5/19/2014

විරු සමරු සහ මරු සමරු...

කතෘ:යුතුකම     5/19/2014   1 comment

දෙමළ බෙදුම්වාදී ත්‍රස්ත කල්ලිය මුලිනුපුටා දමා පස් වසරක් සමරන මේ මොහොතේ උතුරු පළාත් සභා ද්‍රවිඩ ජාතික සංධාන මන්ත්‍රී සිවාජිලිංගම් විසින් මියගිය ත්‍රස්තයන් සැමරීමට යැයි කියා මහා විගඩමක් නැටීමට සැරසුනු සැටිත් පොලිසිය මැදිහත්ව එය පාලනය කළ බවටත් වූ පුවතක් අසන්නට ලැබිණ. සිවාජිලිංගම් මංත්‍රීවරයා ද්‍රවිඩ ජාතික සංධානයේ සිටින එල්ටීටීඊ හිතවාදී බව වැඩිම මන්ත්‍රීවරු කිහිප දෙනාගෙන් කෙනෙකු ලෙස පසු ගිය කාලය පුරාවටම සිදු වූ සිදුවීම් දෙස බැලූ විට හඳුනා ගත හැකිය. ඒ පුවතත් සමගම වාර්ථා වූ අනෙක් පුවතකින් කියවුනේ ද්‍රවිඩ ජාතික සංධානයේම තවත් පාර්ශවයක් ඒ ක්‍රියා පිළිවෙත අනුමත නොකරමින් සිදු කළ ප්‍රකාශයකි. එහිදී එම මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ උතුරේ කොටින් සැමරීම ද්‍රවිඩ ජාතික සංධානයේ පොදු පිළිවෙතක් නොවන බවත් එය සිවාජිලිංගම් මන්ත්‍රීවරයාගේ අභිමතය පරිදි සිදු කළ ක්‍රියාවක් බවත්ය .
 
එසේ තිබියදී දකුණේ විරුවන් සමරන්නේ නම් උතුරේ විරුවන්ද සැමරීමට පොදු අයිතියක් ඇති බවත් ඒ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් කියමින් විවිධ පාර්ශව මාධ්‍ය මෙහෙයුමක නිරතවන සැටිද ඒ අතර වාරයේ නිරීක්ෂනය කළ හැකි සිදුවීමකි. සමාජ ජාල මෙන්ම විසේෂයෙන් අන්තර්ජාල මාධ්‍ය ජාලය හරහා මේ මතය සමාජගත කරන්නට සමහර කණ්ඩායම් දත කමින් සිටී. මොවුන් බොහෝ දෙනා ඊනියා සමාජවාදී කඳවුරු නියෝජනය කරන්නන් යැයි හඳුන්වාගන්නන් වන අතර වඩාත් නිවරදිව හඳුන්වන්නේ නම් මොවුන් 'ගෝස්තරවාදී විකල්ප ගොත්‍රය' ට අයත් පඬියන් ලෙස හඳුනා ගැනීම වඩා නිවරදිය. මේ ගෝත්‍රයට අයත් වන්නන් පිළිබඳ ඉතා වටිනා සටහනක් ඉසුරු ප්‍රසංග මහතා විසින් ලියන ලද මේ සටහනේ අඩංගු වේ. ගෝස්‌තරවාදී විකල්ප ගෝත්‍රය.  'එහෙත් මිනිස්සු - මෙහෙත් මිනිස්සු ' , 'එහේදි ඔවුන් විරුවෝ - මෙහේදි මොවුන් විරුවෝ' ආදී ලෙස තම මතය සාධාරණීකරණය කරන්නට සමහරෙක් මහා ලොකු දාර්ශනික කතා පවත්වද්දී 'මානවවාදී සාහිත්‍යකරුවෝ' මියගිය ත්‍රස්තයන් වෙනුවෙන් තම ලය පැලෙන සොව පළකරනු වස් කවි පබඳමින් සිටිනු පෙනේ.
මේ සිදුවීම් දෙක එකවර නිරීක්ෂණය කරද්දී මතු කළ යුතු කරුණු කිහිපයක් තිබේ.

'කොටියා' සිවාජිලිංගම් විතරද?

මියගිය එල්ටීටීඊ ත්‍රස්තයන් සැමරීමට සිවාජිලිංගම් මන්ත්‍රීවරයා ගත් උත්සාහයේදී එයට එකඟ නොවන පාර්ශවයක් ද්‍රවිඩ ජාතික සංධානය තුල සිටීමෙන් පෙන්නුයේ ඔවුන් එල්ටීටීඊ උවමනාවට පිටින් ක්‍රියාත්මක වන්නන් බවට කෙටි නිගමනයකට ඒමට තරම් අප කළබල විය යුතු නැත. සිවාජිලිංගම් වැන්නන්ට හදිසි උවමනාවක් ඇතත් අනෙක් අය කළබල වී ඇත්තේ එලෙස කළබල කළහොත් තමන් හීන් නූලෙන් පළාත් සභාව හරහා බලය ඇල්ලීමට ගෙන යන ක්‍රියාමාර්ගයට එයින් අවැඩක් සිදු වේ යැයි සිතා මිස වෙනකක් නිසා නොවේ. මේ දෙපාර්ශවය අතර ඇත්තේ අවසන් ඉල්ලක්කය පිලිබඳ පරස්පරයක් නොව එය කරා එළඹෙන ක්‍රියාමාර්ගය පිලිබඳ වෙනසක් පමණක් බව අප සිහි තබා ගත යුතුය. සිවාජිලිංගම් වැනි හැඟීම් මත ක්‍රියාත්මක වන්නන් තවමත් පොළවේ ත්‍රස්ත බලය මත විස්වාසය තබා කටයුතු කරන අතර සම්බන්ධන් වැන්නන් ඊට වඩා ඉවසමින් අන්තර්ජාතික මැදිහත්වීමක් හරහා වෙනම රාජ්‍යයක් දිනාගත හැකි යයි සිතා ඒ අනුව ක්‍රියාමාර්ග තෝරමින් සිටින්නේ ය යන්න නිවරදි නිගමනයකි. 
එබැවින් ප්‍රසිද්ධියේ ප්‍රභාකරන් පුදන සිවාජිලිංගම්ලා - ආනන්දි ශශිධරන්ලා මෙන්ම රහසේ එය සිදු කරන විග්නේෂවරන්ලා - සුමන්තිරන්ලා ගැනද අවධියෙන් සිටීම නුවණට හුරුය. සිවාජිලිංගම්ලා නම් පොලිසිය හෝ හමුදාව යොදවා නැවැත්විය හැකි මුත් සුමන්තිරම්ලා ට මුහුණ දීමට සිදුවන්නේ ඊට වෙනස් තලයකදී බව අප වටහා ගත යුත්ය.

'ගෝස්තරවාදී විකල්ප ගෝත්‍රය' නිරුවතින්...

අද මියගිය කොටින් සාමූහික ලෙස සැමරීමට ඉඩ දිය යුතු යැයි මොරදෙන මේ ඊනියා මානව හිතවාදීන් තමන්ගේ මුග්ධ බවේ නිරුවත වසා ගැනීමට සැරසෙන්නේ තමන් පෙනී සිටින්නේ පීඩිතයන් ව්නුවෙන් බව පවසමිනි. නමුත් ඇල්ෆ්‍රඩ් දොරේ අප්පාගේ සිට තවත් බොහෝ දෙනෙක් ද ඔවුන්ගේ ඔවුන්ගේ මේ පීඩිත කුලයට අයත් නොවේ. උතුරේ ත්‍රස්තයා පීඩිතයා බව මේ හාදයන්ට ඉගැන්නුයේ ඔවුන්ගේ ස්වාමිවරුන් වූ අධිරාජ්‍යවාදීන් මිස වෙනකෙකු නොවේ. අධිරාජ්‍ය විරොධීන් යැයි තමාම හඳුන්වාගන්නන්ටද ඒ අධිරාජ්‍යවාදී උවමනාව වෙනුවෙන්ම පෙනී සිටීම ලැජ්ජාවට කරුණක් නොවන්නේ ඔවුන්ගේ ලැජ්ජ නහර උපතින්ම නොපිහිටා ඇති නිසාද එසේත් නැත්නම් තම බඩ වියතට ලැබෙන ගතමනාව වෙනුවෙන් ලැජ්ජ නහර ස්වයං නිර්වින්දනයකට ලක් කරගෙන ඇති නිසාද යන්න පැහැදිලි නැත.

එදා ලංකාව හතර දික් භාගයේ තැනින් තැන ලේ විල් මවමින් මරාගෙන මැරෙන ත්‍රස්තයන් මිනී කඳු ගොඩ ගසද්දී මේ 'මානව හිතවාදී' සළු ප්‍රවාගත් නරියන් ඒ පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටි බවක් අපට මතක නැත.
කැබිතිගොල්ලෑවේදී , කාන්තන්කුඩියේදී මෙන්ම කොටුව දුම්රියපොළේදී මිනී කඳු බවට පත් වූයේ අහිංසහ නිරායුධ සාමාන්‍ය වැසියන් මිස යුද්ධයක සෘජුව සම්බන්ධකම් පෑවන් නොවේ.

එකල මේ ඊනියා යුධ විරෝධී මහත්වරු මෙන්ම මානව හිතවාදය බඩගෝස්තරවාදය කරගත් සාම වෙළඳුන් කළේ ප්‍රභාකරන්ගේ ත්‍රස්ත ක්‍රියා පිළිබඳ මුනිවත රකිමින් හැකි සෑම විටම සාමයේ රසයත් - යුද්ධයේ නීරසත් - හමුදාවේ දුර්ගුණත් එක් එක් ප්‍රමාණයට සමාජයට එක් කරමින් තම අභිලාෂයන්ට අනුව ආණ්ඩු හැසිරෙන තැනට වැඩ සැදීමය. සුදු නෙලුම් , සාම තවලම් ආදිය ඒ අනුව නැටූ නාඩගම් මිස වෙනකක් නොවේ. දකුණේ හමුදාවන්ට බැඳීම අවම කරමින් එල්ටීටීඊ ත්‍රස්ත බලය හමුවේ දණ ගසන තැනට ආණ්ඩු දක්කාගෙන ගියේ මේ පණ්ඩිතමාණී මහත්වරුය.
අද මේ ද්‍රෝහීන් මහා මානව හිතවාදීන් ලෙස රඟන්නේ මෙරට ජනතාව මැරිලා ඉපදුනා යැයි සිතාගෙන විය යුතුය.

ජවිපෙ විරුවන්ට හොඳ නම් කොටි විරුවන්ට නරකද?

 මේ බොහෝ මහත්වරුන් කොටි සමරන්නට ඉල්ලන ප්‍රධානම පදනම ප්‍රචණ්ඩත්ව මගේම ගිය ජවිපෙ විරුවන් සමරන්නට ඉඩ දේ නම් දෙමළ කොටින් සැමරීමට ඉඩ නොදෙන්නේ ඇයිද යන්නයි. මෙය පැහැදිලි කරගත යුතු කරුණකි.

71 ජවිපෙ අප්‍රේල් විරු සැමරුම මෙන්ම 89 ඉල්මහ විරු සැමරුම යනුවෙන් සමරනුයේ අසාර්ථක 71 ආයුධ සන්නද්ධ කැරැල්ලත් 89 භීෂණය තුල මියගිය නායක විජේවීර ප්‍රමුඛ ජවිපෙ සාමාකිකයන් සැමරීමයි.

71 කැරැල්ල ආයුධ සන්නද්ධ කැරැල්ලක් වුවත් මූලිකවම එය ආණ්ඩු පෙරලීමේ ක්‍රියාවලියක් මිස වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීමේ රාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් නොවීය. 71 කැරැල්ලේ ආණ්ඩු විරෝධී ක්‍රියාවලියට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වූ අතර කැරැලිකරුවන් සියල්ල පාහේ අත් අඩංගුවට පත් විය. තවකෙකු කැරැල්ල තුලදී මිය ගියහ. 76 දී පමණ හදිසි නීතිය ඉවත් කිරීමත් සමග ජවිපෙ නිදහස් දේශපාලන සංවිධානයක් ලෙස වර්ධනය විය. 78 දී පමණ විජේවීර සිර ගෙයින් නිදහස් වී පැමිණි පසු නැවත ජවිපෙ ආරම්භ වන්නේ ඒ නීත්‍යානුකූල වටපිටාව තුලයි. ජවිපෙ තහනම් සංවිධානයක් ලෙස පැවති කාලය තුල ජවිපෙ විරු සමරු ප්‍රසිද්ධියේ පැවතියේ නැත. විශේෂයෙන් ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා 83 කලු ජූලියෙන් පසු ජවිපෙ තහනම් සංවිධානයක් ලෙස පත් කළ පසු අප්‍රේල් විරු සමරු තියන්නට ඉඩ ලැබුනේ නැත.

නැවත ජවිපෙ විරු සමරු තබන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පැමිණි වටපිටාව තුලදී බව අමතක නොකළ යුතුය. ( ඒ විරු සමරු වල ඇති ඉටිපන්දම් මල් වඩම් වල ඇති හෘදයාංගම නොවන කෘතීම බව ගැන මෙන්ම බහුතරය බෞද්ධයන් වූ ඒ ජීවිතය අහිමි වූ ජවිපෙ වෙනුවෙන් ක්‍රියා කළ තරුණයන්ට තමන්ගේ ආගම අනුව පින් පෙත් පැමිණවීමටවත් මේ කෘතිම මනස් සහිත නායකයන් ක්‍රියා කරන ආකාරය පිළිබඳව විවේචනයක් අපටද තිබේ . නමුත් ඔවුන් අදද සමරන්නේ තහනම් ත්‍රස්ත සංවිධානයක සාමාජිකයින් නොවේ ) අනාගතයේ දිනක ජවිපෙ තහනම් සංවිධානයක් වුවහොත් ඒ සමූහ සැමරුමේ අයිතියද අහෝසි වනු ඇත.

එදා කිසිවෙකු ජවිපෙ අප්‍රේල් විරුවන් සමරන්නට ඉඩ දෙන්න යැයි කවි ලියූ බවක් අපට මතක නැත. නාහෙන් ඇඬූ බවක්ද මතක නැත. එකල මේ මානව හිතවාදින්ගේ මුවින් ජවිපෙ පීඩිත පාර්ශවය බව නොපැවසුවේ ඔවුන් අධිරාජ්‍යවාදීන් විසින් පීඩිතයන් ලෙස හඳුන්වා නොදුන් නිසා මිස වෙනකක් නිසා නොවේ. ඒ වෙනුවට මොවුන්ගෙන් සමහරෙකු 'ප්‍රා' වැනි අතුරු සන්නද්ධ කල්ලි නිර්මාණය කර ආණ්ඩුවේ අනුග්‍රහය යටත ජවිපෙට එරෙහිව මර්දනය දියත් කිරීමට දායක වූ බව දන්නෝ දනිති. අද උතුරේ තරුණයන්ගේ කඳුලු තමන්ගේ කරගන්නට තනන ඊනියා වාමාංශික නායකයන් මෙහිදී විසේෂයෙන් මතක් කළ යුතුය. සම සමාජයක් සදන්නට මොවුන් එදා ක්‍රියා කළේ ආණ්ඩුවේන්ම ලැබුණු බයිනෙත්තු හා උණ්ඩ වලිනි.
යුධ හමුදාව පැහැදිලිව ප්‍රකාශ කළ පරිදිම මියගිය අයගේ ඥාතීන්ට තම මියගිය ඥාතීන් සිහි කිරීමට කිසිඳු බාධාවක් නැත. තිබෙන එකම දෙය නම් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් ත්‍රස්ත සාමාජියකයන් ලෙසම විරුවන් බවට පත් කරන සමූහ සමරු උලෙලවල් තහනම් වීම පමණි. මේ සමූහ සැමරුම් වල වැඩි උවමනාව ඇත්තේ ඒවා තම බල ව්‍යාපෘති බවට පත් කරගත් එදා තම්ල් චෙල්වම්ට එහෙයි කියාගෙන සිටි කොඳු බිඳගත් ප්‍රභූ දේශපාලන පැලැන්තියට මිස වෙනකෙකුට නොවේ. වැල්ලවත්තේ සෙල්ලදොරෙයි අයියාට කොටි සැමරුමෙන් ඇති ඵලක් නැත. වැල්වැටිතුරේ තංගදොරෙයි අයියාට අවැසි මහ විරු සැමරුම් නොවේ. එක් පසකින් තම අහිමි වී දරුවන් සිහි කරවා පිනක් දහමක් කරන අතරම අනෙක් පසින් අද ජීවත් වන තම කුටුම්බයේ සාමාජිකයන්ගේ හිස් බඩවල් පුරවන්නේ කෙසේද යන පැනය මිස වෙනකක් නොවේ. නමුත් සිවාජිලිංගම්ලාට අවශ්‍ය නැවත ත්‍රස්තවාදයට අවශ්‍ය භූමිය සකස් කර ගැනීමය. අනෙක් පසින් රණවිරු සමරු යනු ආණ්ඩුවට අයිති දෙයක් හෝ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සින්නක්කර ලියා දී ඇති දෙයක් යැයි ඉතාමත් පටු සීමාවක හිර විය යුතු නැත. රණ විරු සැමරුම ත්‍රස්තවාදයෙන් අභය දානය ලද උතුරේ දකුණේ සියළු දෙනාට එක් විය හැකි සුභ මුහුර්තයකි.

එබැවින් මේ බැටළු හම් පොරවාගත් වෘකයන්ට අප තව දුරටත් රැවටිය යුතු නැත. ජවිපෙට හොඳ නම් කොටින්ට නරක මොකදැයි අසන්නේම මෙරට ජනයා අතර සහජීවනයක් ඇති කිරීමට නම් නොවන බව අප වටහා ගත යුතුය. මේ එන්නේ සුපුරුදු බෙදුම්වාදය වෙනුවෙන් නිරුවත්ව පෙනී සිටින මේ 'ගෝස්තරවාදී විකල්ප ගෝත්‍රයේ' ජන්ම ගතියයි .

නීතිය කෝ?
 

සමරහරකු වනාතමුල්ලේ සොමේ අයියාගේ පර්චස් දෙක වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක නොවන්නේ යැයු මොර දුන්නත් රටේම ඒකීය භවය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න යයි කිසිවෙකු ඉල්ලනු පෙන්න්නට නැත.
ලොව කොතැනකත් විරුවන් මිස මරුවන් සමරන පිලිවෙතක් නැත. 9/11 ප්‍රහාරයෙන් දිවි අහිමි වූ ඇමරිකානුවන් සමරන විටෙක එම ප්‍රහාරයන් මෙහෙයවූ අල් කයිඩා ත්‍රස්තයන් සැමරීමට ඇමරිකාවේ මෙසෙන මුස්ලිම් ජනයාට අයිතියක් ලැබී ඇත්ද? එසේනම් ලොව අංක එකේ ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් වූ එල්ටීටීඊය සමූහ ලෙස සැමරීමට මෙරටදී ඉඩ ලැබේයැයි සිතීම අනුවණ කමකි. මේ ඉල්ලන බොහෝ දෙනා එය නොදන්නවා නොවේ . නමුත් සමහරෙකුට තම දේශපාලන බල ව්‍යාපෘතීන් සඳහාද තවත් අයෙකුට තම බඩ ගෝස්තරය සඳහාද , තවත් කෙනෙකුට තම මිතුරු සමාජවල පැවැත්ම උදෙසාද ඊනියා 'පීඩිත කැරලිකරුවන්' වෙනුවෙන් පෙනී සිටීමට සිදුව තිබේ. මොවුන්ට අනුකම්පා කිරීම්න් පමණක් ඵලක් නැත. මේ ජඩ හැසිරීමට නිසි ප්‍රතිචාරය නොවළහා දැක්විය යුතුය.

ඒ සඳහා බෙදුම්වාදය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නන්ට විරුද්ධව ක්‍රියාකිරීමට දැනට පවතින නීති විධි විධාන ප්‍රමාණවත් නොවේ නම් අලුතින් නීති පනවා හෝ මේ ද්‍රෝහීන්ට දඬුවම් දිය යුතුය. එහිදී එම නීතිය සිවාජිලිංගම්ට , ආනන්දි ශශිෂරන්ට මෙන්ම කොළඹ සිට බෙදුම්වාදී න්‍යායපත්‍රයට අනුව මෙහෙයවෙන ආචාර්‍ය මහාචාර්‍ය ආදී සියල්ලන්ට මෙන්ම කුමාරලාගේ පදයට නැටවෙන අංකුර කුමාරලාටද , ත්‍රස්ත හඬ බවට පත්ව ඇති උතුරේ කතෝලික රදගුරුවරුන්ටද පොදු විය යුතුය .
 

 

යටියන ප්‍රදීප් කුමාර
-යුතුකම සංවාද කවය
www.yuthukama.coma

, , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. විභූතිරත්න...5/20/2014 4:42 PM

    ඉල් විරුවන් සැමරිය හැකි නම් වෙසක් විරුවන් ඇයි බැරි?

    ඉල් මහ සැමරුම ජවිපේය. වෙසක් විරු සැමරුමක් කොටින්ට ද ලබා දිය යුතු බව ඇතැමුන්ගේ අදහසයි. ඒ නන්දිකඩාල්හි මහ කොටියා ඇතුළු ත්‍රස්ත කල්ලි විනාශ කළ දිනයයි. මේ අදහස් දරන අය මාක්ස්වාදි සහ බෙදුම්වාදී ආස්ථානයක සිටියි. එමෙන්ම මේ දෙපිරසම කරන ලද්දේ එකම වරදක් බවත්, දෙමළ ජනතාවට මේ රටේ දෙවන පුරවැසියන් ලෙස සලකන නිසා ඔවුන්ට සිය විරුවන් සැමරීමට ඉඩ නොදෙන බවත් පවසා කෙප්පයක් නිර්මාණය කර පොරවල් වීම ඔවුන්ගේ අහිංසක ආශාවයි.
    මම මේ සැමරුම් දෙකට ම විරුද්ධය. නමුත් ඉල් මහ සැමරුම කළ හැකි නම් කොටි සමරන්න බැරි ඇයි කියා අහන අයට මට කීමට ඇත්තේ රාජ්‍යය සහ ආණ්ඩුව යනු දෙකක් බවය. ආණ්ඩුව යනු රාජ්‍යයක එක් අංගයක් පමණි. ජවිපෙ මදාවිකාරයෝ හැදුවේ ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව පත් කළ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නොවන සන්නද්ධ ක්‍රම ඔස්සේ වෙනස් කිරීමටය. ඒක ජයග්‍රහණය කළා නම් රෝහණ විජේවීරත් අර ෆිදෙල් කැස්ත්‍රෝ වගේ අමරණීය නායකයෙක් වන්නේය. කෙසේ වුවත් සිංහල බෞද්ධයාගේ වාසනාවට එසේ වූයේ නැත.

    ප්‍රභාකරන් ඇතුළු කොටි කල්ලිය යුද්ධ ප්‍රකාශ කළේ ආණ්ඩුවට විරුද්ධව නොව, ලංකා රාජ්‍යයට විරුද්ධවය. එවුන් උත්සාහ කළේ ආණ්ඩුව වෙනස් කරන්න නෙමේ, රටේ භූමියෙන් 3/1 සහ මුහුදින් 3/2 සහිතව වෙනත් රටක් එහෙම නැත්නම් ඊළම කියලා ක්‍රිස්තියානි රාජ්‍යයක් තැනීමටය. ඒ සඳහා බටහිර රටවල් NGO සහ පල්ලිය උදව් කළහ. අය කුමන ක්‍රියාමාර්ග ඔස්සේ වුව ආණ්ඩු පෙරළීමේ ක්‍රියාදාමයකට එහා ගිය දැඩි බව පුනපුනා කිව යුතු නැත.

    බෙදුම්වාදී ත්‍රස්ත කල්ලිය විනාශ කළද, තවමත් ප්‍රජාතන්ත්‍රවාදී බෙදුම්වාදී ඊළාම් කල්ලි ලොව පුරා ක්‍රියාත්මක වෙයි. ඊළම වෙනුවෙන් නැවත සන්නද්ධ වූ ගෝපි ඇතුළු හිටපු කොටි තිදෙනෙක් මෑතකදී මැරුම් කෑහ.

    ජවිපෙ මේ වන විට සන්නද්ධ ක්‍රියා මාර්ගවලින් ආණ්ඩු මාරු කිරීමේ ක්‍රමවේදය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය තෝරා ගෙන ඇත. ඔවුන්ගේ අරමුණ ජය ගැනීමේ ක්‍රමය වැරදි වුව ද අරමුණ වැරදි යැයි කිව නොහැකිය. එහෙයින් ඔවුන්ගේ ඉල් මහ සැමරුමට අවසර දීම ප්‍රශ්නයක් නොවේ. බහුතර ජනතා කැමැත්ත දිනාගත හැකි නම් ඔවුන්ට ආණ්ඩු බලය ලබාගත හැකිය.

    එහෙත් බෙදුම්වාදී කල්ලිවල සන්නද්ධ අංශය විනාශ කළ ද ප්‍රජාතන්ත්‍රවාදී කල්ලි නැවත ලොව පුරා සන්නද්ධ වෙයි. ඔවුහු නැවත යුද්ධයකට ආයුධ රැස් කරමින් සිටිති. ඔවුන්ගේ අරමුණ ජයගැනීමේ ක්‍රමය මෙන් ම අරමුණ ද භයානකය. වැරදිය. එහෙයින් නැවත ද්‍රවිඩ තරුණයින් ඊළම වෙත දක්කන කිසිදු ක්‍රියා මාර්ගයකට නැඹුරු වීමට ඉඩ නොදීම ආණ්ඩුවේ මෙන් ම ආරක්ෂක අංශවල ද වගකීමයි. තවත් වසර 5ට කොටි තහනම් කිරීමට ඉන්දිය රජය ගත් පියවර කොටින් තවමත් ජාත්‍යන්තරයේ ක්‍රියාත්මක වන බව සනාථ කරයි.

    ලොව මෙතෙක් ජර්මනියේ හිට්ලර් හෝ සෞදියේ බින් ලාඩන් සැමරීමට ඉඩදී නැත. එසේ නම් මෙතෙක් ලොව බිහිවූ භයානකම ත්‍රස්ත කල්ලිය ලෙස සැලකෙන කොටි සංවිධානය හෝ එහි නායකයා කිසිසේත් සැමරීමට ඉඩදිය යුතු නැත. දේපළ රාජ සන්තක කළ යුතුය. ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බෙදුම්වාදයට කත් ඇදීමට කිසිවෙකුට ඉඩදිය යුතු නැත. නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුය. ඔවුන්ට සම්බන්ධ සියලු කල්ලි කණ්ඩායම් තහනම් කළ යුතුය. තරමට වඩා දඟලන එවුන් මහජන ජීවිත, මව්බිමේ ආරක්ෂාව සහ රටේ ඒකීයභාවය වඩා වැදගත් හෙයින් සැඟවූ ආයුධ පෙන්වීමට රැගෙන යා යුතුය.

    - නාමල් උඩලමත්ත
    http://kasapabbatha.blogspot.com/

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions