මේ දේශපාලන ක්‍රමය මෙන්ම දේශපාලනයේ මුහුණුද වෙනස් විය යුතු බවට ජනතා මතයක් ගොඩනැගෙමින් තිබේ. මේ එම මතය හා මනාව ගැලපෙන සේ සිය අතීත සහ වර්තමාන ක්‍රියාකාරිත්වය ද අනාගත දැක්මද පෙළගස්වාගත් යුතුකම සංවිධානයේ ජාතික සංවිධායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අනුප පස්කුවල් මහතා සමග සිදුකළ සංවාදයකි.
ඔබේ දේශපාලන පසුබිම පිළිබඳ පැහැදිලි කිරීමක් කරමින්ම මේ සංවාදය ආරම්භ කරමුද?
ඔව්, 1980 දශකයේ අග කොළඹ සරසවියේ ශිෂ්‍ය සටන් ව්‍යාපාරය සමග තමයි මගේ දේශපාලන ජීවිතය ආරම්භ වෙන්නේ. අපට එදා ශිෂ්‍යයෝ විදිහට එක සටන් පෙරමුණක නෙමෙයි එකවර සටන් පෙරමුණු ගණනාවක සතුරු බලවේග ගණනාවක් සමග සටන් කරන්න සිද්ධ වුණා.
ශිෂ්‍ය අයිතිවාසිකම් රැකගැනීම සහ දිනාගැනීම සඳහා එකල පැවති එජාප ආණ්ඩුව සමග අපට සටනක් තිබුණා. අනිත් පැත්තට දයා පතිරණලගේ ස්වාධීන ශිෂ්‍ය සංගමයට එරෙහිව ත්‍රස්ත විරෝධී ඊළාම් විරෝධී සටනක් අපට තිබුණා. අපි එදා මේ දෙපාර්ශවයේම තර්ජන ගර්ජන මැද මරණ වරෙන්තුව නළලේ කොටා ගෙන නොසැලී දේශපාලනය කළා කීවොත් හරි.
එදා විශ්වවිද්‍යාලයේ බලය ඉසිලූ ස්වාධීන ශිෂ්‍ය සංගමයට එරෙහිව ඔබ ඇතුළු ශිෂ්‍ය පිරිසක් නැඟී සිටින්නේ ඇයි?
කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමය කියන්නේ ම්ලේච්ඡ කොටි සංවිධානය විමුක්ති සංවිධානයක් කියලා පිළිගත් ඒ වගේම ඊළම පිළිගත් ශිෂ්‍ය සංගමයක්. ඒ විතරක් නෙමෙයි දෙමළ සන්නද්ධ කණ්ඩායම්වලින් ආයුධ පුහුණුව ලබලා විශ්වවිද්‍යාලයෙත් කඩු කිනිසි අරගෙන හැසිරුණු මැර කල්ලියක්. ඔවුන් තමන්ගේ මැර බලය යොදාගෙන විශ්වවිද්‍යාලයේ පීඨ පහේම බලය අල්ලගෙන හිටියා. මේ කණ්ඩායමේ න්‍යායාචාර්ය විදිහට කටයුතු කළේ ආචර්ය දයාන් ජයතිලක. ඔහු වර්ධරාජා පෙරුමාල් යටතේ උතුරු නැඟෙනහිර පළාත් සභාවේ ඇමති ධුරයක් පවා දැරූ අයෙක්.
එදා බෙදුම්වාදී කොටි සංවිධානය අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිය අබියස සිල්මෑණිවරුන් කපා කොටා වෙඩි තබා ඝාතනය කිරීම නිසා මුළු රටම කම්පාවට පත්වුණා. ඒ අවස්ථාවේ ස්වාධීන ශිෂ්‍ය සංගමය ශිෂ්‍යයෝ කැඳවලා ප්‍රකාශයට පත්කළා, මේ සංහාරය විප්ලවයෙදි සිද්ධ වුණු සුළු සිද්ධියක් විතරයි කියලා. ඒ වෙලාවේ මම ඩෙස් එකක් උඩට නැඟලා ප්‍රශ්න කළා 'සහෝදරවරුනි, උඹලගේ විප්ලවය සිල්මෑණිවරුන් මරණ එකද?' කියලා.
එතැනින් තමයි අපේ සටන ආරම්භ වුණේ. එදා මැර බලයෙන් විශ්වවිද්‍යාල දේශපාලන බලය අල්ලගෙන හිටි ස්වාධීන ශිෂ්‍ය සංගමයට එරෙහිව අපි දැවැන්ත බලයක් ගොඩනැඟුවා. අවසානයේ ස්වාධීන ශිෂ්‍ය සංගමය පරාජය කළා. අප ගොඩනැඟු ශිෂ්‍ය ව්‍යාපාරයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා වුණේ මම. ඒ වගේම ශිෂ්‍ය ක්‍රියාකාරකම් සභාවේ සභාපති ධුරයට පත්වුණෙත් මම. ඒ විතරක් නෙමෙයි, එදා එජාප ආණ්ඩුව ඉන්දු ලංකා ගිවිසුම මගින් මේ රට බෙදුම්වාදය දෙසට තල්ලු කරන්න උත්සාහ කරද්දී අපි ඊට එරෙහි වුණා. එදා ආණ්ඩු විරෝධී මහ ජනතාවට නායකත්වය දේවී කියන බයට එජාප ආණ්ඩුව මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ එක්ක අත්අඩංගුවට ගත් 40 අතරේ මමත් හිටියා.
විශ්වවිද්‍යාල ශිෂ්‍ය අවධියෙන් පසු ඔබ ක්‍රියාකාරී දේශපාලනයේ දකින්න ලැබුණේ නෑ?
ඔව්, මම කැමරා ඉදිරියේ දේශපාලන කළේ නෑ. නමුත් මම හැමදාම ජාතික සටනේ හිටියා. රට වෙනුවෙන් සටන් කළා. 2015 යහපාලන ආණ්ඩුව බලයට ඇවිත් විපක්ෂය හයිජැක් කරලා, මහ බැංකුව කොල්ල කාලා, රණවිරුවන් ජිනීවා දක්කලා, භික්ෂූන් වහන්සේලා හිරේ විලංගුවේ දානකොට යුතුකම ජාතික සංවිධානය හදලා මුලින්ම යහපාලන ආණ්ඩුවට එරෙහි අරගලයට නායකත්වය දුන්නේ අපි. ඒ වගේම රටේ මැතිවරණ සිතියම හකුළලා යහපාලන ආණ්ඩුව ඒකාධිපති ගමනක් යද්දි මැතිවරණයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරය හදලා එහි කැඳවුම්කරු විදිහට මැතිවරණයක් දිනාගන්න සටනට සක්‍රීය ලෙස දායක වුණා.
‘වෙනස සැපද?’ ‘බිල්ලෝ ඇවිත්’ ‘ෆෙඩරල් සංහිඳියාව’ වගේ සම්මන්ත්‍රණ කරමින් ජනතාව පෙළ ගස්වා අවසානයේ දේශද්‍රෝහී ආණ්ඩුව පරාජය කරලා රුවන්මැලි සෑය ඉදිරියේ දිවුරුම් දෙන ජනාධිපතිවරයෙක් බිහිකරගන්න තැනට ජනමතය ගොඩනඟන්න අපි අපේ යුතුකම ඉටු කළා.
අද පවතින දේශපාලන ක්‍රමය තුළ ඔබ වැනි අයකුට පැවැත්ම තහවුරු කරගත හැකිද?
මම දේශපාලනයට එන්නේ මේ මජර දේශපාලනය තුළ පැවැත්ම තහවුරු කරගන්න නෙමෙයි, 77 ජේ.ආර්. හඳුන්වා දුන් මේ මජර දේශපාලන ක්‍රමය අවසන් කරන්න. ඒ වෙනුවට 56 පෙරළිය ඔස්සේ අප හඳුනාගත් ජාතිකත්වයේ දේශපාලනයට අල්පේච්ඡ දේශපාලනයට නූතනත්වය කැටි කළ අලුත් දේශපාලනයක් ආරම්භ කරන්න.
77 විවෘත ආර්ථිකය සමග හඳුන්වා දුන් දේශපාලනයේ ඔබ දකින අඩුපාඩු මොනවාද?
ජේ.ආර්. ජයවර්ධන 1978 ව්‍යවස්ථාව මගින් මැතිවරණ ක්‍රමය වෙනස් කළා. එතෙක් පැවති සරල බහුතර ක්‍රමය වෙනුවට සමානුපාතික නියෝජන ක්‍රමය සමග මනාප ක්‍රමය හඳුන්වා දුන්නා. මේ සමග මෙතෙක් ආසනයකට තරග කළ මහජන නියෝජිතයන්ට මුළු දිස්ත්‍රික්කය පුරාම මනාප හිඟමනේ යන්න වුණා. මේ වැඩේට සල්ලි නෑ කිව්වාම, ජේ.ආර්. ගෝලයන්ට අරක්කු බාර් ලයිසන් බෙදන්න පටන් ගත්තා. මහජන නියෝජිතයොත් බල්ලෝ මරලා හරි සල්ලි හොයාගෙන ඊළඟ ඡන්දෙට සූදානම් වන තැනට ඇදගෙන වැටුණා. එකම පක්ෂයේ අපේක්ෂකයෝ මනාප වෙනුවෙන් මරාගන්න පටන් ගත්තා.
56 ආදර්ශය තුළ තමන්ගේ පෞද්ගලික දේපළ විතරක් තමන්ගේ විශ්‍රාම වැටුපත් ජනතා සේවයට කැප කළ දයා ටී. පස්කුවල් වගේ දේශපාලන චරිත වෙනුවට හොරු මංකොල්ලකාරයෝ බාර්කාරයෝ කළුකඩ මුදලාලිලා දේශපාලකයන් බවට පත්වුණා. ඒ නිසා මේ මනාප ක්‍රමය වෙනස් කරලා කොට්ඨාශයට වගකියන මන්ත්‍රීවරයෙක් ලබාදෙන ව්‍යවස්ථා සංශෝධනයක් යා යුතුයි. ඒ විතරක් නෙමෙයි මේ ව්‍යවස්ථාව පැත්තකට විසි කරලා රටට ඔබින දේශප්‍රේමි අලුත් ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි.
ඔබ පාර්ලිමේන්තුවට පත්කළ යුත්තේ උගතෙක් නිසාද? මේ රට දිගටම පරිහානියට පත්වුණේ උගතුන් පාර්ලිමේන්තුවේ නොසිටි නිසාද?
නැහැ. රටට ජාතියට ආදරේ නැත්නම් උගත්තු පාර්ලිමේන්තු ගියා කියලා වැඩක් නෑ. මහ බැංකුව කොල්ලකෑවේ, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැල්ලා රට අරාජික කළේ, ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව ගේන්න උත්සාහ කළේ පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, එම්.ඒ. සුමන්දිරන්, ජයම්පති වික්‍රමරත්න වගේ උගත්තු තමයි. යහපාලන ආණ්ඩුව ආරක්ෂා කරමින් මේ සියලු අපරාධවලට අනුබල දුන් ජනතා විමුක්ති පෙරමුණෙත් උගත්තු ඉන්නවා. ඒ නිසා පාර්ලිමේන්තුවට යවන්න ඕන රටට ආදරේ කරන උගත් දේශප්‍රේමි බුද්ධිමත් පිරිසක්.
19 වන සංශෝධනය වෙනස් විය යුතු බවට ආණ්ඩුවේ ඇතැම් පිරිස් කියද්දී අලුත් ව්‍යවස්ථාවක් ඕන කියලා ඔබලා කියන්නේ ඇයි?
රට අරාජික කළ 19 වෙනි සංශෝධනයේ රටට අහිතකර අංග වහාම සංශෝධනය කළ යුතු බවට තර්කයක් නෑ. නමුත් 2009 බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කරලා රණවිරුවන් ලබාගත් ජයග්‍රහණයට තවම යුක්තිය ඉටු වෙලා නෑ. ත්‍රස්තවාදය පෙන්වා බිය කරමින් ව්‍යවස්ථාවට එකතු කළ 13, 16 සංශෝධනවල බෙදුම්වාදී නීති රීති වෙනස් කළ යුතුය. හැබැයි 19 පාරක් සංශෝධනය වුණු මේ ව්‍යවස්ථාව ආයේ සංශෝධනය කරන එකට වඩා මේ රටට ගැළපෙන දේශප්‍රේමි ව්‍යවස්ථාවක් නිර්මාණය කරගන්න මේ ස්වර්ණමය අවස්ථාව යොදා ගැනීම වටිනවා. මැතිවරණ අපේක්ෂකයෙක් විදිහට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් වෙනුවට යුතුකම ජාතික සංවිධානය විදිහට නව ව්‍යවස්ථා යෝජනාවලියක් රට හමුවේ තැබුවේ ඒ නිසායි.
කළුතර ජනතාවගේ වරමින් පාර්ලිමේන්තුවට යන්න විශාල පිරිසක් මෙවර මැතිවරණයට තරග කරනවා. කළුතර ජනතාව ඔබට මනාපයක් දිය යුතු ඇයි?
මම මැතිවරණයට එන්නේ අලුත් දේශපාලනයක් වෙනුවෙන්. ඒක රැල්ලට එරෙහිව උඩුගං බලා පිහිනීමක්. 56 විප්ලවය වෙලාවේ බණ්ඩානායක මහත්තයලා ඩී.ඒ. රාජපක්ෂ මහත්තයලා එක්ක අත්වැල් බැඳගත් මතුගම මන්ත්‍රී දයා ටී. පස්කුවල් මගේ මහප්පා. ඔහු මතුගම වාමාංශික දේශපාලනය නියෝජනය කළ පතාක යෝධයෙක්. 56 විප්ලවේ පරමාදර්ශී සංකේතයක්. මතුගම ආනන්ද ශාස්ත්‍රාලය ඇතුළු පාසල් කිහිපයක නිර්මාතෘවරයා මගේ මහප්පා.
ඔහු දේශපාලනයෙන් හම්බ කළ කෙනෙක් නෙමෙයි. තමන්ගේ පෞද්ගලික දේපළත් සමාජයේ පොදු යහපත වෙනුවෙන් වියපැහැදම් කළ දේශපාලනඥයෙක්. තමන්ගේ විශ්‍රාම වැටුපත් ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනයට කැප කළ පරමාදර්ශී චරිතයක්. ඉතින් අලුත් දේශපාලනයක් සොයා යන්න උවමනා ආලෝකය මට මගේ පවුල් පසුබිමෙනුත් ලැබෙනවා.
ඒ වගේම මම කළුතර ජනතාව වෙනුවෙන් සංවර්ධන යෝජනාවලියක් ජනතාව ඉදිරියේ තියලා තියෙනවා. කළුතරට විශ්වවිද්‍යාලයක් සහ මතුගමට තාක්ෂණික පීඨයක් ලබාදෙන්න මං කළ යෝජනාව නුදුරු අනාගතයේම යථාර්ථයක් වෙනවා. ඒ වගේම කිතුල් කර්මාන්තයට තිබුණු ගැටළු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරලා එය නිරාකරණය කරලා දෙන්න මට හැකියාව ලැබුණා. ඒ වගේම මම පරිසරවේදියෙක් විදිහට ලවණ බාධකයක් සහ කුඩා වැව් පද්ධතියක් මගින් එකවර කළු ගඟේ ජලයට ලවණ මුසු වීමත් ගං වතුර පාලනයටත් විසඳුම් ලබා දෙන විසඳුමක් යෝජනා කළා. පුරන් කුඹුරු අස්වැද්දීම, රබර් කර්මාන්තය නගා සිටුවීම, බොල්ගොඩ ගඟ පිරිසිදු ජල මූලාශ්‍රයක් බවට පත්කිරීම, පානදුර නගරය පුනර්ජීවන නගරය ලෙස දියුණු කිරීම, බණ්ඩාරගම රෝහල මූලික රෝහලක් බවට පත්කිරීම, අගලවත්ත මහජන ක්‍රීඩාංගණය දියුණු කිරීම සහ ගල්මත්තට ආර්ථික මධ්‍යස්ථානයක් ගොඩනැඟීම ඇතුළු කළුතර දිස්ත්‍රික්කය නඟා සිටුවන වැඩපිළිවෙළක් එහි ඇතුළත් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රට නඟන වැඩපිළිවෙළ සමග කළුතර දිස්ත්‍රික්කය නඟා සිටුවන්න සූදානම් උගත් බුද්ධිමත් ගමට රටට රටේ අනාගත පරපුරට ආදරය ජනතාව මා සමග එකතු වන බව මට විශ්වාසයි.
රටේ ජාතික ව්‍යාපාරය නියෝජනය කළ ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත්වුනොත් කළුතර දිස්ත්‍රික්කයට කොටු වෙනවා නේද?
කළුතර දිස්ත්‍රික්කය කියන්නේ මේ රටේම කොටසක් වගේම මම හැදුණු වැඩුණු මගේ ගම. ඒ ජනතා ප්‍රශ්න විසඳීම මේ රටේ ප්‍රශ්න විසඳීමේ කොටසක්. ඒ ජනතාවගේ නියෝජිතයා විදිහට මම පාර්ලිමේන්තුවට ගිහින් ඔවුන්ගේ ගැටළු විසඳීම මගේ වගකීමක්. හැබැයි ඒක මගේ ජාතික තලයේ දේශපාලන භූමිකාවට බාධාවක් නෙමෙයි.
කළුතර ජනතාවට මගේ යුතුකම උපරිමයෙන් ඉටු කරන අතර මගේ මන්ත්‍රී ධුරය අපේ ජාතික දේශපාලන භූමිකාව ඉදිරියට ගෙන යන්න පවුරක් විදිහට යොදා ගන්නවා. අපි පහුගිය 25 වෙනිදා පානදුර නගරයේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි පිළිරුව ඉදිරියේදී ඒකීය රාජ්‍යයට සහ බුදු දහමේ ප්‍රමුඛස්ථානයට හානි වන ආකාරයේ ඕනෑම යෝජනාවකට කොන්දේසි විරහිතව එරෙහි වන බවට දිවුරුම් දීලා ඒක ඔප්පු කළා. මම විශ්වවිද්‍යාලයේදී ශිෂ්‍ය අයිතීන් උදෙසා වගේම රට ජාතිය රකින සටනටත් නායකත්වය දුන්නා. මම මගේ දේශපාලන ගමන පුරාම එය භාවිතාවෙන්ම ඔප්පු කරලා තියෙනවා. එය අනාගතයටත් ඒ විදිහටම අදාළයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත්කර මේ රට දියුණු සංවර්ධිත සුරක්ෂිත දේශයක් බවට පත්කරන අරගලය වෙනුවෙන් මගේ උපරිම දායකත්වය ලබා දෙන්න මම සූදානම්.
•සාකච්ඡාව නාමල් උඩලමත්ත

Aruna.lk [2020-07-31]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.

(Like us on facebook)
https://www.facebook.com/yuthukama
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .