මෑතකාලීන සිංහල මුස්ලිම් කෝලාහලවලට මූලික හේතුව මේ අන්තවාදී තවුහිද් ජමාද් කල්ලියේ නොමනා ක්රියාකළාපයයි. පසුගිය දා මාදම්ප ප්‍රදේශයේ දහසක පමණ මුස්ලිස් කාන්තාවන් පිරිසක් මේ කල්ලියට එරෙහිව වීදි බැස්සාහ. ඊයේ රාත්‍රි සයින්දමරුදු ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සහ මේ කල්ලිය අතර ගැටුමක් හට ගෙන තිබේ. මේ සියලු ගැටුම්වලට හේතුව සාම්ප්‍රදායික මුස්ලිම් ගම්බිම්වල අන්තවාදී තවුහිද් ජමාද් කල්ලිය පල්ලි ඉදි කරමින් ද අන්තවාදය දේශනා කරමින් ද ගෙන යන දුෂ්ට ක්රියාදාමයයි. ලංකාව ලංකාව මිස සෞදි කොලනියක් නොවේ. එරට සිට ලංකාවට එන සුන්නි අන්තවාදී කල්ලි වහාබ්වාදය වපුරමින් රට ම බිහිසුණු අගාධයකට ඇද ගෙන යමින් සිටිති. ලංකාවේ සිටින්නේ ලංකා මුස්ලිම්වරු මිස සෞදි මුස්ලිම්වරු නොවේ. වසර දහස් ගණනක් සිංහලයින් සමඟ සමගියෙන් විසීම ඔස්සේ නිර්මාණය වූ ලංකා මුස්ලිම් සම්ප්රදාය ආරක්ෂා කිරීම ද ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ද අන්තවාදී කල්ලි රටින් පන්නා දැමීම ද රජය වහා කළ යුතුය.
මේ අන්තවාදී තවුහිද් ජමාද් කල්ලිය මේ වන විට රට පුරා බෞද්ධයින්ට පමණක් නොව මුස්ලිම්වරුන්ට ද එරෙහිව භීෂණය වපුරමින් සිටී. සාම්ප්‍රදායික ලාංකික මුස්ලිම්වරුන් විශේෂයෙන් සුපී මුස්ලිම්වරුන් මර්දනය කරමින් අන්තවාදය ව්‍යාප්ත කරන තවුහිද් ජමාද් කල්ලිය වහා තහනම් කර ලංකාවේ ආගමික සංහිඳියාව ඇති කිරීම රජයේ අත් නොහළ හැකි වගකීමකි. රට පුරා සිංහල බෞද්ධ ජනතාව පමණක් නොව සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව ද මේ අන්තවාදී පාහරයින්ට එරෙහිව වීදි බැස ඇති මොහොතක රජය අනුගමනය කරන දියාරු ප්‍රතිපත්තිය අනාගතය පිළිබඳ අප තුළ බියකරු අඳුරු සිතිවිලි ඇත කරයි. නියෙන් කැඩිය හැකි දේ පොරවෙන් කපන තෙක් නිදහසේ වැඩෙන්නට නොහරිනු! එදා ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා නම් යාපනේ ශ්‍රී ලංකාකාරයා ඝාතනය කරමින් ආරම්භ කළ ප්රභාකරන්ගේ මිනිමරු ගමන එදා නතර නොකළ පවට රටට වසර තිහක් ලේ මස් කඳුලු ගංගාවලින් වන්දි ගෙවන්නට සිදුවිය. එහෙයින් පමා වී පසු නො තැවෙනු! වහා ක්‍රියාත්මක වනු!
එමෙන් ම සරම කැහැපොට ගහගෙන අලුත්ගම දිවූ මුස්ලිම් ජනතාව කෙරෙහි මහා ආදරයක් ඇති මුස්ලිම් - සිංහල දේශපාලකයින් ද ජනමාධ්‍යවේදීන් ද සමාජ ජාල අරක් ගෙන සිටින විද්වතුන් ද වහා මේ ගැටුමට හේතුව සොයා බලා මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කරනු ඇතැයි අපි සිතමු. එමෙන් ම ඊට හේතුව වන අන්තවාදී තවුහිද් ජමාද් කල්ලියට එරෙහිව බො.බ.සේ.ට එරෙහිව ගෙන ගියාටත් වඩා ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක් ගෙන යනු ඇතැයි ද අපි සිතමු. කොළඹ සහ සෙසු ප්‍රදේශවල ඊට එරෙහිව හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු සුදානම් කළ යුතුමය. එසේ නැතහොත් මේ ඊනියා මුස්ලිම් ආදරවන්තයින් සරම ඇඳගෙන ඔලුවෙන් ඇවිදින හුදු සිංහල විරෝධීන් බව හෙළි වීම නම් නොවැළැක්විය හැකි ය.
අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්. නැත්නම් සිංහල මුස්ලිම් දෙගොල්ලම විනාශ වෙලා රටත් විනාශවෙන තැනට වැඩේ වෙන්න පුළුවන්. මේක නියපොත්තෙන්ම කඩන්න තියෙන්නෙ. අපි බලමු රජයට කොන්දක් කෙසේ වෙතත් නියපොත්තක් තියෙනවද කියලා. එහෙම නැතිව ඔය සේනා පොරෝ අරන් නියපොත්තෙන් ගහන්න ඕන තැනට ගහන්න ගියාම අනවශ්‍ය විදියට මේක පුපුරලා බිඳිලා යනවා. අනවශ්‍යය පොරෝ වැනීම් වලට ඉඩ නොදී කඩන්න ඕන තැන හොයලා නියපොත්තෙන් කඩන එක රජයේ වගකීමක්.
ReplyDelete"..සමාජ ජාල අරක් ගෙන සිටින විද්වතුන් ද.."
ReplyDeleteකරන මගුලක් ඔය හැත්ත ගාව නොගෙන කරනව නම් තමයි හොඳ.
'තව්හීද් ජමාද්' මෝඩ රැලේ බොරු වැල් බයිලාවලට අර්ථාන්විත පිළිතුරක් 2
ReplyDeleteරහතන් වහන්සේල උඩින් යනවද (Reply to Thawheed Jama'ath) Ven. Kiribathgoda Gnanananda & Ven. Polpithi Mukalane Pagngnasiri Thero
http://youtu.be/F04bBmwa8vA
'තව්හීද් ජමාද්' මෝඩ රැලේ බොරු වැල් බයිලාවලට අර්ථාන්විත පිළිතුරක් 3
ReplyDeleteලෝකෙ මිනිස්සුද වැඩි සත්තුද? ( (Reply to Thawheed Jama'ath) Ven. Kiribathgoda Gnanananda & Ven. Polpithi Mukalane Pagngnasiri Thero
http://youtu.be/hP-iXoGvc3A
'තව්හීද් ජමාද්' මෝඩ රැලේ බොරු වැල් බයිලාවලට අර්ථාන්විත පිළිතුරක් 4
ReplyDeleteතෙරුවන් සහ බුදු දහමේ දෙවි වරු (Reply to Thawheed Jama'ath) - Ven. Kiribathgoda Gnanananda Thero
http://youtu.be/pYTslyh_110