6/06/2019

කැකිල්ලේ තීන්දුව ඔස්සේ මුස්ලිම් ඇමතිවරු රටට දෙන පණිවිඩය කුමක්ද?

කතෘ:යුතුකම     6/06/2019   No comments

එක් අන්තවාදී ඇමතිවරයෙකුට එරෙහිව රට පුරා මතුවූ විරෝධයට ප්‍රතිචාර දක්වමින් සියලු මුස්ලිම් ඇමැතිවරැන් ඉල්ලා අස්වීමට ගත් නාටකීය තීරණය ඔස්සේ ඔවුන් අපට ලබාදෙන පණිවිඩ කීපයක් තිබේ. ඒ මොනවාද?

> ත්‍රස්තවාදී වුවද අන්තවාදී වුවද වෙන කුමන වැරැද්දක් කළද ජාතිය මුස්ලිම් නම් තමන් ත්‍රස්තවාදීන් සමග වුවද එකට සිටගන්නා බව පෙන්වීම.

> රට පුරා බෞද්ධ, කිතුනු, හින්දු, ආදී සියලු ජනතාවගෙන් අන්තවාදීන්ට එරෙහිව නැගුණු විරෝධය සමස්ත මුස්ලිම් ජනයාට එරෙහි විරෝධයක් හිංසනයක් ලෙස හුවා දැක්වීම.

> අන්තවාදීන් හා මුස්ලිම් සමාජය එකිනෙකින් වෙන් කිරීම වෙනුවට මුස්ලිම් ඇමැතිවරු, මුස්ලිම් ජනතාව, හා අන්තවාදීන් යන සියල්ලෝ එක කදවුරක් බව පෙන්වා දීම.

> වහාබ් අන්තවාදීන් හා ඊට එරෙහි සිංහල, දෙමළ, මුස්ලිම් පොදු ජනයා යන බෙදීම වෙනුවට සිංහල මුස්ලිම් ලෙස සමාජය බෙදා වෙන් කිරීමේ ‍සමාජ බෙදුම්වාදයට දායකත්වය සැපයීම.

> අන්තවාදයෙන් බැටකන අන්තවාදයට එරෙහි මුස්ලිම් ජනයා පවා නින්දිත ලෙස පාවා දෙමින් පොදු මුසල්මානුවා සහ අන්තවාදියා එක කදවුරකට ගාල් කිරීම

> පොදු මුස්ලිම් සමාජය ත්‍රස්තවාදයට එරෙහි බව තවදුරටක් විශ්වාස කරන සියලු දෙනාගේ සැබෑ සංහිදියාව තුච්ඡ ලෙස හෑල්ලුවට ලක් කිරීම.

පසුගිය දිනවල තොග පිටින් හමුවන අවි ආයුධ කඩු කිනිසි ගැන තක්කඩි කතා කියමින් රට ගිනි තැබුවේද මේ වගකීම් විරහිත ඇමතිවරැමය. එහිදී මධ්‍යස්ථ හැසිරීමක් පෙන්නුම් කළ කබීර් හෂීම් වැනි ඇමතිවරැන් පවා අද රිෂාඩ් - අසාද් කල්ලිය හා එක්ව සිටීම කනගාටුදායක තත්ත්වයකි. පසුගියදා බුදු පිළිම කැඩූ අන්තවාදීන් පොලීසියෙන් බේරාගැනීමට ප්‍රබලයෙක් බලපෑම් කළ බව ප්‍රසිද්ධියේ කීවේ මේ කබීර් හෂීම් මය.

එමෙන්ම පසුගිය දිනවල කබීර් හෂීම්ගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ මුස්ලිම් තරුණයෙක් වහාබ්වාදීන්ගේ වෙඩි පහරට ලක්විය. ඒ මාවනැල්ලේ බුදුපිළිම කැඩූ ත්‍රස්තවාදීන්ට එරෙහිව කටයුතු කිරීම නිසාය. වෙඩි පහරින් බරපතළ තුවාල ලැබුවද තවම ඒ තරුණයා ජීවත්ව සිටී. අද ඒ තරුණයාට වහාබ්වාදීන් සමග එකට සිටගත් තම ස්වාමියා ගැන කුමක් සිතෙනු ඇතිද?

මේ පිරිස ගෙන ඇත්තේ රටේ සැබෑ සංහිදියාවට අතිශය හානිදායක තීන්දුවකි. ජාතිවාදයට එරෙහිව කතා කිරීම ජාතිවාදය ලෙස අර්ථදක්වන ලංකාවේ විකල්ප හොරිකඩයන් පමණක් මේ තීන්දුවෙන් මහත් අමන්දානන්දයට පත්ව, ඇද්ද තොපිටැයි සිංහල ‍අපෙන් අසමින් මුස්ලිම් ඇමතිලාගේ යහපත ගැන ගුණ ගායනා කරති.

කෙසේ හෝ වේවා මුස්ලිම් ඇමැතිවරු ප්‍රශ්න විසදා ගන්නට එන්නේ මේ ක්‍රමයෙන් නම් ඔවුන්ට නිසි පිළිතුරු දීමට සිංහලයාද සූදානම් විය යුතුය.

එය කළ හැක්කේ ප්‍රචණ්ඩත්වයෙන්, ජාතිවාදයෙන් නොව සිංහලයාගේ සමගිය තුළිනි.

කියන තරමේ ඉලව් බලයක් ලංකාවේ මුස්ලිම් ඡන්දවලට නැති අතර, මෙය අන්තවාදීන්ගේ ශක්තිය ‍හෝ සමගිය ගැන ප්‍රශ්නයක් නොව සිංහලයාගේ අසමගිය හා තකතීරුකම පිළිබද ප්‍රශ්නයකි.

සිංහලයා පක්ෂ පාටවලට නොබෙදී සමගි වේ නම් නරේන්ද්‍ර මෝඩිටත් වඩා පහසුවෙන් අන්තවාදීන්ගෙන් තොර ආණ්ඩුවක් තැනීම අපට පහසුවෙන් කළ හැක්කකි.

ඉදිරියේදී ඒ සදහා පෙළ ගැසීමට මේ සියලු ව්‍යාසනයන් ආශිර්වාදයක් කර ගත හැකි නම් අනාගතයේදී සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේ යහපැවැත්ම ගැන කිසිවෙකුට බිය වීමට සිදු නොවේ.

ඉසුරු ප්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions