6/07/2019

ගැමුණු දුටුගැමුණු කළේ එදා හිටපු රාජ්‍ය නොවන සංවිධාන - ආචාර්ය නලීන් ද සිල්වා [Video]

කතෘ:යුතුකම     6/07/2019   No comments

ආචාර්ය නලීන් ද සිල්වා

(විජයග්‍රහණයේ දස වැනි සංවත්සරය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැති රණවිරු සැමරුමක් අමතමින් කළ දේශනයක් ඇසුරිනි)

දේශනයේ පළමු කොටස

 

දේශනයේ දෙවන කොටස

 

සිංහල බෞද්ධ, සිංහල කතෝලික, දෙමළ, මුස්ලිම් හින්දු ආදී වශයෙන් කුමන සංස්කෘතියක් තුළ ජීවත් වුවත්, අපේ මහා සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියයි. එය අප අමතක නොකළ යුත්තකි. මෙහිදී මා කියන්නේ අපේ ආගම ගැන නොව අපේ සංස්කෘතිය පිළිබඳව බවද සිහිපත් කළ යුතුය.

එම සංස්කෘතියේ අපි දන්නා කියන චරිත කිහිපයක් ඇත. ඒ අතර අපගේ බෝසතාණන් වහන්සේලා ප්‍රමුඛය. උන්වහන්සේලා ගැන අප දන්නේ තමන්ගේ නිවන අනුන්ගේ නිවන වෙනුවෙන් දීර්ඝ කරගත් අය හැටියටයි. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ සුමේධ තවුසාව සිටියදී, දීපංකර බුදුරජාණන් වහන්සේගේ පා සෙවණෙහි අරහත් ඵලයට පත්වීමට අවස්ථාව තිබුණත් එසේ නොකළේ අනුන්ගේ නිර්වාණය වෙනුවෙනුයි.

අද අපි උපහාර දක්වන්නේත් තම ජීවිත අනුන් වෙනුවෙන් කැප කළ අයගේ දෙමාපියන් බිරින්දෑවරුන් ඇතුළු ඥාතීන් වෙනුවෙනි. අපේ රණවිරුවන් ගැන කියද්දී අපේ හදවත් සංවේදී වන අවස්ථා තිබේ. තරු නිදන රාත්‍රියක වුවත් අපේ සෙබළුන් නිදා නොනිදා රැය පහන් කළේය. බැරි වෙලාවත් ඔවුන් නිදාගත්තේ නම් අපට නිදාගන්නට සිදුවී බොහෝ කල්ය.

අතීතය දෙසට හැරෙද්දී අපට හමුවන වැදගත් කාරණා සමූහයකි. ඒ අතරින් සිද්ධි කිහිපයක් විස්තර කිරීමට මා කැමැතිය. අප සිතා සිටින එක් කරුනක් වන්නේ ලංකාවේ දෙමළ කතා කරන ජනතාව වසර දහස් ගණනක සිට ලංකාවේ පදිංචිව සිටින බවයි. ගැමුණු රජු සමග යුද කළ එළාර දෙමළ බව අපි සිතන තවත් දෙයකි. ගැමුණු රජුට දුටුගැමුණු යැයි එවකට කී‍වේ රාජ්‍ය නොවන සංවිධානවල අයයි. එදත් අදත් එන්ජීඕ ක්‍රියාකාරිත්වය එබඳුය. කෙසේ නමුත් ගැමුණු රජු හා යුද කළ එළාර දෙමළ අයකු නොවේ. මගේ නිගමනය නම් ඔහු පර්සියාවේ සිට පැමිණි වෙළෙන්දෙකි. එළාර සොළී අයකුද නොවේ. සොළීන් දකුණු ඉන්දියාවේ බලයට පත් වූ‍යේ ඉන් සියවස් ගණනකට පසුවය. තවද සොළීන් යනු ජාතියක් හෝ ජන වර්ගයක් නොවේ. ඔවුන් අද දකුණු ඉන්දියාව පාලනය කරන ආකාරයේ එක් වංශයක් පමණි. අප දන්නා අශෝක රජුද එවැනිය. ඔහු මෞර්ය වංශයට අයත්ය. සොළීන්ද වාංශිකයන්ය. එහෙත් එළාර සොළියකු නොවේ. සොළීන් පැමිණියේ ඊට සියවස් ගණනකට පසු මහා වංශය ලියන අවදියේයි. අපේ රටේ දෙමළ කතා කරන ජනතාවක්, 12 වන සියවසට පෙර සිටියේ නැත. ඒ බව කියන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රකට ඉතිහාසය පිළිබඳ මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාලන් මහතායි. ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියට ලියන ලද සිය නිබන්ධනයේ ඒ බව දක්වා තිබේ.

එසේ නම් අපට අසන්නට දෙයක් තිබේ. ලංකාවේ උතුරට දෙමළ කතා කරන ජනතාව පැමිණෙන්නට පටන් ගත්තේ ආර්ය චක්‍රවර්ති රාජ්‍යයක් ඇති කිරී‍මෙන් පසුයි. එතෙක් එහි සිටියේ සිංහලුන්ය. ආර්ය චක්‍රවර්තින්ගෙන් පසු යම් යම් ද්‍රවිඩ කොටස් එහි පැමිණියද මලයාලම් කතා කරන ද්‍රවිඩ කොටස් එහිදීද වැඩිපුර පැමිණ තිබේ.

පෘතුගීසීන් මෙරටට පැමිණෙන විටද යාපනයේ සිටි බහුතරය සිංහලුන් බව පෘතුගීසී ඉතිහාසඥයකු වන ක්වේරෝස් පියතුමා සඳහන්කර ඇත. එම පියතුමා පෘතුගීසී කතෝලික පියතුමෙක් බැවින් ඔහු සිංහලයින්ට විශේෂ කොට ඉතිහාසය ලිව්වා නොවේ. යාපනයට දෙමළ කතාකරන ජනයා ගෙන්වන්නට පටන් ගත්තේ ලන්දේසීන්ගෙන් පසුය. එනම් 1650 න් පසුය. ඔවුන් වෙල්ලාල යැයි කොටසක් උතුරේ දුම්කොළ වවන්නට රැගෙන ආවේය. ආඬියා නමැති දකුණු ඉන්දියාවේ ළිං ක්‍රමයක්ද ගෙනාවේය. ඔවුන් ලන්දේසීන්ගේ අනුග්‍රහයෙන් යාපනයේ ප්‍රධාන කුලය බවට පත් කෙරිණි. අප ඉහත කී මලයාලම් කතා කළ පිරිසද එම පිරිසට අවශෝෂණය විය. මදුරාසියේ කතා කරන ද්‍රවිඩ භාෂාවට වඩා උතුරේ දෙමළ ජනතාව කතා කරන ද්‍රවිඩ භාෂාවෙහි මලයාලම් වචන වැඩි එබැවිනි.

ඊළඟ කාරණය යම් විස්මයක් ඔබට දැනෙන්නට ඉඩක් තිබේ. ඒ යාපනයේ දැනට සිටින ද්‍රවිඩ ජනතාවගෙන් ඉතා වැඩි ප්‍රමාණයක් දෙමළ හින්දු සංස්කෘතියකට අවශෝෂණය කරගන්නා ලද සිංහල මිනිසුන්ය. යාපනයේ නලවාර් නම් කුලයක් තිබේ. නලවාර් යනු යාපනයේ ‘‘රා’’ මදින්නන්ය. නලවාර් යන වදනේ නිරුක්තිය දෙමළෙන් ගත් විට නළ යනු ‘‘බට’’ යන්නයි. රා මදින විට ගන්නා ලද බට වර්ගයක් මින් හැඟවේ. ඒ අනුව පෙනී යන්නේ කුමක්ද? උතුරේ අද සිටින දෙමළ ජනතාවගෙන් බහුතරය ඊනියා අඩු කුලවලට පත් කොට දෙමළ සමාජයට අවශෝෂණය කරගත් සිංහල ජනතාවයි. 1650න් පසු මේ පැමිණි වෙල්ලාලයන්ට ලන්දේසීන් අනුග්‍රහ දැක්වීය. ලන්දේසීන්ට අවශ්‍ය වූයේ නැගෙනහිර පළාතේ වරාය සහ භූමිය තමන්ට ලියා ගන්නටය. ඔවුන් ඒ සඳහා යෙදූ උපක්‍රමය වන්නේ එහි මුදලි කෙනකු ලවා ‘‘යාල්පානම් වයිපමාලේ’’ නමින් බොරු ඉතිහාස පොතක් ලියවා ගැනීමයි. මහාචාර්ය ඉන්ද්‍රපාලන් මහතා පවසන්නේ ද එහි ඇති කතාන්දරය පිළිගත නොහැකි බවයි. එය ලියන ලද්දේ රාජසිංහ රජුට හා අනෙකුත් අයට නැගෙනහිර පළාතේ වරායවල් අහිමි කරන්නට මිස අන් කිසිවක් උදෙසා නොවේ.

ලන්දේසීන් ගිය පසු මෙරටට ආවේ ඉතාම කපටි සූර මෙන්ම චෞර ඉංග්‍රීසීන්ය. ඔවුන් පැමිණ වෙල්ලාලයන්ට නොයෙකුත් තනතුරු වරදාන ලබාදුනි. ඒ 1815න් පසුයි. 1833 වසරේ මෙරට ව්‍යවස්ථා සභාවක් පත් කෙරිණි. ඊට නිල නොලත් මන්ත්‍රීවරු හය දෙනකු ඇතුළත් විය. ඉන් තිදෙනකු ඉංග්‍රීසීන්ය. අනෙක් තිදෙනා ලාංකික සිංහල, දමිළ හා බර්ගර් ජනකොටස්වලින් අයකු බැගින් තෝරා ගැනිණි. මේ තිදෙනාගෙන් එක් අයෙක් සිංහලය. ඒ කාලය වන විට ලංකාවේ ඉතිහාසය වසර 2300වත් සිංහලුන් ජීවත් වී ඇත. ඒ වන විට දෙමළ කතා කරන ජනයා පැමිණ වසර 150ක් වත් නැත. එසේ නම් ලංකාවේ දෙමළ කතා කරන ජනතාවගෙන් ඉතිහාසය අවුරුදු 350ට අඩුයි. ඒ බව එක් වාග් විද්‍යාඥයකු පෞද්ගලිකව දැක්වූ අදහසක් මට සිහිපත් වේ. එමෙන්ම අපේ ර​ටේ දෙමළ කතා කරන ජනතාවගේ ඉතිහාසය වසර තුන්සිය පනහකට වඩා දිගු නැති බව කියන්නට කාරණා කිහිපයක් වෙයි. ඒ යාපනය කතා කරන දෙමළ සහ චෙන්නායිවල කතා කරන දෙමළ අතර ඇති වයස් පරතරයයි. එක් භාෂාවක් වෙන්වී ප්‍ර‍දේශ දෙකක කතා කරන විට එහි වෙනසක් ඇතිවේ. ඔස්ට්‍රේලියාවේ කතා කරන ඉංග්‍රීසි එංගලන්තයේ එළිසබෙත් රැජන කතා කරන ඉංග්‍රීසිය නොවේ. ඒ අනුව යාපනයේ කතා කරන දෙමළ හා චෙන්නායි කතා කරන දෙමළ අතර වෙනස අවුරුදු තුන්සිය පනහකි. ඒ ගැන කිසිවකුට කිසිවක් කිව නොහැකිය.

එහෙත් එසේ පැමිණි වෙල්ලාලයන්ට ඉංග්‍රීසීන් 1833 සිට තැන ලබාදුනි. මොවුන් තෝරාගත් පවුලක් වෙල්ලාලයන් අතර සිටියේය. ඒ පොන්නම්බලම් කුමාරස්සාමි පවුලයි. ඉංග්‍රීසීන් ලංකාවේ පාලන බලය ලබා දෙන්නට බලා සිටියේ ඔවුන්ටය. පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම් ද ඒ පවුලට අයත්ය. මුළු ආසියාවෙන්ම පළමු නයිට් පදවිය ලැබුවේ මේ කියන පොන්නම්බලම් කුමාරස්සාමිය.

1912 ලංකාවේ පළමු වරට සීමිත ඡන්දයක් ලබාදුනි. එය ලැබූයේ උගත් හා දේපොළ ඇති අයටයි. එහිදී නරක දෙයක් සිදුවුණි. එහිදී වෙල්ලාලයකු ලෙස ඉදිරිපත් වූ අය ජයග්‍රහණය කෙරිණි. සිංහල තැනැත්තා පරාජය විණි. එහිදී දෙමළ කතා කරන ජනතාවගේ ඡන්ද බලය තිබුණේ වෙල්ලාලයන්ට පමණි. ඒ නිසා කුල වශයෙන් බෙදීමක් නැත. එහෙත් සිංහල උගත් යැයි කී අයගේ කුල වශයෙන් බෙදීමක් තිබුණි. සිංහල සමහරු හිතුවේ වෙල්ලාල කියන්නේ ගොවිගම කියායි. වෙල්ලාලයන් සකස් වෙන්නට හැදුවේද ඒ ලෙසිනි. ඉන්දියාවේදී මොවුන් ශුද්‍ර කුලයට අයත්ය. ලංකාවේදී ඔවුන් උසස් කුලයක් බවට පත්විය. ඒ අනුව සිංහල අයද එක්වී වෙල්ලාල අයකු එදා පත් කර ගත්තේය.

1920 ගණන් වන විට පොන්නම්බලම් අරුණාචලම් එක්තරා අන්දමකට ලංකාවේ ප්‍රථම ජාතිවාදී සංවිධානයක් වන හින්දු සභාව පිහිටුවන ලද්දේය. 1931 දී අපට සර්වජන ඡන්ද බලය දුන්නේද ඉංග්‍රීසීන්ය. ඉන්පසු අප රටේ විශාල වෙනසක් ඇතිවිය. ඒ සිංහල මන්ත්‍රීවරුන් වැඩිවීමය. එම සර්වජන ඡන්ද බලයට විරුද්ධව පොන්නම්බලම් රාමනාදන් ඩොනමෝර් කොමිසම හමුවටද ගියේය. ඔහු කීවේ මෙහෙම වුණොත් සිංහලයින්ගේ ආධිපත්‍යයට ඔවුන්ට යටත් වීමට සිදුවන බවයි.

ඔය ආකාරයට ගොස් ​සෝල්බරි කොමිසමද පැමිණියේය. ඒ 1940 ගණන්වලයි. ද්‍රවිඩ නායකයින් එහිදී කතා කළෙත් සර්ව ජන ඡන්ද බලයට එරෙහිවයි. එනම් සිංහලයින්ට බහුතරය නොලැබෙන ආකාරයක් ගැනයි.

1947 පාර්ලිමේන්තුව පිහිටු වූ අතර, එහිදී රාජාසන කතාව කරන්න නැගී සිටි නාගනාදන් මහතා කීවේ දැන් සිංහලයින්ට නිදහස ලැබී ඇති අතර, දෙමළ අයට සිංහලයින්ගෙන් නිදහස ලබා ගැනීමට අවස්ථාව එළැඹ ඇති බවයි.

1949දී ලංකාවේ ඉලංගෙයි අරසුකච්චි (ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය) නමින් පක්ෂයක් පිහිටුවා ගනු ලැබිණි. එහි සභාපති වූයේ චෙල්නායගම් මහතායි. මේ දේවල් සිදුවූයේ 1956ට කලිනි. බොහෝ අය සිතන්නේ ගැටලු පැන නැගුණේ 1956න් පසු සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළාට පසුව යැයි කියායි. බණ්ඩාරනායක මහතාගේ ජයග්‍රහණයෙන් පසු සිංහල රාජ්‍ය භාෂාව කළේය. කාර්වල ‘‘ශ්‍රී’’ අකුර ගැහුවේය. ශ්‍රී අකුරට තාර ගෑවේය. ඉස්සර තිබුණේ ඉංග්‍රීසි අක්ෂරය. ඒවාට කිසිවෙකු තාර ගෑවේ නැත. තාර ගෑවේ සිංහල අකුරුවලටය. මෙම ප්‍රශ්නය ඔඩු දුවමින් තිබී දෙමළ වෙල්ලාල නායකයෝ මෙය කොතරම් කුරුවල් කළේද යත් 1976 වඩුක්කොඩෙයි සමුළුවේදී ලංකාවේ වෙනම රාජ්‍යයක් විය යුතු බවට යෝජනාවක් සම්මත කර ගත්තේය. අෂ්රොෆ් මහතාද ඊට සහභාගි විය.

ලංකාවේ තවත් එක් සිදුවීමක් වුණි. ඒ ලංකාවේ වාමාංශික පක්ෂවලට ජනතා විමුක්ති පෙරමුණ පැමිණියාක් මෙන් ඔවුන් කීවේ සම සමාජ පක්ෂවල අය බොරුවට විප්ලව ගැන කතා කළාට කරන දෙයක් නැති බැවින් ඔවුන් ආයුධ අතට ගන්නා බවයි. ඒ 1960 ගණන්වලය. ඔවුන්ගේ ආභාෂය ලද උතුරේ දෙමළ තරුණයින් කොළඹ ප්‍රභූ ජීවිත ගත කළ වෙල්ලාල නායකයින්ට විරුද්ධව අවි අතට ගත්තේය.

එම ත්‍රස්තවාදය අපේ සමාජයට පසු කලෙක පිළිලයක් විණි. ත්‍රස්තවාදය පරාජය කරන්නට නම් ගිවිසුම්වලින් ඈත්විය යුතුව තිබුණු බව මාගේ විශ්වාසය විය. අවුරුදු දහස් ගණනක් සටන් ඉතිහාසයක් ඇති අපට හුරු සටනය. එහිදී දිනුම අපට හිමිය. එහි උරුමක්කරුවන් රණවිරුවන්ය.

පසුගියදා තවත් ත්‍රස්තවාදයක් මතුවුණි. දෙමළ ත්‍රස්තවාදයට වඩා මෙහි වෙනස්කම් ඇතත් මෙය අපට පරාජය කළ හැකි ත්‍රස්තවාදයක් බව කිව යුතුය.

අවුරුදු සිය ගණනකට පසු එය අපට ලැබුණු ආශිර්වාදයක්ද වෙයි. මෙම කළු වලාකුළේ රිදී රේඛා ගණනක්ව දැකිය හැකිය. සිංහල බෞද්ධයාට වගේම, සිංහල කතෝලිකයන්ට, දෙමළ කතෝලිකයන්ට මෙන්ම මුස්ලිම්වරුන් ඇතුළු සැමට දැන් එකතු විය හැකියි. අද අප රටේ භික්ෂූන් වහන්සේලා මෙන්ම කාදිනල්තුමන්ද ඒ ගැන කතා කරයි. අපට දැන් සියලු ජන කොටස් සිංහල බෞද්ධ ධජයේ සෙවණ යටට කැඳවා ගත හැකිය. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියේ සෙවණට සියලු ජනකොටස් එක් කර ගැනීමේ උදාර අවස්ථාවක් අද අපට හිමිව ඇත. එබැවින්ම මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය සංස්කෘතියක් වශයෙන් අපට පරාජය කළ හැකිය.

ආචාර්ය නලීන් ද සිල්වා

(විජයග්‍රහණයේ දස වැනි සංවත්සරය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැති රණවිරු සැමරුමක් අමතමින් කළ දේශනයක් ඇසුරිනි)

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions