4/03/2020

මාධ්‍ය නිවේදනය: මුස්ලිම් සහෝදරවරුනි, වගකීමෙන් කටයුතු කරන්න

කතෘ:යුතුකම     4/03/2020   No comments



මාධ්‍ය නිවේදනය
මුස්ලිම් සහෝදරවරුනි, වගකීමෙන් කටයුතු කරන්න

පසුගිය දින දෙකතුන ඇතුළත සොයා ගැණුනු කොරෝනා රෝගීන් සහ ඔවුන් කටයුතු කර ඇති ආකාරය සැලකිල්ලට ගැනීමේ දී මුස්ලිම් ප්‍රජාවෙහි ඇතැම් සාමාජිකයන් තමන් ගේ විදේශ ගමන්බිමන් පිළිබඳ තොරතුරු වසන් කරමින්, තමන් ගේ රෝගී තත්වයන් පිළිබඳ තොරතුරු වසන් කරමින්, තම ප්‍රජාව තුළ හා රට පුරා යමින්එමින් කටයුතු කර ඇති බව පැහැදිලි ය. පොදු යහපත වෙනුවෙන් අනුගමනය කළ යුතු වත්පිළිවෙත් ගැන, තම වගකීම් හා යුතුකම් ගැන කිසිඳු හැඟීමකින් තොර ව කටයුතු කර ඇති බව පැහැදිලි ය. සමස්ත රටේ ම දෙකෝටියකට අධික ජනතාව වෛරසය පාලනය කිරීම සඳහා සිදු කර ඇති කැපකිරීම් සියල්ල මේ වගකීම් විරහිත ක්‍රියාකාරකම් නිසා අපතේ යන තත්වයක් උද්ගතව ඇත.

මේ භයානක තත්වය හමුවේ පවා මුස්ලිම් ප්‍රජා නායකත්වය තම ප්‍රජාව ගෙන් සිදු කර ඇති විදේශ ගමන් පිළිබඳව, මතුව ඇති රෝග ලක්ෂණ පිළිබඳව, විදේශ ගතවූවන් හෝ රෝගීන් හෝ ඇසුරු කිරීම පිළිබඳව අදාළ සෞඛ්‍ය බලධාරීන් දැනුම්වත් කරන ලෙස ඉල්ලා සිටින බවක් දක්නට නැත. රෝග ලක්ෂණ මතු වූ විට තොරතුරු සඟවමින් තම ප්‍රජාව හා අවසානයේ සෞඛ්‍ය කාර්‍යමණ්ඩල පවා අනතුරට පත්වන ආකාරයට ක්‍රියා නොකරන ලෙස ඉල්ලා සිටීමට බරපතල ලෙස මැදිගත්වීමක් දක්නට නැත. තම ප්‍රජාව දැනුම්වත් කරමින් ඔවුන්ව ද පොදුවේ සමස්ත සමාජය ද මේ උවදුරින් ගලවා ගැනීමට දායකත්වය සපයනවා වෙනුවට, මියයන තම භක්තිකයන් ගේ අවසන් කටයුතු පිළිබඳ අනවශ්‍ය හා නුසුදුසු මැදිගත්වීමක් කරමින් සිටිනු දක්නට තිබීම කණගාටුදායක ය. තම ප්‍රජාව ගේත් සමස්ත රට වැසියා ගේත් ජීවිත සුරක්ෂිත කරගැනීමට නොපමාව මැදිහත් වන ලෙස අපි මුස්ලිම් ප්‍රජා නායකත්වයෙන් ඉල්ලා සිටිමු.

තමන් ගේ විදේශ ගමන් පිළිබඳ, තමන් ගේ රෝගී තත්වයන් පිළිබඳ, විදේශ ගතවූවන් නැතිනම් රෝගී වූවන් ඇසුරු කර තිබීම පිළිබඳ තොරතුරු වසන් කරන්නන් හට ඔවුන් ගේ ජනවර්ගය, අදහන ආගම, වෘත්තිය නැතිනම් සමාජ තත්වය, දේශපාලන පක්ෂපාතකම් යන කිසිවක් සැලකිල්ලට නොගෙන දැඩි දඬුවම් පමුණුවන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

යුතුකම ජාතික සංවිධානය වෙනුවෙන්,
ගෙවිඳු කුමාරතුංග
සභාපති

2020-04-02

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions