3/01/2018

'එට්‌කා' සහ ආර්ථික ඝාතකයෝ

කතෘ:යුතුකම     3/01/2018   No comments


අපි අතරෙම අපිත් එක්‌ක සුහදව ඉන්න මේ ඝාතකයා, ඝාතකයෙක්‌ කියලා හඳුනාගන්න අපි අසමත් වුණොත් මේ ඝාතකයන් අතින් අපව ඝාතනය වන බව අපි තේරුම්ගන්න ඕනා.
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පසුගියදා කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවනාගාරයේදී 'රට විකිණීමට එරෙහිව් පැවැත්වූ සම්මන්ත්‍රණයේදී තොරතුරු තාක්‌ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා විසින් එට්‌කා ගිවිසුම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ඝාතකයෝ යන තේමාව යටතේ පැවැත්වූ දේශනය:



 එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම දරන අමාත්‍ය මලික්‌ සමරවික්‍රම මහත්තයාට මේ රටේ සංවර්ධනය සම්බන්ධයෙන් තිබෙන්නේ පුදුම උනන්දුවක්‌. කොච්චර උනන්දුවක් තිබෙනවාද කියනවා නම් එතුමා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවර්යෙක්වත් වෙන්න කළින් අර බැදුම්කර හොරකමට කළින් දවසේ යනවා මහ බැංකුවට. ගිහින් සාකච්ඡුා කරනවා පාරවල් හදන්න සල්ලි හොයන විදිහ. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්වත් නෙමේ එතකොට. පුදුම උනන්දුවක්!

හැබැයි එතුමා අමාත්‍යාංශයක්‌ ගත්ත දවසෙ ඉඳලා මේ වෙනකල් එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ක්‍රියා කළත් එතුමා තවම අසමත් වෙලා තියෙනවා එට්‌කා ගිවිසුම සම්බධන්ධයෙන් ශක්‍යතා අධ්‍යනයක්‌වත් කරන්න. ඒ නිසා අපි ශක්‍යතා අධ්‍යනයක්‌ කරලා ඒක පොතක්‌ විදියට ප්‍රකාශයට පත් කරලා කථානායකවරයාගේ අනුමැතිය අරගෙන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීලා තියෙනවා. කථානායකතුමාත් අපට ලිපියක්‌ යොමු කළා වගකිවයුත්තන්ගේ අවධානයට ලක්‌විය යුතු මෙවැනි කෘතියක්‌ රචනා කිරීම සමබන්ධයෙන් ස්‌තුතිය ප්‍රකාශ කරලා. ඉතින් මේකේ ප්‍රධානම වගකිවයුත්තෙක්‌ තමා මලික්‌ සමරවික්‍රම ඇමැතිතුමා. අපි හිතනවා එතුමා මේ පොත කියවයි කියලා. ඒ වගේම තමා එතුමාගේ රාජ්‍ය ඇමැතිතුමා, සුජීව සේනසිංහ. අපි කවුරුත් දන්නවා එතුමා පොත් ලියන කෙනෙක්‌. ළඟදී පොතක්‌ ලිව්වා බැඳුම්කර වංචාව ගැන. එනිසා එතුමා කොහොමත් මේ පොත බලන්න ඇති. 

 මේ අවුරුද්දේ ඔක්‌තෝම්බර් මාසයේ එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ලංකා එට්‌කා කණ්‌ඩායමේ 12 දෙනා ඉන්දියාවේ එට්‌කා කණ්‌ඩායමත් එක්‌ක නවදිල්ලි නුවරදී 6 වැනි සාකච්ඡා වටය පැවැත්වූවා. එහිදී තීරණය වුණා 7 වැනි සාකච්ඡා වටය කොළඹදී දෙසැම්බර් මාසයෙදී පවත්වන්න. නමුත් මේවා කාටවත් දැනගන්න ලැබෙන්නේ නෑ. අපි මේ කතාකරන මොහොත වන විට ජාතියේ ගෙල සිරකරන මේ කුමන්ත්‍රණය ලංකා කණ්‌ඩායමේ 12 දෙනාත් ඉන්දියානු කණ්‌ඩායමේ කිහිප දෙනාත් අතර කොළඹ කොහේ හෝ තැනක සිදුවෙනවා වෙන්න පුළුවන්. එය බොහෝ විට මේ එට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් සිදුවන අවසන් සාකච්ඡා වටය වෙන්න පුළුවන්. එසේ වුවහොත් 2018 වසරේ මුල් කාර්තුව තුළ එට්‌කා ගිවිසුම අත්සන් කරන්නට සියලු කටයුතු සූදානම්.
(නවතම තත්වයට අනුව 2018, පෙබරවාරි 21 සිට 23 දක්වා එට්කා සඳහා අටවන සාකච්ඡා වාරයද ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වීය.)

 එට්‌කා සාකච්ඡා කණ්‌ඩායමේ ඉන්න නිලධාරීන් පිරිස මේ දේශෙද්‍රaහී කටයුත්ත ජනතාවට හොරෙන් කරගෙන යද්දී, තවත් පිරිසක්‌ ඉන්නවා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන. ඒ තමයි මේ රටේ ඉන්න ආර්ථික ඝාතකයෝ. මේ ආර්ථික ඝාතකයෝ කියන පිරිස තමන්ව හඳුනාගන්නේ 'ආර්ථික විශේෂඥයෝ' කියලා. මොවුන් ඉංග්‍රීසි කතාකරන ටයි කෝට්‌ පළඳින ජාතියක්‌. හැංගිලා ඉන්න ඝාතකයෝ නෙමේ මේ අය. අපි මේ අයව රූපවාහිනියේ දකිනවා. පත්තරවල ඔවුන්ගේ ලිපි පළ වෙනවා. හැබැයි මේ පිරිස කරන්නේ මේ ජාතිය ඝාතනය කරන එක.

 අපි එකක්‌ මතක තියාගත යුතුයි. අපි අතරෙම අපිත් එක්‌ක සුහදව ඉන්න මේ ඝාතකයා, ඝාතකයෙක්‌ කියලා හඳුනාගන්න අපි අසමත් වුණොත් මේ ඝාතකයන් අතින් අපව ඝාතනය වන බව අපි තේරුම්ගන්න ඕනා.

 මේ ළඟදී, රසීන් සැලී කියන පුද්ගලයා, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ප්‍රධානියා පවසනවා, වෙළෙඳ හිඟය කියන එක ප්‍රශ්නයක්‌ නෑ. ඒ ගැන කලබල වෙන්න ඕනැ නෑ කියලා. ඇයි මේ පුද්ගලයන්ට මෙහෙම කියන්න සිද්ධ වෙන්නේ?

 මේක ඉතාම වැදගත් කාරණයක්‌. අපි මේක හරියට තේරුම් ගත්තොත් අපිට පුළුවන් මේ ආර්ථික ඝාතකයන් කවුද කියලා හඳුනාගන්න. මේ ආර්ථික ඝාතකයන් මෙහෙම කියන්නේ සුවිශේෂී හේතුවක්‌ ඇතුව. ඇයි වෙළෙඳ හිඟය, එහෙමත් නැත්නම් ආනයන අපනයන් පරතරය වැඩිවීම ප්‍රශ්නයක්‌ නෙමෙයි කියලා මේ අයට කියන්න සිද්ධවෙලා තියෙන්නේ?

 ලංකාවේ වාර්ෂික වෙළෙද හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ක්‌. ඒ කියන්නේ එක අවුරුද්දකට හම්බන්තොට වරායවල් 9 ක්‌ වටින මුදලක්‌ අපේ රටින් පිටවෙනවා භාණ්‌ඩ වෙළෙ¹මෙන්. ඔබට මතක ඇති අපේ අගමැතිතුමා අර චෙක්‌පතක්‌ උස්‌සන් හිටියා හරියට තරගයක 'මෑන් ඔෆ් ද මෑච්' හම්බෙලා වගේ. ඒකේ තිබ්බේ කීයක්‌ ද ඇමෙරිකානු ඩොලර් බිලියන බින්දුවයි දශම දෙකයි නවයයි (0.29). වාර්ෂික වෙළෙද හිඟය වන ඇමෙරිකානු ඩොලර් බිලියන 9 න් හතරක්‌ පමණ එන්නේ ඉන්දියාවත් එක්‌ක වෙළෙඳාමෙන්. ඒ හා සමාන වෙළෙඳ හිඟයක්‌ චීනයත් සමඟ තියෙන වෙළෙඳාමෙනුත් එනවා. ඒ කියන්න ඉන්දියාව සහ චීනය සමඟ එක වසරකට වෙළෙඳ හිඟය හම්බන්තොට වරායවල් 8 ක්‌.

 මේක අපේ ආර්ථිකයේ තියෙන එක්‌තරා රෝගයක්‌. ඇයි මේක ප්‍රශ්නයක්‌ වෙන්නේ? අපට ඩොලර් අච්චු ගහන්න බෑ. අපි භාණ්‌ඩ වෙළෙඳාම් කරලා වැඩිපුර රටෙන් පිටවන ඩොලර් ප්‍රමාණය කොහෙන් හරි හොයන්න ඕනා. කොහෙන්ද අපි ඒ වැඩිපුර පිටවන ඩොලර් ප්‍රමාණය හොයන්නේ? මේ ආර්ථික විශේෂඥයන්ට අපි අවධාරණය කරලා කියනවා, වෙළෙඳ හිඟය ප්‍රශ්නයක්‌ ද නැද්ද කියන එක තේරුම්ගන්න වෙන්නේ ඒ වෙළෙඳ හිඟය කිසියම් රටක්‌ පියවන්නේ කෙසේද කියන කාරණය උඩ. ඇමෙරිකාව වගේ රටක්‌ වෙන රටවල ආයෝජනය කරලා ඉන් ලැබෙන ලාභාංශ වලින් ඒ වෙළෙඳ හිඟය පියවනකොට ඒක ලොකු ප්‍රශ්නයක්‌ නොවෙන්න පුළුවන්. හැබැයි අපි කොහොමද මේ වෙළෙඳ හිඟය පියවන්නේ? අපේ රටට එක අවුරුද්දකට ඇමෙරිකානු බිලියන හතක්‌ එවන්නේ විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයෝ. ඒකෙන් හරි අඩක්‌ මේ රටට එවන්නේ මැදපෙරදිග වැඩකරන අම්මලා. වෙළෙඳාම් කරලා එළියට යන ඒ ඩොලර් ටික පියවන්නේ මේ අහිංසක මිනිස්‌සුන්ගේ සල්ලි. ඒ මිනිස්‌සුන්ගේ දහදිය සහ ඒ මිනුස්‌සුන්ගේ ජීවිත. මේ ආර්ථික ඝාතකයෝ අපිට කියනවා වෙළෙඳ හිඟය ප්‍රශ්නයක්‌ නෑ කියලා. එතකොට ඇයි මේ අය මෙහෙම කියන්නේ කියලා පැහැදිලියි. එට්‌කා ගිවිසුමෙන් යෝජනා කරනවා ඉන්දියා එට්‌කා ගිවිසුමෙන් යෝජනා කරනවා ඉන්දියාවෙන් ගෙන්වන භාණ්‌ඩවලින් 90% කටම ආනයනික බද්ධ සම්පූරණයෙන්ම ඉවත් කරන්න. අපි දන්නවා ඉන්දියාවත් එක්‌ක කිසියම් ගිවිසුමකට එළැඹුනොත් අපිට චීනයත් එක්‌කත් එවැනිම ගිවිසුමකට එළැඹෙන්න සිද්ධ වෙනවා. චීනය එක්‌කත් සාකච්ඡා කරන් යනවා එවැනිම ගිවිසුමක්‌ සඳහා. චීනයෙන් ආනයනික භාණ්‌ඩවලින් 90% කුත් සම්පූර්ණ ආනයනික බද්දෙන් නිදහස්‌ කරන්න යනවා.

 එතකොට ලංකාවට කෙරන ඉන්දියානු සහ චීන ආනයන ඉහළ යනවා. එතකොට ඔවුන් දන්නවා මේ වෙළෙඳ හිඟය ඉතා වේගයෙන් ඉහළ යන බව. රටෙන් පිටවන ඩොලර් ප්‍රමාණය වැඩිවෙනවා. මේ පීඩනය දරාගන්න වෙන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා මේ රෝගයට මේක රෝගයක්‌ නෙමෙයි කියලා තමයි මේ ආර්ථික ඝාතකයෝ කියන්නේ. මොකද ඔවුන් යෝජනා කරන බෙහෙතෙන් මේ රෝගය ඔඩුදුවන බව ඔවුන් දන්නවා. ඉතින් ඒගොල්ලෝ අපිට කියනවා මේකේ ප්‍රශ්නයක්‌ නෑ. මේකේ ලෙඩක්‌ නෑ කියලා. වෙළෙඳ හිඟය ගැටලුවක්‌ නෙමෙයි කියන බොරුව සමාජගත කරලා විතරයි මේ අයට එට්‌කා ගිවිසුම ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ.

 මෙච්චර කල් මේ ලෙඩේට අපිට තිබුණ පිළියම තමයි අර මම කියපු විදේශ ශ්‍රමිකයෝ මෙහෙට එවන මුදල. දැන් මේ ගිවිසුමෙන් පස්‌සේ මොකද වෙන්නේ ඒ පිළියමට? ඒ පිළියමටත් විශාල තර්ජනයක්‌ ඇති වෙනවා.

 එට්‌කා ගිවිසුමෙන් යෝජනා කරනවා සෞඛ්‍ය, අධ්‍යාපනය, මහමාර්ග සහ ප්‍රවාහන සේවා, සංචාරක, තොරතුරු තාක්‌ෂණ, බලශක්‌තිය, බැංකු සහ මූල්‍ය සේවා, රක්‌ෂණ, විනෝදාශ්වාදය ආදී සෑම ක්‌ෂේත්‍රයක්‌ම ඉන්දියානුවන්ට විවර කරන්න. විනෝදාශ්වාදය කිව්වහම සියලු දේවල් අයත් වෙනවා සින්දු කියන එක, චිත්‍රපටි කරන එක විතරක්‌ නෙමේ මඟුල් ගෙවල්වල ඡායාරූප ගන්න එකත් ඒකට ඇතුළත් වෙනවා.

 මේ සියල්ල සඳහා ඉන්දියානු කර්මාන්ත සහ ඉන්දියානු ශ්‍රමිකයන්ට මෙහෙට එන්න පුළුවන් වෙනවා. එතකොට අර මැදපෙරදිග රටවල ලාංකික මවුවරුන් දහදුක්‌ විඳලා මෙහෙට එවන මුදල්, ඉන්දියානු ශ්‍රමිකයෝ මෙහෙට ඇවිල්ලා රුපියල්වලින් පඩි අරගෙන ඩොලර්වලට මාරු කරලා ඉන්දියාවට පිටකරන කොට අර පිළියමත් දුර්වල වෙනවා මේ එට්‌කා ගිවිසුමෙන්. එතකොට එක පැත්තකින් වෙළෙඳ හිඟය වැඩිවෙන කොට ඒකට මෙච්චර කල් පිළියම විදියට තිබිච්ච විදේශ සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණවල ශුද්ධ අගය අඩුවෙනවා. අපේ රටේ විදේශ සංචිත අඩු වෙනවා. ඒ කියන්නේ අපි ගාව තියෙන ඩොලර් අඩු වෙනවා. රුපියල අවප්‍රමාණය වෙනවා. එතකොට අපිට විදේශීය ණය ලබාගන්න වෙනවා. අපිට තව තව තීව්‍ර ලෙස අපේ ජාතික සම්පත් විකුණන්න වෙයි. එහෙම විකුණගෙන විකුණගෙන ගියාට පස්‌සේ අපිට තැනක්‌ එනවා අපි ළඟ තියෙන ජාතික සම්පත් ඔක්‌කොම විකුණලා ඉවර වෙන. සීගිරිය විකුණයි. සිංහරාජය විකුණන්න වෙයි. ඊට පස්‌සේ අපි මොනවද විකුණන්නේ? අන්න එදාට එනවා ගෙවුම් තුලන අර්බුදය. එතකොට මේ ආර්ථික විශේෂඥයෝ කියන අය කිසි කෙනෙක්‌ මේකේ වගකීම ගන්නවද? නැහැ. ඒක තමයි මනුෂ්‍ය ඝාතකයන්ගේ සහ ආර්ථික ඝාතකයන්ගේ තියෙන වෙනස. මනුෂ්‍ය ඝාතන කරපු අයව අල්ලලා උසාවියේ දඬුවම් දෙන්න පුළුවන්. මේ ආර්ථික ඝාතකයෝ සිය දහස්‌ ගණන් මිනිස්‌ ඝාතන සිදුකරලා, වැරදි ආර්ථික ක්‍රම රටවලට හඳුන්වලා දීලා එන්. ජී. ඕ. බත්බැලයෝ වෙලා එන්. ජී. ඕ. ඩොලර් අරගෙන බොහෝම සුව සේ තමන්ගේ ජීවිතය ගත කරනවා.

 මෙහෙම ආනයනික බදු අඩු කළහම රජයට ලැබෙන බදු ආදායමට මොකක්‌ද වෙන්නේ. රජය ඒ අහිමිවන බදු ආදායම වෙන කොහෙන් හෝ ලබාගත යුතුයි. කොහෙන්ද ගන්නේ? මේ රටේ දුප්පත් මිනිස්‌සුන්ගේ බොටුව මිරිකලා ඒ මිනිස්‌සුන්ගෙන් තමයි ගන්න වෙන්නේ. මේ රටේ ඉන්නවා නම් ආර්ථික විශේෂඥයෝ එට්‌කා හොඳයි කියන අපි ආරාධනා කරනවා විවාදයකට එන්න කියලා.

 දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් වෙළෙඳ ගිවිසුම් මෙච්චර නරකද කියලා. තව රටවල් තියෙනෙවා වෙළෙඳ ගිවිසුම් ගහලා තියෙන. ඒක සාධාරණ පැනයක්‌. සමහර වෙළෙඳ ගිවිසුම් තියෙනවා ප්‍රවේශමෙන් අධ්‍යනය කරලා, ශක්‍යතා අධ්‍යනයක්‌ නිවැරදිව තේරුම් අරගෙන ගිවිසුම්ගත වෙලා යම්කිසි වාසීන් ලැබිය හැකියි. මම එක උදාහරණයක්‌ කියන්නම්. ඇමෙරිකාව සහ මෙක්‌සිකෝව අතර තියෙන වෙළෙඳ ගිවිසුමක්‌ සැලකුවොත් ඇමෙරිකාවට තියෙනවා අතිරික්‌ත ප්‍රාග්ධනය. මෙක්‌සිකෝවට තියෙනවා අඩු මිල ශ්‍රමය සහ අඩු නිෂ්පාදන පිරිවැය. එතකොට ඒ අඩු මිල ශ්‍රමය යොදා නිපදවන භාණ්‌ඩ ඇමෙරිකාවට අපනයනය කරලා වගේම මෙක්‌සිකානු වෘත්තිකයෝ ඇමෙරිකාව තුළ රැකියා කිරීම මඟිනුත් මෙක්‌සිකෝවට කිසියම් විදේශ විනිමය ප්‍රමාණයක්‌ ගෙන එනවා. ඒ වගේම මෙක්‌සිකෝව තුළ ඇමෙරිකාව සතු ප්‍රාග්ධනය ආයෝජනය කරලා ලාභාංශ විදියට ඇමෙරිකාවට මුදල් ගෙන එනවා. නමුත් මේ රටවල් දෙකටම මේ ගිවිසුමෙන් ගැටලු උදාවෙලා තියෙනවා. හැබැයි රටවල් දෙකකට කිසියම් හෝ වාසිත් තියෙනවා. 

 හැබැයි ලංකාවයි ඉන්දියාවයි සලකලා බැලුවහම තත්ත්වය කුමක්‌ද? කාටද වැඩිපුර ප්‍රාග්ධනය හිමිවීමේ වාසිය තිබෙන්නේ? ඉන්දියාවට. කාටද අඩු මිල ශ්‍රමය තියෙන්නේ? ඉන්දියාවට. අපිට ඉන්දියාවත් එක්‌ක ගිවිසුමක කිසිදු වාසියක්‌ නෑ.

 දැන් මේ ගිවිසුම් ගහන්න කතා කරන අය අපට ඉන්දියාව තුළ තියෙන අවස්‌ථා ගැන කතා කරනවා අහලා තියෙනවා. එහෙම කතා කරන්නේ නෑ. ඒ අයත් කතා කරන්නේ අපි කොහොමද බේරෙන්නේ කියලා. මම කාට හරි ගහගන්න කතා කරලා මම කල්පනා කරනවා මම කොහොමද බේරෙන්නේ කියලා. මොකක්‌ද මේ, ධනවාදය ද මේක. නෑ මේක ධනවාදය නෙවෙයි. මේක බියගුළුකම. පාලකයන්ට කොන්ද පණ නැති කම. මේක ඉන්දියානු ආක්‍රමණිකයාට බයේ කරන කටයුත්තක්‌. මොළේ තියෙනවා කියලා ගෙනාවට අද වෙනකොට ඔප්පු වෙලා තියෙනවා මේ පාලකයන්ට උකුණු හිසක තරම්වත් මොළයක්‌ නෑ කියලා. අපේ රණවිරුවෝ දස දහස්‌ ගණන් ජීවිත පූජා කරලා බේරගත්ත මවුබිම මේ වගේ පාලකයන්ට පාවාලා දෙන්න ඉඩදෙන්න බෑ. ඒ සඳහා අපි සියලු දෙනා රොද බැඳගත යුතු වෙනවා. මේ පණිවුඩය ගමින් ගම අරන් යන්න වෙනවා. පාළාත් පාලන මැතිවරණයේ ඡන්දය ඉල්ලන් කුමන පක්‌ෂයකින් ආවත් අපි හැමෝම අහමු මේ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ගේ මතය කුමක්‌ද කියලා. මේ කාරණා ටික සභාව හමුවේ අවධාරණය කරමින් මම සමුගන්නවා. බොහෝම ස්‌තුතියි.


යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

2/28/2018

ආණ්ඩුවට තිබූ ජනවරම මැරිලා- ආචාර්‍ය චරිත හේරත්

කතෘ:යුතුකම     2/28/2018   No comments


පෙබරවාරි 10 මැතිවරණ ප්‍රතිඵලයෙන් මේ ආණ්ඩුවේ ජනමතය දැන් මැරී අවසන් බවත් එය අවබෝධ කරගෙන අලුත් පාර්ලිමේන්තුවකට ඉඩ දීම මේ මොහොතේ ආණ්ඩුවට සිදු කළ හැකි ඥානාන්විත පියවර බවත් ආචාර්‍ය චරිත හේරත් මහතා පවසයි.
යුතුකම සංවාද කවය විසින් පසුගියදා පැවැත්වූ "පෙබරවාරි 10 රටවැසි ප්‍රකාශය" සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනයක් සිදු කරමින් ඔහු මේ බව පැවසීය.

එසේ ක්‍රියා නොකර ආණ්ඩුවට අවශ්‍ය නම් ඉතිරි අවුරුදු දෙකද ගත කළ හැකි යැයි පැවසූ ඒ මහතා එසේ වුවහොත් සිදුවන්නේ එදා 77 සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියගේ ආණ්ඩුවට අත්වූ ඉරණම බවද පෙන්වා දුනි.
එහිදී අදහස් දැක්වූ චරිත හේරත් මහතා "ජෙ ආර් ජයවර්ධන 1975 එවකට සිටි පාර්ලිමේනතුවෙ දකුණු කොළඹ ආසනයෙන් ඉල්ලා අස්වෙලා අතුරු මැතිවරණයකට ගිහින් විශාල ජන්ද ගනනකින් ජය අරගෙන අපූරු ප‍්‍රකාශයක් කළා. ඔහු කීවෙ "සිරිමා මැතියනගේ 1970 පත්වෙච්ච ආණ්ඩුවෙ ජනවරම මේ අතුරු මැතිවරණ ප‍්‍රතිඵලයත් එක්ක (1975) මැරුණා කියලයි. මැරිච්ච ආණ්ඩුව භුමිදානය කරන්න මැතිනිය ලැහැස්ති නැත්නම් ඔහොමම යන්න ඒත් තව අවුරුදු දෙකකින් (ඒ කියන්නේ 1977) භුමිදානය කරන්න වෙන්නේ කුණු ගහන තත්වයක, නහය වහගෙන කියලයි". ඇත්තටම වුනෙත් ඒකම තමයි.1977 මහ මැතිවරණයෙන් 'කැතටම' පැරදිලා නහය වහගෙන යන්න තමයි ඒ කාළේ අපේ පක්ෂයට වුනේ. මෙතැනත් වෙමින් තියෙන්නේ ජෙ. ආර්. කියපු එක වගේ දෙයක්. මෙ ආණ්ඩුවේ ජනමතය මැරිල ඉවරයි. භූමිදානය කරන් නැතිව තව මාස කීපයක් යන්න පුලුවන්. හැබැයි නහය වහගෙන ගෙදර යන්න තමයි ඒ හැමෝටම වෙන්නේ."
යනුවෙන් පැවසීය.

ආචාර්‍ය චරිත හේරත් මහතා සිදු කළ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්..

සටහන : යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

2/27/2018

රටට අතිශය අහිතකර දේශපාලන අස්ථාවර බවෙන් මිදෙන්නට මගක් - පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමි

කතෘ:යුතුකම     2/27/2018   1 comment
රටට අතිශය අහිතකර දේශපාලන අස්ථාවර බවෙන් මිදෙන්නට මගක් 
- පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමි




පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් යුතුකම සම්මන්ත්‍රණයේදී කළ දෙසුම

"පෙබරවාරි 10 රටවැසි ප්‍රකාශය" සම්මන්ත්‍රණය
2018-02-26
කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී
සංවිධානය : යුතුකම සංවාද කවය

යුතුකම සංවාද කවය
www.yuthukama.com:
Like us on facebook :https://www.facebook.com/yuthukama

2/26/2018

‘We need parliamentary election without delay’

කතෘ:යුතුකම     2/26/2018   1 comment

‘We need parliamentary election without delay’


Nationalist Movement activist Gevindu Cumaratunga, 
in an interview with the 
Daily Mirror, analysed the current political situation in the country. He shared the following:-

  • LG election formula made a serious assault on democracy

  • People’s verdict is against Yahapalana conspirators

  • It is a verdict against Govt ridiculing national conscience

 

How do you rate the recent election results?

Like the British colonial rulers crippled village leadership of our country after the Kandyan rebellion, the present Government undermined the local leadership after assuming office in 2015. The Government delayed the local elections for three years and denied village level political leadership to people. Today, people have elected to office the political activist, the political party that struggled against such denial. Also, people got the opportunity to compare and contrast the three-year rule of this Government with the government of former President Mahinda Rajapaksa. People have overwhelmingly rejected the policies of the current rule. Also, people expressed their firm objection to what this Government intends to do – alienation of national assets, ETCA agreement with India, separatist constitutional reforms etc.
As we see it, this is also a verdict against the Government ridiculing national conscience. In fact, this Government took steps to sing the Buddhist devotional song ‘Danno Budunge’ in opera style, at the Independence Day celebrations. The Prime Minister came out to insult the original version. Then they made a mess of our national anthem. There cannot be a national anthem which is sung after an event and another before the event. For a nation, there cannot be two separate national anthems. In constitutional reform proposals, there were serious assaults on the national identity of this country. The Government pursued the same harmful policy of insulting and harassing war heroes and Buddhist monks.
As in 1956, people have spoken out at this election against these shameful, harmful acts. They have demanded a new leadership, a new path for the country.

"Former President Mahinda Rajapaksa emerged as an iconic figure as he gave leadership to the war against scourge of terrorism that threatened our motherland. He stood up to reactionary forces in certain sections of the international community"


Yet, the Govt maintains that the total amount of votes polled collectively by the political parties that stood together at the last Presidential Election is much higher than the total votes polled by SLPP. How do you view it?

This argument will be valid only if all these forces contested together under one banner. Or if all these parties – UNP, SLFP, UPFA, JVP, and TNA were upholding the actions of the past 3 years, they were asking for a mandate to continue together. As we know, not only did they contest separately SLFP and  UPFA led by President and JVP were asking for a mandate against the present Government policies. UNP also was asking for a mandate to form a pure UNP Government. If they contested as a front under a common symbol and asked for the people’s verdict on their performance during the past three years, this argument will hold some water. It did not happen that way.What did the President say? He said the way the economy was handled by the UNP was a total failure. He said people were reeling under the high cost of living. He sought a mandate from the people to change the economic policies. He asked for a mandate to secure national assets. He asked for a mandate to punish Bond thieves. So, the majority of the 13% votes polled by combined SLFP plus UPFA is a protest vote against the policies of this so-called national Government.
We heard JVP Leader Anura Kumara Dissanayake expressing the view that the SLPP failed to poll more than 50%. We ask whether the JVP got votes in favour of selling national assets? Whether they got votes in favour of this government’s economic policies? Whether they got votes in favour of signing of the ETCA with India? If so, the 6% they polled can be considered as an endorsement of the present Government policies. If not, that 6% also has to be considered as a protest vote against this Government. The JVP should spell it out clearly.
SLPP polled 44.6%. The UPFA/SLFP got 13.38%. The JVP 6%. That is a total of 63%. It is a huge percentage against the performance of the Prime Minister. It is a protest vote against the policies of the current Government. It is a protest vote against the so-called National Government. So, the Prime Minister should step down. Party leaders should get together and form a caretaker Government. People should be given an opportunity to form a new Government according to their wishes.  

"The constitutional amendments, brought about by this Government, created confusion within confusion in administration. It is an attempt to prevent the formation of a stable Government in Sri Lanka"


Yet, this election is seen merely as something meant for the selection of members for local administration. How do you respond to that argument?

If so, why do they argue about national percentages now? Sri Lanka Podujana Peramuna (SLPP) won more than 70% of local bodies. It is a landslide victory gained after weathering all odds placed in its way by the present rule. Yahapalana pundits should be humble enough to accept the people’s verdict.
At the same time this election cannot be considered only as a Local Government Election. Not only SLPP, UNP, SLFP-UPFA and JVP all parties asked people to exercise their franchise considering national policies; national leadership. We find newspaper advertisements placed by the UNP asking for a mandate based on its performance during the past three years. They said the vote for the UNP is a vote for your future. In this advertisement, nothing is mentioned about matters related to local administration. The SLFP/UPFA also carried out paid advertisements asking for a mandate for the President’s leadership; to punish bond fraudsters; to safeguard national assets. Again, these are matters of national significance. The JVP also teamed up with NGO elements and sought a mandate for a ‘new beginning’; for a turning point of national politics. So all parties, in this manner, asked people to vote considering issues of national significance; national leadership. However, people rejected the policies of all these parties and chose the newly formed SLPP instead. Nobody can deny the fact that this is an election of national significance.

  • Polls outcome impacted PM’s performence

  • SLPP emerge victors in more than 70% of the local bodies

  • TNA polled 339,675 against 515,963 at 2015 Parliamentary elections 

  • Polls outcome a big blow to conspirators against a unitary Sri Lanka


UNP polled 5,098,927 at the 2015 Parliamentary Elections. In this February 10 elections, it polled only 3,625,510. After governing the country for 3 years and Ranil Wickremesinghe being Prime Minister for 3 years, they have lost 1,473, 417 votes! SLFP-UPFA led by President Sirisena polled 4,732,669 at the 2015 Parliamentary Elections. In this February 10 elections SLFP-UPFA collectively polled 1,487,960 only. So under the President’s leadership SLFP-UPFA has lost 3,244,709 votes! Shouldn’t the President, Prime Minister and their collective Government resign? Not only should they resign from public office, they should resign from the leaderships of the respective parties. 515,963 votes at the 2015 Parliamentary elections. The TNA has also lost a lot of votes. They polled 515,963 votes at the 2015 Parliamentary elections. This February 10th they polled only 339,675. They have lost 176,228 votes. One of my Tamil friends told me that the votes they received this time represented the correct figure; the amount they have lost – which is more than one hundred and seventy five thousand was the amount they rigged (‘hora chanda’) at the 2015 parliamentary elections! Explanation is due from the TNA leadership, who is shamelessly holding on to the Opposition leader’s post.

"UNP polled 5,098,927 at the 2015 Parliamentary Elections. In this February 10 elections, it polled only 3,625,510. After governing the country for 3 years and Ranil Wickremesinghe being Prime Minister for 3 years, they have lost 1,473, 417 votes!"


You work against the Constitution making process of this Government. The Government has been defeated at the local elections, so, do you think it is a blow to the constitution making process as well?

It’s a blow to the conspirators against a unitary Sri Lanka. It’s a victory for the Motherland.
The Government was taking many steps that were disastrous to the country. People have spoken out clearly against them. We wonder whether the Government would shelve such harmful measures now after the electoral defeat or proceed with them hoodwinking the masses. This week, the Government started the latest round of talks on ETCA to finalize the process. Where are the champions of good governance? Where are the NGO pundits who teach us about governing according to people’s wishes? Where are the Western ambassadors who are ever willing to teach us about the value of democracy?
We regret to see some Buddhist monks even belittling the significance of this election and asking the President and the Prime Minister to proceed as usual.Ever in the history, this is the first time people voted against the Government at a local poll. The religious dignitaries, especially Buddhist monks, and the intelligentsia should view this election results with due seriousness and prevail upon the rulers to act accordingly. They should ask leaders of this so-called national government to stop their harmful acts immediately. They should ask them to step down and pave the way for General Elections, so that people can choose a new government, new leadership according to their wishes.


Do you see whether the SLPP should have a departure from its past policies?

Former President Mahinda Rajapaksa emerged as an iconic figure as he gave leadership to the war against scourge of terrorism that threatened our motherland. He stood up to reactionary forces in certain sections of the international community. We have to deal with the international community regardless of whatever party is in office. People hold him in high esteem over his action to protect sovereignty of Sri Lanka. He also appeared for the protection of Sri Lanka’s national assets. In business, some make profits, some make losses. Then you have to face criticism. Yet, the Rajapaksa administration didn’t take the easy option of selling or disowning of national assets.
Driven by westerns attitudes and funding, no one has done a proper study into innovative development works undertaken during the Rajapaksa rule. People always talked about mega development projects. Yet, we have to consider the projects such as Divineguma, Gamaneguma and Maganeguma. There were many local level projects which enabled  families with new income avenues, which uplifted the life of the villager. As for the road network, the villages that remained cut-off were linked with the towns and cities. They were opened up from isolation. No one has done proper academic study on these matters. We should proceed with such development work.
We defeated the LTTE under MR’s leadership. Yet, it could not be recognized in the constitution. During his second term, we could not transform our country in line with this great victory. That’s what the SLPP should thrive to achieve.

"Government delayed the local elections for three years and denied village level political leadership to people. Today, people have elected to office the political activist, the political party that struggled against such denial"


As the professional front/national front linked with SLPP, what do you plan to do to topple this Government?

First, the Prime Minister and Government should resign. We need a parliamentary election without any delay.
The constitutional amendments, brought about by this Government, created confusion within confusion in administration. It is an attempt to prevent the formation of a stable Government in Sri Lanka. Not only at the national level, local Government as well as provincial councils have been made a waste by this Government and their backers.
The new electoral system, introduced under the leadership of MP Dinesh Gunawardane, was supposed to elect 70% under the ward system and the rest under Proportional Representation.Then, people would have more say in these councils as 70% were chosen directly by them. Also, the councils would have got clear, stable leadership. These Yahapalana racketeers changed it to be 60% for wards and 40% for proportional representation. This new formula introduced by this Government has created confusion. The party that won even eight out of ten wards cannot form a stable administration. With more members elected, with more cost to the people, yet without leadership! Yet, without usefulness!!This is an affront to democracy.
The worst will happen to the provincial councils. For them, thanks to the Yahapalana coalition led by JVP and Muslim Congress tribal leadership, the formula is 50-50. Even if a party wins all the electorates, in some councils it will not get a clear majority. Until it is corrected, there is no use of conducting elections in the provincial councils.
So, we agitate for correcting these Yahapalana sins; for a new parliament; for a new leadership
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

2/22/2018

රනිල් කැපුවොත් ජනාධිපතිට ගෙදර යන්න වෙයිද?

කතෘ:යුතුකම     2/22/2018   No comments
රනිල් කැපුවොත් ජනාධිපතිට ගෙදර යන්න වෙයිද?

අගමැතිවරයා ඉවත් කළේ නම් තමාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එම තීන්දුව මත පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර තමා ධුරයෙන් නෙරපීමේ සැලසුමක් තිබූ බව ජනාධිපතිවරයා පවසා තිබේ.

එවැනි දෝෂභියෝගයක් ඉදිරිපත් කිරීමේ සැලැස්මක් තිබිණි යැයි විශ්වාස කළ ද එය සම්මත වීමට නම් පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයක් අවශ්‍ය වෙයි. එම දෝෂාභියෝගය සඳහා එජාපයේ 106 දෙමළ සන්ධානයේ 16, ජවිපෙ 6, මුස්ලිම් කොංග්‍රසයේ 1 සහ ඊපිඩීපී 1 පක්ෂ වේ යැයි උපකල්පනය කළ ද ලබා ගත හැක්කේ ඡන්ද 130කි. ඒ අනුව 2/3ක් ලබා ගැනීමට තව ඡන්ද 20ක් උවමනා වෙයි.

ඉතිරි ඡන්ද ඇත්තේ ඒකාබද්ධය සහ ශ්‍රීලනිපය සතුව නිසාත් අගමැතිවරයා ඉවත් කිරීම යනු ඒකාබද්ධයේ ඉල්ලීමක් නිසාත් එම දෝෂාභියෝගයට කිසිසේත් ජයග්‍රහණය කළ නොහැකිය. ජනපති තනතුරට කිසිදු බලපෑමක් සිදු නොවෙයි. මේ අනුව ජනාධිපතිවරයාට කිසිවකු විසින් සුපුරුදු පරිදි තවත් ලනුවක් දී ඇත.

එසේ නැත්නම් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා මැතිවරණ දිනවල අපි තරහයි නාටකය රඟ දැක්වූයේ යැයි පිරිසක් පැවසූ මතය පිළිගැනීමට අපට සිදුවෙයි. ජනාධිපතිවරයා නොකෙරෙන දීගයට කෝඳරු තෙල් හත් පට්ටයයි තවත් ටිකක් හොයමින් කල් මරමින් සුපුරුදු පරිදි රඟපාන්නේ මැතිවරණ ප්‍රතිඵලය ඔස්සේ ලබා දුන් ජනතා තීන්දුව යටපත් වන තුරුය.

අනිත් අතට රනිල් ඉවත් කර වෙනත් අගමැතිවරයකු පත් කර ගැනීමට මේ වන විට ඒ සඳහා මහින්දගේ සහාය ප්‍රකාශ වී තිබේ. රනිල් ඉවත් කර සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට මහින්ද සිරිසේනට සහාය නොදෙන බවටත් රට අගාධයට යන්නේ ඒ නිසා බවටත් ඒ සඳහා ද අවසානයේ වගකිය යුත්තේ මහින්ද බවටත් කළ ප්‍රකාශ ගැන අප දැන් නැවත විමසා බැලිය යුතුය.

2015 ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව ජනමතය වෙනස් වී ඇතැයි එවක 2/3 බලයක් සහිත ආණ්ඩුව වෙනුවට නව ආණ්ඩුවක් පත් කරගත් ජනාධිපතිවරයාට මේ අවස්ථාවේ ද 2015 තීන්දුව මත. පිහිටා කටයුතු කරනු හැර විකල්පයක් නැත. බොරු තර්කවලින් තව තවත් පිරිහෙනු මිස වන සෙතක් නැත.

ජනතාව බොරුවෙන් රැවටීම කළ නොහැකිය. මේ නිසා සිදුවන්නේ ඡන්දය ආසන්නයේ ජනාධිපතිවරයා "මම හොරු එක්ක තවත් ආණ්ඩු කරන්න සුදානම් නෑ" "ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම බැඳුම්කර හොරකමයි" "මම හොරුන්ට දඬුවම් දෙනවා" "ආන්ඩුවේ ඉතිරි කාලය රටේ ආර්ථිකය හසුරුවන්නේ මමයි" කියමින් කළ ගර්ජනාවලට රැවටී ඔහු නියෝජනය කළ බලවේගයට ඡන්දය දුන් 13% අතර සිටින පිරිස ද එළඹෙන මැතිවරණයේ දී ඔහු අතැර යාම පමණි.

නාමල් උඩලමත්ත

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

2/20/2018

මේ වෙලාවේ මහ මැතිවරණයක් තියන්න පුළුවන්ද ?

කතෘ:යුතුකම     2/20/2018   No comments
-නීතිඥ කණිෂ්ක විතාරණ -

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමත් සමග රටේ දේශපාලනයේ විවිධ ආන්දෝලනයන් ඇතිවිය. අගමැතිවරයා වෙනස් කළ යුතු බවට අදහසක් මතුවී තිබෙන අතර ඒ සඳහා ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන කුමක්ද යන්න ගැන අවධානය යොමුවී තිබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වෙයි. අගමැතිවරයා ඉවත් කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන තිබේද යන්න ගැන විවාදයක් ඇතිවී තිබේ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන අවස්ථාවේදී මූලික කෙටුම්පතේ අගමැතිවරයා ඉවත් කිරීමේ ප්‍රතිපාදන සෘජුව ඇතුළත් කර තිබුණත් සම්මතවූ කෙටුම්පතේදී එය සංශෝධනය විය.

19 වැනි සංශෝධනයට ඉදිරිපත් කළ අවස්ථාවේදී 46 (1) වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක්විය. ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කළේ මෙය සංශෝධනය කිරීමටය. ඒ අනුව පාර්ලිමේන්තුවට කෙටුම්පත ඉදිරිපත් වූ අවස්ථාවේදී එයට සංශෝධනයක් ඉදිරිපත් වූයේ කාටත් නොදැනෙන ලෙසය. එය වෙනස් කළේ කිසියම් අමුතු ආකාරයකටය. 46 - 2 වගන්තිය අනුව අගමැතිවරයා ජනාධිපතිවරයා වෙත යවනු ලබන ඉල්ලා අස්වීමේ ලිපියක් මගින් හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවූවෙක් වූවොත් මිස අමාත්‍ය මණ්ඩලය පවතින තාක් කල් ධුරය දරන්නේ යැයි සඳහන් වේ. එම වගන්ති සංශෝධනයෙන් පසුව අගමැතිවරයා ඉවත් කළ හැක්කේ ඉල්ලා අස්වීමකින් මිස හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙක් නොවූ විට විය. එහෙත් 46 (3) වගන්තිය අනුව අමාත්‍යවරයෙක් ධුර දැරීම ගැන සඳහන් වේ. අගමැතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපතිවරයා විසින් යවනු ලබන ලිපියක් මගින් ඇමැතිවරයෙක් ඉවත් කළ හැකිය. අගමැතිවරයා ධුරයෙන් ඉවත් විය හැක්කේ අවස්ථා දෙකකදීය. එහෙත් අනෙක් ඇමැතිවරයෙක් ඉවත් කිරීමට හැකිය. ඒ අනුව කැබිනට් මණ්ඩලය පවතින තාක් කල් අගමැතිවරයා ධුරයේ රැඳී සිටී.

එහෙත් 19 වැනි සංශෝධනයේ මෙවැන්නක්ද සඳහන් වේ. 48 (1) වන්තිය අනුව පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණය පවත්වන තෙක් කාලය තුළ හැර ධුරයෙන් ඉවත් කරනු හැරීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් ධුරය දැරීම අවසන් වීමෙන් පසුව.... යනුවෙන් සඳහන් වේ. එහි ඉංග්‍රීසි පිටපතේ සඳහන් වන්නේ අගමැති මරණය, ඉල්ලා අස්වීම හෝ වෙනත් කාරණයකදී ධුරය දැරීම අවසන් වුවහොත් යනුවෙනි. සිංහල පිටපතේ සඳහන් වන්නේ ධුරයෙන් ඉල්ලා අස්වීම, ධුරයෙන් ඉවත් කරනු ලැබිම යනුවෙන් සඳහන් වේ. සිංහල පිටපත අනුව පාර්ලිමේන්තුව විසුරුවාහැරි කාලය හැර වෙනත් කාලයකදී අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීම ගැන සඳහන් වේ. ඒ අනුව ධුරයෙන් ඉවත් කිරීමට හැක්කේ ජනාධිපතිවරයාට පමණි. පාර්ලිමේන්තුව විසුරවාහැර නොමැති කාලයකදී අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළ හැකි ආකාරයක් ඒ අනුව 48 වැනි වගන්තියේ සඳහන් වේ. මේ අවස්ථාවේදී අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළහොත් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරේ. එවිට ජනාධිපතිවරයාට අලුත් ඇමැති මණ්ඩලයක් පත් කළ හැකිය.

46 වැනි වගන්තිය හා 48 වැනි වගන්තිය අතර ගැටුමක් ඇතිවුවහොත් ඒ පිළිබඳ අර්ථ නිරූපණය කළ යුතු වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. අප ව්‍යවස්ථාවක් අර්ථකථනය කළ යුත්තේ ව්‍යවස්ථාවක වගන්ති අතර ගැටීම් නොමැති බවට උපකල්පනය කරගෙනය. සෑම වගන්තියක්ම අනෙක් වගන්තියට ගැළපෙන ආකාරයට පනවා ඇතැයි යන පූර්ව නිගමනය අනුව ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කළ යුතුය. අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත් වුවහොත් හැර අමාත්‍ය මණ්ඩලය පවතින තාක් කල් අගමැතිවරයා සිය ධුරයේ රැඳී සිටිය යුතු බව සඳහන් වන්නේ ව්‍යවස්ථාවේ 46 වැනි වගන්තියේය. එහෙත් 48 වැනි වගන්තියෙන් දක්වන්නේ අමාත්‍ය මණ්ඩලය විසුරුවාහරිනු ලැබූ අවස්ථාවක් ගැනය. අගමැති ධුරයෙන් ඉවත්වීමත් සමග මුළු ඇමැති මණ්ඩලයම විසුරුවා හැරේ. අගමැතිවරයාට සිය ආරක්ෂාව පවතින්නේ ඇමැති මණ්ඩලය පවතින තාක් කල්ය. ඒ අනුව බලන විට 46 වැනි වගන්තියෙන් ලබාදී ඇති ආරක්ෂාව 48 වැනි වගන්තියෙන් ස්වායත්තව පැවැතිය හැකිය. එනම් 48 වැනි වගන්තිය අනුව ඇමැති මණ්ඩලය සමග අගමැතිවරයා ඉවත් කළ හැකි බවට අර්ථකතනයක් ලබාදිය හැකිය.
කිසියම් පුද්ගලයෙක් ධුරයකින් ඉවත් කළ හැක්කේ ධුරයට පත් කළ පුද්ගලයාටමය. අගමැතිවරයා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයාය. ඒ අනුව අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළ හැක්කේ ජනාධිපතිවරයාටමය. අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුද නැතිනම් ඔහු ධුරයෙන් ඉවත් කළ හැකිද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථ නිරූපණයක් ලබාදුන්නහොත් මේ පිළිබඳවද අවධානය යොමුවනු ඇත.

අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළ යුතු බවට වන අදහස ඉදිරිපත් වන අතරවාරයේදී ඉදිරිපත්වූ අනෙක් අදහස වූයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවට වන අදහසයි. මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණයක් පවත්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටියේය. 19 වැනි සංශෝධනය අනුව පාර්ලමේන්තුව විසුරුවා හැරීමට නම් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් ඇති කරගත යුතුය. පාර්ලිමේන්තුව කැඳවීම, විසුරුවාහැරීම ගැන හෝ වාර අවසාන කිරීම ගැන තීරණය ගත හැක්කේ ජනාධිපතිවරයාටය. එහෙත් 19 වැනි සංශෝධනය අනුව පාර්ලිමේන්තුව කැඳවා වසර හතරකුත් මාස හයක් ගතවන තෙක් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරිය හැකි නොවේ. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට විසුරුවා හැරීමට නොහැකි නිසා විසුරුවා හැරීමට අවශ්‍ය නම් නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගත යුතුය.

පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලීම සම්බන්ධයෙන් විවිධ අදහස් මතුවේ. ගමේ නියෝජිතයා තෝරා පත් කරගැනීමට පැවැත්වූ ඡන්දයෙන් රටේ නායකයා වෙනස් කළ නොහැකි බව ඇතැම්හු පවසති. මේ ඡන්දයේදී ජනතාව ඡන්දය ප්‍රකාශ කළේ කුමන අභිලාෂයෙන්ද යන්න ගැන අවධානය යොමු කළ යුතුය. ඒ ඒ ප්‍රදේශයට ඉදිරිපත්වූ අපේක්ෂයා ගැන අවධානය යොමු කිරීමෙන් පසුව, අදාළ සභාව සඳහා සුදුසු අපේක්ෂකයා සභිකයෙක් ලෙස තෝරා ගැනීම පමණක් ඡන්දදායකයාගේ අභිලාෂය වූයේ නම් ඒ මගින් රාජ්‍ය පාලනයේ වෙනසක් කළ යුතු නැතිය යන අදහස මතුවේ. ලංකාවේ උතුරු පළාතේ කිසියම් ප්‍රදේශයක් හැර අනෙක් ප්‍රදේශවල ජනතාව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ එක් අරමුණක් වෙනුවෙන්ය. සමස්ත ඡන්දදායකයින් හැසිරී ඇති ආකාරය ගැන අවධානය යොමු කරන විට ඒ ඒ ප්‍රදේශයට ඉදිරිපත්වු අපේක්ෂකයා ගැන අවධානය යොමු කිරීමෙන් ඔබ්බට ගොස් රජය සම්බන්ධයෙන් තීන්දුවක් ලෙස සිතා මෙම තීරණය ගෙන තිබේ. මෙය එක් ආකාරයකින් ජනමත විචාරණයක් ලෙස ගත හැකිය. ඡන්දදායකයා ඡන්දය පාවිච්චි කළ ආකාරය දෙස බැලූ විට පළාත් පාලන ආයතන වපසරියෙන් ඔබ්බට ගොස් තිබේ. පළාත් පාලන ආයතන ඡන්ද ප්‍රතිඵලය ඊට ඉහළින් ඇති ව්‍යවස්ථාදායකයට හා විධායකයට බලපෑමක් එල්ල කර තිබේ. ඡන්ද දායකයාගේ ච්ෙතනාව එය නොවේ. ව්‍යවස්ථාදායකයට හා විධායකයට සිදුව ඇත්තේ ඡන්දදායකයාගේ ච්ෙතනාව අනුව අභ්‍යන්තර වෙනසක් කිරීමට සිදුව ඇත. වෙනස කළ යුත්තේ ඔළුගෙඩි මාරු කරමින් නොවේ. ප්‍රතිපත්ති වෙනස් කරමින් එය වෙනස් කළ යුතුය.
මෙවර මැතිවරණයේදී ඡන්ද දායකයා ඡන්දය ප්‍රකාශ කළේ ප්‍රතිපත්ති ගැන අවධානය යොමු කිරීමෙන්ය. මේ වන විට ආණ්ඩුව ගමන් ගන්නා ගමන් මාර්ගය වෙනස් කළ යුතුය. ජනතාවගේ පණිවුඩය වී ඇත්තේ එයයි. එම ජනතා මතය තේරුම් ගෙන කටයුතු කිරීම දේශපාලනඥයින්ගේ කාර්යභාරය වෙයි.

සාකච්ඡාකළේ - සංජය නල්ලපෙරුම [Lakbima]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

2/19/2018

පෙබරවාරි 10 ජනමතය හමුවේ අගමැතිධූරය

කතෘ:යුතුකම     2/19/2018   3 comments
-ගෙවිඳු කුමාරතුංග-

ඉල්ලා අස් විය යුතු අගමැති

වැදගත් වන්නේ ඡන්ද ප්‍රතිඵලය පෙබරවාරි 10 ඡන්ද‍පොළට ගොස් ඡන්දය ප්‍රකාශ කළ මෙරට ජනී ජනයා කියා සිටියේ කුමක්ද යන්නය. ඒ රටවැසියා එක හඩින් ප්‍රකාශකර ඇත්තේ රනිල් වික්‍රමසිංහ වත්මන් අගමැතිවරයා නොපමාව ඉල්ලා අස්විය යුතු බවය. වත්මන් ආණ්ඩුවම ගෙදර යා යුතු බවය. රටට අලුත් ගමනක් අවශ්‍ය බවය. ඒ සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ නව දේශපාලන පක්ෂය ඒ වටා එක්රොක්වී ඇති නව දේශපාලන බලවේගය නායකත්වය දිය යුතු බවය.

පෙබරවාරි 10 ඡන්දය පසුගිය වසර 3 පුරාවට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුර දැරූ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාකාරීත්වය හා පැවැත්ම සහමුලින්ම ප්‍රතික්ෂේප කිරීමකි. ඒ ඡන්දය පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් තෝරාගැනීමට පැවැත්වූවක් මිස රජයේ ප්‍රතිපත්ති පිළිබඳ ජනමත විචාරණයක් නොවන බව එක්සත් ජාතික පක්ෂ නායකයන්, එන්ජීඕ කුලීකාරයන් මෙන්ම දෙමළ සන්ධානය හා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාද කියනු අසන්නට ලැබේ.

එහෙත් පෙබ. 10 ඡන්දය ප්‍රතිපත්ති පිළිබඳ ජාතික නායකත්වය පිළිබඳ ජනමත විචාරණයක් බවට පත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ (‍පොහොට්ටුව) පමණක් නොවේ. එක්සත් ජාතික පක්ෂය පළ කළ පුවත්පත් දැන්වීම් මගින් ඉල්ලා සිටියේ ‘රට යළි විනාශය කරා රැගෙන යෑමට උත්සාහ දැරීමට එරෙහිව‘ ඡන්දය ප්‍රකාශ කරන ලෙසය. එක්සත් ජාතික පක්ෂය ඔබේ ආණ්ඩුව ඔබේ අනාගතය කර ගන්නා ලෙසය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය පුවත්පත් දැන්වීම් පළකරමින් ඉල්ලා සිටියේ ‘මෛත්‍රී නායකත්වයට ඡන්දය දෙන්න’ කියාය. වත්මන් රජය කෙරෙහි කලකිරුණු ඡන්දදායකයා යළි මහින්ද රාජපක්ෂ නායකත්වයේ පිළිසරණ පැතීම වැළැක්වීමට කළ හැකි සියල්ල කළ එන්ජීඕ හඬ ජවිපෙ හා එක්ව කිව්වේ වෙනසක ඇරඹුමට සීනුවට ඡන්දය දෙන්න කියාය. ඒ අනුව රටේ අනාගතය පිළිබඳව සිතා ඡන්දය ප්‍රකාශ කරන්න යන්න මේ සෑම පක්ෂයක්ම ජනතාවගෙන් ඉල්ලා සිටි බව ඉතා පැහැදිලිය. දැන් ජනතාව එසේ සිය මතය ප්‍රකාශ කළ පසු ‘අයියෝ ඒක මේ ගම පිළිබඳ ඡන්දයක්නේ’ කීමෙන් පෙනෙන්නේ මේ රට හුදී ජනයා සම්බන්ධයෙන් මේ බමුණන් බමුණු කේවට්ටයන් සිතන පතන උද්දච්ච ආකාරයය.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නායකත්වයට හා එක්සත් ජාතික පක්ෂයට 2015 මහ මැතිවරණයේදී හා මේ පෙබරවාරි 10 ඡන්දයේදී ලැබි ඇති ඡන්ද සැසඳූ විට මේ රටේ ජනයා රනිල් වික්‍රමසිංහ නායකත්වය සහමුලින්ම ප්‍රතික්ෂේප කර ඇති බව පැහැදිලි වේ. 2015 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ ඡන්ද 50,98,927ක් ලබාගත් නමුත් 2018 පෙබරවාරි 10 ලබාගෙන ඇත්තේ ඡන්ද 36,25,510කි. එනම් වසර තුනක පාලනය හමුවේ රනිල් අගමැතිට, එක්සත් ජාතික පෙරමුණට ඡන්ද 14,73,417ක් අහිමි වී ඇත. ඉල්ලා අස්වීමට තවත් අටුවා ටීකා ටිප්පණි අවශ්‍යද?

මේ නම පිළිබඳ ඡන්දයක් නිසා මේ ප්‍රතිඵලය මත අගමැති අස් නොවිය යුතු යයි කියන බමුණන්ට කළු සුද්දන්ට කිව යුත්තේ අඩුම තරමින් සුද්දාගේ ආදර්ශයවත් ගන්නා ලෙසය. බ්‍රිතාන්‍යයේ 2016 ජුනි 23 පැවැත්වූයේ මහ මැතිවරණයක් නොවේ. බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද යන්න ගැන ජනමත විචාරණයක්ය. එහෙත් එහිදී තමා දැරූ මතය ජනයා ප්‍රතික්ෂේප කළ බැවින් බ්‍රිතාන්‍ය අගමැතිවරයාව සිටි ඩේවිඩ් කැමරන් මහතා ඊට පසු දිනම සිය ඉල්ලා අස්වීමේ කතාව කළේය. සුද්දන්ට වඳින අපේ කළු සුද්දන් රනිල්ට අගමැතිකමින් ඉල්ලා අස්වන්න නොකියන්නේ අඩු තරමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කර්යාලය වත් එසේ නොකියන්නේ ඒ සුද්දාගේ සදාචාරය වැඳීමට පිදීමට මිස අපි වැනි කල්ලන්ට අදාළ නොවිය යුතු යැයි ඔවුන් සිතන නිසා විය යුතුය.

තනතුරින් පහ කළ යුතු අගමැති

රාජිත සේනාරත්න ඇමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ කේවට්ටයන් ‍පොහොට්ටුවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ 50ක ඡන්දයක් ලැබි නැති නිසා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදු කිරීම අවශ්‍ය නැති බව කියති. ‍පොහොට්ටුවට ඡන්දය දුන් 45ට අමතරව සිරිසේන ජනාධිපතිවරයා ලබාගත් 13 (ශ්‍රීලනිප අතට හා එජනිස බුලත් කොළය ලෙස) ලබා ගත්තේද මහ බැංකු හොරුන්ට දඬුවම් දීමට, ජාතික සම්පත් විජාතිකරණය පැරදවීමට තමාගේ නායකත්වයට ඡන්දය දෙන ලෙස ඉල්ලමින්ය. ඒ නිසා සමස්තයෙන් 45+13 (හා ජවිපෙට ඡන්දය දුන් 6) මහ බැංකු හොරුන්ට දඬුවම් දීම, ජාතික සම්පත් රැක ගැනීම එක හ¾ඩින් අනුමත කර ඇති බැවින් මහ බැංකුව භාර අමාත්‍යවරයා වන අගමැතිවරයාව සම්පත් විජාතිකරණය සිය ප්‍රතිපත්තිය කරගත් අගමැතිවරයාව වහාම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ වගකීමය.

ජනතාව ඉල්ලන අගමැති

ජනතාව ඉල්ලන අගමැති වඩා නිවැරදිව කියන්නේ නම් ජනතාව ඉල්ලන නායකයා මහින්ද රාජපක්ෂ බවට තවදුරටත් සැකයක් තිබිය නොහැකිය. මුළු ශ්‍රීලංකා භූමියෙන් තුනෙන් දෙකකට වඩා ප්‍රදේශයක් පුරාවට නෙළුම් ‍පොහොට්ටුව දිනවා, කුරහන් වර්ණ ගන්වා ප්‍රකාශයට පත් කළ පැතුම එයයි. ඒ කළු සුද්දන් පරදා කේවට්ට බමුණන් පරදා හදවතින් අපේ වූ රජයක් වෙනුවෙන් දුන් ඡන්දයකි. එවැනි රජයක් මේ පිළුණු වූ පාර්ලිමේන්තුවෙන් ජාතික ලැයිස්තුව පවා ජනයා ප්‍රතික්ෂේප කළ දේශපාලන හිඟන්නන්ට දී ඇති පාර්ලිමේන්තුවකින් ගොඩනැගිය නොහැකි බව පැහැදිලිය. ඒ සඳහා ජනතා වරමින් පිරිසිදු වූ ජනතා වරමින් ශක්තිමත් වූ අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍යය. ඒ සඳහා නොපමාව මහ මැතිවරණයක් පවත්වා තම හදවතේ නායකයාට තම හදවතේ නැවුම් පක්ෂයට තම හදවතේ පැතුම් සපුරන නව රජයක් පිහිටුවීමේ අවස්ථාව ලබා දෙන්නය යන්න පෙබරවාරි 10 ජනතා තීන්දුවේ හරයයි.

අගමැතිකම එපා කියන්නෝ අගමැතිකම පතා සිටින්නෝ

මේ ජනතා තීන්දුවට ගරු කරමින් අගමැති විසින් සිදු කළ යුතුව තිබුණේ නොපමාව අගමැතිකමින් ඉල්ලා අස්වීමය. ජනාධිපතිවරයා කළ යුතුව ඇත්තේ පක්ෂ නායකයන් රැස් කර ජනතා පැතුමක් ඉටු වන රජයක් තෝරා පත් කර ගැනීම සඳහා මහ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා පරිවාස රජයක් පත් කිරීමය. එවැනි බලා‍පොරොත්තු වන්නේ අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය හා ව්‍යාකූල කර ඇති මැතිවරණ ක්‍රමය නිරවුල් කරදීම පමණි. එවැනි රජයක අගමැති ධුරයට හිටපු කථානායක චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නැතිනම් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සුදුසු නමුත් ඔවුන් අගමැති ධුරය ප්‍රතික්ෂේප කරන බව දැන ගන්නට ඇත. ඒ සිරිසේන ජනාධිපති යළි යළිත් සිදුකොට ඇති විශ්වාසය කඩ කිරීම් මෙන්ම මහින්ද රාජපක්ෂ නායකත්වයෙන් අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගොස් එජාප රජයකට මුක්කු ගැසූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් කළ පාවාදීම් නිසා විය යුතුය. ඒ අතර කරු ජයසූරිය කථානායක නැතිනම් හිටපු සභානායක නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යතුමා අගමැති කිරීමේ ප්‍රයත්න ගැනද අසන්නට ලැබේ.

මේ සියල්ල සම්බන්ධයෙන් අවසාන තීරණය ගත යුත්තේ අවසාන වගකීම පැවරෙන්නේ සිරිසේන ජනාධිපතිවරයාටය. නව රජයක් සඳහා වන ජනතා අභිලාෂය මුදුන් පත්වන පරිදි මහ මැතිවරණයක් අරමුණු කරගත් පරිවාස රජයක් පත් කිරීමෙන් එදා ඩී.බි. විජේතුංග ජනාධිපතිවරයා සේම රට මහා ඛිෙදවාචකයක් කරා යොමු වීම වැළැක්වූ රාජ්‍ය නායකයකු ලෙස ඉතිහාසගතවීමට අවස්ථාව සැලසෙනු ඇත. නොඑසේ නම් රටේ ජනමතයට කන් නොදීම නිසා සිදුවන සියලු විනාශයන්හි වගඋත්තරකරුවා ලෙස එතුමා ඉතහාසගත වනු ඇත.

[Rivira 2018:02:18]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook: https://www.facebook.com/yuthukama

2/17/2018

අගමැතිවරයා ඉල්ලා අස්‌විය යුතුයි : යුතුකම

කතෘ:යුතුකම     2/17/2018   No comments
ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්‌වූ පරිදි අගමැතිවරයාත් ඉල්ලා අස්‌විය යුතුයි

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද නැද්ද යන්න විමසීම සඳහා පැවැති ජනමත විචාරණයෙන් පරාජයට පත්වූ බ්‍රිතාන්‍යයේ අගමැති ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්‌වූවා. ඒ අනුව අපගේ සම්ප්‍රදායන්ට වඩා සුද්දන්ගේ සම්ප්‍රදායන්ට අනුව කටයුතු කරන අගමැතිවරයා ඉල්ලා අස්‌වීමට කටයුතු කළ යුතු බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පැවැසීය. කුමාරතුංග මහතා ඒ බව පවසා සිටියේ ඊයේ (15 දා) යුතුකම සංවාද කවය සම්බුද්ධත්ව මන්දිරයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.

මේ ආණ්‌ඩුවට විරුද්ධව, පසුගිය මහ මැතිවරණයටත් පෙර "වෙනස සැපද කියල" පළමුවෙන්ම ජනතාව දැනුවත් කළේ අපි. මෙම අවස්‌ථාවේදීත් පසුගිය පළාත් පාලන මැතිවරණය පිළිබඳව අපගේ මතය සඳහන් කිරීම වැදගත් කියල අපි සිතනවා. පසුගිය මැතිවරණයේ අරුත කුමක්‌ද?

2015 ජනාධිපතිවරණයේදී ප්‍රතිපත්තීමය වශයෙන් කිසිදු එකඟතාවයක්‌ නැති ජනතා විමුක්‌ති පෙරමුණ, හෙළ උරුමය, දෙමළ ජාතික සංධානය එක පෙරමුණක්‌ ලෙස කටයුතු කළා. මේ රටේ සම්ප්‍රදායන් අනුව රට පාලනය කරනවා කියලා, 1815 දී ගිවිසුමකින් බලය ලබාගත් ඉංගී්‍රසින් පළමුවෙන්ම කළේ කෝල්බෲක්‌ ප්‍රතිසංස්‌කරණ මගින් ගම්සභා ක්‍රමය අහෝසි කරල භූමියේ පාලනය අහෝසි කිරීම. 2015 දී බලයට ආපු මේ ආණ්‌ඩුවත් කළේ තම පාලනය කළ පළාත් පාලන ආයතන අහෝසි කරල දැමීම. පසුගිය පෙබරවාරි 10 වන දින පැවැති මැතිවරණයේදී ජනතාව යළිත් ගමට පාලනයක්‌ තෝරගෙන තිබෙනවා.

වසර 3 කට පසුව තමයි මේ ආකාරයට ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට අවස්‌ථාව ලැබුණේ. ඇත්ත වශයෙන්ම පසුගිය මැතිවරණය ජනමත විචාරණයක්‌. එහි දී ජනතාව වසර 3 කට පෙර පැවැති ආණ්‌ඩුව සහ පසුව තිබෙන ආණ්‌ඩුව පිළිබඳව තීන්දුවක්‌ දී තිබෙනවා. සංස්‌කෘතිය සභ්‍යත්වය විනාශ කිරීම, හම්බන්තොට වරාය විකිණීම, බැඳුම්කර වංචාව නිසා කොටි සංවිධානය මහ බැංකුවට බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කිරීමෙන් පසුත් ඇති නොවූ ආර්ථික අර්බුදයක්‌ ඇතිවීම, ඉන්දියාවේ ශ්‍රම වෙළෙඳ පොළට මෙරට දොර අරින එට්‌කා ගිවිසුම ගෙන ඒම රට බෙදෙන ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමට කටයුතු කිරීම, ජීවිත පුද කළ රණවිරුවන්ගේ අභිමානය කෙළෙසීම සහ ඔවුන් අනතුරේ හෙළීමට එරෙහිව ජනතාව මෙම ජනමතය ප්‍රකාශ කර තිබෙනවා. ජනතාව වසර 3 කට පෙර පැවැති ආණ්‌ඩුව සහ දැන් පවතින ආණ්‌ඩුව සංසන්දනය කරල තීරණය කරල තිබෙනවා වසර 3 කට පෙර පැවැති ආණ්‌ඩුව හොඳයි කියන එක.

මේ ආණ්‌ඩුව මේ රටේ ජාතිකත්වයට හිනාවුණා. නිග්‍රහ කළා. රටකට ජාතික ගී දෙකක්‌ තිබෙන්න බෑ. දන්නෝ බුදුන්ගේ ගීතය විකෘති කළා. වසර 2000 කට පෙර දුටුගැමුණු රජු සහ දස මහා යෝධයන් ඇතුළු පිරිස එළාරව පරාජය කළා. ඒ වගේ ජයග්‍රහනයක්‌ තමයි කොටි සංවිධානය පරාජය කරල ලැබුවේ. හිට්‌ලර්, පොල්පොට්‌ වැනි පාලකයන් පරාජය කිරීම කළු පැල්ලමක්‌ ඉවත් කිරීමක්‌ හා සලකනවා. ඒවා සමරනවා. ඒ වගේම මිලේච්ඡ ප්‍රභාකරන් පරාජය කිරීමත් සැමරිය යුතු දෙයක්‌. නමුත් බෙදුම්වාදීන් නිසා එම ජයග්‍රහණය සැමරුවේ නෑ. ජනතාව ඊට එරෙහිව නැගී සිට තිබෙනවා.

එදා ධර්මපාලතුමා කළු සුද්දන්ගේ සංස්‌කෘතියක්‌ ඇති වීමට එරෙහිව කටයුතු කළා. ඒ වගේම 1948 දීත් එම කටයුත්ත සිද්ධ නොවුණ නිසා තමයි 1956 දී දේශපාලන පෙරළියක්‌ සිද්ධ වුණේ. ජනතාව ඒ ආකාරයෙන් කටයුතු කළේ අපේ ආණ්‌ඩුවක්‌ හදාගැනීම සඳහා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයනුත් ඒ පිළිබඳව සිතිය යුතු වනවා. එය තමන්ගේ අරමුණ කරගත යුතු වනවා.

ඒ වගේම මේ ආණ්‌ඩුවේ නායකයන් මෙම ජයග්‍රහනය පිළිබඳව විවිධ අර්ථකථන ලබාදීමට සූදානම් වනවා. ඔවුන් දැන් කියනවා පැවැති මැතිවරණය ගමට නියෝජිතයකු තේරිමේ මැතිවරණයක්‌ පමණයි කියලා. නමුත් ඔවුන් මැතිවරණ සඳහා පුවත්පත්වල පළ කළ දැන්වීම්වලින් පමණක්‌ වුවත් පෙනෙනවා ඔවුන් ජාතික නායකත්වයක්‌ පිළිබඳව කතා කළ බව. ජනතා විමුක්‌ති පෙරමුණ මෙම මැතිවරණය හැඳින් වූයේ වෙනසක ඇරැඹුම කියලා. එහෙම නම් මෙම ප්‍රතිඵලය දැන් පිළිගන්න කියල අපි ඒ අයට කියනවා.

අගමැතිතුමා අපේ සම්ප්‍රදායන්ට අනුව කටයුතු කරන්නේ නැහැ කියලා අපි දන්නවා. නමුත් සුද්දගේ සම්ප්‍රදායන්ට අනුව කටයුතු කරන බව අපි දන්නවා. අගමැතිතුමාට බ්‍රිතාන්‍යය රන් දෙවොල වගේ තමයි. එරට අගමැතිවරයා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ සිටිය යුතුද නැද්ද යන්න තීරණය කිරීම සඳහා පැවැති ජනමත විචාරණයෙන් පරාජය වූවා. එම නිසා එරට අගමැතිතුමා පසුදාම ඉල්ලා අස්‌වූවා. අපේ සම්ප්‍රදායන්ට කටයුතු කිරීමට බැරිනම් එම සම්ප්‍රදායට හෝ කටයුතු කර ඉල්ලා අස්‌වෙන්න කියලා අපි අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ජනතාව ලබාදී තිබෙන පණිවුඩයට සියලු දෙනාම කන්දිය යුතුව තිබෙනවා. ජනතාව අලුත් ගමනක්‌ යාමට සූදානමින් සිටිනවා. වගකිවයුතු සියලු දෙනාම එම පණිවුඩයට කන්දිය යුතු වනවා. අපගේ සංස්‌කෘතිය, සභ්‍යත්වය ආරක්‍ෂා කර ගනිමින් නව ලෝකයට ගැලපෙන, පීඩාකාරී නොවූ රාජ්‍යයක්‌ ගොඩ නඟා ගැනීමට අප කටයුතු කළ යුතුව තිබෙනවා.



එරික්‌ ගාමිණි ජිනප්‍රිය  [Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions