4/22/2020

පාස්කු ඉරිදා අහිමි වූ ජීවිතවලට සදාතනික අගයක්!

කතෘ:යුතුකම     4/22/2020   No comments



පාස්කු ඉරිදා අහිමි වූ ජීවිතවලට සදාතනික අගයක්!

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදු කෙරුණේ ඇයි, ඒ සඳහා පාස්කු ඉරිදා ම තෝරාගැනුණේ ඇයි, ඒ සඳහා මූලික ව ම කතෝලික දේවස්ථාන තෝරාගැනුණේ ඇයි යන ප‍්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු ඒ ප‍්‍රහාරයන්ට වසරක් පිරෙන මේ අවස්ථාවේ දී ද අපි නොදනිමු. එහෙත් ප‍්‍රහාරකයන් යම් අවස්ථාවක දී බෞද්ධ මුහුණුවරක් ගැනීම පිණිස සිවුරු හා සිල්රෙදි රැස්කර තිබූ බව, පාස්කු ප‍්‍රහාරයත් සමඟ ම ජාත්‍යන්තර මාධ්‍ය අන්තවාදී බෞද්ධයන් ගැන අදහස් පළ කළ බව සැළකිල්ලට ගත්කළ කුපිත වන ජන සමූහයා අතින් පැන නගින ගිනිජාලාවන් මතින්, ලේ ගංගා මතින්, මළමිනී කඳුමතින් බෞද්ධයා වගකිවයුතු කළු පාස්කුවක් සැලසුම් වී තිබෙන්නට ඇති බව පෙනීයයි. දෙමළ ජනවර්ගයට හා නව ක‍්‍රිස්තියානි ලබ්දියකට අයත් වන එම්.සුමන්තිරන් මන්ත‍්‍රීතුමා වරද බෞද්ධයන් පිට පටවමින් මේ ප‍්‍රහාරය සාධාරණීයකරණය කිරීමට නිර්භීත (නිර්ලජ්ජිත) වූ බව ද අප අමතක නොකළ යුතු ය. අතිඋත්තම මැල්කම් රංජිත් කාදිනල්තුමා ගේ ජනයා සන්සුන් කළ මැදිහත්වීම, ලබාදුන් විශිෂ්ට නායකත්වය නොවන්නට මේ ම්ලේච්ඡ සිහින සැබෑවනු ඇත.

ඒ අඳුරු මොහොතේ සෑම සියලූ ශ‍්‍රී ලාංකිකයෙකු ගේ ම හදවත්හි රැව්දුන් දයාවේ, සාධාරණත්වයේ හා යුක්තියේ හ`ඩ ඉතා සන්සුන් ලෙසත් තිරසාර ලෙසත් නැගීමට උන් වහන්සේ සමත් වූ බව අප සිහිපත් කරනුයේ කෘතඥපූර්වකව ය. මේ නිසා ම පසුගිය වසර තුළ ම්ලේච්ඡ ප‍්‍රහාරකයන් ගේ බලාපොරොත්තු සුනුවිසුණු කරමින් බෞද්ධ කිතුණු සමගිය අද අන් කවරදාටත් වඩා ගොඩනැගී ඇත. සුළු වාර්ගිකයින් ගේ, සුළු ආගමිකයන් ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගැනීම බෙදීම, වෙන්වීම මගින් නොව, මේ රටේ ප‍්‍රධාන සංස්කෘතිය හා එක්වීමෙන් බව කාදිනල්තුමා මේ තීරණාත්මක මොහොතේ දී ද පෙන්වාදුනි. ඒ එක්වීම තුළ, ඒ සහෝදරත්වය තුළ ප‍්‍රධාන සංස්කෘතිය ද ඒ අන්‍ය ආගම්හි සාරධර්මයන් ගෙන් පෙරලා පෝෂණය වී සැමට අපේ යැයි කිවහැකි මහා සංස්කෘතියකට මගපාදනු ඇත.

බෞද්ධ, කි‍්‍රස්තියානි සමගිය බෞද්ධ, ක‍්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් සැම ගේ සමගිය පිණිස පදනමක් සපයන්නේ නම් එය පාස්කුප‍්‍රහාරයෙන් අහිමි වූ සෑම ජීවිතයකට ම සදාතනික අගයක් ලබාදීමක් වනු ඇත.

ගෙවිඳු කුමාරතුංග
සභාපති - යුතුකම ජාතික සංවිධානය

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions