4/29/2020

විපක්ෂය ජනාධිපතිතුමා ගෙන් ඉල්ලා සිටින්නේ සුභ සහ යස නාටකය යළි රඟ දක්වා හිස දන් දෙන ලෙසයි!

කතෘ:යුතුකම     4/29/2020   No comments



විපක්ෂයේ රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, ආර්. සම්බන්ධන්, පාඨලී චම්පික, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර් දීන් සහ මනෝ ගනේෂන් යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඒකාබද්ධ ප්‍රකාෂනයක් මඟින් අතිගරු ජනාධිපතිතුමා ගෙන් ඉල්ලා සිටින්නේ එතුමා විසින් සිදු කරන ලද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බල රහිත කරන ලෙස ය. එසේ නො කරන්නේ නම් අඩුම තරමින් විසුරුවා ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ය.

ජනාධිපතිතුමා ගෙන් මේ ඉල්ලීම කරන්නෝ ඔවුන් බලයේ සිටිය දී එතුමාව බොරු චෝදනා මත කෙසේ හෝ සිරගත කිරීමට, අපරාධකාරයෙකු ලෙස හංවඩු ගැසීමට බොහෝ දුෂ්ට ප්‍රයත්නයන් දැරූවෝ ය. එතුමාගේ පුරවැසිභාවය පිළිබඳ පදනම් විරහිත චෝදනා නඟමින් එතුමා ගේ ජනාධිපති අපේක්ෂකත්වය ම සුණුවිසුණු කරදැමීමට අශිෂ්ට ප්‍රයත්නයක නිරත වූවෝ වෙති. 15 ලක්ෂයක වැඩිඡන්දයකින් ජනාධිපති තනතුරට පත් වූ පසුව ද මුදල් ප්‍රතිපාදන වෙන් කරගැනීමට ඉඩ නොදුන්නෝ වෙති.
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ම පැවති පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුවක් පත් කරගැනීමට ජන වරමක් ද පතමිනි. ඒ හා සමඟම බෙදුම්වාදීන් ගේ, ෆෙඩරල්වාදීන් ගේ, ආගමික අන්තවාදීන් ගේ සහයෙන්, කිසිවිටෙකත් රජයක් නොපිහිටුවන බවට ප්‍රතිඥා දෙමිනි. මේ අනුව විපක්ෂය ජනාධිපතිතුමා ගෙන් ඉල්ලා සිටින්නේ 69 ලක්ෂයක් ජනතාව එතුමාට දුන් ජනවරම ම පාවාදෙන ලෙස ය.

එ පමණක් ද නො වේ. බෙදුම්වාදීන් ගේ හා ආගමික අන්තවාදීන් ගේ බලයට නතුව ඇති, පැවති පාර් ලිමේන්තුව කැඳවූ සැනින් ජනාධිපතිතුමාට සුදුසු පරිදි මුදල් වියදම් කිරීම වළක්වාලනු ඇත. කොරෝනා මර් දනයට ගෙන ඇති සාර්ථක පියවර අවුල් වන යෝජනා සම්මත කරනු ඇත. එම්. සුමන්දිරන් මහතා කර ඇති ප්‍රකාශවලින් පැහැදිලි වනුයේ ජනාධිපතිතුමාට දෝෂාභියෝගයක් ගෙන ඒමට දැනට ම කුමණ්ත්‍රණයක් පවතින බව යි. කුමණ්ත්‍රණකරුවන් ගේ ම කතානාකවරයෙකු ද වන බැවින් එවන් යෝජනාවක් පිළිගැනීමට අවශ්‍ය වනුයේ සාමාන්‍ය බහුතරය පමණි. එ විට ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ද අහිමි වේ.

අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි, මවුබිමට එරෙහි වූ, සමස්ත රට වැසියාට ම එරෙහි වූ මේ දුෂ්ට කුමණ්ත්‍රණය සහමුලින් ම පරාජය කිරීමට නායකත්වය දීම ඔබතුමා ගේ ප්‍රමුඛ යුතුකම යි. එහි දී සාතිශය බහුතරයක් ජනතාව ඔබතුමා සමඟ සිටගන්නා බවට සැකයක් නැත. එ ලෙස ම මාරාන්තික කොරෝනා වෛරසය පරාජය කිරීමට අප සමත්වනු ඇත්තේ ද මේ බෙදුම්වාදී ආගම්වාදී අන්තවාදීන් ගේ කුමණ්ත්‍රණය පරාජය කළහොත් පමණක් බව අප ගේ සදාදරණීය ජනතාව ද තේරුම්ගත යුතු ව ඇත. 




ගෙවිඳු කුමාරතුංග
සභාපති - යුතුකම
2020-04-29
 
 
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions