8/06/2013

භාරකරුට අයිතිය පැවරීම..

කතෘ:යුතුකම     8/06/2013   1 comment

මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ඉඩම් හා පොලිස් බලතල පළාත් සභා වලට ලබා නොදෙන බවකි. විග්නේෂ්වරන් පවසන්නේ ඉඩම් සහ පොලිස් බලතලවලටත් වඩා බලතල උතුරු පළාත් සභාවට ලබා ගැනීමට කටයුතු කරන බවය. එපමණක් නොව ආණ්ඩුකාරවරයාද ඉවත් කළ යුතු බවයි.  දැන් මේ පෙරනිමිති පහළ වෙන්නේ උතුරු පළාත් සභාව හා මධ්‍යම ආණ්ඩුව අතර ඉතාමත් නුදුරේදී ඇතිවන ගැටුමක අඳුරු සේයාවකට බව තේරුම් ගැනීමට අමුතු බුද්ධියක් අවැසි නොවේ. එම අඳුරු වළාවෙන් මෙරට වෙලී යනු අකැමැති නම් උතුරේ ඡන්දයට පෙර 13හි විෂ දළ ගලවා දැමිය යුතු නොවේද? නමුත් එවැන්නක් සිදු වන බවට ඉඟියක් හෝ නැත.

ජාතික බලවේග විසින් යුද්ධයෙන් පසු දිගින් දිගටම කියා සිටියේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය වහා අහෝසි කිරීමට කටයුතු කරන ලෙසයි. නමුත් එම මතය සමාජගත වූයේ මද වශයෙනි. කියන කතා මිස වැදගත් කතා සමාජගත නොකරන අපගේ ජන මාධ්‍යයද, ඒ පිළිබඳ අත්‍යවශ්‍ය සංවාදය සමාජගත නොකොට සුපුරුදු ඕපාදූප “හොට් නිව්ස්” මඟින් ජනප්‍රිය වීමේ රැකියාව කරගෙන ගියෝය. රජයද මේ පිළිබදව වරින් වර  සිංහ කියුම් කියමින් කිසිවකුත් නොකොටම උතුරු පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ පැවැත්විමට යොදා ගත්හ. නමුත් ඔවුන් පසු ගිය මැතිවර්ණයේදී තුනෙන් දෙකක බලයක් ජනතාවගෙන් ඉල්ලා සිටියේ මහජනතාව වෙත ව්‍යවස්ථාමය වෙනසක් ලබා දෙන බවට සහතික වෙමින් බවට දැන් ඔවුන්ටත් අපටත් අමතකය. සැප්තැම්බරයේ ඡන්දය පැවැත්වෙන බව ප්‍රකාශ වූ පසුද අප සමාජය මේ ගැටළුව පිළිබදව සවිඥ්ඥානික වූයේ නැත. විමල් වීරවංශ මහතාට සන්ධාන මැයි රැළියෙන් වෙන්ව මැයි රැළියක් සංවිධානය කරන්නට සිදුවූයේ එම අනතුර මිනිසුන්ට මෙන්ම මාධ්‍යයටද දැනෙන ලෙස පෙන්වා දීමටය. මෙය නාටකයක් යැයි පවසන්නන්ට නොවැටහෙන කාරණය නම් තමන් අවිචාරවත් මර නින්දක පසු වන බවය. අප සමාජය එම මර නින්දෙන් ඇහැරවීමට ප්‍රබාකරන්ගේ මරාගෙන මැරෙන බෝම්බවලටත් නොහැකි විය. සැබවින්ම එය නාටකයක් වූවා නම් හොඳය. එසේ වූවා නම් එම නාටකයේ පළ නොවූ කොටස විය යුතුව තිබුනේ මහින්ද රාජපක්ෂ මහතා විසින් ගත යුතු පියවර අප්‍රමාදීව ගැනීමයි.

ඉතා ප්‍රමාද වී හෝ මෙම සංවාදය රටේ ප්‍රමුඛතම සංවාදය බවට පත් විය. ජාතික බලවේග විසින් දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයේ විෂ දළ උතුරු පළාත් සභා ඡන්දයට පෙර ඉවත් කළ යුතුය යන ඉල්ලීම සමාජගත කරන ලදී. රජය තුළ සිටින මාක්ස්වාදීන් හා චන්ද්රිකාවාදීන් එසේ නොකළ යුතු යැයි තර්ක කරන ලදී. මහින්ද රාජපක්ෂ මහතා මේ දෙස මද කළක් නිහඬව බලා සිටියේය. එනිසා රජයේ එහෙයියන්ටද සිය ගොළුවත රැකගෙන සිටීමට සිදු වූයේ කුමකට එහෙයි කියන්නටදැයි හරියටම නොදන්නා බැවිනි. 

මේ සදහා ක්‍රියාත්මක විය යුතු ලෙසට මතයක් සමාජය තුළින් පැන නඟින විට මහින්ද රාජපක්ෂ මහතා තමාගේ ස්ථාවරයද එම විෂ දළ ගලවා දැමීමම බව සමාජයට දැනෙන්නට ඉඩ හැරීය. එසැණින් මාක්ස්වාදීන්ගේ හා චන්ද්‍රිකාවාදීන්ගේ හඬ බාල විය. මුළු මහත් සමාජයම මහින්ද රාජපක්ෂ මහතා නිවැරදි තීරණය නිසි වේලාවට ගනු ඇතැයි යන පූර්ණ නිමග්නයෙහි එල්බ එම ප්‍රශ්නය තම හිසින් මෑත් කොට පෙර පැවති සංවාදය පසෙකින් තැබීය. “දහතුනේ විෂ දළ ගලවමි” යන්න මහින්ද රාජපක්ෂ මහතා ගේද සටන් පාඨයක් බව සමාජගත විය. 

ඒ අතර තුර බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් පැමිණියේය. ශිවෂන්කර් මෙනන්ද ලංකාවට ආවේය. අපේ අය  කියන්න තියෙන දේ මෙනන්ගේ මූණටම කිවූ බව මාධ්‍යය වල පල විය. මෙනන් කියූ දෙයක් මාධ්‍යයේ පළ වූයේ නැත. මෙනන් පෙරළා ඉන්දියාවට ගියේය. කඩි මුඩියේ පත් කළ තේරීම් කාරක සභාවට හමසක් කල් ලැබුනි. යුද්ධයෙන් පසු සිව් වසක් පුරා නොගැලවූ විෂ දළ ඡන්දයට තව මසක් පමණ තිබියදී හෝ ගලවා දමනු ඇතැයි විශ්වාසයක් ජනතාව මහින්ද රාජපක්ෂ මහතා වෙත තැබීය. සිංහ කියුම් වලින් ද අඩුවක් නැත. නමුත් විෂ දළක් තියා නිකන් දතක් හෝ ගලවන බවක් නම් පෙනෙන්නට නැත. පෙර පැවති සංවාදය ද නැත. මහින්ද රාජපක්ෂ මහතා විසින්ම විෂ දළ ගලවන ස්වප්නයේ ගිළී සමාජය නැවතත් මර නින්දේය.

මෙම සටන නැවත වාරයක් උතුරු පළාත් සභා ඡන්ද්යෙන් පසුව උතුරු පළාත් සභාව හා මධ්‍යම  ජය අතර ඇවිලවීමට නියමිතය. එහිදි මහින්ද රාජපක්ෂ මහතා විසින් නැවත වරක් තමා රට නොබෙදමි යන සටන් පාඨය අතට ගනිමින් පොදු සමාජයේ වීරයා වශයෙන් කටයුතු කරනු ඇතිය. රනිල් වික්‍රමසිංහ මහතාට  දුෂ්ටයා වීමට මිස නිකමට හෝ  වීරයකු වී බැලීමට ආසාවක් නැතිය.

පොදු ජනතාව මහින්ද රාජපක්ෂ මහතා වෙත තබා ඇති විශ්වාසය රටට හිතකර එකක් වුව එය ඕනාවටත් වඩා වැඩි විශ්වාසයක් යයි යන්න අපගේ මතයයි. එම අති විශ්වාසය නම් වරම මඟින් රාජ්‍ය  බලය අනිසි ලෙස යොදා ගනිමින් සිය හිතවතුන් හට උපකාර හා ප්‍රතිඋපකාර කිරීමේ විෂම චක්‍රයකට ද පාලකයන් යොමු වී ඇත. පොදු ජනතාවද පක්ෂ දේශපාලන දෘෂ්ටියෙන් නෙත් අඳව 
සත්‍ය -අසත්‍ය, පින්-පවු නොදකින තත්වයට පත්ව ඇත.

රටේ භාරකරුවා විය යුතු ජනපතිවරයාට රටේ අයිතිකරුවා ලෙස කටයුතු කර ගෙන යාමට වරමක් ජනතාව විසින් ලබා දී තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නා සෙයක් පෙනෙන්නට ඇත්තේ පරිහානියට යන සමාජ ලක්ෂණයක් වශයෙන් විනා ආශ්චර්යයක සලකුණක් ලෙසින් නොවන බව නොකිව මනාය.

-ලසන්ත වික්‍රමසිංහ
: යුතුකම සංවාද කවය
www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. "යුතුකම" - ලස්සන වචනයක්. මේකෙ තේරුම මොකක් ද?

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions