1/27/2020

ජය­ග්‍ර­හ­ණ­යෙන් විජ­ය­ග්‍ර­හ­ණ­යට “ඔව් - අපි සූදා­නම්”

කතෘ:යුතුකම     1/27/2020   No comments

-යුතු­කම සංවි­ධා­නයේ සභා­පති ගෙවිඳු කුමා­ර­තුංග

ගෝඨා­භය රාජ­පක්ෂ මහතා පසු­ගිය වසරේ නොවැ­ම්බර් 16 වැනිදා ලැබූ අති දැවැන්ත ජන­ව­රම විග්‍රහ කළ වි‍ට ඒ ජය­ග්‍ර­හ­ණ­යට දායක වූ මේ රටේ පුර­වැ­සි­යන්ගේ අපේක්ෂා කෙබඳු ද යන්න අපට දැක බලා­ගත හැකිය. ඒ ජන­ව­රම ලබා දීම තුළ අපේක්ෂා කළ ප්‍රධා­න­තම කාර­ණා­වක් වන්නේ 2015 ජන­වාරි 08 වැනිදා සිට ක්‍රියා­ත්මක වූ විජා­තික න්‍යාය පත්‍රය පිටු­දැ­කී­මයි. 2015 ජන­වාරි 08 වැනිදා බල­යට පත් වූ රජය ක්‍රියා කළේ විජා­ති­ක­යන් අපේ රට ආක්‍ර­ම­ණය කරපු අව­ස්ථා­ව­ලදී ක්‍රියා කළ ආකා­ර­ය­ට­මයි. ආක්‍ර­ම­ණික හමුදා රාජ්‍ය දේපළ, රාජ්‍ය භාණ්ඩා­ගා­රය කොල්ල කාපු ආකා­ර­යට ම ඒ රජ­යත් අපේ මහ බැංකුව කොල්ල කෑවා. ඒ වගේම බ්‍රිතා­න්‍ය­යන් 1818දී කැරැල්ල මර්ද­නය කළ වහාම ගම්සභා තහ­නම් කළ ආකා­ර­ය­ටම පසු­ගිය රජය පළාත් පාලන ආය­තන- නග­ර­සභා, ප්‍රාදේ­ශීය සභා විසු­රුවා දම­මින් ප්‍රාදේ­ශීය සභා මැති­ව­රණ නොප­ව­ත්ව­මින් ගම්ර­ට­වල නාය­ක­ත්වය මර්ද­නය කළා. විජා­තික ආක්‍ර­ම­ණි­ක­යන් නිර­න්ත­ර­යෙන් මේ රටේ භික්ෂුන් වහන්සේ‍ගේ නාය­ක­ත්වය වැළැ­ක්වී­මට උත්සාහ කළා සේම ඒ රජ­යත් භික්ෂුන් වහන්සේ සිර­ගත කර­මින්, භික්ෂු කති­කා­වත් පනත මඟින් භික්ෂුන් වහන්සේ ජාතික ප්‍රශ්න­ව­ලදී හඬ­නැ­ගීම වැළැ­ක්වී­මට උත්සාහ කළා. ඒ ‍වගේම වැට් බදු, බදු මත බදු පන­ව­මින් පසු­ගිය රජය ජන­තාව පීඩා­වට පත් කළේ විජා­ති­ක­යන් මේ රටේ ජනයා සූරා කෑ ආකා­ර­ය­ට­මයි. 19 වැනි සංශෝ­ධ­නය ඇතුළු ව්‍යවස්ථා සංශෝ­ධන මඟින් ඒ ආණ්ඩුව අපගේ රාජ්‍ය ව්‍යූහය ම බිඳ දැමී­මට උත්සාහ කළා.

මේ ක්‍රියා­ව­ලිය නිසා අව­සාන වශ­යෙන් රජ­යක රැක­ව­ර­ණය අහිමි ජන­තා­වක් බවට අපේ රටේ ජනයා පත් වුණා. පාස්කු ඉරිදා ප්‍රහා­රය සිද්ධ වෙන්නේ මේ තත්ත්වය මත. මේ විජා­තික න්‍යාය පත්‍රය පැර­ද­වී­මට, අපේ මවු­බිම විනා­ශ­යෙන් විනා­ශ­යට පත්කි­රී­මට එරෙ­හිව, අපේ රට රැක ගැනීම‍ට දුන් ජන­ව­ර­මක් ලෙස­යි‍ ­නො­වැ­ම්බර් 16 අති­දැ­වැන්ත ජන­ව­රම මූලි­ක­වම විග්‍රහ කළ යුත්තේ. ඒ වගේම ආර්ථික වශ­යෙන්, සාමා­ජීය වශ­යෙන් ආර­ක්ෂාව පැත්තෙන්, සදා­චා­රා­ත්මක වශ­යෙන්, බිඳ­වැ­ටිලා ති‍යෙන රටක් නැවත ගොඩ­නැ­ඟී­මට ගෝඨා­භය රාජ­පක්ෂ- මහින්ද රාජ­පක්ෂ 'සෞභා­ග්‍යයේ දැක්ම' සඳහා ලබා දුන් ඡන්ද­යක් ලෙසත් නොවැ­ම්බර් 16 ජන­ව­රම විග්‍රහ කළ හැකියි. ඒ යෝජනා පිළි­බඳ ව ජන­තාව බලා­පො­රොත්තු තබා ඇති බව පෙනෙ­න්නට තිබෙ­නවා.

2015 ජන­වාරි 08 වැනිදා සිට ඒ විජා­තික කුම­න්ත්‍ර­ණ­යට එරෙ­හිව ක්‍රියා­ත්මක වුණේ මේ රටේ හුදී ජන­තාව. ඒ ගැන කම්පා­වට පත්වෙලා මේ රටේ ජන­තාව ඔවුන් ම සංවි­ධා­නය වෙලා මහින්ද රාජ­පක්ෂ මහ­තාව සොයා­ගෙන මැද­මු­ල­නට යෑම මඟින් මේ සටන ඇර­ඹුණේ. ඒ විජා­තික පාල­න­යට එරෙ­හිව තමුන්ගේ ඓති­හා­සික විඥා­නය අනුව ක්‍රියා­ත්මක වූ හුදී ජන­යාගේ කැරැ­ල්ලක් ලෙස අපට දකින්න පුළු­වන්. ඒ අනුව පසු­ගිය නොවැ­ම්බර් 16 ජය­ග්‍ර­හ­ණය ඒ ජන­තා­වගේ අපේක්ෂා ඉෂ්ට සිද්ධ­වී­මක් ලෙසත්, ඒ කැරැල්ලේ ජය­ග්‍ර­හ­ණ­යක් ලෙසත් දකි­න්නට පුළු­වන්. 1818 නිද­හස් අර­ග­ලයේ, අන­ගා­රික ධර්ම­පා­ල­තු­මන්ගේ, කුමා­ර­තුංග මුනි­දා­ස­යන්ගේ ජාතික ප්‍රබෝ­ධ­යන්ගේ, 1956 සුද්දන්ට එරෙ­හිව, කළු සුද්දන්ට එරෙ­හිව මේ රට ජනයා තුළ වූ අපේක්ෂා මේ ජය­ග්‍ර­හ­ණය පසු­පස තිබෙ­නවා.
නොවැ­ම්බර් 16 දින පරා­ජ­යට පත්වුණ දේශ­පා­ල­නික පක්ෂ අඩුම තර­මින් ජන­ව­ර­මට ගරු කරන දේශ­පා­ලන පක්ෂ නම්, ඒ අයට කර­න්නට තිබුණ ‍මූලිකම කට­යුත්ත වහාම මහා මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වී­මට ජනා­ධි­ප­ති­ව­ර­යාට අවශ්‍ය පාර්ලි­මේන්තු අනු­මැ­තිය දීමයි. ඒ අයට කරන්න තිබුණේ පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරී­මට සහ­යෝ­ගය දීමයි. ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පක්ෂ නම් ඒ අයට කරන්න තිබුණු පළමු යුතු­කම එයයි. මෙහිදී ගෝඨා­භය ජනා­ධි­පතිතුමා ඉතා නිවැ­රදි ආකා­ර­යට කට­යුතු කරලා තියෙ­නවා. එතුමා ජන­ව­ර­මක් පැතුවේ වින­ය­ග­රුක, නීති­ග­රුක සමා­ජ­යක් වෙනු­වෙන්. ඒ නිසා වෙනස් කළ යුතුව ඇති ව්‍යවස්ථා වගන්ති පවා ගැටී­මක් කර ගන්නේ නැතිව ව්‍යව­ස්ථා­නු­කූ­ලව කට­යුතු කිරීම ඉතාම වැද­ගත්. එතුමා ප්‍රකාශ කළේ ව්‍යව­ස්ථා­වෙන් බලය ලැ‍බෙන පළමු අව­ස්ථාවේ ම පාර්ලි­මේ­න්තුව විසු­රුවා හරින බවත්; එතෙක් අන්ත­ර්කා­ලීන ආණ්ඩු­වක් පත් කිරී­මට කට­යුතු කරන බවත්. ඒ අනුව ඇමැ­ති­වරු සීමා කර­මින් එතුමා ඒ කට­යුත්ත සිදු කළා. අපි දන්නවා පසු­ගිය ආණ්ඩුව එෆ්සී­අ­යි­ඩීය වැනි නීති­වි­රෝධී ආය­තන පිහි­ටු­ව­මින් දේශ­පා­ලන දඩ­යම් කළා. දේශ­පා­ලන වශ­යෙන් විරු­ද්ධ­වා­දීන් සිර­ගත කළා. පාදඩ දේශ­පා­ල­න­යක් ඔවුන් ඇති කළා. අද වන විට රන්ජන් රාම­නා­ය­කගේ හඬ­පට හරහා මේ තත්ත්වය පැහැ­දිලි වෙනවා. මේ කඩා වැටීම නීතිය ක්‍රියා­ත්මක කරන, නීතිය පසි­ඳ­ලන ආය­ත­න­ව­ලට පම­ණක් සීමා කරන්න බැහැ. පාර්ලි­මේන්තු නියෝ­ජි­ත­යන්ගේ ක්‍රියාත් මෙහිදී අපි දැක්කා. 2015 සිට ම මේ රටේ ආය­තන බිඳ වැට්ටුවා කියන කාර­ණා­වයි අපි මේ දකින්නේ. ශිෂ්ට ආකා­ර­යෙන් මේ රට පවත්වා ගෙන යෑමට ඇති ආය­තන සියල්ල මේ අය විසින් බිඳ දමා ඇති ආකා­රය තමයි හඬ­ප­ට­ව­ලින් පැහැ­දිලි වෙන්නේ. නීතිය ක්‍රියා­ත්මක කරන පොලි­සිය, අධි­ක­ර­ණය පම­ණක් නොවෙයි නීති සම්පා­ද­නය කරන පාර්ලි­මේන්තු පවා ඔවුන් බිඳ දැම්මා. 58 ලක්ෂ­යක් මහින්ද රාජ­පක්ෂ හිටපු ජනා­ධි­ප­ති­තු­මාට ඡන්දය දී තිබි­ය­දීත් ඒකා­බද්ධ විප­ක්ෂ­යට විපක්ෂ නාය­ක­කම පවා අහිමි කළා. ආණ්ඩුව පිහි­ටු­වී­මට සහ­යෝ­ගය දුන් දෙමළ ජාතික සන්ධා­නයේ සම්බ­න්දන් මහ­තාට විප­ක්ෂ­නා­යක ධූරය ලබා දුන්නා. ඒ වගේම විප­ක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක ධූරය ලබා දුන්නේ ඔවුන් වෙනු­වෙන් පෙනී සිටි ජනතා විමුක්ති පෙර­මුණේ අනුර කුමාර දිසා­නා­යක මහ­තාට. මේ ඉතාම පාදඩ දේශ­පා­ල­න­යක්. කථානා­යක, අග­මැති, විපක්ෂ නායක, විප­ක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක, සියල්ල මෛත්‍රී­පාල සිරි­සේන මහතා ජනා­ධි­පති කිරී­මට දායක වූ පෙර­මු­ණෙන්! 58 ලක්‍ෂ­යක මතය නොතකා තමයි මේ අය කට­යුතු කළේ. පාර්ලි­මේ­න්තුව කියන්නේ නීති හදන ආය­ත­නය. ප්‍රජා­න්ත්‍ර­වා­ද­යක් නැති තැනක් ලෙසයි එදා එය පවා ක්‍රියා­ත්මක වූණේ.

මෙවැනි මර්ද­නීය දේශ­පා­ල­න­යක් ක්‍රියා­ත්ම­කව තිබූ පසු­බි­මක මොනම අත්අ­ඩං­ගු­වට ගැනී­මක් වුවත් නීත්‍යනු­කූල පද­න­මින් පම­ණක් කරන්න කියලා ගෝඨාභය රාජපක්ෂ ජනා­ධි­ප­ති­තුමා උප­දෙස් දුන්නා. මෙය දේශ­පා­ල­නික වශ­යෙන් පූර්වා­ද­ර්ශ­යක්. ව්‍යස්ථාව ඉක්මවා යන්නේ නැතුව කට­යුතු කිරීම සහ නීති­යට අනු­ග­තව කට­යුතු කිරීම සේම ලැබූ ජන­ව­රම සමඟ තිබුණ විශා­ලම අභි­යෝ­ග­යක් තමයි පසු­ගිය රජය අපේ රට සම්පූ­ර්ණ­යෙන්ම විජා­තික බල­වේ­ග­ව­ලට පාවා දී තිබීම. හිටපු විදේශ ඇමැති මංගල සම­ර­වීර මහතා ජිනීවා නුව­රදී දරු­ස්මාන් වාර්තාව සහ මානව හිමි­කම් මහ­කො­ම­සා­රිස්ගේ වාර්තා­වන් පිළි­ග­නි­මින් ලංකා­වට එරෙ­හිව ක්‍රියා කළා. ඒ වාර්තා­වන්ගේ තොර­තුරු නැතුව සාක්ෂි නැතුව නිරා­යුධ ජනයා හත­ළි­ස් ද­හ­ස­කට වඩා ඝාත­නය කළ බවට වූ අසත්‍ය චෝදනා පිළි­ග­නි­මින් අපේ රටේ ස්වෛ­රී­භා­වය අහෝසි කිරීමේ 30/1 යෝජ­නා­ව­ලි­යට එකඟ වෙමින් තමයි පැවැති රජය කට­යුතු කළේ. ජිනීවා මහා පාවා­දී­මෙන් අපේ රණ­වි­රු­වන්, අපේ අධි­ක­ර­ණය සහ අපේ රාජ්‍ය ආය­තන බේරා ගැනීමේ අභි­යෝ­ගය මේ රජය හමුවේ තිබෙ­නවා. ජිනීවා යෝජ­නාව අනුව ගෙන ආ ප්‍රති­ත්‍රස්ත පනත ප්‍රති­ක්ෂේප කිරී­මට නව රජය ගත් තීර­ණය ජිනිවා අභි­යෝ­ග­යට මුහුණ දීමට මේ රජය සූදා­නම් බව කියා­පා­නවා.

'සෞභා­ග්‍යයේ දැක්ම' තුළ වන වැද­ගත් යෝජනා ක්‍රියා­වට නැගීම ඇරැ­ඹී­මත් ඉතා වැද­ගත්. මෙහි ඇති දිළිඳු පවු­ල්වල තරුණ තරු­ණි­යන්ට රැකි­යා­වක් ලබා­දීමේ ව්‍යාපෘ­තිය ඉතා ප්‍රායෝ­ගික පිය­ව­රක්. මෙය දිළිඳු පවුල් ඔසවා තබන ගමන්ම ජන සමා­ජය ම පො‍හොසත් කරන යෝජ­නා­ව­ලි­යක්. ඒ වගේම සෑම තරු­ණ­යෙක් ම කුස­ල­තා­ව­න්ගෙන් පරි­පූර්ණ කිරී­මට තිබෙන යෝජ­නාත් ඉතා වැද­ගත්. ඒ වගේම ජන­මූල සභා මඟින් ගම්වල මූලික පහ­සු­කම් දියුණු කිරී­මට, ගමේ දේශ­පා­ලන බෙදීම් තුනී කිරී­මට කර ඇති යෝජ­නා­වන් ඉතා වැද­ගත්.

ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­තු­මාගේ සහ මහින්ද රාජ­පක්ෂ අග­මැ­ති­තු­මාගේ මේ රජය මුහුණ දෙන ඊළඟ ප්‍රධාන අභි­යෝ­ගය එළැ­ඹෙන මහ මැති­ව­ර­ණය විශිෂ්ට ලෙස ජය­ග්‍ර­හ­ණය කිරී­මයි. ඒ ජන­ව­රම සංඛා­ත්මක වශ­යෙන් විශිෂ්ට ජන­ව­ර­මක් වීම අත්‍ය­ව­ශ්‍ය­යයි. ඒ වගේම ඒ ජන­ව­රම ගුණා­ත්මක ජන­ව­ර­මක් ද විය යුතුයි. අපේ රට අද ඇද දමා ඇති තැනින් ඔසවා තැබී­මට නම් යළි ශක්ති සම්පන්න රාජ්‍ය­යක් ගොඩ­නැ­ඟී­මට නම්, නව ව්‍යව­ස්ථා­වක් නව මැති­ව­රණ ක්‍රම­යක් සම්මත කර ගැනීම අත්‍ය­ව­ශ්‍යයි. ඒ සඳහා දායක විය ­හැකි ගුණා­ත්මක පාර්ලි­මේ­න්තු­වක් තෝරා පත් කරගැනීම ඡන්ද දාය­ක­යාගේ යුතු­ක­මයි.

එලෙ­සම 'සෞභා­ග්‍යයේ දැක්ම' අර්ථ සම්පන්න කළ හැකි, ප්‍රායෝ­ගික කරගත හැකි මහ­ජන නියෝ­ජි­ත­යන් පිරි­සක් මෙවර පාර්ලි­මේ­න්තු­වට තෝරා පත් කරගත යුතුයි. 'සෞභා­ග්‍යය' යන්නෙන් අප දකින්නේ කුමක් ද? ඇති නැති පර­ත­රය වැඩි­ වන සංව­ර්ධ­න­යක් අපට අව­ශ්‍ය ද? නීරෝ­ගි­කම, සතුට, සන්තෘ­ප්තිය අපේ සංව­ර්ධන මාවතේ කොටස් බවට පත් කර ගන්නේ කෙසේ ද? ප්‍රජා­ත­න්ත්‍රීය ව්‍යුහ ශක්ති­මත් කර­මින් ම ශක්ති­මත් රාජ්‍ය­යක් ගොඩ­නඟා ගන්නේ කෙසේ ද? මේ එළැ­ඹෙන මහ මැති­ව­ර­ණ­යේදී ජනතා එක­ඟ­තාව ලබා ගත යුතු තේමා ය. ඒ තේමා අපේ සභ්‍යත්ව රාජ්‍ය වෙත යළි පිය­නැ­ඟිය හැකි ආකා­ර­යට, සෑම ශ්‍රී ලාංකි­ක­ය­කුගේ ම හද­වත ආම­න්ත්‍ර­ණය කළ හැකි ආකා­ර­යට විව­ර­ණය කර ගැනීම අද අප හමුවේ ඇති අභි­යෝ­ග­යයි.
-සුභද්‍රා දේශප්‍රිය [සිළුමිණ : 2020-01-26]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions