත් "ගෙවිඳු කුමාරතුංගගෙන් ආරාධනයක් ලැබුණා" කියා? මම සර්ට 'ගෙවිඳු' නොවී 'ගෙවිඳු කුමාරතුංග' වුණේ ඇයි කියලා තේරෙන්නෙත් නෑ.
2018-12-03 [www.kalaya.org]
මොනවා ද මේ කතා?
මොනවා ද මේ කියන්නේ, මොනවා ද මේ කරන්නේ කියලා මට නම් තේරෙන්නේ නෑ. මම සර්ට හිතවත්කමින් කළ ආරාධනය සර් කාලය අඩවියේ \ මුහුණු පොතේ පළ කළේ ඇයි කියලා මට තේරෙන්නෙත් නෑ. ඒකත් "ගෙවිඳු කුමාරතුංගගෙන් ආරාධනයක් ලැබුණා" කියා? මම සර්ට 'ගෙවිඳු' නොවී 'ගෙවිඳු කුමාරතුංග' වුණේ ඇයි කියලා තේරෙන්නෙත් නෑ.
සර් ඒ සටහනේ කියලා තිබුණා මම ආරාධනා කළේ, "ඊනියා විද්වත් කතාවක් කිරීමට නොවෙයි. සමහරවිට වේදිකාවේ අසුන් ගන්වලා ඊනියා විද්වත් කතාවලට සවන් දීමට සලස්වන්න වෙන්න පුළුවන්" කියලා. අනේ සර්, මම කතා කළේ මේ ක්‍රියාවලියේ කොටස්කාරයෙක් වෙන්න. බෙංගමුවේ නාලක හාමුදුරුවෝ, කස්සප නායක හාමුදුරුවෝ, ඇල්ලේ නායක හාමුදුරුවෝ හා අමරසේකර මහතා ඒමට නියමිත ව තිබුණු නිසා, සර් ගේ ශිෂ්‍යයන් වූ මමයි පැස්කුවෙලුයි දෙන්නා ම අදහස් දැක්වීමට නියමිත ව තිබුණ නිසා සර්ත් ආවොත් මොන තරම් අපූරු ද කියලා සිතුණ නිසායි මම සර්ට පුළුවන් නම් එන්න කිව්වේ.
මහජන රැළියක තියෙන්නේ 'කතාවක් කිරීම' සහ 'කතා ඇහීම' විතරක් ද? කතා පවත්වන අය පොරවල්, කතා අහන් ඉන්න අය පීචමුං_එහෙම ද? අනේ සර් මේ බෞද්ධ චතුස්කෝටිකය ද? නැත්නම් යුදෙව් ද්විකෝටිකය ද?
කොළඹ විද්‍යා පීඨයේ ගවේෂකයෝ සර් ගේ අදහස් දැක්වීම් අහන්න මම කෑම පැයේ ගස්යට, කැන්ටිමේ තැන්-තැන්වල සතුටු සාමීචියේ යෙදී සිටි කී දෙනකුට එන්න කියල ඇත්ද? සර් ගේ අදහස් දැක්වීම් අහන්න ඉන්න පහ දහය කරන්න, දහය විස්ස කරන්න, විස්ස පනහ කරන්න, පනහ සීය කරන්න අපි කොච්චර මහන්සි වෙලා තියෙනවා ද?
ඊ ළඟට චින්තන පර්ෂදයේ සර් ගේ කතා අහන්න එන්න කියලා කොළඹ, කොළඹ විතරක් නෙවේ රටේ ම කොච්චර නම් පෝස්ටර් අලවලා ඇත් ද? සමහර මාසවල මගේ මුළු ශිෂ්‍යත්ව මුදල ම යොදවල තියෙන්නේ පෝස්ටර් ලියන්න කොළ, තීන්ත ගන්න. නැත්නම් පෝස්ටර් අලවන්න පාන්පිටි ගන්න. ඉතින් අපි කරලා තියෙන්නේ සිය ගණනකට, දහස් ගණනකට, දසදහස් ගණනකට පීචමුං වෙන්න එන්න කියලා අඬගහන එක ද?
මම අමරසේකර මහතා කී වතාවක් සර් ගේ දේශන අහන්න එක්කරගෙන ඇවිත් ඇත්ද? ඒ හැම වතාවෙ ම මම කළේ අමරසේකර මහතා පීචමෙක් කරන එක ද?
"මට ඔය නලින් කියන චතුස්කෝටිකය හරියට තේරෙන්නේ නෑ" කියන අමරසෙකර මහත්තයට රැස්වීමට එන්න පුළුවන් නම් එන්න කිව්වා ම ඇහුවේ, "මං එන්නේ කොහොම ද?" කියලා විතර යි. ඉතිං මාත් එක්ක ගියා. රැස්වීම ඇරැඹීමට පෙර වේදිකාවට ගොඩවෙලා ඉන්න කොට විවිධ මාධ්‍ය ඇවිත් ප්‍රකාශ ලබාගත්තා. රැස්වීම අවසානයේ නිවේදකයා කිව්වා, "ආචාර්ය ගුනදාස අමරසේකර මැතිතුමා අපට ශක්තියක් වෙන්න, මහමැතිවරණයක් සඳහා වන මේ අරගලයට ශක්තියක් වෙන්න, මේ රැස්වීම ආරම්භයේ සිට අවසානය තෙක් රැඳී සිටියා, අපි එතුමාට අපේ ගෞරවය පුදකරනවා" කියලා (මම මතකයෙන් ලිව්වේ, කියූ වචන වෙනස් ඇති, අදහස එයයි. වේදිකාවේ සිටි සෑම කෙනෙක් ම පාහේ අමරසේකර මහතා ලඟට ම ඇවිත්, "අනේ සර්, සර් අපිට හයියක් වෙන්න ආවා ද?" වැනි දේ කියමින් ඔවුන් ගේ ගෞරවය, ආදරය ප්‍රකාශ කළා. අමරසේකර මහතාත් තුටු සිතින් ඒ ආදරය, ගෞරවය වින්දා.
වේදිකාවෙන් බැහැලා යනකොට තරුණයන් පිරිසක් අපව වටකරගත්තා. "සර් කතා අහන්න ආවා ද?" එක්කෙනෙක් අමරසේකර මහතා ගෙන් ඇහුවා. "සර්ට මොනවා ද මේ කතාවලින් අහගන්න තියෙන්නේ? සර් එන්න ඇත්තේ මේ සර්ලට (මාව පෙන්වමින්) ශක්තියක් වෙන්න" තව තරුණයෙක් කිව්වා. "කෝ සර්ලා ගේ කාර් එක?" තව තරුණයෙක් ඇහුවා.
"අපි මඟින්න් බැහැලා ආවේ ... ත්‍රීවීල් එකක් හොයාගන්නයි බැලුවේ" අමරසේකර මහතා කිව්වා.
"අයියෝ සර් ඔහොම ම ඉන්න, අපි ත්‍රීවීල් එකක් ගේන්නම්" කොල්ලො ටික ත්‍රීවීල් එකක් හොයාගෙන සෙනග අස්සෙන් අපි ගාවට ම ගෙනාවා.
"පරිස්සමින් යන්න සර්" එක්කෙනෙක් කිව්වා. "මේ සර්ලා කවුද කියලා දන්නවනේ .... පරිස්සමින් කියන තැනකින් ගිහින් බස්සන්න..." තව කොල්ලෙක් ත්‍රීවීල් රියදුරුට කිව්වා.
"පුදුම සෙනගක් නේ ද?", "මොනවා ද මිනිස්සු කියන්නේ?" මග දිගට ම අමරසේකර මහතා ත්‍රීවීල් රියදුරා සමග දේශපාලන සංවාදයක!
යුදෙව් ක්‍රිස්තියානියට වෙනස් ව කතෝලික දහමේ ත්‍රිකෝටිකය ගැන - පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ හා ශුද්ධාත්මය ගැන සර් වරක් අපට මනරම් විග්‍රහයක් කළා මතක ද? පියා ගෙන් තොර ව පුතෙක්, ගුරුවරයා ගෙන් තොර ව ශිෂ්‍යයෙක්, දෙසන්නෙක් ගෙන් තොර ව අසන්නෙක් නැතිබව පැහැදිලි යි.
ඒ වගේ ම පියා ගේ පැවැත්ම පුතා මත, ගුරුවරයා ගේ පැවැත්ම ශිෂ්‍යයා මත, දෙසන්නා ගේ පැවැත්ම අසන්නා මත රඳා පවතී ද?
කර්කෂ කාන්තාරයේ ජීවිතය (යුදෙව්වන්) බැටළුවා ගෙන් පවා පළිගනිමින්, වෛරයෙන් ක්‍රෝධයෙන් පෙළෙමින් විඳවන්නක් වුවත්, මේ පින් බිමේ අපට ජීවිතය තුටු පහටු සිතින් වින්දනය කරන පින්කමක් විය යුතු නොවේ ද?
අපි සර් නිසා ගොඩක් දේ ගැන අලුතින් සිතන්න පුරුදු වුණා. සර්ත් අපි වෙනුවෙන්, රට වෙනුවෙන් පොඩ්ඩක් ආයෙත් හිතන්න.
මේ, හිතවත්,
ගෙවිඳු
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .