8/12/2013

බාල වැඩවල ලාභ කාටද....

කතෘ:යුතුකම     8/12/2013   12 comments







සාමාන්‍යයෙන් තේරුම් ගැනීමට ඉතාමත් පහසු එකම පාඩම එකම ආකාරයෙන් කිහිපවරක් ඉගෙන ගැනීමට ලැබුනත් එය අත්‍යවශ්‍ය පරීක්ෂාවට ලක් වන මොහොතේ අමතක වේනම් හෝ අමතක කරන්නේ නම් ඒකා දුර්වලයෙකි.කොටින්ම කියතොත් මැට්ටෙකි.

ආණ්ඩුව පැත්තෙන් නොයෙක් පැහැදිලි කිරීම් කලත් රතුපස්වලදී අප දුටුවේ ආණ්ඩුව මීට පෙර කිහිපවතාවක් අත් දැක තිබූ , තේරුම් ගැනීමට එතරම් අපහසු නොවන ඒ පරීක්ෂණය නැවත අසමත් වූ ආකාරයකි.එසේ වුයේ ඇයි? බලධාරීන්ගේ දේශපාලන මුග්ධකමද ?නැත්නම් දේශපාලන සතුරන් හරි හැටි හඳුනා ගත නොහැකි උපන් ගෙයි දුර්වලතාවයක් නිසාද ?එසේත් නැත්නම් බලකාමයෙන් අඳ වූ දෙනෙත් හමුවේ අද පොළවේ දේශපාලන ඉව මැකී ගොස් ඇති නිසාද?

අද අප රට සිටිනුයේ දේශපාලන අන්ධයන් බිහිරන් සේ අපට අවැසි ලෙස පිස්සු කෙලිය හැකි සතුටු සාදයක නොවේ.අප සිටිනුයේ එක් පසකින් දශක තුනක් තිස්සේ මෙරට කඳුලෙන් ලෙයින් තෙත් කල දෙමළ ජාතිවාදී ත්‍රස්ත පෙරමුණ ප්‍රභාකරන්ද සමග නන්දිකඩාල්වල ගිල්වීමේ 'වරදට' දඬුවම් කිරීමට ඉතාමත් නිස්කලංකේ කරුණු රැස්කරනා දඩ බල්ලන්ගේ අනතුරක් හිසින් දරාගෙනය.එම පෙරමුණේ ඇමරිකාවේ සිට ඉන්දියාව දක්වා විවිධ අයුරින් සහය පළකරන්නන් සිටින බව කියවේ.අනෙක් පසින් එයට මෙරට සිට අනුබල දෙන තොරතුරු සපයන , සිදුවීම් නිර්මාණය කරන සහ එකී මෙකී නොකී නන් අයුරින් සහය වන්නට ඉමහත් කැමැත්තෙන් බලා සිටිනා බලවේගයි.එහි විපක්ෂ දේශපාලන කණ්ඩයම් , රාජ්‍ය නොවන සංවිධාන පමණක් නොව අධිරාජ්‍ය විරෝධී සටන්පාට ඉදිරියට දමාගෙන සිටිනා රතු දේශපාලන කණ්ඩායම්ද එක උසින් එක පෙළට සිටී.
මේ බොහෝදෙනාගේ අරමුණ මුලින් අප අසමත් රාජ්‍යක් බව අසාදු ලේඛන ගත කරන්නටය.ඉන් පසු ඒ අසමත්භාවයට පිළිතුරු ලෙස ලෝකය පුරා අත්දකින 'සමත් භාවය' ලබාදීමට කරන මැදිහත්වීමට ඉඩ කඩ සකසා ගැනීමටයය.ඒ බොහෝ තැන්වල රාජ්‍යන් අසමත් වන්නේ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ආගමික නිදහස , කාන්තා විමුක්තිය , ආදී නිර්නාකය වලට එම රටවල් වලින් ලැබෙන පිළිතුරු සමග බටහිරින් ලැබෙන පිළිතුරු ලේඛනය සමපාත නොවීම නිසාය.( නමුත් ඒ එකම ප්‍රශන පත්‍රයට සමාන ප්‍රතිචාර දක්වන ලිබියාව අසමත් වෙද්දී සෞදිය එයින් සමත් වෙයි.ඒ වෙන කිසිවක් නිසා නොව මේ ලෝක ප්‍රශ්න පත්‍ර සකසන්නාගේ සිට පිළිතුරු පත්‍ර පරීක්ෂකයා දක්වා සියලු දෙනා සමග ඔවුන්ගේ ඇති ඇයි හොඳයියයි.) නමුත් නැවත නැවත මතක් කලත් මේවා අලුත් දේවල් නොවේ.කලක් පුරාවට ලෝකය පුරා අත්දකින කටුක යථාර්ථය එයයි.එබැවින් 'අනේ අපි ඒ වගේ ප්‍රශ්නවලට සූදානම් උනේ නෑ.' , 'අපි හිතුවේ නෑ මේ වගේ ප්‍රශ්න ඒවි කියල ' ආදී අඬාවැඩිලිවලින් පලක් නැත.අද අප සිටින තත්වය අනුව නිතරම යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමට වග බලා ගත යුතුය.අද අප සිටින්නේ එදා ජේ.ආර් ජයවර්ධන පොලිසිවලට රාජකාරි නිවාඩු දී සතියක් හමාරක් තම පාක්ෂිකයන්ගේ ඇඟ පතේ හිරි යන තෙක් විරුද්ධවාදීන්ගේ ඔලු පලා දේපල ගිනිබත් කරන්නට ඉඩ දී බලා සිටියාක් මෙන් බලාසිටිය හැකි කාලයක නොවේ. එසේ නැත්නම් බටලන්ද ආදී වධකාගාරවල දේශපාලන බලාධිකාරියේ මනදොළ පිනායන ආකාරයේ මෘගකම් හා එයට රැහැනිව හන්දියක් හන්දියක් ගානේ තවත් නිරායුධ අහිංසකයන් වැටවල්වල , ලයිට් කනුවල එල්ලා මරා නර බිලි පූජා පැවැත්වූ කාලයක් වැනි අවධියකද නොවේ .එසේත් නැත්නම් රටේ ජනාධිපති ධූරය කාන්තාවක් දරත්දී අහිංසක කාන්තාවන් නිරුවතේ මහ මග යැවීමට තරම් තිරිසන් මනෝභාවයකින් ක්‍රියාකල දූෂිත කුප්‍රකට මැතිවරණ වැනි දේශපාලන ජඩ කම් කල හැකි කාලයක නොවේ.

කාලය වෙනස්ය.අද නව උගුල් ,නව කුමන්ත්‍රණ නව යටිමෙහෙයුම් බහුල යුගයක්ව තිබේ.විශේෂයෙන් දඩ බල්ලන්ගේ අභිලාෂයන් පහසු කරන්නට මෙරට සිටි ඉත්තා වූ ප්‍රභාකරන් දාදු පෙතෙන් ඉවත් කිරීමත් සමගම අප රටක් වශයෙන් සිටිනුයේ අතිශය සුපරික්ෂාකාරීව කටයුතු කල වටපිටාවකය.බාහු බලයට වඩා දේශපාලන තීක්ෂණභාවයද ආවේගයට වඩා සුපරික්ෂාකාරී උපක්‍රමද අනුගමනය කල යුතු වකවානුවකය.නමුත් එයින් කියවෙන්නේ උදාරකම් , නිර්භීතකම් අතහැර නිවටයන් සේ සිටිය යුතු බව නොවේ.නිර්භීත විය යුතු තැන නිර්භීත වීමත් උපක්‍රමශීලී විය යුතු තැන උපක්‍රමශීලී වීමත් කපටි විය යුතු තැන කපටි වීමත් මිස හුදු උද්ධජ්ජකමෙන් නම් දිනාගත හැක්කක් නොමැත.නමුත් අවාසනාවකට රතු පස්වලදී අපි බලධාරීන් එවැනි දියුණු දේශපාලන ඉවකින් ක්‍රියාකරන අයුරක් නොදුටුවෙමු.

පසු ප්‍රතිකාර වෙනුවට අනතුර වලක්වාගැනීම ...

කුප්‍රකට ව්‍යාපාරිකයෙකුට අයත් යැයි කියවෙන කර්මාන්තශාලාවකින් නිකුත් කරන අප ද්‍රව්‍ය නිසා ඒ අවට ජලය භාවිතයට ගත නොහැකි ලෙස අපවිත්‍ර වී ඇතැයි චෝදනා කරමින් ඇරඹි උද්ඝෝෂණය අවසානයේ ජීවිත කිහිපයක් බිලි ගෙන තිබේ.මේ උද්ඝෝෂණය පිටුපස කර්මාන්ත ශාලාවෙන් කලකට පෙර සේවයෙන් පහ කරන ලද රතු වෘත්තීය සමිතියක ක්‍රියාධරයන් ඉමහත් සේවයක් කල බවත් අවසාන මොහොතේ පවා බලධාරීන් ,නිළධාරීන් සමග ගම්වැසියන් පැවැත්වූ තීරණාත්මක සාකච්චවෙන් ලැබුනු ධනාත්මක ප්‍රතිචාරය පවා මේ සංවිධානගත වූ පිරිසි විසින් නොසලකා හරිමින් තමන්ට අවැසි ගැටුම සහ අවසානයේ තමන් අපේක්ෂා කල ව්‍යසනය උදා කර ගත් බව එක් පැත්තකින් නැගෙන චෝදනාවයි.

එම චෝදනාව සත්‍යක් වුවත් අසත්‍යක් වුවත් එහි ඇති අමුතු වටිනාකමක් නැත.මේ දේශපාලන කොටස් වල ප්‍රකාශිත මෙන්ම අප්‍රකාශිත උපක්‍රමය වන්නේ මෙවැනි අරගල නිර්මාණය කිරීමත් ඒ හරහා ආණ්ඩුව අස්ථාවර කර පාලන වෙනසක් දක්වා එය වර්ධනය කරගැනීමත් බව සිදුවීමෙන් සිදුවීමට නැවත නැවත මතක් කරදිය යුතු නැත.ඒ බව ආණ්ඩුව කල්තියා මැන බලා තිබිය යුතුය. අශ්වයා ගිය පසු කන් කෙඳිරි ගෑමෙන් වත් ඉස්තාලය වසා දැමීමෙන් වත් පලක් නැත.ඒ පිළිබඳ අවබෝධයක් නැත්නම් ඒ ආණ්ඩුවේ බලධාරීන්ට පමණකි.අපේ ගෙමේ හන්දියේ තේ කඩේ ලඟ කහට කෝප්පයක් බොමින් රටේ දේශපාලනය ගැන අදහස් දක්වන ගුණදාස අයියා මෙවැනි උද්ඝෝෂණ ආරම්භ වන මොහොතේම එය පැහැදිලි කරන්නේ " ආයෙත් අහිංසකයෙක් දෙකෙක් මරාගන්න තමයි ඔය හදන්නේ. මේ වගේ පොඩි ප්‍රශ්නයක්වත් පිළිවෙලකට විසඳගන්න බැරි හැටි" යනුවෙනි. ගුණදාස අයියාට වැටහෙන මේ සරල සත්‍ය ඉහළ සිටින උගත් උපදේශකයන්ට නොවැටහීම අප තේරුම් ගන්නේ කෙසේද?ලෝක බල ව්‍යාපෘති වෙනුවෙන් ක්‍රියාත්මක දුෂ්ඨ මෙහෙයුම් සමග සැසඳීමේදී මේවා පයිසෙකට මායිම් කල හැකි ගැටලු නොවේ. අඩු තරමේ මෙවැන්නක් වත් පුරෝකතනය කරගත නොහැකිනම්,අනතුර සිදුවීමට පෙර වලක්වාගත නොහැකිනම් මීට වඩා දස දහස් ගුණයකින් සූක්ෂම හතුරු මෙහෙයුම්වලට මුහුණ දෙන්නේ කෙසේද? රතුපස්වල ගැටලුව පිලිබඳ සාකච්චා , තීරණ , ක්‍රියාකාරකම් රාශියක් මේ පිළිබඳ ගැටුම් ඇති වීමට කලින් පැවැත්වූ බවට සිදු කරන ප්‍රකාශ සත්‍ය වුවත් ඒවායේ ඇති වටිනාකම කුමක්ද? ඒ එකකින් වත් සමාන්‍ය ජනයා කුපිත වීම (හෝ කුපිත කරවීම ) නවත්වාගැනීමට අපොහොසත් වී ඇති බව දැන්වත් වටහා ගත යුතුය.


අවසානයේ පොලිසියත් ඉන් පසු හමුදාවටත් සිදුවීමට මැදිහත්විමට සිදුවන්නේ එබැවිනි.ඉන් මෙහා නිළධාරී - බලධාරී මට්ටමේදී මෙය විසඳා ගත නොහැකි වූයේ ඇයි? (ජනාධිපතිවරයා මැදිහත්ව කර්මාන්තශාලාවට අදාල ගැටලුත් ජල ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් ලබාදුන් බව මේ දැන් ප්‍රවෘති නාලිකාවක ප්‍රකාශ විනි. ජනාධිපතිවරයා මැදිහත්ව විසඳන තෙක් සරල ප්‍රශ්නයක් පවා නොවිසඳා කල් අදින්නේ ඇයි? ඉන් පහල නිළධාරීන් බලධාරින් තම වගකීම් නිසි පරිදි ඉටු කර ඇතිද? ) සිදුවීම අතරතුර කුප්‍රකට ඇමතිවරෙයකු මැදිහත්ව සුපුරුදු විහිළු සපයනු හැර දැනෙන යමක් සිදු වීද? මේවැනි ඇමතිවරු මෙයට මැදිහත්වීමම මෙය පිටු පස වෙනත් බලවේග සිටියේ නම් ඒ අයට ලැබෙන අනුබලයක් බව වටහා නොගන්නේ ඇයි?මේ ඇමතිවරයාට සාධාරණ ප්‍රවේශයකින් ගැටළුවක් නිරාකරණය කරගත නොහැකි බව අත දරුවෙකුට උවත් වැටහෙන සරල කාරණයකි.බාහු බලය පමණක් සියලු ප්‍රශ්න විසඳීමට සෑහේ යැයි සිතන්නේ නම් එය අමන කමකි.මෙවැනි තකතීරු ක්‍රියාමාර්ග වලින් ගැටලු විසඳන්නට සිතා අවසානයේ තුන්වන පාර්ශව ගැන අඬා පලක් නැත.තුන්වන පාර්ශව සිටිය හැකි බව මුලින් සිතිය යුත්තේ ආණ්ඩුවයි.මක් නිසාද යත් අවසානයේ වරද පැටවෙන්නේ ආණ්ඩුව මත බැවිනි.මෙය පළමු අවස්ථාව නොවේ.අතීත අත්දැකීම්වලින් කොතරම් අපූරු පාඩම් කියාදුන්නත් ඒවා වැල්ලේ ඇඳි සිතුවම් බවට පත් වී තිබීම අවාසනාවකි.අනෙක් පසින් අප තේරුම් ගත යුතු වැදගත් සංඥාවක් මෙහි ඇත. එනම් පසුගිය වකවානුව මුළුල්ලේම මේ ඇමති බලපුළුවන්කාරයන් සිදු කල තකතීරු වැඩ පිළිබඳ අඩු තරමේ ලෝකෙට පෙනෙන්නට වත් සුදුසු ක්‍රියාමාර්ග නොගැනීම හරහා නිර්මාණය වී ඇති අවාසනාවන්ත තත්වයයි.මේ කුඩා ප්‍රදේශයකට සීමා වූ ගැටළුව කැබිනට් ඇමතිවරයෙකුට මැදිහත් වී විසඳිය නොහැකි වූයේ ඇයි?ජනතාව ඒ හඬට ඇහුම් කන් නොදෙන්නේ ඇයි? මාධ්‍ය වලට පෙන්නෙන්නට පමණක් බොරු විනය පරීක්ෂණ තනතුරුවලින් ඉවත්කිරීම් කලත් ජනතාව ඒව නොපිළිගන්නා බව දැන්වත් වටහා ගත යුතු නොවන්නේද?ජනතා විශ්වාසය තහවුරු කරගැනීමට ඒ බොරු රඟපෑමෙන් නොහැකිය.මේ සිදුවීමෙන් බලධාරීන් තේරුම් ගත යුතු වැදගත් කරුණ එයයි.මෙමගින් පෙන්නුම් කරන්නේ ජනතා විශ්වාසය තහවුරු වන අව්‍යාජ ක්‍රියාමාර්ග වහ වහා ගැනීම අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් බව නොවේද ?


නන්දිකඩාල්වලින් රිදුනු සිත් රතුපස්වලින් සුවපත්වීම..


අනෙක් අතට මේ සිදුවීම හරහා අපට දක්නට ලැබුනු අනෙකුත් වැදගත් පණිවිඩයක් තිබේ. එනම් එදා නන්දිකඩාල් ජයග්‍රහණයෙන් හිත පෑරුනු කොටස් බොහොමයක සිත් තවම ඒ තත්වයෙන්ම පවතින බවය. එයි සමහරෙකුට ඇත්තේ ඔවුන් සිතුවිල්ලකින් වත් ඒ ජයග්‍රහණයේ කොටස් කරුවන් නොවීමේ විස්සෝපයයි. එබැවින් ඔවුහු යුධ ජයග්‍රහණයට දේශපාලන නායකත්වය සැපයූවන්ට මෙන්ම හමුදාවන් වෙතද බැඳගත් වෛරය තවමත් සං සිඳී නැත.'රතුපස්වලදි මෙහෙමනම් නන්දිකඩාල්වල කොහොම තියෙන්න ඇතිදැයි' ප්‍රශ්න කරන්නන්ගේ බහුතරය අයිති වන්නේ ඒ කුලකයටයි.(එසේ නොවී අවංකවම මෙම සිදුවීම් වලින් කම්පනය වී ඔය ප්‍රශ්නයම නගන්නන් නැත්තේම නොවේ ) ඒ ඔවුන් තමන්ගේ හිතේ රැඳි විස්සෝපයටත් වෛරයටත් සැනසීම සඳහා නගන ප්‍රශ්නයි.යුධ හමුදාවට යුධ අපරාධ චෝදනා එල්ල කරන නවනීදන්පිල්ලේගේ සිට සීමන් දක්වා කිසිවෙකුටත් එරෙහිව රහසින්වත් වචනයක් පිට නොකරන සිත යටින් ඒ සඳහා ආශිර්වාද කරන මේ බොරු මානවවාදීන් පැහැදිලිව වෙන්කර හඳුනාගත යුතුය.'රතුපස්වලදී තව තව ජීවිත අහිමි වූවා නම් හොඳද නරකද?' යන පැනයට ඔවුන්ගේ යටි සිතෙන් ලැබෙන පිළිතුර මේ බොරු මානව හිතවාදීන් හඳුනා ගැනීම සඳහා ප්‍රමාණවත්ය.


මේ කල්ලියේ තවත් කොටසක් ජලය අත්‍යවශ්‍ය අයිතිවාසිකමක් බවත් එවන් සංවේදී කාරණයකට හමුදා යොදවා උත්තර සෙවීම හරිදැයි ප්‍රශ්න කරති.ඔවුන්ම මීට කලකට ඉහතදී මාවිලාරු සොරොව්ව වැසූ කොටි ත්‍රස්තවාදයට එරෙහිව හමුදාමය මැදිහත්වීමද ප්‍රතික්ෂේප කල පිරිසම බව අප සිහි තබා ගත යුතුය.ඔවුන්ට අනුව එදා ජල අයිතිය වෙනුවෙන් වුවත් හමුදාමය මැදිහත්වීමෙන් කල සටන වැරදිය.අද රතුපස්වල සටන හරිය. සටන මැඩලීම වැරදිය.හතර බීරි කතා කියන්නේ මේවාටයි.එයින් පෙනෙන්නේ ඔවුන්ගේ ඒ බොරු අයිතිවාසිකම් කතා එන්නේ සැබැවින්ම ඒ අයිතිවාසිකම් වෙනුවෙන් නොවන බවයි.අවාසනාවට කරුණ නම් එදා නන්දිකඩාල් අවසන් දින කිහිපයේදී සාමාන්‍ය ජනයා ඉලක්ක වේයැයි සිතා (සමහර විට ඉන්දීය මැදිහත්වීම නිසා ) බර අවි ප්‍රහාර එල්ල කිරීම හමුදා විසින් නැවැත්වූ කල 'බර අවි පාවිච්චි කරනු.' ,' මහින්ද ඉන්දියාවට යටවී යුද්ධය පාවා දුන්නා' යැයි පැවසූ ,ඒ වෙනුවෙන් රතු තීන්තෙන් රටපුරා පෝස්ටර් ඇලවූවන්ද මේ පිරිස් සමග අද එක්ව කටයුතු කරමින් 'රතුපස්වල මෙහෙමනම් නන්දිකඩාල් වල කොහොම ඇතිද' යනුවෙන් කිඹුල් කඳුළු හෙළීමයි..


මේ සිදුවීමත් සමගම මෙතෙක් කලක් නකුට පසුපස ගසාගෙන සිටි එදා බෙදුම්වාදීන් වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වූ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් , වාමාන්ශික කේවල පක්ෂ නායකයින් මෙන්ම 'සිංහල' යන වචනය ඇසූ පමණින් කුපිතව සරම අතට ගන්නා සමාජ විශ්ලේෂකයන් යනුවෙන් හඳුන්වන්නන් කල එලි බැස තිබේ. වෙනදා අලුත් ලිපියක් නොමැතිව පාලුවට ගොස් ති බූ පුවත් පත් සඟරා මෙන්ම අන්තර්ජාල අඩවි වල පැයකට එක ගනනේ රතුපස්වල අරඹයා 'සිංහල ස්වෝත්තමවාදීන්', 'සිංහල ජාතිකවාදීන්' , 'සිංහල ජාතිවාදීන්' , 'සිංහල හමුදාකරණය' ආදී නොයෙක් මතෘකා ඔස්සේ ලිපි පලවිය.එමෙන්ම හුඟ කාලයකට පසු හමුදාවට එරෙහි සටන් පාට සමග කොටුව ස්ටේෂම ඉදිරියේ පිකට් සංවිධානය විය.(නමුත් මේ සියල්ලට අවැසි නිදහස ලැබුනේ ඒ විරුවන්ගේම ලෙයින් මසින් මිස මේ හඬවල්වලට ලැබෙන ඩොලර් වලින් නොවන වග අමතක නොකල යුතුය.)


බාල වැඩවල ලාභ කාටද


මේ අතර ඉදිරි කාලයේදී නන්දිකඩාල් මෙහෙයුමේ අඩු පාඩු සොයා දඬු කඳ වෙත දක්කාගෙන යාමේ අරමුනෙන් නවනීදපිල්ලේ මෙරටට පැමිණීමට නියමිතව තිබේ.එහිදී සාකච්චා මේසයේදී ඇයට අවශ්‍යපරිදි කේවල් කරන්නට අවැසි අඩු වැඩිය අපිම සපයමින් සිටින්නේද යන පැනය සිහියට නැගේ.රතුපස්වලදී සිදුවූයේ එය නොවේද? විචක්ෂණශීලීවිය යුතු යැයි ඉහත දැක්වුයේ මේ අනතුර පිළිබඳවයි.

කෙසේ වෙතත් රතුපස්වල නවනීදන්පිල්ලේට මාතෘකාවක් උවත් එදා 13 වන සංශෝධනයට එරෙහිව පාරට බැසි ජනතාවට ජේ ආර් ගේ පාලන සමයේ එල්ල වූ මැර ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ගේ වග මේ සාක්චාවට නොගන්නා වගට සැක නැත.එසේම දොරේඅප්පාගේ ඝාතනයේ සිට මාවිලාරු වැසීම දක්වා සිදුවීම්ද සාකච්චා නොවෙනු ඇත.මක් නිසාද යත් ඒ ජීවිත හානි නවනීදන් පිල්ලෙලාගේ අරමුණු සමග සමපාත වන බැවිනි.'බාල වැඩ වල ලාභ කාටද' යන්න ඉතා පැහැදිලිව ඉතාමත් නුදුරේදීම ප්‍රත්‍යක්ෂ වනවා ඇත.නමුත් එය තේරුම් ගන්නා විට අප ප්‍රමාද වැඩි වන්නට පුළුවන.අත්දැකීම් ඇති දඩ බල්ලන් පිස්සු බල්ලන් මෙන් නොවේ.උන් දවසක් හමාරක් හෝ ඉව අල්ලා කුරුමාණම හරියටම අල්ලා මිස ගොදුර වෙත පනින්නේ නැත.කුරුමානම් අල්ලන ඒ නිහඬ කාලය කෙනෙකුට අනතුරු රහිත කාලයක් ලෙස හඳුනාගන්නට ඉඩ තිබේ.නමුත්අනතුර සිදුවන විට ප්‍රමාද වැඩිය.


-කැලුම් නිරංජන

යුතුකම සංවාද කවය

www.yuthukama.com

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

12 comments :

  1. සුදු පුතා8/13/2013 8:42 AM

    අපගේ ඊනියා රාජ්යතාන්ත්‍රිකයන් (දයාන් ජයතිලක) කුට්ටුම්නී නම් කොටි තරුණිය උසාවියේදී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් සිය මනදොළ සතපවා ගන්නා තරමට මේ සිද්ධිය උපයෝගී කරගනිමින් සටියි.

    ReplyDelete
  2. ශානක ධර්මප්‍රිය- මිලානෝ8/13/2013 12:05 PM

    ආණ්ඩුව මේ ගැටුම නොවිසඳීම පිළිබඳ වගකියන්න ඕන කියන එක හරි.හැබයි මේ ගැටුම් තම තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් එක් එක් කොටස් පාවිච්චි කිරීම ගැන මේකේ සඳහන් නොවෙන්නේ ඇයි?
    අපි දැක්ක සමහර දර්ශන වල ගැටුමට කලින් පොලිසිය මේ උද්ඝෝෂකයන් විසුරුවල දන්න කොයි තරම් මහන්සි ගත්තද කියල.හැබයි ඒ එකක්වත් කවුරුවත් කතා කරන්නේ ණෑ.හැමෝම වගේ කියන්නේ ' හමුදාව පැන්න .ගැහුව'
    නමුත් ඊට කලින් හමුදාවට ගහන්න වෙන තත්වය නිර්මාණය කරගත්තේ වෙන පිරිසක් නොවෙයිද?

    ReplyDelete
    Replies
    1. ශානක ඔබේ අදහසේ සත්‍යතාවයක් තියෙනව.මෙයට නියමින් අනියමින් සහය දුන් සියල්ලන්ම මෙහි වග උත්තරකරුවන් විය යුතුයි.
      නමුත් අපි ඉතිහාසය පුරාම දැකල තියෙනව මේ කොටස්වල හැසිරීම මීට වඩා වෙනස් නොවන බව.
      ආණ්ඩුවට තමයි වැඩි වගකීම තියෙන්නේ මෙවැනි තත්වයන් මග හරවා ගන්න.මොකද සිදුවීමක් සිදු උනාම එහි කෙලින්ම වැරදිකරුවන් වෙන්නේ ආණ්ඩුව.එහෙම තත්වයන් නිර්මානය වන තුරු බොහෝ දෙනා බලා සිටින බව වගකිවයුත්තන් තේරුම් ගත යුතුයි. එයයි අපට මතු කල යුතු අදහස වුනේ...

      Delete
  3. //මේ කල්ලියේ තවත් කොටසක් ජලය අත්‍යවශ්‍ය අයිතිවාසිකමක් බවත් එවන් සංවේදී කාරණයකට හමුදා යොදවා උත්තර සෙවීම හරිදැයි ප්‍රශ්න කරති.ඔවුන්ම මීට කලකට ඉහතදී මාවිලාරු සොරොව්ව වැසූ කොටි ත්‍රස්තවාදයට එරෙහිව හමුදාමය මැදිහත්වීමද// මෙවැනි මුග්ද ප්‍රකාශ කිරීමේදී පෙහෙදිලිවන දේ නම් ඉහත ලියන්නාට තාර්කික ඥානයක් නොමැති බවත් ඉතිහාස්යනේ උදාහරන ගෙන දැක්වීම හා පඬි වදන් භාවිතයෙන් තම මෝඩකම වසා ගැනිමට තැත්කරන බවයි
    මෙම සිද්දි දෙකම විචාර බුද්ධියෙන් යුතුව බලන කෙනෙකුට නම් මාවිල් ආරු වැහුවේ කොටි බවත් එය ප්‍රණ ඇපයක් බවත් ඉන් පීඩවට පත් උනේ සාමාන්‍ය ජනය බවත් පැහැදිලිවේ.එමෙන්ම රතුපස්වල සිදුවූයේද ජනතාවට ජලය අහිමි කිරීමයි. නමුත් මෙහිදී ත්‍රස්ථවාදීන් නොසිටි බවත් ඒ නිසා යෙදවිය යුත්තේ පොලිසිය මිස හමුදාව නොවන බවත් පෙනේ නිවට කමෙන් අන්ද වූ දේශපාලන අඳබාලයනට නොපෙනේ . මෙයද ජලය නොමෙතිව ජනතාව පීඩාවට පත් ක්කිරීමට සමාන වන අතර මෙහිදී යුත්තේ එසේ පීඩාවට පත් කල පිරිසයි

    //මේ උද්ඝෝෂකයන් විසුරුවල දන්න කොයි තරම් මහන්සි ගත්තද කියල.හැබයි ඒ එකක්වත් කවුරුවත් කතා කරන්නේ ණෑ.හැමෝම වගේ කියන්නේ ' හමුදාව පැන්න .ගැහුව'
    නමුත් ඊට කලින් හමුදාවට ගහන්න වෙන තත්වය නිර්මාණය කරගත්තේ වෙන පිරිසක් නොවෙයිද//

    Tear gas water guns rubber bullets have never been used . even if the police had it on site. They have accepted that even before police could use it they were attacked and similarly no one can call army except under terrorist conditions ..."" So were these people terrorists ::the thing these idiots who comment above don't pretend to understand is the in any civil riots only the police should be used and never the army unless police calls them .

    ReplyDelete
    Replies
    1. @ Annonymous
      තාර්කික ඥානය ගැන නම් සහතික දෙන්න බෑ.නමුත් මෙතන මතු කරන්න හදපු කාරණය නැවත පැහැදිලි කරන්නම්.එතකොටවත් තේරේවිද බලන්න...

      "මේ කල්ලියේ තවත් කොටසක් ජලය අත්‍යවශ්‍ය අයිතිවාසිකමක් බවත් එවන් සංවේදී කාරණයකට හමුදා යොදවා උත්තර සෙවීම හරිදැයි ප්‍රශ්න කරති.ඔවුන්ම මීට කලකට ඉහතදී මාවිලාරු සොරොව්ව වැසූ කොටි ත්‍රස්තවාදයට එරෙහිව හමුදාමය මැදිහත්වීමද ප්‍රතික්ෂේප කල පිරිසම බව අප සිහි තබා ගත යුතුය.ඔවුන්ට අනුව එදා ජල අයිතිය වෙනුවෙන් වුවත් හමුදාමය මැදිහත්වීමෙන් කල සටන වැරදිය.අද රතුපස්වල සටන හරිය. සටන මැඩලීම වැරදිය. "

      රතුපස්වලදි : ජලය අත්‍යවශ්‍ය අයිතිවාසිකමක් නිසා ජලය වෙනුවෙන් කරන සටන නිවරදි, අයිතිවාසිකම් වෙනුවෙන් කරන නියම සටනක් කියලයි මේ පිරිස හඳුන්වල දුන්නේ.ජල අයුතිය වෙනුවෙන් කරන සටන සාධාරණයි කියලයි ඒකෙන් කියන්නේ.එබැවින් හමුදා මැදිහත්වීම හරි වෙනත් කුමන බාධා කිරීමක් වුවත් ඒ අයිතිවාසිකම්වලට එරෙහි ක්‍රියාමාර්ග කියලයි ඔවුන් මතු කරන්න උත්සාහ කලේ.

      නමුත් මාවිලාරුවෙදි : ජලය අත්‍යවශ්‍ය අයිතිවාසිකමක් බව ඒ මහත්වරුන්ට මතක් වෙන්නේ නෑ.ඒ වෙනුවෙන් කරන සටන සාධාරණ බව මතක් වෙන්නේත් නෑ. ඒ වෙනුවට මතු කරේ මොකක්ද? බහුතර සිංහල ,මුස්ලිම් ,දෙමළ සියළු ජාතීන්වල ජනතාවට ජලය ලබාදීම වෙනුවෙන් කරපු මැදිහත්වීමයි එදා ඔවුන්ට නයාට අඳුකොළ වගේ උනේ....

      මේ උදාහරනෙන් පෙන්නුවේ හුදු මානව අයිතිවාසිකම් වෙනුවෙන් කියල කෑ ගැහුවට මොවුන්ගේ සැබෑ අරමුණ ඒක නොවෙයි කියල පෙන්නන්න.ජලය අයිතිවාසිකමක් නම් එය රතුපස්වලට වගේම මාවිලාරුවටත් පොදු වෙන්න ඕන. හමුදාව එම සටන අතට ගත් නිසා එය වැරදි වෙන්න විදියක් නෑ.

      ඔබ උපුටා දක්වන කොටසට කලින් තව බොහෝ දේ තියෙනව.විසේශයෙන් 'පසු ප්‍රතිකාර වෙනුවට අනතුර වලක්වාගැනීම ' යටතේ තියෙන ටිකත් කිය්යවන්න...

      Delete
    2. No, this is a wrong accusation. Tear gas has definitely been used.

      Ano 2.

      Delete
    3. @ Annonymous 1
      වඩාත් පැහැදිලි වෙන්න එය මෙහෙම නිවරදි කරන්නම්...

      "මේ කණ්ඩායමේ තවත් කොටසක් ජලය අත්යවශ්ය අයිතිවාසිකමක් බවත් තමන් නිරපේක්ෂව ඒ මානව අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවත් පවසති. නමුත් ඔවුන් මීට කලකට ඉහතදී මාවිලාරු සොරොව්ව වැසූ කොටි ත්රස්තවාදයට එරෙහිව ජල අයිතිය වෙනුවෙන් කල මැදිහත්වීම ප්රතික්ෂේප කල පිරිසම බව අප සිහි තබා ගත යුතුය..ජලය අයිතිවාසිකමක් නම් එය රතුපස්වලට මෙන්ම මාවිලාරුවටත් පොදු විය යුතුය.නමුත් ඔවුන්ට එදා ජල අයිතිය මානව අයිතිවාසිකමක් ලෙස පෙනුනේ නැත.ඒ කොටින් රැක ගැනීම ඊට වඩා ඔවුන්ගේ රාජකාරිය වූ බැවිනි..එයින් පෙනෙන්නේ ඔවුන්ගේ ඒ බොරු අයිතිවාසිකම් කතා එන්නේ සැබැවින්ම ඒ අයිතිවාසිකම් වෙනුවෙන් නොවන බවයි. "

      Delete
  4. Thank you Kalum. More than agree with your analysis. Really wondering why the Govt. does not understand this plain truth. The only explanation is (as you too have mentioned) //එසේත් නැත්නම් බලකාමයෙන් අඳ වූ දෙනෙත් හමුවේ අද පොළවේ දේශපාලන ඉව මැකී ගොස් ඇති නිසාද?// petty.

    ReplyDelete
  5. සුදු පුතේ... කුට්ටුමනී කොටි තරුණියක් නෙවෙයි අප්පා... ඔහු තරුණයෙක්... අනික කවුරු වුණත් එයා කිව්ව දේ හරිගිහිල්ල නෙව තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. සුදු පුතා8/14/2013 9:28 AM

      ආහ්හ්...එතකොට ඔයාලට කුට්ටුම්නීලයි මේ රතුපස්වල මිනිස්සුයි සමානයිද? රතුපස්වල සිද්දිය කවුරුවත් අනුමත කරන්නේ නෑ. ඒකේ තර්කයක නෑ. නමුත් මේ එන්.ජී. ඕ උගතුන් මේක ගැන කතා කරන්නේ රතුපස්වල ජනතාව ගැන දුකෙන් නෙමේ. ඔවුන්ගේ බෙදුම්වාදී ව්යාපෘතිය ඉදිරියට ගෙන යමේ අරමුණින්. රතුපස් වල මිනිස්සුන්ට වෙඩි තියපු එක වැරදි උනාට මිනී මරපු ත්‍රස්තවාදීනට වෙඩි තියන එකේ වැරැද්දක් නෑ. එය නොකෙරුවානම් තමා වරද. නමුත් අද ඔය ලොකු මහත්තුරු මේ සිද්දිය අරන් කියන්න හදන්නේ ඒගොල්ලන්ගේ පරණ කතාවමයි. ඒ ගොල්ලනට ඕන ඔය දෙකේදිම රජය මඟින් ජනතාවට එරෙහිව කටයුතු කලා කියලා පෙන්නන්න. නමුත් ඔය දෙකේ වෙනස මේ රටේ මිනිස්සුන්ට තේරෙනවා. අපි රතුපස්වල සිද්දියේ වගකීම හා දෝෂාරෝපණය රජයට එල්ල කරන අතරෙම කොටි ත්‍රස්තයනට එරෙහිව ගෙන ගිය සටනට මේක සමාන කරන්න තරම් දයාන් ජයතිලකලා වගේ ඉච්ඡාභංගත්වයෙන් පෙලෙන මිනිස්සු නෙමෙයි කියන එකත් මතක තියා ගන්න. කුට්ටුමනීගේ ජෙන්ඩර් එක නම් මට ටිකක් වැරදුනා වෙන්න ඇති. අපි ඉතින් ඔය කුට්ටුම්නීලා කියපු ඒවා දැනගන්නෙත් දයාන්ලාගෙන්නේ.

      Delete
  6. "වතුර කියන්නේ ජනතාවගේ මූලික අයිතියක්. ත්‍රස්තවාදීන්ට ජනතාවගේ ඒ මූලික අයිතිය නැති කරන්න දෙන්න බැහැ. ඒ නිසයි මාවිල්ආරු සොරොව්ව එල්.ටී.ටී.ඊ.යෙන් නිදහස් කර ගන්න මේ යුද්ධය පටන් ගත්තේ. මේ යුද්ධයට මානුෂීය මෙහෙයුමක් කියලා මම කියන්නේ ඒ නිසයි..."
    මහින්ද රාජපක්ෂ
    2013.03.21


    දැනට මාස කිහිපයකට පෙර මෙහෙම කිවුව මහින්ද අද වැලිවේරියේ ජනතාවට කියන්නේ මොකක්ද කියලා කල්පනා කරනවා විය යුතුය.
    එදා එල්.ටී.ටී.ඊ.ය මාවිල්ආරු සොරොව්ව වහලා ජනතාවට වතුර අහිමි කළේය. අද මේ ආණ්ඩුව වැලිවේරියේ ජනතාවට වතුර පමණක් නොව ජීවිතත් අහිමි කර ඇත. වතුර ඉල්ලා හඬන අහිංසක ජනතාවගේ ජීවිත බිලිගන්න තරම් "අපේ මිනිහාගේ ආණ්ඩුව" අපේ මිනිහට මේ තරම් කුරිරු වුණේ ඇයි?


    එල්.ටී.ටී.ඊ.ය ත්‍රස්තවාදීන්ය. ත්‍රස්තවාදීන්ට ජනතාව ගැන කැක්කුමක් නැත. ඒත් මහජන ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුවකට ත්‍රස්තවාදීන් හෝ ජනතාවගේ මූලික අයිතීන් අහිමි කළ නොහැකිය

    ReplyDelete
  7. වැලිවේරියේ පොඩ්ඩා8/14/2013 3:14 PM

    මෙන්න මෙහේ කඩිමුඩියේ වැලිවේරියට නල ජලය දෙන්න ජල නල එලනවා.අශ්වයා ගියාට පස්සේ තමයි කලබලේ...
    හැබයි මන් දැක්ක ඊයේ වැලිවේරියේ අපේ කට්ටියම කියනව අපිට පිරිසිදු වතුර පිටින් ගෙනත් එපා.
    අපිට වැලිවේරියේ වතුරම ඕන කියල :)
    (හරියට අර පොඩි කාලේ පැන්සලේ තුඩ කැඩුනම ඒ තුඩම ඉල්ලල අඬනව වගේ )
    වැලිවේරියේ වතුර ධම්මිකගේ ෆැක්ටරිය නිසා දූෂණය වෙලා කියල කියනව නම් කොහොමද දැන් ඒ වතුරම දෙන්නේ?
    මට නම් හිතෙනව මේක ගේමම ඉල්ලන වැඩක් කියල...
    අපිට නම් පිරිසිදු වතුර ලැබෙනවනම් ඒ ඇති.ගේම එපා

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions