12/13/2018

ඇත්ත සඟවා බොරුවම මවන ජවිපෙ මහාචාර්‍යවරුන්ගේ ඉලක්කම් විජ්ජා - මහාචාර්ය ජිනසේන හේවගේට පිළිතුරක්

කතෘ:යුතුකම     12/13/2018   No comments

මේ පසුගියදා මහාචාර්ය ජිනසේන හේවගේ මහතා විසින් නිර්මාණය කර තම මුහුණු පොතට එක් කර තිබූ සටහනකි. ජිනසේන හේවගේ මහතා දැඩි ජවිපෙ පාක්ෂිකයෙකු වන අතර 2015 ජවිපෙ ජාතික ලැයිස්තුවට පවා ඇතුළත් වූවෙකි.ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්‍යවරයෙකි.
මේ ඔහු ඒ සටහනට එක් කර තිබූ සටහනයි

"මහන්ද රාජපක්ෂ සහ කණ්ඩායම ඉදිරි මැතිවරණයක් ගැන ලොකුවට කෑගසමින් කුමණ්ත්‍රණයේ පරාජය වසාගැනීමට තැත් කළද, සැබැවින්ම මේ තත්වය යටතේ ඔහුනට ජයග්‍රහණයේ හැකියාවක් නොතිබුණ බව ඔහුන්ම දනී. ඔහුණට ඉතාම වාසි දිත්‍රික්කයක් වූ මාතර 2015 සිට පෙන්වන පසුබෑමෙන් හඳුනාගත හැක. දැන් තත්වය මීටත්වඩා වෙනස්ය ඔහුගේ ඉරනම අවසන් වී ඇත. මාධ්‍ය සංදර්ශණ පවත්වන්නේ ඒ නිසාය."මේ සටහන තැබෙන්නේ ඒ ඉලක්කම් හරඹය වැරදිනම් ඔප්පු කර පෙන්වන ලෙස ඔහු සිදු කළ ප්‍රතිචාරයට පිළිතුරක් වශයෙනි.

අපි මඳක් මේ මහාචාර්‍යතුමා පෙන්වන ඉලක්කම් හරඹය කොතෙක් දුරට සත්‍යදැයි විමසා බලමු.
ඔහු මුලින් ම ඉදිරිපත් කරන්නේ 2015 ජනාධිපතිවරණ ප්‍රතිඵලයයි.ඒ ඉලක්කම නිවරදිය. මහින්ද රාජපක්ෂ මහතාට ඒ ජනාධිපතිවරණයෙන් චන්ද 297823 ක් (ප්‍රතිශතය 57.81%) ලැබෙද් දී එජාප පෙරමුණෙන් තරඟ කළ මෛත්‍රීට ලැබුනේ චන්ද 212435ක් පමණි (එය 41.24 % ප්‍රතිශතයකි) මේ චන්ද ගොඩ ඇතුලේ එජාප - මෛත්‍රී මෙන්ම ජවිපෙ චන්ද ගොඩද ඇතුලත්ය.

ඊලඟට ඔහු දක්වන්නේ 2016 මහමැතිවරණ ප්‍රතිඵලයයි.
(
ඔහු 2015 යනුවෙන් එය සඳහන් කර ඇත්තේ අතපසුවීමකිනි . පසුව ඔහුම එය නිවරදි කර තිබිණ. )
එහිදී මහින්ද - මෛත්‍රී පාර්ශව එක්ව චන්ද කළ ද අවසාන මොහොතේ මෛත්‍රීපාල සිරිසේන මහතා "මහින්ද දිනුවත් අගමැතිකම දෙන්නේ නෑ" යනුවෙන් සෘජුවම මැදිහත්ව  පවසා පක්ෂ ලේකම්වරුන්ගේ බලය අත්හිටවා ක්‍රියාකළ වටපිටාවකදී පවා මාතර දිස්ත්‍රික්කයේ චන්ද 250505 ක් (52.44% ) ලබාගනිද්දී එජාප ජවිපෙ පක්ෂ දෙකම වෙන වෙනම ලබාගත් චන්ද ප්‍රමාණයන්ගේ එකතුව 221945කි (46.46%) - [unp 186675 39.08% , jvp 35270 7.38% ]  (මෙහිදී ප්‍රකාශිත මුළු චන්ද ප්‍රමාණය 2015 ජනාධිපතිවරණයට වඩා චන්ද 30,000 ක් පමණ ප්‍රමාණයක් අඩු වී තිබිණ.) දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළද 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂව මහින්ද රාජපක්ෂ පාර්ශවය පසුබෑමක් පෙන්නුම් කළ බව සත්‍යකි. ඒ සඳහා බලපෑ සාධක පිළිබඳ විග්‍රහ කිරීම මේ අවස්ථාවේ අර්ථ විරහිතය.

ජවිපෙ හේවගේ මහතාගේ ඉලක්කම් සැසඳිල්ලේ හොඳම කොටස එන්නේ දැන්ය. ඒ 2018 පළාත් පාලන චන්ද ප්‍රතිඵලය සහ ඉන් පසු ඇතිවී ඇති තත්වය සම්බන්ධයෙනුයි.

ඔහු එහිදී මහින්ද පාර්ශවය ලබාගත් චන්ද 275768 පෙන්වා එය මහින්ද රාජපක්ෂ මහතා දිගින් දිගටම අසාර්ථක වෙමින් යනවා යන්නට එය සාක්ෂියක් ලෙස පෙන්වන්නට උත්සාහ කරයි. එහිදී ඔහු හිතාමතා කරන ඉලක්කම් 'වංචා' කිහිපයකි. එය නොසලකා හැරියත් 2016 දී ලබාගත් චන්ද 250505 ට සාපේක්ෂව 2018 දී ලබාගත් දන්ද 275768 යන්න බැසීමක් නොව නැගීමක් බව මහාචාර්‍යයවරායට අමතක වූවාද? එය ප්‍රතිශතයෙන් බැලූ කල 52.44% සිට 53.53% වැඩිවීමකි. ඒ ජිනසේන මහතා පෙන්වන ඉලක්කමේ ඇති බැලූ බැල්මට පෙනෙන සත්‍යයි.

දැන් අපි ජිනසේන මහතා සඟවන්නට හදන්නේ කුමක්දැයි බලමු.

2018 පළාත් පාලන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ පාර්ශවය තරඟ කලේ අලුත්ම දේශපාලන පක්ෂය වූ පොදු ජන පෙරමුණ යටතේය. අපි අලුත් පක්ෂයක් පිහිටුවා ඒ හරහා ජයහ්‍රහණය ලැබීමට ඇති ප්‍රායෝගික අපහසුතා ටිකත් අමතක කර හුදු ඉලක්කම් අගය පමණක් සලකා බලමු. 2018 චන්දයේදී පොදු ජන පෙරමුණ චන්ද 275768 ක් ලබා ගනිද්දී ඔවුන්ට වැලිගම නගර සභා බල ප්‍රදේශයේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම නිසා ඒ චන්ද කොටසද අහිමිව ගියේය.

ළපටි කොලු ගැටව් කරන ඉලක්කම් සෙල්ලම් වලින් එවැනි සාධක මැකී යන්නට ඉඩ ඇතත් මහාචාර්‍යරවයෙකු කරන විශ්ළේෂණයකදී එවැනි දේ සිදුවන්නේ අතපසුවීමකින් ද නැත්නම් තම මතය කෙසේ හෝ තහවුරු කරන්නට දරන උද්ධච්ච උත්සාහය නිසාද?

අපි මොහොතකට ඒ වැලිගම නගර සභා බල ප්‍රදේශ චන්ද කොටසත් අමතක කරමු.
මහින්ද පාර්ශවයට
චන්ද  275768 (53.53%)  ක් ලෙස ගනිමු. එවිට අනෙක් ප්‍රධාන පාර්ශවය වූ එජාපය ලබාගත්තේ චන්ද කොතරක් ද? එය චන්ද 137873ක් පමණි . ප්‍රතිශතයෙන් ගතහොත් 26.33% කි.එය හරියටම මහින්ද රාජපක්ෂ පාර්ශවය ලබාහත් චන්ද ප්‍රමාණයෙන් අඩකි. තවත් විස්තර කළොත් එදා 1994 බින්දුවටම වැටී තිබූ යීඇන්පිය ශ්‍රීමණී දිසානායක මැතිණිය යටතේ ලබාගත් චන්ද ප්‍රමානයට ආසන්න චන්ද ගණනකි.

"දැන් තත්වය මීටත්වඩා වෙනස්ය ඔහුගේ ඉරනම අවසන් වී ඇත. මාධ්‍ය සංදර්ශණ පවත්වන්නේ ඒ නිසාය."

ජිනසේන මහතා පවසන මෙන්න මේ වාක්‍යයේ ඇති ව්‍යාජ වංචනිකත්වය මහාචාර්‍යවරයෙකුට කොතරම් ඔබිනේ දැයි ඔබම සලකා බලන්න. ඒ පහත හේතු නිසාය.

2018 මහින්ද පාර්ශවය චන්ද 275768 53.53% ක් ගනිද්දී ශ්‍රීලංනිපයේ මෛත්‍රී පාර්ශවය මාතර දිස්ත්‍රික්කය තුළ චන්ද 50803ක් (9.86%) ලබා ගත්තේය.
ජිනසේන මහතා "අද තත්වය තවත් දරුණු වී ඇතැයි" පවසන්නේ ඒ මහින්ද පාර්ශවය සහ මෛත්‍රී පාර්ශවය යළු එක්වී ඇති වටපිටාවකදීය.
බාහිර සාධක නොසලකා ඉහතදී කලාක් මෙන් ඉලක්කම් පමණක් සැලකුවහොත් මහින්ද + මෛත්‍රී එකතුවට මේ වන විට මාතර දිස්ත්‍රික්කය තුල චන්ද 326571 ක් එනම් ප්‍රතිශතාත්මකව 63.39%ක් හිමිව තිබේ. හේවගේ මහතා හිතාමතා මේ සියයට දහයකට අධික චන්ද ප්‍රමාණය නොදැක්කා සේ අතුරුදහන් කර ඇත්තේ වැරදීමකින් ද? අපූරත්වය වන්නේ එය ජනතා විමුක්ති පෙරමුණ විසින් මාතර දිස්ත්‍රික්කයේන් පසුගිය පළාත් පාලන චන්දයේදී ලබාගත් චන්ද 47922ටද (9.3%) වඩා වැඩි චන්ද ප්‍රමාණයක් වීමයි.

මේ වංචනිකත්වය කුමක් සඳහා ද?
මේ මහත්වරුන් තමන් විසින්ම නිර්මානය කරගන්න මේ ව්‍යාජයට කොතරම් ස්වයං මෝහනයට පත්ව ඇත්දැයි ඔහුගේන් මා ඒ දත්ත ලබාගත් මූලාශ්‍රය විමසූ කළ මේ ඉලක්කම් විජාවෙන් ස්වයං මෝහනයට පත්ව සිටි ඔහුගේ ආඩම්බර කාර ප්‍රතිචාරය බලන්න.
"කැලුම්ගේ ඉල්ලීමෙන්ම පෙනෙනව ඔහුවත් කොච්චරටම රැවටිලාද කියල මහින්දගේ බොරු පින්බිල්ලට. ඔහුට අදහගන්න බැරිවුනා 2018 මාතර චන්දප්‍රමාණය දැක්කම. මිනිස්සු හිතනින්නේ රටේ සාතිසය බහුතරය මහින්දට කියල. මාතරත් මෙහෙමනම් රටේ ප්‍රමාණය 48% .බහුතරය 2018 තිබුනෙත් නැහ, කොහොමටවත් නැහ. දැන් නැතිවෙලා හමාරයි "
මේ වංචනිකත්වය එජාපය ප්‍රමුඛ පිල ලබාඇති ඉතිහාසයේ ලොකුම චන්ද පසුබෑම වසා දැමීම සඳහා  ද? 
මාතර දිස්ත්‍රික්කයේ එදා ශ්‍රීලනිපය ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව සන්ධානගතව චන්දය ඉල්ලූ 2004 දී පවා ඒ පාර්ශවයට ලැබුනේ චන්ද 60.30% 241235 කි.
අද වනවිට ඒ දැවැන්ත ඉලක්කමද අභිබවා ගොස් තිබියදී ජිනසේන මහතා මේ ව්‍යාජ ඉලක්කම් විජ්ජාව මගින් පෙන්වන්නට උත්සාහ කරන්නේ කුමක් ද?
රත්තරං අශ්වයන්ට රැවටූ ජන කොටස ඕනෑම අතේ රෝලකින් ඇන්දිය හැකි බවට දේශපාලනඥයන් තුල ඇති විස්වාශය මේ මහාචාර්‍යවරුන්ටත් බෝ වී ඇත් ද?

ජවිපෙ දේශපාලන ඉදිරිය නිර්මාණය කරන්නේ මේ විද්වත් වංචනිකයන් හරහා නම්, චන්දයෙන් පසු "මෝඩ චන්ද දායකයන්ට අපි කියන දේ තේරෙන්නේ නෑ" යනුවෙන් අවලාද නගන සුපුරුදු බයිලාව සැමදාම අපට ඇසෙන්නට ලැබෙනු ඇත.

-කැලුම් නිරංජන

www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions