අමරපුර ශ්‍රී ධර්මරක්ඛිත මහා නිකායේ කාරක සභාවේ ඒකච්ඡන්දයෙන් තෝරාපත් කරගන්නා ලද අතිපූජ්‍ය ත්‍රීකුණාමලයේ ආනන්ද මහ නාහිමිපාණන් හට උක්ත මහ නාහිමි පදවිය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රධාන මහෝත්සවය පසුගිය ඉරිදා පස්වරුවේදී පැවැත්විණ. පරම පූජනීය මඩිහේ පඥ්ඥාසීහ මහ නායක හිමිපාණන් විසින් ගොඩනගන ලද මහරගම , සිරි වජිරඤාණ ධර්මායතන පින්බිමේදී සිදු කෙරුණු මේ මහඟු කර්තව්‍ය හේතුවෙන් ඉදිරියේදී ලක්දිව බුදු සසුනට , සිංහල ජාතියට හා පොදුවේ මුළු සිරිලකටම අත්පත්වීමට නියමිතය.අත්පත් විය යුතු සුභදායී අනාගතයක් පිළිබඳ මේ අදහස් මෙසේ පෙළ ගස්වනුයේ නව නාහිමිපාණන් අතින් නියත ලෙසම සිදුකෙරෙන උදාරතර සේවාවට මේ අදහස් දැක්වීමද උපකාරී වේවා යන පැතුමෙනි.
අතිපූජ්‍ය ත්‍රීකුණාමලේ ආනන්ද මහ නාහිමිපාණන්ට තත් නිකායෙහි මහ නායක පදවිය පිරිනැමීම එතරම්ම වැදගත් සිද්ධියක් වන්නේ මන්ද? මේ අවස්ථාවෙහි ලක්දිව බුදු සසුනද සිංහල ජාතිය ප්‍රමුඛ සියලු රටවැසියන් සේම රටද මුහුණපා ඇති අභියෝගයන්ට පිළිතුරු සෙවීමේ , පිළිතුරු ලබාදීමේ ශක්‍යතාවයෙන් උන්වහන්සේ පරිපූර්ණ බැවිනි.
අද අප මුහුණදෙන ප්‍රශ්න කවරේද?අද ලක්දිව බුදු සසුන මුහුණ දෙන අර්බුද කවරේද? අද අප රට මුහුණදෙන අභියෝග කවරේද?

ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරදා, දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයකට අවතීර්ණ වී ඇති අප රට හමුවේ සැබැවින්ම අභියෝග පවතීද ? ජිනීවා , අපරාධ , රාජපක්ෂකරණය , කැසිනො.....
බාහිර රාජ්‍යයන් ජිනීවා මෙහෙයුම් ඔස්සේද මේ රටෙහිම සිදුකරන එන්.ජී.ඕ ප්‍රචාරණ හා කුමන්ත්‍රණකාරී දේශපාලන ක්‍රියාවලි හරහාද ශ්‍රී ලංකාවෙහි ප්‍රබල රාජ්‍යයක් ස්ථාපිතවීමට එරෙහිව බොහෝ දේ සිදුකෙරෙන බව පැහැදිලිය. රාජපක්ෂකරණයට එරෙහිවීම යන සටන් පාඨය පසුබිමෙහි දක්නට ඇත්තේ ත්‍රස්තවාදය පැරදවීම පිණිස , මව්බිම රැකගැනීම පිණිස බොහෝ කැපවීම් මත 2005 දී මහින්ද රාජපක්ෂ මහතා රටේ නායකත්වයට ගෙන ආ අවස්ථාවේ සිට සිංහලයන් සමගි කරමින් , ඒ වටා සාමකාමී දෙමළ ,මුස්ලිම් ජනයා එකතු කරමින් සිදුකෙරුණු 'රජය' ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය ආපස්සට හැරවීමේ කුමන්ත්‍රණයකි.

අපට ශක්තිමත් රාජයක් අවශ්‍යද? අවශ්‍යය . අත්‍යවශ්‍යය. ත්‍රස්තවාදය පරාජය කල හැකි වූයේත් එහිදී මුහුණදීමට සිදුවූ නන්විධ විදේශීය බලපෑම්වලට හිස නොනමා සිටිය හැකි වූයේත් අපගේ රජය ශක්තිමත් වූ බැවිනි. ත්‍රස්තවාදය පැරදවූ රටේ පෙර නොවී විරූ පරිමාණයකින්, පෙර නොවූ වේගයකින් සංවර්ධන ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කල හැකිව ඇත්තේද ශක්තිමත් රජයක් මෙරට ස්ථාපිතව ඇති නිසාය. බලවත් රාජ්‍යයක පුරවැසියන් වීමේ අගය කුමාරතුංග මුනිදාසයන්ගේ ශික්ෂා මාර්ගය , පළමු වන පොත්හිදීම පෙන්වා දෙති.
රජය කරවන්නේ කවුරුන් වුවද බොහෝ කැපවීම් කර ශක්තිමත් කරගත් 'රාජ්‍යය' රැකගැනීම අද අප හමුවේ ඇති අභියෝගයකි. ඒ සමගම එලෙස ශක්තිමත් වූ රජය , ජනයා පීඩාවට පත්නොකරන්නෙක්ද විය යුතුය. මේ දිත්ව කාරණා එකවිට ඉටුකරගත හැක්කේ කෙසේද?

ත්‍රස්තවාදය පරදා රැකගත් රටෙහි අපවිසින් ගොඩනගාගත යුතු අනාගතය කුමක්ද යන්නද අද අප හමුවේ ඇති ප්‍රබලම ප්‍රශ්නයකි. කලින් සඳහන් කළ පරිදිම රාජපක්ෂ රජය දැවැන්ත පරිමාණයකින් හා අතිමහත් වේගයකින් රට ගොඩනැංවීමේ ක්‍රියාවලියක නිරතව සිටී. මේ දැවැන්තභාවය , අතිමහත් වේගය හමුවේ අපට , අපේකමට කුමක් සිදු වේද? අවසානයේ අපට ඉතිරි වනු ඇත්තේ අපේ නොවන අපේ රටක්ද?
සමාජයක් ලෙස ගත්විට අප මුහුණදී සිටින්නේ මේ හා සමාන ප්‍රශ්නයකටය. කවුරුන් කෙසේ කීවද ආර්ථික වශයෙන් අප සමාජය අඩි කිහිපයක් ඉදිරියට ගොස් ඇති බව පැහැදිලිය. විදුලිය , සන්නිවේදයන , ප්‍රවාහනය ආදී බොහෝ පහසුකම් වර්ධනය වී ඇති බව , විරැකියාව අඩු වී ඇති බව , තරුණ - තරුණියන් හමුවේ බොහෝ අවස්ථා විවරව ඇති බව අප විසින් පිළිගත යුතුව ඇත. එහෙත් අපි තෘප්තිමත්ද? අපේ අපේක්ෂා , සිහින , ජීවන පරමාර්ථ කවරේද? අප ගතකළ යුත්තේ කෙබඳු ජීවිතයක්ද ? . සාර්ථක ජීවිතයක් , සාර්ථක මිනිසකු ලෙස අප විසින් සැලකිය යුත්තේ කවරෙක්ද ? මේ ගැන අපට කියා දෙන්නෝ කවරහුද?
බුදු සසුන ? පක්ෂ දේශපාලනයට යොමුවූ භික්ෂූන් ඡන්ද පොරපිටියට යෑම තෙක් පිරිහීම , බොදු බල සේනා අවිනීත හැසිරීම් , සෝවාන් , අරහත් , දිවැස් නේක රංගන , මුදල් ඉපැයීමේ නා නා න්‍යාපාර , අධ්‍යාපනයේදී හා රැකියාවලදී ගිහියන් හා සම වීම......මේ රෝග ලක්ෂණ සියල්ල පෙන්නුම් කරන ගැඹුරු අර්බුදය කුමක්ද?

විනයධර , ධර්මධර , බහුශැත භික්ෂු පරපුරක් දක්නට නොවීම නොවේද? සිල් සුවඳින් ජනයාගේ ආදරය දිනාගත් ධර්මයෙහි මෙන්ම ලෝක විෂයෙහිද පැතිරුණු ඥානය නිසා ජනයාගේ බුහුමනට ලක්වන ඒ හා සමගම ජනතාවට , රටට ආදරය කරන , ඔවුන්ට මග නොමග කියාදෙන භික්ෂු නායකත්වයක් නොමැතිවීම නිසා නොවේද?
එදා උපසම්පදාව මුළුමනින්ම මේ රටින් තුරන් වන තෙක් ලක්දිව බුදු සසුන පිරිහුණු අවස්ථාවේ , පාලි ව්‍යාකරණ දන්නා උගතෙකු සෙවීම කළුනික සෙවීම මෙන් වන තෙක් ශ්‍රාස්ත්‍රාලෝකය නිවීගිය මොහොතේ , සරණංකර සඟරජුන් ඒ මහා ප්‍රබෝධය සඳහා මුල පිරුවේ සිල්වත්කමත් , ශ්‍රාස්ත්‍රකාමයත් පාදක කරගනිමිනි. ඒ ප්‍රයත්නය විද්‍යොදය විද්‍යාලංකාර මහ පිරිවෙන් ඇරඹෙන තෙක් කුමාරතුංග මුනිදාස , සෙනරත් පරණවිතාන වැනි මහ පඬිවරුන් බිහිවන තෙක් පැතිරී ගියේ නම් අද එබඳු ප්‍රයත්නයක් ඵල දරන බවට කවර සැකයක්ද? එවැනි භික්ෂු නායකත්වයට සඟ සසුන බලවත් කළ නොහැකිද? එවැනි භික්ෂු නායකත්වයකට ගිහි සමාජය ඇමතිය නොහැකිද? එවැනි භික්ෂු නායකත්වයකට ජනතාවට සේම රජයටද මග නොමග පෙන්වා දිය නොහැකිද?
බලවත් රජයක් පැවතීම රටේ යහපත පිණිස අවශ්‍ය බව පෙරදීද පෙන්වා දුනිමු. ඒ බලවත් රජය මගින් අනර්ථයක් සිදුවීම වැලැක්වීමේ මග ඇත්තේ රජය දුර්වල කිරීම මත නොව සඟ සසුන බලවත් වීම මතය. ඇත්ත වශයෙන්ම ගුණදාස අමරසේකර මහතා පෙන්වා දී ඇති පරිදි අපගේ අතීත ශිෂ්ඨාචාරය ගොඩනැගුනේ රජු- සංඝයා වගන්සේ - ජනතාව යන ත්‍රිකෝණ බල තුලනය මතය. ධර්මාශෝක මහා රජු විසින් දැහැමි සමාජයක් ගොඩනැගීම සඳහා සැකසූ දේශපාලන ආකෘතිය මෙය බවත් එය මල්ඵල දරමින් සියවස් ගණනාවක් පුරා වැඩුණේ ලක්දිව බවත් බෞද්ධ සභ්‍යත්වය පිළිබඳ පර්යේෂණ කළ මහාචාර්‍ය ට්‍රේවෝ ලිං විද්වතාණන් පෙන්වා දී ඇත. ගොඩ නගාගත් ප්‍රබල රාජ්‍යන් රැකගනිමින්ම ප්‍රබල භික්ෂු නායකත්වයක්ද අපට බිහි කර ගත හැකි නම් සෞභාග්‍යමත් දැහැමි සමාජයක් නිර්මාණය කරගැනීමේ මග එයම වනු ඇත.
අතිපූජ්‍ය ත්‍රීකුණාමලයේ ආනන්ද නා හිමිපාණන්ට තත් නිකායෙහි මහානායක පදවිය මේ අවස්ථාවේ ලැබීම සුවිශේෂී වනුයේ උක්ත භික්ෂු නායකත්වය සැපයීමට මුල්වීමේ ශක්‍යතාවයෙන් උන් වහන්සේ හොබවා බැවිනි. අප මහ නාහිමිපාණන් වහන්සේ සුසිල්වත් මහ තෙර නමක් බව චිරප්‍රසිද්ධය. ඒ සමගම උන් වහන්සේ තුරුණු වියේදීම සංක්ෂිප්ත ත්‍රිපිටක පරිවර්ථන මණ්ඩලයෙහි අතිපූජ්‍යා වැලිගම ඤානරතන මහ නාහිමි , අතිපූජ්‍ය දවුල්දෙන ඤානිස්ස්වර මහ නාහිමි වැනි වයෝවෘද්ධ , පණ්ඩිත මහ නාහිමිවරුන් හා කටයුතු කිරීමට සුදුසු වීමෙන් ඒ ධර්මධර භික්ෂු පරපුරේ අනුප්‍රාප්තිකයා වීමට සියලු සුදුසුකම් සපුරා ඇත. වයස අවුරුදු 21 දී රාජකීය පණ්ඩිත උපාධිය ලබාගනිමින් මහා භාෂා ඥානයකින්ද නූතන විෂයන් පිළිබඳව දැනුමෙන් හා ලොව විවිධ රටවල්හි ධර්ම ප්‍රචාර කටයුතුවල නිරතව ලද අත්දැකීමෙන්ද පරිපෝෂිතව සංඝයා වහන්සේට මතු නොව ගිහි සමාජයටද අනුශාසනා කිරීමේ පාණ්ඩිත්වයෙන්ද හොබනා සේක. ඒ හා සමගම පරම පූජනීය මඩිහේ මා නාහිමියන්ගේද කුමාරතුංග මුණිදාස මහා පඬිවරයාණන්ගේද චින්තන ධාරාවෙහි නොමද ආභාෂය ලබමින් හැඩගැසුණු අප මහ නාහිමිපාණන් හදෙහි හෙළ බසට , රැසට , දෙසට ඇත්තේ අනුපමේය වූ භක්ත්‍යාදරයකි. ඒ නිසාම බස , රැස දෙස වෙනුවෙන් නිස්සරනධ්‍යාශයෙන්ම කෙරෙන මැදිහත්වීම් බොහෝය.
අප මහ නාහිමිපාණන්ගේ මෘදු කරුණා ගුණ ගැන , ඉවසීමේ හා නිහතමානී වීමේ ගුණාංගය ගැන බොහෝ දේ ලියවී ඇත. ඒ හා ම නිවරදි තීරණයන්හි තිරව පිහිටා සිටීමේ හැකියාවද සිහිපත් කළ යුතුය. පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන් අපවත් වූ අවස්ථාවේ ආවේගකාරී හැසිරීම්වලට යටනොවී වජිරාරාම කතිකාවෙහි තිරසර පිහිටා ධර්මායතනය රැක ගැනීම ගැන අප මහ නාහිමිපාණන්ට මුළු මහත් ජාතියම ණයගැතිය. ඒ හා ම පරම පූජනීය මඩිහේ මහ නාහිමිපාණන්ගේ ආදාහන උළෙල මුල් කරගනිමින් වැදගත් බෞද්ධාගමික කටයුතුවලදී බෞද්ධයන් සුදු වතින් සැරසවීමට කටයුතු යෙදීම තුළ අප මහ නාහිමිපාණන්ගේ සංවිධාන ශක්තිය සේම සමාජ විනයවත් කිරීමේ ශක්‍යතාවද විශද විය. 2600 සම්බුද්ධ ජයන්ති සැමරුම පිටුපසින් වූ අයෝමය ශක්තියද අප මහ නාහිමිපාණන් වහන්සේය.

"පිළිවෙතින් පෙළ ගැසෙමු" ආදර්ශ පාඨය යටතේ බෞද්ධයා ප්‍රදර්ශනාත්මක ක්‍රියාවලින්ගෙන් මුදවා චරිතවත් ක්‍රියාකාරකම් වෙත යොමු කරගැනීමට මෙන්ම "මිනිසාත් හදා ගනිමින් රටත් හදමු" යන මඩිහේ මහ නාහිමි චින්තනය වෙත පාලක පක්ෂය යොමු කිරීමටද උන් වහන්සේ දැරූ වෙහෙස අපමණය. ත්‍රස්තවාදය පැරදවීමෙන් ලත් නිදහස භුක්ති විඳිමින් , ආස්වාදනය කරමින් සිටි ජනී ජනයා සේම පාලක කාරකාදීන් ද දැහැමි දිවියක් පිළිබඳ මේ පණිවිඩය මුළුමනින්ම ඇඳ බැඳ නොගත්මුත් අප මහ නාහිමිපාණන් ඒ සඳහා වජිරාරාමයෙහි ක්‍රියාකාරකම් පෙළගැස්වූ අයුරු ආස්වාදනීය විය.
මේ ආදී වූ ජාතික ආගමික කටයුතුද උන් වහන්සේට පැවරී ඇති ශාසනික හා ශ්‍රාස්ත්‍රීය වගකීම් ද ඉටු කරන අතරම උන් වහන්සේ , පැලෑනේ සිරි වජිරඥාන නා හිමිපාණන් විසින් ළමා පරපුර වෙනුවෙන් ආරම්භ කල " බෞද්ධ ළමයා" සඟරාව 1990 වසරේදී යළි ප්‍රකාශයට පත් කිරීම අරඹා අද දක්වාම සෑම මසකම පොහොය දිනය නිමිතිකරග්න සිය සංකාරකත්වයෙන් පළකරති. වසර 25 කට ආසන්න කාලකයක් පුරා මෙවැනි කටයුත්තක් මාස් පතා නොකඩවා සිදු කිරීම මගින්ද පෙන්නුම් කෙරෙනුයේ අරමුණකට කැපවීමෙහිලා අප මහ නාහිමිපාණන් ගේ අධිෂ්ඨාන ශක්තියයි.
ම්ලේච්ඡ ත්‍රස්තයන් පරදවා මව්බිම එක්සේසත් කර ඇත. දැන් උදා වී ඇත්තේ හුදී ජනයාට සේම රජයටද මග නොමග පෙන්වා දීම සමත් , මුළු මහත් ජන සමාජයම භක්ත්‍යාදරය දිනාගන්න සඟ සසුනක් බිහිකරගත යුතු කාලයයි. අප අභිනව මහ නාහිමිපාණන් අන් මහා නායක හිමිපාණන් වහන්සේලාගේද ආශිර්වාදය හා සහයෝගය ලබාගනිමින් ආදර්ශයෙන් හා ක්‍රියාකාරීත්වයෙන් ඒ සඳහා පෙරමුණ ගන්නවා ඇත. ඒ සඳහා හැකි හැම අයුරින්ම දායක වීම මව්බිමට ආහරය කරන අප සැමගේ යුතුකමය.

-ගෙවිඳු කුමාරතුංග
[රිවිර]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
වි.ජ.මු. ලොකුබණ්‌ඩාර මහතා විසින් මහ නාහිමියන් ගැන ලියූ ලිපිය
ReplyDeleteමහා නායක මාහිමි පදවි පත් සුබැසි නයුවාණෝ
http://www.divaina.com/2014/05/04/scholast01.html
ඒ කියන්නේ දැන් ඉන්න එකා කමකට නැති බුවෙක් කියලද ?
ReplyDelete