7/10/2014

රට ගිනි තබන තවුහිද් ජමාද් තහනම් කරනු!

කතෘ:යුතුකම     7/10/2014   5 comments

මෑතකාලීන සිංහල මුස්ලිම් කෝලාහලවලට මූලික හේතුව මේ අන්තවාදී තවුහිද් ජමාද් කල්ලියේ නොමනා ක්‍රියාකළාපයයි. පසුගිය දා මාදම්ප ප්‍රදේශයේ දහසක පමණ මුස්ලිස් කාන්තාවන් පිරිසක් මේ කල්ලියට එරෙහිව වීදි බැස්සාහ. ඊයේ රාත්‍රි සයින්දමරුදු ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සහ මේ කල්ලිය අතර ගැටුමක් හට ගෙන තිබේ. මේ සියලු ගැටුම්වලට හේතුව සාම්ප්‍රදායික මුස්ලිම් ගම්බිම්වල අන්තවාදී තවුහිද් ජමාද් කල්ලිය පල්ලි ඉදි කරමින් ද අන්තවාදය දේශනා කරමින් ද ගෙන යන දුෂ්ට ක්‍රියාදාමයයි. ලංකාව ලංකාව මිස සෞදි කොලනියක් නොවේ. එරට සිට ලංකාවට එන සුන්නි අන්තවාදී කල්ලි වහාබ්වාදය වපුරමින් රට ම බිහිසුණු අගාධයකට ඇද ගෙන යමින් සිටිති. ලංකාවේ සිටින්නේ ලංකා මුස්ලිම්වරු මිස සෞදි මුස්ලිම්වරු නොවේ. වසර දහස් ගණනක් සිංහලයින් සමඟ සමගියෙන් විසීම ඔස්සේ නිර්මාණය වූ ලංකා මුස්ලිම් සම්ප්‍රදාය ආරක්ෂා කිරීම ද  ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ද අන්තවාදී කල්ලි රටින් පන්නා දැමීම ද රජය වහා කළ යුතුය.

මේ අන්තවාදී තවුහිද් ජමාද් කල්ලිය මේ වන විට රට පුරා බෞද්ධයින්ට පමණක් නොව මුස්ලිම්වරුන්ට ද එරෙහිව භීෂණය වපුරමින් සිටී. සාම්ප්‍රදායික ලාංකික මුස්ලිම්වරුන් විශේෂයෙන් සුපී මුස්ලිම්වරුන් මර්දනය කරමින් අන්තවාදය ව්‍යාප්ත කරන තවුහිද් ජමාද් කල්ලිය වහා තහනම් කර ලංකාවේ ආගමික සංහිඳියාව ඇති කිරීම රජයේ අත් නොහළ හැකි වගකීමකි. රට පුරා සිංහල බෞද්ධ ජනතාව පමණක් නොව සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව ද මේ අන්තවාදී පාහරයින්ට එරෙහිව වීදි බැස ඇති මොහොතක රජය අනුගමනය කරන දියාරු ප්‍රතිපත්තිය අනාගතය පිළිබඳ අප තුළ බියකරු අඳුරු සිතිවිලි ඇත කරයි. නියෙන් කැඩිය හැකි දේ පොරවෙන් කපන තෙක් නිදහසේ වැඩෙන්නට නොහරිනු! එදා ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා නම් යාපනේ ශ්‍රී ලංකාකාරයා ඝාතනය කරමින් ආරම්භ කළ ප්‍රභාකරන්ගේ මිනිමරු ගමන එදා නතර නොකළ පවට රටට වසර තිහක් ලේ මස් කඳුලු ගංගාවලින් වන්දි ගෙවන්නට සිදුවිය. එහෙයින් පමා වී පසු නො තැවෙනු! වහා ක්‍රියාත්මක වනු!

එමෙන් ම සරම කැහැපොට ගහගෙන අලුත්ගම දිවූ මුස්ලිම් ජනතාව කෙරෙහි මහා ආදරයක් ඇති මුස්ලිම් - සිංහල දේශපාලකයින් ද ජනමාධ්‍යවේදීන් ද සමාජ ජාල අරක් ගෙන සිටින විද්වතුන් ද වහා මේ ගැටුමට හේතුව සොයා බලා මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කරනු ඇතැයි අපි සිතමු. එමෙන් ම ඊට හේතුව වන අන්තවාදී තවුහිද් ජමාද් කල්ලියට එරෙහිව බො.බ.සේ.ට එරෙහිව ගෙන ගියාටත් වඩා ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක් ගෙන යනු ඇතැයි ද අපි සිතමු. කොළඹ සහ සෙසු ප්‍රදේශවල ඊට එරෙහිව හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු සුදානම් කළ යුතුමය. එසේ නැතහොත් මේ ඊනියා මුස්ලිම් ආදරවන්තයින් සරම ඇඳගෙන ඔලුවෙන් ඇවිදින හුදු සිංහල විරෝධීන් බව හෙළි වීම නම් නොවැළැක්විය හැකි ය.


-නාමල් උඩලමත්ත(කසාපබ්බත)
යුතුකම සංවාද කවය
www.yuthukama.com


,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

5 comments :

  1. විමලසේන7/10/2014 4:25 PM

    අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්. නැත්නම් සිංහල මුස්ලිම් දෙගොල්ලම විනාශ වෙලා රටත් විනාශවෙන තැනට වැඩේ වෙන්න පුළුවන්. මේක නියපොත්තෙන්ම කඩන්න තියෙන්නෙ. අපි බලමු රජයට කොන්දක් කෙසේ වෙතත් නියපොත්තක් තියෙනවද කියලා. එහෙම නැතිව ඔය සේනා පොරෝ අරන් නියපොත්තෙන් ගහන්න ඕන තැනට ගහන්න ගියාම අනවශ්‍ය විදියට මේක පුපුරලා බිඳිලා යනවා. අනවශ්‍යය පොරෝ වැනීම් වලට ඉඩ නොදී කඩන්න ඕන තැන හොයලා නියපොත්තෙන් කඩන එක රජයේ වගකීමක්.

    ReplyDelete
  2. "..සමාජ ජාල අරක් ගෙන සිටින විද්වතුන් ද.."

    කරන මගුලක් ඔය හැත්ත ගාව නොගෙන කරනව නම් තමයි හොඳ.

    ReplyDelete
  3. නන්දි මිත්‍රදේව7/11/2014 10:22 PM

    'තව්හීද් ජමාද්' මෝඩ රැලේ බොරු වැල් බයිලාවලට අර්ථාන්විත පිළිතුරක් 2
    රහතන් වහන්සේල උඩින් යනවද (Reply to Thawheed Jama'ath) Ven. Kiribathgoda Gnanananda & Ven. Polpithi Mukalane Pagngnasiri Thero

    http://youtu.be/F04bBmwa8vA

    ReplyDelete
  4. නන්දි මිත්‍රදේව7/11/2014 10:27 PM

    'තව්හීද් ජමාද්' මෝඩ රැලේ බොරු වැල් බයිලාවලට අර්ථාන්විත පිළිතුරක් 3
    ලෝකෙ මිනිස්සුද වැඩි සත්තුද? ( (Reply to Thawheed Jama'ath) Ven. Kiribathgoda Gnanananda & Ven. Polpithi Mukalane Pagngnasiri Thero

    http://youtu.be/hP-iXoGvc3A

    ReplyDelete
  5. නන්දි මිත්‍රදේව7/11/2014 10:29 PM

    'තව්හීද් ජමාද්' මෝඩ රැලේ බොරු වැල් බයිලාවලට අර්ථාන්විත පිළිතුරක් 4
    තෙරුවන් සහ බුදු දහමේ දෙවි වරු (Reply to Thawheed Jama'ath) - Ven. Kiribathgoda Gnanananda Thero

    http://youtu.be/pYTslyh_110

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions