1/21/2014

අලියා ගොඩ ගැනීමට නම් ....

කතෘ:යුතුකම     1/21/2014   3 comments

[කාටූනයThe Nation ඇසුරෙන් ]
එ.ජා.ප.ය යනු අප රටේ සුවිශේෂී දේශපාලන පක්ෂයකි. එය මෙරට ප්‍රධාන විපක්ෂය වෙයි. එසේ ම එය මෙරට පැරණි ම දේශපාලන පක්ෂ වලින් එකකි. එපමණක් නොව එය, මෙරට මැතිවරණ වලට එකම තරඟ ලකුණක් යටතේ වැඩිම කාලයක් මුළුල්ලේ පෙනී සිටි පක්ෂය යි. ඊටත් වඩා අද වන විට එය මෙරට වැඩියෙන් ම කතා බහට ලක් වන දේශපාලන පක්ෂයක් බවට පත්ව ඇත. එ.ජා.ප.ය දිගින් දිගට ම මැතිවරණ වලින් පරාජයට පත් වීම අද වන විට පක්ෂය තුළත්, රටේත් ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. දේශපාලඥයින් එ.ජා.ප.ය අතහැර ආණ්ඩු පක්ෂය සමග එකතු වීම ද සුලබ සිදුවීමක් බවට පත්ව ඇත. එ.ජා.ප. යේ පරාජය අද වන විට පක්ෂයේ අභ්‍යන්තර අර්බූධයක් දක්වා වර්ධනය වී ඇතැ යි කියනු ලැබේ. එසේම එ.ජා.ප. ගැටලුවට විවිධ විසඳුම් ද ඉදිරිපත් වනු ද දැකිය හැකි ය. ඇතැමුන්ට අනුව අද එ.ජා.ප.යේ ඇත්තේ නායකත්වයේ ගැටලුවකි. වත්මන් රනිල් වික්‍රමසිංහයන්ගේ නායකත්වය වෙනස් කර වෙනත් නායකත්වයක් ගෙන එමෙන් ප්‍රශ්නය විසඳිය හැකි බව ඔවුහු කියති. මේ සඳහා යෝජනා වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ නම ය. තවත් පිරිසකට අනුව එ.ජා.ප. නායකත්වය වෙනස් කළ යුතු නැත. ඔවුන්ට අනුව කළ යුත්තේ පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම පමණි. මේ ආකාරයට එ.ජා.ප.යේ අර්බූදය සම්බන්ධ ප්‍රධානත ම මත වී ඇත්තේ මෙම මත දෙක ය. මෙම දෙපිරස අතර මත ගැටුමය කුරුඳු පොලු ගැටුමක් ලෙස පෙනී සිටියේ. මෙම ගැටුම් හමුවේ එ.ජා.ප.යට යළි කෙදිනක හෝ මැතිවරණයක් ජයග්‍රහණය කළ හැකි වෙයි ද? එසේ වීමට නම් පක්ෂය ගොඩ ගත හැක්කේ කෙසේ ද? ඒ සඳහා ඇත්තේ මෙම විකල්ප දෙක පමණ ද? පැරණි වාමාංශික පක්ෂ වලට අත් වූ ඉරණම ම එ.ජා.ප.යටත් අත් වේ ද? මේවා එ.ජා.ප.ය ගැන අයෙකුට ඇතිවිය හැකි ප්‍රශ්න වේ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ඕනෑම දේශපාලන පක්ෂයක පැවැත්ම තීරණය වන්නේ ජනතා ඡන්දය මත ය. මේ අනුව එ.ජා.ප.යේ අනාගතය ගැන කතා කරද්දී ජනතාව එම පක්ෂය කෙරෙහි දක්වන ප්‍රතිචාරය සැලකිල්ලට භාජනය කිරීම අත්‍යවශ්‍ය බව අපි සිතමු.

ශ්‍රී ලාංකිකයාගේ දේශපාලනික හැසිරීම

ශ්‍රී ලාංකික ජනතාවගේ දේශපාලනික හැසිරීම වෙනම ම සාකච්ඡා කළ යුතු මට්ටමේ ආකර්ෂණීය මාතෘකාවකි. කෙටියෙන් කියන්නේ නම්, අන් සෑම විටක දී ම පාහේ දේශපාලනයේ දී ද ඔවුහු සංයුක්ත වෙති; සංයුක්ත දෑ කෙරෙහි ආකර්ෂණයක් දක්වති. මේ අනුව ඔවුන් ඇලෙන්නේ දේශපාලන කිසියම් දෘෂ්ඨියකට නොව, දේශපාලන පක්ෂයකට ය. දේශපාලන දෘෂ්ඨියක් යනු සාපේක්ෂව වියුක්ත සංකල්පයක් වීමත්, පක්ෂයක් ඒ හා සසඳන කළ වඩා සංයුක්ත වීමත් නිසා ය ඒ. කිසියම් පක්ෂයකට ඇති මෙම ඇල්ම අයෙක් පාරම්පරිකව ද උරුම කර ගනිති. "පාරම්පරික යූ.ඇන්.පී කාරයන්" සහ "පාරම්පරික ශ්‍රී ලංකා කාරයන්" අපට දැකිය හැක්කේ මේ අනුව ය. රටේ සාමාන්‍ය ඡන්ද දායකයා මේ ආකාරයට ක්‍රියා කරද්දී, රටේ දේශපාලන පක්ෂ බොහෝ විට ක්‍රියා කරන්නේ කිසියම් දේශපාලන දැක්මකට අනුව ය. එහෙත්, කිසියම් දේශපාලන පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කරන හෝ එම පක්ෂයේ ජයග්‍රහනය වෙනුවෙන් වැඩ කරන හෝ ජනයා අදාළ දේශපාලන පක්ෂයේ දෘෂ්ඨිය සෑම විට ම දරන බව ඉන් අදහස් නොවේ. එම පිරිස ආකර්ෂණය වන්නේ එම පක්ෂයට අදාළ වූ දෘෂ්ඨියට නොව, පක්ෂයේ සංයුක්ත වූ ක්‍රියා කලාපයට ය. එ.ජා.ප.ය යනු ලිබරල්වාදය සිය දේශපාලන මතය කර ගත් දේශපාලන පක්ෂයකි. එහි සාමාජිකත්වය දරන ඇතැම් දේශපාලඥයෝ ලිබරල්වාදීන්ගේ ජාත්‍යන්තර සමුළු පවා නියෝජනය කරති. ලිබරල්වාදය අගය කරන සාමාන්‍ය ජනයා අතර ද බොහෝ විට එ.ජා.ප.යට ඡන්දය ප්‍රකාශ කරන්නෝ වෙති. එහෙත්, එම පක්ෂයට ඡන්දය දෙන සියලු ම දෙනා හෝ ඉන් අතිමහත් බහුතරය ලිබරල්වාදී යැ යි කිව නොහැකි ය. අප එසේ කියන්නේ එ.ජා.ප.යට ඡන්දය දෙන බහුතරයක් දෙනාගේ ආකල්පත්, සාමාන්‍යයෙන් ලිබරල්වාදියෙකු සතු ආකල්පත් අතර වෙනසක් ඇති නිසා ය. ශ්‍රී.ලං.නි.ප., ජ.වි.පෙ., හෙළ උරුමය, දෙමළ සන්ධානය ආදී බොහෝ පක්ෂ වලට ද මෙම තත්ත්වය පොදු ය. තව ද එ.ජා.ප. ය තුළ සවිඥානිකව ලිබරල්වාදී පතිපත්ති දරන දේශපාලඥයන් සිටිය ද එහි ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන සියලු දෙනා එම මතය දරන බව ඉන් අදහස් නොවේ. එහෙත්, සමස්තයක් ලෙස පක්ෂය ලිබරල්වාදී ප්‍රතිපත්ති දරන්නේ යැයි අපට කිව හැකි ය.

එ.ජා.ප.ය සහ ජාතික මතය

මෙරට පළමු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ 1947 වසරේ දී ය. ලංකා සම සමාජ පක්ෂය වැනි වාමාංශික දේශපාලන පක්ෂ අභිබවමින් එම මැතිවරණය ජය ගෙන ආණ්ඩුව පිහිටුවන්නේ එ.ජා.ප.ය යි. එම මැතිවරණයෙන් තෝරා ගනු ලැබූ දේශීය නායකයන්ට බ්‍රිතාන්‍යයන් සිය පාලනය භාර දෙන්නේ (ඊනියා නිදහස ලැබෙන්නේ) ඊළඟ වසරේ දී ය. මේ නිසා ම එ.ජා.ප.ය යනු අප රටට නිදහස දිනා දුන් පක්ෂය බවට විහිළු සහගත ප්‍රකාශ කිරීමට ද අයෙක් ඉදිරිපත් වෙති. ඒ කෙසේ වෙතත් මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් ප්‍රකාශ වුනේ මෙරට ජනතාව සමස්තයක් ලෙස මාක්ස්වාදය හෝ වෙනත් වාමාංශික දේශපාලන මතයකට වඩා ලිබරල්වාදී ප්‍රතිපත්ති අනුමත කරන බව නොවේ. එසේ නම්, එ.ජා.ප.ය අදාළ මැතිවරණයෙන් ජය ගත්තේ කෙසේ ද? එය හුදු අහඹු සිදු වීමක් ද? එය අහඹු සිදු වීමක් වුවත් නැතත් එම මැතිවරණයේ දී පක්ෂය වටා ගොනු වූ පිරිස දැඩිව පක්ෂයට ඇලීම හරහා එතැන් සිට "පාරම්පරික යූ.ඇන්.පී කාරයන්" පිරිසක් නම් බිහි වී ඇති බව පෙනී යයි. මෙහි දී මෙම පිරිස එ.ජා.ප.යට ම ගොනු වූයේ ඇයි ද යන්න වටහා ගැනීම වැදගත් ය. අධිරාජ්‍යවාදයෙන් වසර පන්සියයකට ආසන්න කාලයක් බැට කමින් සිටි මෙරට ජනතාවට ඉන් මිදීමේ දැඩි අවශ්‍යතාවක් ඒ වන විට මතු වී තිබෙන්නට ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එපමණක් ද නොව අධිරාජ්‍යවාදයෙන් නිදහස් වීම යනු දේශපාලන, ආර්ථික හා සංස්කෘතික යන එහි සංරචක තුනෙන් ම නිදහස් වීම බවට අවිඥානික අදහසක් මෙරට ජනයා තුළ තිබෙන්නට ඇත. විශේෂයෙන් මෙරට ජාතික ව්‍යාපාරය මගින් එවැනි මතයක් මෙරට ජනයා තුළ ඇති කරන්නට ඇත. විශේෂයෙන් ධර්මපාල තුමා ප්‍රධාන නායකයන් සිය ව්‍යාපාර වලදී සංස්කෘතික නිදහසට මූලික තැනක් දී ක්‍රියා කළ අතර, එම සටන් වලට සාමාන්‍ය ජනයා අතර විශාල ප්‍රසාදයක් හිමි විය. එහෙත්, එම ව්‍යාපාරය දේශපාලන ව්‍යාපාරයක් බවට පත් නොවීම ජාතියේ අවාසනාවක් බව කිව යුතු ම ය. මෙවැනි තත්ත්වයක් තුළ 1947 මැතිවරණය යනු ජාතික මතය ප්‍රබල වූ
අවස්තාවක් ලෙස අපට සඳහන් කළ හැකි ය.

1947 මැතිවරණයට තරඟ කළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වූ ලංකා සමසමාජ පක්ෂය සහ එ.ජා.ප.ය අතරින්, සමසමාජ පක්ෂය සංස්කෘතික නිදහසක් ගැන ඍජුව හෝ වක්‍රව කතා කළේ ම නැති තරම් ය. එම පක්ෂයේ සංස්කෘතික ප්‍රතිපත්තිය එදා මෙන් ම අද ද ජාතිකත්ව විරෝධී (විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධී) ලෙස සකස් වී ඇත. එහෙත්, එ.ජා.ප.ය එකළ සංස්කෘතික නිදහසක් ගැන කතා කළ බවක් ඉන් නොකියවෙයි. එහෙත් සමසමාජ පක්ෂයට සාපේක්ෂව එ.ජා.ප.යේ සහ එහි නායකයන්ගේ ප්‍රතිපත්ති සහ සංයුක්ත වැඩ පිළිවෙල ජාතිකත්ව හිතවාදී බව මෙරට වැසියන්ට හැඟී යන්නට ඇත. එවකට එ.ජා.ප. නායක ඩී. එස්. සේනානායක මහතා අමධ්‍යප ව්‍යාපාරය වැනි ව්‍යාපාර වලට සම්බන්ධ වී සිටීම, මෙරට කෘෂිකර්මයේ සහ වාරිමාර්ග ක්ෂේත්‍රයේ උන්නතියට එතුමා අනුගමනය කළ වැඩ පිළිවෙල ආදී සංයුක්ත කරුණු නිසා එතුමා ජනප්‍රසාදයට පත් වී ඇති බව පැහැදිලි ය. සමසමාජ පක්ෂයට වුව ද එවකට යම් තාක් ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට හැකි වූයේ එහි නායකයින් අධිරාජ්‍ය විරෝධී සටන් මෙහෙය වීම නිසාය. එහෙත්, 1948න් පසුව ඔවුන්ගේ සිංහල බෞද්ධ විරෝධී ප්‍රතිපත්ති ඔවුන්ට ම පාරාවළල්ලක් වී, අද වන 
විට නිෂ්ක්‍රීය දේශපාලන පක්ෂයක් බවට පත්ව ඇත.


එ.ජා.ප.ය නමැති දේශපාලන පක්ෂය නිර්මාණය කරනු ලබන්නේ යටත්විජිත යුගයේ ප්‍රභූ පිරිසක් විසිනි. එහි නායකත්වය හිමි වූයේ ද එම පිරිස නියෝජනය කළ පිරිසකට ය. එහි ප්‍රතිපත්ති සකස් වූයේ ද එම පිරිසෙහි තීරණ මත ය. එ.ජා.ප.ය ලිබරල්වාදී පක්ෂයක් වන්නේ ඒ ආකාරයට ය. මේ අතර, කලින් සඳහන් කළ ආකාරයට, එ.ජා.ප.යට ඡන්දය දෙන පිරිසෙහි ආකල්ප සමස්තයක් ලෙස ඊට වෙනස් විය. බොහෝ විට අවිඥානිකව වුව ද, ඔවුන්ගේ අභිප්‍රාය ජාතිකත්වය මත පදනම් විය. නිදහසින් පසුව වුව ද එ.ජා.ප. නායකයන් වූ ඩී. එස්. සේනානායක සහ ඩඩ්ලි සේනානායක යන මහතුන්ගේ යම් ජාතිකත්වයක් දක්නට ලැබුණි. මේ නිසා ඔවුන්ගේ ඇතැම් ජාතිකවාදී ප්‍රතිපත්ති මගින් සිය ලිබරල් ප්‍රතිපත්ති ආවරණය කර ගැනීමට ඔවුහු සමත් වූහ. නැති නම් දැඩි ලිබරල්වාදී දේශපාලන දෘෂ්ඨියක් ඔවුන් දෙදෙනාට නොතිබෙනට ඇත. භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ජාතික ව්‍යාපාරයේ හඬට කන් දෙන ලක්ෂණයක් ද මේ දෙදෙනා තුළ ම තිබිණි. පොහොය දින නිවාඩුව ක්‍රියාත්මක කිරීම එවැනි උපදෙස් හරහා එ.ජා.ප. රජයක් විසින් ගනු ලැබූ එක් ප්‍රගතිශීලී තීරණයක් ලෙස පෙන්වා දිය හැකි ය. කෙසේ වෙතත් ලංකාවේ මැතිවරණ ජයග්‍රහණය කෙරෙහි සෑම විට ම ජාතික ව්‍යාපාරයේ මතය ම නොහොත් සංස්කෘතික කරුණු ම හේතු වූ බව ඉන් අදහස් නොවන බව කිව යුතු ය. ඒ සඳහා වෙනත් දේශපාලන හා ආර්ථික කරුණු ද බල පෑ බව 
ඇතැම් මැතිවරණ ප්‍රතිඵල දෙස බැලූ කළ පෙනී යයි.

එ.ජා.ප.ය සහ ශ්‍රී.ලං.නි.ප.ය

බණ්ඩාරනායක මහතා විසින් 1951 දී ශ්‍රී.ලං.නි.ප.ය පිහිට වනු ලබන්නේ තවත් ලිබරල් මතධාරී පක්ෂයක් ලෙස ය. ඔක්ස්ෆර්ඩ් හි සිට කළු සුද්දෙකු ලෙස මෙරටට සැපත් වන බණ්ඩාරනායක මහතා එවැනි ප්‍රතිපත්තියක් දැරීම ස්වභාවික ය. එහෙත් මෙරට ජනයා බලාපොරොත්තු වන දේශපාලනය කුමක් දැ යි ඉවක් ඒ මහතාට තිබිණ. 1956 වන විට එම පක්ෂය ජාතිකත්වයේ පක්ෂයක් බවට පත් වන්නේත්, රටේ ජාතික බලවේග එම පක්ෂය වටා එක් රොක් වන්නේත් මේ ඉව අනුව සිදු කෙරෙනා පක්ෂයේ ප්‍රතිපත්තිමය වෙනස් කම් නිසා ය. 1948-56 කාලය තුළ එ.ජා.ප. රජය විසින් ගත යුතුව තිබූ ක්‍රියාමාර්ග රැසක් 1956 දී ශ්‍රී.ලං.නි.ප ප්‍රමුඛ පෙරමුණෙහි මැතිවරණ පොරොන්දු බවට පත් වන්නේත් මේ අනුව ය. විශේෂයෙන් ම ගුණපාල මලලසේකරයන්ගේ ප්‍රධානත්වයෙන් යුතු බෞද්ධ තොරතුරු පරීක්‍ෂණ සභාවේ වාර්තාව මේ වන විට ඉදිරිපත් ව තිබුණි. එපමණක් ද නොව පැවති එ.ජා.ප. රජය මෙම වාර්තාව නොසලකා කටයුතු කිරීමත්, බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ පෙරමුණ එම නිර්දේශ පිළිගැනීමත් නිසා එ.ජා.ප.ය වටා සිටි ජනතාවගෙන් කොටසකුත්, වාමාංශික දේශපාලන පක්ෂ වලින් ගිලිහෙමින් තිබූ කොටසකුත් තමා වටා ගොනු කර ගැනීමට ශ්‍රී.ලං.නි.ප.ය සමත් විය. ශ්‍රී ලාංකික ජනතාව සමස්තයක් ලෙස ගත් කළ කිසියම් දේශපාලන පක්ෂයකට තදින් ඇලෙන බව අපි කලින් සඳහන් කළෙමු. එසේ ම ඔවුහු එම පක්ෂය හැර වෙනත් දේශපාලන පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කිරීමට දක්වන්නේ ද දැඩි අවස්ථිතියකි. එහෙත්, එවන් ජන කොටසක් වුව ද ඉතා ප්‍රබල සංයුක්ත කරුණක දී තම ඡන්දය වෙනස් කිරීමට පෙළඹිය හැකි ය. 1956 දී සිදු වූයේ එවැන්නකි. 1959 දී බණ්ඩාරනායක මහතා ඝාතනය නොවන්නට, එ.ජා.ප.යේ අද පවතින ආකාරයේ අර්බූදයක් ඇති වන්නේ එකළ ය. ශ්‍රී.ලං.නි.ප. සාර්ථකත්වය පිටුපස වූ රහස පොදු ජන අවශ්‍යතාවය මත සිය ප්‍රතිපත්ති වෙනස් කර ගැනීම බව එ.ජා.ප.ය එදා තේරුම් නොගත් කරුණ විය. ඔවුන් එය අද ද තේරුම් ගත් බවක් නොපෙනේ. ප්‍රතිපත්ති වෙනසක් වෙනුවට නායකත්ව වෙනසක් ගැන එ.ජා.ප.යේ බොහෝ දෙනෙකු කතා කරන්නේ එබැවිනි. 1959 න් පසුව ශ්‍රී.ලං.නි.ප.ය වුව ද වාමාංශික පක්ෂ සමග සන්ධාන ගත වීම හේතුවෙන් ජාතිකත්වයෙන් අපගමනය වූ අවස්ථා ද දැකිය හැකි විය. මේ නිසා ම 1977 දක්වා ම එ.ජා.ප. ඡන්ද පදනම අභියෝගයට ලක් 
නොවේ.

එ.ජා.ප.යට වැරදුනු තැන

එ.ජා.ප.ය සෑම විට ම තම මැතිවරණ සටන් පාඨය බවට පත් කර ගත්තේ සරල ආර්ථික කරුණකි. එනම් "බඩු මිළ අඩු කිරීම" යි. මෙය හොඳ සටන් පාඨයක් බව සැබෑ ය. එහෙත්, එය සෑම විට ම හොඳ ම සටන් පාඨය වූයේ නැත. රටේ ඒකීය භාවය සුරැකීම, සංස්කෘතිය ආකරක්ෂා කිරීම වැනි සටන් පාඨ එ.ජා.ප.යට ගෝචර වූයේ නම් ඒ ඉතා අඩුවෙනි. "බඩු මිළ" රටේ ප්‍රමුඛ ප්‍රශ්නය බවට පත් වූ කාල වකවානු තිබුණි. එම කාල වල දී එ.ජා.ප.යට ජය අත් විය. 1977 හා 2002 මැතිවරණ වල දී ප්‍රමුඛ වූයේ ජනතාවගේ කුස ගින්න යි.. එහෙත්, ඒ සෑම අවස්තාවකින් ම පසුව ඊට වඩා ප්‍රබල සටන් පාඨයක් විපක්ෂයට නිර්මාණය කර දීමට එ.ජා.ප. රජයන් සමත් විය. එ.ජා.ප.යේ වත්මන් කඩා වැටීම කෙරෙහි 1977 සිට මේ දක්වා සිය පක්ෂය නායකත්වය දුන් රජයන්ගේ ක්‍රියා කලාප හේතු වූ බව අපගේ අදහස වේ. 1970-77 සමගි පෙරමුණු රජයේ ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් ජනතාව අධික පීඩාවකට ලක් වන්නේ, "රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ සුලබ කිරීම හා බඩු මිළ අඩු කිරීම" ආදී සටන් පාඨ ඔස්සේ එ.ජා.ප.යට අති විශාල ජන වරමක් 1977 දී ලැබෙයි. මෙම ජන වරමින් උද්දාමයට පත් වන එ.ජා.ප. රජය නතර වන්නේ අති ලිබරල්වාදී ප්‍රතිපත්ති ලඟ ය. මෙය අතීත එ.ජා.ප. රජයන්ගේ ක්‍රියා කලාපයට හාත්පසින් ම වෙනස් තත්ත්වයකි. නොඑසේ නම්, අප දකින ආකාරයට මෙය එ.ජා.ප.ය විසින් තමාගේ ම වල කපා ගැනීමකි. එහි දී රට විවෘත ආර්ථික ක්‍රමයක් වෙත ඇද දමනු ලැබිණි. රාජ්‍ය අංශය ශක්තිමත් කරනු වෙනුවට රාජ්‍ය දේපොළ පුද්ගලීකරණය කරනු ලැබිණි. දෙමළ ජාතිවාදය හා ත්‍රස්තවාදය මැඩ පවත්වනු වෙනුවට ඒ දෙකම පෝෂණය කරන ක්‍රියා කලාප ඇතැම් විට අනුගමනය කරන ලදී. කුප්‍රකට ඉන්දු-ලංකා ගිවිසුම ඔස්සේ රටේ ස්වාධිපත්‍යය ඉන්දියාවට යට කර දෙනු ලැබිණි. මේවාට එල්ල වූ විරෝධය ටයර් සෑ සහ වධකාගාර ඔස්සේ මැඩ පවත්වන ලදී. ත්‍රස්තවාදීන්ට ආයුධ සහ වෙනත් පහසුකම් ලබා දෙන ලදී. මේ සියල්ල රටේ ජනතාව විසින් ඉල්ලා සිටිනු ලැබූ දෑ වෙනුවට රටට ආගන්තුක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේත්, පැලැස්තර විසඳුම් වලත්, අවස්ථාවාදයේත් ප්‍රතිඵළ විය. 2002 න් පසුව ද සිදු වූයේ මෙවැනි ම තත්ත්වයකි. මේ සියලු හේතු නිසා එ.ජා.ප.යෙන් ගිලිහෙමින් තිබූ ජනතා ප්‍රසාදය 2009 යුධ ජයග්‍රහණයෙන් පසුව තමා වටා ගොනු කර ගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමත්ව ඇත. රාජපක්ෂ මහතා පරිපූර්ණ නායකයෙක් බවත්, ශ්‍රී.ලං.නි.ප.ය පරිපූර්ණ පක්ෂයක් බවත් මින් නොකියවෙයි. එහෙත්, මෙරට ජාතික බලවේග විසින් ඉල්ලා සිටින්නේ කුමක් ද යන්නත්, තම ස්ථාවරත්වය ගොඩ නඟා ගත හැක්කේ ඒවා ඉටු කිරීමෙන් බවටත් අදහසක් ඔවුන් සතුව තිබුණි. ඔවුන්ගේ වුව ද අනාගතය තීන්දු වන්නේ එකී මගෙහි ගමන් කිරීමෙන් මිස ඉන් අපගමනය වීමෙන් නොවන බව මෙහි දී කිව යුතු ම ය. 1994 මහ මැතිවරණය වන විට තත්ත්වය උඩු යටිකුරු වී තිබිණි. එහි දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ පෙරමුණ සාම සාකච්ඡා, බලය බෙදීම් ගැන කතා කළේ ය. මේ නිසා එකල ශ්‍රී.ලං.නි.ප.යට සාපේක්ෂව එ.ජා.ප.යේ ජාතිකත්වක් පෙනුන ද, ජනතාවට එම කරුණ එම මැතිවරණයේ දී වැදගත් නොවිණි. 1977-94 කාලයේ එ.ජා.ප. ක්‍රියා කලාපය නිසා එම මැතිවරණයේ දී රටේ ඒකීය භාවයට වඩා කෙසේ හෝ එ.ජා.ප.ය ගෙදර යැවීම ය ජනතාවට
වැදගත් වූයේ ය. එය එ.ජා.ප.යේ මෙන් ම රටේ ද අවාසනාව විය.

මත වරනිඳු ගොඩ ගැනීම

අද මැතිවරණ වලින් සන්ධාන රජය ජය ගන්නේ ඔවුන්ගේ දක්ෂතාවයකටත් වඩා එ.ජා.ප.යේ ප්‍රතිපත්තිමය අදක්ෂභාවය නිසා බව කිව හැකි ය. රාජපක්ෂ රජයේ වුව ද ඇතැම් බොහෝ ආර්ථික ප්‍රතිපත්ති ජාතිකත්වයට බර යැ යි කිව නොහැක. කැසිනෝ සහ සංචාරක ව්‍යාපාරය මූලික කර ගත් ආර්ථික ක්‍රමයක් වෙත ආණ්ඩුව නැඹුරු වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. මේවා වත්මන් ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වූ දෑ නොවේ. 2002 දී බලයට පත් එ.ජා.ප. රජය ජනතා අප්‍රසාදයට පත් වීමට ද එම රජය අනුගමනය කළ මෙවැනි ප්‍රතිපත්ති ද එක හේතුවක් වූ බව අපට මතක ය. එවැනි තත්වයක් යටතේ වුව ද ජනතාව තවමත් රජය ආරක්ෂා කිරීමට පෙළඹෙන්නේ යුද්ධය නිමා කිරීමට කළ ගුණ දැක්වීමක් ලෙස සිතීම විහිළුවකි. මේ රජය යටතේ රටේ ඒකීයභාවය රැකෙන බවට විශ්වාසයක් ජනතාව තුළ ගොඩ නැඟී ඇත. මේ ආණ්ඩුව ගෙදර යැවීමට නම්, බලයට ගෙන ඒමට සුදුසු විකල්පයක් ජනතාවට පෙනිය යුතු ය. ජනතාව බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග වලට වඩා, රටට අනවශ්‍ය මතවාද වලින් මත් වීමට යාමෙන් එ.ජා.ප.ය මුල සිටම මඩ ගොහොරුවක ගිලීම ඇරඹී ඇත. මුල දී ම තමා ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඉටු කළ හැකිව තිබූ කාර්යයන් ශ්‍රී.ලං.නි.ප. ප්‍රමුඛ රජයන්ට කිරීමට ඉඩ දී බලා සිටීම මගින් එ.ජා.ප.ය සිය ඡන්ද පදනම අහිමි කර ගෙන ඇත. ඔවූනට නිවැරදි දැක්මක් තිබුණි නම් 1980 දශකය අග දී ම කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට තිබුණි. අඩු ම තරමේ 2002 දී ලැබුණු ජන වරමින් වත් නිසි ප්‍රයෝජනය ගෙන, රෑ වැටුණු සටන් විරාම වලේ දවල් නොවැටී කොටි පරාජය කිරීමට එ.ජා.ප. රජයට තිබුණි. තම රජයක් යටතේ, රටේ ඒකීයභාවය අභියෝගයට ලක් නොවන බවටත්, බලය බෙදීම් නොකෙරෙන බවටත්, කැසිනෝ සහ සංචාරක ව්‍යාපාර මත පදනම් වූ අර්ථ ක්‍රමයක් වෙත නොයන බවටත්, කුඩු සහ එතනෝල් රජ නොවන බවටත් සහතිකයක් දීමට එ.ජා.ප.යට හැකි ද?

2009 යුධ ජයග්‍රහණයෙන් පසුව කිරි බත් කෑ, රතිඤ්ඤා පත්තු කළ උන් අතර එ.ජා.ප. පාක්ෂිකයන් ද විය. ඔවුහු අවංකව ඒ ගැන සතුටු වූහ. ඉන් ප්‍රකාශ වූයේ රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාවය ඔවුන්ගේ ඇති කැමැත්ත යි. අවාසනාවට "ඕනෑම ගොනෙකුට යුද්ධ කිරීමට හැකි බව" දැන සිටි එ.ජා.ප. නායකයෝ ජනතාව තමන්ගෙන් බලාපොරොත්තු වන්නේ එය බව නොදැන සිටියහ. යුද්ධ නොකෙරූ එ.ජා.ප.යට අඩුම තරමේ යුධ ජයග්‍රහණ අවතක්සේරු කිරීමෙන් වැළකී සිටීමට වත් තිබුණි. එහි දී එ.ජා.ප.ය තොප්පිගල හුදු කැලයක් බව නොකියා සිටියා නම් හොඳ ය; මැදවච්චි, පාමංකඩ කතා නොකියා සිටියා නම් හොඳ ය. ඇතැම් විට ජනතාව මෙවැනි කතා විශ්වාස කරමින් ආණ්ඩුවෙන් ගිලිහී තමන් වෙත ආකර්ෂණය වනු ඇතැ යි එ.ජා.ප. නායකයන් සිතන්නට ඇත. එහෙත්, ජනතාව මැතිවරණ ගණනාවක් ඔස්සේ ප්‍රකාශ කළේ එම උපකල්පනයේ වැරැද්ද බව එ.ජා.ප.ය තේරුම් ගත් බවක් නොපෙනෙන්නේ ඔවුන් ජිනීවා යෝජනා ගැන අද කියන කතා අසන විට ය. ඔවුන් ගෙන් ඇතැමෙකුට අනුව මෙම ජිනීවා යෝජනාවලියට යුද්ධයේ සම්බන්ධයක් නොමැත. ඒ වෙනුවට, 2009න් පසුව ආණ්ඩුවේ ක්‍රියා කලාපයත්, ආණ්ඩුවේ වැරදි විදේශ ප්‍රතිපත්තියත් මෙම යෝජනා ගෙන ඒමට හේතුව බව ඔවුහු කියති. එහෙත් මෙවැනි ප්‍රකාශ හරහා ඔවුන් නොකියා කියන්නේ ජිනීවා යෝජනා ගෙන ඒම සාධාරණ බව යැ යි එ.ජා.ප.යට නොවැටහෙන්නේ ද? මේ අතර ආණ්ඩුව අද ද ජනතා සිතුම් පැතුම් මනා ව වටහා ගෙන ඇති සෙයක් පෙනෙයි. එළඹෙන පළාත් සභා මැතිවරණයට දින නියම කර ඇති ආකාරයෙන් ඒ බව පැහැදිළි වේ. ජිනීවා මානව හිමිකම් සැසියේ දී කුමක් සිදු වුවත්, එය යුධ ජයග්‍රහණයට එරෙහි ව ගෙන එන්නක් බව ජනතාව අවබෝධ කර ගන්නා බව රජය දනී. එහෙත්, විපක්ෂ දේශපාලඥයින් කියන්නේ ජනතාවට එසේ නොසිතන ලෙස ය. ඔවුන් ගෙන් සමහරෙකු කියන්නේ මෙම යෝජනා ජනතා අනුකම්පාව දිනා ගැනීමට ආණ්ඩුවේම උවමනාවට බටහිර රටවල් විසින් ගෙන එනු ලබන්නක් බව ය.

මේ අනුව එ.ජා.ප.ය ගොඩ ගැනීමට නම් ප්‍රතිපත්තිමය වෙනසක් වහාම අවශ්‍ය බව කීමට තවත් අටුවා ටීකා අනවශ්‍ය ය. ප්‍රතිපත්ති වෙනස් නොකර නායකත්ව වෙනසක් සිදු කළ ද, නායකත්ව මණ්ඩලයක් පත් කළ විට සිදු වන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමකි. රාජපක්ෂ රජයේ වුව ද ඇතැම් බොහෝ ආර්ථික ප්‍රතිපත්ති ජාතිකත්වයට බර යැ යි කිව නොහැක. මේ මොහොතේ රජය පෙරලීමේ විකල්පය වීමට එ.ජා.ප.ය සිතන්නේ නම් "ජාතික චින්තනය" මත පදනම් වූ ප්‍රතිපත්ති අනුගමනය කිරීම මගින් පමණි එය කළ හැක්කේ. ෆෙඩරල් මතවාදය වෙනුවට රටේ ඒකීයභාවයත්, මෙරට සිංගප්පූරුවක් කරනු හෝ රට පුරා ඇඟලුම් කම්හල් දහසක් ඇති කරනු හෝ වෙනුවට කෘෂි ආර්ථිකයක් මගින් මෙරටට සෞභාග්‍යය උදා කිරීම සිය ප්‍රතිපත්තිය කර ගැනීම මගින් යළි ජනතාව අතරට යාමට එ.ජා.ප.යට හැකි වනු ඇති බව අපගේ විශ්වාසය යි.





 -දුලන්ජන් විජේසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

3 comments :

  1. අහිංසක1/22/2014 10:23 AM

    ඉතා වටිනා අදහස් ටිකක්.එජාපය සම්බන්ධයෙන් මේ විග්‍රහය හරි.
    මේ වගේම ආණ්ඩුව ගැනත් නොලියන්නෙ ඇයි?

    ආණ්ඩුව ඉදිරි පළාත් සභා චන්දය ජිනීවා සමුළුවට පසු දිනට දැම්මේ දුලන්ජන් කියන පරිදිම ජනතාවට දැනෙන දේ ගැන අවබෝධයක් ආණ්ඩුවට තියෙන නිසා.
    හැබයි ඒක නිර්ව්‍යාජ ද?
    ආණ්ඩුව හදන්නේ ඒ මිනිස්සු ගැන තියෙන නිවරදි තක්සේරුව මත චන්ද දිනල පස්සේ ඒ මිනිස්සු බලාපොරොත්තු නොවන ගමන් මගක රට ගෙන යන එන නේද?

    උදා: ඔබම සඳහන් කරල තියෙන ආර්ථිකය මෙහෙයවීම ගන්න.ඒක සම්පූර්ණ රනිල් වික්‍රමසිංහගේ මූල්‍ය ප්‍රතිපත්තියමයි. පොඩි පොඩි ජනප්‍රිය ආලවට්ටම් ටිකක් විතරක් වෙනස් ඇති ඕන නම්. නමුත් හරය එකයි...
    ආණ්ඩුව ජාතිකවාදී මතය පෙන්නල චන්දය දිනල යන්නේ සුපුරුදු විජාතික මගේම නේද?

    තව උදාහරණ අනන්ත තියෙනව මේ වගේ.

    ReplyDelete
  2. ලසන්ත වික්‍රමසිංහ1/22/2014 1:42 PM

    හොඳ විග්‍රහයක්.

    //1970-77 සමගි පෙරමුණු රජයේ ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් ජනතාව අධික පීඩාවකට ලක් වන්නේ, "රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ සුලබ කිරීම හා බඩු මිළ අඩු කිරීම" ආදී සටන් පාඨ ඔස්සේ එ.ජා.ප.යට අති විශාල ජන වරමක් 1977 දී ලැබෙයි.//

    මේකට තව එකතු උනා නේද මෙහෙම දෙයකුත්.
    මැතිණිය වාමාංශිකයන්ගේ උපදෙස් පරිදි වතු ජනසතු කරන්න යාම වගේ දේවල් මිනිස්සු දැක්කේ ඊනියා නිර්ධන පංතියේ ජයග්‍රහණයක් විදිහට නෙවි. රජයේ අධර්මය ලෙසට. ජේ. ආර්. මහතා මිනිස්සුන්ට කිව්වේ ඒ වෙනුවට තමන් "ධර්මිෂ්ට රාජ්‍යයක්" ඇති කරන බව නේද? 77 දී පවා ජනතාවගේ විශ්වාසය ගන්න ජේ ආර් ජාතිකත්වයම පාවිච්චි කළා. මේ රටේ මිනිස්සුගේ සාමුහික අවිඥානික පැතුම ඒක නේද එදත් අදත්? ඒක බලයට එන්න ජේ ආර් පවා භාවිතා කළා.

    ජේ ආර් ගේ ධර්මිෂ්ට රාජ්‍යයේ සහ මහින්දගේ ධර්මිෂ්ට රාජ්‍යයේ සමාන කම් සහ වෙනස් කම් අපි ආයේ කතා කරමු...

    ReplyDelete
  3. සිරිමල්1/22/2014 1:47 PM

    ඒකීය භාවය, තස්ත්‍රවාදය පරාජය කිරීම යන කාරනා වලට ශ්‍රී ලංකික ජන්ද දායකයා දක්වන පොදු සංවේදීතාවය , ආර්ථික කරුණු සම්බන්ධයෙනුත් සාධාරණ යැයි නිගමනය කිරීම වැරදි බවයි මගේ වැටහීම.විවිධ සමාජ ස්ථර වල සිටින ජනතාව පොදුවේ ලිබරල් මගක් ගත් ආර්ථික ක්‍රියාවලියකට සහ, කෘෂි කර්මාන්තය මූලික කරගත්, "දේශීය " ආර්ථික ක්‍රියාවලියකට ඇති කැමැත්ත විෂම ආකාරයට බෙදී ඇති බවයි පෙනෙන්නේ. ගොවිතැන් කිරීමෙන් ජීවත්වන ජනතාව ගොවිතැනට ඇති පහසුකම් ගැන කතාකරන අතර, "බිස්නස් වලට හොදයි යුඑන්පී එක එනවා නම්" කියන පොදු අදහස දරයි.පොදුවෙ හැම කෙනාම වගේ කැසිනො, සුදු මත්ද්‍රව්‍ය - වලට විරුද්ධයි.හැබැයි කවුද කැමති වෙන්නේ ඇගලුම් කම්හල් වහනවට හෝ අලුතින් අරින එක නවත්වනවාට? ආර්ථික ක්‍රියාවලිය "දේශිය" වන්නේ- එය ගොවිතැනට තල්ලු කිරීමෙන් නොවන බව පොදුවේ ජනතාව සිතන ආකරය බවයි පෙනෙන්නේ.

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions