8/21/2018

කලාවේ නිදහස සහ පාදඩයන්ගේ පඩි කතා

කතෘ:යුතුකම     8/21/2018   No comments


  • බුදුදහමේ එන අදහස්වලට පටහැනි හා එම අදහස් විවේචනය කරමින් ලියවුණු පොත් දහස් ගණනක් දැනටමත් ලංකාවේ පොත් කඩවල ඇති බැවින් ආගමට එරෙහිව වචනයක් කිව නොහැකි වීමේ කෙහෙල්මල් ආගමික අන්තවාදයක් ලංකාව තුළ නැත. ඒ තක්කඩි විවේචනය තුළ ඇත්තේ බෞද්ධ සංස්කෘතිය තලේබාන් සංස්කෘතියක් ලෙස හුවා දැක්වීමේ හාස්‍යජනක උත්සාහය පමණි
  • ආගමක් මතවාදීමය ලෙස විවේචනය කිරීමේ වරදක් නැතත් පොත් විකුණා ගැනීම සඳහා තුච්ඡ නින්දිත යෙදුම් යොදා ගනිමින් ආගමකට අපහාස කිරීමට සමාජ වෛරක්කාරයන්ට නිදහසක් දිය යුතු නැත. වාරණය යනු ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක ක්‍රියාත්මක වන සහ ක්‍රියාත්මක විය යුතු දෙයකි. 

  • කලාව යනු අන් සියල්ලට ඉහළින් තිබෙන, සියල්ලට වඩා පූජනීය ඉටිගෙඩියක් නොවේ. එයද ආගම, දේශපාලනය, ජනමාධ්‍ය ආදී අන් සෑම තැනක් මෙන්ම තක්කඩියන්, දූෂිතයන්, ගේම් කාරයන් පිරුණු තැනකි. එහෙයින් අන් සියල්ලට හා සමාජ යහපැවැත්මට ඉහළින් තිබිය යුතු කෙහෙල්මල් නිදහසක් කලාවට අවශ්‍ය නැත. 
  • හෙරෝයින් භාවිතය හෝ ළමා අපචාර ප්‍රචලිත කිරීම සඳහා පොතක් ලිවීමද ප්‍රකාශන නිදහස යැයි යමෙකුට තර්ක කළ හැකි බැවින් කලාවේ නිදහස, ප්‍රකාශන නිදහස යන සෑම නිදහසටම සීමාවක් තිබිය යුතුය. කිසිදු බාධාවක් සීමාවක් නැති වල්බූරු නිදහසක් ලෝකයේ කිසිදු රටක නැතුවා සේම තිබිය යුතු වන්නේද නැත. නිදහස ගැන එවැනි ගොන් තර්ක ඉදිරිපත් කරන්නේ නම් මිනීමැරීමට ඇති නිදහස, ස්ත්‍රී දූෂණයට ඇති නිදහස, කුඩු ගැසීමට ඇති නිදහස වැනි සටන් පාඨද සාධාරණ වනු ඇත. 
  • රනිල් වික්‍රමසිංහ සංහිඳියාව ලෙස හඳුන්වන්නේ රටේ බහුතරයා අදහන ආගමට තුච්ඡ ලෙස අපහාස කෙරෙන යෙදුම් සහිත නරි නාටක ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම විය යුතුය. කොටි සංවිධානය පරාජය වීම ලෝක ඉතිහාසයේ සිදුවූ ලොකුම අපරාධය ලෙස සලකන රනිල්ගේ නලාකරුවන් දන්නා සංහිඳියාවද එවැන්නකි. ලංකාවේ කලාකරුවන් යැයි කියාගන්නා ඇතැම් විකල්ප ගෝත්‍ර තක්කඩියන් තරම් නීච අන්තවාදීන් හා ජාතිවාදීන් පිරිසක් ලෝකයේ කිසිදු රටක නැත. 
  • මේ රටේ බහුතරය අදහන ප්‍රධාන ආගමට හා සංස්කෘතියට එරෙහිව වෛරී සහගත, අපහාසාත්මක ප්‍රකාශ කිරීමට කලා සංස්කෘතික පාදඩයන් කීප දෙනෙකුට ඇති නිදහස සාධාරණ නම් ඊට එරෙහිව නැඟී සිටීමට රටේ අති බහුතරයට ඇති නිදහස ඊට වඩා දශලක්ෂවාරයක් සාධාරණය. ඒ නිසා රටේ යහපැවැත්ම මුළුමනින්ම විනාශ කර දමා කලාවේ නිදහසක් වෙනුවෙන් නරි නාටක රඟදක්වන යහපාලන ඝට්ටැඹියන්ගේ නිදහස පිළිබඳ නරිවාදම්වලට සිහිබුද්ධිය ඇති කිසිවෙකු රැවටිය යුතු නැත
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions