-මහාචාර්ය වසන්ත දේවසිරි-
අද දවසේ දී කෙසේ වෙතත් අප කුඩා කාලයේ දී නම් අපගේ ගෙවල් වලට වරින් වර සර්පයන් ඇතුලූ වීම සුලභ සිදු වීමක් විය. නිතර නිතර ම ගෙවල හැසිරෙන බැවින් ඔවුහු ඝරසර්පයන් ලෙස ද හඳුන්වනු ලැබූ හ. රෙදි කැබැල්ලක භූමි තෙල් ස්වල්පයක් තවරා එය ඇෙඟ් ඇතිල්ල වූ විට ඝරසර්පයා අසරණ වී පලා යයි. ගැරඬින් පෙනේ කළාට කලබල නොවූ මෙරට මිනිස්සු ගැරඬින් මරා පවු පුරවා නොගත් හ. ඔවුහු ගැරඬින්ට කළ හැකි දෙයක් නැති බව ද දැන සිටිය හ. මෙවන් වූ ඝරසර්පයන් නිසා වෙනස් නොවන උදාර වූ මිනිස් සන්තානයේ කතන්දරය යි ජයන්ත චන්ද්‍රසිරි සිය නවතම සිනමා නිර්මාණය වන ඝරසර්ප තුළින් විදහා දක්වන්නේ. බුදු දහමට අනුව මිනිස් සිත ස්වභාවයෙන් ම ප‍්‍රභාෂ්වර ය. එය කිළිටි වන්නේ ආගන්තුක වූ ක්ලේශයන් නිසා ය. ජාති ආගම් වර්ගවාදය අතික‍්‍රමණය කළ මිනිස් සන්තානයේ ප‍්‍රභාෂ්වර භාවය පිළිබිඹු කරන සුන්දර සිනමා පටයක් ලෙසය මා ඝරසරප දකින්නේ. ජයන්තගේ පරපුරට අයත් වන බොහෝ නිර්මාණකරුවන් සිය නිර්මාණ තුළින් නිරූපණය කළේ මෙම මිනිස් සිතට ආගන්තුක වූ ක්ලේශයන් ය. නිර්මාණකරුවෙකු වශයෙන් ජයන්ත චන්ද්‍රසිරි සුවිශේෂී වන්නේ ඔහු මිනිස් සිත ට ආගන්තුක වූ කෙලෙස් ධර්මයන් නොව, මිනිස් සිතට ආවේණික වූ විචිත‍්‍රත්වය සිනමාවට නංවන බැවිනි.
සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය හැටේ දශකය යැ යි මම සිතමි. මෙම යුගය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ම නිර්මාණයක් ලෙස හැඳින් වූ ව ද වරදක් නැත. මෙම යුගය තුළ නිර්මාණය වුනු ගුණාත්මක චිත‍්‍රපට සිත ප‍්‍රහර්ෂයට පත් කරවන සුලූ මිනිස් අධ්‍යාත්මය තුළ නිරායාසයෙන් බිහි වන ගැඹුරු ආදර සම්බන්ධතා නිරූපණය කළ චිත‍්‍රපට ය. එමෙන් ම එම චිත‍්‍රපටවල ජීවත්වන චරිත තම සිත් තුළ හොල්මන් කරන අඳුරු යක්ෂාවේශයගෙන් මිදී නිදහස ලබා ගැනීමට සමත් වන චරිතයන් ය. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් හැටේ දශකයේ නිර්මාණය කළ දෙලොවක් අතර, රන්සළු, ගොලූ හදවත හා අක්කර පහ යන චිත‍්‍රපටි පෙළ මා කියන මෙම කරුණ සනාථ කිරීමට ප‍්‍රමාණවත් වෙතැ යි සිතමි. හැත්තෑව දශකයේ මුල් යුගය තුළ දී වසන්ත ඔබේසේකර, ධර්මසේන පතිරාජ වැනි සිනමාකරුවන් ගේ නිර්මාණ තුළ මේ ප‍්‍රසාද ගුණය තරමක් දුරට හෝ රැඳී තිබුන ද ඔවුන්ගේ පසු කාලීන නිර්මාණ තුළ මෙම ගුණය දක්නට නොලැබිනි. ඉන් පසුව එළැඹුනු යුගය තුළ දී බිහිවුනු නව සිනමා කරුවෝ නව යටත් විජිතවාදය තුළ තුන් වෙනි ලෝකයේ රටවල් තුළ දිනෙන් දින බිඳ වැටෙන ආර්ථික හා සංස්කෘතික වට පිටාව ඔස්සේ මුහුණ දෙන ඛේදවාචකය නිරූපණය කරන චිත‍්‍රපට නිරූපණය කළ හ. තම උරුමය වූ පාරම්පරික හර පද්ධතිය තව දුරටත් වටිනා කමක් නැති හණ මිටියක් ලෙස සළකමින් නිර්මාණය කරණයේ යෙදුනු මෙම සිනමා කරුවන් විය යුතු පරිද්දෙන් ම නිරතුරුව ම ජත්‍යන්තර සම්මානයට පාත‍්‍ර වී ය. සුප‍්‍රකට නයිජීරියානු ලේඛක චිනීවා ඇචිබේ කලකට පෙර ප‍්‍රකාශ කර ඇති අයුරින් ම ඔවුහු දඩයමට ලක් වූ සිංහයාගේ කතන්දරය නොව දඩයක්කාරයාගේ කතාව සිනමාවට නැඟූ හ. දඩයක්කාරයගේ ඇසින් කැමරාවට නැඟුනු මෙම නිර්මාණ තුළ පාරම්පරික සංස්කෘතියක් තුළ ගොඩනැඟුනුු උදාර වූ මිනිස් අධ්‍යාත්මය පිළිබිඹු නොවිනි. සිංහල සිනමාව දශක කීපයක් තිසසේ මුහුණ දෙන ඛෙදවාචකය මෙන් ම අර්බුදය ද මෙය යි.
දඩයක්කාරයින් අත ව්‍යාජ වූ ද අජීවී වූ ද හෝං පලක් බවට පත් වෙමින් තිබුණු සිංහල සිනමාව තුළට යළිත් වරක් අපගේ සංස්කෘතික උරුමය රැගෙන ආ සිනමා කරුවා ය ජයන්ත චන්ද්‍රසිරි. ඔහුට පුරෝගමී සිනමා කරුවෙකු මෙරට සිටියේ නම් ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා පමණක් ම විය යුතු ය. ඔහුගේ අග්නි දාහය, ගරිල්ලා මාකටිං, සමනල සංධ්වනිය,මහරජ ගැමුනු මෙන් ම නවතම නිර්මාණය වන ඝරසර්ප තුළින් ද ඔහු පෙන්නුම් කරන්නේ නව යටත් විජිතවාදී සිනමා කරුවන්ට නොපෙනෙන මිනිස් සන්තානයේ ඇති සුන්දරත්වය යි. සිග්මන් ෆ්‍රොයිඞ් වැනි යල් පැන ගිය මනෝ විද්‍යාඥයින් ගේ මතවාද වලින් නොමිදුනු මෙම සිනමාකරුවන් තවමත් සිතන්නේ මිනිසත් බවේ පදනම ඔවුන්ගේ සිතේ සැඟ වී ඇති කාම සිතුවිලි හා ඉන්ද්‍රියන් පිනවීමේ ආශාව පමණක් ම යැ යි කියා ය.
බටහිර නූතනවාදය වර්ධනය වූයේ මිනිස් ජීවිතයේ සතුට හා සාර්ථක බව රඳා පවතින්නේ ඉන්ද්‍රියන් පිනවීම මත ය යන මිථ්‍යාව මත ය. මෙය ඉතාමත් විනාශකාරී මිථ්‍යාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ මිථ්‍යාව තුළ ඇති භයානක ම මිථ්‍යාව නම් මිනිස් සිත තුළ ඇති එකම ස්වභාවය ඉන්ද්‍රියන් පිනවීමට ඇති වුමනාව පමණක් ම ලෙස ද ඒ තුළ පිළි ගැනෙන බැවිනි. මෙම මිථ්‍යාව සත්‍යයක් ලෙස පිළිගතහොත් බටහිර නුතනත්වය තුළ අප පෙළන කිසිම ප‍්‍රශ්නයකට විසඳුමක් සොයා ගත නොහැකි බව ද පිළිගැනීමට සිදු වෙයි. ඒ කිසිම කලෙක මුලූ මිනිස් වර්ගයාගේ ම ඉන්ද්‍රියයන් පිනවීමට අවශ්‍ය තරම් සම්පත් ප‍්‍රමාණයක් මෙම ලෝකය මත නිර්මාණය කර ගැනීමට අපට හැකියාවක් නැති ය යන්න ප‍්‍රකට කරුණකි. මිනිස් සිත හා සතුට පිළිබඳව මෙම මිථ්‍යාව පිළිගන්නාතාක් කල් තුන්වන ලෝකයේ සිනමා කරුවන්ට චිත‍්‍රපට නිර්මාණය කළ හැකි තේමාවන්ගෙන් නම් අඩුවක් ඇති නොවනු ඇත. මෙම නිර්මාණකරුවන්ට තව බොහෝ කාලයක් යනතුරු ඉහගෙන කෑ හැකි මෙම නව යටත්විජිතවාදයේ පල් වළ කාන්තා විමුක්තිය, ගණිකා වෘත්තිය, ලිංගිකත්වය, හිංසනය, ස්ත‍්‍රී දූෂණය, මත් ද්‍රව්‍ය, සමලිංගිකත්වය, එච් අයි වී වැනි තේමාවන්ගෙන් පිරී ඇත.
ඝරසරප තුළින් ජයන්ත චන්ද්‍රසිරි මෙම පල් වල ඉහ ගෙන කෑමේ සිනමා කලාවට හුරු වී සිටින පේ‍්‍රක්ෂක අපට ප‍්‍රබල අභියෝගයක් එල්ල කරයි. ඔහු අපෙන් ප‍්‍රශ්න කරන්නේ අපට ජීවත් වීමට මීට වඩා හොඳ දැක්මක් අපට සොය ගත නොහැකිදැ යි යන්න ය. මෙහි දී ඔහු පේ‍්‍රක්ෂක අපගේ මනසට ද එල්ල කරන්නේ බුදු රජාණන් වහන්සේ මීට වසර 2600 කට පෙර මිනිස් මනසට එල්ල කළ අභියෝගයම ය.එනම් සියළු අරූපි ධර්මයන් මනස පෙරටු කොට ඇතිවන බවත්, මනස මුල් කොට පවතින බවත්, මනස තුළින් ම නිර්මාණය වන බවත් යන සත්‍යය යි. මෙය අද අප හිස් මුදුනෙන් පිළිගන්නා බටහිර වාස්ථවික යථාර්ථය සුණු විසිනු කරණු ලබන දහමකි. එම යථාර්ථය මනුශ්‍යයන්ගේ පමණක් නොව, සතුන් සර්පයන් ගහකොළ පමණක් නොව අමනුශ්‍යයන් හා යකුන් පෙරේතයන්ගේ ද හිමිකම් සපුරන යථාර්ථයකි. එමෙන් ම අප විසින් සාක්‍ෂාත් කරගත යුතු මෙම රාගය හා වෛරය මත නොව, අත් හැරීම, මෛති‍්‍රය හා කරුණාව මත ගොඩ නැගෙන නව සමාජ යථාර්ථයක් විය යුතු බව ද ඝරසරප අපට ඉඟි කරයි.
විසි එක්වැනි සියවසට අයත් වන අදීන සිනමා කරුවෙකු වූ ජයන්ත චන්ද්‍රසිරිගේ නිර්මාණ තුළ පිළිබිඹු වන්නේ මිනිස් සිතේ ප‍්‍රභාශ්වර ස්වභාවය යි. චන්ද්‍රසිරි ගේ සිනමා කෘති වල චරිත ගැටුම් වලට මුහුණ දෙන්නේ මිනිස් සිතට ඇතුලූ වන ආගන්තුක උපක්ලේශයන් නිසා ය. ජයන්ත සිනමාවට නඟන්නේ මෙම මතුපිට ආගන්තුක ක්ලේශයන් නොව එම ක්ලේශයන් මඟින් ඔද්දල් නොවූ කරුණාවෙන් හා මෛති‍්‍රයෙන් ප‍්‍රභාශ්වර වූ මිනිස් සන්තාන ය
ඝරසරප චිත‍්‍රපටයේ අතීත කතන්දරයක් ද වර්තමාන කතන්දරයක් ද ඇත. 1980 දී යක්ෂාවේශයන්ට ප‍්‍රතිකාර කරණ හිමි නමක් වසන කතෝලික පල්ලියක දී මුණ ගැසී පෙමෙන් බැඳෙන සිංහල තරුණයෙකු හා කළු කුමාර දිෂ්ටිය වැහුණු දෙමළ තරුණියක පිළිබඳව කතන්දරය ඉන් එකකි. ඉන් වසර තිස් ගණනකට පසුව වියපත් ව ගිය එම තරුණයාගේ බිරිඳට කළුකුමාර දිෂ්ටිය වැළදීමත් ඇයට ප‍්‍රතිකාර කරන කැන්ඩාවේ සිට පැමිණි මනෝ වෛද්‍යවරියත් පිළිබඳ. කතන්දරය දෙවැන්නයි. ප‍්‍රශස්ත ලෙසත් සුන්දර ලෙසත් සිතුවම් කර ඇති මෙම සිද්ධීන් ගැන දිගින් දිගටම විස්තර කිරීමට බලාපොරොත්තු නොවෙමි. කෙසේ වෙතත් තරුණ පෙම් යුවළගේ චරිත නිරූපණය කරන නවක නළුවා හා නිළිය ගැන සඳහනක් නොකිරීම ඔවුනට කරණ අසාධාරනයක් වෙතැයි සිතමි. ජයන්ත චන්ද්‍රසිරිට ම හුරු පුරුදු ප‍්‍රවීන රංගධරයන් සියල්ලන්ම අභිබවා යන රඟ පෑමක් ඔවුන් දෙදනා ඉදිරිපත් කරන බව පැවසීම චිත‍්‍රපටියේ විශිෂ්ට රංගනයක යෙදෙන ප‍්‍රවීණයන්ට කරන අගෞරවයක් වෙතැ යි මම නොසිතමි.

මේ කතන්දර දෙක අතර අපගේ අවධානයට හසු විය යුතු තවත් නොකී කතාවක් ද ඇත. ඝරසරප ආරම්භ වන වකවානුවේ දී එ නම් 1980 ගණන් වළ දී වර්ධනය වුනු කුරිරු ත‍්‍රස්තවාදය මිනිස් ජීවිත දස දහස් ගණනක් බිලි ගත් යුද්ධයකින් අවසාන විය. මේ කාලය තුළ දී අපි අන් කවර කලකත් නොවූ තරම් වේගයෙකින් මෙන් ම දැඩිව ද මිනිසුන් සමාජය තුළ විගලිත කරන නූතනවාදය වැළද ගත්තෙමු. මෙවන් වූ වට පිටාවක අප බොහෝ දෙනෙකුට මතක් වන්නේ යුද්ධය හා බටහිරකරණය තුළ අපට අහිමි ව ගිය දේවල් ය. ජයන්ත චන්ද්‍රසිරි ඝරසරප තුළින් අපට පෙන්වා දෙන්නේ මේ කුරිරු බලවේග දෙක හමුවේ අපට අහිමි වී නොගිය දේවල් ය. එ නම් ආගන්තුක ක්ලේශයන් නිසා විනාශ නොවුනු කරුණාවෙන් හා මෛති‍්‍රයෙන් ප‍්‍රභාශ්වර වූ අප සතු පාරම්පරික විඥානය යි. 1980 දී මෙන් ම 2018 දී ඔවුන් එකිනෙකා ගේ දුක සැප බෙදා ගන්නේ ආදරය කරන්නේ ජාති ආගම් හා සමාජ භේද වලින් මිදුනු පිරිසක් ලෙස ය. එම පාරම්පරික විඥානයේ ම කොටසක් වූ කලූ කුමාරයා (ඝර්සරප යනු කලූ කුමාරයාට නමකි) පවා ඔවුනට හිමි තැන සිහි කර දෙමින් වරෙක හිතවත් ව හැසිරේ. ඒ කලූ කුමාරයා නොහොත් ඝරසරප අප අධ්‍යාත්මයේ ම කොටසක් බැවින් ද?
මහාචාර්ය වසන්ත දේවසිරි
අංශ ප‍්‍රධාන/ ළමා රෝග අංශය
වෛද්‍ය පීඨය, රුහුණු විශ්ව විද්‍යාලයය.
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .