2/15/2018

RESPECT THE PEOPLE’S VOICE: NO to Constitutional Changes, Division of Sri Lanka & Witch hunt against the Armed Forces

කතෘ:යුතුකම     2/15/2018   No comments
 
RESPECT THE PEOPLE’S VOICE:
NO to Constitutional Changes, Division of Sri Lanka & Witch hunt against the Armed Forces


For 3 years’ people’s democratic voice was stifled by denying elections. The so called international community kept silent not insisting on elections being held. However, finally after an island wide local government election, the People have spoken – the silent majority have spoken and the Government is bound to now listen. Though the official election results are being controversially delayed unofficial results reveal that an Arab Spring model does not work in Sri Lanka.

No political party has been able to create such an island wide impact within less than 2 years of its birth. The Prime Ministers party has come second while the President’s party (not the one he contested from) has come a distant third. The defeat was not so much for the candidates of the defeated parties but a clear rejection of all that the leaders of the defeated parties were forcefully promoting in Sri Lanka sans the approval of the citizens.

After denying people three years of their right to vote people came out to say they had had enough of the lies, drama and treacheries taking place before their eyes.

While official election results are yet to be revealed President Rajapakse has issued a statement asking victors to enjoy the victory in a peaceful manner. We can recall the former President accepting defeat and leaving office even before the official results were revealed. It is unfortunate that the elections office are delaying declaring the final results and exposes the biased nature of that office & its head and necessitates calls for his removal.

From 2015 an unprecedented list of unbelievable changes had taken place leaving the people voiceless and democratically unable to voice their objection. Even the international community chose to shower awards on rogues.

Every shocking action and decision taken by the yahapalana government has been democratically rejected and the Government must now listen and the President is now bound to take necessary action to nullify and veto the constitutional changes being drafted secretly, the removal of Buddhism which has been and must remain the national identity of Sri Lanka, the attempts to permanently divide Sri Lanka by changing its unitary form to create a Kosovo and South Sudan and the sale of national assets to foreigners. People have said they do not want to have a government that has to ask West & India permission to govern Sri Lanka or take decisions after seeking their approval first!

Moreso, people were angered by the manner that the armed forces personnel & intelligence officers were hurled on bogus charges and placed behind bars with bail denied. The mental agony that they suffered culminated in the suicide of a mother-in-law whose last letter pleaded that her son-in-law served the nation patriotically and was no murderer. The manner the 3 naval ratings were released and their faces revealed their relief. These were moments that touched the hearts of many a citizen who were angered by the manner that the government was going after the men who sacrificed their lives to give us peace from terrorism. The event that took place in London where pro-LTTE supporters influenced the removal of the Military attache Brig. Priyankara Fernando would have largely influenced many voters too even Tamils.

The results are certainly a major setback and embarrassment to both the President & the Prime Minister who in all of their speeches at election platforms chose to not talk on policy or what they had delivered but adapt a very crude form of attack which by the results have revealed that the people are not only not impressed but have chosen not to be fooled by them. The leadership ability, capability & effectiveness of both the President & the PM are now seriously in question. It will be an eye opener to the foreign forces that brought them to power and they must already be conniving and conspiring on plan B.

Over 2000 public officials were brought before an illegally constituted corruption body, questioned and humiliated while the magnitude of corruptions by the people that came to power on the platform of bringing good governance was not only ignored but completely immune from prosecution. The bending of law & order, the interference of judicial decision making even had magistrate courts opened in late hours of the night and people sent to prison and kept in prison without bail. The cleaning of the Central Bank took away the cake with committee after committee being appointed to exonerate themselves but using the platform of the Parliament turning it into a circus to cry ‘kawda hora’ at others.

The people watched, waited and waited hoping for an election to voice their dismay. It came finally on 10th February 2018. In many ways it was an apology by the people who had been taken for a ride and fooled and people had decided to put Country before their political party barring a handful who remained loyal to the party over the country.

The people had enough of lies fed to them on a daily basis undermining people’s intelligence with promises of starting factories like Volkswagen, propaganda using dead people became unacceptable, the people have rejected ETCA and the manner state enterprises are being doled out to India & the West while controversial figures are being strategically placed to put into effect promises and assurances given to LTTE diaspora from whom favors and perks have exchanged hands.

The results have clearly hailed the demise of the SLFP and exposed the JVP too.

For those that have been conspiring with the Government it was a message that clearly established that the Sinhalese are never for the division for the Island nation and that all citizens must live as ONE in this One Island. The results conveyed that any form of attempt to separate or divide the country would not be allowed.

The inefficiencies, lack of leadership, patriotism, nationalism largely contributed to an unprecedented show of citizens at a local government election to defeat all of the lies and drama of the present government.

The People have given a clear message to this government – You can fool some people for some time but you cannot fool all the people all the time. The only exclusion are those willing and proud to be fools!

It is ironically that days before the election the Prime Minister was chief guest at a new venture named ‘Drop Me’.

Shenali D Waduge

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

පොහොට්ටුව ඉදිරියේ ඇති මාර්ග බාධක පිලිබඳ අනතුරු ඇඟවීමයි: බිය වන්නට නොව දිරි ගන්නටය.

කතෘ:යුතුකම     2/15/2018   1 comment
පොහොට්ටුව ඉදිරියේ ඇති මාර්ග බාධක පිලිබඳ අනතුරු ඇඟවීමයි:
බිය වන්නට නොව දිරි ගන්නටය.


පුංචි මැතිවරණය හමාර වී ඇත. විවිධ බාධක මැද ලබා ගත් මේ ජයග්‍රහණය බොහෝ පැතිවලින් ඉතිහාස ගතවෙන කරුණු කාරනා ඉස්මතු වී තිබේ. පොහොට්ටුව අළුත්ය. ජනතාව අතරට යාමට සැලකිය යුතු කලක් නොලද්දේය. ලාංඡනය ජනතාවට නුහුරුය. එයට සහය දුන් මන්ත්‍රීනට මන්ත්‍රී දුර අහෝසි කරනා බවට විවිධ ගර්ජනා සහ තර්ජනය. ඔවුනට විරුද්ධව විවධ චෝදනා මත සිරගත කිරීම් සහ නඩු පැටලවිම්ය. රාජ්‍ය බලය අහිමිය. සංවිධාන කටයුතු සඳහා ප්‍රතිපාදන හිඟය. මාධ්‍ය අවකාශය නියම ලෙස නොලැබෙන වාතාවරනයක්ද පෙනෙන්නට තිබිණ. මේ සඳහා වැඩ කල උනට පොලිසිය ඕනෑවටත් වඩා නිතිය ක්‍රියාත්මක කිරීමට සැදී පැහැදී සිටියේය. එජාප, ශ්‍රීලනිප සහ ජවිපෙ තුන් කොන් ප්‍රහාරයට නිබඳවම ලක්විය. සමහර නාම යෝජනා ඉතා සුළු කාරණා මත ප්‍රතික්ෂේප විණ. මේ සියලු කෙනෙහිලිකම් මැද සර්වජන ඡන්ද බලයේ පරිනත භාවය හුවා දක්වමින් සබුද්ධික සවිඥ්ඥානික ඡන්ද දායකයා පොහොට්ටුව වැළඳ ගත්තේය. ඔවුනට අපේ හද පිරි උත්තමාචාරය හිමිවේ.

අවස්තාව එන තුරු බලා සිටි ඡන්ද දායකයා බුරුතුපිටින් මහා ඡන්දයකදී මෙන් ඡන්ද පොලට ඇදුනේ 2015 දි කල වරද නිවැරදි කිරීමටය. ඒ පුංචි ඡන්දයකදී මෙතරම් ප්‍රතිශතයක් වාර්තා වුනු ඉතිහාසයේ පළමු වතාවය. පුංචි ඡන්දයකදී බලයේ සිටි පක්ෂ මෙතරම පහලට වැටුණු පළමු වතාවය. ශ්‍රීලනිපය එහි ඉතිහාසයේ වාර්තා කල අඩුම ඡන්ද ප්‍රතිශතය විය. පොහොට්ටුව 70% පමණ කොට්ඨාශ දිනා ගත්තේය. ඒ සියල්ල ඓතිහාසිකය. එනිසා ඒ සඳහා දර දිය ඇද්දවුන් ජයග්‍රහණය භුක්තිවිඳිය යුතුය. නමුත් මෙය ආරම්භයක් මිස අවසානය නොවන බව තරයේ සිහියට ගත යුතුය. මේ යහපාලන පිළිලය දිවයිනෙන් අතුගාදමා ඒකීය රාජ්‍යයේ බලය ස්ථාපිත කරන තුරු අපට ගිමන් හරින්නට නොහැකිය.

පොහොට්ටුව දිනවිමට නොව ඊට එරෙහිව වැඩකළ විවිධ කොටස්, ඊනියා යහපාලකයින්,. ඊනියා සිවිල් ක්‍රියාකාරිකයින් හා NGO කුක්කන් දැන් විවිධාකාරයට මැතිවරණ ප්‍රතිපල විග්‍රහයක යෙදේ. යහපාලනය සමගම පරාජය වී ඇත්තේ ඔවුන්ගේ බලාපොරොත්තුය. ඔවුන් දැන් මීළඟ ආණ්ඩුව කරන හැටි සමාජ ජාලා මගින් මහින්දට රාජපක්ෂට අනතුරු අඟවමින් උපදෙස් සපයමින් සිටි. පොහොට්ටුව දිනවන්නට දර දිය ඇදි සියළු දෙනා කල්පනාවෙන් ඉදිරි වැඩකටයුතු සංවිධානය කරගත යුතුය. මොකද යහපාලන කොන්ත්‍රාත්තුව තවම අවසන් වී නොමැති බැවින් කුමන හෝ උප්පරවැට්ටි යොදා ඔවුන්ගේ අභිමතාර්ථ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ඉෂ්ඨ කර ගැනීම වලක්වාලිය යුතු නිසාය.

පුංචි මැතිවරණය ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් නොවන බව සැබෑය. නමුත් ආණ්ඩුව වෙනස් කරන මැතිවරණයක් සඳහා මෙම ප්‍රතිඵලය මගින් ඕනෑවටත් වඩා ආණ්ඩුවට බල කර ඇති බව කිව යුතුය. ජන මතයට හිස නමන අවංක ප්‍රජාතන්ත්‍රවාදී නායකයින් සිටිනම් වහාම ආණ්ඩුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයකට ගොස් අළුත් ජන මතයක් ලබාගත යුතුය. නමුත් යහපාලන ආණ්ඩුව එසේ කරාවියැයි බලාපොරොත්තු විය නොහැකිය. එයට හේතුව යහපාලන ආණ්ඩුව බලයට ගෙනා ව්‍යාපෘතිය බිම්මට්ටමේ කරුණු කාරනා මත යතාර්තවාදීව සිදුවූවක් නොව විදේශ බලවේග හරහා කෘත්‍රිමව සිදුවූ කුමන්ත්‍රණයක් නිසාමය. ඉරාකයේ සදාම් හුසේන් හෝ ලිබියාවේ ගඩාෆි මරාදමා බලෙන් බලය ඩහැගෙන එම රටවල් නන්නත්තාර කිරීමට යෙදවූ ප්‍රමාණයටම නැති වුවත් මේ සඳහා විදේශීය මුදල් කෝටි ගණනින් වැය කරන ලද බවට තොරතුරු ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් විසින්ම පසුකලකදී හෙළිකරන ලදී. මේ මුදල් ලබාගත් යහපාලන කොන්ත්‍රාත් කරුවන් ඒ කුමන්ත්‍රණ කරුවන්ගේ අභිලාෂයන් ඉටුකිරීමට බැඳී සිටි. ඔවුන් ඒ යුතුකම ඉටු කිරීමට කෙසේවත් පසුබට නොවනු ඇත.

පළමුව හොරකම දුෂණය යහපාලනය ආදී මනඃකාන්ත වචන සමුදායක් යොදා බොරුව වපුරමින් කෙතුමතියක් මවා පෙන්වමින් ඡන්ද දායකයාගේ ඇස් නිලංකාර කර නොමග හැරියේය. දෙවනුව හොරුන්ට දඬුවම් දීමේ මුවාවෙන්, පැවති රජයේ නායකයින් නැවත බලයට පත්වීම වැළැක්වීමේ උපාය උපක්‍රම ක්‍රියාවට නගන ලදී. බුද්ධ පුත්‍රයින් පවා සිරගත කලේය. මේ සියල්ල කලේ ඔවුන්ගේ මුලික අරමුණ සඳහා ආවරණයක් සපයා ගැනීමටය. එනම් ආයුධ සන්නද්ධ අරගලයකින් බෙදීමට නොහැකි වූ රට ව්‍යවස්ථාපිත ෆෙඩරල් ක්‍රමයක් මගින් දෙකඩ කිරීමය. ඔවුන්ගේ ප්‍රධාන සහ එකම අභිප්‍රාය මෙයයි. ඒ සඳහා අවශ්‍ය බලය මැතිවරණයෙන් නොලැබුනත් ජාතික ආණ්ඩුවක් හරහා එය සාක්ෂාත් කරගැනීමේ මාර්ගය යම් තාක් දුරකට හෙළිකර ගත්තේය.

දෛවයේ සරදමකට මෙන් හොරු අල්ලන සටන්පාඨයට මුවා වී කරන ලද බැඳුම්කර මගඩිය අනපේක්ෂිත ලෙසත් සැඟවිය නොහැකි ලෙසත් එලි දැක්කේය. කරුණු කාරණා කෙසේ වුවත් රට බෙදීමේ ෆෙඩරල් ව්‍යාපෘතිය නවතා දමා නැත. යහපාලන නායකයින් ඒ සඳහා බැඳී සිටි. කෙසේ හෝ රට බෙදීමේ ව්‍යවස්ථාව සම්මත කර ගත හොත් ඊළඟ ඡන්දයේදී පරාද වුවත් ඔවුනට කම් නැත. කිමද වෙනත් ආණ්ඩුවක් බලයට පත්වුවද ෆෙඩරල් රාජ්‍ය වෙනස් කල නොහැකි වනු ඇති නිසාය. ඊළඟ ඡන්දයේදී පරාද වුවත් පසු දිනෙක ඔවුන්ට නැවත බලයට පැමිණිය හැකිවනු ඇත. මෙතැනදී ජනපති සහ අගමැති පිටින් විරසක බවක් පෙන්නුවද ඒ අභිමතාර්ථය ඉටුකරගැනීම සඳහා ඇතුලතින් ඉතා සහයෝගයෙන් ක්‍රියාකරයි. මේ ඉලක්කය සඳහා ආණ්ඩුව ඉදිරි කාලයේ කෙසේ හැසිරෙනු ඇත්ද?

ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අවශ්‍ය 2/3 බලය ලබාගැනීම දැනටමත් අසීරු කරුණක් වී ඇතිබව පෙනේ. එහෙත් ජනතාව රවටා ඇස්බැන්දුම් මගින් අලුත් ව්‍යවස්ථාව පසෙක තබා තිබෙන ව්‍යවස්ථාව සංශෝධනයකින් අවශ්‍යතාවය ඉටු කරගැනීමට මාන බලනවා විය යුතුය. සමහර විට පොහොට්ටුවට උදව් දුන් මන්ත්‍රී වරුන් සන්ධානයෙන් එළවා දමා ඒ වෙනුවට ව්‍යවස්ථාවට ඡන්දය දෙන ජනපතිගේ සගයන් පත් කිරීමට ඉඩතිබේ. එලෙස අගමැතිට අවශ්‍ය 2/3 සාදා දී පොදු පරමාර්ථය ඉටුකරගැනීමට ඉඩ තිබේ. මෙසේ වුවොත් සහ එයට විරුද්ධව ජනයා පාරට බැස්සොත්, ඒ විරෝධය ලෙයින් යකඩින් වුව මර්ධනය කිරීමට මේ යහපාලකයින් පසුබට නොවනු ඇත. ඔවුනට මුදල් හා උපදෙස් සපයන විදෙස් බලවේග වල හා එක්සත් ජාතින් යයි කියාගන්නා ඒ බලවේග විසින්ම මෙහෙයවන සංවිධානයේ නොමද ආවරණය ඒ සඳහා ඔවුන්ට ලැබෙනු ඇත. මානව හිමිකම්, NGO කුක්කන් සහ සිවිල් ක්‍රියාකාරිකයින් ඒ සඳහා නොමද සහයෝගය ලබා දෙනු ඇත. ලෝකයේ වෙනත් රටවල් වල මෙවැනි ව්‍යාපෘති සිදුවන්නේ එසේය. එය එසේ වුවොත් 2020 දී පොහොට්ටුව ආණ්ඩුව ගත්තත් ෆෙඩරල් රට ආපසු හැරවිය නොහැකි වනු ඇත.

මේ පොහොට්ටුව ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයයි. මේ බව පොහොට්ටුව බලයට ගෙනා සියලු දෙනා තරයේ සිහි තබා ගෙන ඉදිරි උපාය උපක්‍රම සැලසිය යුතු වන්නේය. දැනටමත් සමහර කොටස් මේ ජයග්‍රහණයෙන් ඔද වැඩි අන්තවාදී සිංහල බෞද්ධ ආදී මතවාදයන්ට පණ පොවමින් සිටි. ජයග්‍රහණය කෙතරම් වර්ණවත් වුවත් පොහොට්ටුවට ලැබී ඇත්තේ 45% ක් බව අමතක නොකළ යුතුය. එනම් හංසයා බලයට ගෙනා සියලුකොටස් එක්ව ගත් කල 55%කට ආසන්න ප්‍රමාණයක් තවමත් ඔවුන් සතුව පවතී. මෙය ඊළඟ ජනපති වරණයේදී තීරණාත්මක සාධකයයි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනා ඡායා මාත්‍රයක් හෝ දැනට පෙනෙන තෙක් මානයක නොමැත්තේය. එනිසා පොහොට්ටුව මේ සඳහා සුදානම් විය යුතුය. මේ සඳහා විශේෂයෙන්ම දෙමළ, මුස්ලිම් ඇතුළු ශ්‍රීලනිපයට එජාපයට ඡන්දය දුන් සියළු දේශප්‍රේමී ජනයා දිනාගත යුතුය. මේ සඳහා වැඩ පිළිවෙලක් තිබිය යුතුය. මේ ජයග්‍රහණය භුක්ති විඳින අතරම ඒ සඳහා පිඹුරු පත් සකස් කල යුතුය. පාර්ලිමේන්තු මැතිවරණය අලුත් ක්‍රම වේදයකට කොට්ඨාශ මිශ්‍ර ක්‍රමයකට පැවැත්වුවොත් පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ලබා ගැනීමට ඉලක්ක කල යුතුය. එසේ වුවහොත් යහපාලන ආණ්ඩුව අවසාන මොහොතේ හෝ ඇති කල හැකි ව්‍යවස්තාවක් වුවත් වෙනස් කරගත හැකිවනු ඇත.

1815 දී ගැත්තෝ රට විදේශ බලවේග වලට පාවා දුන් නේය. 2015 දී ද ගැත්තෝ රට විදේශ බලවේග වලට පාවා දුන්නේය. 1818 දි කැරැල්ල පටන් ගත්තේ වෙල්ලස්ස බින්තැන්න ආදී ග්‍රාමීය නායකයින්ගේ ප්‍රධානත්වයෙනි. 2018 දි රැල්ල පටන් ගත්තේ ද ගමෙන් බව මේ නිම වූ ප්‍රාදේශීය සභා ඡන්දයෙන් ඉතා පැහැදිලිය. මෙය මේ ධර්මද්වීපයේ ඉතිහාසය නැවත සිදුවන බවට හොඳම සාක්ෂියක් සපයයි. 1818 කැරැල්ල රටට වඩා වෙනත් සුළු කාරණා ගැන වද වූ ප්‍රධානීන්ගේ මත බේද උඩ ඇති වූ අසමගිය නිසා විදේශිකයින් සහ ගැත්තන් විසින් පරාද කරණ ලදී. 2018 දීද විදේශ බලවේග සහ ඔවුනට නොමද සහය සපයන දේශීය ගැත්තෝද මේ රට රැක ගැනීමේ බලවේගය පරාජය කිරීමට සැදී පැහැදී සිටින බව නිසැකය. ඒත් එය මෙවර එසේ වන්නට ඉඩදී බලා සිටිනු නොහැකිය. එනිසා සියල්ලෝම අවදියෙන් සිටිය යුතුය. දිවි හිමියෙන් රට රැක ගැනීමට ජාති ආගම් කුල පක්‍ෂ ආදී සියලු වාද බේද පසෙක ලා සමගි විය යුතුය.

1818න් පසු නැවත ඉපිද 2018 ගමේ සටනට පණදුන් කිවුලේ ගෙදර මොහොට්ටාලලාට, බූටෑවේ රටේ රාළලාට, මොනරවිල කැප්පෙටිපොළලාට, නුවරවැව මහා දිසාවේලාට, කොහු කුඹුරේ රටේ රාළලාට, ඇල්ලෙපොලලාට, මිගස්කුඹුරේලාට, කන්දෙපොලලාට, ලේනවලාට, වෑගොඩපොලලාට, වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් ප්‍රමුඛ සියලුම බුද්ධ පුත්‍රයින්ට, විවිධ අයුරින් ජය තහවුරුකළ සියලුම ජනතා විරුවන්ට ඉතිහාසයේ නොයෙක් වර කරන ලද අයුරින් මේ විදෙස් බලවේගය නසා දමා ඒකීය රට රැක ගැනීමට ශක්තිය ධෛර්‍ය තිබෙන බව විශ්වාසය. පොහොට්ටුව අතැතිව දිවයිනේ සිව් කොනින් වට්ට ගාමිණි අභයලා බිහිවී හමාරය. පොහොට්ටුවට ජයවේවා! ඒකීය ශ්‍රීලංකාවට ජයවේවා!

-ප්‍රකාශ් වැල්හේන
12.02.2018

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

හොරු අල්ලන්නන්ගේ බොරුව හා හොරාගේ කාටූන් සහචරයෝ.....

කතෘ:යුතුකම     2/15/2018   No comments




හොරු අල්ලන්නන්ගේ බොරුව හා හොරාගේ කාටූන් සහචරයෝ.....

කම්බ හොරු රැළක්, හොරු ඇල්ලීම ගැන නන් දොඩවමින් රටේ සියලු කේන්ද්‍රිය ප්‍රශ්න යටපත් කිරීමේ දේශපාලන නාඩගමට මැතිවරණයෙන් හොඳ පිළිතුරක් ලැබිණි. රටේ මූලික දේශපාලන බල බෙදීම ඇත්තේ ජාතිකත්වය හා විජාතිකත්වය අතර මිස අනුර කුමාර විද්වතා කියන පරිදි හොරකමට පක්ෂ හා හොරකමට විරුද්ධ කඳවුරු අතර නොවන බව සනාථ වූයේ ඊනියා දූෂණ විරෝධීන්ගේ දූෂණය පරදන ජවය රෙද්ද පල්ලේ බේරමිනි. අවන්ත ආටිගලගේ මේ කාටූනයද හොරු ඇල්ලීමේ මෙකී මහා ප්‍රෝඩාව ගැන අඟවන්නකි. එසේ නමුදු එහි දෙවන පියවරේදී ඔහු ඉතා තකතීරු ලෙස යහපාලනය කෙරේ ඇති ජනතා විරෝධය ජීවන වියදම පිළිබඳ ප්‍රශ්නයකට සීමා කරයි. මෙය හොරකම රටේ කේන්ද්‍රිය ප්‍රශ්නය ලෙස හුවා දැක්වීමටත් වඩා විශාල බොරුවකි.

රනිල්ට, සිරිසේනට හා අනුරට අනුව ජනතාවට ඇත්තේ හොරු පිළිබඳ ප්‍රශ්නයකි. අවන්තලාට අනුව ජනතාවට ඇත්තේ ජීවන වියදම පිළිබඳ ප්‍රශ්නයකි. රාජ්‍ය අනුග්‍රහය යටතේ හිස ඔසවන බෙදුම්වාදී ජාතිවාදය, ඊට සරිලන ලෙස සැකසෙමින් පවතින නව ව්‍යවස්ථාව, රණවිරු දඩයම, රට විකිණීම, එට්කා ගිවිසුම, එන්ජීඕකරණය, සිංහල බෞද්ධ සංස්කෘතියට නොනවත්වා සිදුවන කෙණහිලිකම්, මහ දවාලේ රජයන බොරුව, හොරකම ආදී ජනතා විරෝධයේ සැබෑ හේතු මේ දෙතුන් පාර්ශවයටම ගෝචර නොවේ. අවන්ත ආටිගල දක්ෂ කාටූන් ශිල්පියෙකු වුවද ඔහුට ඇත්තේ පෙරටුගාමී පන්නයේ යූඇන්පී වාමාංශික මනසකි. අවන්තලාගේ දෘෂ්ටිවාදය රනිල්ගේ දෘෂ්ටිවාදය හා මනාව සමපාත වන්නකි. රනිල්ගේ බැඳුම්කර කොල්ලයට එරෙහි වෙමින්, රනිල්ගේ බෙදුම්වාදී ජාතිවාදී ව්‍යාවස්ථාව වෙනුවෙන් ආවැඩීමට මෙරට බොහෝ ඊනියා වාමාංශිකයන් පෙළැඹී ඇත්තේ ඒ නිසාය.

එපමණක් නොවේ. එදා සිටම රටේ තීරණාත්මක ප්‍රශ්නවලදී බඩ ඉස්සර කරමින් ජනතාව උසි ගැන්වීමට මෙරට නිවට වාමාංශිකයන් නොගත් උත්සාහයක් නැත. එදා ත්‍රස්තවාදයට එරෙහි සටනේ අතිශය තීරණාත්මක අවස්ථාවලදී පවා රනිල් හා එක්වී ආණ්ඩු පෙරළීමට මෙරට වාමාංශිකයන් වෙර දරන ලද්දේ රට වෙනුවට බඩ පෙරට ගනිමිනි. එහෙත් ඒ සෑම අවස්ථාවකම සිදුවූයේ විමල් වීරවංශ එදා නිවැරදිව කී පරිදි රට ගැන සිතන අයට රට ගොස්, බඩ ගැන සිතන අයට බඩ යාම ය. මේ මැතිවරණයේදී නැවතත් එයම සිදුවී ඇති බැවින් රනිල්ගේ දෘෂ්ටිවාදී වහලුන්ට අද ඒ ජනතා විරෝධය බඩ පිළිබඳ ප්‍රශ්නයකට ලඝු කරමින් කාටූන් නිර්මාණය කිරීමට සිදුවී තිබේ.

ඉසුරු ප්‍රසංග

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

2/13/2018

වෙනස හා දැනෙන වෙනසක්

කතෘ:යුතුකම     2/13/2018   No comments
-වෛද්‍ය වසන්ත දේවසිරි

පළාත් පාලන මැතිවරණය අවසන් වී දින කීපයක් ගත වී ඇත. ස්වාධීන මැතිවරණ කොමිසම විසින් අවසන් නිළ ඡන්ද ප්‍රතිඵලය නිකුත් කර අවසන් කරණ ලද්දේ කවදා දැයි මම හරි හැටි නොදනිමි. මා දන්නේ 2015 ජනවාරියේ දී වෙනසක් වෙනුවෙන් අටවා ගන්නා ලද හවුල් ආණ්ඩුව නියෝජනය කරණ ප්‍රධාන පක්ෂ දෙකම මෙම මැතිවරණයේ දී දරුණු ලෙස පරාජය පත් වී ඇති බව ය. මේ පක්ෂ දෙකේ නායකයින් මේ දක්වාත් ජනතාව හමුවේ ප්‍රකාශයක් කිරීමටවත් ඉදිරිපත් නොවීම ම ඔවුන් පත්ව ඇති තත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට ප්‍රමාණවත් ය. ජනතාවට ඉදිරියේ දී සිද්ධ වීමට හැකි දේ ගැන අනුමාන කරමින් සිටීමට සිදු වීම ම රට අරාජික තත්වයට පත් ව ඇති බව පැහැදිලි කරතැයි සිතමි. කෙසේ වෙතත් මේ රට අරාජික තත්වයට පත් වූයේ 2015 ජනවාරි 8 වැනි දා බව මේ රට වසන බුද්ධිමත්හු බොහො දෙනක් දැන සිටිය හ. 2018 පෙබරවාරි 10 වැනි දින පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල තුළින් පෙන්වා දුන්නේ කාලයක් තිස්සේ පැවති මෙම අරාජික බව තව දුරටත් සඟවා ගත නොහැකි බව ය. හවුල් ආණ්ඩුවේ නායකයින් දෙදනා සැඟවී ගැනීමෙන් නම් මේ සත්‍යය ජනතාවගෙන් සඟවා ගත නොහැකි ය. අවාසනාව නම් නායකයින් සැඟවී ගනිද්දී ජනතාවට ජනාධිපති මන්දිරයෙන් හා අරලියගහ මන්දිරයෙන් එළියට එන දෙවන පෙළ නායකයින් කියන කතා විස්වාස කිරීමට සිදු වීමයි.

ජනාධිපතිවරයා ඉදිරි දින කීපය තුළ දී 'දැනෙන වෙනසක්' සිදු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රීලනිපයේ දෙවන පෙළ නායකයෙක් ප්‍රකාශ කරණු අපි දුටුවෙමු. මෙහි දී මතුවන බරපතලම ප්‍රශ්නය නම් වෙනසක් කිරීමට යැයි 2015 දී බලය ලබාගත් ජනාධිපතිවරයා ජනතාවට දැනෙන වෙනසක් කිරීමට මෙතුවක් කල් සමත් වී නැද්ද යන්න යි. මෙය පිළිගත නොහැක්කේ සිය දේශපාලන සගයන්ට සිත් සේ මහ බැංකුව කොල්ල කෑමට ඉඩ සළසා දෙමින්, ජනතා ආදරයට ලක් වූ නායකයින්ගෙන් පළි ගැනීමට තැත් කරමින්, පර්ලිමේන්තුව තිළ ප්‍රජාතන්ත්‍රවාදය විකෘති කරමින්, ජනතාව මත බර පැටවෙන සේ රටේ ආර්ථිකය දුර්වල කරමින්, දේශීය සම්පත් විකුණමින්, රණවිරුවන් යුද්ධාපරාධකරුවන් ලෙස ජාත්‍යන්තරයට යෝජනා කරමින් කරණ ලද වෙනස ජනතාවට හොඳින් දැනී ඇති බව නම් පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය තුළින් මනාව පැහිදිලි වන බැවින් ය. නොදැනුනු වෙනස රටකට මෙතරම් අහිතකර ලෙස බල පා ඇති කල දැනෙන වෙනස කොහොමට හිටීදැයි හිතා ගැනීම ජනතාවට ම බාර කරමි. ජනතාව මෙහි දී ඉතාමත් කල්පනාකාරී විය යුත්තේ අභියෝගයට ලක් කරණ ලද විට දී දුර්වල නායකයින් දුර දිග බලා තීරණ ගැනීමට අසමත් වනවා මෙන් ම ආවේගශීලි තීරණ ගැනීමට ද විශාල ඉඩ කඩක් ඇති බැවිනි. එවන් වූ දැනෙන වෙනසක් රටකට අහිතකර ලෙස බලපෑමට ඇති ඉඩ කඩ සුළුපටු නොවේ.

අනිත් අතට තමන් තනි ආණ්ඩුවක් පිහිටවන බවට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් ප්‍රකාශ කරයි. එසේ රජයක් පිහිටවනු ලැබුවොත් ජාතික සංස්කෘතික හෝ ආර්ථික ප්‍රතිපත්තියක් නැති එක්සත් ජාතික පක්ෂය අප සතු ජාතික සම්පත් සියල්ල ම ඉදිරි අවුරුදු දෙකක සුළු කාලය තුළදී විකුණාගෙන කෑමට ඇති ඉඩකඩ සුළුපටු නොවන බව තේරුම් ගැනීමට බුද්ධිමත් ජනතාවට අපහසු වෙතැයි මම නොසිතමි. මෙසේ උදාවිය හැකි අඳුරු අරාජික බව තුළ මා දකින සුභවාදී ලකුණ නම් මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ දී දැක් වූ විශිෂ්ට කුසලතාවය යි.ඔව්හු අප මුහුණ දුන් අවාසනාවන්ත වෙනසින් මෙන් ම අනාගතයේ දී මුහුණ දිය හැකි දැනෙන වෙනසින් ද මාතෘ භූමිය මුදා ගැනීමට සමත් වනු ඇත. ඒ සඳහා අවශ්‍ය ශක්තිය හා ධෛරය ඔවුන්ට ඇති බව මගේ විශ්වාසයයි.


2018. 02. 12
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

2/08/2018

ජාතියට මඟ පෙන්වූ පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනා හිමිපාණෝ

කතෘ:යුතුකම     2/08/2018   No comments
ජාතියට මඟ පෙන්වූ පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනා හිමිපාණෝ
[යුතුකම සංවාද කවය විසින් අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ අවමංගල උළෙලේ බෙදා හැරි පත්‍රිකාව..]

පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න අනුනා හිමිපාණෝ ජාතියට අහිමි වූයේ උන් වහන්සේ ගේ නායකත්වය ජාතිය ම අපේක්ෂා කළ මොහොතක ය.  ව්‍යාජ සත්ව කරුණාවක් පෙරට ගනිමින් එන්.ජී.ඕ නඩ මෙ රට පෙරහැර සංස්කෘතිය අකාමකා දැමීමට කැසකවද්දී ඊට විදග්ධ ලෙස එරෙහි වෙමින් ද, අපේ රටේ ජනතාවටත්, මෙ රට සකලවිධ සංස්කෘතික උරුමයන්ටත් අතිශය හානිකර වූ ඉන්දියාවත් සමඟ අත්සන් කිරීමට යෝජිත එට්කා ගිවසුමේ භයානක බව පෙන්වා දෙමින් අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීමට මුල් වූ විද්වතුන්ට ආශිර්වාද කරමින් ද, එ් සියල්ලන්ටත් වඩා මේ පින්බිම අනාගාමික රාජ්‍යයක් කිරීමට, ෆෙඩරල් බලතල ඉක්මවූ බලතල බෙදුම්වාදීන්ට ලබාදීමට යෝජිත ව්‍යවස්ථා කි‍්‍රයාවලියට එරෙහි ව සිංහ නාද නගමින් ද මෙ රට හුදී ජනීජනයා අපේක්ෂා කළ භික්ෂු නායතක්වය නියමානුකූල ලෙස ම ජාතියට ලබා දෙමින් ද තිබුණු අවස්ථාවක ය.

බෙල්ලනවිල විමලරතන නායක හාමුදුරුවෝ අපට, රටට පරමාදර්ශී භික්ෂු නායකත්වයක් ජීවමාන කළ හ. කැළණි සරසවියෙන් උපාධිය ද බි‍්‍රතාන්‍යයේ ලැන්කෂයර් සරසවියෙන් ආචාර්ය උපාධිය ද ලත් උන් වහන්සේ ශී‍්‍ර ජයවර්ධනපුර
සරසවියේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මාහාචාර්යවරයා ලෙස ද එ් සරසවියේ ම උපකුලපති හා කුලපති තනතුරු දරමින් ද දැවැන්ත ශාස්තී‍්‍රය මෙහෙවරක නිරත
වූ සේක. ආචාර්ය උපාධි පර්යේෂණ නිබන්ධය වූ ‘බෞද්ධ මහා පුරුෂ සංකල්පය’ සේ ම ‘බෞද්ධ ප‍්‍රතිමාවේ උපත හා පූර්ව ප‍්‍රතිමා සංකේත’ පිළිබඳ පර්යේෂණය
ද උන් වහන්සේ විසින් ශාස්තී‍්‍රය ලෝකයට කළ දායාදයෝ වෙත්. The Mind Unshaken කෘතියෙන් උන් වහන්සේ ලත් ආශ්වාදය අන්‍යයන්හා බෙදාගැනීමට සිංහලයට කළ පරිවර්තනය මහත් පාඨක ප‍්‍රසාදයක් දිනාගන්නා ලදි.

”ජනාධිපතිතුමනි, අපේ රටේ මිනිස්සු බලාපොරොත්තු වුනා ලොකු වෙනසක්. මම මේ කිසි ම දේශපාලනයකට නැති භික්ෂුවක්. මම මොන ආණ්ඩුවකින්වත් කිසි ම
දෙයක් කරගන්න බලාපොරොත්තුවක් නෑ. අද මේ රටේ ඉතා පැහැදිලි ව පෙනෙන මහා විශාල හොරකමක් තියෙනවා. පොඩි එකෙකු ගෙන් ඇහුවත් කියයි මේක වංචාවක් කියලා. ඇයි මේක වහන්න හදන්නේ? ඇයි මේකට කොමිෂන් පත්කරලා යට ගහන්න හදන්නේ? වැඩක් නෑ මේක බොරුවක්.
මේක බොහොම වාසනාවන්ත පින්වන්ත රටක්. අපි හැම වෙලාවෙ ම කෑගහනවා පිටරටින් ආයෝජකයෝ ගේනවා, අර රටෙන් එනවා, මේ රටෙන් ගේනවා කියලා. ඔය සියලු දේට වඩා මේ රටේ සම්පත් සංවර්ධනය කරගන්න, මේ රටේ මිනිසුන්ට නැගිටින්න, මේ රටේ මිනිසුන්ට ලොකු ව්‍යාපාරිකයෝ වෙන්න සංවර්ධනය කරන එක තමයි ප‍්‍රධාන දේ. පිටින් එන එකා ආවත් එකයි, නාවත් එකයි කියලා කටයුතු කරන්න.
”මේ රටට දැන් අලුතෙන් ව්‍යවස්ථාවක් ඕනේ නෑ. මේ බුද්ධාගමට මේ රටේ තියෙන තැන මොකක් ද කියලා ආයේ කතා කරන්න දෙයක් නෑ ඒකේ. මේ රටේ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය තියෙනවා. ඒක අමුතුවෙන් දෙන්න ඕනා කරන්නේ නෑ. ඒක මේ ව්‍යවස්ථාවේ තියෙනවා. ඒක වෙනස් කරන්න කියලා එකඑක්කෙනා යෝජනා කරනවා. අනාගමික රාජ්‍යයක් කරන්න කියනවා. තවත් එක එක යෝජනා බටහිරින් එනවා. අවසාන වශයෙන් සමලිංගික සේවනයත් නීතිගත කරන්න කියලා සමහරු යෝජනා කරනවා. මොන විහිළුවක් ද මේ? පිටරටවල තියෙන විකාර අපේ
රටවලට, අපේ සංස්කෘතියට ගැලපෙන දේවල් නෙමේ. අපේ ජනාධිපතිතුමා ඉදිරියේ, අපේ හිත්වල තියෙන එක්තරා විදියක වේදනාවක් නිසයි මම මේ කතා කළේ. ̃
- නාරාහේන්පිට අභයාරාමයේ අවුකන බුද්ධ ප‍්‍රතිමාව නිරාවරණය
කිරීමේ පූජෝත්සවයේ දී 



උන් වහන්සේ මෙ ලෙස පරිපූර්ණ ශාස්තී‍්‍රය මෙහෙවරක නිරත වූයේ බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරී වහන්සේ ලෙස එ් වෙහෙර වැඳපුදා ගැනීමට, එ් ඓතිහාසික පුදබිමෙන් සෙතක් ශාන්තියක් ලබාගැනීමට ඇදී ආ ලක්ෂ සංඛ්‍යාත ජනීජනයා ගේ සියලූ අවශ්‍යතා ඉතා කාර්යක්ෂම ලෙස ඉෂ්ට-සිද්ධ කරමින්, එ් වෙහෙර දියුණුවෙන් දියුණුවට පත් කරන අතරතුර ය. පුදබිමට ලැබුණු ආදායමෙන් ප‍්‍රදේශයේ තරුණ-තරුණියන්ට වෘත්තීය පුහුණු පාඨමාලා දායාද කරමින් ය. බෙල්ලන්විල මහා පෙරහැර දැවැන්ත සංස්කෘතික මංගල්‍යයක් ලෙස වාර්ශිකව සංවිධානය කරමින් ය. මේ සියල්ල සිදු කරන අතර වුව ද උන් වහන්සේ හමුවීමට පැමිණෙන සෑම දායකයකු හා ම, සිසුවකු හා ම සුහදශීලී පිළිසඳරින්, අවශ්‍ය අවවාද    අනුශාසනා සැපයීමෙන් සංග‍්‍රහ කිරීමට ද උන් වහන්සේ මඳකට වුව ද පසුබට නොවූ සේක. එහි දී උන් වහන්සේ ගේ අවවාද අනුශාසනා හැම විට ම කරුණාබර විය. උන් වහන්සේ ගේ ඇවතුම් පැවතුම් සැම විට ම සරල, විවෘත, නිහතමානී වීය. එහෙත් රටට, ජාතියට, ආගමට අනර්ථයක් කෙරෙන විට උන් වහන්සේ ගේ හ`ඩ අභීත විය, ස්ථීරසාර විය.
අප රටට, ජාතියට, ශාසනයට උන් වහන්සේ ගේ නායකත්වය අත්‍යාවශ්‍ය වූ මොහොතක උන් වහන්සේ අපට අහිමි වීම මහා අභාග්‍යයකි. අප විසින් කළ යුතු ව ඇත්තේ උන් වහන්සේ ගේ ජීවිත ආදර්ශය, උන් වහන්සේ ගේ අභීත ඔවදන් අපට මඟ පෙන්වන, ජාතියට මඟ පෙන්වන පහන් ටැඹක් බවට පත් කරගැනීම ය. එ් සඳහා අධිෂ්ඨාන සහගත ව කැපවීම ය.

"එට්කා ගිවිසුම ඉන්දියානු ව්‍යාප්තවාදයේ එක්තරා ආකාරයක් ”දැන් මේ ගිවිසුම් ගහනවා රටවල එක්ක. ගිවිසුම්  ඕනෑ ගිවිසුම් අවශ්‍ය තැන්වල දී. එ්ත් මෙ ලෙස ඉන්දියාව, චීනය සහ සිංගප්පූරුව එක්ක දැන් ගිවිසුම් ගහන්න යනවා. දැන් මේ අය කියනවා මේ ගිවිසුම් ගහපුවහම අපේ රට දියුණු වෙනවා කියලා. මේගොල්ලෝ හිතන් ඉන්නේ මේ රටේ ඉන්නේ ඔක්කෝ ම හරක් කියලා.
දැන් මේ එට්කා ගිවිසුම ගැන සරල ව පොඩි එකෙකු ගෙන් ඇහුවහම කියයි කාට ද මේකෙන් වාසිය වෙන්නේ කියලා. මේක හරි ම භයානකයි. ඉන්දියාවේ ටැක්සි එලවන අය ඉන්නවා පී.එච්.ඞී. කාරයෝ, මම දන්නවා හොඳට ම. ඒක තමයි ඉන්දියාවේ රැකියා පිළිබඳ තියෙන තත්වය.
අපේ රටේ තරුණයෝ ඉස්සර පන්ති පැවැත්තුවා ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන. මේ එට්කා ගිවිසුම කියන්නෙත් ඉන්දියානු ව්‍යාප්තවාදයේ එක්තරා අවස්ථාවක්. දැන් කියනවා කවුරු අකමැති වුනත් මේක අත්සන් කරනවා කියලා. මහජනතාව තමන්ට හිමි බලය පවරා දුන්නු නායකයින්ට එහෙම කියන්න කිසි ම අයිතියක් නෑ.”

-වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සම්පාදනය සඳහා මහජන කොමිසමක් පත් කිරීමේ සමාරම්භක උළෙලේදී


බෙල්ලන්විල අපේ නායක හාමුදුරුවෝ නිවන් දක්නා ජාති තෙක් මේ පින් බිමෙහි ම
උපදිත්වා! යළි යළිත් අප රටට මග පෙන්වන සංඝ පීතෲවරයෙක් ම වේවා!!

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

2/07/2018

අපේ මවුබිම අනතුරේ : පෙබරවාරි 10 , වගකීමෙන් යුතුකම ඉටු කරමු

කතෘ:යුතුකම     2/07/2018   1 comment
අපේ මවුබිම අනතුරේ
  •  රටේ ස්වාධීනත්වය හා රණවිරුවා ගේ අභිමානය කෙළසූ ජිනීවාමහා පාවාදීම 
  •  කුරිරු ත‍්‍රස්තවාදින් ගෙන් රට මුදාගත් සෙන්පතියන්ට හා රණවිරුවන්ට එරෙහි ව නඩු පැවරීමට ව්‍යාජ සාක්ෂි රැස්කිරීම සඳහා වූ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ව සම්මත කරගැනීම 
  •  මහ බැංකුවට බෝම්බ ප‍්‍රහාර එල්ල කළ ත‍්‍රස්තවාදීන්ට පවා ඉටු කරගත නොහැකි වූ මහා ආර්ථික ව්‍යසනයකට රට යොමු කළ මහ බැංකු මහා මංකොල්ලය - 
  • මුළු රට ම ආර්ථික වශයෙන් ඔසවා තැබීමේ ශක්‍යතාවයෙන් යුක්ත වූ හම්බන්තොට වරාය වසර 99කට (තව වසර 99කට දීර්ඝ කිරීමේ ප‍්‍රතිපාදන ද සහිත ව) තුට්ටු දෙකකට බදුදීමේ ව්‍යාජයෙන් ජාතියට අහිමි කිරීම 
  •  තිරිකුණාමලේ තෙල් ටැංකි, කන්කසන්තුරේ⁄ වරාය, මත්තල ගුවන් තොටුපොළ, ශී‍්‍ර ලංකා ගුවන් සේවය, අධිවේගී මාර්ග, බීජ ගොවිපොළ, රාජ්‍ය බැංකු - සිය ̈ සම්පත් විජාතිකයන්ට විකුණමින් රට පරාධීනත්වයට පත් කිරීම 
  •  මෙ රට ශ‍්‍රම වෙළෙඳපොළ දශලක්ෂ සංඛ්‍යාත ඉන්දියානු විරැකියා සුනාමියකට විවෘත කෙරෙන එට්කා ගිවිසුම අත්සන් කිරීමට දරන ප‍්‍රයත්නය 
  •  පළාත් පාලන ආයතන විසුරුවා හැර ඡුන්ද නොපැවැත්වීමෙන්, ගංවතුර, නියඟය, කුණු-කඳු හා කඳු නායයෑම්, කුණු කසළ, ඩෙංගු වසංගත මරණ හමුවේ ජනතාව පිළිසරණක් නැති අසරණයන්බවට පත් කිරීම - 
  • පොලිස්, ඉඩම්, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, ධීවර කටයුතු, සමාජ සේවා, වෙළෙඳාම ඇතුළු එදිනෙදා ජන ජීවිතයට අදාළ සිය ̈ විෂය හා සම්බන්ධ නීති සම්පාදනය කිරීමේ හා කි‍්‍රයාවට නැඟීමේ බලතල යළි පවරාගත නොහැකි ලෙස පළාත්වලට පැවරීමට යෝජනා කෙරෙන බෙදුම්වාදී ව්‍යවස්ථා යෝජනාවලිය - 
  •  බියර් බදු අඩුකර, නීති අනපනත් වෙනස් කර තරුණයන් හා කාන්තාවන් මත්පැනට යොමු කරලීමට, සමලිංගික, නාරිලිංගික,බහු ලිංගික චර්යා හා විවාහ මූලික අයිතිවාසිකම් ලෙස යෝජිත ව්‍යවස්ථාවට ඇතුළත් කර තුප්පහි අවලම් සංස්කෘතියක් ස්ථාපිත කරලීමට දරන ප‍්‍රයත්නය -

මේ සියල්ල පැරදවීමට
පෙබරවාරි 10 ඡන්දය යොදා ගනිමු
ඉහත විනාශයන්ට මූලික වූ ආණ්ඩු පක්ෂයේ හා සහයෝගය දුන් විපක්ෂයේ පක්ෂ ප‍්‍රතික්ෂේප කරමු!

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ දිනවමු!!
------------------------
දේශප්‍රේමී භික්ෂු පෙරමුණ
රුහුණු රට භික්ෂු පෙරමුණ
පැවිදි හඬ
මවුබිම සුරැකීමේ ජාතික ව්‍යාපාරය
ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය
ගාලු විද්වත් එකමුතුව
මහනුවර වෘත්තිකයන් ගේ හා විද්වතුන් ගේ සංවිධානය
ජාතික රණවිරු එකමුතුව
දෙසරැස
යුතුකම සංවාද කවය

යුතුකම සංවාද කවය ඇතුළු සංවිධාන රැසක ඉල්ලීම සහිත පුවත් පත් දැන්වීම


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook
https://www.facebook.com/yuthukama

රට බෙදන ව්‍යවස්ථා මර උගුල පරදවන්න ආණ්ඩුවට එරෙහිව චන්දය දෙන්න - මනෝහර ද සිල්වා

කතෘ:යුතුකම     2/07/2018   No comments
රට බෙදන ව්‍යවස්ථා මර උගුල පරදවන්න ආණ්ඩුවට එරෙහිව චන්දය දෙන්න
-ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශිෂ්ඨයාගේ හඬට සවන් දෙමු
ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා


යුතුකම සම්මන්ත්‍රණය
කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී
2018-01-18




යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

2/06/2018

Naseby should have graced Independence celebrations as Chief Guest, says ‘Yuthukama’

කතෘ:යුතුකම     2/06/2018   No comments
Naseby should have graced Independence celebrations as Chief Guest, says ‘Yuthukama’ -February 4, 2018
-By Shamindra Ferdinando : The Island

Ven. Bengamuwe Nalaka thera yesterday said that Sri Lanka celebrated 70th anniversary of gaining independence from the British with the country at a crossroads for want of patriotic leadership.
Declaring the eradication of terrorism nine years ago as Sri Lanka’s biggest achievement since independence, Ven. Nalaka alleged that the Sirisena-Wickremesinghe administration was brazenly pursuing a Western agenda severely inimical to the country.

The Ven thera said so addressing the media at Sri Sambuddhaththa jayanthi Mandiraya. The monk was flanked by retired Navy Chief of Staff and former UPFA MP Rear Admiral Sarath Weerasekera, Manohara de Silva, PC, Dr. Gunadasa Amarasekera and Gevindu Cumaratunga, convenor of Yuthukama organization.

Referring to Sri Lanka extending an invitation to Prince Edward, the Earl of Wessex and the Countess of Wessex for the main celebration at Galle Face, Ven. Nalaka said that the government should have invited Lord Naseby, whose recent defence of Sri Lanka in the House of Lords earned him love and respect of all patriotic Sri Lankans.

Lord Naseby was a special invitee at Independence Day celebrations in 2015.

Unfortunately, present day rulers lacked vision or courage to invite a Britisher, who had given Sri Lanka a fighting chance to reverse the Geneva process. There couldn’t have been a better foreigner than Lord Naseby to be invited as the Chief Guest at the combined security forces parade, the Ven Thera said.

Paying a glowing tribute to wartime President Rajapaksa and the armed forces for saving the country from terrorism, the Ven. Thera alleged that the UNP-led government was busy weakening the state. Emphasizing that Premier and UNP leader Ranil Wickremesinghe exercised real political authority, Ven. Nalaka said that President Sirisena carried out the former’s dictates.

Ven. Nalaka flayed successive governments for not taking tangible measures to ensure vital documents, reports et al were released in Sinhala language. The erudite monk cited the government’s failure to release Presidential Commission report on treasury bond scam in Sinhala as a glaring example of government incompetence.

Manohara de Silva, PC, warned of dire consequences unless the Geneva process was reversed. The PC alleged that the government had intentionally contributed to Western project meant to divide post-war Sri Lanka on ethnic lines by co-sponsoring Resolution 30/1 in Oct, 2015 against the country. Have you had ever heard of a government co-sponsoring an international resolution against its predecessors and the armed forces, de Silva asked, urging the people to be mindful of the yahapalana machinations.

Contrary to much publicized declarations by President Sirisena, Sri Lanka was being pursued by Western powers in accordance with the Geneva Resolution. The executive member of the National Joint Committee explained how the proposed constitutional reforms foisted on Sri Lanka could pave the way for regional governments. The constitutional expert explained the government strategy meant to empower Northern Province Chief Minister, retired Supreme Court judge C.V. Wigneswaran.

Briefly explaining various measures that had to be implemented in line with the Geneva Resolution within the next one and half years, de Silva said that those who had risked their lives for the motherland were at the receiving end.

Dr. Amarasekera said that present day rulers had pathetically failed to protect national interests much to the disappointment of the vast majority of people who believed that the May 2009 triumph over terrorism could transform the country. So called rainbow revolution in Jan 2015 had plunged the country into political crisis and today the government was busy pursuing a Western agenda to appease the Tamil Diaspora.

Dr. Amarasekera emphasized that whatever the media called the current administration it was certainly not a coalition. Although, a section of the SLFP loyal to President Sirisena had accepted ministerial portfolios, the UNP was clearly in control. The veteran writer explained the UNP project that brought SLFP General Secretary Maithripala Sirisena into power three years ago to undermine the Rajapaksas’ achievements. Having contested the last presidential election under hansaya symbol, Sirisena was nothing but a pawn whose office was being utilized by the UNP to transform Sri Lanka, Dr. Amarasekera said. The country would be certainly in a far worse position at the next year’s celebrations, Dr. Amarasekera warned, calling for the formation of new front to promote and protect national interests. President Sirisena couldn’t be expected to represent their interests as he was under the thumb of Wickremesinghe.

Gevindu Kumaratunga said that 70th anniversary celebrations should be examined against the backdrop of Geneva Resolution and Western powers recommendation of a new Constitution, a move meant to do away with Sri Lanka’s unitary status. Kumaratunga alleged that those who celebrated independence were busy conspiring against their own.

Kumaratunga and Sarath Weerasekera urged the electorate to be aware of the dangers posed by the unholy UNP, SLFP (Maithri faction) and JVP combination. They said the forthcoming local government poll would be crucial in a sense that it could help shape Sri Lanka’s future. Yuthukama representatives urged the electorate to reject UNP, SLFP and the JVP though they were contesting Feb 10 poll on their own.

Weerasekera complained that movie Gamini that was to be telecast on Derana yesterday wasn’t shown due to powerful intervention. The naval veteran alleged that those who felt threatened by such movies for obvious reasons opposed people who reminded of the scourge of terrorism. Weerasekera pointed out that the country was denied an opportunity to watch transformation of the home guard service to a force capable to playing an important role at a crucial time in Sri Lanka’s war against the LTTE.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions