8/09/2016

සිතන්නට යමක් - 20

කතෘ:යුතුකම     8/09/2016   No comments

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

8/07/2016

රට හෙල්ලූ පාද යාත්‍රාවෙන් ආණ්ඩුව නොසන්සුන්...

කතෘ:යුතුකම     8/07/2016   No comments
සන්සුන් නොසන්සුන්
-ධර්මන් වික්‍රමරත්න

ඉකුත් සදුදා නිමාවූ පාද යාත්‍රාව ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂය හෙවත් ටර්නින්ග් පොයින්ට් එකක් බවට දැන් පැහැදිලිය. එය ‘යහපාලන’ ආණ්ඩුවට එරෙහිව ලක්ෂ සංඛ්‍යාතික ජනයා ආරම්භ කල සටනක පළමු වෙඩිමුරය විය. පාද යාත්‍රාවෙන් මතුවූ අති ප්‍රබල තරංග මාලාවන් ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සහ ‘යහපාලන’ ආණ්ඩුවෙන් පීඩාවට පත්වූ ජනයාට ගෙන ආවේ නව ජවයකි. පන්නරයකි. ආශ්වාදයකි. ඒ නිසාම මෙලෝ රහක් නැති මිනිසුන්ගේ අපහාසයට, උපහාසයට සහ ප්‍රහාරයන්ට ලක්වෙමින් තිබීම අරුමයක් නොවේ. එබැවින් ‘යහපාලන’ ආණ්ඩුව නොසන්සුන්ය. වෙනස් කල නොහැකි සියළු දේ වෙනස් කල හැකි බව පාද යාත්‍රාව රටට කියා ඇත. ජනයා සන්සුන්ය.

රජවාසල සෑදිමට ගඩොල් ඇද්දා කියා රජ පුටුවේ වාඩිවීමට රජු ඉඩදෙන්නේ නැත. එමෙන්ම පාද යාත්‍රාවට සහභාගිවූ සියල්ලෝම ඊට පසුදාම අලුත් ආණ්ඩුවක් පිහිටුවන බවට සිහින මැව්වේද නැත. පාද යාත්‍රාවට ‘යහපාලන’ ආණ්ඩුව දක්වන ප්‍රතිචාර හරියට උදේ සවස ගේ දොරකොඩට එන චූං පාන් කාරයින්ගේ වැඩ වාගේය. පාද යාත්‍රාවේ යන්නේ හොරුනම් ඉන්නේ සුළු පිරිසක් පමණක්නම් අධිකරණ වාරණ නියෝග ගැනීමට පොලිසිය මගින් දුසිමක් පැමිණිලි යොමුකරමින්ද රෝගීන් හෝ උපස්ථායකින් නැති ගිලන් රථ නලා හඬ නගමින් ප්‍රථම දින නිරතුරුවම ගියේද රැස්වීම සඳහා වෙන්කරගත් හයිඩ් පිටියේ බොරු වලවල් කැපුවේද අහවල් එකකටදැයි ජනතාව අසන්නේ ඒනිසාය.

ජන සටන පාද යාත්‍රාව ජුලි 28 සිට අගෝස්තු 1දක්වා පුරා දින 5ක් පැවති අතර එයට ලක්ෂ 20ක පමණ ජනකායක් වරින් වර විවිධ ප්‍රදේශවලදී මුළු පාගමනටම එක්රොක්වී සිටියහ. එමෙන්ම මඟ දෙපස රැස්ව දිරිගැන්වීමට එක්ව සිටියහ. පාද යාත්‍රාව පැවතියේ කරුණු රැසක් මුල් කරගෙනය. ඒ ව්‍යවස්ථා මර උගුලට එරෙහිවය. ගමේ පුංචි ආණ්ඩුව වන පළාත් පාලන ඡන්ද කල්දැමීමට එරෙහිවය. වැට් ඇතුළු බදුබර වැඩිකර බඩුමිල ඉහළ දැමීමට එරෙහිවය. රට ඉන්දියාවේ කොලනියක් කරන එට්කා ගිවිසුමට එරෙහිවය. ගොවි සහන සහ පාසැල් නිල ඇදුම කප්පාදුවට එරෙහිවය. දේශපාලන දඩයමට එරෙහිවය. කැලෑ නීතියට එරෙහිවය. ආර්ථිකය මංකොල්ලකෑමට එරෙහිවය. දෙමළ අන්තවාදයට පණදීමට එරෙහිවය. ලක්ෂ ගණන් ජනයා එයට එක්රොක්වී සිටියහ. ඒ දිනූ රට රැක ගැනීමටය. එය මහා බලයකි.

මහින්ද රාජපක්ෂගේ මෙහෙයවිමෙන් 1992 මාර්තු 16 සිට අප්‍රේල් 1වැනිදා තෙක් දින 17ක් පුරා කොළඹ සිට කතරගමට ගිය පාද යාත්‍රාවට වඩා මෙවර 2016 ජුලි 28 සිට අගෝස්තු 1වැනිදා දක්වා මහනුවර සිට කොළඹට ආ පාද යාත්‍රාව අතර ඇත්තේ බරපතල වෙනසකි. මෙවර පාද යාත්‍රාව පැවැත්වූයේ ගියවර මෙන් නොව එජාප ආණ්ඩුව මෙන්ම පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය පමණක් නොව ශ්‍රිලනිප නෛතික පාර්ශවයද එක ගෙයි කෑමේ යෙදී සිටියදීය. ඉන් පැහැදිලිවූ දෙයක් ඇත. ශ්‍රිලනිප නෛතික පාර්ශවය පමණක් නොව දෙමළ ජාතික සන්ධානයද පාද යාත්‍රාවට එරෙහිව එජාප ආණ්ඩුව සමඟ එක්වූ බවය. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ සිටියේ හරියට ජෙලිෆිෂ් වාගේය. විනිවිද පේනවාය. හැබැයි සැකිල්ලක් නැත.

නුවර සිට කොළඹ දක්වා පාද යාත්‍රාවේ අඩපන කිරීම සඳහා එහි අදිසි නායකයෙකු වූ බැසිල් රාජපක්ෂ ජුලි 18වැනිදා අත්අඩංගුවට ගත්තේය. පසුව ප්‍රථමයෙන් අගෝස්තු 1වැනිදා දක්වාද දෙවනුව යළි අගෝස්තු 8වැනිදා දක්වාද රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලදී. එම අත්අඩංගුවට ගැනීමේ යටි අරමුණ බැසිල් නිහඬකර ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අඩපණ කිරීමට උත්සාහ කිරීම බව පැහැදිලිය. එහෙත් අත්අඩංගුවට ගන්නා විටත් එවැනි අනතුරු කලින් පැහැදිලිවූ බැවින් පාද යාත්‍රාවේ සංවිධානය සඳහා පළමු පෙළ පමණක් නොව දෙවන පෙළ යාන්ත්‍රණයක්ද ගොඩනැගී තිබිණි.

පාද යාත්‍රාවට එක්වූ ඒකාබද්ධ විපක්ෂයට අයත් ශ්‍රිලනිප මන්ත්‍රීවරුවන්ට එරෙහිව දැඩි තීරණයක් ගැනීමට ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවද ඊයේ රාත්‍රී රැස්විය. එහිදී තද තීරණයක් ගනු ඇතැයි කලින් ප්‍රකාශකර තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමට ඉඩදීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මයකි. එය පක්ෂ නායකයින්ට ලේකම්වරුන්ට, පක්ෂ විනයට යටත් කිරීමට ඉඩදිය යුතු නොවේ. එසේ වුවහොත් එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල අනතුරක් වනු ඇත.

වැට් එකෙන් මිනිසුන් ෆැලැට් වූවේය. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ මැදිහත්වීම මත දුන් අධිකරණ තීන්දුව හේතුවෙන් එය තාවකාලිකව නතර කරගැනීමට සිදුවිය. වැට් බද්ද අයකර ගැනීමට පාර්ලිමේන්තුව හමුවේ පනත ඉදිරිපත් කලවිට එය පරාජය කිරිමට ඡන්දය පරිහරණය කිරීමට සන්ධානයේ සියළු මන්ත්‍රීන් ගේ වගකීමකි. ජනතාව නොමරා මරණ වැට්බදු සංශෝධනයට පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමේ ශක්තිය සන්ධානයට මන්ත්‍රීවරුන් 95දෙනාට ඇත. එසේ නොවුනහොත් කෑගසා වැටෙන දියඇලිද අවසානයේ ගැඹුරු මහමුහුද හමුවී නිහඬ වන්නාක් මෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟකර පාර්ලිමේන්තුවට ඡන්දයෙන් සහ ජාතික ලැයිස්තුවෙන් පත්ව වර්තමානයේ ඇමති වරදාන භුක්තිවිදින ශ්‍රිලනිප නෛතික පාර්ශවයේ මන්ත්‍රීවරුන් ලබන මහ මැතිවරණයේදී සිදුවන්නේ දේශපාලනයෙන් අතුගා දැමීමට ශ්‍රිලනිප පාක්ෂිකයින් කටයුතු කරනු ඇත. එවිට ස්ප්‍රීට් කියා හිතාගෙන සිටි බොහෝ දෙනා තනිකරම ගෝඩා බව රටට පැහැදිලි වනු ඇත.

සේවක අයිතීන් සහ ජනතා ප්‍රශ්න වෙනුවෙන් හඬ නඟන ශ්‍රිලනිප වෘත්තීය සමිති නායකයින් දඩයම් කිරීමද ‘යහපාලන’ ආණ්ඩුව කටයුතු කරමින් සිටී. ප්‍රථමයෙන් මැයිදිනය දා ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම ඇමතුවායැයි පවසමින් තෙල් සංස්ථාවේ ශ්‍රී ලංකා වෘත්තීය සමිති නායක සමන් බන්දුල වැඩ තහනම් කළේය. පසුව සේවක වැටුප් පිළිබඳ සාකච්ඡාවේදී තදින් අදහස් දැක්වූ බව පවසා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිදහස් සේවක සංගමයේ සභාපති කමල් ගෝමස්ගේද වැඩ තහනම් විය. අලුත්ම දඩයම බවට පත්වූයේ පාද යාත්‍රාව වරකාපොලට ලඟාවීමෙන් අනතුරුව හිටපු ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රිලනිප මහලේකම් ධර්මසිරි සේනානායකගේ පිළිරුවට ගුණසමරුවක් වශයෙන් මල්දමක් පැලදවීමට දොඹකරයක් රැගෙන ආ බව කියන ගුවන්සේවා අධිකාරියේ ශ්‍රිලනිප ගුවන් තොටුපළ වෘත්තීය සමිතියේ සභාපතිවරයා වන වර්ණසිරි මොහන්දිරම් මෙසේ වැඩ තහනමට ලක්කිරීමය.

පුංචි ඡන්දය වෙනුවෙන් වෙනුවෙන් ශ්‍රිලනිප නෛතික පාර්ශවය මෙම දිනවල එවා තිබෙන සම්මුඛ පරික්ෂණ කැඳවීම් ලිපි පිළි නොගන්නා බව පවසමින් කුරුණෑගල දිස්ත්‍රික් පළාත් පාලන හිටපු මන්ත්‍රීන් බහුතරයම එම ලිපි ඉරාදමා ප්‍රසිද්ධියේ පිලිස්සුවේ පෙරේදාය. මෙයට කලින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රාදේශීය සභා 18 සඳහා අයදුම්පත් යොමුකර තිබූ 450 දෙනා සම්මුඛ පරික්ෂණයට කැඳවීමේදී පැමිණ සිටියේ 43දෙනෙකි. සෙවනැල්ල වුවද තමන් සමඟ සිටින්නේ ආලෝකය තිබෙන තාක් පමණි.

එජාප ආණ්ඩුවට ශ්‍රිලනිප නෛතික පාර්ශවය එක්වීමෙන් රටට වෙච්ච සෙතක් නැත. ජනතාවට ලැබුණු දෙයක් නැත. විදේශ විනිමය සංචිතය පහලටය. විදේශ විනිමය වෙළඳපොල ඩවුන්ද පල්ලම්ය. ආයෝජන බින්දුවේය. පොලී අනුපාතය ඉහළටය. මහ බැංකු සහ ගල් අඟුරු හුටපටේ අතේ මාට්ටුය. බොරතෙල් හුටපටේ මඟ එනවාය. උපදේශකයින් 57ක් සිටින මහමාර්ග අමාත්‍යාංශය රැකියා උල්පතකි. හිල්ටන් හෝටලය, ලංකා හොස්පිටල්, හයිටි රිජන්සි, මත්තල ගුවන්තොටුපොල ඇතුළු රාජ්‍ය ආයතන 7ක් විකිණීමට රජය දැනටමත් පිඹුරුපත් හදා අවසන්ය. රජු සිටියදී තීරණ ගන්නේ පුරෝහිතය.

සිගරැට් පැකැට්ටුවට පිලිකා රෝග ඡායාරූප දැම්මාට වැඩක් නැත. ආණ්ඩුව දැන් සිගරැට් පැකැට්ටුවේ නම සහ රජයේ අවවාදය පමණක් මුද්‍රණය කර සුදු පැහැති පැකැට්ටුවක් සිගරැට් සඳහා හදුන්වාදීමට යයි. නටපු නැටමකුත් නැත. බෙරේ පළුවකුත් නැත. මතට තිත කියමින් බීර නිෂ්පාදකයින්ට ගංවතුර කඩතුරාවක් කරගනිමින් අසීමිත ලෙස බදු සහන දී ඇත.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරුදහන් පුද්ගලයින් සඳහා වන කාර්යාලය පිළිබඳ පනත් කෙටුම්පතද එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගැනෙන පියවරකි. එමගින් අදහස් කරන්නේ යුධ අපරාධ චෝදනා නැගීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරදීමය. විදේශීය විනිසුරුවරයන් නැතහොත් තාක්ෂණිය නිලධාරින් අනුයුක්ත කිරීමේ හැකියාවද ඇත. විදේශීක විනිසුරුවන් ඇතුළත්වූවද නැතද මෙහි මෙහෙයුම්වලින් සිදුවන හානිය නොඅඩුව සිදුවනු ඇත. මෙම කාර්යාලයේ අරමුණ නීතිමය ක්‍රියාමාර්ග වලට ප්‍රවිශ්ඨවීම නොවන බව රජයේ පාර්ශවයෙන් පැවසුවද මෙමගින් ලබාදෙන තොරතුරු ඔස්සේ නීතිමය ක්‍රියාමාර්ගවලට ප්‍රවිෂ්ඨ වීමේ ක්‍රියාමාර්ග ඇත. මෙම පනත සම්මත වීම වැලැක්විය හැක්කේ එයට විරුද්ධවී සරළ බහුතරය ලැබීම වලක්වන ලෙසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්‍රියා කිරීමෙනි. නැතිනම් පනත ඉල්ලා අස්කරගන්නා ලෙස රජයට බලකිරීමෙනි.

නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශය ඉකුත් අප්‍රේල් 18වැනිදා නිතුත් කල නිවේදනයකින් කියවුනේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වහාම අහෝසි කිරීමටත් ඒ වෙනුවට නව පනත් 3ක් ගෙන ඒමට රජය අවධානය යොමුකර ඇති බවකි. මින් සිදුවන්නේ මර්ධන නීති අහෝසි කිරීමක් නොව අලුතින් මර්ධන නීති පැනවීමකි. මෙම තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ජනතා ව්‍යාපාර තුළ තවමත් නිසි පරිදි සාකච්ඡාවට ලක්ව නැත.

පාද යාත්‍රාවෙන් රටට දුන් ලොකුම පණිවිඩය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇමති වරදාන ගත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ඔවුන්ගෙන් යැපෙන්නන් හැර සියළු ශ්‍රිලනිප පාක්ෂිකයින් සිටිනේනේ ඒකාබද්ධ විපක්ෂය සමඟ බවය. ඒකාබද්ධ විපක්ෂය එම ලක්ෂ සංඛ්‍යාතික ජනතාව දෝතීන් පිළිගත් බවය. කඩි ගුලක් ඇවිස්සුනා සේ ‘යහපාලන’ ආණ්ඩුව අද කලබල වී ඇත්තේ එබැවිනි. සැබෑ ශ්‍රිලනිප යනු ශ්‍රිලනිප පාක්ෂිකයින් මිස ඩාර්ලි පාරේ ශ්‍රිලනිප මුලස්ථාන කොන්ක්‍රීට් ගොඩනැගිල්ල නොවන බවද ඉන් පසක් විය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

8/06/2016

අපට අප අහිමි කරන රනිල් - මෝඩිගේ හනුමා පාලම

කතෘ:යුතුකම     8/06/2016   No comments
පොත පත ඇසුරෙන්
-වෛද්‍ය වසන්ත දේවසිරි-

පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවත් ශී‍්‍ර ලංකාවත් යා කරණ හනුමාන් පාලම ගැන යළිත් දේශපාලන කරළියේ කතා බහට ලක්වනු අසන්නට ලැබෙි. මෙි පිළිබඳව ඉන්දියාව සමඟ ඉහළ පෙළේ රාජ්‍ය තන්ති‍්‍රක සාකච්ඡා පැවති බව රජයේ ප‍්‍රබල අමැතිවරයෙක් පිළි ගත්තේ ය. මෙවන් පාලමක් ඉදි කළ හොත් එය කුඩු කර දැමිය යුතු බවට උදය ගමිමන්පිල මහතා කළ ප‍්‍රකාශය ත‍්‍රස්තවාදී ප‍්‍රකාශයක් ලෙස හෙළා දැක්කේ ශී‍්‍රලනිපය නියෝජනය කරන රාජ්‍ය ඇමති වරයෙකි.

මෙරට වසත කීර්තිමත් බුද්ධිමතකු  මෙන් ම දේශපාලන විචාරකයකු ද වන ජේ ආර් පී සූරියප්පෙරුම මහතාගේ ග‍්‍රන්ථයකින් උපුටා ගන්නා ලද පහත දැක්වෙන අදහස් අපට වඩාත් වැදගත් වන්නේ, රජය කවුරුන් විරුද්ධ වුවත් එක්ටා ගිවිසුම කි‍්‍රයාත්මක කරන බවට කරන ප‍්‍රකාශ ද සළකා බලන විට ය.

‘....මුහුදු දිය කඩිත්තක් නිසා ආක‍්‍රමණයෙන් බෙිරී අනන්‍යතාවය රැක ගත් වැදගත් රටවල් හා ජාතීන් තුනකි. සැතපුමි විසි දෙකක ඉංගී‍්‍රසි ඔිඩය නිසා යුරෝපා මහා ද්වීපයෙන් වෙන් වූ බි‍්‍රතාන්‍ය ඉන් එකකි. 1558 දී ස්පාඤඤ අනභිභවනීය නෞකා හමුදාවෙන් ද, 1805 සිට නැපෝලියන්ගෙන් ද. 1941 දී හිටිලර්ගෙන් ද ආක‍්‍රමණයක් සිදු නොවී එංගලන්තය බෙිරී ගියේ මෙි දිය කඩිත්ත නිසාවෙනි. ආසියා මහා ද්වීපයේ චීනයෙන්් වෙන් වී සිය අනන්‍යතාවය හා ස්වාධීනත්වය රැක ගත් දෙවැනි රට ජපානය යි. ඒ සැතපුමි සියයක පමණ වූ ජපන් මුහුද නිසා ය.  සැතපුමි විස්සක් පමණ වූ පෝක් සමුද්‍ර සන්ධියේ දිය කඩිත්ත නිසා ඉන්දියානු අර්ධ මහා ද්වීපයෙන් වෙන් වී  ස්වාධීනත්වය හා අනන්‍යතාවය රැක ගත් අනෙක් රට ලංකාව ය. සිංහලයා ශී‍්‍ර පාදය වන්දනා මාන කරන අතරම ගාථාවක් තනා ගෙන පෝක් සමුද්‍ර සන්ධියේ සැතපුමි විස්සක් පමණ වූ දිය කඩිත්ත වන්දනා මාන කළ යුතු ය. එය සිංහල අනන්‍යතාවයේ ඓතිහාසික භූගෝලීය පදනමි වලින් එකකි. එය නො තකන හෝ නො වටහා ගන්නා වූ ලංකා රජයේ හමුදාපතියෙකු වෙතොත් ඔහු ඉතිහාසයට හා රටට ද්‍රෝහි වෙයි.’

(උපුටා ගැනීම: ජේ ආර් පී සූරියප්පෙරුම: ලෝකයට කවුළුවක්: හෙළදිව ප‍්‍රකාශකයෝ 2004.)

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

සිතන්නට යමක්-17

කතෘ:යුතුකම     8/06/2016   No comments

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

මුරලිගේ දුස්රාව...

කතෘ:යුතුකම     8/06/2016   No comments
-පුනර්ජි දඹොරගම-
ඒ අපේ ක්‍රිකට් ජ්‍යාත්‍යන්තරය තුල නමක් දිනා ගත් කාලය යි. '96 ලෝක කුසලානයද ඉන් එපිට ද දඟ පන්දු යවන්නන් ඉදිරියේ ස්වභාවයෙන්ම දුර්වල වූ සුදු ජාතිකයන්ට මහත් හිසරදයක් වූයේ මුරලිය. ඔහු පන්දුව දමා ගැසීමේ චෝදනාවට ලක් වූයේ ඒ නිසාය. මුරලි දුස්රාව යැවූයේ ඔවුන් වෙත ය.

මුරලි දමිළ ජාතිකයෙකි. එහෙත් අපට වෙනසක් දැනුනේ නැත. ඔහුට එරෙහි සුද්දන්ගේ අඩත්තේට්ටකම් වලට එරෙහි වූයේ අප අපමය. එහෙත් සුදු ජාතිකයන් අපේ ක්‍රීඩයන්ට එරෙහිව ක්‍රියා කරන විට ඒ පිළිබඳව අපේ පුහු උගතුන් නැගූ කතිකාව කුමක් ද? ඒ පිළිබඳ හඬක් නොනැගීමට තරම් ඔවුන් දීන වීද? අද පවා එංගලන්ත සංචාර වලදී අපේ ක්‍රීඩයන්ට සුදු ජාතිකයන් සලකන්නේ කෙසේදැයි ඔවුන් සොයා බැලුවා ද? ඊනියා දෙමළ ප්‍රශ්නයක් පිළිබඳ නන් දොඩවන පුහු උගතුන්ගේ වහල් බව කොතරම් ද? මුරලි අපේම අයෙකු ලෙස අපට නොසිතුනේ ද? ගැටලුව ඇත්තේ දෙමළා බෙදුම්වාදියෙකු වීම තුල මිස දෙමළා දෙමළෙකු වීම නිසා නොවන බව මෙයින් නොකියවේ ද? දෙමළා බෙදුම්වාදියෙකු නොවීම තුල එංගලන්තය ඇතුලු බටහිර රටවල් අනුගමනය කරන පිළිවත කුමක් ද? ඔවුන්ට අවශ්‍ය වන්නේ දෙමළ බෙදුම්වාදය පෝෂණය කිරීම මිස ඊනියා මානව හිමිකම් රැකීමක් නොවන බව පැහැදිලි නොවේද? මුරලිගේ දෙවන දුස්රාව යැවෙන්නේ මේ පුහු උගතුන් වෙත ය.

මුරලි මෑතකදී කතා බහට ලක් වූයේ ශ්‍රී ලංකා පිළට එරෙහිව තරඟ වදින ඕස්ට්‍රේලියානු පිලට දඟ පන්දු යැවීම පිළිබඳ දින දහයක පුහුණුවක් ලැබීම පිළිබඳව ය. එහෙත් ඔහු සම්පූර්ණ තරඟාවලිය සඳහා එම තනතුර භාර නොගත්තේ තමන්ගේ රටේ කණ්ඩායම පිටියේ තරඟ වදින විට ප්‍රතිවාදී පිලේ ක්‍රීඩාගාරයේ සිටීම නුසුදුසු යැයි ඔහු හෘද සාක්ෂියට දැනුනු නිසා ය.

අප ඔහු ගැන ආඩම්බර වෙමු. ගැටලුව ඇත්තේ යුධ අපරාධ චෝදනා සම්බන්ධව, අවාසිදායක ජ්‍යාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සම්බන්ධව මෙන්ම රටේ ස්වරීභාවය සම්බන්ධව ප්‍රතිවාදී පිලේ ඉත්තන් වී ඔවුන්ගේ ක්‍රීඩාගාරයේ සිටින අපේ නිවට පාලකයන් ගැන ය. මුරලිගේ ඊලඟ දුස්රාව යැවෙන්නේ ඔවුන් වෙත ය.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

8/03/2016

උපන් මවුබිම සුරැකීම අද ඔබේ යුතුකම යි! - වීර ලංකා ජාතික ව්‍යාපාරය

කතෘ:යුතුකම     8/03/2016   No comments
[වීර ලංකා ජාතික ව්‍යාපාරය විසින් ජන සටන පාද යාත්‍රාවේදී ජනතාව අතර බෙදා හැරි පත්‍රිකාව ]
දෙදහස් පන්සිය වසරකට වැඩි කාලයක් පුරා බුදු දහමේ ආභාෂය ඇති ව මේ බිමේ වැඩි දියුණු කළ අසමසම සභ්‍යත්වයේ මෙන් ම උපන් මවුබිමේ ද පැවැත්ම අද හැම අතින් ම අභියෝගයට ලක්ව ඇති බව දිනෙන් දින දැනෙන, අහන්න දකින්න ලැබෙන, අත්දකින සත්‍යයකි. මේ වසරේ වී ගොවිතැනට යෙදවුණු අක්කර ගණන පසුගිය වසරට වඩා අඩු යැයි පාලකයෝ උදම් වෙති. ගොවියන්, තේ, රබර් කුඩා වතු හිමියන්, කේන්ත්‍රාත්කරුවන්, සුළු ව්‍යාපාරිකයන්, ස්වයන් රැකියාලාභීන් නිකමුන්, ණයකරුවන් බවට පත් කෙරෙමින් ඇත. කෝටි ප්‍රකෝටි ගණනින් බැඳුම්කර වංචා සිදුවද්දී සමස්ත රට වැසියා ම පෙළන වැට් බද්දක් පැනවී ඇත. ජාතික ලයිස්තුවට ජනතාව තෝරා පරාජය කළවුන් පත් කිරීමෙන් සර්වජන ඡන්ද බලය කෙලෙසා ඇති අතර ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය දෙන්නෙකු විපක්ෂනායක කිරීමෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට තිත තැබී ඇත. ප්‍රාදේශීය සභා ඡන්ද වසරකට වැඩි කාලයක් පුරා තහනම් ය. තොරතුරු දැනගැනීමේ පනත් සම්මත වන අතර ජනමාධ්‍යයන්ට කෙරෙන තර්ජන ද ඉහළ යමින් පවතී. සංහිඳියාව වෙනුවෙන් දිගු කෙරෙන දෑත්වලට පිළිතුරු ලැබී ඇත්තේ දෙමළ නිජභූමි පිළිගන්නා ලෙස, සමස්ත රටේ ජනගහනයෙන් 8%ක පාලනයට රටේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් 33%ක්, මුහුදු වෙරළින් හා මුහුදු සම්පතින් 66%ක් නතු කරන ලෙස බල කෙරෙන ජාතිවාදී ඉල්ලීම්වලිනි.

තමිල්නාඩුවේ, ඉන්දියාවේ සහ බටහිර රාජ්‍ය නොවන සංවිධානයන්හි ආධාර උපකාර මත බිහි ව
පෝෂණය වූ ලොව බිහිසුණු ම ත්‍රස්තවාදී සංවිධානය ලෙස සැලකුණ ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදය නන්දිකඩාල් කලපුවේ දී සහමුලින් ම පරාජය කිරීමෙන් පසු සිදුවිය යුතු ව තිබුණේ ඒ ත්‍රස්තවාදය උපයෝගී කරගනිමින් අප මත බලහත්කාරයෙන් පැටවුණු, රටේ ස්වෛරීභාවයට, භෞමික අඛණ්ඩතාවයට හා ඒකීයභාවයට හානිකරවන්නා වූ ද සැබෑ සංහඳියාවක්  ගොඩනැඟීමට බාධාවන්නා වූ ද ඉන්දු-ලංකා ගිවිසුමේ වගන්ති අහෝසි කරලීම වුව ද අද සිදුවෙමින් ඇත්තේ ඒ අහිතකර වගන්ති බලාත්මක කිරීමට අමතර ව ඊටත් වඩා රටට හානිකර වන්නා වූ ද රටට සාමකාමී පරිසරයක් දිනා දුන්නාවූ රණවිරුවන් පාවාදෙමින් බෙදුම්වාදීන් ගේ මනfදාළ සපුරන්නා වූ ද ජිනීවා එකඟතාවන්ට මේ රජය සිය කැමැත්තෙන් ම එළඹීම ය. ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකා රජය හා ශ්‍රී ලංකා හමුදාවන් නිරායුධ දෙමළ ජනයා ඝාතනය හා දෙමළ ස්ත්‍රීන් දූෂණය සිතාමතා සැලසුම් කර යුද උපක්‍රම ලෙස ක්‍රියාවට නැඟුවේ ය යන අසත්‍ය චෝදනා ස්තුති පූර්වකව පිළිගනිමින්, රට රැකගත් රණවිරුවන්ට එරෙහි ව විදේශීය විනිසුරුවන්, අභිචෝදකයන් හා විමර්ශකයන් සහිත, සැඟවී සිට කරන නිර්නාමික චෝදනාවන් පවා සාක්ෂි ලෙස පිළිගන්නා අධිකරණ ක්‍රියාවලියක් සඳහා මේ රජයේ විදේශීය ඇමතිවරයා එකඟවී ඇත. මෙ ලෙස රණවිරුවන් දංගෙඩියට යැවෙන ප්‍රතිපාදනයන්ට එකඟ වන අතර අපරාධවලට වරදකරුවන් වූ ම්ලේච්ඡ මිනීමරු ත්‍රස්තයන් පවා නිදහස් කෙරෙන ආකාරයට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීමට හා මහජන ආරක්ෂක පනත සංශෝධනයට එහි දී එකඟ ව ඇත. ඒ හා ම මානව හිමිකම් හා මොනයම් ම සම්බන්ධයක් නැති වුව ද පළාත්සභා පූර්ණ ලෙස බලාත්මක කිරීමට ද බලය උපරිම ලෙස බෙදා හැරීමට ද වන නිර්දේශ ද මේ රජය පිළිගෙන ඇත.

දැන් මේ ජිනීවා යෝජනා ක්‍රියාවට නඟනු පිණිස රජය ‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය’ පිහිටුවීමට අදාළ පනත ඉදිරිපත් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ́නෑ ම පොලිසියකට, හමුදා කඳවුරකට හෝ වෙනත් ́නෑම ස්ථානයකට දිවා කාලයේ හෝ රාත්‍රී කාලයේ ́නෑ ම වේලාවක වරෙන්තුවක් නොමැතිව ඇතුළු වී විමර්ශනය කිරීමට, යම් ද්‍රව්‍යයන් පරීක්ෂා කිරීමට සහ එහි පිටපත් හෝ උධෘත ලබාගැනීමට, තහනමට ගැනීමට සහ රඳවා තබාගැනීමට ආදී වශයෙන් සුවිශේෂ බලතල හිමි මේ කාර්යාලය පිහිටවනුයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවක් හෝ රාජ්‍ය කොමිෂන් සභාවක් ලෙස නොව අවිච්ඡින්න පැවැත්මක් සහිත සංස්ථාපිත මණ්ඩලයක් ලෙස ය. ඒ අනුව, එහි සාමාජිකයන්, කාර්යාලයේ නිලධාරින් හා කාර්ය මණ්ඩලය රජයේ සේවකයන් ලෙස සැලකෙන්නේ දණ්ඩනීති සංග්‍රහයේ හා අල්ලස් පනතේ සාක්ෂි ආඥාපනතේ කාර්ය සඳහා පමණි. අප රටට, අප රටේ ව්‍යවස්ථාවට පක්ෂපාති වීමේ වගකීමක් නොදරණ කාර්යමණ්ඩලයකින් යුත් මේ ආයතනයට දේශීය, විදේශීය ආයතන සමඟ ගිවිසුම්වලට එළඹීමට හා ඔවුන් ගේ සේවය ලබාගැනීමට බලය හා දේශීය හෝ ජාත්‍යන්තර වශයෙන් ලැබෙන ප්‍රදාන, ත්‍යාග හෝ පරිත්‍යාග ඇතුළු ව එහෙත් ඒවාට සීමා නොවන පරිදි අරමුදල් උපයා ගැනීමට බලය හිමි ය. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ව්‍යාවස්ථාව, පර්ලිමේන්තුව හා අණපනත් විශාල සංඛ්‍යාවක් නොතකා ක්‍රියාකිරීමේ බලය සහිත මේ ආයතනයට පැවරෙන්නේ අතුරුදහන් වූවන් ගැන සෙවීම පමණක් නො වේ. අතුරුදහන්වීමේ අවස්ථානුගත කරුණු පිළිබඳව පරීක්ෂණ විමර්ශන කිරීමට ද නිසි ක්‍රියාමාර්ග ගැනීම පිණිස අදාළ බලධාරින් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම ද මේ ආයතනයේ කාර්යභාරයට හා විමර්ශනය කිරීමේ බලතලවලට ඇතුලත් ය. මෙහි දී අප රටේ සාක්ෂි ආඥා පනතට පටහැනි ව පදනම් විරහිත ප්‍රකාශ, ලේඛන හා රහස්‍යභාවයෙන් දෙන තොරතුරු සාක්ෂි ලෙස පිළිගැනීමට අවශ්‍ය විධිවිධාන යොදා ඇති බැවින් බටහිර රටවලට පැන ගොස් ජීවත් වන ත්‍රස්තවාදීන් ගේ හා ඔවුන් දේශපාලන හස්තය වන දෙමළ ඩයස්පෝරාවේ වුවමනා-එපාකම් අනුව දෙමළ බෙදුම්වාදී අභිලාෂයන් යුදබිමේ දී පරාජය කළ රණවිරුවන්ට අභූත, අසත්‍ය චෝදනා ගොනු කොට ඒ විරුවන් ව වධක භූමියට දැක්කීමට අවශ්‍ය සිය ̈ ප්‍රතිපාදන මේ තුළ අඩංගු ව ඇත.

උක්ත පනත් සම්මත වීමටත් පෙර රණවිරුවන් අපරාධකරුවන් සේ සැලකීමේ හා ත්‍රස්තවාදීන්ට
වන්දනාමාන කිරීමේ ක්‍රියාවලිය ඇරැඹී ඇත. රටවල් තිස් ගණනක භයානක ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කොට තහනම් කොට තිබූ ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ.ය පැරැදවීමේ, ඒකීය රට රැකගෙන එහි ජීවත් වීමේ නිදහස තහවුරු කිරීමේ විජයග්‍රාහී සැමරුම නැවැත්වෙද්දී ඊළාම් සිතියම් ප්‍රදර්ශනය කරමින් කොටි සමරු කිසිදු බාදාවකින් තොර ව සිදු කෙරේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අභූත චෝදනා මත බුද්ධි අංශ නිලධාරීන් සිරගත කෙරෙද්දී අපරාධවලට වරදකරුවන් වූ කොටි ත්‍රස්තවාදීන් හිස අතගා නිදහස් කෙරෙති. රට වෙනුවෙන් අත-පය, ඇස්-කන් පිදූ වීර සෙබ ̈න් ගේ විශ්‍රාම දීමනා කප්පාදු කෙරෙද්දී ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමට කැබිනට් පත්‍රිකා, අණපනත් ඉදිරිපත් කෙරේ. මේ නොපනත්කම් රණවිරුවන්, ඔවුන් ගේ ආදරණීය සැමියන්, බිරින්ඳෑවරුන්, දරුවන්, දෙමව්පියන් ඉවසන්නේ කෙළෙස ද? මේ රටේ සුජාත දූ-පුතුන් ඉවසා සිටින්නේ කෙළෙස ද? මේ මහපොළොව ඉවසා සිටින්නේ කෙළෙස ද? මේ අතර දිවි පුදා රැකගත් මවුබිමත් ඒ මවුබිමේ අසමසම සභ්‍යත්වයත් සදහට ම කඩා බෙදා වලළාදමනු පිණිස කෙරෙන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ නිර්දේශ ද මහජනයා ගේ මුදලින් ම ප්‍රචාරය කරනු දැකගත හැකි ය. ඒ නිර්දේශ අනුව සිංහයා ඉවත් කළ, බෝපත් ඉවත් කළ නව ජාතික ධජයක් අප නිර්මාණය කරගත යුතු ය. බුදු දහමට ලැබී ඇති ප්‍රමුඛස්ථානය මතු නොව බුදු දහම ම ව්‍යවස්ථාවෙන් ඉවත් කර දැමිය යුතු ය. ඒ වෙනුවට සමලිංගික, නාරිමෛථුන්‍ය, බහු ලිංගික ආදි එකීනොකී ලිංගික ක්‍රියාවන්හි යෙදීමේ මානවහිමිකම් ව්‍යවස්ථාවට ඇතුළු කළ යුතු ය. ජනාධිපති ගේ, පාර්ලිමේන්තුවේ බලය හැකිතාක් දුර්වල කරන අතර පළාත් නැතිනම් ප්‍රාන්ත රාජ්‍ය හැකිතරම් ප්‍රබල කළ යුතු ය. ජනතාවට තමන් ගේ මහජන නියෝජිතයන් කවුදැයි තෝරාබේරා ගත නොහැකි වන සේ ඡන්ද ක්‍රමය සංකීර්ණ කළ යුතු ය!

මේ අතර ලක්ෂ 4ක සිමාවේ පමණ වන අප රටේ විරැකියාව පිළිබඳ ප්‍රශ්නය විසඳීමට අගමැතිවරයා ලක්ෂ 10ක් රැකියා උත්පාදනය කරන බව කියමින් කවුරු විරුද්ධ වුණත් ඉන්දියාවත් සමඟ එට්කා ගිවිසුම අත්සන් කරන බව කියා සිටී. දැනට වසර ගණනක් පුරා අප රටට හානිකර අයුරින් පවතින ඉන්දියාව සමඟ භාණ්ඩ වෙළෙඳාම පිළිබඳ ව පවතින ගිවසුම ඒ අනුව සේවා (රැකියා) වෙළෙඳපලට ද විවෘත කිරීමට නියමිත ය. 2012 දී ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය ලක්ෂ 220 කි; ඉන්දියාවේ විරැකියාවෙන් පෙළෙන අය ගේ සංඛ්‍යාව ලක්ෂ 440කි. මේ අපේ දුවා දරුවාට මවුබිමේ රැකියා අවස්ථා සහමුලින් ම අහිමි කිරීමක් පමණක් නොව අප ගේ අහාර පුරුදු, භාෂා අනන්‍යතාවය, සෞඛ්‍යසම්පන්න බව සියල්ල නැතිභංග කරන මහා සුනාමියකට අප රට ගොදුරු කිරීමකි. මේ පොළොවේ ඉපද වැඩුණු මහා සභ්‍යත්ව වෘක්ෂයෙහි මුදුන්මුලට ම පොරෝ පහර එල්ල කෙරෙමින් ඇති බව ඉතා පැහැදිලි ය. හළාහල විෂ ගස මුලට, ලක් පොළොවට මුසු කරමින් ඇති බව පැහැදිලි ය.

මේ රට කැබලි කැබලි කර මවුබිම යලි උනුන් මරාගන්නා ඝාතක භූමියක්, ලේ ගංගා ගලා යන, මිනී කඳු ගොඩ ගැසෙන අමුසොහොනක් කිරීමට කටයුතු යෙදෙමින් ඇති බව පැහැදිලි ය. ඒ මහා ව්‍යසනයෙන් මවුබිම බේරා ගැනීමට, ලක්මව රැකගැනීමට ඔබ පෙරට ආ යුතු ය. ඔව්, ඔබ අද පෙරට ආ යුතු ය.
එක් වෙමු! එක් ව මවුබිම රැකගනිමු!!

-වීර ලංකා ජාතික ව්‍යාපාරය

වීර ලංකා ව්යාපාරයේ සාමාජිකයන් විසින් පාද යාත්‍රාව අතරතුර පත්‍රිකා බෙදාහැරි අයුරු...









-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

8/02/2016

ETCA ආක්‍රමණිකයා සමඟ එක්වී ලක්මව ගෙල වැළලෑමට සැරසීම

කතෘ:යුතුකම     8/02/2016   1 comment

1987 දී ඉන්දු- ලංකා ගිවිසුම අත්සන් කිරීමට ලංකාවට සිදු වූයේ ඉන්දියානු බලහත්කාරටයට යටත් වූ නිසාවෙනි. ඉන් දශක තුනකට පමණ පසු යළිත් වරක් ඉන්දු ලංකා ගිවිසුමක් මඟින් මුළු මහත් දේශයම සිය අණසකට ගැනීම උදෙසා ඉන්දියාව විසින් ලංකා ආණ්ඩුව බිම දණ ගස්සවා ඇත.

එම දේශද්‍රෝහී ‍‍‍‍‍‍එට්කා ගිවිසුමේ අනිවාර්ය ප්‍රතිපල පිළිබඳව අප දැනුවත් විය යුතුය.

  • දේශීය භාණ්ඩ සහ සේවා වෙළඳපල ඉන්දියානුවන් විසින් අත්පත් කර ගැනීම.
  • ඉන්දියානුවන් විසින් අත්පත් කරගන්නා භාණ්ඩ නිෂ්පාදන අංශයේ සහ සේවා අංශයේ ලාංකිකයන් හට ඇති රැකියා අහිමි වීම සහ එම රැකියා අවස්ථා වැඩි වැඩියෙන් ඉන්දියානුවන් වෙත ලබා දීම.
  • සමස්ථ රැකියා වෙළඳපලේ වැටුප් මට්ටම පහත යාම.
  • ලංකාවේ විදේශ විනිමය කෝටි ගණන් ඉන්දියාව වෙත ඇදී යාම.
  • වැඩි වැඩියෙන් ඉන්දියානු භාණ්ඩ සහ සේවා පරිභෝජනය කරන ජාතියක් බවට අප පත් වීම.
  • දැනටත් ඉන්දියාව සමඟ වෙළදාම පවතින්නේ ඉතාම අවාසි සහගත තත්වයකය. ලංකාවේ සමස්ථ සෘණ වෙළඳ පරතරයෙන් (අපනයන - ආනයන පරතරය) දැනටත් 40% කට වඩා අත් කර දී ඇත්තේ ඉන්දියාව සමඟ ඇති වෙළදාමෙනි.
  • මෙම ගිවිසුමෙන් පසු ලංකාවේ සෘණ වෙළඳ පරතරය දැඩි ලෙස ඉහළ යනු ඇත. වෙළඳ පරතරය වැඩිවීම නිසා පහත සදහන් ගැටළුවලට මුහුණ දීමට සිදු වේ.
    • විදේශ සංචිත අවම වීම.
    • රුපියල අවප්‍රමාණය වීම
    • වැය වන විදේශ විනිමය උපයන්නට පෙළඹිය යුතු නිසා මව්වරුන් මැදපෙරදිගට විකිණීම වැඩි කරන්නට සිදු වීම.
    • වැඩියෙන් විදෙස් ණය ලබා ගන්නට සිදු වීම සහ ණය කොන්දේසිවලට යටත්වන්නට සිදු විම
    • විදේශ විනිමය ඉපැයීම සඳහා දේශීය සම්පත් සහ ආයතන විදේශිකයන්ට විකුණන්නට සිදුවීම.
ETCA ගිවිසුමට පසුව ධනුෂ්කොඩි සිට මන්නාරම දක්වා ඉදිවන පාලමක් හරහා ලංකාව ඉන්දියාවට යා කර ගැනීමට සැළසුම් කර ඇති අතර ඒ පිලිබඳ දෙරටේ අගමැතිවරුන් විසින් සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබිනි. ඉන්දියාව විසින් ලංකාවේ ආර්ථික ආධිපත්‍ය අත්කරගත් පසු බෙලහීන වන ලංකාව වෙත ඉදිකෙරෙන පාලමක් මඟින් භූගෝලීයව ලංකාව ඉන්දියාවට යා කර ගෙන ලංකාව ඉන්දියානු කොළණියක් බවට පත් කරගැනීමේ සමස්ථ සැළසුමක යෝධ ආරම්භක පියවරකි ETCA ගිවිසුම. මෙම පාලම හරහා මෙරටට පැමිණෙන ඉන්දියානුවන් මේ රට තුළ සීඝ‍‍්‍රයෙන් ව්‍යාප්ත වනු ඇත. ප‍්‍රභාකරන් අවි ආයුධ මගින් මෙරට ජනසංයුතිය සහ එහි පැතිරීම වෙනස් කළා සේම මෙම ගිවිසුම සහ හනුමා පාලම හරහා සීතල ලෙස මෙරට ජන සංයුතිය වෙනස් කරනු ඇත. ආණ්ඩුව විසින් උදේ හවා මතුරන සංහිඳියාවට එය මරු පහරක් වනු ඇත.

ETCA ගිවිසුම යනු ආර්ථික සමාජයීය දේශපාලන සහ භූගෝලීය ආක්‍රමණයකි. වසර දහස් ගණනක් ඉතිහාසය පුරා අපේ මිතුන් මිත්තන් විසින් ආරක්ෂා කර ගෙන අප වෙත උරුම කරන ලද මේ රටේ ස්වෛරීයත්වය විනාශ කරන උපක්‍රමයකි මෙම ගිවිසුම. අවාසනාවකට අපගේ පාලකයෝ රටේ ආර්ථිකයට සහ ස්වෛරීත්වයට කුමක් සිදු වූවත් තම බලකාමය සංසිදුවා ගැනීම සිය එකම අභිප්‍රාය කොට ගෙන ඇත. ඉන්දියානු සහය නැතිව ඔවුනට බලයට පත්විය නොහැකි බවත්, ලබා ගත් බලය පවත්වා ගත නොහැකි බවත් ඔවුහූ විශ්වාස කරති.

ඉන්දියාව පවසන ඕනෑම දෙයකට එකඟවන තත්වයට පත්ව ඇති පාලකයින් විසින් සිය නිරුවත සඟවා ගනු පිණිස මේ පිළිබදව නොයෙකුත් බොරු ප්‍රචාරය කරති. ආණ්ඩුවේ අළුත්ම උපාය වී ඇත්තේ ඉන්දියාව සමඟ පමණක් නොව තව බොහෝ රටවල් සමඟ මෙවැනි ගිවිසුම් අත්සන් කරන බව පැවසීමයි. මේ සියල්ල ඉන්දියාව සමඟ අත්සන් කරන එට්කා ගිවිසුමට එරෙහි විරෝධය නොමඟ යැවීම සදහාය. ඉන්දියාව සමඟ සේවා ගිවිසුමක ඇති හානිකර බව දන්නා රජය උත්සාහ කරන්නේ ආක‍්‍රමණිකයා සෙසු රටවලට මුවා කර තබා, පොදුවේ වෙළඳ ගිවිසුම් ගැන කතා කිරීමටය.

රට උගසට තැබීම ගැටළුවක් නොවන්නේ ආත්මාර්ථකාමී බඩජාරීන්ටය. නමුත්, රට වෙනුවෙන් දිවිපුදා ඇති දස දහස් ගණනක් වන විරුවන්ගේ ලෙයින් තෙත් වි ඇති මේ තෙදැති බිම මත පා තබා ඇවිද යන ඔබට නිහඬව බලා සිටිය නොහැක. දේශද්‍රෝහී එට්කා ගිවිසුම පැරදවීමට එකාවන්ව පෙළ ගැසෙමු.

-තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය
www.sitplanka.org /


ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

‘ආවුද’ අතට ගන්නට කාලයයි!

කතෘ:යුතුකම     8/02/2016   No comments
-ආචාර්ය චමිල ලියනගේ-
තෙල් මිල, පාන් මිල අඩු කරගන්නට, වාහන බදු සහන ලබා ගන්නට, බස් ගාස්තු ගැන කතා කරන්නට, කොටින්ම සමලිංගිකයන්ගේ, ගණිකාවන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නට පවා වෘත්තීය සමිති බුරුතු පිටින් තිබුණද, ලොව මවිත කළාවූ මේ මහා සංස්කෘතියේ එක් මූලස්ථම්භයක් වන බුද්ධ බෝගයේ අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වන්නේ කවුද? අමුඩ ගසා ගොවීන් පාරට බස්සන්නේ වී සංස්කෘතිය රකින්නට නොව, අමුඩ කෙටියෙන් නිරාවරණය වී පෙනෙන ගොවියගේ තට්ටම් වලින් හෝ බලය සිඟන දේශපාලන යාචකයන්ය. වී වගාව හෙක්ටෙයාර ලක්ෂයකින් පහත දැමීමට ප්‍රසිද්ධියේ විවාද කිරීමට තරම් පෙරදිග ධාන්‍යාගාරයේ නූතන දේශපාලන අලුගෝසුවන් ‘එඩිතර’වී (හෝ නිර්ලජ්ජිත වී) ඇත. වර්ෂ 1818 දී වෙල්-ලක්ෂයක් නැසූ සුද්දාගේ මුනුබුරු මිනිබිරියෝ 2018 පෙනි පෙනී වෙල් -ලස්සයක් නසති. පාට වෙනස් වුවද, සුද්දාගේම ප්‍රතිපත්ති මාරුවෙන් මාරුවට ක්‍රියාත්මක කරන කළු සුද්දන් රැළේ, ඒ අමනකම් වලට ප්‍රතිපක්ෂව, එනම් බුද්ධ බෝගයට පක්ෂව කතාකරන්නට කවුරුවත්ම නැද්ද? අසිංහල අබෞද්ධ ගර්හිත දේශපාලන සංස්කෘතියක වදා, වඩනු ලැබූ වර්තමාන දේශපාලකයෝ ඒ ගැන කතා නොකරති. සාහිත්‍යය කන්නටදැයි ඇසූ, ඉතිහාසය කන්නටදැයි ඇසූ දේශපාලන සංස්කෘතියක් ‘වියැට ගෙඩියේ’ අයතිය වෙනුවෙන් සටන් කරනු ලබතියි සිතීම මායාවකි.

වීදි සටන් කරන්නට නිමිති හොයන ‘රත්තේ’ නැති ‘පොත්තේ’ ඇති ප්‍රදර්ශන දේශප්‍රේමය වෙනුවෙන් ස්ටිකර් අලවාගත් ජාතිකවාදීන්ටද මේවා ‘හිට්’ වෙන නිමිති නොවේ. රිදෙන්නේ මඩේ ජීවත්වන මඩට ආදරේ කරන ගොවියාටය. මන්ද, කෘෂි තාක්ෂණික උපාධි පශ්චාත් උපාධි සහිතව දේශදේශාන්තරයන්හී සම්මන්ත්‍රණ, සමුළු න්‍යායිකව දිග්විජය කර, පදක්කම් සම්මාන දිනන, ගොඩ ඉඳන් නිර්දේශ නිකුත් කරන වක්කඩක් බඳින්නට බැරි ඇත්තන්ට මඩ ‘අරහං’ වූවාට, සිංහල ගොවියා මඩට ආදරේ කරන නිසාය. සිල්වත් භික්ෂුව බණ දහමට කෙසේ ආදරය කරන්නේද, ශාස්ත්‍රවන්තයා ශාස්ත්‍රීය දෙයට කෙසේ ආදරය කරන්නේද, සිංහල ගොවියා මඩට ඊටත් වඩා ආදරේය. අපි, හුන්ඩු, සේරු, මනා, බෙර, පෑල්, අමුණු ආදී පරිමාන ඒකක වලින් වී (හෝ වෙනත් ධාන්‍ය) මැන ඇත්තෙමු. එක හීයට හාන යායේ කුමක් හෝ කරුණක් නිසා කාගේ හෝ කට්ටියක් මග හැරෙන්නේද, යායේ සෙසු ගොවියෝ ඒ දෙස බලන්නේ වේදනාවෙනි. එහෙවු රටේ හෙක්ටෙයාර නොව, වී හුන්ඩුවක් වැපිරෙන වපසරිය හෝ අත්හරින්නට ‘මහ වාසලේම’ කතිකා කරන්නේ නම්, එය මේ රටේ ජන විඥානය දකින්නේ මහා මූසලකමක්, අසුභ නිමිත්තක් හැටියටය. බුද්ධ බෝගයේ වපසරිය අඩු කිරීම යනු මේ රටේ සංස්කෘතියේ මුලෙන් මුල කපා දැමීමකි.

අපි පෙරදිග ධාන්‍යාගාරයක් ගැන උදම් ඇනුවද, අද සහලින් ස්වයං පෝෂිතද? ගොවිතැන් හෙවත් කුඹුරු පුරන් වන තැනට වැඩ කටයුතු සිදුවූයේ මේ “අහිංසක කුරා කූඹියෙකුටද වරදක් නොකරන” යහපාලන ආණ්ඩුවෙන් නොවේ. හත්පොලේ ගාගත් විවෘත ආර්ථිකය විසින් ක්‍රමක්‍රමයෙන් අපේ ගොවිතැන මරා දැමුවේය. හරිත විපලවයෙන් පසුව සිංහල වී වර්ග විනාශ වෙද්දී, බාගෙට මැරුණු ගොවිතැන, විෂ රසායන බී ගත් පොළව මැරෙද්දී පණ ඇද්ද ගොවිතැන, විවෘත ආර්ථික ප්‍රහාරයන් සමග ඔත්පොල වූයේය. ප්‍රධාන වශයෙන් යැපීම හා ඇතොත් අතිරික්තය විකුනා ගැනීම පිණිස කළ අභිමානවත් ගොවිතැන, සශ්‍රීකත්වයේ ජිවනෝපාය, ක්‍රමයෙන් මැරෙද්දී යහපාලන ආන්ඩුව කලේ පණ අදින ලෙඩා පෙට්ටියට දමා ඇණ ගැසීමට කටයුතු සම්පාදනය කිරීමය. පසුගිය රජය පොහොර සහනාධාරය දීම විවිධ පාර්ශව විවිධාකාරයෙන් විග්‍රහ කරයි. ඇතැමුන් කියන්නේ එය ගොවිතැනට මහත් පිටිවහලක් වූ බවය. එනිසා ගොවියෝ වී වගාවේ නිරත වූ බව සැබෑවකි. එහෙත් ඉවක් බවක් නැතිව පොහොර පොලවට දැමීමේ පුරුද්දෙන් දීර්ඝ කාලීනව ගොවියා මුදා ගෙන ස්වයංපෝෂිත සිංහල ගොවිතැන යළි ස්ථාපනය කිරීමේ තිරසාර උනන්දුවක් පොහොර සහනාධාරයේ ‘දේශපාලන අල්ලස’ පිටුපස අපි නුදුටුවෙමු. එය සහනාධාරයක් වූයේ රුපියල් සත වලට සුසර කරනු ලැබූ ‘ගොයියන්ට’ මිස සිංහල ගොවියන්ට නම් නොවේ.

පසුගිය ශතවර්ෂ බාගයක කාලය මුළුල්ලේ බටහිරින් එන සංවර්ධන උප්පරවැට්ටි බදා ගනු විනා දේශයට ගැළපෙන සංවර්ධන මූලෝපාය නිර්මාණයට සපුරා අසමත් අපේ ප්‍රතිපත්ති සම්පාදක වෘෂභ රාජයන් විවෘත ආර්ථික සැණකෙළි පවත්වමින් ජාතිය, වෙසෙසින්ම තාරුණ්‍යය මුදලට ආශාකරන පිරිසක් බවට පත් කළද, සමස්ත ජාතියම රුපියල් සත වල ඇති ‘බල්ලාත් නොකන’ වටිනාකමට සුසර කළද, මඩ යට මුදල් ඇතිබව උන්ට කියා දුන්නේ නැත. ඌහු සල්ලි සොයා රට ගියහ. බතින් බුලතින් ආඩ්‍ය ජාතියක් ක්‍රමවත්ව හා ක්‍රමෝපායික කාර්මීකරණයකට ලක්කරනවා වෙනුවට සුද්දාට රෙදි මහන සන්නාලියන් බවට පත් කළේය. රටේ ඓතිහාසික ජාතියේ දූදරුවෝ ජාතිය ආක්‍රමණය කරන්නට ආ කල්ලතෝනීන්ට අයත් කම්හල් වල දිරාපත් වන කම්කරු ඇටසැකිළි බවට පත්විය; ‘සාදුකින් පෙලෙනවුන්’ විය! උන්ට කරන්නට ඉතිරිවූ එකම අරගලය ජාතික අරගලය නොව, කම්කරු අයිතීන් ඉල්ලා කරන වෘත්තීය සමිති සටන් හෙවත් සංවිධානාත්මක යැදීම්ය. රට ආසානාසි වූයේය. අපේ ජාතියේ ඉතිහාසය රඳා පවතින එක් වැදගත් මුල් ගලක් නම් වී ගොවිතැන ය. වී යනු තවත් ධාන්‍යයක් නොවීය. වී යනු කෑමක් හෝ මුදල් කළ හැකි පාරිභෝගික භාන්ඩයක් නොවීය. එය සංස්කෘතියේ මූලයක්ම විය. වියට ඇත්තේ මූල්‍ය වටිනාකමක් නොවේ. මුදල අභිබවා ගිය සංස්කෘතික වටිනාකමකි.

වී හැර අන් සියල්ලටම ප්‍රේම කරන කෘෂිකර්ම පණ්ඩිතයින් පිරිසක් අපේ විශ්ව විද්‍යාල විසින් නිපදවා තිබේ. උන් එක් එක් විදේශ දේශපාලන න්‍යායපත්‍ර හා ව්‍යාපාරික සංගතයන්ගේ ඩොලර් වලින් යැපෙන එක්සත් ජාතීන්ගේ සිට දේශීය පරගැති රාජ්‍ය නොවන සංවිධාන දක්වූ වූ ගුබ්බෑයම් වලට වැදී උක් ගැන කතා කරති; බඩ ඉරිගු ගැන කතා කරති; සෝයා ගැන කතා කරති. වී වගාවෙන් පාඩුම පමණක් සිදුවන්නේ යැයි මතවාදී බහුබූත සමාජගත කරති. ගොවිතැනේ පැවැත්ම කන්නය අවසානයේ ලබන රුපියල් සත ලාභය හෝ අලාභය මත තීරණය කරන්නට ඌහු අපට හුරු කළහ. සිංහල බිත්තර වී සංස්කෘතියද, වාරි පද්ධතීන්ද, ගොවි ජනවිඥානයද තාක්ෂණයද විනාශ කළහ. ස්වයංපෝෂිත සිංහල (වී) ගොවිතැන ආනයනික බාහිර යෙදවුම් හඳුන්වා දී පරපෝෂිත කළේය. හැංගී හැංගී වෙස් බැන්ද ඇත්තෝ දැන් එළි පිට නටන්නට පටන් ගෙන තිබේ. සියලු සතුරු බලවේග එළිපිටම හෙක්ටෙයාර් ලක්ෂ ගණනින් ගොවිතැන නසන තැනට ශක්තිමත්ව සිටිති.

කෘෂිකර්ම අමාත්‍යාංශයේම සංඛ්‍යා ලේඛන ප්‍රකාරව 2016 මහ කන්නයේදී මහා වාරි යටතේ වැපිරූ කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 371,850 සිට 300,395 දක්වාද, කුඩා වාරි යටතේ ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 230,715 සිට 134,860 දක්වාද, වැසි පෝෂිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 228,810 සිට 60,745 දක්වාද අඩුවන්නට බලපෑවේ වියළි කාලගුණයම නොවේ. ඊනියා පොහොර සහනාධාරය අසහනයක් වූ අයුරු අපි දුටුවෙමු. එහෙයින් ඒ සඳහා බොහෝ ව්‍යුහාත්මක කාරණා බලපෑ බව අපේ විශ්වාශයයි. මී උණ ආදී මතවාදී ප්‍රහාරයන් නිසා තවත් පිරිසක් මඩට බැසීම අත්හළහ. කුඹුරු හෙක්ටෙයාර ලක්ෂ ගණනින් අඩුකිරීමට පෙර, නිෂ්පාදන සාධයකයක් ලෙස භූමියේ ඇති මූල්‍ය වටිනාකම මත ඒ බිම් වෙනත් ආයෝජන සඳහා යොදවා වියළි කලාපය ආශ්‍රිතව පමණක් සහල් නිෂ්පාදනය පවත්වා ගැනීමේ ප්‍රතිපත්තිමය සැළසුම්ද වේ. අපේ පින්වන්ත රටේ වියළි කලාපයේ අඹ නැති කාලයට තෙත් කලාපයේ අඹ පළ ගනී. බහුවිධ කාලගුණික තත්ත්ව මත විවිධ ගොවිතැන් ක්‍රම භාවිතයෙන් රටේ කුමන ප්‍රදේශයක සහල් හෝ වෙනත් ආහාර නිෂ්පාදන හැකියාවක් පැවතීම සමස්ත ජාතියේම ආහාර සුරක්ෂිතතාව හා ස්වයංපෝෂිත හෝ සංතෘප්තතාවය පවත්වා ගැනීමට අවශ්‍ය බව සුද්දාගේ ආහාර සුරක්ෂිතතා පාඩම් උගත් මෝල්ලු දන්නේ නැත.

ඇත්තෙන්ම මේ කරන්නේ සිංහලයා කුඹුරෙන් ඈත් කිරීමය. පොළවෙන් ඈත් කිරීමය. හුදෙක් වෙළද පොළ ජීවියෙකු බවට පත් කීරීමය. එය ඇරඹී බොහෝ කල්ය. සද්ධාතිස්ස අස්වැද්දූ කුඹුරු යායන්ගෙන් හෙබි දිගාමඩුල්ලේද ත්‍රිකුණාමල මඩකලපු පලාතේද කුඹුරු අද කාගේද? උන් වියට වඳින්නෝද? දැන් ඉතින් ඕල්කොට් බෞද්ධයෙකු හෝ භෞතිකවාදයේ බෞස්තීමය ලැබූවකු අපෙන් වියට වඳින්නේ ඇයි දැයි අසනු ඇත. එය මිත්‍යාදෘෂ්ටියක් නේදැයි ප්‍රශ්න කරනු ඇත. ඉන් අස්වැන්න වැඩිවේදැයි අසනු ඇත. අම්මාද අප්පාද පාරිභෝගික භාන්ඩම සේ සළකන, දරුවකු යනු ගැහැණියකගේත් පිරිමියකුගේත් ලිංගික ආශාවේ අතුරු ඵලයකැයි සළකන ඒ නාස්තිකවාදී ගොබිලන් සමග අපි වාද නොකරමු. නාස්තිකවාදීන්ද මේ සමාජයේ සිටිය යුතුය. අයුක්තිය පළට නොවන්නේ නම් යුක්තියේ අගයට තැනක් නැත.

සියල්ලන්ට අතේ ඇති මුදලට වාහන දෙන්නට පොරොන්දු වූ පිරිස් බලයට පැමිණ කලේ වාහන බදු වලින් තම ඡන්දදායකයාට තැලීමය. බදු වැඩි කලේ ජපන් වාහන වලය. එමගින් ඉන්දියානු වාහන වලට ඇති ඉල්ලුම වැඩිවේ. ඉන්දියානු වාහන ගෙන්වන සමාගම් වල කොටස් හිමි ඇත්තෝ බලයේ ඉන්දැද්දී එසේ වීම සාධාරණය. දැන් බලයේ සිටින්නේ කළකට ඉහතදී කුඹුරු ගොඩකර ක්‍රිකට් පිටි සකස් කරන්නට යෝජනා කළ ඇත්තෝය. සහල් ආනයනයෙන් කොමිස් කුට්ටි ලබන්නන් බලයේ සිටිද්දී පසුගිය වසර 30-40 තුළ දේශීය වී ගොවිතැන ගැන කතා කිරීම අමුම අමු මෝඩකමක් වූ බව අපි දනිමු. වර්තමාන සංධර්භය තුළ ලංකාවේ ගොවිතැනට වින කැටීමෙන් වන්නේ කුමක්ද? ඉන්දියානු සහල් වෙළඳ පොළට පාරිභෝගිකයින් නිර්මාණය වීමය. ඇත්තටම ඉට්කා අත්සන් තබා අවසන්ද? තුට්ටුවට ගෙන්වන ඉන්දියානු සහලින් බත් කන ඇත්තෝ වැඩි ගානට දේශීය සහල් ගන්නට තරම් දේශප්‍රේමී නොවනු ඇත. ලංකා අල වලට වඩා රුපියල් පනහක් අඩුවෙන් පාකිස්ථාන් අල ඇති වෙළදපොලේ දේශප්‍රේමය වෙනුවෙන් අල කිලෝවකට රුපියල් පනහක් දෙන්නට තරම් දේශප්‍රේමීහු පොහොසත් නැත.

එවිට ශේෂ වී සිටින දේශීය වී ගොවියාටද සිය දිවි නසා ගැනීමට සිදුවනු නොඅනුමානය. ඒ සදහා වැඩි වැඩියෙන් කෘමිනාශක ආනයනය කිරීමට කැබිනට් පත්‍රිකාවක දැමීම නුවනට හුරුය. අනිත් අතින් කලකට ඉහතදී ඉන්දියානු පරිප්පු ලූනු සියල්ලට විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණටද අද එසේ කළ නොහැක්කේ ඔවුන් දේශපාලනික කන්‍යාවියක සේ හැසිරුනද, මේ දේශපාලන සූදු පිටියේ බූරුකාරයන් ගණනාවක් සමග ප්‍රසිද්ධියේ රැය පහන් කර ඇති බැවිණි. සිංහලයාට සිංහල සංස්කෘතියට සාධාරණයක් කරන්නට දිව්රා බලයට පැමිණි ඇත්තන් කෝ? බටහිර සංවර්ධන න්‍යාය පත්‍රය අනුව සංවර්ධයේ නාමයෙන් සරම ඇඳගෙන ඔලුවෙන් වුව හිට ගන්නට සූදානම් ඒ මූලාචාරීහු බත නසා මඩ රට හැර කූඹුරු ගොඩකර ඒ මත ඉදිවන සුවිසල් ගොඩනැගිලි සංවර්ධනයේ දර්ශක සේ දැකීමේ ‘මෙගා පොලිස් ජොලියක’ය. නැත්නම් කුප්‍රකට බහුජාතික සමාගම් වල ප්‍රත්‍ය වළඳමින් සිටිති. දේශප්‍රේමීන්ගේ සහය ඩැහැගනු වස් සිය දේශපාලන රූපාන්තරණයේ පදනම වූ කොමියුනිස්ට්වාදය ජාතික ඇඳුමින් හෝ චීවරයෙන් තාවකාලිකව වසාගත් ඒ ඇත්තෝ යළිත් තමන්ගේ සැබෑ ස්වරූපයෙන් පෙනී සිටීම අරඹා ඇත. ඒ සියල්ලන්, බත නසා රට නගන “සුසමාදර්ශීය වෙනසේ” අනිටු පළ විපාක ගැන සිතීමට හෝ ඉඩ නැති බුද්ධිමය වහල්ලුන් වී අවසන්ය.

ප්‍රමාන හා මාත්‍රා ඉක්මවා කෘෂිරසායන වලින්ම නිපදවන ඉන්දියානු හාල් අපේ රටේ සෞඛ්‍ය තත්ත්වය බෙහෙවින් සංවර්ධනය කරනු ඇත. එවිට ජනාධිපතිතුමාට මෝඩි අගමැතිතුමාගෙන් වකුගඩු රෝහලට නොදෙවෙනි පිලිකා රොහලක් ඉල්ලාගත හැක. එය දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වනු ඇත. එදා අපේ ස්වාමීන් වහන්සේලා ගව ඝාතනයට විරුද්ධව පාගමන් යද්දී සුද්දාගේ කෘෂිකර්ම ආර්ථික විද්‍යාව දත් ඇත්තෝ කීවේ ඒ න්‍යායන් අනුව ගවයන් ඝාතනය කළ යුතුම බවය; නැතිනම් ගොවිපොළ පවත්වාගෙන යා නොහැකි බවය. එසේම ඔවුන්ට දැන් ලාබෙට සහල් ඇති තැනින් සහල් ගැනීමේ ‘පොතේ වාසි’ උලුප්පා දක්වමින් ඩේවිඩ් රිකාඩෝගේ සාපේක්ෂ වාසි න්‍යාය ‘පට්ට ගැසිය’ හැක.

‘ආසාත්මිකතාවන්’ ඇතිවන්නේ ‘සාත්මික’ නොවන දේ හේතුවෙනි. ආයුර්වේදයේ, විශේෂයෙන්ම ආහාර මෙන්ම ඖෂධ සම්බන්ධයෙන් දේහ-සාත්මික හා දේශ-සාත්මිකතාව සාකච්ඡා කෙරේ. ඉන් කියැවෙන්නේ දේහයන්ට සරිලන හා දේශයන්ට සරිලන ආහාර ඖෂධ ගත යුතු බවය. රුහුණේ මී කිරි රට පුරා ජනප්‍රිය වුවද රුහුණේ මී ගවයින් හැදෙන වැඩෙන තත්ත්වයන්ද, අන්‍ය ප්‍රදේශයන්හි මී ගවයින් වැඩෙන තත්ත්වයන්ද වෙනස්ය. පරිසර රටාවන් වෙනස්ය. එහෙයින් රුහුණේ මී කිරි රුහුණේ ජනතාවට දේහ-සාත්මිකය; දේශ-සාත්මිකය. සරළව කියන්නේ නම් හොදින් පත්තියං වෙයි. ඒ අනුසාරයෙන් ආනයනික සහල් ගැන තේරුම් ගත හැක්කේ කුමක්ද? ඒවාට වැපිරූ දා සිට නැවෙන් ගොඩබාන දා දක්වා පොහොර හෝ නාශක ලෙසින් යොදන රසායනික විෂ ප්‍රමාණය අමතක කරමු. බත් යනු අතුරු පසක් නොවේ. ප්‍රධාන ආහාරයය. එය දේහ හෝ දේශ සාත්මික නොවූ කල ජාතියට කවර කළක් යාද?

මේ තත්ත්වයට මුවා වී එන ආර්ථික හා වෙළඳපොළ ආක්‍රමණයේ ස්වභාවය තේරුම් ගැනීමද වැදගත්ය. ඒ සඳහා වඩාත් යෝග්‍යතම උදාහරණය නේපාලයේ වී නිෂ්පාදනය හා සහල් අපනයනයට අත්වූ ඉරණමයි. වර්ෂ 1961 වන විට නේපාලය සහල් මෙට්‍රික් ටොන් 290,000ක් වාර්ෂිකව අපනයනට කළේය. 1988 වෙද්දී එය බින්දුවටම වැටිණි. 1981 දී සහල් මෙට්‍රික් ටොන් 22,000කින් ඇරඹූ සහල් ආනයනය 2013 වන විට වාර්ෂිකව මෙට්‍රික් ටොන් 325,000ක් ගෙන්වන තැනට පත්ව තිබේ. ශ්‍රී ලංකාව 1961දී සහල් අපනයනය කර නැති නමුත්, ඒ වර්ෂයේදී අපි සහල් මෙට්‍රික් ටොන් 469,000ක් ආනයනය කර ඇත්තෙමු. ක්‍රමක්‍රමයෙන් සහල් ගෙන්වීම අඩුකළ අපි 1978දී සහල් මෙට්‍රික් ටොන් 9000ක් පමණ අපනයනය කරන්නට සමත්වී ඇත. ඒ වන විට සහල් ගෙන්වීම මෙට්‍රික් ටොන් 186,000 දක්වා අඩු කර ගන්නටද සමත්වී තිබේ. 1994 වසරේදී පමන පටන් ඉතා කැපී පෙනෙන ලෙස සහල් ආනයනය අඩු කළ ශ්‍රී ලංකාව වර්ෂ 2000 දී සිට ස්ථාවර ලෙස සහල් ආනයනය අඩුකරගන්නට සමත්වී ඇත්තේ සුළු වශයෙන් හෝ සහල් අපනයනය වැඩිකර ගනිමිනි. ඒ වන විට වාර්ෂිකව සහල් ටොන් දහපහලොස් දාහක් රට අරින්නට අපි සමත්වීමු. ඒ අපනයන වර්ධනය කුඩා වුවද පසුගිය වසර කීපය තුළ ඒ ප්‍රවනතාව ස්ථාවර ලෙස වැඩිවීම අරඹද්දී වී වගාවට කණ කොකා හැඬීම කෙතරම් ඛේදජනකද?

දැන් ඉතින් ‘ආවුද’ අතට ගත යුතුමය! ජනශ්‍රැතියේ කටවහර ප්‍රකාරව සිංහලයෝ ‘අවි-ආවුද’ භාවිත කර ඇත; දැනුදු භාවිත කරති. අවි ගත්තේ සතුරාට එරෙහිවය. ගත්වහරින් ‘ආයුධ’ කටවහර අනුව කම්මලේ තැනූ ‘ආවුද’ය. ඒවා අතට ගත්තේ පොළව සමග හැපෙන්නටය. එහෙයින් අපි කාරුණිකව යමක් ඉල්ලා සිටිමු. ඔබ රැකියාවක නිරත හෝ රැකියා විරහිත අයකු විය හැක. සුලු සේවකයකු විය හැක; විධායක නිලධාරියකු විය හැක. මේ කවුරුන් වුවද, ඔබ ‘ආවුද’ අතට ගෙන කුඩා හෝ කුඹුරක් අස්වැදීදීමට කටයුතු කළ යුතුය. එහි සිංහල වී අහුරක් වැපිරිය හැකි නම් අගනේය. ඒ නැතත් ආණ්ඩුවේ වියක් වූව ප්‍රමාණවත්ය. ඔබ මඩ සුවඳ අත්විඳිය යුතුය. මේ සංස්කෘතිය පවත්වා ගන්නටද, දරුවන්ට පවරා දෙන්නටද පෙරමුණ ගත යුතුය. බත නසා සංස්කෘතිය වැනසීමේ මේ ප්‍රහාරය සාර්ථකව ව්‍යර්ථ කළ හැකි ‘ස්වේච්ඡා ගොවි හමුදාවේ’ සෙබළෙකු සෙබළ ළියක විය යුතුය. ගොවි බසින් කියන්නේ නම් ‘අල්ලක්’ වපුරා ගන්නට මහත් වෙහෙසක් ගතයුතු නැත. ක්‍රියාවලියද, අස්වැන්නද ඔබේ ශරීර සෞඛ්‍යයටද බෙහෙවින්ම හිතකරම වනු ඇත. ඔබ වැපිරූ වියැට ගෙඩි බත් කර පිසිද්දී ඔබට මහා අභිමානයක්ද දැනෙනු ඇත. අපි අත හොල්ලා කට හොල්ලන ජාතියක් බව නැවතත් භාවිතයෙන් පෙන්වා දිය යුත්තෙමු.

-ආචාර්ය චමිල ලියනගේ
සිංහල සංගේදම බුද්ධි මණ්ඩලය

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions