3/25/2014

මොකක්ද මේ විදුලි පුටු කතන්දරේ.?

කතෘ:යුතුකම     3/25/2014   18 comments


ජිනීවා මානව හිමිකම් සමුළුව තුළදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ගෙන එන යෝජනාවට අදාළ ඡන්ද විමසීමට තව ඇත්තේ අතේ ඇඟිලි ගණනක දින ගණනක් පමණි. ඇමරිකාව , බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන යෝජනාව සම්මත කරගැනීමට හැම දහංගැටයක්ම ගසමින් සිටියි. ඒ වුවත් මේ ජිනීවා ක්‍රියාවලිය ගැන අතිශයින් පරස්පර අදහස් මෙරට දේශපාලන කතාබහ තුළින් මතු වන්නේ මේ දිනවල උණුසුම්ව ඇති පළාත් සභා මැතිවරණ වේදිකාව නිසාම නොවේ. ඒ මේ රටේ හැටිය. මෙරට දේශපාලන පක්ෂ සංස්කෘතියේ හැටිය.සමහරෙකුට මෙය භායානක බිල්ලෙක් ලෙස පෙනෙද්දී තවත් සමහරෙකුට ආණ්ඩුවේ මවාපෑමකි. තවත් කෙනෙකුට මෙය රටට එරෙහි යෝජනාවක් නොව ආණ්ඩුවට එරෙහි යෝජනාවක් පමණි.

ජිනීවා යෝජනාවලට පක්ෂපාතව අදහස් දක්වන්නන්ගේ අදහස්  කිහිපයක් මෙලෙස සරලව සටහන් කළ හැක :
  • 1 : “ශ්‍රී ලංකාව යුධ අපරාධ පිලිබඳ රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් කර නොමැති බැවින් ‘විදුලි පුටු’ පෙන්වමින් කරන බොරුව, හුදු රඟපෑමක් පමණකි.(රනිල් වික්‍රමසිංහ මහතාට පින් සිදු වන්නට ) අප රටට යුධ අපරාධ චෝදනා නැගිය නොහැක .”
  • 2: “ජිනීවා මානව හිමිකම් සමුළු යෝජනාව පිලිබඳ නිකරුණේ බිය වීමට කිසිම හේතුවක් නැත. එහි ඇත්තේ ආණ්ඩුව විසින්ම පත් කළ LLRC කොමිෂන් සභා වාර්ථාව ක්‍රියාත්මක කරන ලෙසය. ආණ්ඩුව මේ මොහොතේ බොරු බිල්ලෙක් මවා මේ සරල කරුණ මහමෙරක් කර පෙන්වන්නට උත්සාහ කරන්නේ ඒ හරහා තම චන්ද ගොඩ වැඩි කරගන්නටය.“
  • 3 : “මේක රටට විරුද්ධ යෝජනාවක් නෙවෙයි ආණ්ඩුවට එරෙහි යෝජනාවක් විතරයි. ඒ යෝජනා එන්නේ ආන්ඩුවේ වරදින්. ආණ්ඩුව මානව හිමිකම් කඩකරමින් , මාධ්‍ය නිදහස නැති කරමින් සිදුකරගෙන යන පාලනයේ වරද නිසයි අපට මෙවැනි චෝදනා එන්නේ.
අප මේ සහටන තුළදී මූලික ලෙසම  මේ කරුණු කිහිපය සලකා බලමු.

රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකිරීමෙන් මුක්තිය ලැබේද?

ජාත්‍යන්තර රෝම ප්‍රඥප්තියට අත්සන් නොකිරීමට එවකට අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණය නිසා ශ්‍රී ලංකාවේ කිසිදු පුරවැසියෙක්‌ ජාත්‍යන්තර යුද අධිකරණයට හෝ විදුලි පුටුවට ගෙන යැමට නොහැකි බව මේ දිනවල නිතර ඇසෙන කතාවයි. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතා තමන් සිදුකරන සෑම කතාවකදීම මෙය සඳහන් කිරීමට අතපසු නොකරයි. ඔහු පමණක් නොව ජවිපෙ නායකයින් මෙන්ම සරත් ෆොන්සේකා මහතා පවා නිතර ප්‍රකාශ කරන කරුණක් නම් මේ විදුලි පුටු කතාව ආණ්ඩුව විසින්  ගොතන අමු කෙප්පයක් බවයි. එයටම අත්වැල් අල්ලමින් හිටපු ජනාධිපතිනියද පසුගියදා ප්‍රකාශ කර තිබුනේ තමන් ලෝකය ගැන දන්නා බවත් විදුලි පුටුවක් ගැන නම් තමා නොදන්නා බවයි.
"2003 දී මම අගමැති වෙලා හිටියදී රෝම ගිවිසුමට අත්සන් නොකළ නිසා ශ්‍රී ලංකාවේ කිසිවෙකු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය වෙත ගෙන යා නොහැකියි. මේ පිළිබඳව රාජපක්‍ෂ රෙජීමය එක්සත් ජාතික පක්‍ෂයට ස්තුතිවන්ත විය යුතුයි. "
-රනිල් වික්‍රමසිංහ : 2014 පෙබරවාරි

"ජර්මනියේ හේග් නුවර තියෙන යුධ අධිකරණය හා සම්බන්ධ ප්‍රඥප්තියක් සම්මත කරගෙන තිබුණට අපේ රටේ කවුරුවත් ඒකට ගෙනියන්න බෑ. මොකද අපි ඒ ප්‍රඥප්තියට අත්සන් කරල නෑ. අපි විතරක් නෙවෙයි .ඇමරිකා එක්සත් ජනපදය , ඉරාකය ආදී ඒ මොහොතේ යුද්ධ පැවති කිසිම රටක් අත්සන් කරල නෑ. ඒ නිසා අපේ රටේ ජනාධිපතිවරයා තියා සාමාන්‍ය සෙබලෙක් වත් යුධ අධිකරණයට ගෙනියන්න බෑ. කවුරු හරි කැමැත්තෙන් යන්න හිතාගෙන ඉන්නව නම් මිසක්. "
-අනුර කුමාර දිසානායක  : 2014 පෙබරවාරි

මොවුන් මෙතරම් විස්වාසයෙන් මෙන් පවසන මෙහි සැබෑවක් තිබේද? රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකිරීම නිසා අපට යුධ අපරාධ ප්‍රඥ්ඥප්තියෙන් මුක්තිය ලැබේද?
මූලිකවම රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් කිරීම හෝ නොකිරීම රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාගේ වගකීමක් නොව , එවකට ඔහු අගමැතිවරයා පමණක් බවත් ජාත්‍යන්තර සම්මුතීන් වලට එකඟවන්නේ අගමැතිවරයා නොව විධායක ජනාධිපතිවරයා බවටත් නීති විශාරදයන් මතු කරන කරුණ ඉවත ලිය හැක්කක් නොවේ. ඊට පෙර 1998 දී චන්ද්‍රිකා බණ්ඩරණායක මැතිණිය වෙත ඉදිරිපත්වූ එම යොජනාවද ප්‍රතික්ෂේප වී තිබුණේ එවකට එල්ටීටීඊය සමග සටන් ක්‍රියාත්මක වෙමින් තිබූ නිසයි.

ටේලර් -  අල් බාෂිර් -  මිලසොවිච්
එම කරුණ කෙසේ වෙතත් රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකළ පමණින් අපට මුක්තිය නොලැබෙන බවට ජාත්‍යන්තර උදාහරණ බොහොමයකි . සුඩානයේ හිටපු ජනාධිපති ඔමා අල් බාෂිර් , ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස් ටේලර් , යුගොස්ලෝවියාවේ ස්ලොබොදාන් මිලසොවිච් ජාත්‍යන්තර යුධ අධිකරණය හමුවට ගෙන එන්නේ ඔවුන් රෝම ප්‍රඥ්ඥප්තිය අත්සන් නොකර තිබියදීය. එසේ වන්නේ රෝම ප්‍රඥ්ඥප්තිය තුළම එය අත්සන් නොකළ රටවලට අදාල වන සේද වගන්ති අඩංගු කර ඇති බැවිනි . රෝම ප්‍රඥප්තියේ 12-15 වගන්තිවල සඳහන් කර ඇති පරිදි  ආරක්ෂක මණ්ඩලය හරහා රෝම ප්‍රඥප්තිය අත්සන් නොකළ රටවලට පවා ජාත්‍යන්තර යුධ අපරාධ චෝදනා නැගිය හැකි . එහිදී අපරාධ නඩු මෙහෙයුම්කරුට (Prosecutor) අභිමත ලෙස පරීක්ෂණ පවත්වා මූලික නඩු විභාග මණ්ඩලය වෙත යෝජනාවක් යොමු කිරීමට බලයක් තිබෙන බැවිනි.

එසේ නම් මොවුන් මේ අයුරින් ප්‍රකාශ කරන්නේ නොදැනුවත්කම නිසාද?  නැත. මේ අපේ දේශපාලන පක්ෂ නරාවළේ ස්වරූපයයි. ඔවුන්ට අනුව ජිනීවා වල බටහිර තර්ජනය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් තමාගේ මැතිවරණ ජයග්‍රහණ සඳහාත් පැවැත්ම සඳහාත් භාවිතා කරමින් සිටියි. ජනතාවද ඒ මතයට අවනත වෙමින් සිටියි. කිසිඳු පදනමක් නැති මේ ප්‍රකාශ කෙරෙන්නේ එයට එරෙහිව මිස යථාව එය නිසා නොවේ. ඇත්ත වශයෙන්ම ආණ්ඩුවද මේ මොහොතේ මේ ජිනීවා අනතුර තම දේශපාලන බලය තහවුරු කරගැනීමේ උපායක් ලෙස භාවිතා කරමින් සිටිනවා යන්න අසත්‍යක් නොවේ. ජිනීවා මෙහෙයුම අස්සට මැතිවරණ සිතියම එලෙන්නේම ඒ පිළිබඳ නිසි තක්සේරුවකින් බවට සැක නැත.  කම්බ හොරුන් , තක්කඩියන් ජිනීවා සළුවෙන් නිරුවත වසාගෙන පළාත් සභාවට රිංගන බවද සත්‍යකි.  එය දේශපාලන සදාචාරය පැත්තෙන් කෙතරම් සාධාරණද යන පැනය පැන නගින නමුත් අනෙක් පසින් එය බටහිර මෙහෙයුමේ ජවය අඩු කරන උපායක් ලෙසද සැලකිය හැකිය.

මේ කරුණු අනුව සලකා බැලූ විට රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකිරීම මගින් අප සුරක්ෂිත යැයිද අපට මුක්තිය ලැබේ යැයිද කරන ප්‍රකාශ දේශපාලන වේදිකාවේ අත්පුඩියට සහ ඒවා ඕපාදූප ලෙසින් පළවන ගොසිප් අඩවි වලින් දේශපාලන දැනුම ලබාගන්නන්ගේ තෘප්තියට පමණක් සෑහෙන ඉන් එහාට වලංගුභාවයක් නොමැති ප්‍රකාශයක් බව පැහැදිලිය.

සුරූපීබවට රවටා  මෝහිණීට බිලි දීමේ බටහිර තැත...

ජිනීවා මෙහෙයුම පිළිබඳ තවත් මතයක් නම් මෙය හුදෙක් LLRC වාර්ථාවේ කරුණු ඉටු කරන ලෙස කරන ඉල්ලීමක් බවත් එය සාධාරණ ඉල්ලීමක් බවත්ය.ජිනීවා යෝජානාවලට උඩ ගෙඩි දෙන කණ්ඩායම් පවසන්නේ මේ යෝජනා හරහා යහ පාලනය , ප්‍රජාතන්ත්‍රවාදය ආදී හරයන් යළි ස්ථාපිත වනු ඇති බවයි. අන්ධයන් අලියාගේ හැඩරුව කීවා සේ එක් එක් අය එක් එක් කොටස් තමන්ට ගැලපෙන අයුරින් සිතාගෙන මේ ජිනීවා බලහත්කාරය තනුක කරන උත්සාහයක නිරත වෙමින් සිටී. උදාහරණයක් ලෙස නිදහස් මාධ්‍යයේ පොල්මංකාර ව්‍යාපාරික කණ්ඩායම්  ජිනීවා යෝජනාවලියේ මාධ්‍ය නිදහසට අදාල වාක්‍ය තමන්ට අදාළ යැයි කියමින් මුළු ජිනීවා බලහත්කාරයටම උපරිමයෙන් අනුබල දෙමින් සිටී.

බටහිරයන් එක් එක් කණ්ඩායම් ඉලක්ක කර මේ ආලවට්ටම් දමන්නේම යෝජනාවලියේ ඇතුළත ඇති භයානක අනතුර සඟවා මෙලෙස එක් එක් කන්ඩායම් නිෂ්ක්‍රීය කරමින්   තමන්ගේ අවසාන ඉලක්කය සපුරා ගැනීමේ කෑදරකමින් බව අප අමතක නොකළ යුතුය. එක් එක් වියුක්ත කරුණු ඔස්සේ විවිධ කණ්ඩායම්වලට ආමන්ත්‍රණය වන සේ සකසන මේ ලියවිල්ල අවසානයේ රටේම බෙල්ල තොණ්ඩුවට හිරවන උගුලක් බව සංයුක්ත චිත්‍රයම එකවර දැක අවබෝධ කරගත යුතුය.

මේ අනුව ජිනීවා යෝජනා යනු උගත් පාඩම් කොමිසම යන රූසපුව පෙන්නා යුධ අපරාධ  නැමති මෝහිනියට අප බිලි දීමේ බටහිරයන්ගේ අරමුණ බව යථා සිහියෙන් අප වටහා ගත යුතුය. යහපාලනය , ප්‍රජාතන්ත්‍රවාදය , මානව අයිතීන් ආදී ආභරණ පැලඳවූ දුටුවනම වශීවන තරමට ආකර්ෂණීය සුරූපිනියට අකමැති වන්නේ ඇයිදැයි සමහරෙකු ප්‍රශ්න කරන්නේ එය වැටහී ගොස් නොමැති බැවිනි.මෝහිණියගේ අතේ ඇති දරුවා ගැනද ඊනියා මානවහිතවාදීන් අදහස් පළකරනු දැකිය හැක.
උගත් පාඩම් කොමිසමක් පත් කිරීමේදීම අපි බටහිර උගුලට අඩිය තැබූ  වග අනාගතය  කලින් දුටු වියතුන් විසින්  ආරම්භයේදීම පෙන්වා දුන් නමුත් බටහිර සතුටු කර අපට නිදහස් විය හැකි යැයි සිතූ සහ එයට උඩගෙඩි දුන් ඊනියා උගතුන්ට එය නොවැටහිණ.කල්ගැනීමේ උපායක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගත්තේ නම් යතාර්ථවාදී නොවන ඉටු කළ නොහැකි කොන්දේසි වලින් වාර්ථාව පිරෙන්නේ නැත.ඒ කෙසේ වෙතත් උගත් පාඩම් කොමිසමෙන් කරුණු වල කළ හැකි නොහැකි ප්‍රමාණය හැරියත් ඇමරිකන් න්‍යායපත්‍රයට අනුකූලව ඒවා ඉටු කිරීමට අප බැඳී නැත. මෙය රටේ අභ්‍යන්තරව පත් කළ කොමිෂමකි. එහි යෝජනා ඉස්පිල්ලක් පාපිල්ලක් හැර ඉටු කිරීමේ හැකියාවද රජයට නැති වන්නට ඉඩ ඇත. සියලු යෝජනා ක්‍රියාත්මක කළ යුත්තේ අපගේම යාන්ත්‍රණයක් හරහා පමණි. අන්තර්ජාතික කල්ලි කණ්ඩායම්වල බලහත්කාරයට යටත්ව ඒවා ඉටු කළ යුතු නැත. සංහිඳියාව ඇති කිරීමට අවශ්‍යනම් ඒ සඳහා මෙරටට ස්වාධීනව ක්‍රියා කිරීමේ හැකියාවක් ඇත.

මේ යෝජනාව සම්මත වූවාට අපට සිදුවන කෙංගෙඩියක් නැතැයි පවසන්නන් අපට අමතක කරවන්නට හදන කරුණ නම් ඇමරිකාව මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවන බවය.පසුගිය කාලයේ එකා පිට එකා බැගින් ඇමරිකන් ඒජන්තයන් ලංකාවට ආවේත් ඒ සැනින් උතුරට දිවගොස් කොටි හිතවාදී පූජකයන් සහ එල්ටීටීඊ ත්‍රස්තයන්ගේ වැන්දඹු බිරින්දෑවරුන් ගෙන් කේලම් ආසා ඒවා දේව වාක්‍ය ලෙස හිස් මුදුනින් ගෙන නැවත ගියේත් නිකන්ම නොවේ. ඔවුන්ට දිගු කාලීන න්‍යායපත්‍රයක් තිබේ. මේ සියලු ජවනිකා ඒ පිටපතට අනුකූල ඒවාය.
මේ යෝජනාවෙන් එකවර ආර්ථික සම්භාධක හෝ හේග් නුවර යුධ අධිකරණය වෙත ත්‍රස්ත මර්දන මෙහෙයුමට සහභාගීවූවන් දක්කාගෙන නොයනු ඇත. නමුත් කෙමෙක් කෙමෙන් පියවරෙන් පියවර හරකා වැට පනින්නේ පොල් පැලය කන්නට බව වටහාගැනීමට අංජනම් බැලිය යුතු නොවේ. උගත් පාඩම් නිර්දේශ හා අනෙකුත් අමතර කාරනා ඉටු කරන තැනට රට පත් කිරීමටත් , යුද්ධයේ අවසන් දින කිහිපය කොටි නායකයන්ගේ ඝාතන පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන තැනට අදාළ
යාන්ත්‍රණයක් බල ගැන්වීමටත් ,  ඒවා හැසිරවීමේ බලය ඇමරිකාව අතට ගැනීමටත් ඒ හාරහා තමන්ට අවශ්‍ය තැනට රට පත් කිරීමත් ඔවුන්ගේ අපේක්ෂාව බවට සැක නැත. ඒ අතරතුර හැකිනම් ජනතා විරෝධය අවුලුවන ඊලම් පිපාසය තව තවත් අවුළුවන පන්නයේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මත පදනම්ව අසමමිතික බලය බෙදීමක් උතුරු හා නැගෙනහිරට ලබා දීමට බල කෙරෙනු ඇත. එමගින් ඊළාම් පිපාසය අවුළුවන ගමන්ම රට බෙදීමට එරෙහි ජනතා විරෝධය අවුළුවා තමන්ට අභිමත නොවන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීම ලෙස වූ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමේ උත්සාහයද අත් නොහරිනු ඇත. ආණ්ඩුව තම දඬු අඬුවට කැමැත්තෙන් හසු නොවන්නේ නම් එහිදී ආර්ථික සම්බාධක වැනි උත්සාහයන්ද අත් හදා බලනු ඇත. ඒ හරහා ඇතිවන ආර්ථික පීඩනය හමුවේ ජනතාව අරාබිය පුරා අත්හදා බැලූ ලේ හලන විනාශයකට වුව පොළඹවා ගැනීමට හැකියාවක් ඇතැයි මේ මොළකරුවන් තක්සේරු කර ඇති බවට සැක නැත.අතනින් මෙතනින් ජනතා උද්ඝෝෂණ යැයි කියමින් පසුගිය කාලයේ සිදුකළ අත්හදාබැලීම් ඔවුන්ට ඒ සඳහා උපකාරී වන්නටද ඇත.

සමාජ ප්‍රජාතන්ත්‍රකරණය , යහ පාලනය ආදී ආකර්ෂණීය වචන අස්සේ දවටා ජිනීවා හරහා ගෙන එන්නේ කාල බෝම්බයක් බව පැහැදිලිය. දවටනය ඉවත් කළද බෝම්බය එකවර පුපුරා නොයන බැවින් අනතුරක් නැතැයි කෙටි නිගමනයකට එලඹීමට ඉඩ වැඩිය.නමුත් එය බටහිරටන්ට අවසි වේලාවට පුපුරා යනු ඇත.
එබැවින් ජිනීවා යෝජනාව හරහා යුධ අපරාධ නැමති මෝහිනියට බිලි දීමට  බටහිරයන් කටයුතු කරමින් සිටින බවත් එය හුදු LLRCයෝජන ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් පමනි,යනුවෙන් පලවන අදහස් ගැඹුර අමතක කර හුදු මතුපිට ස්පර්ශයෙන් එලඹි සදොස් සහගත නිගමනයක් බව අප වටහා ගත යුතුය.

ජිනීවා  තර්ජනය කාටද?

මෑතක් වන තුරුම බොහෝ දෙනා මේ ජිනීවා යෝජනා ආණ්ඩුවට එර්හි යෝජනා ලෙස මිස රටට එරෙහි යෝජනා ලෙස හඳුනා ගෙන නොතිබිණ.විශේෂයෙන් ජවිපෙ ආකර්ෂණීය කතිකයන් මෙන්ම ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි යැයි කියූ එජාප මහත්වරු මේ කතාව නිතර කියනු ඇසිණ.එමගින් ඔවුන් උත්සාහ කරන්නේ මේ අනතුරේ බරපතල කම අඩු කරන්නටත් , ආණ්ඩු විරොධී ජනතාව මේ රටට එරෙහි යෝජනාවටද පක්ෂ වන තැනට සමාජ  මතය හදන්නටත්ය. කලින්ද සඳහන් කළ පරිදි මේ අප පෙලන මජර පක්ෂ දේශපාලනයේ උරුම කරුමයයි. ආණ්ඩුවට විරුද්ධ වීමට කරුණු ඕනෑතරම් තිබියදී ඒවාට වඩා ජිනීවා මෙහෙයුම ගැන මේ කණ්ඩායම් වැඩි බලාපොරොත්ත්තු තබාගෙන සිටින්නේ බටහිරයන් කඩන ගෙඩිය තම ඔඩොක්කුවට වැටේ යැයි අපේක්ෂාවෙනි. නමුත් ඉතිහාසය අපට මතක් කර දෙන්නේ බටහිරයන් අනුන්ගේ ඔඩොක්කුවලට වැටෙන්නට ගෙඩි කඩන ජාතියක් නොවන බවය. ඔඩොක්කුවට වැටෙන්නට වගේ පෙනුනත් අවසන් මොහොතේ හෝ ඔවුන් එය ඩැහැගන්නා අයුරු මැදපෙරදිග කලාපය පුරා පසුගිය කාලයේ අවශ්‍ය පමණටත් වඩා උදාහරණවලින් පෙනේ.



කැලුම් නිරංජන
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, , , , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

18 comments :

  1. ජයශ්‍රී3/26/2014 12:06 PM

    මේ දවස්වල හැමදාම ප්‍රවෘත්ති වල ඔය විදුලි පුටු කතාව යනවා.
    මමත් හරියට කතාව නොදැන හිටියේ.
    ස්තූතියි පැහැදිලිකිරීමට...

    ReplyDelete
  2. mahindaya 89/90 Geneva giya eka gena mokada kiyanne?

    ReplyDelete
    Replies
    1. සුදු පුතා3/26/2014 10:32 PM

      ඒ කාලේ මිනී මරපු හැටියට කරන්න ඕන දේ හිතාගන්න අමාරු කාලකන්නි කාල හරියක්. ගඟවල් වල මිනී පා වෙනවා, හන්දියක් හන්දියක් හන්දියක් ගානේ මිනී පුච්චනවා. පුදුම අමනුස්ස යුගයක්. ඒක නවත්වා ගන්න මොනාද කරන්න ඕන කියලා හිතා ගන්න පුළුවන්ද? කෝ ගිහින් කියලත් ජිනීවා වලින් දැන් වගේ බලපෑම් ආවද? දැන් ඔය දඟලන්නේ හරි හමං සාක්ෂි මුකුත් නැතිව. ඒ කාලේ පාර දිගේ ඇවිදන් ගියා නම් සාක්ෂි හැම තැනම එක්කෝ පාවෙනවා, එක්කෝ පිච්චෙනවා, එක්කො බල්ලෝ කපුටෝ කනවා. මොක්ද මේ සුදු මහත්තුරුන්ට ඒ කොල්ලන්ගෙ ජීව්ත හිමිකම නොපෙනුනේ. මේකෙන් පේන්නේ අධිරාජ්‍යයවාදය ක්‍රියාත්මක වෙන විදිය මිස වෙන මොකක්ද? කෝ ජාත්‍යන්තර පරීක්ෂණ ඒවට? මොකක්ද වෙනස. වෙනස තමා ප්‍රභාකරන් ඒගොල්ලෙන්ගේ පුතෙක්. අර දකුණෙ කොල්ලෝ ඒ ගොල්ලන්ගේ පුත්තු නෙමේ. හැබැයි දැන් නම් ඒගොල්ලොත් පුත්තු වෙලා. ඒකනේ 2007 යුද්දේ යන වෙලාවෙ ඔය අනුර කුමාරලා ආණ්ඩුව පෙරලන්න හැදුවේ අයවැයේදි. සුද්දන්ගේ පුතාව බේරා දීමේ කොන්ත්‍රාත්තුව ඉටු කරන්න. ජාතියේ පිනට ඒ කොන්ත්‍රාත්කාරයෝ පැරදුනා

      Delete
    2. Shaa.. maara tharkayak ane. hari shooi.
      oyata saakki nethi unaata sakki tiyena ayata saakki tiyenawane. demalu maranakota oyaa uthure nemeine hitiye. e kaale anduwa sinhala un marapu widiyatath wadaa anthawai me anduwa demalu meruwe. rupavahini ITN balana aya nam piliganna ekak nehe. dakuneth kerellak ethi unaanam me anduwe heti lankawe dakune unta balaaganna tibuna. kerellak nethiwamath mathakane WELIWERIYA. maha dawaale media ekath inna thenaka thamangema wargaye minissunta ohoma wedi thiyala meruwanam, media walata thahanam karala thiyapu thenwala demalunta monawaa karaida.

      Delete
    3. සුනන්ද3/27/2014 9:04 AM

      අයියෝ නිමල්, හමුදාවෙන් ආයුධ සන්නද්ද ත්‍රස්තවාදීන් යුද්ද කරලා පරදන එකට දෙමළු මැරුවා කියලා කියන්නේ මුඛයෙන්ද අදෝමුඛයෙන්ද? රටට වෛර කරන්න එපා මිනිහෝ දේශපාලනඥයන් එක්ක තියෙන තරහට.

      Delete
    4. Thrikunamale Lamai marapu eka, Hospital walata bomba daapu eka wage dewal wennethi oya kiyanna etthe.
      Gothrika manasikathwayen midenna balanna. Amarui kiyala dannawa.

      Delete
    5. විමලසේන3/27/2014 1:32 PM

      බඩගෝස්තරවාදී විකල්ප ගෝත්‍රයේ හුඟ දෙනෙක් හිතන් ඉන්නවා ගෝත්‍රික මානසිකත්වයෙන් මිදෙන්න නම්, NGO කාරයෝ කියන් ඒවා සාධු කාර දී පිළිගෙන, සුද්දට පොඩ්ඩක් ඔළුව නමලා යර්ස් කියලා, තමන්ගේ ජාතියට විරුද්දව තමන්ට ඒ ජාතිකත්වය නෑ වගේ පෙන්නගෙන බොරු වෙස් මුහුණක් දා ගෙන අර සුද්දා කියන ටිකම කිව්වාම තමන් ආන්න ගෝත්‍රික මානසිකත්වයෙන් මිදුනා කියලා. නිමල් යාළුවා සුද්දෝ හිනාවෙන්නේ ඔයගොල්ලන්ට හලෝ. මොකද උන් දන්නවා ඔයාලා වගේ හිතන කට්ටියක හදා ගන්න ඒ ගොල්ලා කොච්චර කාලයක් මහන්සි උනාද කියලා. ඔය්ගොල්ලන්ට ගෝත්‍රික මානසිකත්වයටවත් එන්න බෑ. ඊට හුඟක් පහළින් සුද්දාට ඕන විදියට හිතන්න (සුද්දෙක් විදියට හිතන්න නෙමේ. ආස උනාට ඒක ඕගොල්ලන්ට් බෑ.) පුරුදුකරවපු සුද්දෙක්ගෙ ගෙදර ස්වාමියාට නඟුට වනන බල්ලෝ වගේ තත්වයකට වැටිලා ඉන්නේ ඕගොල්ලෝ. පුළුවන්නම් එතන ඉදලා ගොත්‍රික මානසිකත්වයටවත් දුයුණු වෙන්න බලන්න. ඇස් ඇරලා ඔය බලු කූඩුවෙන් පිටත ඉදලා හිටලවත් බලන්න..

      Delete
    6. Wimalasena kis kana pilithurak deela tiyenne.
      Mahinda Abesundaragen wenna ona wachana tika ahulagena thiyenne.
      Hebei oya kiyana Jathikathwaya hondatama rakina ratak tiyenawa Uthuru Koreawa kiyala. Wede kiyanne ape Jathiwaadi gothraye un ekekwath ehe yanna kemathi ne. Okkoma kemathi America, England Aussie yanna. Wenakak tiya Jathikathwaya uparimetama thiyena Medamulana hora pawle un tikath Americawe purawesiyolune.

      Delete
    7. විමලසේන3/27/2014 4:59 PM

      ජාතිකත්වය සහ ජාතිවාදය අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ දෙක එකිනෙකට පරස්පරයි. ඒ දෙක පටලවන්න එපා. ජාතිකත්වයෙදි කිසිදු ජාතියක් පහත් කරන්නේ නෑ. හැම ජාතියක්ම තම තමන්ගේ අනන්‍යතාව රැකගත යුතුයි. රටක ප්‍රධාන සංස්කෘතියක් කියලා දෙයක් තියෙනවා. ඒ සංස්කෘතියෙන් මුළුමනින්ම වියෝ වෙන්න කිසිදු සංස්කෘතීන්ට බැහැ. හැබැයි සමහර කුමන්ත්‍රණ කාරයෝ එහෙම වෙන් කරලා දාලා ජාතිවාදය අවුස්සන්න හදනවා. සැබෑ ජාතිවාදයෝ දෙගොල්ලක් ඉන්නවා. පළවෙනි වර්ගය තමා අන් ජාතීන් දෙස ජාතිවාදී ඇසින් බලන අය. අරයා මේ ජාතියේ නිසා යම් යම් තීරණවලට එන අය. අනිත් අය තමා මේක බහු වාර්ගික, බහු සංස්කෘතික රටක් කියන අය. ඒ ගොල්ලොත් අර සැමදෙනාට පොදුවේ බලපාන එක ප්‍රධාන සංස්කෘතියක් (ඒ කියන්නේ ලංකාවේ සියළු ජන වර්ගයන්ගේ කිසියම් පොදු අවිඥානික මනෝ භාවයක්) තියනවා කියන කාරණය යටපත් කරමින් ජාතින් වෙන් කර බෙදන්න හදනවා. ඒ ගොල්ලෝ ජාතිවදීන් කියලා ඒගොල්ලන්ට තේරුම් ගන්න බෑ. අපිට සමඟියෙන් ඉන්න නම් අපි අර ඓතිහාසිකව වෙනස් වෙමින් පැවත එන සියළු ජන වර්ගයන්ට දැනෙන පොදු හැඟීම වඩ වඩා වර්ධනය කරන්න ඕනා. ඒ වෙනුවෙන් තමයි ජාතිකත්වය පෙනී සිටින්නේ..

      Delete
    8. Oka ithin oyagollo Jathiwadi kattiya hadaagatthu theory ekakne. Oya theory eka piliganne Nalin de Silvala witarai. Oka kiyala balanna demala minissunta. Jathiwadei ogollo kiyana Jathikawadei atharanam kisima wenasak ne.
      Demala minissunta e minissunta ananya wu sanskruthiyak nethei kiyanna apita thiyena aithiya mokakda. Adugane yapane inna demala minissu sinhala wachanayakwath kathaa karanawada?
      Oya kiyana awignanika manoo baawaya sinhala Jathiwadinta witharak denenne ei kiyana ekai lokuma prashne.

      Delete
    9. විමලසේන3/28/2014 12:08 PM

      අන්න පැන්නා බළලා මල්ලෙන් එළියට. කවුද දැන් කියන්නේ මේ රටේ ඉන්න සිංහල, දෙමළ, මුස්ලිම් අපි කාටත් පොදු යමක් නැති බව. මේ සියළු දෙනා එකට යා කරන කිසියම් හුයක් නැති බව. එහෙම කියන්නේ ඔයගොල්ලොයි. ඕගොල්ලා මිනිස්සුන්ව ජාතීන් වශයෙන් සම්පූර්ණයෙන් බෙදලා දකින්නේ. අපි කියන්නේ අපි හැම දෙනාට පොදු වෙච්ච යමක් තියෙනවා සහ ඒක තව පෝෂණය කරලා හැමෝම එකට එකතු කරමු කියලා. එතකොට කවුද ජාතීවාදීන් එක්ක එකට සිට ගන්නා සැබෑ ජාතිවාදීන්. අනිත් මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරන්න කළින් තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ කරන්නේ මොකක්ද කියලා ටිකක් ඔය මොළෙන් හිතලා බලන්න.
      ඔය තියෙනවයි කියපු පොදු දේ එහෙම ආනුභවිකව දැනෙන්නේ නෑ.. නමුත් එහෙම යමක් තියෙනවා. ලංකාවෙ ඉන්න මුස්ලිම් මිනිහා වැරද්දක් කරපු මිනිහෙක්ව ගල් ගහලා මරන්න ඕනා කියලා හිතන්නේ නෑ. ඒකත් වැරදියි කියලා ඒ මිනිහා හිතනවා..හැබැයි හුඟ දෙනෙකුට ඕන වෙලා තියෙනවා පුළුවන් තරම් බෙදීම් ඇති කරන්න. ජාතිවාදය අවුස්සලා ඡන්ද ගන්න ලේසියි..ඒ වගේම ඒ මතින් තම තමන්ගේ බෙදුම් වාදී අරමුණුවලට යන්න නම් ජාතිවාදය අවුස්සන්න ඕනා. ඕගොල්ලොත් ගිහින් ඒ ජාතිවාදීනට මුක්කු ගහගන්නේ නැතිව එන්න අපිත් එක්ක.

      Delete
    10. Balala nemei Kotiya pennath ithin karanna deyak ne.
      Hemotama ekata inna puluwannam hondai. Apith bohoma kemathi ekata. Hebei ohoma kiyanagaman oyagollo Mahawansha bauddhayo ekai prashne. Oyagollanta demala minissu , muslim minissu ekama Jathiyak kiyala mathak wenne Demellu mathawadimaya washayen balawath wela wen wenna hadanakotane. Demala minissu e minissunge sanskruthiya ethule e minissunta awashya widiyata palanaya karaganna awashya awama balathalawath denna sudanam nethiwa oya kiyana kathaa nikam puhu TALKS witarane. Demala minissu oya kiyana de piliganne nehene. Apwa Convince karala wedak nehene demala minissu piliganne nethinam. Hariyata anuduwa Sinhalen Americawata baninawa wage. Ekko ogollo kiyana de ettha. Nethinam Mahawanshaye thiyena de ettha. Mulin dekin ekak toragena enna.

      Delete
  3. සුදු පුතා3/27/2014 9:06 AM

    අනේ මහතුනේ....
    සිංහලෙන් කොටාපියෝ. මේකෙන් කොටලා ගන්න.
    හරි ලේසියි. කියවන්න පහසුයි.
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    ReplyDelete
  4. Me moda rajawa Americawen hari ewith widuli putuwaka tiyanawanam kocchara hondada.

    ReplyDelete
    Replies
    1. සුදු පුතා4/04/2014 2:40 PM

      කණ්නාඩියක් ගාවට ගියහම පේන මෝඩ රජා ගැන නේද කියන්නේ?

      Delete
    2. ඊට පස්සෙ ඇමරිකාව උඹලට කොරයි බලාගෙන හිටපල්ලා.

      Delete
  5. සුදු පුතා කන්නාඩිය ලගට ගියාම පෙනෙන්නේ සුදු පුතාගෙ ප්‍රතිබිම්බයනෙ. අම්මා විහිලුවට කියන දේවල් සිරාවට ගන්න එපා . ඔයා තවම පොඩීනේ ඔව්වා තේරුම් ගන්න.

    ReplyDelete
    Replies
    1. අනේ ඔයා හරි ලොකුයිද ?

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions