7/14/2015

මාක්‌ස්‌වාදී දේශපාලනයට භික්‍ෂූන් වහන්සේලා යොදා ගැනීම වංචාවක්‌

කතෘ:යුතුකම     7/14/2015   No comments
-ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සුමේධ වීරවර්ධන 
 
මෙරට ක්‍රියාත්මක සමහර මාක්‌ස්‌වාදී දේශපාලන පක්‍ෂ 
තම දේශපාලන කටයුතු සඳහා භික්‍ෂුන් වහන්සේලා යොදා ගත්තත් එම දේශපාලන පක්‍ෂ බුදුදහම විඥණවාදී ආගමක්‌ යනුවෙන් පරිභව කර බැහැර කරති. මෙම සත්‍යය මෑතකදී හෙළිදරව් වූ අවස්‌ථාවක්‌ වූයේ සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්‌ති පෙරමුණෙන් ඉවත් වූ අවස්‌ථාවේදී කළ, ජ.වි.පෙ. නායකයන් පිරිත් නූල් බඳිනකොට කැමරාවට පස්‌ස පැත්ත හරවනවා යනුවෙන් කළ ප්‍රකාශයයි. එම ප්‍රකාශය පදනම් කර ගනිමින් අප විසින් ආරම්භ කළ සංවාදයට මෙවර එක්‌කර ගත්තේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍රපීඨයේ දර්ශන හා මනෝවිද්‍යා අංශයේ ජ්‍යෙස්‌ඨ කථිකාචාර්ය සුමෙධ වීරවර්ධන මහතා ඒ මහතා බුදුදහම සහ මාක්‌ස්‌වාදය පිළිබඳව දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.
ප්‍රශ්නය- මාක්‌ස්‌වාදී පක්‍ෂවල භික්‍ෂූන් වහන්සේලා, කටයුතු කිරීම පිළිබඳව ඔබගේ අදහස කුමක්‌ද?

පිළිතුර - සෑම මාක්‌ස්‌වාදී පක්‍ෂයක්‌ ම ඉතා පැහැදිලිව, තමන් භෞතිකවාදීන් බව සඳහන් කරනවා. ඒ වගේම ඔවුන් තම පක්‍ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවලදී හෝ බුද්ධාගම විඥනවාදී බවත් සඳහන් කරනවා. එම පසුබිම තුළ මාක්‌ස්‌වාදීන් තම දේශපාලන කටයුතු සඳහා භික්‍ෂූන්වහන්සේලා යොදා ගැනීම සිතා මතාම කරනු ලබන වංචනික කටයුත්තක්‌ බව සඳහන් කිරීමට පුළුවන්. ඒ වගේම භික්‍ෂූන් වහන්සේලාගේ පැත්තෙන් බැලුවොත් උන්වහන්සේලාට බුදුදහම හෝ මාක්‌ස්‌වාදය පිළිබඳව නිවැරැදි අවබෝධයක්‌ නොමැති නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බව සඳහන් කිරීමට පුළුවන්. ඇත්ත වශයෙන්ම උන්වහන්සේලා මේ ආකාරයෙන් කටයුතු කරන්නේ, පන්සල් වෙහෙර විහාර කඩා බිඳ දැමීමට බලා සිටින පිරිසක්‌ සමග බව උන්වහන්සේලා දන්නේ නෑ.

ප්‍රශ්නය - මාක්‌ස්‌වාදීන් වෙහෙර විහාර කඩා බිඳ දැමීමට බලා සිටින බව ඔබ සඳහන් කරන්නේ කෙසේද?

පිළිතුර - ආගම පිළිබඳව ඔවුන්ගේ ආකල්පය පළමුවෙන් ම පැහැදිලි කර ගැනීම වැදගත් වෙනවා. ඔවුන්ට අනුව ආගම් බිහිවෙලා තිබෙන්නේ ඈත යුගයේදී ස්‌වාභාවික බලවේග තේරුම් ගැනීමට නොහැකි වීම සහ ස්‌වාභාවික බලවේගයන්a වන සුළිසුළං, ගංවතුර වැනි ස්‌වාභාවික ක්‍රියාකාරකම් නිසා ඇතිවන අසරණ කමයි. ඔවුන් සඳහන් කරන ආකාරයට ධනවාදී යුගයේදී ආගම පවතින්නේ ධනපති පංතියේ සූරා කෑම වටහා ගැනීමට සහ ඉන් මිදීමට ඇති ක්‍රමවේද පිළිබඳ ඇති අනවබෝධය සහ ධනපති පංතියේ ක්‍රියාකාරකම් හමුවේ ඇති අසරණ කම නිසයි. කෙටියෙන්ම සඳහන් කරනවා නම් මාක්‌ස්‌වාදීන්ට අනුව ආගම ඇතිවන්නේ සහ පවතින්නේ මිනිසුන්ගේ මෝඩකම, නොදන්නාකම සහ අසරණකම නිසයි. සමාජවාදී යුගයේදී කොමියුනිස්‌ට්‌වාදීන් විසින් දියත් කරනු ලබන දේශපාලන, ආර්ථික සහ අධ්‍යාපනික ප්‍රතිසංස්‌කරණ හේතුවෙන් ආගම තුරන් වී යන බවත් ඔවුන් ප්‍රකාශ කරනවා. නමුත් එසේ කිරීමේදී ආගමික බැතිමතුන්ගේ සිත් රිදෙන ආකාරයට එම ක්‍රියාමාර්ග නොගත යුතු බව ලෙනින් ආගම ගැන පොතේ සඳහන් කරල තිබෙනවා.

එහි වැඩිදුරටත් සඳහන් වනවා ඔවුන් ආගම තුරන් කිරීමට කටයුතු කළ යුතු වුවත් එසේ කිරීමේදී ආගම් අදහන්නන්ගේ සිත් රිදවීමෙන් වැළකී සිටීමට වග බලා ගත යුතු බව.


ප්‍රශ්නය- ඔබ, භික්‍ෂූන් වහන්සේ නමකට මාක්‌ස්‌වාදී පක්‍ෂයක කටයුතු කළ නොහැකි බව ප්‍රකාශ කළත්, සමහර පුද්ගලයන් නම් බුදුදහම සහ මාක්‌ස්‌වාදය අතර සමානකම් තිබෙන බව ප්‍රකාශ කරනවා. මෙම ප්‍රකාශයන් ඔබ දකින්නේ කෙසේද?
පිළිතුර - එහෙම කියන අයට බුදුදහම පිළිබඳවවත්, මාක්‌ස්‌වාදය පිළිබඳවවත් නිවැරැදි අවබෝධයක්‌ තිබෙන බව සඳහන් කරන්නබෑ. මෙම පද්ධති දෙකේ දාර්ශනික පදනම් අතර කිසිම සමානකමක්‌ නෑ.

මාක්‌ස්‌වාදය කියන්නේ හුදෙක්‌ ලෞකික නිෂ්ඨාවන් ඉලක්‌ක කරගත් දර්ශනයක්‌. නමුත් බුදුදහම ලෞකික යහපත පරලොව යහපත මෙන්ම අවසාන වශයෙන් මිනිසකුට ලැබිය හැකි ඉහළම යහපත වන නිර්වාණය අරමුණු කරගත් දහමක්‌.

මාක්‌ස්‌වාදීන්ම සඳහන් කරන්නේ ද්‍රව්‍ය ප්‍රාථමික වන බවයි. එනම් මනස ද්වීතියික වන බවයි. බුදුදහමට අනුව මනසින් ස්‌වායත්ත වූ එනම් වාස්‌තවික යථාර්ථයක්‌ පවතින බව පිළිගන්නේ නැහැ. සෑම දෙයක්‌ම මනස ද ඇතුළුව මනසේ නිර්මාණයක්‌. මනසත් මනසේ නිර්මාණයක්‌.

ප්‍රශ්නය - ඔබ බුද්ධ ධර්මයට අනුව ද මනස, මනසේ නිර්මාණයක්‌ බව සඳහන් කරන්නේ.

පිළිතුර - පැහැදිලිවම ඔව්. මඡ්Cධිම නිකායේ මහාවේදල්ල හා සංයුක්‌ත නිකායේ උක්‌තාහ බ්‍රහ්මන යන සූත්‍ර දෙකේ සඳහන් වනවා වැඩි දෙනකුගේ අවධානයට ලක්‌ නොවූ වැදගත් කරුණක්‌. බුදුදහමට අනුව ඉන්ද්‍රියයන් පහක්‌ නොව හයක්‌ තිබෙනවා. ඇස, කන, දිව, නාසය, ශරීරය (සම) සහ මනස යන සය ඉන්ද්‍රියයන්. අපි යමක්‌ පිළිබඳව දැනුම ලබා ගන්නේ ඉන්ද්‍රියයන් ඇසුරින්. ඇසට ලක්‌ වන්නේ රූප අරමුණ පමණයි. කනට රූප අරමුණු වන්නේ නෑ. ඒ වගේම පසිඳුරන් ගත් විට එක ඉන්ද්‍රියකට ගෝචර වන දේ තවත් ඉන්ද්‍රියකට ගෝචර වන්නේ නෑ. අවශේෂ පංෙච්න්ද්‍රියන් මගින් ලබා දෙන දත්ත පදනම් කරගෙන සංකල්ප නිර්මාණය කරන්නේ මනස විසින්. පසිදුරන්ට බෑ මනස නැතිව සංකල්ප නිර්මාණය කිරීමට. නමුත් මනසට පුළුවන් පසිඳුරන් මගින් ලබා දෙන දත්ත ඇසුරින් සංකල්ප නිර්මාණය කිරීමටත්, අවශේෂ පසිඳුරන්ගේ කිසිදු සහයෝගයකින් තොරව සංකල්ප නිර්මාණය කිරීමටත්. මනස කියන්නේ පසිඳුරන්ගේ දායකත්වයෙන් තොරව මනස විසින්ම නිර්මාණය කරගත් සංකල්පයක්‌. මේ සූත්‍ර දෙකින්ම කියන්නේ අවශේෂ පසිඳුරන් (ඇස, කන, දිව, නාසය, ශරීරය) මනස පිළිසරණ කොට පවතින බවයි.

බුදුදහමේ මනස ප්‍රධානයි යනුවෙන් සඳහන් වන්සේ මනස පරමාර්ථ වශයෙන් පවතින බවක්‌ නොව අනිකුත් පසිඳුරන්ට සාපේක්‍ෂව මනසට විශේෂ හැකියාවක්‌ ඇති බවයි.

ප්‍රශ්නය - මාක්‌ස්‌වාදයේ සඳහන් වනවා ආගම අබිං බව. එම ප්‍රකාශය බුදුදහමට අදාළ වනවාද?

පිළිතුර - අපවත්වී වදාළ මහාචාර්ය කඹුරුපිටියේ අරියසේන හිමියන් විසින් පෙන්වාදී තිබෙනවා, ආගම පිළිබඳ මාක්‌ස්‌වාදී විග්‍රහය බුදු දහමට අදාළ නෑ කියල. නමුත් ආචාර්ය ඩෙස්‌මන් මල්ලිකාරච්චි වැනි විද්වතුන් පෙන්වා දී තිබෙනවා එම විග්‍රහය බුද්ධාගමට අදාළ බව. මම සිතන්නෙත් එම විග්‍රහය බුදුදහමට අදාලයි කියල. බුදුදහම තුළ නිදහස ඉතා විශාල වශයෙන් තිබෙනවා. එම නිසා බෞද්ධයකුට කිසිදු බලපෑමකින් තොරව තමන්ට, තම ආගම තීරණය කිරීමට පුළුවන්කම තිබෙනවා. නමුත් මාක්‌ස්‌වාදියකුට තම මතවාද වෙනස්‌ කරන්න නිදහසක්‌ සමහර පක්‍ෂ තුළ නැති බවක්‌ තමයි පෙනෙන්නේ. ඊට උදාහරණ ලෙස සෝමවංශ අමරසිංහට, විමල් වීරවංශට, කුමාර් ගුණරත්නම්ට මුහුණදීමට සිදුවූ සිදුවීම් සඳහන් කිරීමට පුළුවන්.

ප්‍රශ්නය - වර්තමානයේදී බොහෝ මාක්‌ස්‌වාදීන් වංචාව, දූෂණය පිළිබඳව සඳහන් කරනවා. එම පසුබිම තුළ තමන් හෙළා දකින ආගම් ශාස්‌තෘවරයකුගේ අනුගාමිකයන් තම දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම ඔබ දකින්නේ කෙසේ ද?

පිළිතුර - ඒක පැහැදිලිවම වංචාවක්‌ ලෙස සඳහන් කිරීමට පුළුවන්.

ප්‍රශ්නය - සමාජවාදී ආණ්‌ඩු පැවැති රටවල ආගම් විනාශ වන තැනට කටයුතු සිද්ධ කළත්, එම ප්‍රයත්නයත් මුළුමනින්ම සාර්ථක වී නැහැ. ඊට හේතුව කුමක්‌ද?

පිළිතුර - ආගම්, සංස්‌කෘතියත් සමග බද්ධවෙලයි තිබෙන්නේ. ආගම්වලින් තමයි ශිෂ්ඨාචාරවලට මග පෙන්වූයේ. ශිෂ්ඨාචාරයක ඉන්න මිනිසුන්ගේ සිතුම් පැතුම් චර්යාධර්ම, ක්‍රියාකාරකම් සියල්ල තීරණය වන්නේ ආගම මගින්. දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ආගම් මගින් හික්‌මවපු මිනිස්‌සු මාක්‌ස්‌වාදය වගේ ආර්ථිකය ගැන පමණක්‌ වැඩියෙන් අවධාරණය කරන ධර්මයකින් වෙනස්‌ කරන්න බැහැ. ආර්ථිකය වගේම තවත් වටිනා දේවල් මිනිසුන්ට තිබෙනවා.

ප්‍රශ්නය - මාක්‌ස්‌වාදයේ නිර්ධන පාංතික විඥනයන් පිළිබඳව සඳහන්වෙනවා. නමුත් අපේ රටේ සිටි සහ සිටින බොහෝ මාක්‌ස්‌වාදී නායකයන් රදළ පවුල්වල සාමාජිකයන්. රදළයන්ට නිර්ධන සංහිත විඥණය පහළ වීම පිළිබඳව ඔබගේ විඥණය කුමක්‌ද?

පිළිතුර - මාක්‌aස්‌වාදයේ සඳහන් වන ආකාරයට නිර්ධනයන් යනුවෙන් හඳුන්වන්නේ, නැතිවීමට දෙයක්‌ නොමැති අය. ඒ නිසා ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් නිර්ධන පංතිය ආඥදායකත්වයක්‌a වෙනුවෙන් කටයුතු කරන බව සඳහන් වෙනවා.

ඔබ කියන දේ ඇත්තක්‌ තිබෙනවා. ලංකාවේ බොහෝ මාක්‌ස්‌වාදී නායකයන් ඉහළ සමාජ පසුබිමකින් බිහිවූ අය. මට සිතෙන්නේ මේ අයගේ දෙමව්පියෝ මෙයාලට උගන්වල දිගටම තම සමාජ තත්ත්වය රැක ගන්න විදේශවලට යෑවුවා. මේ අය ආසියාතිකයක්‌ හැටියට ඒ රටවලදී මුහුණ දීපු තත්ත්වයන් නිසා එවකට ලෝකයේ විලාසිතාවක්‌ බවට පත්වී තිබුණ මාක්‌ස්‌වාදය වැලඳ ගත්තා. ඒ පොත් පත් කියවල ගිරව් වගේ වමාරන්න පටන් ගත්තා. සමහර අය ගමේ සිට කොළඹට ඉගෙන ගන්න ඇවිල්ල පිටරටට ගිහින් මාක්‌ස්‌වාදය ඉගෙන ගෙන ආපු අය අනුකරණය කරමින් මාක්‌ස්‌වාදීන් වූවා. මේ අය අතරින් බොහෝ දෙනකු ඔවුන්ම දක්‍ෂිණාන්ශික පක්‍ෂ ලෙස හැඳින් වූ පක්‍ෂයක ඇමැතිකමක්‌ අරගෙන තමයි දේශපාලනය අවසන් කළේ. ඒ අනුව මේ නිර්ධන පංතිය විඥණය යනුවෙන් හඳුන්වන්නේ කුමක්‌ද යන්න ප්‍රශ්න කිරීමට සිද්ධවෙනවා.

ප්‍රශ්නය - මාක්‌ස්‌වාදීන් ලෙස කටයුතු කරන බොහෝ දෙනකුට අන්‍යයන්ගේ ප්‍රශ්න පිළිබඳ හැඟීමක්‌ තිබෙන බව පෙනේන තිබෙනවා. ඒ අනුව බැලුවහම මේ අය මාක්‌ස්‌වාදීන් නොවී සිටියා නම්, හොඳ බෞද්ධයන් බවට පත්වීමටත් ඒ මගින් බුදු සසුනට විශාල සේවයක්‌ වීමටත් ඉඩ තිබුණා නේද?

පිළිතුර - ඔව්. මාක්‌ස්‌වාදීන් බොහෝ දෙනා පරහිතකාමීන්. ඔවුන් මාක්‌ස්‌වාදීන් නොවුණා නම් හොඳ බෝධි සත්ව ගුණ ඇති බෞද්ධයන් වෙයි. නමුත් බුදුදහම කියන්නේ පරහිතකාමී බව පමණක්‌ අගය කරන දහමක්‌ නොවේ. හොඳ බෞද්ධයෝ අනුන් ගැන වගේම තමන් පිළිබඳවත් සිහියට ගත යුතුයි.

ඒ වගේම අප බෞද්ධයන් ලෙස සමත්වී නැහැ අපේ සමාජයේ තිබෙන ගොඩක්‌ ගැටලු විස¹ ගන්න. කුල භේදය, පළාත් භේදය, නිදසුනක්‌ ලෙස සඳහන් කිරීමට පුළුවන්. සමාන ලෙස නොසැලකීම නිසා ඇතැම් බෞද්ධයන් මාක්‌ස්‌වාදය වැළඳ ගෙන තිබෙන බව පෙනෙනවා. බුදුදහමට එරෙහි මතවාද පසුපස යනවා. මාක්‌ස්‌වාදයට මේ හානිය කරන්න පුළුවන්වී තිබෙන්නේ අපි හොඳ ප්‍රායෝගික බෞද්ධයන් නොවන නිසයි. මේ රටේ සමහර භික්‍ෂූන් වහන්සේලා බුදුදහම මත පදනම්ව මේ ප්‍රශ්aaන විසඳන්න මූලිකත්වයක්‌ ගන්නවා වෙනුවට කුල භේදය වගේ දේ ආරක්‍ෂා කරනවා. එම නිසා මාක්‌ස්‌වාදය වැනි මිත්‍යා දෘෂ්ඨ මගින් තම අරමුණ ඉටු කර ගන්න ඇතැම් අය උත්සාහ කරනවා.

ප්‍රශ්නය - මාක්‌ස්‌වාදීන් තමන් භෞතිකවාදීන් වන බව පැහැදිලිවම ප්‍රකාශ කරනවා. නමුත් බුදුදහම සිත මූලික වනවා යන පදනමේ සිට කටයුතු කළත් ප්‍රසිද්ධියේ භෞතිකවාදී වූ මාක්‌ස්‌වාදය හෙළා නොදැකීම ඊට අභියෝග නොකිරීම නිසා මාක්‌ස්‌වාදයට මේ ආකාරයට කටයුතු කිරීමට අවස්‌ථාව උදාකර දී තිබෙනවා නේද?

පිළිතුර - බුදුදහමේ සහ මාක්‌ස්‌වාදයේ දාර්ශනික පදනම පිළිබඳව නිසි අවබෝධයක්‌ නොමැතිවීම මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා. එම පසුබිම මාක්‌ස්‌වාදීන් තම වංචනික කටයුතු යොදාගෙන තිබෙන බව සත්‍යක්‌.

ප්‍රශ්නය - මෙම තත්ත්වය දුරු කිරීම සඳහා ගත යුතු පියවර කුමක්‌ද?

පිළිතුර - පිරිවෙන් අධ්‍යාපනය වහා නවීකරණය කළ යුතුයි. අද හාමුදුරුවන්ට පාලි, සංස්‌කෘත, බුද්ධාගම වැනි විෂයයන් පවා ඉගෙන ගන්න වෙලා තිබෙන්නේ ගිහියන්ගෙන්. බුදුදහම නිවැදිව වටහා ගැනීමට හැකිs වන නව මන් පෙත් විවර කළ යුතුයි. එක අතකට මාක්‌ස්‌වාදය විලාසිතාවක්‌ ලෙස වැලඳගත් දර්ශනයක්‌. දැන් එහි රැස්‌ බොහෝ දුරට අඩු වෙලයි තිබෙන්නේ. මාක්‌ස්‌වාදය කියවන්න අලුත් පරපුර උනන්දු නෑ. අනෙක්‌ අතට මාක්‌ස්‌වාදයට මේ තරමින් හරි පවතින්න හේතු වූ කුලභේදය, පළාත් භේදය වැනි ප්‍රශ්න විසඳීමට වැඩපිළිවෙළක්‌ ඇති කළ යුතුයි.

ප්‍රශ්නය - සමහරුන්ට මාක්‌ස්‌වාදයත් ආගමත් වී තිබෙනවා බව පෙනෙනවා. ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක්‌ද?

පිළිතුර - ඔව් මාක්‌ස්‌වාදය කියන්නේ ආගමක්‌. ආගමික බැතිමතෙක්‌ තම ආගමට භක්‌තිමත්ව කටයුතු කරන තරමටම මාක්‌ස්‌වාදීනුත් මාක්‌ස්‌වාදයට ශක්‌තිමත්. එහි අකුරක්‌වත් වෙනස්‌ කිරීමට ඔවුන් සූදානම් නෑ. බර්ට්‍රන් රසල් වැනි අය විග්‍රහ කරල තිබෙනවා මාක්‌ස්‌වාදය කියන්නේ වෙනත් වචන කෝෂයකින් කතෝලික දහමට විග්‍රහ කිරීමක්‌ කියල. බොහෝ ආගම්වල නිෂ්ඨාවක්‌ තිබෙනවා. නිර්වාණය, මෝක්‍ෂය තේව ලත්නය, බ්‍රහ්මන් හා එක්‌වීම වගේ නිෂ්ඨවන් තිබෙනවා. මාක්‌ස්‌වාදයේ නිෂ්ඨාව තමයි පූර්ණ කොමියුනිස්‌ සමාජය. එහි රාජ්‍යයක්‌ නෑ. හිරගෙවල් නෑ. උසාවි නෑ. මෝඩකම අසරණකම නැති නිසා ආගම් ඇත්තෙත් නෑ. කොමියුනිස්‌ට්‌ සමාජයත් ස්‌වර්ග රාජ්‍යය වගේම තමයි. නමුත් එයත් විශ්වාසයක්‌ පමණයි. ඒ අනුව බැලුවම මාක්‌ස්‌වාදයත් ආගමක්‌ තමයි.
 
[දිවයින]

10/12/2014

එක රජයයි රටවල් දෙකයි කෘතිය සිංහල ජාතිකවාදීන්ට පෙන්වන අනතුර

කතෘ:යුතුකම     10/12/2014   1 comment
-කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, 
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

පුරා දශක තුනකට ආසන්න කාලයක්‌ මුළුල්ලේ ශ්‍රී ලංකීක සමාජය අඳුරට හෙලූ එමෙන්ම දේශපාලන ස්‌ථාවරත්වය, ආර්ථික සංවර්ධනය විනාශ මුඛයට ඇද දැමූ දෙමළ බෙදුම්වාදී කැරැල්ල මේ වන විට මුළුමනින්ම පරාජයට පත්කර ඇත. කොටි ත්‍රස්‌තවාදීන් ශ්‍රී ලංකා භූමිය තුළ යුදමය වශයෙන් පරාජය කිරීමත් සමග සියල්ල අවසාන යෑයි සිතන බොහෝ පිරිසක්‌ රට තුළ වාසය කරන බව පෙනේ. එහෙත් ප්‍රභාකරන් සහ ඔහුගේ ත්‍රස්‌ත සංවිධානය පරාජය කිරීමෙන් පමණක්‌ අප හමුවේ තිබූ දෙමළ බෙදුම්වාදය පරාජය වී නැති බව එරික්‌ ගාමිණී ජිනප්‍රිය තම "එක රජයයි රටවල් දෙකයි" නම් කෘතිය මගින් ජාතියට අනතුරු අඟවා ඇත. එබැවින් ඔහු පෙන්වා දෙන කරුණු පිළිබඳව රටට ආදරය කරන සියලු දෙනාගේ අවධානය යොමු විය යුතුය. එමෙන්ම රටටත් ජාතියටත් ඉදිරියේදී මුහුණදීමට සිදුවන භයානක අනතුරක්‌ ගැන අපව දැනුවත් කෙරෙන එරික්‌ගේ මේ කෘතිය ඉතා වැදගත් කාලීන අවශ්‍යතාවක්‌ සපුරාලන කෘතියක්‌ ලෙස හැඳින් විය හැකිය.

ශ්‍රී ලංකාවේ උතුර හා නැගෙනහිර පළාත්වල අයිතිය සම්බන්ධයෙන් දෙමළ ජාතිවාදීන් සහ ශ්‍රී ලංකා රජය අතර පැවැති ගැටුම නොයෙක්‌ පිරිස්‌ විසින් විවිධ අයුරින් හඳුනාගෙන ඇත. බටහිර රටවල අවශ්‍යතා වලට අනුව ඔවුන්ගේ ආධාර උපකාර මත පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධාන පමණක්‌ නොව මාක්‌ස්‌වාදයෙන් තම සිතීමේ හැකියාව මොට කරගත් සම්ප්‍රදායික ගතානුගතික මාක්‌ස්‌වාදී පක්‍ෂවලට අයත් වූ වන් මේ ගැටලුව ජනවාර්ගික ගැටලුවක්‌ ලෙස විග්‍රහ කර ගනිති. එහෙත් එය ජනවර්ග දෙකක්‌ අතර ගැටලුවක්‌ නොවන්නේ බහුතරයක්‌ දෙමළ ජනයා සිංහලයන් අතර සාමකාමීව ජීවත් වන හෙයිනි. ඇතැම් ක්‍රියාමාර්ග අතින් මාක්‌ස්‌වාදීන්ට වඩා වෙනත් ස්‌ථාවරයක්‌ දරා ඇති බව එරික්‌ විසින්ද මේ කෘතියේ සඳහන් කර ඇති රෝහණ විඡේවීර විසින් ගොඩනැඟූ ජනතා විමුක්‌ති පෙරමුණට අනුව මෙය ජාතික ගැටලුවකි. සිංහල ජාතිකවාදීන්ට අනුව මෙය දෙමළ බෙදුම්වාදී කැරැල්ලකි. එහෙත් එරික්‌ මේ ගැටලුව දකින්නේ නිජබිම ප්‍රශ්නයක්‌ ලෙසිනි. එරික්‌ගේ අර්ථ දැක්‌වීම අනෙකුත් සියලු විග්‍රහයන්ට වඩා පිළිගත හැකි වන්නේ දෙමළ ජාතිවාදීන් හැමවිටම ඒ ප්‍රදේශ තම නිජභූමිය ලෙස සිතා කටයුතු කරමින් සිටින නිසා පමණක්‌ නොවේ. තමන් එය පිළිගන්නා අතරම එය තහවුරු කිරීමට ව්‍යාජ ඉතිහාසයක්‌ නිර්මාණය කරන දෙමළ ජාතිවාදීන් එය තම ම්ලේච්ඡ ආයුධ සන්නද්ධ අරගලය සාධාරණීකරණය කිරීම සඳහාද යොදා ගන්නා නිසාය. 1957 දී අත්සන් කළ බණ්‌ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමේ සිට 2002 කුප්‍රකට රනිල් ප්‍රභා ගිවිසුම දක්‌වා සෑම අවස්‌ථාවකදීම දෙමළ ජාතිවාදීන් ඉදිරිපත් කළ මූලිකම කොන්දේසිය වූයේ උතුර නැගෙනහිර ප්‍රදේශ තම නිජභූමිය ලෙස පිළිගන්නා ලෙසයි. 1983 තිම්පු සාකච්ඡාවලදීද ඔවුන් මේ කොන්දේසිය ඉදිරිපත් කර ඇත.

දෙමළ ජාතිවාදීන් පවසන ආකාරයට සිංහලයෝ ඔවුන්ගේ නිජභූමිය බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටිති. අතීතයේදී ශ්‍රී ලංකාව දෙමළ රාජ්‍යයක්‌ බවත්, පසුව සිංහල සහ දෙමළ රජවරුන් මෙරට පාලනය කර ඇති බවත් 13 වැනි සියවසින් පසුව මෙරට දෙමළ රාජධානියක්‌ පැවැති බවත්, පසුව එය පෘතුගීසි ලන්දේසි සහ ඉංග්‍රීසි යන බටහිර ජාතීන්ට යටත්වූ බවත් දෙමළ ජාතිවාදීහු පෙන්වා දෙති. 1948 දී ඉංගී්‍රසීන් විසින් තම නිජභූමිය පාලනය කිරීම සිංහල අධිරාජ්‍යවාදීන්ට භාරදී පිටව ගිය බව පවසන දෙමළ ජාතිවාදීහු එය නැවත දිනා ගැනීම වෙනුවෙන් තමන් සටන් වදින බව පවසති. තම ඊනියා නිජබිම වෙනුවෙන් සටන් කරන දෙමළ ජාතිවාදී බලවේග දෙයාකාරයකට ක්‍රියා කරන බව එරික්‌ මේ කෘතිය මගින් පෙන්වාදී ඇත. ඔහු පවසන පරිදි ආයුධ සන්නද්ධ අරගලයක්‌ මගින් තම ඊනියා නිජබිම නැවත දිනා ගැනීමට උත්සාහ කළ ප්‍රභාකරන්ගේ ක්‍රමවේදය එක්‌ ක්‍රමවේදයකි. දෙවැනි ක්‍රමවේදය වන්නේ සම්බන්ධන්ලාගේ ක්‍රමවේදය වන අතර එය අද ටිකක්‌ හෙට ගොඩක්‌ ලබාගැනීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන දෙමළ ජාතිවාදී ක්‍රමවේදයයි. එරික්‌ නිවැරැදිව වටහාගෙන ඇති පරිදි මේ සෑම ආකාරයකම දෙමළ ජාතිවාදී ක්‍රියාමාර්ගවලට පදනම් වී ඇත්තේ මේ ඊනියා දෙමළ නිජභූමි සංකල්පයයි. එරික්‌ පවසන දේ එලෙසින්ම පිළිගත නොහැකි වුවත් එක රාජ්‍යයකට අයත් භූමි ප්‍රදේශයක්‌ තුළ නිජභූමි දෙකක්‌ පවතින බව පිළිගතහොත් එහි රටවල් දෙකක්‌ බිහිවීමට අවශ්‍ය මූලික පදනමක්‌ ඇති බව අප පිළිගත යුතුය.

එරික්‌ මේ කෘතිය මගින් අපට පෙන්වා දෙන්නේ දෙමළ ජාතිවාදී අරමුණු සාක්‌ෂාත් කර ගැනීම සඳහා වූ ප්‍රභාකරන්ගේ ක්‍රමවේදය වත්මන් රජය විසින් අභීතව පරාජය කර තිබුණත් සම්බන්ධන්ගේ ක්‍රමවේදය නිරුපද්‍රිතව ඉදිරියට යමින් තිබෙන බවය.

එක්‌සේසත් රාජ්‍යය මෙවන් තර්ජනයකට මුහුණපා ඇති අවස්‌ථාවක අපේ වගකිව යුතු බලවේග ක්‍රියාකරන්නේ කෙසේද යන්න අප සොයා බැලිය යුතුය.

දෙමළ ජාතිවාදී උගතුන් විසින් ඊනියා දෙමළ නිජභූමියක්‌ ගැන පවසද්දී අපේ ඉතිහාසය , පුරාවිද්‍යාව සහ සිංහල පිළිබඳ ප්‍රාමාණිකයෝ එය පරාජය කිරීමට කිසිවක්‌ නොකරති. රඝූපති පොන්නම්බලම්, සචි පොන්නම්බලම්, විග්නේශ්වරම් මෙන්ම කාර්තිගේසු ඉන්ද්‍රපාල වැනි දෙමළ විද්වතුන් දෙමළ නිජභූමියක්‌ පිළිබඳ ප්‍රවාද ගොඩනඟමින් වෙනම රාජ්‍යයක්‌ සඳහා ශක්‌තිමත් පදනමක්‌ ගොඩනගමින් සිටිති. මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල මහජන මුදලින් වැටුප් ලබන එමෙන්ම නිදහස්‌ අධ්‍යාපනයේ වරමින් ඉහළට ගිය විද්වතුන් නිහඬව සිටින බව පෙනේ. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද සහ මහාචාර්ය විමල විජයසූරිය වැන්නන්ගෙන් පසුව මේ ඊනියා නිජභූමි සංකල්පයේ ව්‍යාජත්වය පෙන්වීමට කටයුතු කළ වෘත්තීය උගතුන් අපට නැත. මහාචාර්ය කේ. එම්. ද සිල්වා වැන්නකු තුළ ඇතැම් ලේඛන මේ සම්බන්ධයෙන් වැදගත් වුවත් ඔහුට ද අවශ්‍ය වී ඇත්තේ නැගෙනහිර පළාත තුළ දෙමළ නිජභූමියක්‌ නොපැවැති බව පෙන්වාදීමට බව පෙනේ. එමෙන්ම ඔහු පවා ඒ පිළිබඳව දිගින් දිගටම ලියා නැත. ඒ අතර මහාචාර්ය ලෙස්‌ලි ගුණවර්ධන වැන්නන් අතින් මෙන්ම මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්නගේ මතවාද ද කාර්තිගේසු ඉන්ද්‍රපාල වැනි දෙමළ උගතුන්ගේ දෙමළ නිජභූමි ප්‍රවාදයට පදනම් වී ඇති බව පෙනේ.

මෙවන් පසුබිමක්‌ තුළ ඉතිහාසඥයන් හෝ පුරාවිද්‍යාඥයන් නොවන පිරිසක්‌ දෙමළ නිජභූමි මිථ්‍යාව හෙළිකිරීම වෙනුවෙන් කටයුතු කර ඇත. ආචාර්ය නලින් ද සිල්වා, මහාචාර්ය ජෙරල්ඩ් පීරිස්‌, මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස වැන්නෝ ඒ අතරින් කිහිපදෙනෙකි. මෙවන් භයානක වටපිටාවක්‌ තුළ මෙරට සිංහල ජාතිකවාදීන් අනාගත අනතුර දැක ඊට එරෙහිව ක්‍රියාත්මක වන බවක්‌ දක්‌නට නැත. ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් කෘතියක්‌ වන මහාවංශය නොපිළිගන්නා ඇතැම්හු භාරතයේ ලියෑවුණු හුදු සාහිත්‍ය කෘතියක්‌ වන ''රාමායනය'' සත්‍යයක්‌ යෑයි සිතා කටයුතු කරන බව පෙනේ. තවත් පිරිසකට අනුව බුදුරජාණන් වහන්සේ ඉපදී වාසය කර ඇත්තේ ශ්‍රී ලංකාවේය. තිබෙන උරුමය විනාශවී යද්දී නිහඬව ඉන්නා මොවුහු අපැහැදිලි නොපෙනෙන අසංගත රාවණා මිථ්‍යාවක්‌ පසුපස දුවමින් සිටිති. අවාසනාවකට ආචාර්ය නලින් ද සිල්වා සහ මහාචාර්ය රාඡ් සෝමදේව වැනි විද්වතුන් ද මේ රාවණාවාදීන්ට ශක්‌තියක්‌ වන ආකාරයකට කටයුතු කරමින් සිටින බව පෙනේ.

රටේ ජාතික දේශපාලනයේදී වැදගත් ඓතිහාසික භූමිකාවක්‌ ඉටු කළ මහ සඟරුවන මෙවන් පසුබිමක කටයුතු කරන්නේ කෙසේද යන්න සොයා බැලීමද වැදගත්ය. උන්වහන්සේලා තම අභියෝග ජය ගැනීම සඳහා අබෞද්ධ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී සිටීම කනගාටුදායකය. බණ මඩුවේදී විස¹ ගත යුතු ප්‍රශ්න මහමඟදී විස¹ ගැනීමට ගරුතර සංඝරත්නය කටයුතු කරමින් සිටින බව පෙනේ. බාහිර සතුරු බලවේගවලට අප පරාජය වන්නේ අප බුදු දහමින් දිනෙන් දිනම ඈත් වෙමින් සිටින හෙයිනි. තම අනුගාමිකයන් එනම් බෞද්ධයන්ට සැබෑ බෞද්ධයන් ලෙස කටයුතු කිරීමට මඟපෙන්වීම මඟින් බාහිර බලවේගවලින් සිංහල බෞද්ධ සංස්‌කෘතිය ආරක්‍ෂා කර ගැනීමට හැකිවනු ඇත. බෞද්ධයා තම සිංහල බෞද්ධ ප්‍රතිපදාව තුළ සිටින තාක්‌ කිසිවකුට අප පරාජය කළ නොහැකි වනු ඇත.

භික්‌ෂුන් වහන්සේලාගේ ඇතැම් ක්‍රියාමාර්ග නිසා අසිංහල හා අබෞද්ධ වන නමුත් රටට හිතවත් බොහෝ දෙනෙකු අප සමග අත්වැල් බැඳ ගැනීමට නොහැකි වීමට ඉඩ ඇත. අපේ භික්‌ෂුන් වහන්සේලා අරුන් තම්බිමුත්තු ශ්‍රීමත් රසීක්‌ µරීඩ්, බාකීර් මාකාර්, ඇල්ප්‍රඩ් දොරේ අප්පා, ඊ. ඩබ්. පෙරේරා වැනි රටට හිතදායක සිංහල බෞද්ධ නොවන ජන නායකයන් සමග සුහදව කටයුතු කිරීමට කටයුතු කළ යුතුය. 

සිංහලයන්ට ඇති ප්‍රධානතම ගැටලුවක්‌ වන්නේ මාක්‌ස්‌වාදී විකට දේශපාලනඥයන්ය. දෙමළ සහ මුස්‌ලිම් දේශපාලකයන් අතර මාක්‌ස්‌වාදී විකටයෝ දක්‌නට නැත. වත්මන් රජයේ සිටින මැති ඇමැතිවරුන් අතරින් විශාල ප්‍රමාණයක්‌ මාක්‌ස්‌වාදී විකටයන් වීම සිංහලයන්ගේ අභාග්‍යයකි. මොවුහු පළාත් සභාවලට පක්‌ෂව කටයුතු කරති. රටේ අනාගතය ගැන වඩා නිවරැදි අවබෝධයකින් කටයුතු කරන දේශපාලන නායකයන් මේ රජයේ ඇත්තේ කීප දෙනෙක්‌ පමණි. දෙමළ ජාතිවාදයට කත් අදින දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‍ෂව කටයුතු කරන පිරිසට මෙන්ම කිසිම අවබෝධයක්‌ නැති පතෝල දේශපාලනඥයන්ට මේ රජය තුළ තම අරමුණු සාක්‌ෂාත් කර ගැනීමට නොහැකි වී ඇත. 

එරික්‌ පෙන්වා දෙන සම්බන්ධන්ගේ ක්‍රමවේදය අනුගමනය කරන දෙමළ ජාතිවාදීන්ගේ අරමුණු පරාජය කිරීම කෙරෙහි මෙරට වෘත්තීය උගතුන්ගේ, බාහිර විද්වතුන්ගේ මහ සඟරුවනේ සහ ආණ්‌ඩුවේ අවධානය යොමු විය යුතුය. දෙමළ නිජභූමි මිථ්‍යාව පරාජය කිරීම එතරම් අමාරු කාර්යයක්‌ නොවේ. උතුර නැගෙනහිර ප්‍රදේශවලින් හමුවන අභිලේඛනවලින්, කාසිවලින් වෙනත් සාහිත්‍ය මූලාශ්‍රවලින් දෙමළ නිජභූමි ප්‍රවාදයේ අසංගත බව පෙන්වා දිය හැකිය. ඒ සඳහා සිංහල, දෙමළ, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි භාෂා පිළිබඳ ප්‍රාමාණිකයන් පිරිසක්‌ සොයාගත යුතු වේ. ඉහත කී විෂයයන්වලින් මෙන්ම ඉතිහාසය පුරාවිද්‍යාව වැනි විෂයයන් පිsළිබඳව නව උගතුන් බුද්ධිමතුන් බිහි කර ගැනීමට ආණ්‌ඩුව පියවර ගත යුතු වේ. එමෙන්ම ඔවුන්ගේ සේවය ලබා ගැනීමට වෙනම ආයතනයක්‌ ආරම්භ කළ යුතු වන අතර රජය ඊට පහසුකම් සැපයිය යුතුය. එසේ විධිමත් ක්‍රියාමාර්ගයක්‌ මගින් දෙමළ නිජභූමි සංකල්පයේ මිථ්‍යාව පෙන්වා දෙන අතර මෙරට සැබෑ ඉතිහාසය සියලුම ජනවර්ගවලට ඉගැන්විය යුතු වේ. දැන් සිදුවන්නේ උතුර නැගෙනහිර දෙමළ දරුවන්ට ව්‍යාජ ඉතිහාසයක්‌ ඉගෙනීමට ඉඩ හැර බලා සිටීමය. පාසල්වලින් ඉතිහාසය විෂය ඉවත් කර ඇති අතර තම තමන්ට රිසි ව්‍යාජ ඉතිහාසයන් පිළිගැනීමට රජය ඒ මගින් ඉඩ හසර ලබාදී ඇත. මේ සියලු ක්‍රියාමාර්ග රජයක්‌ විසින් ගත යුත්තේ මෙරට සිටින දෙමළ මුස්‌ලිම් ජනවර්ග මෙරටින් එළවා දැමීමට නොවේ. නිජභූමිය පිළිබඳ සිංහලයන්ගේ අයිතිය රැකදෙන අතරම සියලුදෙනාට සාමයෙන් සමගියෙන් ඒකීය රටක්‌ තුළ ජීවත්වීමට පසුබිම සකසාදීම රාජ්‍යයේ යුතුකම වන බැවිනි. 
[දිවයින ]

යුතුකම සංවාද කවය
www.yuthukama.com

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions